𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)

By Imeshahansani

33.4K 5.5K 2.7K

දගකාර සිතක නැවතුම... 👬👨‍❤️‍👨 More

Part 01 👨‍❤️‍👨
Part 02 👨‍❤️‍👨
Part 03 👨‍❤️‍👨
Part 04 👨‍❤️‍👨
Part 05 👨‍❤️‍👨
Part 06 👨‍❤️‍👨
Part 07 👨‍❤️‍👨
Part 08 👨‍❤️‍👨
Part 09 👨‍❤️‍👨
Part 10 👨‍❤️‍👨
Part 12 👨‍❤️‍👨
Part 13 👨‍❤️‍👨
Part 14 👨‍❤️‍👨
Part 15 👨‍❤️‍👨
Part 16 👨‍❤️‍👨
Part 17 👨‍❤️‍👨
Part 18 👨‍❤️‍👨
Part 19 👨‍❤️‍👨
Part 20 👨‍❤️‍👨
Part 21 👨‍❤️‍👨
Part 22 👨‍❤️‍👨
Part 23 👨‍❤️‍👨
Part 24 👨‍❤️‍👨
Part 25 👨‍❤️‍👨
Part 26 👨‍❤️‍👨
Part 27 👨‍❤️‍👨
Part 28 👨‍❤️‍👨
Part 29 👨‍❤️‍👨
Part 30 👨‍❤️‍👨
Part 31 👨‍❤️‍👨
Part 32 👨‍❤️‍👨
Part 33 👨‍❤️‍👨
Part 34 👨‍❤️‍👨
Part 35 👨‍❤️‍👨
Part 36 👨‍❤️‍👨
Part 37 👨‍❤️‍👨
Happy 2022 🎉️
Part 38 👨‍❤‍👨

Part 11 👨‍❤️‍👨

982 158 76
By Imeshahansani

දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
.
.
ඇස් ඇරලා බලද්දි මම හිටියෙ
උණුහුම පිරුණ පපුවකට හේත්තු වෙලා....
කැනියුලාව ගහලා තිබ්බ මගෙ අත තිබුනෙ ඇල්බාගෙ උකුලෙ....
මගෙ උරිස්ස වටේ අත දාලා ඇදෙන් වැටෙන්නෙ නැති වෙන්න
මාව එයාගෙ පපුවට හේත්තු කරගෙන,
මගෙ පිටට ඒ පපුවෙ රස්නෙ හොදට දැනෙනවා....
එයානම් හොදටම නිදි....

දැන් රෑද පාන්දරද කියලා හිතාගන්න බෑ වටේම කරුවලයි...
මට එයාගෙ බැන්ඩේජ් කරලා තියෙන තැන අතගාන්න ඕන උනා...
මම හෙලවෙනවා දැනිලා වෙන්න ඇති එයා ඇහැරුනා...

මගෙ පැටියා කොයි වෙලේද ඇහැරුනේ....""

ඇසුත් පොඩි කර කර ඇල්බා මගෙන් අහනවා...
එහෙම ඉන්නකොටනම් එයා සෝයී අප්පාහ්....
මූණ චූටිම චූටි බබෙක් වගේ....
ඇගේ අමාරු ඔක්කොම
පැත්තකට දාලා මූණ බදාගෙන
ඉඹින්න හිතෙනවා....

කොයි වෙලේද ඔයා ඇදට ආවේ....""

මම ඇහුවෙ නිදාගන්නකොට එයාත් එක්ක
මම මේ විදියට හිටපු නැති නිසා....

ඔයා නින්දෙන් අඩන්න ගත්තානෙ...
ඔයාව දාලා යන්න එපා....
ඔයාගෙ ළගමටම වෙලා ඉන්න කිය කිය....

ඉතින් මම හොදටම බය උනා...
ඔළුව රිදෙනවා ඇති කියලා හිතාගෙන ඔළුව අත ගෑවා....
අත රිදෙනවා ඇති කියලා අත අත ගෑවා....
මොනවා කලත් අඩන එක නැවැතුනේ නෑ....

තුරුල් කරගන්න බැහැනෙ අත් දෙකයි
මේ බටෙයි නිසා...
ඒ හින්දා මෙහෙම පිටට හේත්තු කරගත්තා,
ඊටපස්සෙ තමයි මගෙ බබා සද්ද නැතුව නිදාගත්තෙ....""

