𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)

By Imeshahansani

34.1K 5.5K 2.7K

දගකාර සිතක නැවතුම... 👬👨‍❤️‍👨 More

Part 01 👨‍❤️‍👨
Part 02 👨‍❤️‍👨
Part 03 👨‍❤️‍👨
Part 04 👨‍❤️‍👨
Part 05 👨‍❤️‍👨
Part 06 👨‍❤️‍👨
Part 07 👨‍❤️‍👨
Part 08 👨‍❤️‍👨
Part 09 👨‍❤️‍👨
Part 10 👨‍❤️‍👨
Part 11 👨‍❤️‍👨
Part 12 👨‍❤️‍👨
Part 13 👨‍❤️‍👨
Part 14 👨‍❤️‍👨
Part 15 👨‍❤️‍👨
Part 16 👨‍❤️‍👨
Part 17 👨‍❤️‍👨
Part 18 👨‍❤️‍👨
Part 19 👨‍❤️‍👨
Part 20 👨‍❤️‍👨
Part 21 👨‍❤️‍👨
Part 22 👨‍❤️‍👨
Part 23 👨‍❤️‍👨
Part 24 👨‍❤️‍👨
Part 25 👨‍❤️‍👨
Part 26 👨‍❤️‍👨
Part 27 👨‍❤️‍👨
Part 28 👨‍❤️‍👨
Part 29 👨‍❤️‍👨
Part 30 👨‍❤️‍👨
Part 31 👨‍❤️‍👨
Part 32 👨‍❤️‍👨
Part 34 👨‍❤️‍👨
Part 35 👨‍❤️‍👨
Part 36 👨‍❤️‍👨
Part 37 👨‍❤️‍👨
Happy 2022 🎉️
Part 38 👨‍❤‍👨

Part 33 👨‍❤️‍👨

581 126 41
By Imeshahansani

දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
.
.
.
.
සති අග දවසක්...
අද අපේ Hot & Sexy බාප්පාට හැර අනිත් ඔක්කොටම නිවාඩු...
එදාට ඔක්කොම ගෙදර...
කාර්යබහුල ජීවිතෙන් මිදිලා
නිදහසේ හුස්ම ගන්න දවස...

ගොඩක් අය අද එයාලගෙ බබලත් එක්ක පාර්ක් යනවා...
ජොගින් යනවා...
බයිසිකල් පදිනවා...
මැශින් වගේ වැඩ කරන මිනිස්සු නිදහසේ ඉන්න තියෙන සති අග නිවාඩුව උපරිමේටම විදිනවා...

කේශ් බාප්පාට දෝණිත් එක්ක එලියට යන්න දීලා,
අපි දෙන්නාත් එක්ක මාර්කට් යන්න පොරොන්දු උනා...
ඇල්බාටයි මටයි දැන් ඉස්සර තිබුන නිදහස නෑ...
අපි ස්ථාවරයක් වෙලා වෙනම ගෙයක් ගන්න ඕනෙ...
මොනවා නැතත් අපිට අපේම කියලා නිදහසේ ඉන්න තැනක් තියෙන්න එපැයී...

ඇල්බයී මායී කේශ් බාප්පා දීපු
දිග ලිස්ට් එකත් අරන් ආවෙ ගෙදරට ඕන කරන බඩු ගන්න...
ඇල්බා මාව එයාගෙ මැද්දෙන් තියාගෙන ට්‍රොලිය තල්ලු කරනවා...
මම list එකේ තියෙන බඩු කිය කිය ඒවා ට්‍රොලියට දානවා...

අපේ ඉස්සරහින් එන කෙල්ලො
අපි දිහා බල බල යනවා...
අපේ පිටිපස්සෙන් ආපු සමහර උන්නම් පාඩුවෙ යනවා...
ඒත් සමහර උන් බල බල විරිත්ත විරිත්ත යනවා...
කිසිම හේතුවක් හිතාගන්න බෑ...
මොකද මෙහෙ සමරිසි ප්‍රේමයට බාධාවක් නෑ...

මම සෙනිකව බැලුවෙ හදිස්සියෙ මගෙ
ශිපර් එකවත් ඇරිලා අවලං රන්දිකයා එලියට පැනලාද කියලා...
නෑ...
එහෙම අව්ලක් නෑ...
දෙයියනේ කියලා ඌ සාමදානයෙන් සැතපිලා ඉන්නවා...

