❤️Don't leave me again❤️ [ Co...

By Kim_Soha_

1.9K 392 501

You are my everything I need you I want you But you are in far away from me 😔 But I know you always looking... More

❤️ Chapter 1 ❤️
❤️ Chapter 2 ❤️
❤️ Chapter 3 ❤️
❤️ Chapter 4 ❤️
❤️ Chapter 5 ❤️
❤️ Chapter 7 ❤️
❤️ Chapter 8 ❤️
❤️ Chapter 9 ❤️
❤️ Chapter 10 ❤️
❤️ Chapter 11 ❤️ ( last chapter )

❤️ Chapter 6 ❤️

130 32 59
By Kim_Soha_

ඒත් එයාගෙ සාක්කුවෙන් මොකක් හරි එකක් බිමට වැටුනා. එයා ඒක දැක්කෙ නැති නිසා එයා එහෙම්ම දුවලා ගියා. 🙄

Still Soha pov

ඒ කෙනා පැනගත්ත එක ගැන දුක් උනත් මම එයා අතින් වැටිච්ච දේ අතට ගත්තා. මොකක්ද මේ ........ pen එකක් නේද oh god මේක record pen එකක්. මොකක්ද මේකෙ record කරලා ඇත්තෙ මම එහෙම කියලා ඒක on කරන්න හදද්දිම taehyung දුවගෙන ආවා.

" මොකද උනේ සෝහා ?"

" මේ.....මේ " මම උන දේ කියන්න හදද්දිම එයා මගෙ අතේ තිබ්බ pen එක අරන් ඒකෙ record එක on කලා.

[ සෝහා තමුසෙට ගොඩක් thanks මේ කරන උදව් වලට. මම ඔයාට double pay කරනවා. ඔයා දැන් කරනවා වගේම taehyung ව ඉස්සරහටත් රවට්ට ගෙන යන්න. එයාගෙ රහස් හොයාගෙන මට කියන්න. ]

ඒ record එකේ එහෙම කියද්දි මගේ ඇග පන නැති වෙනවා වගේ දැනුනා. මොනාද මේ කියවන්නෙ ? මම කවද්ද මෙහෙම පහත් වැඩක් කලේ...? මම ඔහොම හිතද්දි මගේ ඇස් වලට කදුලු ආවෙ ඉබේටමයි.

" තමුසෙ ........තමුසෙ කොහොමද මට.....ඔයා මොන වගේ කෙනෙක් ද අහ් ඔයා මාව රැවට්ටුවා. තමුන් ආයෙ මගෙ ඇස් වලට පේන්න එන්න එපා. මම තමුසෙව විශ්වාස කලා වැඩී. Get out from here " taehyung එහෙම කියලා කෑ ගැහුවෙ එයාගෙ ඇස් වලින් ගිනි පුපුරු පිටවෙන කොටමයි. එයා මගෙ අතින් ඇදලා එලියට දැම්මා. ඒත් මම taehyung ට කවදාවත් එහෙම දෙයක් කලේ නෑනෙ. 😢 මට කෑ ගහලා මම එහෙම දෙයක් කලේ නෑ කියලා කියන්න ඕනෙ උනත් මට එහෙම කියාගන්නවත් පනක් නෑ.

Taehyung pov

මම room එකෙන් එලියට ගියේ මම ඇහැරුනු වෙලේ සෝහා room එකේ හිටපු නැති නිසා. මම යනකොට දැක්කෙ සෝහාට කව්රු හරි මොනා හරි දීලා එයා ඒක බලනවා වගේ . මම එතනට ගියේ මේ ගෙදරට එයාගෙ බඩු එවන්නෙ කව්ද කියලා බලන්න. මම ගිහින් එයාගෙ අතේ තිබ්බ එක ගත්තා . ඒක record pen එකක්. මන් ඒක on කලා විතරයි ඒකෙන් ඇහුන දේවල් මාව පනනැති කලා. සෝහා මට එහෙම කරයි කියලා මම කවදාවත් හිතුවෙ නෑ. මගෙ හිතේ තරහට එහා ගිය දුකක් හිර වෙලා තිබ්බා. මට මගේ ජීවිතේම එපා වෙනවා වගේ දැනුනා. මොකද මම හැමෝටම වඩා සෝහාව විශ්වාස කලා. මම ආපු තරහටම සෝහාව ගෙදරින් එලියට දැම්මා.

