දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
.
.
නළල පොඩ්ඩක් ගෙඩි ගැහිලා තිබුනත්
ඇගට අමාරුවක් නැති නිසා
මම උදෙන්ම නැගිටලා ඉස්කෝලෙ යන්න ලෑස්ති උනා...
ඇල්බා එනකොට මම ලෑස්ති වෙලා හිටියෙ...
ඔළුවත් අතගාලා එහෙට මෙහෙට හරවලා බලලා
විස්තර ගොඩකට පස්සෙ තමයි මම ඉස්කෝලෙ ගියාට කමක් නෑ කියලා එයා තීර්ණය කලේ...
උදේ පන්තියට යනකොටම රෝසා ඇවිත් මගෙ අතින් අල්ලගෙන
විස්තර අහන්න ගත්තා...
මාව දවස් දෙකකින් දැකපු නැති නිසා
විස්තර අහනවා...
එයා අහන දේවල් වලට උත්තර දෙනවට වඩා මම කලේ
ඇල්බාගෙ මූණ දිහා බලන් හිටපු එක...
වෙනදට මේ වගේ දෙයක් උනානම්
මම ඇල්බාව බදාගෙන උඩ පනිනවා...
ඒත් අද එහෙම නෑ...
හැකරැල්ලෙක් අතේ වෙලුනා වගේ අපහසුතාවයක් මට දැනුනෙ...
රෝසා ලග ඉන්නවට වඩා
ඇල්බා ලග ඉන්නයි මට ඕනෙ...
ඇල්බා මගෙ දිහාවත් නොබලා
අපි දෙන්නවත් එතනම දාලා
පන්තියෙන් ගිහින් වාඩි උනා...
මමත් රෝසාගෙන් අත ගලෝගෙන
ඇල්බා පස්සෙන් ගිහින් වාඩි උනා...
මම රෝසා එක්ක ඉන්න
හැම වෙලාවකම ඇල්බාගෙ මූණ වෙනස් වෙනවා...
මාත් එක්ක කතා නොකර කල්පනා කරනවා...
ඒ වෙනස මට පැහැදිලිවම පෙනුනත්
ඒකට හේතුවක් මට තාමත් පැහැදිලි නෑ...
රෝසා ගැන ඇල්බාගෙ හිතේ කැමැත්තක් තියෙනවවත්ද???
එහෙම හිතනකොටත් මගෙ පපුව හිරි වැටෙනවා...
ඒ ගැන හිතන්නවත් මම කැමති නෑ...
මට ඇල්බා වෙන කෙනෙක්ගෙ වෙනවා
බලන් ඉන්න කොහොමටවත්ම බෑ...
මට ඒක දරාගන්න බෑ...
ඒත් ඇල්බා gay කොල්ලෙක් කියලා කියන්නත් බෑ...
එහෙම දෙයක් මට දැනිලාත් නෑ...
ඒත් මට දැන් ඇල්බා නැතුව ඉන්න බෑ...
මම දන් නෑ ඒ ඇයි කියලා...
මට එයාව ඕනෙ...
මට හැමතිස්සේම එයා ළගටම වෙලා ඉන්නයි ඕනෙ...
මගෙ හිත එයාව ඉල්ලනවා කියලා විතරයි මම දන්නෙ...
Interval එක වෙනකම් පංතියට වෙලා හිටියෙ
උලක් උඩ වාඩි වෙලා ඉන්නවා වගෙ...
ඇල්බා මට කොහෙටවත් යන්න දුන්නෙ නෑ...
අවුවට යන්න දෙන්නෙ නෑ...
දගලන්න දෙන්නෙ නෑ...
වතුර ටිකක් බොන්නවත් පහලට යන්න දෙන්නෙ නෑ...
ඒකටත් ගෙදරින් වතුර බෝතලයක් ගෙනල්ලා...
මම ඔළුව ගහ ගත්තොත් ඒකටත් කලබල වෙනවා...
කඩ කෑම කන්න දුන්නෙ නෑ...
ලෙංචිනාගෙ අයිස්කිරීම් එකත් නෑ...
අම්මෝහ් අද දවස ගෙවා ගත්තෙනම් බොහොම අමාරුවෙන්...
දැන්නම් මගෙ පශ්ශ නෑ වගේ...
බෝල පශ්ශ ලෑලි පශ්ශක් වෙලා ඇති දැන්නම්...
