- කෑකෝ ගෙදර with අයිතිකාරයා...

By Estar_RM

22.5K 3.7K 1.4K

තමන් කවුද කියලවත් හරියට දන්නැති විසේකාර පොඩි කෙල්ලෙක්.... කොයි වෙලෙත් ඒ විසේකාර කෙල්ලට රවාගෙනම ඉන්න නපුරු කොල... More

💚 Chapter 1 💚
💚 Chapter 2 💚
💚 Chapter 3 💚
💚 Chapter 4 💚
💚 Chapter 5 💚
💚 Chapter 6 💚
💚 Chapter 7 💚
💚 Chapter 8 💚
💚 Chapter 9 💚
💚 Chapter 10 💚
💚 Chapter 11 💚
💚 Chapter 12 💚
💚 Chapter 14 💚
💚 Chapter 15 💚
💚 Chapter 16 💚

💚 Chapter 13 💚

1.1K 199 40
By Estar_RM

අප්පා මාව තුරුල් කරගන්න ගමන් අහද්දි මේ වෙනකම් හිර කරන් හිටිය කඳුළු පැන්නෙ ලොකු ඉකියකුත් එක්කම.

" අප්පා ඔයා මගෙ අප්පා නෙමෙයි නේද. එදා මගෙ අප්පත් අම්මා වගේම මාව දාලා ගියා නේද. කියන්න මට ඔයා මගේ අප්පා නෙමෙයි නේද. එදා මාව බේරගත්තෙ ඔයා නේද මිස්ටර් කිම් "

" ඒයි පිස්සු කෙල්ල මොනවද මේ කියවන්නෙ ආ. මමයි ඔයාගෙ අප්පා හරිද. "

" නෑ නෑ ඔයා නෙමේ.... මට හැමදේම මතකයි. ඔයා තමා මාව එදා මින්සුක්ගෙන් බේරගත්තෙ. මට මතකයි හැම දෙයක්ම අප්පා... මියානේ. මියානේ අප්පා "

" මැණික ඇයි මේ. මොකද මගෙන් සමාව ගන්නෙ. "

" මියානේ අප්පා ඔයාට මන් නිසා ඔයාගෙ පවුලෙන් ඈත් වෙන්න වුණා.."

" ඇයි මේ. මන් ඒක කළේ කැමැත්තෙන් "

" ඒත් අප්පා ඔයා දන්නවද එයාලා ඔයා නැතුව කොච්චර දුකෙන්ද ඉන්න ඇත්තෙ කියලා. මන් කොහොමද ටේහ්යුන්ට මේක කියන්නෙ අප්පා. එයා අවුරුදු ගානක් හොයපු එයාගෙ අප්පා මගේ අප්පා වෙලා මාව බලාගත්තා කියලා. "

" අප්පා ඔයා... "

මට අප්පගෙ තුරුලෙ ඉද්දිම ටේහ්යුන් අප්පා කියලා කියනවා ඇහුණා. ටේහ්යුන් කාමරේ දොර ළඟට වෙලා හිටියෙ ගොඩක් බය වෙලා. එයාගෙ මූණෙන් පෙනුණෙ දැන් වෙච්ච හැම දෙයක්ම එයාට ඇහිච්ච බවක්. ටේහ්යුන්ගෙ ඇස් වල කඳුළු පිරිලා තිබුණා. ඒ ඇස් වල මන් කඳුළු දැක්ක පලවෙනි වතාව. ඒ කඳුළු එයාගෙ ඇස් වලින් ගලාගෙන යන්න තත්පරයක්වත් ගත වුන්නෑ.

" ටේහ්යුන්...... "

මන් ටේ ළඟට යන්න හැදුවත් ටේ එක පාරටම එතනින් යන්න ගියේ මගෙ දිහාවත් බලන්නැතුව. මමත් එයාගෙ පස්සෙන්ම යන්න හැදුවත් මට කලින් අප්පා එයාගෙ පස්සෙන් දිව්වා. මාත් යන්න හැදුවත් අරෝ මාව නවත්තගත්තෙ මන් තාම බාත් රොබ් එක පිටින් හිටිය නිසා. මට තාමත් මේක විශ්වාස කරන්න බෑ. මාව මීට අවුරුදු හයකට කලින් මින්සුක්ගෙන් බේරගෙන මාව මේ තරම් කාලයක් බලාගත්තු මගෙ අප්පා කියන්නෙ ටේහ්යුන්ගෙ අප්පා. මන් නිසා එයාට එයාගෙ අප්පත් නැති වුණා. මට එවෙලෙ දැනුණෙ එදා රෑ මාත් මින්සුක්ගෙ අතින් මැරිලා ගියානම් හොඳයි කියලා. මොකද ටේට එයාගෙ අප්පාගෙ ආදරේ අවුරුදු හයක් නැති වුණේ මන් නිසා. මිසිස් කිම්ට එයාගෙ හස්බන්ඩ්ව නැති වුණේ මන් නිසා. අරෝට කිසිම දෙයක් හිතා ගන්න බැරුව වගේ තාමත් හොඳටම අඬන මන් දිහා බලන් ඉන්නවා. මන් එයාට ටේයි මමයි වුල්ෆ්ලා කියන එක ඇරුණම අනිත් හැමදේම කිව්වා. මගෙ අප්පා කියන්නෙ ටේගෙ අප්පා කියලත්. මන් ආපහු බාත්රූම් එකට ගියේ මගෙ ඇඳුම් මාරු කරගන්න.