මගෙ ඔළුවෙ තිබුන බැන්ඩේජ් එක උඩින් හිමීට තොල් තියන ගමන් එයා කිවුවා...
හයියෝහ්....
තව මොනවා කියවුනාද දන් නෑ...
මාව ටීක් උනා...
ඒත් ඇල්බාගෙ කිසිම වෙනසක් නැති නිසා
මම හිත ගත්තා මගෙ කටින්
කිසිම දෙයක් පිට වෙලා නෑ කියලා....

මට ගොඩක් ලොකුවට කට අරින්න බැරි නිසා,
එයා පොඩි ලේන්සුවකට Toothpaste ටිකක් අරන්
ඇගිලි දෙකෙට තියලා හිමීට දත් මැද්දුවා....
කටත් සේදුවා....
ඊටපස්සෙ උණු වතුර පොගවපු තුවායක් අරන්
මගෙ ඇග පරිස්සමට පිහදැම්මා....
තෙත තුවායෙන් මගෙ සන් ඩිංග පිහදාන ගමන්
හොරා වගේ ඒකට උම්මියකුත් දුන්නා...
ඒ පහසටනම් මාව ගැස්සිලා ගියා....
එයාට මම ගැස්සෙනවා දැනිලාද කොහෙද
මගෙ මූණ දිහා ටිකක් වෙලා බලන් ඉදියා...
එයාගෙ පහස මට තදින්ම ඕන උනත්...
මගෙ සන් ඩිංග මාව මෙතන පාවලා දුන්නොත් වසම වස ලැජ්ජාවක් නිසා
මම අමාරුවෙන් හරි අවදි වේගෙන එන හැගීම් මැඩගෙන හිටියා...

ඊටපස්සෙ එයා මගේ බෝල පශ්ශට රිදෙන්නෙ නැති වෙන්න පාරකුත් ගහලා
මගෙ ඇදුනුත් මාරු කරලා
නළලත් ඉම්බා...
තාත්තා කෙනෙක් එයාගෙ දරුවව බලාගන්නවා වගේ
ඒ හැමදේකම ආදරේ පිරිලා තිබුනා....

> _<

උදේටනම් අම්මලා ගෙනාපු සුප් එක
පිඹ පිඹ පැයක් විතර අතේ තියන් ඉදලා බැන බැන පෙව්වා...
ඔක්කොම බීලා ඉවර වෙනකම්
මිනිහට සැනසීමක් නෑ...

ඊටපස්සෙ Lap එකේ film එකක් දාලා දීලා
එයා මගෙ කකුලක් උඩින් ඔළුව තියන් ටිකක් නිදාගත්‍තා...
ඊයේ රෑ හරියට නිදාගන්න බැරි වෙන්න ඇති...
පව්ව්....

දවල්ට එයා චූටි චූටි කුරුලු හොටවල් වගේ
බත් කටවල් අනලා මට කැව්වා...
මමත් යන්තම් කට ඇරලා ඒකනම් ආසාවෙන් කෑවා...
එයා ඒ හැමදේම කලේ හරිම ආදරෙන්...
එයා මගෙ ලග ඉන්නකොට කිසිම වේදනාවක් දැනෙන්නෙ නෑ...

ආදරෙත් මහ පුදුමාකාරයි...
ආදරේට එක එක ස්වරූප ගොඩක් තියෙනවා...
අවස්තාවට ගැලපෙන විදියට වෙනස් වෙන්න ආදරේට පුලුවන්...


***********************************
⌛️

මේ දවස් දෙක තුනනම්
එයාගෙ අත්‍යවශ්‍යම දේකට මිසක්
මගෙ ලගින් හෙලවුනේවත් නෑ...
ගොඩක් ආදරෙන් මාව බලාගත්තා...
එයාගෙ පපුවෙ පිරිලා තියෙන ආදරේ මට දරාගන්න බැරි තරමටම දැනුනා...
අපි දෙන්නාට දෙන්නා ආදරේ කලාට
අපි දෙන්නාම ඒ ගැන කතා කලේ නෑ...

