🍁 The Princes 🍁 (On Hold Sl...

Oleh Kim_seok_sheruu

3.4K 491 201

හායි guys ...☺️☺️ Zhanyi & Yizhan 💗 මේ කතාවේ zhanyi & yizhan දෙකම mix කරලා ලියන එකක්..🙂🙂❤️❤️❤️ මේ කතාව නිව... Lebih Banyak

The Princes Intro 🙂
A Message 🤐🖤
A Meet 🍁💗
Gusu Lan 💙
🤐Suddenly.🤧
Good Thing..???😅❤️
Oh god..🥺💔
A/N
" The Princes 8🍁 "
Still...???😐💔
Good & Crazy Things..😂😲💗
A/N
The Princes 11🍁

🍁 Brothers ❤️

327 43 13
Oleh Kim_seok_sheruu

💚..හායි ...ඔන්න මම මගේ දෙවෙනි ff එකේ පලවෙනි කොටස දෙනවා...🍁
.
.
.
"වෙයි යින්ග් ...ශි යින්ග් ...කෝ ඔයාලා මම ඔයාලට සුප් හැදුවා...කෝ ඔයාල....එන්නකෝ..."ඒ තමයි එයාලගේ ආදරණිය අම්මා ..එයාලට සුප් හදලා යූ මැඩම් එයාලව හැම තැනම හොයනවා...

ඒ දෙන්නා හිතුන හිතුන වෙලාවට හැමදාම මේ වගේ අතුරුදහන් වෙනවා..එයාලා යන්නේ එයාලගේ නගරේ මොකද වෙන්නේ කියලා බලන්න...මොකද ඒ දෙන්නට ඕනේ ඒ නගරේ ඉන්න අයට උදව් කරන්න., එයාල එක්ක කතා කරන්න,නගරේ විස්තර දැන ගන්න...ඒ නගරෙ අයත් මේ දෙන්නට හරිම ආදරෙයි...මොකද මේ දෙන්නා හරිම හොදයි ඒ වගේම දග පැටව් දෙන්නෙක් හින්දා...ඒත් නගරෙ කාටවත් මේ දෙන්නව පැටලුනෙ නෑ නිවුන්නු වුනත්...මොකද ඒ දෙන්නා හරිම වෙනස් විදිහට අදින්නෙ පළදින්නෙ...😅😅☺️☺️💗💗

(ශී යින්ග් 💙)



( වෙයි යින්ග් 🖤)

ඒ දෙන්නා එකට නගරෙට ගියාට ,එන්නේ හැමදාම මොකක් හරි ප්‍රශ්නයක් දාගෙන ..😅😅එච්චර ලොකු ප්‍රශ්න නෙවේ..ප්‍රශ්නේ පටන් ගන්නේ වෙයි යින්ග් ...එයා තමයි හැමදාම එයාගේ අයියිට විහිළු කරන්නේ...එදත් වෙයි යින්ග් ශි යින්ග්ට විහිළුවක් කළා....

ශී පූසන්ට පුදුම බයක් තියෙන්නේ....එදා වෙයි යින්ග් " ශි...ඔන්න ඔයාගේ පිටි පස්සේ පුසෙක් ඉන්නවා....බලාගෙන හෙල්ලෙන්නවත් එපා..." වෙයි යින්ග් එයාගේ අයියට ආදරේට කියන්නේ 'ශි 'කියලා..එතකොට ශි යින්ග් වෙයි යින්ග්ට කියන්නේ වුෂ්‍යන් කියලා....ශි යින්ග්ට 'ශි' කියනවට ශි යින්ග්නම් කැමති නෑ ..මොකද එයාට එහෙම කියද්දී එයාට ලැජ්ජයි වගේ..
"වුෂ්‍යන් ඔයා ඔය කියන්නේ ඇත්ත නේද.? අනේ කියන්නකෝ.." ශී හොදටම බය වුනා... වෙයි යින්ග් ශීගෙන් ටිකක් ඈතට ගිහින් " හා..හා...ඇත්තටම ඔතන පූසෙක් නෑ අනේ..මම නිකමට වගේ කිව්වේ ඉතින්.."වුෂ්‍යන් එහෙම කියල දුවන්න ගත්තා..මොකද ශීට හොදටම තරහගිහින් හින්දා..."වෙයි වුෂ්‍යන් ඔහොම ඉන්නවා....අද මම තමුන්ට...."එයා එහෙම කියාගෙන වුෂ්‍යන් පස්සෙන් දිව්වා...දෙන්නා දිව්ව පාරට ඒ දෙන්නා ගෙදරටම දිව්වා...ශීට වුෂ්‍යන්ව ගෙදරට යනකන්ම අල්ලගන්න බැරිවුනා....හිතාගන්නකො ඉතින් ඒ දෙන්නගෙ සහෝදර බැදීම..😅✋

