After 5 months...
යූරගෙ හාට් එකට ගැළපෙන හාට් එකක් තාම හම්බුණේ නෑ. තව මාසයක් ඇතුළත මේ ඔපරේශන් එක කළේ නැත්තම් යූරගෙ ජීවිතේ ගැන බලාපොරොත්තු තියා ගන්න එපා කියලයි ඩොක්ටර්ස්ලා කිව්වෙ.
දැන් යූරා දුර්වලයි. එයාට ගොඩක් මහන්සි වෙන්න බෑ. ටේ, ජිමින්, ජන්කුක්, Mr.kim, Mrs.kim, මිරාන් මේ හැමෝම පුළුවන් තරම් උත්සහ කළේ යූරව සතුටෙන් තියන්න.
හැමෝම යූරා ඉස්සරහ හිනාවෙලා කවුරුත්ම නැති තැනකට ගිහින් හිතේ තිබුණ දුක පිට කළා.
ඒ මාසත් සති දෙකක්ම ගෙවිලා ගියේ ඔය විදිහට.
යූරගෙ හොස්පිටල් බෙඩ් එකේ ඉදගෙන යූරගෙ අත අල්ලන් හිටියෙ වෙන කවුරුත් නෙමේ කෙල්ලගෙ ඔප්පා... ටේහියුන්ග්.
Mr.kim, Mrs.kim දෙන්නත් හිටියා.
එවෙලෙම රූම් එකේ දොර ඇරගෙන ඇතුළට ආවෙ ඩොක්ටර්.
👩⚕-"සුභ ආරංචියක් තියෙනවා... මිස් යූරට ගැළපෙන හාට් එකක් අපිට හම්බුණා..."
Mr.kim - "මොකක් ?? ඇ..ඇත්තමද ඩොක්ටර් ??ඒ.. ඒ කියන්නෙ මගේ දුවට තව ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙනවා.. එහෙමනේද ??"
👩⚕-"ඔව් Mr.kim"
Mrs.kim - "අපිට.. අපිට දැන ගන්න පුළුවන්ද එයා කවුද කියල ??"
👩⚕-"I'm sorry.. එයා අපෙන් ඉල්ලීමක් කළා ඔපරේශන් එක ඉවර වෙනකන් ඒ ගැන කාටවත් දැන ගන්න තියන්න එපා කියලා."
...........
👩⚕-"එහෙනම් ?? අනිද්දා උදේ නවය වෙද්දි ලෑස්ති වෙලා ඉන්න ඔපරේශන් එකට"
Mr.kim -"දේ ඩොක්ටර්."
ඩොක්ටර් එහෙම කියල එළියට ගියා.
🐯-"ඇහුණද යූරා ?? ඇහුණද ඔයාට ඒක ?? ඔයාට තව කාලයක් ජීවත් වෙන්න පුළුවන්.. ඔයාගෙ ජීවිතේට අලුත් බලාපොරොත්තුවක් හම්බුණා.. මගෙ මැණිකගෙ ජීවිතේට අලුත් බලාපොරොත්තුවක්... ඔප්පට සතුටුයි මැණික.. ගොඩාක් සතුටුයි."
ටේහියුන්ග් තමන් අල්ලගෙන හිටපු යූරගෙ අත අරගෙන කිස් එකක් දුන්නා... ටේගෙ ඇස් දෙකෙන් නොනවත්වාම කදුළු එනවා.
🙍-"ඔප්පා....."
කෙල්ලත් ටේහියුන්ගෙ පපුවට තුරුළු වෙලා අඩන්න ගත්තෙ තමනට ජීවත් වෙන්න අලුත් බලාපොරොත්තුවක් හම්බුණ එකේ සතුටට...
Operation Day
🐯- "යූරා අහන්න.. මන් දන්නවා මගෙ මැණික ගොඩක් ශක්තිමත් කියලා. ඒ නිසා බය වෙන්න එපා හොදද ? ඔයාට අනිවාර්‍යෙන් හොද වෙනවමයි. හැමදාම මන් ඔයත් එක්ක ඉන්නවා හරිද ? සරන්ග්හේ මැණික..."
ටේහියුන්ග් එහෙම කියලා යූරගෙ නළල සිපගෙන යූරව තමන්ගෙ පපුවට තුරුළු කර ගත්තෙ කියා ගන්න බැරි සහෝදර ප්‍රේමෙකින්..
👩⚕- "මිස් යූරා තව විනාඩි පහකින් ඔයාව ඇතුළට ගන්නවා. Ready වෙන්න."
ටේ ඔළුව වනලා ආයෙමත් යූරා දිහාවට හැරෙද්දි ඇස් කොණෙන් දැක්කෙ රූම් එකේ දොර ගාව හොර ගල් අහුල අහුල ඉන්න ජන්කුක්ව.
🐯-"අන්න... හොර හාවෙක් හොරගල් අහුලනවා.😂"
ටේ ඇස් දෙකෙන් ජන්කුක්ව පෙන්නලා කියද්දි යූරටත් හිනා ගියේ ජන්කුක් තොල හපාගෙන ඇගිලිත් මිරික මිරික දොර ගාවින් එහාට මෙහාට යන හැටි දැකලා. ඒ අතරෙ සැරෙන් සැරේ හොරෙන් යූරලා දිහා බලන්නත් කොල්ලා අමතක කළේ නැ.
🐯-"එහෙනම්.. මන් යනවා... පරිස්සමෙන් මැණික.... ආදරෙයි."
ටේ තව පාරක් කෙල්ලගෙ නළලෙන් හාදුවක් තියලා කාමරෙන් එළියට ගියා.