මම හිතන්නෙ අපි දෙන්නාට දෙන්නා
බය වෙන්න ඇති අපිට අපිව
නැති වෙයි කියලා....
ආදරේ හිතට දැනෙනවානම් ඒක කිවුවා නොකිවුවා කියලා වෙනසක් වෙන්නෙ නැහැනෙ....

අද මාව ගෙදර එක්කන් යනවා...
ඔළුවෙ බැන්ඩේජ් එක ගලවලා ප්ලාස්ටරයක් විතරයි දැන් තියෙන්නේ...
ඔළුවනම් එච්චර රිදෙන් නෑ...
අතනම් හොදවෙන්න ටික කාලයක් යයි...
අතනම් හොලවන්න තියා හිතන්නවත් බෑ...

ඇවිදින්න හොදටම පුලුවන් කම තිබුනත්,
කාර් එකට එනකම්ම ඇල්බා මාව වඩාගෙනමයි ආවේ...
ගෙදරට ඇවිල්ලත් මාව උස්සගෙන ගිහින් ඇදෙන් තියලා මාව එයාගෙ පපුවට තද කරගෙන හිටියා...
එයාගෙ ආදරේ ගැන මට නොකියා හිටියට
එයා කරන හැමදේකින්ම මට ඒ ආදරේ
මහ ගොඩක් දැනෙනවා...

මගෙ ආදරේ මට අසම්මත නෑ...
සම්මත අසම්මත කතා හදාගත්තෙ මිනිස්සුමයි....
මිනිස්සු හැම දේකටම දෙපිල බෙදිලා
මරාගන්නවා...
ඒකට සාධාරණ හේතුවක් ඕනෙ නෑ...

කුල මල වලට මරාගන්නවා...
දුප්පත් පෝසත් කියලා මරාගන්නවා...
සම්මතය අසම්මතය හොය හොය ලැජ්ජ කරගන්නවා...
හේතුවක් ඇත්තෙම නැත්නම් හමේ පාටටම හරි මරාගන්නවා....
ඒ මිනිස්සුන්ගෙ හැටි....
සමාජයට ඕන විදියට ජීවත් වෙන්න හියොත් වෙන්නෙ
විවිධ මිනිස්සු කියන විකාර කතා වලට අපි තැලිලා පොඩි වෙන එක විතරයි....

🌈️
************************************

හොදටම වැස්ස සීතලම සීතලයී...
බැල්කනියට වෙලා අපි දෙන්නාම වැස්ස දිහා බලන් හිටියා...
මම හිටියෙ ඇල්බාගෙ උකුලෙ..
එයා bedsheet එකකින් අපි දෙන්නවම වහගෙන හිටියෙ...
කුරුළු කූඩුවක් ඇතුලෙදි කුරුළු අම්මාත්
එයාගෙ පැටවුන්ට මේ වගේම උණුසුම දෙනවා ඇති...

එයා මගෙ ඉස් මුදුණට තොල් දෙක තද කරගෙන වැස්ස හිටියෙ...
ආදරෙයි කියල මහ ලොකු දේවල් කරන්න ඕන නෑ...

පුලුවන් හැම වෙලාවකම හොයලා බලන්න....
ඕනම වෙලාවෙදි තනි නොකර ළග ඉන්න....
ආදරණීය උණුසුම් හාදුවක් දෙන්න....
ඒ දේවල් වලින් අපි බලාපොරොත්තු
නොවුනටත් වඩා හිත පුරවන්න පුලුවන්...

ඇල්බාත් ඒ වගේමයි....
ආදරෙයී කියලා කටින් නොකිවුවත් හිතට දැනෙන්න ආදරේ දෙන්න එයාට පුලුවන්...
මගෙ මුළු ආත්මයම වෙලාගන්න එයාගෙ ආදරේට පුලුවන්...

🌘
***********************************
🌄

වෙනදටත් කලින්ම ඇවිත් අද දොරට තඩි බානෝ...
හැයියප්පා මෙහෙම...
දවස් ගානකට පස්සෙ අද ඉස්කෝලෙ යනවා...
මට ඇදුම් ඇදගන්න උදව් කරන්න එයා වේලාසනම ඇවිත්...
මගෙ අත රිද්දන්නෙ නැතුව පරිස්සමට ඇදුමත් අන්දවලා කොණ්ඩෙත් පීරුවා...
මම ඒ ඔක්කොම කරනකම් බලන් ඉදලා එයාගෙ මූණෙ කෙළ තලියක්ම ගෑවා...