මේ මගුල හරියන් නෑ...
සමහර උන් අපිට හොරෙන් අපේ photoත් ගන්නවා...
ඇල්බානම් ගානක් නැතුව බඩු තෝරනවා...
මටනම් තව වෙලා එතන ඉන්න බෑ කියලා හිතුන නිසාම
බඩු ටිකක්ත් අරන් ඇල්බාවත් ඇදගෙන
ඉක්මනට ගෙදර ආවා...

මාර්කට් එක තියෙන්නේ පයින් යන්න එන්න පුලුවන් දුරක නිසා අපි ආවෙ පයින්...
අපි ගෙදර එනකොට අතරමගදි දැක්කෙ කොල්ලො දෙන්නෙක් park එකේ බිම ගහක් යට වාඩි වෙලා
එක කොල්ලෙක් අනිත් කොල්ලාගෙ උකුල උඩින් ඔළුව තියාගෙන ඉන්නව...

බබා...""

මම බෙල්ලත් හරෝගෙ ඒ couple එක දිහා ආසාවෙන් බලන් ඉද්දි ඇල්බා මට කතා කලා...

ම්ම්ම්...""

ඇත්තටම මටත් ඕන උනා ඇල්බාත් එක්ක ඒ වගේ ඉන්න...

අපි අද බයිසිකල් පදිමුද???

ඒ වචන ටික ඇහුනා විතරයි තත්පරේට හැටේ වේගෙන් මම ඇල්බා දිහාවට හැරුනා...
එයා ඉස්සරහා බලන් හිනාවෙනවා...

සුද්දා ඇත්ත්තටම අපි අද යනවාද???

මම අහුවෙ උඩ පැන පැන...
ඇල්බා එයාගෙ එක අතක් නිදහස් කරලා තනි අතට බඩු මලු ටික එල්ලගෙන
මගෙ එක අතක් අරන් ඉම්බා...

අපි යමූ නේහ්??
අපිට කාලෙකින් නිදහසේ ඉන්න බැරි උනානෙ...
අද ටිකක් නිදහසේ ඇවිදලා
මේ බන්ඩිය පිරෙනකම කඩචෝරු කාලා...
රෑ වෙලා ගෙදර එමු...
බබා කැමතිද???

ඇල්බා මගෙ බන්ඩියට තට්ටු කර කර කියනවා...
මම උත්තරයක් දුන් නැ...
මම පැනපුගමන් එයා මූණ එබෙන්නම ලොකූ උම්මා එකක් දුන්නා...
ඇත්තටම අපිට අපිව ගොඩක් මග ඇරුනා...
ඉස්කෝලෙ යන කාලෙ තිබුන නිදහස දැන් නෑ...

ජීවිතේ කියන්නෙත් අහෑරලා දන්න බැරි සටනම් වගේ...
අතෑරියොත් පැරදිලා ලෙල්ලටම කෙල වෙනවා...
සතුට රැදෙන්න එක සල්ලිත් හේතුවක්...
මිනිස්සු ඒකනෙ සල්ලි හොයන්න මෙච්චර මහන්සි වෙන්නෙ...
අන්තිමට සතුටට ලිමිට් නැතුව
මිනිස්සුසල්ලි පස්සෙ දුවනවා...

************************************

අපි ගෙදර යනකොට විදූ බාප්පා ඇවිත්,
තනියම නෙවෙයි එදා මම photo shoot එක කරන තැන හිටපු ඩිරෙට්ට කාරයත් ඇවිල්ලා හිටියා...
ඌ මාව දැකපු ගමන් දුවගෙන ඇවිත් 
පිඹුරෙක් ගොදුර ගිලිනවා වගේ හරි ආදරෙන් මගෙ හුස්මත් හිරවෙන සයිස් එකට මාව බදාගත්තා...

ඔහ් මයි කියුට් ප්‍රින්සස්...
කම් කම් කම්...""

මූට මොන මල යකෙක් වැහිලාද??
ඩිරෙට්ට කාරයා මගෙ අතකින් ඇදගෙන ගිහින් උගෙ ලගින්ම වාඩි කරව ගත්තා..
හරියට නිකම් මම උගෙ ගෙදරට ගියා වගේ...
මූ මාව දරු කමට හදාගන්නද දන් නෑ ලෑස්තිය...

