දගකාර සිතක නැවතුම
.
.
.
.
.
.
.
.
.
.
.
අපි England වලට ඇවිත් මේ වෙනකොට මාසයක් වෙනවා...
ඇල්බාගෙ ආසාවයී කැමැත්තයි නිසාම මම modeling කරන්න පටන් ගත්තා...
මුලදි අකමැති උනත් ටික ටික හුරු වෙනකොට මමත් ඒකට අස උනා...
ඇල්බා දැන් රෑට club එකක සිංදු කියනවා...
දවල්ට Music Band එකක practice වෙන්න යනවා...
ඒක නිසා දැන් මගෙ ඇල්බා musical වල famous gutar player කෙනෙක් වගේම ටිකක් ප්‍රසිද්ධ ගායකයෙක්...
ඒකෙන් උනේ අපිට රෑටවත් නිදහසේ ඉන්න බැරි උන එක...
මම ගෙදර එන්න කලින් එයා ගෙදර එනවා කියන එකනම් හීනයක් උනා...
එයා හැමදාම ගෙදර එනකොට 12:00 විතර වෙනවා...
මම එයා එනකම් බලන් ඉදලා
එයා එන වෙලාව වෙනකොට හැමදාම මට හොදටම නින්ද ගිහින්...
ඉතින් නින්ද ගිහින් ඉන්න මාවත් උස්සලා ඇදෙන් ගෙනත් තියලා තමයී එයත් wash දාලා නිදාගන්නෙ...
ඊටපස්සෙ උදේ 6:00 වෙනකොට ඇහැරිලා මාවත් ලෑස්ති කරලා
උදේටයි දවල්ටයි මට කන්න ගෙනියන්න කෑමත් ලෑස්ති කරලා එයා දුවනවා Band practice වලට...
ඉරිදටත් මටයි එයාටයි දෙන්නාටම වැඩ...
ඔය විදියට තමයි අපේ දවස් ගෙවුනෙ...
මගේ හීනෙ එයා කවදා හරි එයාගෙම සිංදුවක් කරන එක...
ඒකට මට පුලුවන් උපරිමේටම මම සහයෝගය දෙනවා...
එයාගෙ හීනෙ මාත් එක්ක සතුටින් නිදහසේ ඉන්න පුලුවන් අනාගතයක් හදන එක...
මෙහේ හැමදේම හොදින් වෙද්දි
රෝසාට හිටපු එකම නෑයාත් රෝසාව දාලා ගිහින් තිබුනා...
ෆියුනරල් එකට අපි දෙන්නාම එකතු වෙලා සල්ලි යැවුවෙ අපිට සහභාගි වෙන්න බැරි වෙන නිසයී...
උවමනාවක් තිබුනානම් ෆියුනරල් එකේ වැඩ ඉවර වෙන්න කලින් අපිට යන්න තිබුනා...
ඒ උනාට රට ආවට පස්සෙ අනිත් මිනිස්සුන්ට හැදෙන උණ අපිටත් හැදිලා තිබුන නිසා අපි ඕවර් ඇක්ටිං බිසී පීපල්ස්ලා උනා...
මේ වෙලාදෙදි අපි රෝසා ලග හිටියානම් රෝසාට ඒක සල්ලි වලට වඩා ගොඩාක් වටිනවා...
කියන්න ලැජ්ජ උනත් අන්තිමට අපි දෙන්නාම සල්ලි යවලා ශේප් උනා...
ලොකූගෙ සෙනෙහසනම් මේ වෙලාවෙදි රෝසාට ලොකු හයියක් උනා...
රෝසා කියන්නෙ සියුමැලි සිතක් තියෙන
අහිංසක කොල්ලෙක්...
ලොකූ එයාගෙ ලගින් ඉන්න එකම එයාට ලොකු දෙයක් උනා...
දුක නිවන උරහිසක් අපි හැමෝටම වටිනවා වගේ තනි උන රෝසාට ලොකූගෙ සෙනෙහස මහමෙරක් උනා...
************************************
ඕඉ
ලොකූ....""
