නෝටියාවයි ඇල්බාවයි හනිමූන් එකේම නාකි වෙලා හත්තිලව්වෙ... නෝටි අරන් කාලෙකට පස්සෙ ආවා ඉතින්...
මෙච්චර කල් ඇදුන හනිමූං එකක් ඔයැයිලා දැකලා නෑ නේද? නෝටිගෙයි ඇල්බාගෙයි හනිමූන් එක ගිනස් වාර්තාපොතටත් ගිහින්, මගෙ නම රතු දත්ත පොතටත් ඇතුල් වෙලා... 😁
ශමාවෙන්ඩෝ... ඕං නෝටි ඉවර කරලාම යන්න ආවේ... 😘
දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
.
.
.
.
මම දාගෙන හිටපු කණ්නාඩි දෙක අත් දෙකකින් වැහුනා...
මම ඒ සුවද දිගේ ඉව ඇල්ලුවා...
ඒ සුවද...
ඔව්,
ඒ එයා තමයි...
ඒ මගෙ පණ...
මේ නෝටිගෙ අසම්පූර්ණ ජීවිතේ සම්පූර්ණ කරන්න ආපු සුරංගනාවිය...
අහිංසා...
මගේ මතකෙ ඈත අතීතෙට ඇදිල ගියෙ
මිහිරි මතක ගොන්නක් මගෙ ඇස් ඉස්සරහ මැවෙද්දි...
මගෙ ජීවිතේ සතුටින් පුරවපු ආදරණීය පිරිස අතරට අද එකතු උන පුංචි අමුත්තා අද අපේ ගෙදර කිරි සුවදින් පුරවනවා...
මගෙ පුංචි සුරංගනාවි...
අපි හැමෝවම එක තැනකට එකතු කරපු මගෙ පුංචි සුරංගනාවිව බලන්න එයාගෙ ආච්චිලා සීයලා ලංකාවෙ ඉදන් ඇවිත් ඉන්නේ...
එයාට අදට මාස තුනක්...
කුරුළු පිහාටුවක් තරම් සැහැල්ලුවට පෙනුන එයාව,
ටොන් ගානක් බර වස්‍තුවක් අතට ගන්නවා වගේ බයෙන් බයෙන් අත් දෙකට ගනිත්දි දැනුන හැගීම් පපුව දිගේ ලේ නහර හරහා දුවද්දි,
මගෙ ඇස් කදුළු වලින් බර උනා...
මගෙ දුව...
මගෙම දුව...
මගෙ ලේ නොවුනත් මේ ඉන්නෙ මගෙ දුව... එයාගෙ ඇගේ දුවන්නෙ ඇල්බාගෙම ලේ...
ඔව් එයා සැරෝගේට් බබෙක්...
එයා ගාව සුවදයී...
කිරි සුවදයී...
මගෙ ඇස් වලින් සතුට වාන් දාද්දි,
ඇල්බා මාවයි අපේ දුවවයි දෙන්නවම එයාගෙ පපුවට මැදිකරගත්තා...
ඇල්බාගෙ ආදරේ උණුසුම දැනෙනවත් එක්කම හිමීට ඇස් ඇරපු එයා චූටි ඇස් කරකෝ කරකෝ ඇල්බාගෙ සුවද දිගේ එයාගෙ තාත්තාව හොයනවා...
රෝස පාට තොල් වලින් චූටි ඈනුමක් යවලා... මුලු මූණම මොකද්ද මන්දා කරගෙන අඩන්නද මන්දා ලෑස්ති වෙද්දි,
ඇල්බා එයාගෙ අත දෝණි ළගට ලං කරාම ඇල්බාගෙ සුලැගිල්ල අල්ලන්නවත් බැරි තරම් චූටි අතින් ඇල්බාගෙ ඇගිල්ල බදාගෙන එයා හොයන ආදරේ, ආරක්ෂාව, උණුසුම එයාට දැනෙද්දි එයා ආපහුම මගෙ අත් ඉඩම සනීපෙට නිදි...
ඇත්තටම එයා වෙනුවෙන් ඉපදුන ආදරේට මගෙ පපුවෙ ලේ කිරි නොවුනා පුදුමයී...
