❤️Don't leave me again❤️ [ Co...

By Kim_Soha_

1.9K 403 501

You are my everything I need you I want you But you are in far away from me 😔 But I know you always looking... More

❤️ Chapter 1 ❤️
❤️ Chapter 2 ❤️
❤️ Chapter 3 ❤️
❤️ Chapter 4 ❤️
❤️ Chapter 5 ❤️
❤️ Chapter 6 ❤️
❤️ Chapter 7 ❤️
❤️ Chapter 8 ❤️
❤️ Chapter 9 ❤️
❤️ Chapter 10 ❤️

❤️ Chapter 11 ❤️ ( last chapter )

268 39 34
By Kim_Soha_

Sonhie pov

ලියා මට ගමනක් යන්න තියෙනවා ඒක ඉවර වෙලා කෙලිම්ම party එකට යමු ඔයා මට promise උනා මාත් එක්ක party එකට යන්න එනවා කියලා .

" හරි හරි කොහෙද ඔයා ඔය යන්නෙ ? "

පොඩි ගමනක් අනේ ඉක්මනට එන්නම්.

" මාත් එන්නද ? "

නෑ ඔයා ඉන්න මම ගිහින් ඉක්මනට එන්නම්.

" හ්ම්ම් "

ලියාට සමුදීලා මම ඉක්මනට ඉක්මනට ගියේ cemetery එකට. මට ඕනෙ උනා අර සොහොන ලගට ආපහු යන්න. Min Yuna . කව්ද මින් යූනා කියන්නෙ ? මොකක්ද එයත් එක්ක මට තියෙන සම්බන්දෙ ? 🤔 මොකක්ද මට එදා පෙනුනෙ ? මම තයිෂු තව පිරිමි කෙනෙක්.................මේ හැම ප්‍රශ්නයක්ම මැද මම මල් ටිකකුත් අරගෙන ගියේ කනත්තට . Yuna කියන කෙනාගෙ සොහොන උඩින් මල් ටික තියලා ඒක දිහා බලන් ඉද්දි අදත් වෙනදා වගේම ඇස් වලට කදුලු ආවෙ ඉබේටමයි . දවල් වීගෙනත් එන නිසා party එකට යන්නත් ඕනෙ නිසා මම එතනින් නැගිට්ටෙ යන්න කියලා හිතාගෙන. ඒත් මගේ ඇහැ ගැටුන දෙයින් මාව නැවතුනේ ඉබේටමයි . මම එතනට හෙමින් සැරේ ඇවිදගෙන ගියා. ඒක සොහොනක් . ඒ photo එක......ඒ. ඒ මම ඔව් ඒ ඉන්නෙ මමමයි. යූනාගෙ සොහොන ගාවම තවත් සොහොනක් මගේ photo එක එක්ක. එහෙම වෙන්නෙ කොහොමද ? ඒකෙ කොටලා තිබ්බෙ යූ සෝහා කියලා ඒත් මන් සොන්හී නෙ කව්ද සෝහා කියන්නෙ ? 🙄ඒත් එක්කම මට ලා ඔලුවෙ කැක්කුමක් ආවෙ ඇස් වලින් කදුලු පිටවෙද්දි. ඒ සොහොනෙ පරන sticky note එකක් තිබ්බා ඒකෙ අකුරු එකක්වත් පැහැදිලි නෑ හොදටම දූවිලි වැදිලා . ඒත් ඒකෙ එකක් පැහැදිලිව තිබ්බා. ඒ...... You'r love Kim Taehyung  . ඒ නම කියවද්දිම මගේ ඔලුවෙ කැක්කුම වැඩිවුනා. ඒත් එක්කම මුලු ලෝකෙම කලුවර වෙනවා වගේ දැනුනා...........................😶

After 01 hour

Doctor එයාට කොහොමද ?

" ඔයා දන්නවනෙ ලියා එදා උන දේ ඒ වගේම එයාට තාම සිහිය ආවෙ නෑ සිහිය එනකම් අපිට මුකුත් කියන්න බෑ පෙලක් විට එයාට හැමදේම මතක් වෙයි එහෙම නැතිවෙන්නත් පුලුවන් . "

හරි doctor මන් එයා ගාවට යන්නම්.

