CYPHER (Completed)

By Shey-Shooky

6.4K 1.9K 169

හීන ජීවිතේට බලාපොරොත්තු එක් කරනවා..බලාපොරොත්තු ජීවිතේ ජීවත් කරවනවා..හීන , බලාපොරොත්තු නැති ජීවිතේ හරියට හුස්ම... More

Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Epilogue

Chapter 10

417 147 7
By Shey-Shooky

පහුවදා උදේ අපි හත් දෙනා ටිකක් දවල් වෙනකන් නිදා ගත්තත් ගෙදර බෙල් එක වදිද්දි ජින් හයොන්ග් බැන බැනම ගිහින් දොර ඇරියා..ඊලග තප්පරේ හයොන්ග් කුකීගෙ නම කියල කෑ ගහද්දි අපි හය දෙනාම උඩ ගිහිල්ලා ඇහැරුනා..

ජන්ගුකා…..ඔම්මල ඇවිත්..

ජන්ගුක්ගෙ පවුලෙ අය ඇවිත්..කොල්ලට හරි සතුටුයි...එයාල ජන්ගුක්ව එක්කන් ගියෙ ගමනට ඕන කරන බඩු අරන් දෙන්න..ඊට පස්සෙ ජින් හයොන්ග් ගෙ ගෙදරින් , හෝසොක් ගෙ ගෙදරින් , නම්ජුනී ගෙ ගෙදරින් , ජිමින් ගෙ ගෙදරින් අන්තිමටම ටේගෙ ගෙදරින් ඇවිත් එයාලා පවුලෙ අයත් එක්ක එලියට ගියා..දවල් වෙනකනුත් ඔම්මා ආවෙ නෑ..සමහර විට ඊයෙ එනව කිව්වට එයාලට වැඩ ඇති..මං ටික වෙලාවක් බලල ලෑස්ති උනේ තනියම ගිහින් බඩු ටිකක් ගන්න..ගෙදර දොරත් ලොක් කරල පාරට එද්දිම  ගේට්ටුව ඉස්සරහ නතර උනේ මාස ගානකින් නොදැක්ක හයොන්ග් ගෙ කාර් එක..කාර් එක නවත්තපු ගමන් ඔම්මා දුවන් අවිත් මාව බදා ගත්තා..ඒත එක්කම හිනා වෙලා මං ලගට ආවෙ හයොන්ග්...අප්පා අවිත් නෑ..

යුන්ගියා ක්වෙන්චානා

ඔම්මා අඩුම් අතරින් මගෙ මූන අත ගානවා..ඔම්මා කෙට්ටු වෙලා..ඇදිලා ගිහින්..

දන්නවද ඔම්මා කොච්චර හෙව්වද කියල..අන්තිමේ අප්පා මාව ගේ ඇතුලෙම හිර කරා..

ඔම්මා අඩ අඩ කියද්දි මං ඔම්මව බදා ගත්තා..

මියානෙ ඔම්මා..මියානෙ..

මට කියන්න පුලුවන් උනේ එච්චරයි ඔම්මා මගෙන් ඈත් වෙලා මගෙ කම්මුලට හයියෙන් ගැහුවා..

මේක අපිව දාල ගියාට

ඊලගට ඔම්මා මාව බදාගෙන මගෙ නලලට හාද්දක් දුන්නා..

මේක පරිස්සමින් උන්නට

පරිස්සමින්...ඔම්මා ඔයා දන්නව නම් මං මූන දීපු දේවල්..මේ මාස දෙකට මට නැති වුන දේවල්..ඔයා කවදාවත් මට සමාව දෙන එකක් නෑ..

යුන්ගියා කජා…

හයොන්ග් කියද්දි අපි තුන් දෙනා ටවුන් එකට ගියා..ගෙනියන්නත් බැරි තරන් ඇදුම් , කෑම වගේම ඔම්මා මට හොදම ගිටාර් එකකුත් අරන් දුන්නා..ගොඩක් වෙලා ටවුන් එකේ ඉදල ඔම්මල මාව ගෙදර ඇරලද්දි අනික් අයත් ගෙදර ඇවිත් උන්නෙ..ටේ කුකී එයාලගෙ ඔම්මල බදාගෙන අඩනවා..

යුන්ගියා ආ අප්පා මේක දෙන්න කිව්වා.

ඔම්මා මට දුන්නෙ ඩෙබිට් කාඩ් එකක්..මං ගන්න අදිමදි කරද්දි ඔම්මා බලෙන්ම ඒක මගෙ අතින් තිබ්බා..

