දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
අදත් ඉතිං සුපුරුදු පරිදි ඇල්බා උදේ 07:00 වෙනකොට ඇවිත්
මාවත් කූද්දගෙන බෙල් එක වදින්න ඔන්න මෙන්න තියෙද්දි
යන්තං ගේට්ටුවෙන් පැනගත්තා...
ගෙදර ඉදන් විනාඩි 10ක විතර පයින් යන දුරක තමයි ඉස්කෝලෙ තිබුනෙ...
අපේ ගෙදර අයට හුරතල් කරන්නයි,
වද දෙන්නයි ඔක්කොටම එකා යකා වගේ ඉන්නෙ මම විතරයි....
අම්මා ජීවිතේ කවදාවත්ම මට බැනලා නෑ...
තාත්‍තාත් එහෙමයි...
ඉල්ලන පරක්කුව විතරයි...
ඕන හැමදේම ලැබෙනවා...
ආදරෙත් එහෙමයි, වැඩියෙනුත් එක්කම ලැබෙනවා...
ඒත් එයාලා එක්ක මට කතා කරන්න වෙලාවක් හම්බවෙන්නෙ කලාතුරකින්...
ඇල්බාට එහෙම නෑ අම්මා පැය 24ම ගෙදර..
අනිත් ටිකනම් ඒ පිළිවෙලම තමයි කිසිම වෙනසක් නෑ...
ඉස්කෝලෙට එන්න උනත් ඇල්බා ඇවිත් මට කතා කරනකම් කතාකරන්න කවුරුත් නෑ...
A4 සෞන්දර්ය විශය කරන අයගෙ පන්තිය තිබුනෙ දෙවනි තට්ටුවෙ කෙරවලේම පන්ති කාමරේ...
ඇල්බයි මායි යනකොට පංතියෙ ළමයි ඔක්කොම ඇවිත් හිටියා...
ළමයි ඔක්කොම 38යි...
කෙල්ලො තමයි වැඩිපුර ඉන්නෙ..
කෙල්ලො 20 යි,
කොල්ලො 18 යි,
අපි දෙන්නාගෙ තැන් දෙක හිස්..
කවුරුත් ඇවිල්ලා නෑ..
පිටිපස්සෙම පේළියෙ කෙළවරේ බැම්ම අයිනට වෙන්න තමයි අපේ පොට් එක...
බැම්මට හේත්තුවකුත් දාගෙන ඉස්සරහා බලන් හිටියට මොකද
සිංහල මිස් උගන්නන්නෙ ඉස්සරහා පේලියෙ ඉන්න එවුන්ට විතරයි...
කියන මේලෝක දෙයක් ඇහෙන් නෑ...
කෙල්ලොනම් ටීච මොකද්ද කිව්වෙ ටීච..
මිස් ආපහු කියන්නකො ගගා මොන මොනවාදෝ ලියනවා..
මම ඇල්බා දිහා බැලුවා..
ඌ කට කපලා නිදි...
එහා පැත්තෙ ඉන්න එකා දිහා බැලුවා,
ඌ ප්ලාස්ටික් භක්ෂකයෙක් වගේ
මුළු පෑන් ක්ලිප් එකම කටේ ඔබාගෙන කනවා...
මොන මූසල කමක්ද??
ඇල්බා.. ඕයි... යකෝ...,,
ඔළුව පොඩ්ඩක් පාත් කරලා රහසින් කතා කලා..
යකෝ මූ මැරිලාද ඒ පොඩ්ඩට...
මේක හරියන් නෑ,
අඩෝ...
පුප රතු බැබොලො...
හොට රතු කිඹුලො...
නැකිටහං යකො...""
වැලමිටෙන් දෙක තුනක් අනින ගමන් මන් කිවුවා...
මූට ඇනපු එකනම් රිදිලා සැරටම..
අතත් අත ගගාම නැගිට්ටා...
හෑයියා...
පැණි වැලයි... සැක්...
ඇල්බා කටත් අතින් පිහිද පිහිද මගෙ දිහා බැලුවා...
මම ඇස් දෙකෙන් Time table එක පෙන්නුවා...
ඇල්බා මට ගෙදරින් එනකොට කියලාමයි ආවෙ
අද පළවෙනි දවස නිසා පංතියෙම ඉමු කියලා...