_____________________________________

පැය දෙකක් තිස්සෙ ඉදන් හිතෙන් අඩන ගමන් බිම වාඩි වෙලා sofa එකට හේත්තු වෙලා ඉන්න taehyung ගෙ දුක ඔයාලටත් තේරෙනවා ඇති. තමන් තමන්ටත් වඩා විශ්වාස කරන කෙනා තමන්ගෙ හිතේ පොඩිහරි කැමැත්තක් තිබ්බ කෙල්ල තමන්ව රැවට්ටුවා කිව්වාම තමන්ගෙ හතුරොත් එක්ක එකතු වෙලා කියලා දැනගත්තාම ඒක කොච්චර දුකක් ද ? 😔

_____________________________________

"Taehyung ඔයා ශක්තිමත් වෙන්න කෙල්ලෙක් නිසා මෙහෙම වැටෙන්න එපා . ඒත් අනේ ඇයි සෝහා මට එහෙම කලේ......?" එහෙම හිතන ගමන් මන් බැලුවෙ ඔරලෝසුව දිහා . උදේ තුනයි වෙලාව මේ වෙලාවෙ සෝල් හරම සීතලයි. මම සෝහාව එලියට දැම්මට එයා කොහොමද මේ සීතල ඉවසන්නෙ...ඒත් taehyung ඇයි ඔයා එයා ගැන හිතන්නෙ එයා ඔයාව රැවට්ටුවා . ඔයාට බෑ එයා ගැන තවත් හිතන්න.

____________________________________

කාලය ටිකෙන් ටික ගෙව්නා. Taehyung සෝහාව collage එකේදි හැමදාම මගහරින්න පටන් ගත්තා. ඒත් taehyung තාමත් සෝහට හිතෙන් ආදරේ කරනවා එයාට ඒක නවත්තන්න බෑ. ඒ වගේම සෝහත් taehyung ගෙ තරහා වීම ගැන ලොකු දුකකින් ඉන්නෙ. ඒත් එයාලා කව්රුත් ඒකට කියන නම ආදරේ කියලා දැනන් හිටියෙ නෑ.

" Taehyung මන් කියන දේ අහන්න මම ඔයාව රැවට්ටුවෙ නෑ මම එදා එතන වෙච්ච කිසිම දෙයක් දන්නෙ නෑ අනේ මාව විශ්වාස කරන්න 🥺" සෝහා ඔහොම කිය කිය taehyung ගාවට ගියත් taehyung හැමදාම තරහා අරගෙන සෝහාව මගහැරියා.

" මොකටද තමුසෙ මාත් එක්ක කතා කරන්නෙ තමුසෙව විශ්වාස කරපු එක තමා මම කරපු ලොකුම වැරැද්ද. " එයා ඔය වගේ දේවල් කියලා සෝහගෙ හිත රිද්දුවා. ඒත් මේ හැමදේම දිහා එක්කෙනෙක් බලන් ඉදන් සතුටු උනා.

[ guss කරන්න බලන්න කව්ද ඒ කියලා....................😜]