වුෂ්‍යන් එකපාරට ගිහින් ඒ දෙන්නව හොයා හොයා හිටිය එයාගේ අම්මගේ පිටි පස්සේ හැන්ගුනා ...
"හා..හා....මොකද මේ වුෂ්‍යන්...කෝ ශි..අදත් එයා ඔයාගේ පස්සෙන් ගහන්න එනවද..??" යූ මැඩම් පොඩි හිනාවක් දාන ගමන් කිව්වා...
"අපො නෑ අම්මේ..." වුෂ්‍යන් කපටි හිනාවක් දාගෙන යූ මැඩම්ගෙ පිටිපස්සෙන් එළියට ආවා..එයා මවා පාන්න හැදුවේ එයා අද මුකුත් කලේ නෑ කියලා......වුෂ්‍යන් ශි එනවා දැකලා ආයෙමත් යූ මැඩම්ගේ පිටිපස්සට ගිහින් හැඟුනා...
"අම්මා...කෝ වුෂ්‍යන් .??එයා අදත් මට විහිළු කළා...." ශි කිව්වේ මාර තරහකින්....ඒ වුනාට එයා වුෂ්‍යන්ට ගොඩක් ආදරෙයි...

"හරි..හරි..දැන් ඇති...එන්න මම ඔයාලා ආසම නෙලුම් සුප් එක හැදුවා...එන්නකෝ...බීලා බලන්නකෝ මගේ පණ්ඩිතයෝ දෙන්නා..."එතකොටම යූ මැඩම්ගේ පිටිපස්සෙ හැන්ගිලා හිටිය වුෂ්‍යන් එළියට පැන්නා...
"ආ....වුෂ්‍යන් ...ඔහොම ඉන්නවා.." ශී එකපාරටම වුෂ්‍යන්ව අල්ලගන්න හැදුවත් යූ මැඩම් ඒ දෙන්නගෙ රණ්ඩුව නැවැත්තුවා..
"හරි...හරි...ඔය ඇති...එන්න..අපි ඉස්සල්ලම මේක බීලා ඉමු.."යූ මැඩම් එහෙමකිව්වේ ඒ දෙන්නගේ ඔලුව අත ගාන ගමන්...එයාට හොද ඒවගේම හොද නුවණක්කාර පුතාලා දෙන්නෙක් ඉන්න එකට එයාටනම් ගොඩක් සතුටියි...

"ම්ම්ම්....වොව්... මාරම රහයි අම්මේ...ඒ රහනම්....ඒ සුප් එක ඔයාට වඩා හොදට හදන්න මෙහෙ ඉන්න කාටවත් බෑ .." වෙයි යින්ග් කිව්වේ හුරතල් හිනාවක් එක්කමයි...ඒ වුනාට ශී එහෙම කියන්න ගියේ නෑ ..එයා දැන්ම ඉදන් හොද නායකයෙක් වෙන්න උත්සහ කරනවා...එයා ටිකක් එකවිදිහකට ඉන්නේ...මොනවා උනත් එයටත් ඒ සුප් එක මාර රහයි....