කොහොම හිත හදන් ආවත් දරාගන්නෙ කොහොමද දෙවියනෙ...
ඊළඟට General English කාලා වරෙං...
හපොයී දෙවියනේ කරපු පව් ගෙවෙන්න තියෙන ක්‍රමනම් දරාගන්න අමාරුයි...
බව් බව් ගාලා බුරන්න ගත්තහම
ගුරු මුස්ටිය මුට්ටියක දාලා රත් කරලා ඇල්බාට පොවන්න හිතෙනවා...
තවත්නම් බෑ මේ මානසික පීඩනේ ඉවසන්න..
බැම්මට අත්දෙක තියලා ඉස්සිලා,
එක කකුලක් බැම්මෙ ගැට්ටට තියලා
මම පැන්නා..
එහා පැත්තෙ තට්ටු දෙක අතරෙ ඩෙස් දාන්න හදලා තියෙන කොන්ක්‍රීට් ලෑල්ලට පැනලා බිමට පැන්නා..
ආයි මොකද??
ඇල්බාත් ඒ පිටිපස්සෙන්ම පැන්නා..
දෙන්නාත් එක්ක ගියා පොඩි උන්ගෙ පංති පැත්තට,
ඒ යනකොය O/L class එකකට හිස් පීරියඩ් එකක් සෙට් වෙලා...
පංතියෙ ඉන්න කොල්ලො සෙට් එක ලාවට බජව්වක් දානෝ..
මේ වගේ පින්බර දසුන් දිහා බල බල
අහක බලාගෙන යතහැකිද ඉතින්..
ඉන්නත් තැනක් සෙට් කරගන්න ඕන නිසාම පැන්න අපි දෙන්නත් පංතිය ඇතුලට...
අපි දෙන්නාව අදුරනවා ඕන පොඩි එකෙක්..
මාත් ගිහින් පුටුවෙ හේත්තු වෙන පත්තට පපුව හිටින්න වාඩි වෙලා,
පෑනක් අරන් දැම්මා ලාවට තට්ටුවක්...
බජව් දාලා, එහෙට මෙහෙට කරක් ගහලා,
පොඩි උන් සෙට් එකක් එක්ක සම්බෝලයක් කොටලා
දාඩිය පොල්ල දාගෙන interval එකට බෙල් එක ගහපු ගමන් ආවෙ
ඇල්බාගෙ අම්මා ඔතලා දීපු බත් ගෙඩියට වග කියන්න...
ඉස්සරහම පේලියෙ මේසයක් උඩ තිබුන වතුර බෝතලෙත් අරගෙනම පිටිපස්සට ආවෙ බැම්මෙන් එහා පැත්තට අත හෝදන්න...
අතත් හෝදලා, මූණත් හෝදලා
ඉතුරු වතුර ටික ඇල්බා දිගෑරපු බත් එක ළගින් තියාගත්තා...
කාගෙද දන් නෑ.. අදාල නෑ..
ම්.... මේ....""
ඒත් ටික වෙලාවක් කනකොට කන ළගින්ම චූටි කටහඩක් ඇහුන නිසා අනපු බත් කට අතේ තියාගෙනම මම ඔළුව උස්සල බැලුවා..
මූණක් නෑ...
බත් මුලකුත් අතේ තියන්, මූණත් බිමට පාත් කන් කොල්ලෙක් ඉන්නවා හිටගෙන...
ඇයී...""
මාත් එච්චර ගානක් නැතුව ඇහුවා...
එතකොටම සැන්ටා ඇවිත් මගෙ ළග තිබුන වතුර බෝතලේ අරන් අර කොල්ලාගෙ අතට දුන්නා...
අනිත් අල්ලගෙන ගිහින් ඉස්සරහින් වාඩි කෙරෙව්වා...
ඒ මොකද්ද යකෝ ඒ උනේ...
ඊටත් සැන්ටා මක් කරනවද මේ පංතියෙ...
13 වසරෙ පංති තියෙන්නේ අනිත් ගොඩනැගිල්ලෙ අපේ පංතියට සමාන්තරව...
එහෙව් එකේ සැන්ටා මක් කරනවද මෙතන...
දැවෙන ප්‍රශ්න...