Soha pov

අනේ මන් කරපු වැරැද්ද මොකක්ද ඇයි එයා මට එහෙම කරන්නේ එයා ටික කාලයක් මාර හොද විදියට හිටියා හැමෝම එක්ක ඒත් මේ ප්‍රශ්නෙන් පස්සෙ එයා ආයෙමත් කලින් taehyung වෙලා. ඒත් මන් කොහොමද එයාට තේරුම් කරන්නෙ මම වැරදි නෑ කියලා............😔 මන් ගාව ශාක්ෂි නෑ ඒත් මම කොහොමහරි එයාට තේරුම් කරනවා මම වැරදි නෑ කියලා. ඔව් මට මේ වෙලාවෙ පොඩි රිස්ක් එකක් ගන්න වෙනවා නැත්නම් මට මේක කරන්න බෑ. මම Mr. Choi ලා කරන කියන දේවල් ගැන හොයලා බලන්න වෙනවා. මම කොහොමහරි එයාලගෙ රහස් හොයා ගන්නවා. මම taehyung ගෙ විශ්වාසෙ ආයෙත් ගන්නවා. මම එහෙම හිතාගෙන cafe එකට ගියේ හැම ප්‍රශ්නෙම හිතේ තදකරගෙන. Cafe එකේ වැඩ ඉවර වෙලා මම apartment එකට යන්නෙ නැතුව පොඩි ස්කාෆ් එකකින් මූනත් වහගෙන ගියේ එදා අපිව kidnap කරලා අරන් ගිය පරන building එක ගාවට. මම sure එකකින් ගියේ නැතත් හොරෙන් සැරේ ගියාට පස්සෙ මම දෑක්කා එයාලා කාවහරි බැදලා තියන් ඉන්නවා. මට එයාගෙ මූන නොපෙනුනත් එයා වයසෙ හැටියට අව්රුදු පනහක හැටක වගේ ගෑනු කෙනෙක්. ඒත් ඒ කව්ද ? මට එයාව දැකලා පුරුදුයි වගේනෙ.......මෙ.....මේ.........ඉන්..නෙ

[ මේ කව්ද කියලත් guss කරන් යන්න 🥲]

Taehyung pov

මම සෝහාගෙ apartment එක පැත්තෙන් ආවත් ඈතට පේන්න නම් කිසිම light එකක් තිබ්බෙ නෑ. ඒ කියන්නෙ එයා තාම apartment එකට ඇවිත් නැද්ද ? මම එහෙම හිතන් cafe එක පැත්තටත් ගියේ මගෙ හිත යන්න කියලා කියද්දිමයි. ඒත් ඒකත් වහලා තිබ්බෙ. කෝ මෙයා.......ආයිෂ් එක්කො මට මොකටද මන් මොකටද මාව රැවට්ටුව කෙල්ලෙක් ගැන හොයලා බලන්නෙ......😑 ඔතකොටම මට call එකක් ආවෙ Jk ගෙන්.

යෙබුසයෝ කුකියො

---------------------------------------------------

කොහෙටද එන්න ඕනෙ ?

---------------------------------------------------

අරස්සෝ

කුකියා එන්න කිව්ව නිසාම මම ඉක්මනට ගියේ වැදගත් දෙයක් කියන්න තියෙයි කිව්ව නිසාමයි . මම යද්දි ජිමිනත් ඇවිත් හිටියා .

" මචන් උබ CCTV records බැලුවද? "

කොහෙද ?

" උබේ ගෙදර ....."

" ඇයි එහෙම අහන්නෙ " මම එහෙම අහද්දිම ජිමිනා screen එක මගේ පැත්තට හැරෙව්වා.

" බලපන් බන් මෙකෙ මෙතනදි සෝහා කලුපාට ඇදන් ඉන්න මිනිහා පස්සෙන් යන්නෙ එයාව නවත්තගන්න. මේ බලහන් මේ pen එක වැටෙන්නෙ මේ මිනිහා අතින්. ඉතින් මේකෙන් පැහැදිලි වෙනවා සෝහා ඒක එතනින් අහුල ගත්තා කියලා..."

ඒත් ජිමිනා ඒක මෙහෙම වෙන්නත් පුලුවන් . සෝහා ඒ මිනිහා මේක කාටහරි දෙයි කියලා බය වෙලා ඒ මිනිහව නවත්තන්න හැදුවා වෙන්න පුලුවන් . නැත්නම් කොහොමද ඒ pen එකේ සෝහා ගැන තියෙන්නෙ ..එයා මට මේ pen එක ඒ මිනිහා දෙයි කියලා බය වෙලා ඒ මිනිහව නවත්තගන්න try කලා වෙන්න බැරිද ?

" ඒත් ටේ......"

ඒත් මේත් නෙමේ මාත් එක්ක ආයෙ එයා ගැන කතා කරන්න එපා. මම එහෙම කියලා යන්න හදද්දිම මට call එකක් ආවෙ company එකේ secretary ගෙන්.

