CYPHER (Completed)

By Shey-Shooky

6.4K 1.9K 169

හීන ජීවිතේට බලාපොරොත්තු එක් කරනවා..බලාපොරොත්තු ජීවිතේ ජීවත් කරවනවා..හීන , බලාපොරොත්තු නැති ජීවිතේ හරියට හුස්ම... More

Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10

Epilogue

523 178 40
By Shey-Shooky

ෆයිල් එකත් අතේ තියාගෙන අතීත මතක අතර හිරවෙලා උන්නු යුන්ගි කොලේ තිබ්බ ඇඩ්‍රස් එක දිහා බැලුවෙ ගොඩක් උවමනාවෙන්..ඒ ලුහන් ගෙ ප්පරණ ගෙදර ඇඩ්‍රස් එක නෙවේ...සෝල් වලම ටිකක් දුශ්කර පත්තක ඇඩ්‍රස් එකක් ලියල තේරුන් ගන්න යුන්ගිට මහ වෙලාවක්  ගියෙ නෑ..කොල්ලා ෆයිල් එකෙන් අදාල කොලේ විතරක් ඉරලා අරන් දෙකට තුනට නවල සාක්කුවෙ දාගෙන එහාට වෙන්න තිබ්බ ජැකට් එකත් දාගෙන ආවෙ කට්ටියගෙ ප්‍රැක්ටිස් රූම් එකට..යුන්ගි එනකොට හෝබි ජන්ගුක් ,ජිමින් , ජින් එක්ක ඩාන්සින් ස්ටෙප්ස් වගයක් හදනවා..නම්ජුන් උන්නෙ සේජින් එක්ක බර කතාවක..ටේ විතරක් මොකාද පොලේ ගැහුවා වගේ නිදි..

නම්ජුනා..සේජින් හයොන්ග්..පොඩි ගමනක් යමුද

ආහ්..කොහෙද හයොන්ග් යන්නෙ..මාත් එනෝ

මෙච්චර වෙලා නිදියන් උන්නු ටේ කොහෙහරි යනව කිව්ව විතරයි උඩින් ගිහින් ඇහැරුනේ..යුන්ගි ටේව ගනන් ගන්නෙ නැතුව නම්ජුන් ගාවට යද්දි ජීකුක් ඩබල ටේට කොලොප්පන් කරනවා..

හයොන්ග් කොහෙද යන්නෙ

නම්ජුනා ඒ බයික් එක රෙජිස්ටර් වෙලා තියෙන්නෙ හනී නූනගෙ නමට..ඒකත් දැනට මාස ගානකට කලින්

ම්වෝ….

නම්ජුන් නැගිට්ටා නෙවේ නැගිටුනා..

ඒක කොහොමද වෙන්නෙ..හනී නූනා..

නම්ජුන් කියන්න ආපු එක ගිලගත්තෙ යුන්ගි ගෙ හිත ආයෙත් පාරන්න බැරි නිසා..

හැමදේම දැනගන්න වෙන්නෙ මේ ඇඩ්‍රස් එකට ගිහින් තමයි..

යුන්ගි නම්ජුන් ,සේජින් තව සෙකුරිටි එකේ පස් දෙනෙක් එක්ක හොයාගත්තු ඇඩ්‍රස් එකට එන්න පටන් ගත්තා..යුන්ගි අනුමාන කරා වගේම සෝල් වලින් ටිකක් ඈතට වෙන්න තිබ්බ තරමක නිස්කන්ක පැත්තක්..ගෙවුනු පැය යුන්ගිට දැනුනෙ කල්පයක් වගේ..වෙනදට ගමනක් යද්දි නිදියන යුන්ගි ඇහැරගෙන වටේ පිටෙ බලන්නෙ ඇස් වල කදුලු පුරෝගෙන කියල නම්ජුන් ට අදුරගන්න පරක්කු උනේ නෑ..

හයොන්ග්

නම්ජුන් යුන්ගිගෙ පිටට තට්ටුවක් දැම්මා..

නම්ජුනා එයා ඉන්නව නම්..

යුන්ගිට කියන්න පුලුවන් උනේ එච්චරයි..අවුරුදු අටක් හිරකරගෙන උන්නු වේදනාව ඉකියක් විදියට එලියට එද්දි නම්ජුන් තමන්ගෙ සහෝදරයව තදින් බදාගත්තා..

හැමදේම හොදින් වෙයි හයොන්ග්…

නම්ජුන් ටත් කරන්න ඕන මොනවද කියල තේරෙන්නෙ නෑ..මොකද බෑන්ග් පීඩි නිම් ලූහන් ගෙ පෝස්ට්මෝඩ රිපෝට් එක දුන්නෙ නම්ජුන් අතටමයි..නම්ජුන් ඒක යුන්ගිට පෙන්නපු කෙනා..එහෙම වෙද්දි ලූහන් ජීවත් වෙනව නම් නම්ජුනුත් වක්‍රව යුන්ගිගෙ වේදනාවට වැරදි කාරයෙක්..