මගේ බඩේ වැඩුනෙ නැතත්, ඒ සෙනෙහස මට දැනුනා...
මම තාත්තා කෙනෙක්...
ඕනම දඩබ්බර කොල්ලෙක් හැගීම්බරවෙන පදවියක් එක්ක අද මම තාත්තා කෙනෙක්...
මේ දඩබ්බර හිතුවක්කාර නෝටි දැන් තාත්තා කෙනෙක්...
පුංචි සමනලිය වඩාගෙන එයාව හෙලවෙන්නෙවත් නැති වෙන්න පරිස්සමෙන් අඩිය තිය තිය ඉස්සරහට යන මම දිහා ඇල්බා බලන් ඉදියෙ කදුළු පිරුණ ඇස් වලින්...
ඇල්බා මගෙ හිනාව රැක්කා...
මගෙ කදුළු වලට වටිනාකමක් දුන්නා...
මගෙ ජීවිතේ සතුටින් පිරෙව්වා...
අද ඒ සතුට දෙගුණ තෙගුණ වෙලා...
ඇත්තටම මේ ඇල්බාගෙ හීනේ...
හැමදාමත් වගේ අදත් ඇල්බාගෙ හීන නිසා අද මම ජීවත් වෙනවා...
මම ජීවිතේ විදිනවා...
දගකාර කොළු හිත බලාපොරොත්තු නොවුන තරම් ලස්සන ජීවිතයක් මම විදිනවා...
මගෙ ඇල්බා මගෙ ජීවිතේට ලැබුන හොදම තෑග්ග...
************************************
අපි දෙන්නාගෙ පුංචි ගෙදරට මෙච්චර කල් තිබුනෙ නැති එළියක් එක්ක මගේ පුංචි සුරංගනාවි අපේ ගෙදරට ආවා...
අද ඉදන් තාත්තලා දෙන්නට ගොඩක් වැඩ තියෙයි දෝණි...
හනේ හපොයි,
තාත්තායි දුවයි පුප උඩ දාගෙන දොයි...
දුවත් ඇල්බාගෙ ඇගටම හේත්තු වෙලා ඒ උණුසුමට සනීපෙට නිදි...
මට හුලං... 😒
මම ඒ දෙන්නටම මෙහායින් ඇදේ ඇලවෙනවත් එක්කම දූ ඇහැරුණා... චූටි අත් දෙක චුට්ටක් හොළවලා දගලනකොට, ඇල්බා නින්දෙන්ම දූගෙ චූටි පස්සට හිමීට තට්ටු කලා...
ආපහු දෙන්නම නිදි...
මම ඇදට එනවා තේරුන් නෑ...
ඒ උනාට දූ ඇහැරුණ එක තේරුනා...
නල්ල මලේ තාත්තටයි දුවටයි දැන් මාව ඕන නෑ... හම්ප්...😒
දෙන්නා දිහාම බල බල ඉරිසියාවෙන් පුපුර පුපුර ඉදපු මම ඇදේ එහා කෙළවරටම රෝල් වෙලා ගිහින් අනිත් පැත්ත හැරුනා...
තත්පර ගාණයි... කොට්ටයක් ඇවිත් මගෙ පිටේ වැදුනා... හ්ම්ප්...
දැන් තමයි එයාටත් මාව මතක් වෙලා තියෙන්නේ...
බබා එන්න මෙතනට..."
ඇල්බා එයාගෙ දකුණු අත දිග ඇරලා
මට ඒ අත උඩට එන්න කියලා කතා කලා...
ඇල්බා එක පාරක් ආදරෙන් කතා කලහම ඔක්කොම හරි...
මම ඇදෙන් බැහැලා ගිහින් එයාගෙ පපුවට තුරුල් වෙලා,
ආදරේ පිරුණු ඒ උණුසුම් පපුවට සිපුමක් තියලා ඇල්බාගෙ උණුසුම හොයන සුරංගනාවි දිහා බලලා තව ටිකක් ඇල්බාට තුරුල් උනා...
දුවෙක් කියන්නෙම අනුන්ගෙ වත්තක හදපු මල් පැලයක්ලු...
ඒත් ඒ පුංචි මල් පැලේ ලොකු වෙනකම් තාත්තලා දෙන්නෙක් හීන මවනවා...