මොකෝ....""
ඔම්ලට් එකක් දාලා දෙනවාකෝ...""
බෑ...""
මොකද්ද ඕඉ
දාලා දෙනවකෝ....""
පලෑම් ගිහින් රෝසාටම කියලා දාගනිම් තොගෙ ඔම්ලට් එක....""
මේ ඕඉ තමුසෙගෙ මිනිහා තරහා උනා කියලා ඔච්චර දුශ්‍ට වෙන්න එපා ඕඉ
මට ඔම්ලට් එකක් දාලා දෙනවාකෝ...""
බෑ කිවුවානෙ...
ඇයි තමුසෙගෙ මහ ලොකු රෝසාට කියලාම හදා ගන්නවා...
ඒකනෙ මගෙ පැත්තට නැතුව උගෙ පැත්තට කතා කලේ....""
හා හා හරි හරි නෑ නෑ මම මේ හීනෙන් බය වෙලා එහෙම නෙවෙයී
මූ ඇත්තටම මගෙ ලග ඉන්නවා...
ලොකුවායි රෝසායී දැන් ඉන්නෙ England වල...
මුන් දෙන්නාගෙ වලි බේරලාම මට නිදහසක් නෑ...
මේ ලොකෙ හොදම මහාචාර්ය ආචාර්ය උපාදිය ගත්තු මිනිස්සු ලියපු පොත් වලවත් නැති ප්‍රශ්න අහන දෝණි එක්ක ඉන්නවා හොදයි මුං දෙන්නා එක්ක ඉන්නවාට වඩානම්...
වෙන මොකකටවත් නෙවෙයි මුං දෙන්නා රණ්ඩු වෙන්නෙ අපේ Wedding එකට අදින ඇදුමක් තෝරගන්න බැරුව...
ලොකූට ඕනෙලු දෙන්නාම Dark Blue Full Suit එකක් ඇදන් ඉන්න...
රෝසාට ඕනෙලු දෙන්නාම Ash Color Full Suit එකක් ඇදන් ඉන්න...
Ash Colors Full Suit එකට මම කැමති කිවුවා කියලා තමයි ලොකුවා ඔය මූණ කොරහක් විතර කරගෙන ඉන්නෙ...
රෝසාටම තමයි තෝවනම් හරියන්නෙ...
හෙට ඇල්බාගෙයී මගෙයී wedding එක...
Wedding එකට ඉන්න අපි දෙන්නා ඕනෙ හරිනම් මරාගන්න...
ඒ උනාට මරාගන්නෙ දෙවනි මනමාලයාටවත් ඉන් නැති උන් දෙන්නෙක්...
අපේ වෙඩිමට මටත් වඩා කාර්යබහුල උනේ ඇල්බා...
නිකමටවත් මට උදව් වෙන්න දෙන් නෑ
එයාගෙ වැඩ කොහොමද කියලා වෙඩින් එක දවසට බලාගන්නලු...
එයාගෙ හීනෙ තියෙන විදියට එයා වෙඩිම plan කරනවා...
අපි දෙන්නාගෙම Wedding Suits පවා තේරුවෙ ඇල්බා...
මාව ඒ හැමදේකින්ම නිදහස් කරලා
එයා ඒ හැම බරක්ම එයාගෙ කරට ගත්තෙ මාව සප්‍රයිස් කරන්න...
අපේ වෙඩින් එක එයාට ඕන විදියට
උනාට මම ආසම දේවල් මටත් වඩා හොදට දන්නෙ එයා...
අපි හත් දෙනා එක්කම පැක් වෙලා ඉන්නෙ බාප්පලාගෙ ගෙදර...
මේ දවස් ටිකේ අපි හතර දෙනාම බාප්පලෑ ගෙදර හිටියාට
Wedding එකෙන් පස්සෙ ඇල්බායි මායී යන්නෙ අපේම කියලා ගෙදරකට...
ලොකුවයි රෝසයි දෙන්නත් කුලියට ගත්ත ගෙදරකට යනවා...