" සර් මෙතන ලොකු කුමන්ත්‍රණයක් වෙලා. අපේ company එකට Choi company එකේ ඔත්තුකාරයෙක් ඇතුලු වෙලා. ඒ වගේම අපේ company එකේ websites වගේකුත් මේ වෙද්දි hack වෙන්න යන්නෙ. අනේ sir ඉක්මනට ඇවිත් මොනා හරි කරන්න....😰"

මො....මොකක්ද ? 😧

" Tae බන් මොකෝ වෙලා තියෙන්නෙ "

කිය කිය ඉන්න වෙලාවක් නැති නිසා කෙලිම්ම car එක අරන් අරුන් දෙන්නත් එක්කම මම office එකට යද්දිම මගෙ ඇගේ එක මනුස්සයෙක් හැප්පුනා . ඔව් ඌ වෙන්න ඕනෙ ඔත්තුකාරයා මොකද එයා ඇදන් හිටියෙ කලු පාටින් මුලු ඇගම වැහෙන්න. මම දුවලා ගිහින් ඌව අල්ලගෙන අදුරු කාමරේකට ඌත් එක්කම ඇතුලු උනේ වෙන දේ දැනගන්න ඕනෙ නිසා.

" කියනවා තමුසෙ කව්ද ? 🤨 " මම මගේ තරහා පිට කරන්නත් එක්කම හය්යෙන් කෑ ගහලා ඇහුවා . ඒත් අර මනුස්සයා මට නෝන්ඩියට වගේ හිනාවක් දාල අනිත් පැත්ත බලාගත්තා. ඔතකොටම මගේ order එක මත මගේ bodyguard ලා අර මිනිහගෙ පැත්තට guns දික් කලා.

" කියනවා තමුන් කව්ද ඒ වගේම මෙතන මොකක්ද වෙන්නෙ කියලා නැත්නම් මේවල තියෙන උණ්ඩ තමුසෙගෙ ඔලුව කුඩුකරයි. " මම එහෙම කියද්දි නම් ඒ මිනිහා චුට්ටක් විතර බය උනා. ඊට පස්සෙ ඌ කතා කරන්න පටන් ගත්තා.

" තමුසෙ හිතනවට වඩා අපේ Mr. Choi ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ තමුසෙලාට වඩා. මේ වෙනකොටත් තමුසෙගෙ අප්පයි Mr. Choi දෙන්නම එයාලගෙ වැඩේ ගානට කරගෙන යනවා. තමුසෙ මහ ගොනෙක් තමුසෙගෙ අවදානෙ මේ දවස් වල company එකට නැති උනේ මොකක් නිසාද............? සෝහා නිසා නේ 😏 ..................Mr. Choi උබේ point එක ගානට අදුරගත්තා. සෝහා කියන්නෙ නිකම්ම නිකන් ඉත්තෙක්. එදා තමුසෙගෙ ගෙදරට ඇවිත් ඒකි මාව අල්ලගන්න හැදුවා කියලා මහලොකු චණ්ඩිකමක් කලා කියලද හිතන්නෙ අහ්..........................නෑ ඒක තමුසෙලාගෙ මෝඩ කම. තමුසෙලා අහුවුනා. ඒක අපි හිතකමයි කලේ ඒ pen එක අපි හිතලමයි වට්ටලා ගියේ. ඒකෙ තිබ්බ දේවල් උබ විශ්වාස කලා. උබ ඒ ගැන විතරක් හිතුවා. එතකොට අපේ Mr. Choi උබේ company එක දැන් ටිකෙන් ටික අයිති කරගන්න ගමන් ඉන්නෙ. 😏 අනේ ඉතින් පව් උබයි අර කෙල්ලයි .............."

