ONE WORD | COMPLETED

By Park_Jeyu

2.8K 646 167

පිටට පේන්න හිනාවෙලා ඉන්න හැම කෙනෙක්ගෙම ජීවිත ලස්සන නෑ. ගොඩක් අය රඟපානවා!! 2021.10.29 More

01.
02.
03.
04.
05.
06.
07.
08.
09.
10.
11.
12.
13.

Author's note!!

149 33 57
By Park_Jeyu

~ ජීහුගෙන් හොබීට ~

කරන්න කොච්චර අමාරු උනත්
ලෝකෙට පේන්න හිනා වුනා මං
හිත ඇතුලෙන් දහස් වාරයක් පිච්චෙන්නැති
ඒත් මං ඒකට පුරුදුවෙලා

මට හරි මහන්සියි දැන්
ලෝකයක් ඉස්සරහා රඟපාලා
බොරුවට හිනාවෙලා
අනිත් අයව හිනස්සලා
ඉතින් මං තීරණයක් ගත්තා

කෙටි අඩි වලින් මුහුද මැදට පියනගද්දි
මුහුදු රැල්ල මාව සිපගනිද්දි
හුස්ම හිරවුනත්
සැනසීමක් දැනුනා මට

මං නිසා හිනාවුනු ඔයා
මං ගාව සැනසුනු ඔයා
මං නිසාම දුක් විඳිනවා
බලන් ඉන්න පුළුවන් ද මැණික ?

ඉතින් කොහොම කියන්න ද මේ දේවල් ?

_________________________________________________

ඇඬුවෙ නෑනෙ කවුරුවත් 🤧💔 Fiction එකක් නිසා අඬලා ඔයාලගෙ වටිනා කඳුළු නාස්ති කරගන්න එපා ළමයි.

ඔයා පුංචි දේකටත් අඬන කෙනෙක්නම් කොහොමද ඔයාගෙ කඳුළු වලට වටිනාකමක් දෙන්නෙ ?

මං දල්ලවා ඉතිම් මෝඩ කතාවක් කියලා 😗😗

Group එකක වෙච්ච සිදුවීමක් නිසා ලියන්න හිතුනෙ. මාත් ඒකට ඍජුවම සම්බන්ධයි.

කොහොමහරි වෙච්ච දේ නිසා මං ඇඬුවා. ඇත්තටම හිතන්නැතුව කියන වචනෙකට කෙනෙක්ගෙ ජීවිතේට ලොකු බලපෑමක් කරන්න පුළුවන් කියලා මං තේරුම් ගත්තා.

මං සාමාන්‍යයෙන් ඕනිම දෙයක් කියන්න කලින් දෙපාරක් හිතන කෙනෙක්. ඒත්, එදා අනේ මන්දා.

කොහොමහරි මේ කතාව ලියන්න හිතුනෙ එහෙම දෙයක් වෙච්ච නිසා.

මං Description එකක් එහෙම දාලා ලොකුවට පටන්ගත්තට අන්තිමට ලියවුනේ වෙනම කතාවක්.

මං දන්නෑ Description එකට කතාව ගැලපෙනවද කියලවත් ළමයි.

කොහොමහරි ⁣මං කතාව දවසින් ලියලා ඉවරකරා. මෙච්චර ඉක්මනට ලියපු පළවෙනි කතාව.

මන් හිතනවා හැමෝම අවසානෙට කැමති වෙයි කියලා.

මං මුලින් හිතාගෙන හිටියෙ හොබීවත් මරන්න. ජීහුගෙ මරණෙ නිසා එයාටම සමාව දීගන්න බැරුව දුක් විඳලා මැරුනා කියලා කියන්න. ඔයාලගෙ තීරණ නිසා ඔයාලටම පසුතැවෙන්න ඉඩතියන්න එපා කියලා කියන්න.

ඒත්, අන්තිමට හිතුනා හැපි එන්ඩින්ග් එකක් දුන්නනම් හොඳයි කියලා. මං හිතනවා හැමෝම කැමති ඇති කියලා.

Time passed එකෙන් පස්සෙ කියපු ටික තේරුනානෙ. මොනවහරි ප්‍රශ්න තියෙනවද ?