ටික වෙලාවකින් සොන්හී ට සිහිය ආවා එයා නැගිට්ටෙ හරිම කලබලෙන් .

" ලි...ලියා මම... මොකද ඔයා..එ.ක්ක මම ඉන්නෙ .....මේ නෑ........Taehyung තයිෂු .....කොහෙද මගෙ දුව කොහෙද මගෙ husband ඔයාලා මොකක්ද එයාලට කලේ.....😢 ටේයොන්ග් ...."

සොන්හී මේ අහන්න.

" කව්ද සොන්හී ..මම සෝහා කෝ මගෙ taehyung ....."

ඔයාට හැමදේම මතක් උනාද ඒ කියන්නෙ ?

" ලියා මොකක්ද උනේ මට මොනාද අමතක උනේ අනේ කියන්නකෝ "😶

ඒ හැමදේම කියන්නම්. ඊට කලින් taehyung ට අව්රුදු දෙකකට කලින් එයාව දාලා ගියා කියලා හිතන් ඉන්න එයාගෙ ආදරේ ආයෙ දෙන්න ඕනෙ.

" දා....ලා ..ගියා.....? "

අපි යමු . මම එහෙම කියලා සෝහාව එක්කගෙන ගියේ party එකට.

Taehyung pov

" අප්පා ටීච තාම නෑනි අනේ 🙁"

පැටියො පෙලක් විට අද ටීච ට එන්න වෙන්නෙ නැතුව ඇති. අපි මෙහෙම කරමු අපි ජිමින් අන්කල් ටයි ජේකේ අන්කල් ටයි නැන්දිලාටයි එන්න කියලා එයාලා එක්ක ice cream  කන්න යමු. හාද ?

" මත බෑ මත ටීචව බලන්න ඕනා. 🙁"

හැබැයි ඉතිම් තයිෂු ගෙ ෆේවරිට් ice cream එක අඩයි තයිෂු ආවෙ නෑ කියලා.

" නෝ.......එයාලට අඩන්න දෙන්න බෑ තයිෂු ගුඩ් ගර්ල් කෙනෙක් කාවවත් අඩවන්නෙ නෑ. 😐"

එහෙනම් අපි යමු ද?

" හා අප්පා "

ජිමින් ජන්ග්කුක් කට්ටියටම එන්න කියලා call කරලා පැයබාගෙකින් එයාලා party එක තිබ්බ තැනට ආවා. එතනට වෙලා කතා කර කර ඉදලා ice cream කන්න යන්න හදද්දිම එක වාහනයක් ඇවිත් හය්යෙන් break ගහලා නැවත්තුව පාර අපි හැමෝගෙම ඇස් ගියේ ඒ පැත්තට . ඒත් එක්කම ඒ වාහනෙන් බැස්සෙ ගෑනුකෙනෙක් කලබලෙන්.

" ඒ....ඇස් ඒ කොන්ඩෙ ඒ තොල්.... නෑ කොහොමද මෙහෙම වෙන්නෙ මගේ සෝහා මගේ ඇස් ඉස්සරහා ඉන්නෙ කොහොමද ..............එ..එයා මේ...මේක හීනයක්ද ? " එහෙම හිතන ගමන් ජන්ග්කුක් ගෙ මූන දිහා බැලුවෙ මම දකින දේම එයාටත් පේනව ද බලන්න. ඔව් එයත් shock වෙලා හිටියෙ. ඒ..ඒ කි..කියන්නෙ මේ..ක ඇත්තක්. හැමතැනම නිශ්ශබ්දය යි මට ඇහුනෙ මගේ හදවත ගැහෙන සද්දෙ විතරයි .

......................................................................