" යා.........මොකක් තමුසෙ මොනාද මේ කියවන්නෙ ? තමුසෙ සෝහාව මේ වැඩ වලට අල්ල ගන්න තරම්...........😠" මම තවත් මුකුත් නොකිය office එක ඇතුලට ගියේ තත්වය බලන්න. ඔව් මේ වෙද්දිත් company එකේ ඔක්කොම සල්ලි transfer වෙනවා වෙන account එකකට. අපි කාටවත් ඒක නතර කර ගන්න බෑ. මම එහෙම්ම වාඩිවුනේ මුකුත් කරගන්න බැරුව. ඔව් මන් මේ වෙලාවෙ අසරණයි.

" බන් කියහන් අර මිනිහා මොකක්ද කිව්වෙ.......?"

ඌ හැමදේම කිව්වා. මේ හැමදේම උන්ගෙ plans. උන් හිතලමයි කරලා තියෙන්නෙ මෙතන සෝහා මාව රවට්ටන්න තියා පොඩි හරි වැරැද්දක් වත් කරලා නෑ බන්......😔මන් ඉක්මනට ඉක්මනට වෙච්ච හැමදේම උන් දෙන්නට කිව්වා.

" ඒත් පොඩ්ඩක් ඉන්න උන් කියන විදිහට උන් සෝහාව අහුකරලා උබේ අවදානෙ වෙන පැත්තකට හැරෙව්වා කියන්නෙ දැන් ඒ වැඩේ ඉවර නිසා එයාලා සෝහාව.................."

ජිමිනා ඒ කියන්නෙ සෝහාගෙ ජීවිතේ අනතුරේ ද ? 😳 එයා apartment එකේ වත් cafe එකේවත් හිටියෙ නෑ ඒ...ඒ කියන්නෙ.....................

" Taehyung කොහෙද උබ යන්නෙ ඉන්න අපිත් එනවා....."

Soha pov

එතන බැදලා ඉන්න කෙනාව දැක්කාම මගේ ඇස් සතුටින් වගේම දුකෙනුත් පිරුනා. මට එයාව බේරගන්න ඕනෙ උනා.

" Mr. Choi එහෙනම් තව ටිකකින් ඔයාගෙ වැඩේ හරි . මට මගේ සම්පූර්ණ ගාන දෙන්න. " Taehyung ගෙ අප්පා එහෙම කියද්දි Mr. Choi එයාවත් එක්කගෙන එයාලගෙ සතුට සමරන්න ගියා.

" කට්ටිය හොදට අහගන්නවා මෙතන හොදට ආරක්ෂා කරනවා. කව්රු හරි මෙතනට ඇවිල්ලා මේ button එක click කරලා මේ Kim Company එක ආයෙත් එයාලට ගන්න පුලුවන් ඒකට එක තප්පරෙත් ඇති . ඒ නිසා හැමෝම හොද සිහියෙන් ඉන්නවා. " Mr . Choi එහෙම කිව්වාම මාව shock වෙනවා වගේ දැනුනා. අනික taehyung ගෙ අප්පා එයාගෙම company එක ..............ඒවගේම මෙයා මොන වගේ මනුස්සයෙක් ද.......මම මොනාහරි කරන්න ඕනෙ. මම කොහොමහරි මේක නවත්තනවා. ඒත් මොකක්ද කරන්නෙ..........🤔 මන් ඔතකොටම තමා දැක්කෙ මට අනිත් පැත්තෙන් taehyung එයාගෙ යාලුවො එක්ක building එකට ඇතුලු වෙනවා. ඒත් එයා මාව දැක්කෙ නෑ. මම හිමින් සැරේ එයා ගාවට ගියත් එයාට මාව අදුරගන්න බැරිවුනා මම ස්කාෆ් එකකින් මූන වහන් හිටපු නිසා. එයා මාව ඒ වේගෙටම විසික් කලා . ඒ සද්දෙට අර මනුස්සයෝ ටික අපේ පැත්තට දුවන් ආවා. මට ගොඩක් දුක හිතුනා taehyung එහෙම කලාම මොකද එයා මාත් එක්ක හුගක් කේන්තියෙන්නෙ හිටියෙ . වැටිච්ච පාරට ස්කාෆ් එක ගැලවුන නිසා මගේ මූන පෙනුනා. Taehyung මාව දැක්ක ගමන් එයාගෙ මූන වෙනස් උනා. එයා මාව නැගිට්ටුවේ හරියට මා එක්ක කිසි තරහක් නෑ වගේ . එයා මාව එයාගෙ පිටිපස්සට කරගෙන අර මිනිස්සුන්ට ගහන්න පටන් ගත්තා. ඒත් taehyung දැක්කෙ නෑ අතන හිටපු ගෑනු කෙනාව.මම හැන්ගි හැන්ගි ගිහින් එයාව ලිහන්න පටන් ගත්තා .