මට අනාත ළමයි එක්ක සම්බන්ධයක් තියෙයි ළමයි. Draft list තියෙන කතා ඔක්කොගෙම ඉන්නෙ අනාත ⁣ළමයි 😂😭

ජීහුට වෙච්ච දේවල් ඇත්ත ලෝකෙ වෙන්න බෑ වගේ නේද ? සමහර විට ඊටවඩා දේවල් වෙච්ච අයත් මේ ලෝකෙ ජීවත්වෙන්න පුළුවන්.

මං කිව්වනෙ ළමයි මේක fiction එකක් කියලා. වැඩිය හිතන්න එපා. ගන්න තියෙන දේ විතරක් ගන්න.

මට ඔයාලගෙ අදහස් ගොඩාක් වටිනවා ළමයි. ❤️😗


__________________________________________________

මං හිතුවා Description එකත් එක්ක කතාව පොඩ්ඩක් සම්බන්ධ කරන්න.

කෙලින්ම සම්බන්ධ වෙන්නැති උනාට තැන් තැන්වලින් පොඩ්ඩක් සම්බන්ධ කරගන්න පුළුවන් උනා 😂😭

එක චවනයක් ඇති කෙනෙක්ගෙ ජීවිතේ විනාස කරන්න. වචනයක් පිටකරන්න කලින් දෙපාරක් හිතන්න. 🖤

එක වචනයක් ඇතුලෙ සෑහෙන්න ලොකු තේරුමක් තියෙනවා. 🤍

ජීහු කියන්නෙ හිත ඇතුලෙ ගොඩාක් ප්‍රශ්න තියාගෙන හිටපු කෙනෙක් කියලා තේරුනානෙ. එච්චර ප්‍රශ්න තියාගෙනත් එයා ලෝකෙට පේන්න හිනාවුනා. හොබීව හිනැස්සුවා. ⁣

ඒත්, හෝසොක් ඒ කෙල්ලට සමහර වෙලාවට ගොඩක් නපුරු විදිහට කතාකරා කියලා මම කිව්වනෙ. ඒ වෙලාවට ඒ කෙල්ලට මොනවා හිතෙන්නැති ද ? තමන් ආදරය කරන කෙනාගෙන්වත් තමන්ට ආදරයක් ලැබෙන්නෑ කියලා හිතෙනකොට. තමන් ආදරය කරන කෙනා තමන් ගැන හිතන්නෑ කියලා හිතනකොට.

කොච්චර රිදෙන්නෑ කියලා පෙන්නන්න හැදුවත් තමන් ආදරය ⁣කරන කෙනා නපුරු විදිහට කතාකරනවනම් ඒක ගොඩක් රිදෙනවා.

තවත් තැනක යුන්ගි හෝසොක්ට මූසලයා කියලා කතාකරනවා. යුන්ගි ඒක හිතලා කිව්වෙ නැති උනාට හොබී ඒ වෙලාවෙ හිටපු තත්ත්වෙත් එක්ක එයාට මොනවා හිතෙන්නැති ද ?

ඒ නිසා හැමවෙලාවකම අනිත් කෙනා ගැන පොඩ්ඩක් හරි හිතන්න. ඔයාට එයාව විශේෂ කෙනෙක් නොවෙන්න පුළුවන්. ඒත්, එයාට ඔයාව විශේෂ කෙනෙක් නම් ⁣ඔයා නොදැනුවත්ව කියන වචන වලින් එයාට රිදෙන්න පුළුවන්.

එයා ඉන්නෙ මොකක්හරි ප්‍රශ්නෙකනම් ඔයාගෙ වචන වලින් එයාව තවත් කඩන් වැටෙනවා. හැමවෙලාවකම තව කෙනෙක්ට Pain Killer එකක් වෙන්න බලන්න.

ඔයා නොදැනුවත්ව කියන වචන වලින් කෙනෙක්ට රිදෙන්න පුළුවන් වගේම කෙනෙක්ගෙ රිදුනු හිතක් සුවපත් වෙන්නත් පුළුවන්.

වචනයක් කියන්න කලින් දෙපාරක් හිතන්න. ඔයාගෙ වචන නිසා ඔයාටම පසුතැවෙන්න ඉඩතියන්න එපා. මං මෙහෙම කියන්නෙ මට මෙහෙම දෙයක් සිද්ධඋනු නිසා.

