o⊙ -අභිමෙවන් -⊙o

נכתב על ידי Bulbz_D

26.3K 3.9K 2.2K

𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL _- _ රුහිරු නැවතුමට රුහිරු සොලවන අභිරූ _-_ 1988 - 89 කාලයේ ඇති වූ ජවිපේ භීෂණය හා... עוד

囧- පළමු වෙඩිල්ල -囧
囧- දෙවන වෙඩිල්ල -囧
囧- තෙවන වෙඩිල්ල -囧
囧- සිව්වන වෙඩිල්ල -囧
囧- පස්වන වෙඩිල්ල -囧
囧- හයවන වෙඩිල්ල -囧
囧- හත්වන වෙඩිල්ල -囧
囧- අටවන වෙඩිල්ල -囧
囧- නමවන වෙඩිල්ල -囧
囧- දසවන වෙඩිල්ල -囧
囧- එකළොස්වන වෙඩිල්ල -囧
囧- දොළොස්වන වෙඩිල්ල -囧
囧- දහතුන්වන වෙඩිල්ල -囧
囧- දාහතරවන වෙඩිල්ල -囧
囧- අවසන් වෙඩිල්ල -囧
_අනේ මල්ලියේ මගේ නාඩන්_
- ~ - ~ -
~ 00 ~

A/N

916 156 79
נכתב על ידי Bulbz_D

අභිමෙවන්....

ඉක්මනට ඉවර උනා තමා ඒත් මං කිවිය යුතු ගොඩක් දේවල් කියන්න උත්සහ කළා...

දේවන්තට එයාගේ ජීවිතේ සැනසීමක් ලැබුනේ නැහැ.. මෙවන්ගේ අන්තිම මොහොත ඒ තරම් දරුණුයි. ඒත් ඒ කාලේ කතා ඇත්ත...

කතාව දෝලනය උනේ 88/89 භීෂණ කාලයත් එක්ක.. කිසිම දේශපාලන පක්ෂයකට අර ඇදීමක් නම් නැහැ මේ කතාවේ.. ඒත් හැම පක්ෂයකටම මං කිවිය යුතු දේ නොකිව්වා කියලා මං හිතන්නෑ. මං කිව්වා... රට පාලනය කරන මිනිස්සු දැනගන්න ඕන , එයාලට අමතක උන දේවල් , ඒ උදවියට ජන්දේ දෙන අයට අමතක උණ දේවල් මං කිව්වා...

( උපුටා ගන්නා ඡායාරූප අන්තර්ජාලයෙනි )


ඔය තියෙන්නේ ටයර් සෑයක්... ඕවාල පිච්චුනේ මේ කුණු එහෙම නෙවේ... අපේ රටේ හුස්ම ගත්තු කොල්ලෝ - කෙල්ලෝ... සමාජවාදයට කියලා රැවටිලා ජීවිතේ විනාස උන අය..

හමුදාව - සාමාන්‍ය කොල්ලෝ දෙගොල්ලොම සමානව මැරුනා... වැඩිපුරම කොල්ලෝ මැරුනේ.. අදටත් ලංකාවේ ජනගහනයෙන් 54%ක් ගෑනු අය වෙන්න හේතුව මේ යුද්ධ කාලේ , 88/ 89 කාලේ වුණ මරණ... හිතලා බලන්න කොච්චරක් ද කියලා...

සොයා දියව් මට සරණක්
මා අතගන්නට - පෙරුම් පිරූ යෞවනයන්
දකුණේ දී - උතුරේ දී
මරා දැමූයේ...
තෙපි නොවේද පව්කාරයිනේ

නීල වරල මතුවන නර කෙස් ගනිමි..
බාල සුවඳ ආලේපන ගෙන උලමි..//
දෙතන එරෙන කිරි - දොවා ඉවතලමි..//
තෙපිටයි ඒ ශාපේ - පව්කාරයිනේ..

සොයා දියව්..

මැලෙවේ නෙතු මහනෙල් නා දලු දෙතොලේ
ගිලිහෙයි පෙති සියපත වන් වත මඬලේ..//
හදෙහි නැගෙන ගිණි - කඳුලින් ඉවසමි..//
තෙපිටයි ඒ පාපේ - පව්කාරයිනේ..

සොයා දියව්..

ගායනය : ප්‍රදීපා ධර්මදාස සමඟින්
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : රෝහණ වීරසිංහ

මේ සිංදුවෙන් කියන්නේ ඒ ගැන කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ... ඒ කොල්ලෝ හැමෝම එහෙම මැරෙන්න හේතු වුන රජයත් , ඒ භීෂණ කාලේ අයිතිකාරයොත් අද එක මේසෙක ඉදන් ඩීල් දානකොට , ළමයි පුතාලා මැරුන අම්මලා තාත්තලාට මොනවා හිතෙනවා ඇද්ද ? !!!!!!!!!!

මෙහෙම කරන්න උනා යුධ හමුදාවටත්...එයාලා නොදැන මරාගත්තේ තාරුණ්‍යයෙන් තාරුණ්‍යය .. කාගේ කීමට ද ?

හංදියක් හංදියක් ගානේ තත්වේ ටයර් සෑය.. ගගක් ගගක් ගානේ කන කිඹුල්ලොන්ට කෑම හිගයක් තිබිලා නැහැ... බාගෙට පිච්චුන මිනී මස්වලට වහ වැටුන වීදි බල්ලෝ මිනිස්සුන්ව බලා කාලා තියෙනවා...