හැයියකෝ ඉදගෙන ඉන්න එක මෙච්චර අමාරු...
ඇල්බා මට පොරොන්දු උනා
කියන දේ අහගෙන පන්තියටම වෙලා හිටියොත්
හවසට පිට්ටනියට එක්කන් යනවා කියලා...
නිකම් නෙවෙයි...
ඊයෙ වගේ bike එකේ ඉස්සරහින්
මාව තියාගෙන යන්න
මම පොරොන්දු කරව ගත්තා...
🌥️
************************************
🌇
එයා හවස 6:00වෙනකොට මාව පිට්ටනියට එක්කන් ගියා...
කරුවලේ පිට්ටනියට වෙලා
සිංදු කියන එක වෙනමම ආතල් එකක්...
ඒක තවත් ලස්සන වෙන්නෙ ආසම කෙනෙක් ලගින් ඉන්නාකොටයි...
ඇල්බායි මායි සුපුරුදු විදියටම
මූණට මුණ පේන විදියට කොට්ටම්බා ගහ යටින් වාඩි උනා...
ඇල්බාගෙ දිග ඇගිලි තුඩු තත් අතර යවන ගමන්
පිරිමි හඩින් කියන සිංදුවට වඩා
මම ඇල්බාව රස වින්දා...
සිංදුව කියනකොට ඉහල පහළ යන උගුරු ඇටේ...
ලයිට් එළියට දිලිසෙන ඒ ඇස්...
සමහර තැන් වලදි ඇස් පියාගෙන
සිංදුව රසවිදින එයාගෙ මූණ...
තාලෙත් එක්ක වෙනස් වෙන ඒ තොල්...
ලා හුළගට හෙලවෙන කොණ්ඩෙ...
මේ හැමදේම මටම විතරක් අයිති වෙනවානම්
කියන හැගීම පළවෙනි පාරට මට දැනුනා....
තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්‍ය අංගනා
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද දිව්‍ය අංගනා
නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැදෙන්න දිව්‍ය අංගනා
ලං වි හිදින්න දිව්‍ය අංගනා
සෝක කල්පනා හිතේ තියා
ඉගිලී නොයා සැගවිලා
නේක වේදනා සුළගේ විසිරිලා
වෙන් වී නොයන්න දිව්‍යංගනා
එයා සිංදුව කියලා ඉවර වෙනකොට
මගෙ හිතේ ඇල්බා ගැන තිබුන
හැගීම් මොනවද කියලා මම දැනගෙන ඉවරයී...
මට දැනුනා මගෙ පපුව
එයා වෙනුවෙන් ඉඩක් වෙන් කරලා කියලා...
මට දැනුනා මම එයාට ආදරෙයී කියලා...
ඒත් මම කොහොමද ඒක එයාට කියන්නෙ...
මගෙ ඇස් වලින් කදුළු ආවෙ
මට මගෙ හිතේ තිබුන ආදරේ ගැන එයාට කියාගන්න විදියක් නැති නිසයි...
යාළුවෙක්ටත් වඩා තාත්තා කෙනෙක්
සහෝදරයෙක්ටත් වඩා
ආදරේ දීපු මගෙ ඇල්බා මට නැති වෙයිද
කියන හැගීම මගෙ පපුව පුච්චලා දැම්මා...
මට වචන වලින් කියාගන්න බැරි දේ
මම ගිටාර් එකේ තත් වලට බාර දුන්නා...
මගෙ වෙව්ලන කටහඩින් කියන මේ සිංදුව එයා වෙනුවෙන්මයී...
ඒක එයාට දැනුනද නැද්ද කියලානම් මම දන්නෙ නෑ...
මායම් තරු රෑනේ බැල්මෙන් මිදී
පායා ආ සදටයි බැදුනේ වෙලී
රෑනෙන් මිදුනා මා නෑ අත්බැදී
මානම් අද ඉන්නෙ ප්‍රේමේ ගිලී
සීතාවියක් හින්දා රෑ නැ නිදී
ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැදී...
කවදාවත් රිදවන් නෑ හිමි වේනම් උන්මාදිනී...
පාඩම් පොතේ සුවද අකුරින් ලියාදුන්
උන්මාද ගීතේද ගැයුවේ ඔයා...
ඒ පොත් කොනේ ලිවුව හසුනත් ඔයාටයී
මේ පෙම් හැගුම් නැද්ද දැක්කේ ඔයා...
හැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේ
හිතවත් කමක් නේද දැනුනේ කියා..