යුන්ගියා අපි ආවා..

සේජින් ගෙ කටහඩට යුන්ගි ඔලුව උස්සල බලද්දි එයාල ඇවිත් උන්නෙ ලොකු වත්තක් මැද පොඩියට හුරුබුහුටියට හදල තිබ්බ ගෙයක් ඉස්සරහින්..වෙව්ලන කලුල් වලින් යුන්ගි වාහනෙන් බැහැල ගේට්ටුව ඇරන් යද්දි නම්ජුන් සේජිම් දෙන්නත් යුන්ගි ගාවින් ම ඇතුලට ගියා..යුන්ගි ඇතුල් වෙද්දිම ගිහින් නැවතුනේ අර බයික් එක ඉස්සරහ..ඔව් එදා යුන්ගිව ෆලෝ කරපු බයික් එක..එතකොට බයික් එක පිහ දාදා උන්නෙ කලිසමක් ඇදගත්තු ටිකක් උස කෙල්ලෙක්..යුන්ගිගෙ හෙවනැල්ල බිමට වැටෙද්දි කෙල්ල ඔලුව උස්සල බැලුවා..

ඔයා

ඒ වෙන කවුරුත් නෙවේ..එදා මාධ්‍ය සාකච්චාවෙදි යුන්ගිගෙන් ඕන්නැති ප්‍රශ්න අහපු ජර්නලිස්ට්..යුන්ගිව දැකපු කෙල්ල ඉබේම නැගිටිද්දි කෙල්ලගෙ අතින් මජන් ගෑවුනු ලේන්සුව බිම වැටුනා..කෙල්ල දෙපාරක් නොහිතා ඇරල තිබ්බ දොරෙන් ඇතුලට ගියෙ හරියට යුන්ගි රාක්ශයෙක් වගේ..

ඔහොම ඉන්නවා

යුන්ගිත් කෙල්ල පස්සෙන් ගේ ඇතුලට ඇතුල් උනත් දොර ලගම යුන්ගිව නැවතුනේ දොර කෙලින් ගහල තිබ්බ ලොකු ෆොටෝ එක දැකල..එ ෆොටෝ එකේ උන්නෙ වෙන කවුරුත් නෙවේ ලූහන් යුන්ගි දෙන්නා..ස්ටූඩියෝ එකේදි අවුරුදු අටකට කලින්..යුන්ගි හෙමීට ඇතුලට ගියෙ කොල්ලගෙ නලලින් දාඩිය ගලන් එද්දි..යුන්ගි ෆොටෝ එක ලගට ගිහින් ඒක දිහා බලන් උන්නෙ වශීවෙලා වගේ..ඒත් එක්කම කොල්ලගෙ දකුනු පැත්තෙන් ඇහුනු කටහඩ…

යුන්ගියා

ඔව් ඒ යුන්ගිගෙ පලවෙනි ආදරේ..මෙච්චර කල් අහන්න ආසාවෙන් උන්නු කටහඩ..ලෝකයක් මැරිල කියල වලල දාපු යුන්ගිගෙ ජීවිතේ වටිනාකම දුන්නු කෙනා..කිම් ලුහන්.

හ...නී..නූනා

යුන්ගි හෙමීට හැරෙන ගමන් මිමිනුවෙ වචන වලට ඉස්සෙල්ලා ඇස් වලින් කදුලු කඩන් වැටෙද්දි..යුන්ගි ඇස් පිය නොහෙලා බලන් උන්නෙ හනී දිහා...ඒත් කෙල්ල උන්නෙ රෝද පුටුවක..අර ජනලිස්ට් කෙල්ලගෙ රෝද පුටුව තල්ලු කරන් ඉස්සරහට ආවා..ලූහන් එදා වගේම දිලිසෙන ඇස් වලින් යුන්ගි දිහා බලල හිනා උනා…

නූනා..