කියුට්...
ඔයා නිසා මම ඉන්නෙ හරිම සතුටින්...
මේ බලන්න...
මේ බලන්න...
VEGO magazine එකේ පළවෙනි පිටුව මැද පිටු දෙකක මගෙ නත්තල් photo shoot එක...
ඔයා දැන් ෆේමස් කොල්ලෝ...""

මූ කියන හරුපෙ මුලක් මැදක් අගක් තේරුම් ගන්න බැරුව මම උගෙ අතේ තිබුන magazine එක අරන් බැලුවා...
මල මගුලයී....
ඒ හිටියෙ වෙන කවුරුත් නෙවෙයී යකෝ
බොලාගෙ නෝටියා...
නත්තල් ගහ ලග බලු වාහෙත් එක්ක තියලා මාව වයරින් කරලා බල්බ් වැල් එල්ලලා ගත්තු Photo එක...

යටින්ම දාලාතිබුන නම
"" Model by NOWTY ""
කාලා වරෙන් ඒකටත් දාලා තියෙන්නේ Nowty කියලා...
Nowty...
මේ නමෙන්නම් මට ගැලවීමක් හම්බවෙන් නෑ...
මගෙ උප්පැන්න සහතිකේ තියෙන නම මොකද්ද කියලාත් මට දැන් අමතකයී...

VEGO කියන්නෙ මිනිස්සු වැඩිපුර මිලදී ගන්න ප්‍රසිද්ධම magazine අතර තියෙන magazine එකක්...
ඒ මැගසින් එකේ මුල් පිටුවයී
මැද පිටු දෙකකුයී සම්පූර්ණයෙන්ම
මම අරක් අරන් හිටියා...
එහෙනම් ඒක තමයි සුපර් මාකට් එකේදි කෙල්ලො මන් දිහා අමුතු විදියට බල බල ගියෙ...

ඔයාගෙ නික් නේම් එකත් ඔයාටම ගැලපෙන කියුට් නේම් එකක් නිසා
අපි Zid එක්ක කතා වෙලා ඒක දැම්මා...
මගෙ අයිඩියා එක තිතටම වැඩ කලා කොල්ලෝ
ඔයාව දැන් හැමෝම දන්නෙ නෝටි කියලා...
ඔයා දැන් මගෙ නෝටි කියුටා...""

මම magazine එක ඇල්බාගෙ අතට දුන්නා...
එයාට සතුටුයී...
සතුටට එයාගෙ ඇස් දිලිසෙනවා...
මෙච්චර වෙලා මට කිසිම සතුටක් දැනුනෙ නෑ...
ඒත් එයාගෙ ඇස්දෙක දැකපු ගමන්
මගෙ හිතටත් සතුට බෝ උනා...

නෝටි...
ඔයා දිගටම මාත් එක්ක වැඩ කරන්න කැමතිද???
ඔයාට ලොකූ ගමනක් යතෑකි මාත් එක්ක...
මම අද මෙහෙ ආවෙත් ඒ ගැන කතා කරගන්නමයී...""

ඔක්කෝටම කලින් මම බැලුවෙ ඇල්බා දිහා...
ඒකට මට උත්තරයක් ඕනෙ එයාගෙන් නිසා...
මොකද මට පෙන්නන්න ඕන උනා මගේ භාරකාරයා ඇල්බා කියලා...

මේකයී මිස්ටර්...
අපි ඒ ගැන කතා කරලා ඔයාට උත්තරයක් දෙන්නම්...""

ඇල්බා එහෙම කියපු එක හොදයී...
කොහොමත් මගෙ වැඩි ආසාවක් නෑ modeling වලට...

ඕකේ ඕකේ...
ඔයාලාගෙ තීර්ණේ මොකද්ද කියලා මට Zidගෙ අතේ පනිවෙඩේ එවන්න...
ඔන්න මම සුබවාදී පිළිතුරක් බලා පොරොත්තු වෙනවා කොල්ලෝ...""

ඩිරෙට්ට කාරයා ගියාට පස්සෙ
ටිකක් හවස් වෙනකම් ඉදලා
ඇල්බා එයාගෙ ගිටාර් එකත් අරගෙන
මවත් එක්කගෙන ගියෙ බයිසිකල් රෙන්ට් එකට දෙන තැනකට...
අපි ගිහින් බයිසිකල් දෙකක්
අරන් බයිසිකල් පදින්න වෙන් කරලා තියෙන මන් තීරුවෙ බයිසිකල් පැද්දා...