කවදාද ඉටුවන්නෙ මේ ප්‍රාර්ථනාවන්
දුක් ගින්දරේ හීන ඇවිලී ගියා...
මල් හින හිත බැන්ද කිරිකෝඩු කාලේ
එක හීනයක් ගාව මම නැව්තිලා...
තරු වාගෙ දිලිහෙද්දි පොඩි ඇස් ඔයාගේ
බෑ දැන් කියාගන්න හිත ගොලු වෙලා...
දැනගත්ත දා ඈත වෙන්වී ගියෝතින්
හැමදාම විදවන්න මා මෙහි තියා...
නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්
මිතුදම් හොදයි අහිමි වනවට වඩා...
කොච්චර අමාරුවෙන් ඉවසන් ඉදියත්
අන්තිම පද පේළිය කියනකොට
මට හයියෙන්ම ඇඩුනා...
ඒ වචන ටික මට දරාගන්න බෑ...
මගෙ පපුවට බර වැඩී...
ඇල්බා මාව ඇදලා අරන් පපුවට තුරුල් කරගත්තා...
ඇයී මට මගෙ ආදරේ එයාට කියාගන්න තරම් හයියක් නැත්තේ...
එයා මාව කොහොම පිළිගනීද කියලා මට බයයි...
මෙහෙමවත් ළගින් ඉන්න බැරිවෙයි කියලා මට බයයි...
මට බයයි එයා මගෙන් ඈත් වෙයි කියලා...
මටත් ඕනෙ කෑ ගහලා කියන්න මම ඔයාට ආදරෙයී කියලා...
මාත් ආසයී මේ වගේ හැමදාම ආදරෙන් ඒ පපුවට තුරුල් වෙලා ඉන්න...
ඒත් අසම්මත ආදරේ එයා කොහොම පිළිගනීවිද???
මාව පිළිකුල් කරාවිද???
අනෙ දෙවියනේ මට බෑ එයා නැතුව එක මොහොතක්වත් ඉන්න...
මම එයාටත් හොරෙන් ඒ පපුව හිමීට ඉම්බා...
ඒත් ඒකෙන් උනේ මට මගෙ කදුළු පාලනය කරගන්න බැරි උන එක...
මම ඇල්බාගෙ shirt එක අත් දෙකෙන් පොඩි කර කර ඇඩුවා...
එයා වචනයක්වත් කිවුවෙ නෑ...
මගෙ හිස් මුදුණට තොල් දෙක තද කරගෙන හිටියා විතරයි...
ඇත්තටම මිතුදම් හොදයි අහිමි වෙනවට වඩා...
මට ඕනෙ එයාට ආදදෙයි කියලා කියන්න...
මට ඕනෙ එයාගෙ ආදරෙන් මගෙ පපුවම පුරවගන්න...
මට ඕනෙ එයත් එක්ක හුරතල් වෙන්න...
මට ඕනෙ එයාගෙ ආදරේ විදින්න...
ඒත් මම බය උනා එයා මගෙ ආදරේ ප්‍රතික්ෂේප කරයි කියලා...
එහෙම උනොත් ඒක මට දරාගන්න බැරි වෙයි කියලා...
***********************************
පහුවදා උදේම ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුලට යනවත් එක්කම
සැන්ටා මට කතා කලා...
මාව පැත්තකට අඩගහගෙන ගිහින්
ලොකූ කතාවකට මුලපුරන්න වගේ මගෙ මූණ දිහා බලන් හිටියා..
නෝටි මල්ලෙ
මම මෙහෙම ඇහැව්වාට මන් ගැන වැරදි විදියට හිතන්න එපා බම්....""
හරියට හිතන්න හරි වැරදියට හිතන්න හරි ඔක්කොටම කලින් මගුල කියන්න එපෑ...
උදේ පාන්දර බෙට්ට හිර වෙච්ච කුකුලෙක් වගේ තටමනවා දමාගෙන...
සැන්ටයියෙ මොකද්ද ප්‍රශ්නෙ...""
හිතට ආපු දේවල් කටින් පිට නොකර මාත් සැන්ටාගෙන් ඇහුවා...
මල්ලි උඹලෑ පන්තියේ ඉන්න නෙතුම්... උඹ දන්නවානෙ එයාව....""
යකෝ පන්තියේ රෙජිස්ටරේ මාක් කරන්නෙ මමද???