***********************************************************

" කිම් ඔයා ඇයි අපිට මේක නොකිව්වෙ. ඔයා දන්නවද මමයි පුතායි ඔයාව කොච්චර හෙව්වද කියලා .. ඔයාට නිකමටවත් අපිව බලන්න හිතුනෙ නැද්ද. "

" මියානේ.... මම එහෙම කරානම් ඔයාලට අනතුරක් වෙන්න තිබුණා. අද වුණත් මට ඔයාලව හම්බුණ එක අහම්බයක් නෙමෙයි. ඔයාලා නොදැන හිටියට මන් ඔයාලා ගැන හැම දෙයක්ම දැනන් හිටියෙ. මන් එයාව තනියම මෙහෙ යුනිවර්සිටි එව්වෙත් ඔයාලා මෙහෙ ඉන්නවා කියලා දැන දැනමයි. "

" ඇයි ඔයා එහෙම කළේ. "

" මින්සුක් හිතන් ඉන්නෙ මමත් එදා මැරුණා කියලා. ඒත් මන් එදා අචීව අරන් එතනින් පැන ගත්තා. මට ආපහු ඔයාලා ළඟට එන්න බැරි වුණේ මුල් අවුරුද්දම මන් අචීව අරගෙන එයාට බෙහෙත් කරන්න එක එක රටවල් වලට එයාව එක්ක ගිය නිසා. පස්සෙ මන් ඔයාලා ගැන හොයලා බැලුවා. ඒ්ත් මන් ඔයාලා එක්කම කිසිම සම්බන්ධයක් තියා ගත්තෙ නැත්තෙ ඒක මින්සුක් දැන ගත්තොත් ඔයාලව ඇපේට තියලා එයා මාව ගෙන්න ගන්න ඕන දෙයක් කරන්න පුළුවන් මිනිහෙක් නිසා. ඒකයි මන් මැරුච්ච මිනිහෙක් විදියට ජීවත් වුණේ. ඒ වගේම මට ලෝටස් පැක් එකේ අන්තිම උරුමක්කාරයා ආරක්ෂා කරගන්නත් වුණා. ඉතින් මන් එයාට අප්පා වුණා ... "

" කිම් ඔයා අපේ පුතාට කතා කරාද. "

" එයා මාව දැකලා යන්න ගියා... එයාගෙ ඇස් වල මන් දැක්කෙ ලොකු කේ්න්තියක්. කෝ දැන් එයා. "

" එයා විල ළඟ. ගිහින් කතා කරන්න. එයාට මේක දරා ගන්න අමාරු ඇති. "

" හරි. "

ටේගෙ අප්පා විල ළඟ⁣ට යනකොට දැක්කෙ බංකුවක් උඩ වාඩි වෙලා හිස් බැල්මකින් අහස දිහා බලන් ඉන්න ටේව. අද අහස පුරාම තරු පිරිලා. ටේ අහස දිහා බලන් හිටියෙ ඒ තරු අස්සෙ අතරමං වෙලා වගේ.

" ටේ මියානේ ... "

ටේගෙ අප්පා ටේට කතා කළත් ටේ කරපු එකම වැඩේ අහස දිහා බලන් හිටිය එක. රෑ වෙලා අඳුර වැටිලා තිබුණු නිසා ඒ වෙලාවෙ ටේගෙ ඇස් වල තිබුණු කේන්තිය, දුක, තරහ හැම දෙයක්ම ඒ අඳුරත් එක්ක⁣ පෙනුණෙ නෑ.