කව්ද වැරදි ? !!!!!!!!!!!!! මේ වගේ මැරුණ තරුණ ජීවිතවලට අදටත් වන්දියක් නැහැ..

මෙවන් වගේ තව අය ඕන තරම් ඇති... එකක් දෙකක් නෙවේ ඕන තරම්.....

කව්ද වගකියන්නේ ඒ ජීවිතවලට ? එක මේසේක ඩීල් දදා , රට පිටරටවල්වලට විකුණ විකුණ , අසරණ රණ විරුවන්ව ජිනීවා යවලා , රට විනාස කරන ලොකු ලොකු දේශපාලඥයෝ කියලා කියාගන්න අයවලුන්ට.....

රණවිරුවෝ එයාලාගේ අද දවස කැප කරලා දිවි පිදුවේ රටට හෙට දවසක් බලාපොරොත්තුවෙන් මිසක් තමුන්ලාට හම්බු කරලා දෙන්න නෙවේ..

නිදහස් රටක බිම් අගලක අයිතියක් නැති වහල්ලු වෙලා යුධ හමුදාවේ අය...

කතාව ලියන්න ගනිද්දි මට අදහසක් තිබ්බා සිංහ රෙජිමේන්තුව ඈදා ගන්න.. මං ඒ තරම් ආසයි.. එතකොට Monliest සිංහ රෙජිමන්ට් එකට ගිහිල්ලා තියන නිසා එයා මට විස්තර කියලා උදව් කළා.. පස්සේ රෙජිමන්ට් එක මගඇරුනානේ.. ඒත් මං මුල් කාලේ අාමි එක ගැන හොයද්දි එයා ගොඩක් උදව් කළා මට....

රාගයෙන් ඇරඹී
ආලයේ කිමිදී
විප්පයෝගෙන් අවසන් වූ
රළු වතක සුමුදු සිත්
මත යකඩ තුඩින්
රුහිරු සුවදැති තීන්තෙන් කල
නුඹට පිදු පෙම්' කම්
තාම මේ හිත තියේ..
විටකෙ පැන නැග උණුම ලෙය වගුරවා
අවුස්සයි මා'තින් සිදුවූ නපුරුකම්....

හමුවනා විටදී අවසන
නොතිබූ කදුලැලි බිය කලා මා
හැගුම් නැත්තෙකු වූ නුබේ මුව
තිබූ සුරතල් දවාලයි හිත..
රිදුම් නම් සදාකාලිකය..
මතක නම් සාංසාරිකය..
පිදූ ආලෙන් ණයට ගත් වාරිකය
නොපියවූ හිත තව අන්ධකාරය

By - Monliest

Thank you බං බොකකහ්...

මෙවන් , දේවන්ත නම් දෙක දැම්මේ shenun අය්යා... එතකොට ආමි එකක් නිසා ලියන්න බයේ ඉදපු මට විස්තරත් කියලා බය ඇරියාට තැන්ක්යූ සෝ මච් .... ඇතුළ ගැන මං ඊට වඩා හොයන්න ඕන කියලා තේරුණේ ෂෙනුන් අය්යා කියපු විස්තර ටික නිසා...

අභිමන්යු , විද්වාන් කියන දෙක දැම්මාම ඒ දෙක තෝලා දුන්නේ... Innov_N එතකොට ආමි එක ඇතුළේ රැග් ගැන , පිළිවෙල ගැන කෑම්ප් යනකොට දෙන රැග්ස් ගැන මට විස්තර හොයලා දුන්නා ZY_Suki තැන්ක් යූ...

කතාව ලියන්න ගොඩක් මෝටිවේට් කළා හැමෝගේම කමෙන්ට්ස්.. එතකොට අපේ මුලාව ඕතර් peaceful_softie ලොකු මෝටිවේෂන් එකක් මට... හොර වයිපරේ..

කතාවේ කවර් එක Senu_31 අක්කාගේ.. ඔය මගේ අක්කා නිසා තැන්ක්යූ ඕන්නෑ එයාට ...

තව උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි... කතාවට කමෙන්ට් කරපු අයට , වෝට් කරපු අයට.. එකවුන්ට්ස් මාරු උනාම කතාව එනවුන්ස් කරපු අයට... ගොඩක් තැන්ක්ස්....

මං Ledge_D

තෙහස්නා දෙව්දාරා.. ( බලූබ් )

המשך קריאה

You'll Also Like

262K 9.4K 45
မိုက်တယ်နော်၊ဒါပေမယ့်မယုတ်မာဘူး.. အစ်ကိုက သတ်ရဲတယ်၊သေရဲတယ် ဒါပေမယ့်မူနွဲ့မျက်ရည်ကျတာကိုတော့မကြည့်ရဲဘူး..... ကြက်သမား၊ဖဲသမား..လူမိုက်လေးတေဇဘုန်း‌ကျော်...
99.2K 11K 104
💥New BL ဒါဒါတို့ရေ... ရှေးခတ်ကျေးလက်တောရွာကို ကူးပြောင်းမှ ကြိုက်ပါတယ်ဆိုတဲ့ဒါဒါလေးတို့အတွက် အသစ်လေးလာပါပြီ .... ရှားပါးတဲ့ MC Gong ပါနော် Gp လေးက...
54.6K 10K 42
සදාකාලිකව සිසිරයට ලියූ ජීවිතයට නොකියාම වසන්තය උදා වුවහොත්..