පංතියෙ හිටියැයි කියලා මම කොහොමද උන්ගෙ නම් දන්නෙ???
නෙතුම් කිවුවෙ....""
ඒ පාරනම් මම ටිකක් කේන්තියෙන් ඇහුවා...
ඉවරයක් නෑනෙ මගුල...
ඇත්තටම මම දන් නෑ නෙතුම් කියන්නෙ කවුද කියලා...
ඇයි බන්
එකට බත් පත ලෙහාගෙන කන එකාගෙ නම දන් නැද්ද උඹ???
එකට බත් කන්නෙ ඇල්බයි රෝසයි විතරයිනෙ..
එතකොට තමයි මට මීටර් උනේ රෝසාගෙ නම නෙතුම් ආශිංසන කියලා...
ඇත්තම කියනවනම් මට පංතියෙ ළමයින්ගෙන් ඇල්බාගෙ නම විතරයි මතක...
අනිත් ළමයින්ව මම වැඩිය ආශ්‍රය කරන්නෙත් නෑ...
ඉතින්...""
උඹ එක්ක එයා ෆිට්නෙ බන්...""
ඒ පාරනම් බෙට්ට හිර වෙලා තියෙන්නේ කුකුලාගෙ නෙවෙයි මුගෙ...
මලබද්දෙ හැදිච්ච එකා රෙ#න්#න බැරුව ඇඹරෙනවා වගේ මූ ඇඹරෙනවා ලනු අඹරනවා වගේ...
ඔව් ඉතින්...""
දැන්නම් මට මලේ මල...
රෙද්ද ඉයන උට්ටක් කියන්නෙත් නෑ තටම තටම ඉන්නෝ...
ඒ කොල්ලාට මං ගැන කියහංකො බන්...""
මොන උට්ටෙක්ද මේ... මූ ගැන මම මොනවා කියන්නද රෝසාට...
මූට සෝයි රන් කෙවිටක් තියෙන්නේ...
ඒකෙන් අරුම පුදිම දේවල් කරතෑකි...
හුයන්නක් කියෝනවා මේ උදේ පාන්දර...
උඹ ගැන මම මොනවද දැන් කියන්න ඕනෙ...""
ඇත්තනෙ ඉතින්...
මූ ගැන මම කියන්න ඕනෙ මොනවද කියලා මම දැනගන්න එපැයි...
මුගෙ රන් කෙවිට ගැන කියන්නවත් මම හරියටම ඒක ගැන දන්නෙත් නැහැනෙ...
මං ගැන පැහැදෙන විදියට පොඩි විස්තරයක් කියපන්කො...
මේ හුකාරිසා මොකාටද මේ එන්න හදන්නෙ...
එන පොටනම් හොද නෑ වගේ...
සෙනුමි අක්කාගෙන් මට දුටු කොසු ඉදල් පාරවල් හම්බවෙයිද දන් නෑ...""
ගෑනුන්ගෙන් ගුටි කන්න උනොත් එහෙම වස ලැජ්ජාව...
කක්කා නාන්න මම හරි දස්සයානෙ...
නෑ නෑ බන්..
දැන් එහෙම එකක් නෑ...
මට මේ වැඩේ ගොඩ දාලා දීපම දෙයියෝ...""
මූට ඒ ඩිංගට මාව දෙයියෙකුත් වෙලා...
යන්තම් එහෙට මෙහෙට තව වචන දෙක තුනකුත් දාලා
මම පංතියට යන්න හදනකොට
ඇල්බා ඉන්නවා ටිකක් එහාට වෙන්න
බිත්තියකට හේත්තු වෙලා...
මම හිතුවෙ මාව දාලා ගිහින් කියලා..
බෑග් එක පිටින්ම ඉන්නවා...
මාව දාලා තප්පරේකටවත් එහාට ගිහින් නෑ එයා....
මට දුවලා ගිහින් බදාගන්න හිතුනා...
ඒත් මම ඒ හැගීම පාලනය කරගෙන එයාගෙ චූටි ඇගිල්ලෙන් අල්ලගෙන
අත පැද්දුවා...
එයා ලස්සනට හිනා උනා...
මට ඒ වලින් ඇස් කියන්නෙ අමුතුම කතාවක්...
වෙනස්ම කතාවක්...
මම කැමතිම විදියෙ කතාවක්...
.
.
.
.
.
.
.
To be continued 😘
.
.
.
.
.
.
ඉෂූ 🙆