ඔයා පුංචි කාලෙදිමයි අපි ඔයාගෙ හයි ස්ටඩීස් වලට සල්ලි එකතු කරේ..රට ගියාමත් ඔයාට සල්ලි ඕන වෙයි..ඕක යූස් කරන්න අදල්..අපිට කවද හරි පසුතැවෙන්නෙ නැති වෙන්න අනාගතේ හදා ගන්න..

ඔම්මගෙ වචන මාව තවත් බය කලා..අපිට මේක කරන්න බැරි උනොත්..මං කොහොමද අප්පට මූන දෙන්නෙ..ඒත් මට හැරෙන්න බෑ..කලුවර වැටීගෙන එද්දි හැමෝම යන්න ගියා..අනික් අය වගේම මාත් උන්නෙ දුකෙන්..ඒ වෙලාවෙමයු හනී නූනා මට කෝල් කරල පාක් එකට එන්න කිව්වෙ..මං නූනට ගත්තු නෙක්ලස් එකත් සාක්කුවෙ දාගෙන නිදියන් උන්නු නම්ජුන් වත් ඇදගෙන හන් ගග පාක් එකට ආවෙ මගෙ හිතේ තියෙන දේ අද නූනට කියනව කියලහිතා ගෙන..

යුන්ගියා…

අපි යද්දිම නූනා ඈත ඉදන් අත වැනුවා..ඒත් නූනගෙ මූනෙ තිබ්බෙ අමුතු පෙනුමක්..නූනට දාඩිය දාලා..මං නූනා ගාවට දුවන් ගියා..

නූනා..

යුන්ගියා...ක්වෙන්චානා

නූනා මාව බදාගෙන ඇහුවා..නූනගෙ අස්වල කදුලු...එයා බය වෙලා..

නූනා මොකද මේ..

යුන්ගියා කෙවින්..

ඇයු ඌ නූනට කරදර කරාද??

අනී යුන්ගියා...ඔයා කොහොමද කෙවින් ගෙ ඩැඩීව අදුරන්නෙ..

මෝ..මොනාද මේ කියන්නෙ..මං කොහොමද කෙවින්ගෙ ඩැඩිව දන්නෙ..

මං කිසි දෙයක් තේරුන් ගන්න බැරුව නූනගෙ ඇස් වලට එබිල ඇහුවා..නූනා උන්නෙ ලොකු ප්‍රශ්නෙක..ඒ ඇස් වල කදුලු පිරිලා..

යුන්ගියා කෙවින් කියනවා එයාගෙ ඩැඩී හිරේ ගියෙ ඔයා නිසාලු..එයාගෙ මමී සූසයිඩ් කරගත්තෙත් ඔයා නිසාලු..ඔයා...ඔයා සෙක්ස් ස්ලේව් කෙනෙක් ලු…

නූනා ආයෙත් අඩන්න ගත්තා..මං උන්නෙ කිසි දෙයක් තේරුන් ගන්න බැරුව..නම්ජුන් ගෙත් ඇස් ලොකු වෙලා..කොල්ලා උන්නෙත් පුදුමෙන්..

නූ...නා...කෙවින්ගෙ ඩැඩීගෙ නම මොකක්ද..

මං ඇහුවෙ හිතේ තිබ්බ කුතුහලය නිසා..බැරි වෙලාවත් කෙවින් දොන්ජො ල ගැන දන්නවද..මට මගෙ කකුල් පන නැති වෙනවා වගේ දැනුනා…

ඇලෙක්ස්...ලී ඇලෙක්ස් කෙවින්ගෙ ඩැඩී..

ම්වෝ…

එයා ඉන්නෙ ජේල්...ක්ලබ් එකක හොර ජාවාරම් කරල..කෙවින්ගෙ මමි ලැජ්ජාවට ඊයෙ සූසයිඩ් කරගෙන..

ඒ කියන්නෙ..කෙවින් ඇලෙක්ස් ගෙ පුතා..ඒකයි මගෙත් එක්ක තරහෙන් උන්නෙ.මං ගැන දැනටමත් කෙවින් දන්නවා ඇති..දැන් මං මොනාද කරන්නෙ..නූනා අඩනවා..මං නූනව ඈත් කරල එයාගෙ ඇස් වල කදුලු පිහුවා..

නූනා..

යා සෙක්කියා..