ඒ අපි මවන හීන එයා වෙනුවෙන් හැබෑ කරනවා...
තාත්තලා වැඩිපුරම ආදරේ දූලාටලු..
ඇත්ත වෙන්න ඇති ඇල්බා ආස උනේම දුවෙක්ට... ලස්සන ලස්සන ඇදුම් අන්දවලා හැඩ බලන්න ඇල්බා හරි ආසයී...
ඇල්බා කොහේ හරි ගිහින් එනකොට ලස්සන චූටි චූටි ගවුම්, සපත්තු
ගෙදර අරන් එන්නෙ හරි ආසාවෙන්...
අරන් ආපු වෙලේ ඉදන් "බබා මේ බලන්න මේක හරි ලස්සනයී... නෝටි මේ බලන්නකෝ මේක මේ ගවුමටම ගැලපෙනවා... බබා ඊළග පාර වෙන පාටකින් ගන්න ඕන..." ගගා ආසාවෙන් කියවද්දි ඒ හිතේ අපේ පුංචි පවුල වෙනුවෙන් හීන පොදි ගැහිලා තියෙන හැටි මම දැක්කා...
මනුස්සයෙක් කොහොමද මෙහෙම ආදරේ කරන්නේ...
මගෙ ඕන එපාකම් අඩුපාඩුවක් නොකරම, මගෙ පුංචි වෙනසක් පවා අදුරන... දුක කියන දේ මට දැනෙන්නවත් නොදෙන මගෙ ඇල්බා
අපේ දුවටත් ඒ විදියටම ආදරෙයී...
දූටයි මටයි අපි දෙන්නටම දරාගන්න බැරි තරම් ආදරයක් ඒ පපුව ඇතුලෙ තියෙනවා...
තමන් සැනසෙන ගමන් තමන්ගෙ ළග ඉන්න අයව සනසන කෙනෙක් ඉන්නවානම්... ඒ තමයි මගෙ ඇල්බා...
ඇල්බා සැනසෙන්නෙ අපිට සැනසීම දෙන ගමන්...
අපි දෙන්නවම තුරුල් කරන් දූටයි මටයි දෙන්නටම උණුසුම දෙන ගමන් නිදන් ඉදපු එයාගෙ මූණෙ තිබුනෙ හරි සැනසිලිදායක පෙනුමක්...
එයාගෙ මුළු ලෝකෙම දුවයි මමයි වෙද්දි ඒ අත් දෙකට තුරුල් වෙලා අපි දෙන්නා ඉද්දි එයාගෙ මූණ සැනසීමෙන් පිරිලා...
ඉතිං,
නිමක් නැති කෙදිරිලි හඩවල් වලින් පිරුණ කාමරේ අදින් පස්සේ කිරි සුවදින් පිරේවි...
අම්මා කෙනෙක් නැතුව තාත්තලා දෙන්නෙක් ලග ඉන්න දුවෙක් වයසින්
වැඩෙද්දිම එක එක විදියෙ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙවි...
ඒ අත්දැකීම් වලට සාර්ථකව මුහුණ දෙන ගමන් තාත්තලා දෙන්නෙක්ගෙ ආදරේ මැද අපේ දුව ලොකු වේවි...
අදින් පස්සේ මේ දගකාර නෝටි වගකීම් දරන තාත්තා කෙනෙක් වේවි...
නිමි.
ඇත්තටම කියනවානම් ඔය නෝටියා ඉස්කෝලෙ යන කාලෙ කරපු වැඩ වලින් 75%ක් මම කරපුවා...
හිකිස්... හැබැයි ඇල්බා වගේ කොල්ලෙක්නම් හිටියෙ නෑ අයියෝ...
ඉවරායී...
ඕං එහෙනම් මං ගියෝ... 👋
මේ චුට්ට ලියාගන්න බැරුවනේ මෙච්චර කල් ඉදියේ නේහ්... 😁
නෝටි එක්ක එකතුවෙලා ඉදපු හැමෝටම මෙන්න මේං මෙච්චරක් ආදරෙයී... 😘 නෝචියි ඇල්බයි දෙන්නත් ඔයාලාට ආදරෙයී... 🤗