🐯-"ආ කුක්කො.... මොකො මෙතන ආ ?"
🐰-"ආ-ම්-මේ ම-මන්...."
🐯-"හරි හරි ඕන්නෑ😂 යන්න ඇතුළට දැන්...."
🐰-"හියුන්ග් 😳"
🐯-"මොකද ? දැන් යන්න ඕනෙ නැද්ද ?"
🐰-"ආ.. න්-නෑ..."
🐯-"ජන්කුක්....."
🐰-"ඕ හියුන්ග්..."
🐯-"යූරව පරිස්සම් කරපන්... එයාට කිසිම දුකක් දෙන්න එපා. ම-මට මට උබව විශ්වාස කරන්න පුළුවන් නේද ?"
🐰-"හ්-හියුන්ග් 😳"
🐯-"කියන්න.. මට ඔයාව විශ්වාස කරන්න පුළුවන් නේද ?"
🐰-"ඕ.. ඕ හියුන්ග්..."
🐯-"හරි එහෙනම්... දැන් යන්න ඇතුළට එයා බලාගෙන ඇති."
🐰-"යූරා...."
🙍-"ජංකුක්..."
🐰-"ශක්තිමත් වෙන්න.. බය වෙන්න එපා හොදද ?"
කෙල්ල ඔළුව වැනුවත් කෙල්ලගෙ හිත ඇතුළෙ චූටි බයක් නොතිබ්බම නෙමෙයි.
👩⚕-"මිස් යූරා.. දැන් වෙලාව හරි."
ජන්කුක් හරි පරිස්සමට යූරගෙ රෝස පාට වෙලා තිබ්බ කම්මුල් දෙක සිප ගත්තා.
🐰-"බය වෙන්න එපා...."
Mrs kim -"කො ටේ ?"
🐥-"ආ... ආන්ටි මේ- මේ එයාට ඔෆිස් එකෙන් එන්න කියල තිබ්බා හදිස්සි වැඩකට..."
Mrs.kim -"ආහ් එහෙමද ? එහෙනම් ඉක්මනට එයිනෙ.."
After 3 hours
පැය තුනක් තිස්සෙ ජන්කුක්, ජිමින්, mrs.kim, mr.kim, මිරාන් operation theater එක ගාව ඉන්නෙ සුභ ආරංචියක් බලාපොරොත්තුවෙන්.
ඒත් එක්කම වගේ theater එකේ දොර ඇරගෙන එළියට ආවෙ යූරගෙ ඔපරේශන් එක කරපු ඩොක්ටර්
Mr.kim- "ඩොක්ටර් කොහොමද මගේ දරුවට ?"
👩⚕-"operation එක සාර්ථකයි. තව පැයකින් එයාව නෝමල් රූම් එකට දානවා. එතකොට එයාව බලන්න පුළුවන් ඔයාලට."
Mr.kim -"God! තැන්ක් යූ ඩොක්ටර්..."
After 1 hour
Yoora P.O.V.
ඔළුවෙන් ආපු රිදිල්ලකුත් එක්ක මන් අමාරුවෙන් ඇස් ඇරියා. මුලින්ම බොද වෙලා පෙණුනත් ටිකක් වෙලා යනකොට පැහැදිලිව පේන්න ගත්තා.
මට දැනෙනවා මගේ අත කවුරුහරි අල්ලගෙන ඉන්නවා. මන් ඒ කෙනා දිහා බැලුවා. ඔව් ඒ ජන්කුක්... එයා මගේ අත අල්ලගෙනම මගේ හොස්පිටල් බෙඩ් එක උඩ ඔළුව තියාගෙන ඉන්නවා.
ඒත් එයා මොකද මෙතන ? ඔම්මල, අප්පලා නැද්ද මෙතන ?
මන් පොඩ්ඩක් ඔළුව උස්සලා බැලුවෙ ඔම්මලා රූම් එකේ ඉන්නවද කියලා බලන්න.
ඔව් ඔම්මයි අප්පයි විතරක් නෙමේ ජිමින් ඔප්පා, මිරාන් මේ හැමෝම ඉන්නවා.
👩-"ආහ්....ම්ම්ම්..."
මන් නැගිටින්න හැදුවත් ඇගට දැනුනු ලොකු අමාරුවත් එක්ක මට කෙදිරි ගෑවුණා.
🐰-"යූරා..."
එතකොටම ජන්කුක් මගේ උරහිස්සෙන් අල්ලලා මාව කෙළින් කරවලා ඉන්දෙව්වා.
රූම් එක වටේ හිටපු හැමෝම මගේ බෙඩ් එක වටේ පිරෙද්දි මන් දැනගත්තා මන් එයාලගෙ අවධානෙ අරන් ඉවරයි කියලා.
මන් හැමෝගෙම මූණු දිහා බැලුවෙ එයාලගෙන් හිනාවක් දකින්න. ඒත් ඒ මූණු ඔක්කොම මැළවිලා. මිරාන් විතරක් මන් දිහා බලලා ලාවට හිනා උනා...
ඒත් ඒත් ඒක මවාගත්ත හිනාවක්......
ඇයි හැමෝම දුකෙන් ??
__________________________________________________________
මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා පරක්කු උන එකට...
ඇත්තටම ගොඩක් පරක්කු උනා...
සමාවෙන්න ඒකට....
I'm really really sorry !!!!!!!
කමෙන්ට් කරන් වෝට් කරන් යන්න හරිද ☺️
වෝට් නොකළත් කමෙන්ට් එකක් දාගෙන යන්න... ❤️