මට කතා කරන්න ලැබුනෙ නෑ..අපි දිහාට දුවන් ආවෙ කෙවින්..ඇස් රතු වෙල..වැනි වැනි ආපු කෙවින් මගෙ ඉස්සරහින් හිට ගත්තා..කෙවින් හොදටම බීලා වගේ..ඌ ගාව ආව ගදින් ඒක හොදටම තේරුනා..කෙවින් එක පාරටම මට ගැහුවා..කෙලිම මගෙ මූනට..මූනෙන් දැනුනු දැවිල්ල නිසා අල්ලල බලද්දි නහයෙන් ලේ එනවා..

යා

නම්ජුන් අවිත් මාව අල්ල ගත්තා..මං දෙපාරක් නොහිතම කෙවින් දිහාට පැනල ඌව බිම දාගෙන ගහද්දි හනී නූනා නම්ජුන් දෙන්නම මාව අතින් ඇදල අහක ගෙනිච්චා..කෙවින්ගෙ මූනෙන් ලේ ගලනවා..

කෙවින් එක පාරම නැගිටල ඉනෙ පිටිපස්සෙ තිබුනු පිස්තෝලයක් ඇදල අරන් මට වෙඩි තිබ්බා.හිතන්නවත් වෙලාවක් නොදී සිද්දවුනු දේ නිසා මං එක පාරටම ගැස්සුනේ හනී නූනා මාව බදාගෙන බිම වැටෙද්දි...කෙවින්ගෙ පලවෙනි උන්ඩෙ නූනගෙ පිටට වැදෙද්දි දෙවෙනි උන්ඩෙ ඇවිත් මගෙ උරහිසේ වැදුනා..සිහි නැති වෙන්න කලින් මං දකපු එකම දේ ලේ පෙරාගෙන උන්නු හනී නූනා..මගෙ පලවෙනි ආදරේ..

සිහිය එද්දි මං උන්නෙ කොරියාවෙ නෙවේ..ඇමෙරිකාවෙ..උනේ මොකක්ද , හනී නූනට කොහොමද කියල කවුරුත් මට කිව්වෙ නෑ..ඒත් හොස්පිටල් එකෙන් ඩෝම් එකට ආවට පස්සෙ බෑන්ග් පීඩි නිම් කිව්වෙ මං හීනෙකින්වත් අහන්න අකමැති උනු දෙයක්..හනී නූනා එදා අපිව දාල මුලු ලෝකෙන්ම ගිහින් තිබුනා..කෙවින් ව මිනී මැරුම් චෝදනා එක්ක හිරේ ගිහින් තිබුනා..මාව පහුවදාම අමෙරිකාවට අරන් ඇවිත් තියෙන්නෙ තවත් ප්‍රශ්න ඇති වෙන්න කලින්..

ජීවිතේ පලවෙනි පාරට දැනුනු ආදරේ ඒ විදියට මගෙන් සදහටම වෙන් වෙලා යද්දි මින්‍ යුන්ගි සදහටම ගල් හිතක් තියෙන කොල්ලෙක් උනා..නූනා මැරුනෙ මං නිසා කියන වරදකාරි සිතුවිල්ල එක්ක සහෝදරයො හය දෙනා වෙනුවෙන් ජීවත් වෙන්න මං හිතා ගත්තා...ඒත් කවදාවත් නූනා වෙනුවෙන් මගෙ හිතේ වෙන් වුනු තැන කාටවත් නොලැබේවි…

End 

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

Epilogue  එකත් කියවලම අදහස් කියන්න…

ශෙහා 💜️


Continue Reading

You'll Also Like

347K 40.1K 27
"အဲ့ဒီမျက်ဝန်းညိုညိုလေးကို နောက်တစ်ကြိမ် ငြှိတွယ်သွားခဲ့မိမယ်လို့ ကိုယ် မထင်ထားမိဘူးချာတိတ်လေးရယ်'' "အဲ့ဒီမ်က္ဝန္းညိဳညိဳေလးကို ေနာက္တစ္ႀကိမ္ ျငႇိတ...
2K 666 40
" I would not be here If you did not come .. So You are the reason I stay alive today .. " Start Date 📆 : 2022.02.18 End Date 📆 : 2...
66.1K 4.9K 65
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
359K 42.1K 24
"မင်းဘာသာ သမန်းဝံပုလွေမကလို့ ဘာကောင်ကြီးပဲ ဖြစ်နေဖြစ်နေ ငါဂရုမစိုက်ဘူး ဂျောင်ကု...'' ''မင္းဘာသာ သမန္းဝံပုေလြမကလို႔ ဘာေကာင္ႀကီးပဲ ျဖစ္ေနျဖစ္ေန ငါဂ...