යුන්ගි පැනපු ගමන් රෝද පුටුව ගානට නැවිලා ලූහන් ව බදා ගත්තා..බදාගෙන අඩන්න ගත්තෙ හරියට පොඩි එකෙක් වගේ..නම්ජුන් සේජින් ගෙ ඇගට බර වෙලා..කොල්ලටත් ඇස් අදහගන්න බෑ..මොකද්ද උනේ කියල..විනඩි ගානක් යුන්ගිව බදාගෙන ඉදල යුන්ගිගෙන් මෑත් උනු ලුහන් යුන්ගිගෙ මූන අත් දෙකට අල්ලගෙන් ඇස් වල කදුලි පිහුවා..ඒත් එක පාරම 

සරන්හේ නූනා…

යුන්ගිට තමන්ගෙ ආදරේ තවත් හංගන් ඉන්න බැරි උනා..අවුරුදු අටකට කලින් කියන්න බැරි උනු ඒ හැගීම යුන්ගි එ මොහොතෙ කිව්වෙ හරියට ලූහන් ව ආයෙත් නැතිවෙයි කියන බයට වගේ..ඒත් ලුහන් ගෙ ඇස් වල කදුලු පිරුනෙ යුන්ගිට මූන දෙන්න බැරුව වගේ..

යුන්ගියා...කෙට්ටු වෙලා..

යුන්ගිගෙ අත් දෙකෙන් අල්ලන් ලුහන් කිව්වෙ කලින් යුන්ගි කියපු දේ මග අරින්න වගේ..ඒත් යුන්ගි

සරන්හේ නූනා..

ආයෙත් ඒකම කිව්වා..කියල ලුහන් ව ආයෙත් තුරුල් කර ගත්තා..ටික වෙලාවකින් පුංචි සාලෙ සෝෆා එකේ යුන්ගි නම්ජුන් සේජින් වගේම අර ජර්නලිස්ට් කෙල්ලත් ඉදගත්තෙ ලුහන් රෝද පුටුවෙන් එතන ඉද්දි..

ඇයි නූනා..මැරුනා කියල මගෙන් ඈත් උනේ..මං කොයි තරම් …

යුන්ගිට ආයෙත් ඉකි ගැහුනා..ලුහන් යුන්ගිගෙ අත් තදින් අල්ලගත්තා..

එහෙම නොවුන නම් ලෝක ප්‍රසිද්ද බීටීඑස් සුගා අද මෙතන නෑ..මින් යුන්ගි කියන කොල්ලා සදාකාලික අබ්බගාත් කෙල්ලෙක් ගාවට වෙලා අනාගතේම නාස්ති කරගෙන..

යුන්ගි ලූහන් දිහා ඇස් හීනි කරල බැලුවා..ඒත් නම්ජුන් තමන්ට මෙච්චර වෙලා තිබ්බ ප්‍රශ්න පත්තරේම දිග ඇරියෙ තවත් ඉවසන් ඉන්න බැරිම තැන..

නූනා එදාමොකක්ද උනේ..මං ඔයාල දෙන්නවම හොස්පිටල් එක ගෙනිච්චා..එතකොට අර කෙවින් කාරය..මට මුකුත් හිතා ගන්න බෑ..

හෝව් හෝව් නම්ජුනා..ඉන්නකො මං එකින් එක කියන්නම්..

ලූහන් ජර්නලිස්ට් කෙල්ලට ඔලුව වනද්දි එයා නැගිටල ගිහින් ලොකු ෆයිල් එකක් උස්සන් ඇවිත් ලුහන් ගෙ අතට දුන්නා.

යුන්ගියා ඔයා මගෙන් හංගපු අතීතෙ මං දන්නවා..කෙවින්ගෙ ඩැඩී අර ඇමතිත් එක්ක එකතු වෙලා ඔයාගෙ ජීවිතේ විනාස කරපු හැටි මං දන්නවා..

යුන්ගි පුදුමෙන් බලන් උන්නා..නම්ජුන් යුන්ගිගෙ අතීතෙ පොඩ්ඩක් දැනන් උන්න නිසා නම්ජුන් ටත් හරි පුදුමයි..

කෙවින්ගෙ ඩැඩී ඒ කියන්නෙ ඇලෙක්ස් කියන මිනිහා ක්ලබ් එක මුවාගෙන් කරල තියෙන්නෙ ගනිකා නිවාසයක්..හැබැයි ඌ විකුනුවෙ කෙල්ලො නෙවේ කොල්ලො..ඇලෙක්ස් ලග වැඩ කරපු දොන්ජො කියන මිනිහා ව යුන්ගි නම් දන්නව ඇති..ඌ තමයි මේ හැමදේම පිටිපස්සෙ ඉන්නෙ..ඌ ඇලෙක්ස් ගෙ බිස්නස් එක ගන්න බලාගෙන පොලිසියය ඔත්තුවක් දීල තමා ක්ලබ් එක වටලල තියෙන්නෙ..ඒත් ඌ හැමෝටම කිව්වෙ යුන්ගි ඒක කරා කියල..ඌ කෙවින්ටත් යුන්ගිගෙ ෆොටෝ පෙන්නල බොරු කියල..කෙවින්ගෙ අම්මාත් සූසයිඩ් කරගත්තු නිසා කෙවින් දොන්ජො කියන දේ අහල තමා යුන්ගිට වෙඩි තියන්න ඇවිත් තිබ්බෙ..දොන්ජොට ඕන වෙලා තිබ්බෙ කෙවින් වත් හිරේ යවල බිස්නස් ඔක්කොම උගෙ අතට ගන්න..