" නැගිටින්න මැඩම් අනේ නැගිටින්න. " මම එහෙම කියන ගමන් අමාරුවෙන් එයාව නැගිට්ටුවා විතරයි එතනට ආවෙ Mr . Choi.

" අහ් උබ ආවෙ මෙයාව බේරගන්න ද ?" ඇයි උබේ අනාගත.......අහ් නෑ අනාගතය මෙතනට ගෑවෙන්න බෑනෙ . අතන මිනිස්සුන්ගෙන් taehyung ට බේරෙන්න බෑ ඔතකොට මගෙන් තමුසෙලට බේරෙන්නත් බෑ. " Mr. Choi එහෙම කියන ගමන් අපේ දිහාවට gun එක හැරෙව්වා.

" අනේ please Mr. Choi මට වෙඩි තියන්න ඒත් මේ දරුවට යන්න දෙන්න. " මන් ගාවට වෙලා හිටපු මැඩම් එහෙම කියද්දි මගේ හිතේ හටගැනුනු දුක නිසාම මම අධිෂ්ඨාන කරගත්තා මගේ ජීවිතේ නැති කරගෙන හරි මම කොහොමහරි මැඩම් වයි Kim company එක යි බේරගන්නවා කියලා. ඒත් කොහොමද ? .......................මම ඔහොම හිතද්දිම මනුස්සයෝ දෙන්නෙක් ඇවිත් අපිව අල්ලගත්තා.

" හැබැයි මට මෙහෙමත් හිතෙනවා...මෙච්චර ලස්සන කෙල්ලෙක්ව මරන්න මගේ හිත කියන්නෙ නෑ නෑ වගේනෙ. " එහෙම කියන ගමන් Mr. Choi මන් ගාවට ලන් උනේ මගේ මුලු ඇගම සීතල වීගෙන යද්දි .

" Choi ඒ ලමයගෙන් ඈත් වෙනවා තමුසෙ මහ............" ඒ මැඩම් එහෙම කියලා කෑ ගැහුවත් වැඩක් උනේ නෑ . Mr. Choi මන් දිහාවට හෙමින් හෙමින් ලන් උනා. එයා එන්න එන්නම මගේ මූනට ලන් වෙද්දිම taehyung එතනට කෑ ගහගෙන දුවගෙන ආවා.

" අහ් තමුසෙ විතරයි අඩුවට හිටියෙ එහෙනම් හැමෝම එකපාර මැරෙමු." Mr. Choi එහෙම කියන ගමන් එහාට වෙද්දි තමා taehyung මන් ලග හිටපු කෙනාව දැක්කෙ. ඔව් එයා හුගක් පුදුම වෙලා හිටියෙ . එයාගෙ ඇස්වලට කදුලු ආවා. ඒ වගේම මැඩමුත් එයාගෙ එකම පුතා දිහා කදුලු පිරිච්ච ඇස් වලින් බලන් ඉන්නවා.

(A/N -: ඔය ඇස් කතා කරනවා ........😂😂😂 සොරි guys මේ ඕතරීට සීරියස් ලියන්න බෑ හිනා යනවා හරි හරි ආයෙත් සීරියස් වෙමු.......🥲)

ඔව් එතන හිටියෙ taehyung ගෙ ඔම්මා. හැමෝම හිතුවෙ එයා මේ ලෝකෙ නෑ කියලා.ඒත් එයා ඉන්නවා මාත් දැක්ක වෙලාවෙ ඒක දරාගත්තෙ ගොඩක් ලොකු සතුටකින් වගේම දුකකින්. ඔතකොටම එතනට ආපු bodyguard කෙනෙක් taehyung ට අනින්නයි හැදුවෙ............