Sure & shot මේ කොල්ල සැන්ටාගෙ ඥාතියෙක්ම තමයි...
රෑ හොල්මන් දවල් දැක්කා වගේ හිටපු
මම ඇල්බා දිහා බැලුවා...
ඌ ඇමර්සන් වනන්තරේ ඉන්න පිරානා මාළුවෙක් වගේ,
බිත්තරේ එහෙම පිටින්ම ගිලිනවා...
ඌ බිත්තර ගිලින විදියට මට බිත්තරත් එපා වෙනවා...
මම මගෙ බිත්තරෙත් උගෙ ළගටම තියලා නැගිට්ටා...
අප්සට් මට සෑහෙන්න අප්සට්...
හේතුවක් හිතාගන්න බැරි තරමටම අප්සට්...
සැක්... ආතල් මූඩ් එක ක්ලෝස්....
වෙච්ච දේ ගැන හිත හිට අත හෝදන්න පහළට යනගමන් මම ඇස් කොනින් අර කොල්ලා දිහා බැලුවා...
බිම බලාගෙනම හිමින් හිමින් කනවා...
අනේ මන්දා මොන ලෝකෙකෙ කොල්ලෙක්ද කියලා...
************************************
Interval එකෙන් පස්සෙ පීරියඩ් දෙකක් සංගීත...
My favorite subject එක...
සමරෙ සර් එක්ක ඉගෙන ගන්නව කියලා කියන්නෙ ආතල් ලෝකයක්...
රාග තාල පටලගෙන ජීවිතේ කළඹ ගන්න තමයි ඉතිම් තියෙන්නේ...
ඇල්බායි මායි තමයි ඉතින් අන්තිමටම යන්නෙ...
සංගීත කාමරේට ගිහින් බෙල්ල හරෝ හරෝ හෙව්වෙ අර අහිංසක ටිං ටිංව...
තනියම පුටුවක් තියන් වාඩි වෙලා ඉන්නවා පැත්තකට වෙන්න...
හැයි යකෝ මුට ලෙඩක්ද??
ඔළුව උඩ මොකක් හරි බරක් තියන් ඉන්නවා වගේ,
කොයි වෙලේ බැලුවත් බිම බලන්..
හරියන් නෑ, හරියන් නෑ...
හැපෝ.... මට ඔහොම ඉන්න බෑනෙ එක තප්පර පහක්...
මම තනියම ඔළුව වන වන කියෝනවා,
ඇල්බා මගෙ දිහා බලන් ඉන්නවා...
මම වට පිට බැලුවා ඇල්බා විතරක් නෙවෙයි අනිත් උනුත් බලන් ඉන්නවා...
මම උන් දිහා බලලා ඉවර වෙලා සර් දිහාත් බැලුවා
මොකද සර් දිහා බලන්න විතරයි ඉතුරු වෙලා තිබුනෙ...
හරි...
ඔය නාගෙන තියෙන්නේ ටිංකිරි බාල්දියම...
සරුත් මගෙ දිහාම තමයි ඉතින් බලන් හිටියෙ...
ආපහු මම ඇල්බා දිහාම බැලුවා ඉතින්,
දුකට සැපට සනී වගේ ඔක්කොටම ඉන්නෙ ඌනෙ...
ඌ කටත් පු# වගේ කරලා ඉස්සරහා බලාගත්තා...
අද පළවෙනි දවස වැඩි දෙයක් ඉගැන්නුවෙ නෑ...
පළවෙනි පීරියඩ් එකේනම් ඉතිං,
රාග වල විස්තරයි, විශය නිර්දේශය පැහැදිලි කරයි විතරයි...
දෙවනි පීරියඩ් එකේනම් හැමෝටම සටහන් කරගන්න දීපු
බිලාවල් රාගයෙ මධ්‍ය ලය ගීතය ගායනා කරන්න දුන්නා..
සමරෙ සර් මුලින්ම ස්ථායි කොටස ගායනා කරලා පෙන්නලා
හැමෝටම තනි තනියෙන් ගායනා කරන්න කියලා කිවුවා...
කෙල්ලො ටික කීං කීං ගාන වොයිස් එකෙන් ගායනා කරලා ඉවර උනාට පස්සෙ තිබුනෙ අපේ වාරේ...