" ටීච......" තයිෂු කෑ ගහගෙන ගියේ එයා ගාවට මොකක්ද මේ වෙන්නෙ 😐 මගේ සෝහා ජීවත් වෙනව ද ? ඇයි එහෙනම් එයා මෙච්චර කාලයක් මාව බලන්න ආවෙ නැත්තෙ ? තයිෂු ටීච කිව්වෙ සෝහාටනෙ ඒ කියන්නෙ තයිෂු ගෙ ටීච වගේ හිටියෙ මගෙ සෝහා ද ? ඒ ඇස්වල කදුලු . ඔව් සෝහාගෙ ඇස් කදුලු වලින් පිරිලා.😣 මගේ කකුල් වලින් මන් එයා ලගට දුවන් ගිහින් එයාව හය්යෙන් බදාගත්තෙ මමවත් නොදැනුවත්ව .

" මැ..මැනික ඔයා මාව දාලා ගියේ නැද්ද මේක හී..නයක් ද මැනික මොකක්ද මේ වෙන්නෙ ? 😭 " මම එහෙම කියලා සෝහා ව බදාගෙන කෑ ගහද්දි තයිෂු මන් දිහා බයවෙලා වගේ බලන් හිටියා .

" මම දන්නෙ නෑ ටේ මම දන්නෙ නෑ. මොනාද මේ වෙන්නෙ කියලා මම දන්නෙ නෑ. මට මතක නෑ 😣 මට අන්තිමට මතක Mr. Choi ඔයාට වෙඩි තියන්න හදපු එක විතරයි එතනින් එහාට මට කිසිම දෙයක් මතක නෑ ටේ 😭"

" ඒ හැමදේම මම කියන්නම්. " එහෙම කියාගෙන සෝහා ආපු වාහනෙන්ම බැස්සෙ හුරුපුරුදු මුහුනක්. ඒ...ඒ ලියා...

(A/N-: ඔයාලට ලියාව මතකයි නේද ? අර ජිමින්ගෙ කලින් කෙල්ල )