" Taehyung .........." මම එහෙම කෑ ගහද්දිම taehyung එයාගෙ ඔම්මා දිහා බලාගෙනම පිහිය අතින් ඇල්ලුවා පිහිය දිගේ taehyung ගෙ ලේ ගලාගෙන ගියා එත් එයා තාමත් එයාගෙ ඔම්මා දිහා බලාගෙන. ඔතකොටම Mr. Choi මාව හය්යෙන් ඇදලා එයා ගාවට ගත්තා.

" එයාව අතාරිනවා තිරිසනෝ " Taehyung ඔම්මගෙ අවදානයෙන් මිදුනෙ ඒ වෙලාවෙ.

" oh oh Mr. Kim Taehyung ඔයා මොනාද හිතන්නෙ මම මෙයාව අතාරී කියලද ඔයාලා දැන් අසරණයි. "

" Mr. Choi ඔයා තමා මෙතන දැන් අසරණ " එහෙම කියාගෙන එතනට ආවෙ Jk යි ජිමිනයි මීශා එක්ක. එයාලා මීශාගෙ ඔලුවට gun එකක් තියාගෙනමයි ආවෙ.

" ඒයි මගේ දුවව අතාරිනවා......" Mr. Choi තරහින් කෑ ගැහුවා.

" හෙල්ලෙන්න එපා ඒම උනොත් උබේ දුවගෙ අවසන් කටයුතු තමා 😏" ජන්ග්කුක් එහෙම කියන ගමන් එතන තිබ්බ lap එකෙන් company එකේ හැක් කරපු websites ඔක්කොම වගේ හදලා ආයෙත් company එක යථාතත්වයට හැරෙව්වා.

" තමුසෙලා මොනා කලත් මම ඔය company එක අරගන්නවමයි..."

" හීනෙන් තමා...😏 " taehyung එහෙම කියද්දි Mr. Choi එයා දිහා රවලා බැලුවා . ඒත් එක්කම ජිමින් අර ලැප් එකට වෙඩි තියාගෙන තියාගෙන ගියා.ඒ අතරෙදි මීශා එතනින් පැනගත්තා විතරයි Mr . Choi එයාවත් ඇදන් එලියට දිව්වා. එයාව අල්ල ගන්න හැදුවත් එයා අපිට වඩා ගොඩක් දුරින් හිටියෙ . ඔතකොටම taehyung දුවන් ආවෙ එයාගෙ ඔම්මා ගාවට.

" ඔ....ඔම්මා ඔ..ඔයා මාව දාලා ගියේ නැද්ද?....🥺 ඔතකොට doctors ලා ඇයි මට බොරු කිව්වෙ? 🥺"

"Mr. Choi ලා එයාලට එහෙම කියන්න කියලා බල කරලා පුතා. ඔයා හුගක් ලොකු වෙලා ඒ වගේම දැන් හැන්ඩියා වෙලා " taehyung ගෙ ඔම්මා එහෙම කියද්දි මම මගේ හිනාව පාලනය කර ගත්තෙ බොහොම අමාරුවෙන් .

" ඒත් ඔම්මා අප්පා.............. ඇයි එයා ඔයාට එහෙම කරන්නෙ.....එයාට එයාගෙ පලවෙනි wife ට එහෙම කරන්න පුලුවන්ද සල්ලි වෙනුවෙන්...."

" එයා කවද්ද පුතේ මට ආදරේ කලේ......................😔"

" යා........ඔය මිනිහා.......ඔම්මට කව්රු නැතත් මන් ඉන්නවා නේ අපි යමු ඔම්මා ගෙදර " taehyung එහෙම කිව්වට පස්සෙ Mrs. Kim මන් දිහා බැලුවා.

" දුව කව්ද ? ඔයා හුගක් හොද කෙනෙක් පුතේ මගෙ taehyung ව හැමදාම මම නැතත් බලාගන්න පුතේ. මට පොරොන්දු වෙන්න. " taehyung ගෙ ඔම්මා එහෙම කියද්දි මාව අන්දුම්කුන්දුම් උනා. ඇයි දෙය්යනේ එයා මොකක්ද ඒකෙන් අදහස් කලේ.....🙄

අනේ මැඩම් එහෙම කියන්න එපා ඔයා හැමදාමත් taehyung එක්ක ඉන්නවා.

