ᴍᴇʀᴀᴋɪ - ʙʟ [completed]

By sehasnara

7.8K 1.7K 326

ඔයාට කරන්න පුළුවන් කියලා හිතෙන ඕනම දෙයක් ඔයාට කරන්න පුළුවන්. More

01
03
04
05
06
07
08
09

02

911 201 25
By sehasnara

මෙනත් අයියා කියන්නේ මගේ අයියගේ හොඳම යාළුවා. මගේ අයියා මීට අවුරුදු දෙකකට කලින් පිළිකාවකින් නැති වුණා. එයා මැරෙන්න කලින් මෙනත් අයියව පොරොන්දු කරන් තිබුණා මාව බලාගන්නවා කියලා.

මෙනත් අයියා ඒ පොරොන්දුව අඩුවක් නැතුව කළා. 

මගේ කම්මුල පුපුරු ගහද්දි එයා තද කරලා මගේ මැණික් කටුවෙන් අල්ල ගත්තා. 

‍'මොනවද මේ කර ගත්තේ?'

මම බිම බලා ගත්තේ මට එයාගේ මූණ බලන්න බැරි නිසයි. මෙච්චර දෙයක් කරාට පස්සේ තව එයාගේ මූණ බලන්න පුළුවන් කමක් මට කොහෙත්ම තිබුණේ නෑ. .

'අනුල!' මෙනත් අයියා රළු විදිහට කියන ගමන්ගේ මගේ නිකටින් අල්ලලා මූණ ඉස්සුවා. 'මට කියන්න මොනවද කර ගත්තේ මේ?'

'කවකට්ට...' මම මැතිරුවා.

මෙනත් අයියා මගේ නිකට රළුවට මිරිකුවේ මාව මරන්න ඕන වෙලා වගේ. 'මොනවද මේ කර ගන්නේ! ඔයා මට එදා පොරොන්දු වුණා මේ වගේ දේවල් ආයේ කරන්නේ නෑ කියලා. ඇයි මෙහෙම කරන්නේ අනුල!'

මම බිම බලාගෙනම හිටියේ මට එයා කියන කිසිම දේකට දෙන්න උත්තරයක් නොතිබුණ නිසයි.

'අනුල... මට කියන්න මොකක්ද ප්‍රශ්නේ?'

මම හුස්මක් ගත්තා. 'මාව හිරවෙලා.'

අයියා මගේ නිකට අත ඇරලා මාව බිත්තිය දිගේ තද කරලා බිමින් ඉන්දෙව්වා.

'හිරවෙලා? ඒ කියන්නේ? මොකක්ද ප්‍රශ්නේ?' එයා මගේ ඉස්සරහින් බිම දණ ගහ ගන්න ගමන් ඇහුවා.

මම උත්තර දුන්නේ නෑ. මට‍ දෙන්න උත්තරයක් තිබුණේ නෑ.  

මගේ අත දිහා බලපු මම අත පුරා කවකටුවෙන් හූරන් තිබුණ පාරවල් දිගේ අත අරන් ගියා. ඒ හැම තුවාලයක්ම ඉදිමිලා තිබුණේ කවකටුව මලකඩ නිසා වෙන්න ඇති. ඒ හැම තුවාල පාරක්ම මගේ ඇඟිල්ල යට ඇදුම් කෑවා. ඒ රිදිල්ල මට දුන්නේ අමුතු විදිහක සහනයක්.

මගේ ඔළුවට නිදහස් හැඟීමක් දෙන්න ඒ තුවාලවලට පුළුවන් වුණා.

මෙනත් අයියා මගේ අත එයාගේ අත් දෙකට මැදි කරගත්තා. 'අනුල... දේවල් අමාරුයි තමයි... ඒත් ඔයාටම රිද්ද ගන්න එක... ඒක...'

'ඒකෙන් මගේ හිත පිරිලා තියෙන කළු පාට හැඟීම අඩු වෙනවා. මගේ ඔළුවට නිදහසක් දැනෙනවා.' මම මැතිරුවා.

එයා එයාගේ ඇඟිලි වලින් මගේ අත්ල පිරිමැද්දා. 'ඔයාට තියෙන ගැටලුව... මොන වගේද?'

මම මෙනත් අයියා දිහා දවසේ පළවෙනි වතාවට බැලුවා. 'මට තේරෙන්නේ නෑ අයියේ. මට කාටවත් කතා කරන්න හිතෙන්නේ නෑ.'

මෙනත් අයියා දිගින් දිගටම මගේ අත්ල එයාගේ ඇඟිලි වලින් පිරිමදින ගමන් මගේ මූණ දිහා බලන් හිටියා. මගේ හිතේ තිබුණ හිස් හැඟීම මගේ ඇස් වලින් පෙන්නමින් මම එයාට ප්‍රතිචාර දැක්වුවා.

'අනුල...' අයියා මගේ අත දිහා බැලුවා. 'ඔයාට බෑ මේ වගේ දෙයක් කරන්න.'



____________

'බලන්න මගේ අත...'

'පූසා හීරුවද?'

'ම්ම්ම්. ඔව්.'

_________

Meraki

2021 -12 -17

Continue Reading

You'll Also Like

1M 52.1K 74
ငယ်ငယ်တည်းကမတော်တဆမူတခုကြောင့်ကွဲကွာခဲ့ရတဲ့ အမြွှာညီအကိုနှစ်ယောက်ပြန်တွေ့ချိန်မှာကြေကွဲစရာအဖြစ် အပျက်တွေနဲ့အကိုဖြစ်သူရဲ့ကလဲ့စားချေမူတွေကိုရေးသား ထားပ...
4.5K 627 7
අහම්බයක් උනත් උබේ ඔය හමුවීම... ඒක මට මහාමෙරක් වගෙයි.... ඉතින් මන් හරි ආදරෙයි .....
9.2M 216K 60
[#1 in Fiction][complete] Kaitlyn MacDonald. Your typical nerd. Shy, smart, and more than a little bit awkward. Tutors for extra credit, even though...
26.1K 3.2K 37
18 වැඩි අය විතරක් බලන්න..🙊😬