ඇල්බාටයි මටයී දැන් අපේම කියලා ගෙයක් තියෙනවා...
අපි දෙන්නාට අපේම කියලා වාහනයක් තියෙනවා...
අපි අපේ අත් අල්ලගෙන දෙන්නත් එක්කම ජීවිතේ අඩියෙන් අඩිය ඉස්සරහට තියනවා...
තාත්තලාගෙ සල්ලිවත් කාගෙවත් උදව් නැතුව අපි අපේම ගමනක් යනවා...
අපේම කියලා ගමනක්...
ඕනම ගමනක් යන්න කලින් හොදට
හොදට කාලා ඉන්න ඕනෙ...
අර මූඩ මූසල ලොකුවාට ඔම්ලට් එකක් දාලා දීපම් කිවුවාට
දාලා දුන්නෙත් නැනේ
ඒක නිසා එක එකාට වැද වැද ඉන් නෑ
මමම මොනවා හරි හදාගෙන කනවා කියලා හිතාගෙන කුස්සියට ගියා...
මොනවා නැතත් විදූ බාප්පා සුපිරියටම කුස්සිය තියාගෙන ඉන්නවා...
මාරම පිළිවෙලයී...
කට කියවන ගෑණුන්ට වඩා පිරිමි පිළිවෙලයී...
හදිස්සියෙවත් බඩගින්නක් හැදුනොත් අතුරු ආබාධයක් නැතුව පොඩි පොඩි කෑම ජාති හදාගන්න හැටි ඇල්බා මට කියලා දීලා තිබුන නිසා
මම පාන් පෙති හයකක චීස් ගාලා ගම්බිරුස් කුඩු ඉහලා ටෝස්ට් කලා...
Chocolate fresh milk එක අරන් වීදුරුවකට වක් කරගෙන එතනම තිබුන කෑම මේසෙන් වාඩි වෙලා කන ගමන් කල්පනා කලා...
ඇල්බා ටික ටික මගෙ ජීවිතේට ආපු හැටි...
මට ජීවත් වෙන්න උගන්නපු හැටි...
එයාගෙ ආදරෙත් එක්ක මාව ජීවත් කරපු හැටි...
ජංගි කොටේ ඇදගෙන
හොටු නාවර පෙරාගෙන
චූ නැට්ටෙන් වැඩිම දුර තරගෙට චූ විදපු
අමු හෙලුවෙන් මඩේ නටපු
ඉස්කෝලෙ යන කාලෙ ගිනි අවුවෙ දණ ගහන් එකටම දඩුවම් විදපු
එක බත් පත එකට බෙදන් කාපු
මාව පරිස්සමෙන් බලාගත්තු
පොඩි කාලෙ ඉදන් එකට හිටපු එකා එක්ක මැරෙනකම්ම ජීවත් වෙන්න යන්නෙ...
මට සතුටුයී...
මාව මේ තරම් තේරුම් ගත්තු ආදරයක් මට කෙල්ලෙක්ගෙන් ලැබෙන්නෙ නෑ...
මම හොයනවටත් වඩා ආදරයක් ඇල්බාගෙන් මට ලැබෙනවා...
ඒක නිකම් කොළ කෑල්ලකට වෙනස් වෙන බැදීමක් නෙවෙයි...
අපි Wedding එකක් අරන් කසාද බැන්දත් නැතත් අපි මැරෙනකම්ම අපි අපිට ආදරේ කරයී...
ඇල්බා එක්ක මට මගෙ ජීවිතේ ලේසි උනා...
ඇල්බාටනම් මගෙත් එක්ක ගෙවෙන ජීවිතේ කොහොම උනාද දන් නෑ...
හෙට ඉදන් අපි දෙන්නා පවුලක්...
නීත්‍යානුකූලවම පවුලක් වෙනවා...
Husband & Husband...
හෙට මේ වෙනකොට අපි අපේ වෙලා....
.
.
.
.
.
.
.
.
.
.
To be continued 😘
.
.
.
.
.
.
.
.
ඉෂූ... 🙆