නෝටී... බඩගිනිද??
කිරි එකක් හදලා දෙන්නද??

ඉස්කෝලෙට යන්න තව වෙලාව තියෙන නිසා එයා අහනවා...
මට බඩගින්නක් නැති උනත් මම හා කිවුවා...

එයා මට කිරි එකක් හදලා දීලා
සැන්විච් පාන් පෙති දෙකකුත් අරන්,
මට තනි අතින් කඩාගන්න බැරි නිසා
පොඩි පොඩි කෑලි වලට කඩලා දුන්නා
කිරි වල පොගවගෙන කන්න ලේසි වෙන්න...

මම කිරි එකෙන් බාගයක් බීලා ඉතුරු බාගෙ එයාට දුන්නා...
අපි දෙන්නාම කාලා බීලා ඉවර වෙලා ඉස්කෝලෙට ආවා...
එදා වෙච්ච දේ ප්‍රින්සිපල්ට විස්තර කරන්න උදෙන්ම office එකට යන්න උනා...
මට ගහපු එකාගෙ පන්ති තහනම් කරලා...
ඊළගට ප්‍රින්සිපල් ඇල්බාගෙන් අහපු දේට
මට හීන් දාඩියයි මහ දාඩියයි දෙකම දාලා
චූ බරකුත් ඩවුන්ලෝඩ් උනා...

මට ගහපු එකාගෙ නාස් පොල්ල චප්ප වෙන්නම ගහලා...
ඌට නාස් පොල්ලක් පංචිකාවත්තෙන්වත් හොයාගන්න බැරි වෙන විදියටම ගහලා...
මම බය උනේ ඇල්බාගෙත් පන්ති තහනම් කරයි කියලා...

උඩ ඉන්න තිස්තුන් කෝටියක් දෙයියාන්ගෙන්
එක දෙයියෙක් කනා පාරකින් හරි බලයිනෙ කියලා
මම හිතින් වැද වැද හිටියෙ...
වෙලාවට මුකුත් උනේ නෑ....

ඔයා මොකටද ගහගන්න ගියෙ...""

එළියට ආපු ගමන් මම ටිකක් සැරෙන් ඇහුවා...
අත බැන්ඩේජ් කරලා තියෙන්නේ ඇයි කියලා
කොච්චර ඇහුවත් හේතුව මට කිවුවෙ නෑ...

එතකොට දැන් මට කියන්නෙ ඔයාට ගහපු උන්ගෙ ඔළුව අත ගාලා
පුප ඉඹින්න කියලාද???

එත්න හිටපු උන් මාව නැවැත්තුවෙ නැත්නම්
මට ඒ උකන්නා මැරෙනවා පේන් නෑ....

ඌට කොච්චර ගැහුවත් මට මදි....""

දත් කූරු කකා කියපු විදියට මේ වෙසමුණියා ආරූඪ වෙලා ඉන්න වෙඅවෙ
මම තව මොනවා හරි කිවුවනම් එහෙම
මටත් අහගන්න වෙනවා ලෙසටම...
ඒක නිසා ඇල්බාවත් ඇදගෙන washroom එකට ගියෙ
මට තනි අතින් ගසලා බසලා ඒ වැඩේ කරගන්නත් බෑ...
මගෙ සන් ඩිංග සිපර් එකට අහු උනොත් එහෙම කාට කියන්නද???
අනාගෙතේම අදුරු වෙලා යයි....
.
.
.
.
.
.
.
.
To be continued 😘
.
.
.
.
.
.
ඉෂූ ..🙆

Continue Reading

You'll Also Like

53M 377K 65
Stay connected to all things Wattpad by adding this story to your library. We will be posting announcements, updates, and much more!
5.1M 45.1K 53
Welcome to The Wattpad HQ Community Happenings story! We are so glad you're part of our global community. This is the place for readers and writers...
41.5K 30 13
My horny thoughts I might do guides SMUT don't report, just block :)
112K 2.5K 51
imagines as taylor swift as your mom and travis kelce as your dad