" මැඩම් නෙමේ ඔම්මා කියන්න " Taehyung ගෙ ඔම්මා එහෙම කියද්දි මට ඇත්තටම සතුටු හිතුනා මොකද මට මගේ කටින් ඔම්මා කියන්න මගේ ඔම්මා හිටියෙ නෑ. 😔 ඒ වගේම taehyung ගෙ ඔම්මා ගොඩක් හොදයි. පුතාටත් ඔය හොදෙන් පොඩ්ඩක් හරි ගෑවිලා තිබ්බා නම්.......💔 ඊට පස්සෙ ජන්ග්කුක් taehyung ගෙ ඔම්මවත් එක්කන් car එක ලගට ගියා. අපි හැමෝමත් පිටිපස්සෙන් ගියා.

" ඒයි පණ්ඩිත කෙල්ල කියනවා මොකටද මෙච්චර අවදානම් වැඩක් කලේ කියලා.........."

" මොකද කතා නැත්තෙ කියනවා.......මියන්හේ සෝහා මම හැමදේම දැනගත්තා මියන්හේ ඔයාට බැන්නට ඔයා මට සමාව දෙනවද ? "

ඒ කියන්නෙ taehyung ඇත්ත දැනගෙන.

අහ් ඒකට කමක් නෑ taehyung .🙂

" මතකයිනෙ ඔම්මා කිව්ව එක ජීවිත කාලෙටම මාව බලාගන්න වෙයි ඔය මැඩම්ට.......😉" taehyung මගෙ කනට ලන් වෙලා එහෙම කියලා ඉස්සරහට ගියේ මාව ශොක් කරලා.. මොකක්ද එයා ඒ කිව්ව එකේ තේරුම.......😐

Car එකට නගින්න කලින් කට්ටියම හිනාවෙවී ටිකක් එලියට වෙලා හිටියා. ඔතකොටම මගෙ ඇග සුදුමැලි උනේ මට පෙනුන දේ නිසා. ඔව් Mr. Choi , taehyung ට gun එක shoot කලා හැන්ගිලා ඉදන්. කව්රුත් ඒක දැක්කෙ නෑ. කරන්න කියලා ඔලුවට ආව එකම දෙයයි. ඔව් මන් මැද්දට පැන්නා.





















Hello guys මොකද උනේ ඒ......😐

ඕතරී අහිම්ෂකයි.....🥲

මේ දිග වැඩිද අප්පා............ඉක්මනට ඉවර කරන්න ඕනෙ අප්පා ඒකයි දිගට ලියන්නෙ.............ඔයාලට කියවන්න කම්මැලී වගේ නම් කියන්න හොදේ.....🙂

අහ් තව එකක් දැන් සෝහා අර බැදලා ඉන්නවා දැක්කෙ taehyung ගෙ ඔම්මව නේ ......ඔතකොට අර සෝහයි taehyung යි රණ්ඩු වෙද්දි සතුටින් බලන් හිටපු දුෂ්ටයා කව්ද.... guss කරන් යන්න කස්ටිය ........................🥲💔

Happy new year guys 🌄🌄🌄

Continue Reading

You'll Also Like

1.3M 58.2K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
5.6K 954 14
බොරුවට ආදරෙයි වගේ රගපාලා ඇන්ඩිව මරන්න හදන ජන්කුක්.... ඒ වෙලාවේ ඇන්ඩිව බේරගන්න ටේ... පස්සේ ජන්කුක් ඇත්තටම ඇන්ඩිට ආදරේ කරනවා කිව්වාම එයා පිලිගනීද? ඇන්ඩ...
3.1K 424 17
She's going to get her revenge through someone else.... read & enjoy it... Girl x Boy love Story by Se_Ha & Ayuu Cover credit goes to Ayuu ⚉ started...
213K 4.5K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...