.............Time Passed .......

එයාලා සුප් බීලා ඉවර වෙලා එලියට ආවා ..
"සොරි ඉතින් ශී ..මම විහිලුවක්නෙ කලේ අනේ....." වුෂ්‍යන් ශීගේ කරට අත දාන ගමන් කිව්වා..ඒත් ශී එයාව ගනන් ගත්තේ නෑ ...මොකද එයාට වුෂ්‍යන් එක්ක මාර තරහක් ආව හින්දා...
ඒ දෙන්නා කාමරයට යන්න හදද්දි ඒ දෙන්නට ලෝටස් කුටියට එන්න කියලා තාත්තා පණිවිඩයක් එවලා තිබ්බා...ඒ නිසා ඒ දෙන්නා ඉක්මනට දුවලා ගියා..

Wei wuxian's Pov

"තාත්තේ..ඔයා අපි දෙන්නට කතා කලාද ??? හදිස්සියක්ද තාත්තේ..." ශී තාත්තාගෙන් අහද්දී මමත් ඒ ප්‍රශ්නෙට තාත්තා උත්තර දෙනකන් බලන් හිටියා..
"අහ්හ්හ්..ඔය දෙන්නා ආවද..?? කොහොමද නගරෙ වැඩ කටයුතු?? මම දන්නවා ඔය දෙන්නා ගියෙ නගරෙට කියලා......."තාත්තා එහෙම කියද්දි අපි දෙන්නා ගැස්සුනා...තාත්තා අපි දිහා බලද්දි අපි බිම බලා ගත්තා...

"හරිි...හරි..ඒ ගැන කතා කරන්න නෙවෙ එන්න් කිව්වේ.." තාත්තා කතා කරපු විදිහෙන් තේරුනා කියන්න යන්නෙ හොද දෙයක් කියලා..ඒත් මම හොද විදිහට හිතුවට ශී හිතුවෙ ඒකෙ අනිත් පැත්ත..
"මොකක් හරි ප්රාශ්නයක්ද තාත්තෙ??" එයානම් ටිකක් බය වෙලා..
" බය වෙන්න් දෙයක් නෑ ශී යින්ග්..." තාත්තා කාරණය කියන්න පටන් ගත්තා....
.
.
.
.
.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
.
.
.
.

ඔයාලා හිතන්නෙ ෆෙන්ගියන් (මේ දෙන්නගෙ තාත්තා) මේ දෙන්නට මොනවා කියයිද..???? 🤐🤐🤐🤐
.
.
ඔයාලට හිතෙන දේ පහළින් comment එකක් හැටියට දාන්න..🤗🤗🙂🙂💗💗
.
.
මේ කොටසෙනම් චුට්ටයි තියෙන්නෙ...සොරී...අනිත් ඒවා දිගට දෙන්නම්....☺️☺️
.
.
.
Sorry for typing mistakes..🤐🥺💔
.
.
.
Next Part Coming Soon 🔜🔜☺️☺️
❤️❤️

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

37.2K 69 16
just some of my horny thoughts;) men dni
96.2K 1.3K 48
𝐈𝐭𝐬 𝐭𝐡𝐞 𝐟𝐢𝐫𝐬𝐭 𝐝𝐚𝐲 𝐛𝐚𝐜𝐤 𝐭𝐨 𝐬𝐜𝐡𝐨𝐨𝐥 , 𝐀𝐚𝐥𝐢𝐲𝐚𝐡 𝐢𝐬 𝐧𝐨𝐰 𝐢𝐧 𝟏𝟎𝐭𝐡 𝐠𝐫𝐚𝐝𝐞, 𝐰𝐡𝐢𝐥𝐞 𝐬𝐡𝐞𝐬 𝐭𝐡𝐞𝐫𝐞 𝐬𝐡...
30.1K 562 76
In which Kim Saena is in a groupchat with a bunch of idiots Or In which Bangchan finds himself inside a groupchat with a bunch of delusional fans ~~★...