හෝසොක්ට තේරුම්ගන්න බැරිවුණා එයාගෙ හිතේ තියෙන හැඟීම. ජීහුගෙ ආදරේ. හෝසොක් එයාගෙ කේන්තිය පිටකරේ ජීහුගෙන්.

ඒත් ඒ කෙල්ල හැමදේම හරි ලස්සනට දරාගත්තා.

පිටට පේන්න හිනාවෙලා ඉන්න හැම කෙනෙක්ගෙම ජීවිත ලස්සන නෑ. ගොඩක් අය රඟපානවා. 🖤

මේක ජීහුගෙ චරිතෙත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙනවා.

අච්චර ප්‍රශ්න ගොඩක් හිතේ තියාගෙනත් ඒ කෙල්ල හැමවෙලාවෙම හිතුවෙ අනිත් කෙනාගෙ සතුට ගැන.

කිසිම වෙලාවක එයා එයාගෙ ප්‍රශ්න පිටට දුන්නෙ නෑ. එයා තනියම විඳෙව්වා.

ඒත්, එයා කරපු දේ හරිද ?

සමහරවිට එයා හොබීත් එක්ක එයාගෙ ප්‍රශ්න කිව්වනම් ඒ කෙල්ල ජීවත් වෙන්න තිබ්බා. හැමදේම වෙනස් වෙන්න තිබ්බා.

ඔයාලට මොකක්මහරි ප්‍රශ්නයක් තියෙයිනම් ඒක කාටහරි කියලා හිත නිදහස් කරගන්න බලන්න. ඒ කෙනා අනිවාර්යයෙන්ම ඔයාට විශ්වාසවන්ත කෙනෙක් වෙන්න ඕනි.

එහෙම කෙනෙක් නැත්තම් මාව විශ්වාස කරන්න පුළුවන් කියලා හිතෙනවනම් මාත් එක්ක කතාකරන්න. Inbox massage කරන්න. අපි එකතු වෙලා විසඳුමක් හොයාගමු.

ජීහු කියන්නෙ පිළිකාවක් තිබුණු කෙනෙක්. අච්චර දේවල් දරාගත්තු කෙල්ලට එහෙම දෙයක් උනාම ඇත්තටම දරාගන්න අමාරුයි. ඉතින් එහෙම බලනකොට එයාගෙ තීරණේ හරි කියලා මට හිතුනා.

ඒත්, ජීවිතේ නැතිකරගන්න එක නෙමෙයි කරන්න ඕනි. ප්‍රශ්න වලට මුහුණ දෙන්න. ඔයා ජීවිතේ නැතිකරගන්න උත්සාහ කරනවනම් ඔයා කරන්නෙ ප්‍රශ්න වලින් පැනලා යාමක්. ඔයා මේ ලෝකෙට බිහිකරපු අම්මට තාත්තට කරන අසාධාරණයක්.

ඒ නිසා කොයිම වෙලාවකවත් ජීවිතේ නැතිකරගන්න උත්සාහ කරන්න එපා. ඔයාව වටින කවුරුහරි කෙනෙක් අනිවාර්යයෙන්ම මේ ලෝකෙ කොහේහරි ඉන්නවා කියලා මතක තියාගන්න.

උත්තර නැති ප්‍රශ්න නෑ. ප්‍රශ්න නැති මිනිස්සුත් නෑ. හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා වගේම හැම මනුස්සයෙකුටම ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න වලට උත්තර හොයාගන්න ඕනි අපිමයි. කාලය ඔයාට උදව් කරයි.

ඉතින් මන් නවතින්නම්.

🤍~ කාලයට ඉඩ දෙමු ~🖤





-𝘗𝘢𝘳𝘬 𝘑𝘦𝘺𝘶-

Continue Reading

You'll Also Like

48.2K 2.2K 21
𝐌𝐲𝐚𝐧𝐦𝐚𝐫 × 𝐁𝐋 1𝐬𝐭 𝐜𝐫𝐞𝐚𝐭𝐢𝐨𝐧
7.3K 1.2K 39
ජීවිතයට ආදරයේ බලාපොරොත්තුව රැගෙන ආ සිත් දෙකක නොමැකෙන ආදර අන්දරය.....❤️
600K 9.3K 87
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
216K 4.5K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...