" මම හැමදේම කියන්නම් මුලින්ම ඔයාලා හැමෝගෙන්ම මම සමාව ඉල්ලනවා මම ඔයාලට කරපු දේවල් වලට. ජි...මින් මට සමාවෙන්න . ම..ම ඔ..ඔයාගෙ නම කියන්නවත් සුදුසු නෑ. ඔයාට ඔයාගෙ අවංක ආදරේ හම්බ වුන එක ගැන මම ඇත්තටම සතුටු වෙනවා. හරි මම දැන් උන දේ කියන්නම්. ජිමින් ඔයාව රැවට්ටුව එකේ ප්‍රතිවිපාක මට ඊට පස්සෙ දවසෙම හම්බ උනා. මම හැමෝටම වඩා විශ්වාස කරපු මගේ අප්පා... අහ් නෑ Mr. Choi එයා මගේ ඇත්ත අප්පා නෙමේ එයා මාව හදාගන්න අරන් තියෙන්නෙ ඉත්තෙක් විදියට. මම එයාගෙ වැඩවල ඉත්තෙක් විතරයි . එයා මට නරක විදිහට සැලකුවා එයා මට හුගක් නපුරු උනා කොටින්ම කිව්වොත් මාව ගෙදරිනුත් එලියට දැම්මා. එදා මට ඔයාගෙ වටිනාකම තේරුනා ජිමින්....මිනිස්සු හැමෝම එක වගේ නෙමේ ...හැමෝටම අවංක ආදරේ හම්බ වෙන්නෙ නෑ බොහොම ටික දෙනෙක්ටයි ඒක හම්බවෙන්නෙ . ඒත් මට........ඒක හම්බවෙලත් මගේ මෝඩකම නිසා ඒක නැතිකරගත්තා. මට ආයෙ ඔයාගෙන් සමාව ගන්න ඕනෙ උනා. ඒත් ඒ වෙනකොටත් ඔයාට ඔයාගෙ ඇත්ත ආදරේ හම්බ වෙලා. මම මන් කරපු දේවල් ගැන පසුතැවෙනවා හැමදාමත්. 😔 මට ඕනෙ උනා ඔයාලා වෙනුවෙන් මොනාහරි කරන්න. ඒ දවස ආවා. එදා යූනා ගෙ සොහොන ගාවදි ඔයාලව මරනවා කියලා Mr. Choi කාට හරි කියනවා මට ඇහුනා. මම තමා එදා එතනට පොලීසිය එක්කගෙන ආවෙ ඒත් මන් පරක්කු වැඩී. මම එනකොට සෝහාට වෙඩි වැදිලා ඉවරයි . එතනට ආපු ambulance එක පිටිපස්සෙන්ම මාත් hospital එකට ආවා. ආපුගමන් doctor ව හම්බ උනා ඔයාලට කලින්. මමයි doctor ට කිව්වෙ සෝහා අපිව දාලා ගියා කියලා ඔයාලට කියන්න කියලා....මොකද සෝහා ජීවත් වෙනවා කියලා දැනගත්තොත් Mr. Choi ආයෙත් අනිවාරෙන් සෝහාට attack කරනවා මට ඕනෙ උනා ඉස්සර මාව නන්ගි කෙනෙක් වගේ බලාගත්ත සෝහාව බේරගන්න ඒකයි එහෙම කලේ....මට සමාවෙන්න මම දන්නවා ගෙව්න කාලෙ ටේයොන්ග් ඔයා කොච්චර දුක් වින්දද කියලා....😔මට තේරුම් ගන්න පුලුවන් අව්රුදු දෙකක් ඔයා සෝහාගෙ මතකයන් එක්ක ජීවත් වෙච්ච විදිහ. සෝහාට surgery එකෙන් පස්සෙ හැමදේම අමතක උනා . එයාව පරිස්සමින් බලාගන්න ඕනෙ නිසා මම අදුරන හොද නැන්දා කෙනෙක්ට සෝහාව බාරදුන්නා. ඒත් එයා දන්නෙ නෑ සෝහාගෙ යටගිය අතීතය. එයා කැමති උනා සෝහාව හදාගන්න ඒත් සෝහා විදිහට නෙමේ සොන්හී විදිහට . කාලෙ ගෙවිලා යද්දි සෝහාට හීනෙන් පොඩ්ඩ පොඩ්ඩ හැමදේම මතක් වෙන්න ගත්තා. ඒක දෛවය . ඔව් දෛවය ආයෙත් ඔයාලව එකතු කරන්න තීරණය කරලා. ඊට පස්සෙ සෝහාට job එකක් විදිහට teaching හම්බ උනේ තයිෂු යන pre school එකේමයි. ඒක අහම්බයක් ද ? නෑ ඒකතමා දෙවියන්ගෙ කැමැත්ත . මේ දේවල් කලින් කියන්න හිටියෙ . එදා park එකේදි හම්බ උන වෙලාවෙ මේ දේවල් මට ඔයාලට කියන්න ඕනෙ උනා. ඒත් ජිමින්ගෙ මූන ඉස්සරහා මම අසරණයි taehyung මම ඒ මූන ඉස්සරහා ගොලු උනා. ඒකයි මම තයිෂු ට බෝලෙ දීලා එතනින් ගියේ. ඒ වගේම අද උන දේ කියනවනම් සෝහාගෙ මතකය ආවෙ අද.  එයා කනත්තට ගිය වෙලාවෙ යූනාගෙ සොහොන දැකලා . ඒත් එයාට මතකයක් තිබිලා නෑ ඒ තියෙන්නෙ එයාගෙ හොදම යාලුවගෙ සොහොන කියලා. ඒත් එයාට ඒ සොහොන ගාවට ආයෙත් යන්න ඕනෙ උනා. එයා අද උදේ එතනට ගියාම යූනාගෙ සොහොන ගාව තියෙන සෝහාගෙ බොරු සොහොන එයා දැක්කා. ඒක හිස් සොහොනක් taehyung . සෝහා මට එන්න එපා කිව්වත් මම එතනට ගියේ සෝහාගෙ ආරක්ෂාව . එයා ඒකෙ sticky note එකේ තිබ්බ ඔයාගෙ නම දැක්කා එවෙලෙ එයා සිහිනැති වුනා. මම එයාව hospital එකට එක්කන් ගියා සිහිය එද්දි වාසනාවකට වගේ එයාගෙ මතකය ආයෙත් ඇවිත්. ඔව් මේක තමා ඔයාලට ආයෙත් ජීවිතය පටන් ගන්න වෙලාව. ☺️"

ලියාගෙ ඒ වචන ටික මාව පිස්සෙක් කලේ නෑ කිව්වොත් බොරු . මගේ මැනිකව අව්රුදු දෙකක් මගෙන් වෙන් කරලා තියාගත්තා. අනේ සෝහා 😭

" අප්පා මොකද මෙතන වෙන්නෙ ඇයි ඔයා අඩන්න ........."