නූනා කොහොමද මේ දේවල් හොයාගත්තෙ..

නංගි තමා හෙව්වෙ..

ලුහන් ජර්නලිස්ට් කෙල්ල දිහ බලල කියද්දි යුන්ගි වගේම නම්ජුන් ත් පුදුම උනේ ලූහන් ගෙ නංගිව අදුර ගත්තෙ නැති නිසා..

මේ නූනගෙ නංගි ද

ඔව් නම්ජුනා..අදුරගන්න බැරි උනා නේ..කෙල්ල දැන් වෙනස් වෙලා..කොන්ඩෙත් වවලනෙ..

එතකොට නූනට මෙහෙම උනේ..

ලූහන් බර හුස්මක් අරන් කතා කරා..ඒ කටහඩේ තිබ්බෙ ලොකු වේදනාවක්..

එදා ඒ උන්ඩේ වැදිලා තියෙන්නෙ මගෙ කොන්දට යුන්ගියා..ඩොක්ටර්ස් ල කිව්වෙ සුසුම්නාවට හානි වෙලා කියල..ඒකයි මට ඇවිදින්න බැරි..

යුන්ගි ආයෙත් හයියෙන් අඩන්න පටන් ගත්තා..

නූනා මං නිසා…

අයිගෝ උරි යුන්ගියා අඩන බබෙක් වෙලානෙ..කෝ ඉතින් ඔය කදුලු පිහිද ගන්න..

යුන්ගි තමන්ගෙ අත්වලට ලුහන් ගෙ අත් මැදි කරගෙන කෙල්ලගෙ ඇස් දිහා බැලුවා..

යුන්ගියා දොන්ජො ලබන පාර ඡන්දෙට ඉදිරිපත් වෙනවා..ඊට කලින් මේ සාක්ශි ඉදිරිපත් කරල මිනිහව කොටු කරගන්න ඕන..

ඒක මට බාරදෙන්න මිස්

මෙච්චර වෙලා නිහඩව උන්නු සේජින් එහෙම කියද්දි යුන්ගි සේජින් දිහා බලල ඔලුව වැනුවා..ඒත් එක්කම යුන්ගි ආයෙත් බැලුවෙ ලුහන් දිහා..

දැන් එක තැන ඉදන් උන්නා ඇති..මාත් එක්ක ඉස්සරහට ඇවිදන් යමු..

ඒ වචන ටිකත් එක්ක යුන්ගිගෙ දෙතොල් හනීගෙ නලලෙ ස්පර්ශ වෙද්දි කෙල්ල ඇස් දෙක වහගත්තෙ යුන්ගිගෙ හාදුවට උපරිම ගෞරවයක් දෙන ගමන්…

අවසානයි

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

කොහොමද ඉතින්..ඔන්න ඇද ඇද උන්නු cypher සම්පූර්ණයෙන් ම අවසන් කලා..ඔයාල හිතනවද දන්නැ ඉවර කරන්න ඕන කමට උඩින් පල්ලෙන් ලිව්වා කියල..නෑ...මං කලින් කිව්වා වගේ මං මේ කතාව ලිව්වෙ කැම්පස් එකේ Script Writing එකක් විදියට..මේ කතාව චිත්‍රපටයකට ලියපු අත්පිටපතක්..ඉංග්‍රීසි මාධ්‍යෙන්..ඉතින් ඒ මිනිත්තු 120 පිටපත මං chapter 10 කට වෙන් කරල සිංහලෙන් ඔයාලට දුන්නා..නම් ගම් වෙනස් කරාට මේක මං ලියපු ඔරිජිනල් කතාවමයි..ඉතින් මං විස්වාස කරනවා අනික් කතා වගේ මේකත් ඔයාලට මතක හිටින කතාවක් වෙයි කියල..

ඔයලගෙ අදහසුත් මට කියන්න…

ලව් යෝ

ශෙහා 💜️

Continue Reading

You'll Also Like

42.8K 3.1K 72
ဖတ်ကြည့်နော်😉😉
5.3K 1.2K 11
සැබැවින්ම ධවල හීයක් බදු සුරූපී,හැඩකාර දරුණු කෙල්ලක්, ලේ බැඳීමකින් නොබැදුනත් ප්‍රාණ සම සහෝදරයින් සත් දෙනෙක්. මුලු ලොවෙන්ම සැගව සිටින අතිදක්ෂ අපරාධ...
90K 12K 44
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]