බයිසිකල් පදින ගමන් ඇල්බා එයාගෙ එක අතක් මගෙ දිහාවට දික් කරලා මගෙ අතක් අල්ලගත්තා...
අපි අත් අල්ලගෙන තනි අතින් බයිසිකල් පැද්දා...

ටික වෙලාවකට පස්සෙ අපි ආවෙ අර පිරිමි ළමයි දෙන්නා හිටපු park එක ලගට...
පිරිමි ළමයි දෙන්නා නෑ...
ගහ තනි වෙලා...
ගහේ තනිය මකන්න අපි දෙන්නා ගිහින් ගහ මුල වාඩි උනා...
ඇල්බා මාව එයාගෙ පිටට හේත්තු වෙන විදියට වාඩි කරවගෙන මගෙ හිස් මුදුන ඉම්බා...

ඇල්බා එයාගෙ ගිටාර් එක මට දුන්නා...
කාලෙකට පස්සෙ අපි දෙන්නා මෙහෙම ඉන්නෙ...
මගෙ ඇගිලි තුඩු තත් අතර යද්දි
ඇල්බා එයාගෙගෙ ආදරණීය කටහඩ අවදි කලා...

මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ...
ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ...
ප්‍රේමේ හෘදෙ ගැඹුරේ ඇත්තෙ ඒකයී නොපෙනුනේ...
මගෙ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ...

නෙතගෙ ඉගියක් එවා මගෙ මුළු හිතම කැටයම් කලා...
නෙතගෙ ඉගියක් එවා මගෙ මුළු හිතම කැටයම් කලා...

මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ...
ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ...

මගේ පපුතුරේ මා ඔබේ හිස තියාලා
රකිමී සදාකල් මගෙ පණ පුදාලා...
මගේ පපුතුරේ මා ඔබේ හිස තියාලා
රකිමි සදා කල් මගෙ පණ පුදාලා...

දිනෙක අපි මියේවී
අපේ ලොවට යාවී
මිහිදාන් නොවූ ආදරේ
සදහට රැදේවී...

ඉසුරුමුණි නොවේවී
අපේ පෙම් කතාවයී
කැටයම් නොවූවත්
සැමදා තියේවී...

ඔබේ සුව දැනීලා හැගුම් යයි පිරීලා
හදේ ගැස්ම වී මා ඉන්නම් රැදීලා...
ඔබේ සුව දැනීලා හැගුම් යයි පිරීලා
හදේ ගැස්ම වී මා ඉන්නම් රැදීලා...

අපේ සුසුම් පාවී
පාවීලා යාවී
යලි ආයෙ භවයකදී
අප වෙත හමාවී...

ඉසුරුමුණි නොවේවී
අපේ පෙම් කතාවයී
කැටයම් නොවූවත්
සැමදා තියේවී...

මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ...
ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ...
ප්‍රේමේ හෘදෙ ගැඹුරේ ඇත්තෙ ඒකයී නොපෙනුනේ...
මගෙ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ...


මම ඇල්බාගෙ පපුවට තුරුල් උනා...
එයාත් මාව පපුවට තියලා තද කර ගත්තා...

බබා අපි ඉක්මනට බදිමු...
මගෙ හීනයක් තියෙනවා ඒ විදියට wedding එකක් ගන්න මට ඕන...""

මගෙ හිස් මුදුනට උණුසුම් ආදරණීය හාදුවක් තියන ගමන් ඇල්බා කිවුවා...
මම තවත් ඒ පපුවට තුරුල් උනා...
මගෙ සතුට තියෙන්නෙ ඒ පපුව උඩ...
එතනින් එහා ලෝකයක් මට නෑ...
එයාගෙයි මගෙයි හීන එකින් එක
එයා ලස්සනට පාට කරන්න හදන්නෙ...
.
.
.
.
.
.
.
.
.
To be continued 😘
.
.
.
.
.
.
.
.
ඉෂූ...🙆

Continue Reading

You'll Also Like

218K 34.1K 88
ပြန်သူမရှိတော့ဘူးဆိုလို့ ယူပြန်လိုက်ပြီ ဟီးဟီး ဖတ်ပေးကြပါဦး
250K 7.9K 178
What if a Pokémon Trainer found herself in the world of One Piece? What if she found herself with the Strawhat Pirates? What if she finds herself get...
166K 248 6
for my girls, reach an all time high orgasm
184K 9.5K 87
Being flat broke is hard. To overcome these hardships sometimes take extreme measures, such as choosing to become a manager for the worst team in Blu...