මුලින්ම අහිංසක ටිං ටිං...
වූහ්හූ... ඒ වොයිස් එක...
පට්ට පැහැදිලි...
වචනයේ පරිසමාප්ත අර්තයෙන් කිවුවොත් ඒ කටහඩ භාවනාවක්...
කියලා ඉවර වෙනකම් දැනුනෙවත් නෑ...
මාත් ඉතින් සෙකන්ඩ් වෙන්න ගියෙ නෑ,
දන්න උපරිම ශිල්ප සාස්ත්‍ර දාලා මාත් කිවුවා...
කෙල්ලො ටිකනම් ෆුල් හොල්මන් වෙලා බලන් ඉන්නෙ මං දිහා...
කාටත් නොපෙනෙන්න,
ඇල්බාට විතරක් පේන්න මන් සේප් එකේ කොලර් එක සුට්ටක් උස්සලා පෙන්නුවා...
ඌ ආපහු කට පු# වගේ කරලා ඉස්සරහා බලා ගත්තා..
පාප මිත්‍රයෝ.. පෑලියාව...
සංගීත පීරියඩ් එක ඉවර වෙලා අපි පංතියට යනකොට සැන්ටා පන්තිය ලග..
මූ අපේ පංතියෙ කෙල්ලෙකුටවත් පැණි හලනවද???
සෙනුමි අක්කා දැන ගත්තොත් බෙල්ල ගලෝලා අතට දෙයි බල බල හිටහං කියලා...
නෑ... අර අපේ පංතියෙ ඉන්න අහිංසක ටිං ටිං පොත් ටික අරන් එළියට එනකම් හිටලා මෙන්න ඒ කොල්ලාගෙ පස්සෙන් යනෝ...
යකෝ මූ උගෙ bodyguardද???
මේවා දැවෙන පස්න...
හම්මෙහ් දැන් තියෙන්නේ අන්තිම පීරියඩ් දෙක,
ඒ පීරියඩ් දෙකම මීඩියා...
ඒකනම් ඇල්බාටයි මටයි දෙන්නාටම අලුත් විශයක්,
දෙන්නම පොත් අරන් පංතියෙ හිටපු තැනටම වෙලා හිටියා,
තෝරගත්ත අනිත් විශයන් කරන උන් අදාල පන්ති වලය මාරු වෙනවා,
අනිත් පන්ති වල මීඩියා කරන උන් ටික මේ පන්තියට එනවා...
අර කොල්ලා කරන්නෙ භූගෝලය,
ඒක තමයි සැන්ටා පන්තිය ගාව රැකගෙන හිටියෙ...
ඒ පීරියඩ් දෙකනම් කම්මැලි කමක් නැතුවම ගෙවිලා ගියා...
මරු subject එක..
උගන්නන සරුත් පට්ට..
අපිට ඉතින් එච්චරයි...
ඉස්කෝලෙ ඇරුනාම අපි දෙන්නා සුපුරුදු පරිදි ලෙංචිනාගෙ කඩේට ගියෙ අයිස් දෙකක් ගන්න...
ඇල්බා අයිස් දෙක අරන් එනකම් මම එළියට වෙලා හිටියා..
අහිංසක ටිං ටිං යනවා ඔළුවත් පාත් කරගෙම බිම ඉන්න කූඹි පෑගෙයි කියලා බයෙන් බයෙන් වගේ...
මට ඒ ඔළුව පොඩ්ඩක් උස්සලා බලන්න හිතුනා ඉස්සෙනවද කියලා...
ඒ කොල්ලා වැරදිලාවත් ඔළුවනම් උස්සන්නෙ නෑ..
මමත් ගියා පස්සෙන්..
ගිහින් අල්ලගත්තා බෑග් එකෙන් ඉස්සරහට යන්න බැරි වෙන්න..
කොල්ලා ඔළුව උස්සලා මගෙ දිහා බැලුවා...
.
.
.
.
නෑ මාව ටොනෑඩෝ එකකට අහු උනා...
එච්චරයි මම දන්නෙ...
.
.
.
.
.
.
To be continued... 😘
.
.
.
.
.
.
ඉෂූ... 🙆😘
දගකාර සිතක නැවතුම... 🌈