මැනික ඔයා කිව්වා නේද ටීච ඔම්මා වගේමයි කියලා අනේ රත්තරනේ මේ ඉන්නෙ ඔයාගෙ ඔම්මා තමා . ඔයාගෙ ඔම්මා අපිව දාලා ගිහින් නෑ. 😭

" ඔම්මා 😭" තයිෂු එහෙම කියලා සෝහා ව බදාගත්තෙ හරිම ආදරෙන්.

" අනේ මේ උණුහුම නැතුව කොච්චර කාලයක් මම ජීවත් උනා ද ...😔 සමාවෙන්න මැනික ඔම්මට මට කිසිම දෙයක් මතක තිබ්බෙ නෑ . මියානේ මැනික 😭"

" ඔම්මා අඩන්න එපා අඩන්නෙ නෝටි බබාලනෙ එහෙම නේද අප්පා 😊"

" ඔව් " මම එහෙම කියලා තයිෂු වයි සෝහා වයි එකවර බදාගත්තෙ හිතේ ගුලිවෙලා තිබ්බ සතුට එලියට පිට කරන ගමන්. ඔව් මගේ සෝහා ජීවත් වෙනවා .

" හරි මන් එහෙනම් යන්නම් ඔයාලා සතුටින් ජීවත් වෙන්න ජිමින් පුලුවන් නම් මට සමාවෙන්න . " ලියා එහෙම කියලා යන්න හැදුවා.

" ලියා ඔහොම ඉන්න. මේ අහන්න අපිට යාලුවො වෙන්න පුලුවන් නේද ? "

" ජි..මින් ඇත්තටම ද අනේ කුමාවෝ ජිමින් මාව යාලුවෙක් කරගත්තට මට ඒ දේම ඇති සතුටින් ජීවත් වෙන්න . " ලියා එහෙම කියලා කාර් එකට නැගලා ගියා.

" අහ් මන් හිතුවෙ මාව අතෑරලා ලියා ගාවට ආයෙත් යයි කියලා. " ලෝරා මූනත් ඇදකරගෙන එහෙම කියද්දි ජිමින් ලෝරාගෙ මූනට චූටි කිස් එකක් දුන්නෙ කවදාවත් දාලා යන්නෙ නෑ කියන්න වගේ.

After 2 hours

" අනේ දෙවියනේ මන් මෙහෙම දෙයක් දැනන් හිටියෙ නෑ පුතේ ඒ කියන්නෙ මගේ කෙල්ල marry කරලා බබෙකුත් ඉන්න කෙනෙක්.මම මේ දේවල් දැනන් හිටියෙ නෑ සොන්හී ..........අහ් නෑ සෝහා. ලියා මට මේ කිසිදෙයක් කිව්වෙ නෑ. මට දරුවො නැති නිසා මම ඔයාව හදාගන්න ගත්තෙ පුතේ .....ඔයාට මට දැන් ඔම්මා කියන්න බැරිනම් කමක් නෑ............"

" මොනාද ඔම්මා මේ කියන්නෙ ඔම්මට නැතුව මම වෙන කාට ඔම්මා කියන්න ද තමන්ගෙම ලමෙක් නොවිලත් ඔම්මා මාව කොච්චර හොදට බලාගත්ත ද හැමදාමත් ඒ ආදරේ මට ඕනෙ ඔම්මා. මගේ තයිෂු ට හොද හැල්මොනි කෙනෙක් වෙන්න ටේ ට හොද ඔම්මා කෙනෙක් වෙන්න ප්ලීස් ඔම්මා. "

" අනිවාරෙන් රත්තරනේ ඒ කියන්නෙ මම දැන් හැල්මොනි කෙනෙක්. ඔයාලා හැමදාමත් සතුටින් එකට ජීවත් වෙන්න ඕනෙ. කෝ එන්න මගෙ තයිෂු පැටියා..." ඔම්මා එහෙම කියලා තයිෂු වත් එක්ක ගෙන එලියට ගියා . ❤

" ඒ.....මොනාද කරන්නෙ ඔම්මා දකී "

ඉතින් මොකද මම හග් කරන්නෙ මගේ wife ව නෙ . අනික කොච්චර කාලෙකින් ද අපි හම්බ උනේ ඔම්මා උනත් අපිට තනිවෙන්න ඇරලා තමා එලියට ගියේ . 🙈

ඔම්මගෙ ගෙදර ඉදන් අපි ආයෙත් අපේ ගෙදරට ගියා ඔව් අපේ ගෙදර . අද ඒ ගෙදර ආයෙත් සම්පූර්ණයි. ❤

Author pov

හැම කරදරයක් ම සතුටකට පෙරලුනා . ආයෙත් සෝහා තයිෂු ටේ කියන ආදර ත්‍රිකෝණය එකතු උනා. ආයෙත් තයිෂු ට එයාගෙ ඔම්මගෙ ආදරේ ලැබුනා. එයාලා ආයෙත් එයාලගෙම උනා. Mr. Choi හිරේ දි suisite කරගත්තා කියන නිව්ස් එක රට පුරා පැතිරුනා. මේ ලෝකෙ එයාගෙ ආදරේ ජීවත් වෙන්නෙ නෑ කියලා හිතන් හිටපු taehyung ට එයාගෙ ආදරේ ආයෙත් හම්බ උනාම ඒ දැනෙන සතුට වචන කරන්න පුලුවන් ද? ඔය හැමදේම මැද අව්රුද්දක් ගෙව්නා . ❤ සෝහා තයිෂු ටේ තුන්දෙනාම ගියේ පාර්ක් එකට.

" බලන්න තයිෂු ගෙ සතුට සෝහා එයා සෙල්ලම් කරන්නෙ හරිම සතුටින් ...😊"

" ඔව් ටේ මේ ගෙවෙන හැම දවසම හරියට වසන්ත කාලෙක ලස්සන හීනයක් වගේ මට........"

මේක හීනයක් නෙමේ මැනික ඇත්තක්. මේ ඇත්තෙ අපි හැමදාමත් ජීවත් වෙමු. අපි ආදරෙන් ඉස්සරහට යමු. සෝ........Don't leave me again ❤️

"  නෑ ටේ කවදාවත් නෑ මට ඕනෙ හැමදාම ඔයාගෙයි තයිෂු ගෙයි තුරුලට වෙලා මේ විදිහට ජීවත් වෙන්න. අපි ආදරෙන් ඉස්සරහට යමු......❤"













ආදරේ කියන්නෙ අකුරු හතරෙ ලස්සන දෙයක්. ඒ ආදරේ කරන දෙදෙනා මාරයා විසින් ඈත්කරනු ලැබුවත් දෛවය විසින් මාරයා පරදවා  නැවත කිසියම් අහබුවකින් හමුකරවිය හැක ❤😊

~නිමි~❤

____________________________________

Continue Reading

You'll Also Like

13.2K 3.3K 27
"මම කවුද කියලා තමුන් කවදම හරි දැනගනී නිම්.. එදාට තමුන්ට පසුතැවෙන්න වෙයි..ගොඩාක්...." -ජින්- " මේ ඒක නෙමේ පොඩි බඩගින්නට කන්න දෙයක් නැද්ද?? හි හීඊඊ " ...
2.5K 681 8
මගෙ සොහොන උඩ ඔය අත්වලින් එක ම එක රෝස මලක් තියන්න.... (Cover by Laya-K) Started : 27/12/2021 Ended : 05/01/2022 By Kit-Kat 🍃
1.9M 82.9K 127
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
2.4K 287 29
කිම් ටේහ්‍යුන්, සල්ලිකාර ආඩම්බරකාර රාජකීය සීතල කුමාරයෙක්.. එයාට ඕනෙ මොන විදිහකින් හරි..බලෙන් කේහව අයිති කර ගන්න... ජියෝන් ජන්ග්කූක්, සල්ලි ඕනවටත් වඩා...