" අප්පා ඔයා අපිට ආ⁣දරේ නැද්ද. "

" මන් මගේ පණටත් වඩා ඔයාලා දෙන්නට ආදරෙයි පුතේ. මගෙ ජීවිතේ ඔයයි අම්මයි. ඒ වගේම අචී. "

" එහෙනම් ඇයි ඔයා අපිව බලන්න ආවෙ නැත්තෙ ආ ...... "

ටේ නැගිට්ටෙ හයියෙන් කෑ ගහන ගමන්. ටේගෙ අප්පට එවෙලෙ ටේගෙ ඇස් වලින් වැටෙන කඳුළු මුතු ඇට වගේ දිලිසි දිලිසි පෙනුනා.

" මන් ආවනම් මින්සුක් ඔයාලවත් මරලා දාන්න තිබ්බා. මොකද මන් ලෝටස් පැක් එකේ අවසන් උරුමක්කාරයා බේරගත්ත නිසා. මියානේ ටේ. "

" ඔයා දන්නවද අප්පා එයා තමා මගේ මේට්. මන් ආදරය කරන කෙනා. මන් මෙච්චර අවුරුදු ගානක් හොයපු අප්පා එයා ගාව ඉඳලා කියලා දැන ගත්තම මට දුකයි අප්පා "

මොහොතක්වත් පරක්කු නොවී ටේව එයාගෙ අප්පා තුරුල් කර ගත්තා. ටේ අවුරුදු හයකට පස්සෙ එයාගෙ අප්පගෙ ආදරේ ඒ උණුසුම විඳ ගත්⁣⁣තෙ ඒ විදියට.

" පුතා ඔයා ගිහින් අචී එක්ක ටිකක් කතා කරන්න. එයා දුකෙන් ඉන්නෙ. එයා හිතන්නෙ මේ හැම දෙයක්ම එයා නිසා කියලා. "

ටේයි අප්පයි ආපහු ගෙදර ආවෙ අචීව බලන්න යන්න. ටේගෙ අප්පා මිසිස් කිම් එක්ක පහළ කතා කර කර ඉද්දි ටේ උඩ තට්ටුවට නැග්ගෙ අචීව බලන්න. යද්දි ටේ දැක්කා අචීගෙ රූම් එක ගාව ඉඳන් මහ හයියෙන් දොරට තඩි බාන අරෝයි ෂනූයි.

" ඒයි අචී තමුසෙ දොර අරිනවද නැද්ද. මන් මේ දොර කඩන් හරි එනවා ඇතුළට. "

" අරෝ මන් ඔයාට එක පාරක් කිව්වා මට කරදර කරන්න එපා. තමුසෙට තේරෙන්නෙ නැද්ද ආ. "

" මොකද අචීට "

" අනේ ටේ මෙයා දැන් හුඟ වෙලාවක ඉඳන් දොර අරින්නෑනේ "

" අචී මම ටේ මේ දොර අරින්න. "

ටේ කතා කරත් අචී කිසිම උත්තරයක් දුන්නෑ. ඇතුළෙන් ඇහුණු එකම සද්දය අචී අඬන සද්දෙ විතරයි. ටේ එහෙම්ම එතනින් ටිකක් අයින් වෙලා අරෝටයි ෂනූටයි නොපෙනෙන්න අචීගෙ කාමරේ ඇතුළට ටෙලිපෝට් වුණා. ටේ යද්දි දැක්ක ඇඳ ගාව බිම ඉඳන් අඬන අචීව.

" අචී "

" ටේ මගේ ළඟට එන්න එපා ... "

" දැන් හැමදේම හරි. අප්පා මට හැම දෙයක්ම කිව්වා. කෝ නැගිටින්න. "

ටේ අත දික් කරත් අචී ටේගෙ අත ගසලා දැම්මා.

"⁣ මොකද වෙලා තියෙන්නෙ ආ 😠 "

" ආාාාාහ්...... ටේ මාව මැරෙන්න වගේ. මාව පිච්චෙනවා වගේ. මට මොකද මේ වෙන්නෙ. "

අචීගෙ කතාව අහලා ටේ අචී ළඟින්ම දන ගහ ගද්දි තමයි ටේ දැක්කෙ අචීගෙ ඇස් නිල් පාට වෙලා තියෙනවා.

" අපොයි ඔයා පරිවර්තනය වෙන්න හදන්නෙ 😐 "

" ආාාාාහ්... "

" ඔහොම ඉන්න. "

ටේ අචීවත් අරගෙන ඉක්මනට විල ළඟට ටෙලිපෝට් වුණා.

" අචී බය වෙන්න එපා හරිද. මේ පලවෙනි පාර නිසයි ඔච්චර වේදනා. මන් ඔයා ළඟින් ඉන්නවනේ. "

එකපාරටම අචීගෙ තොල් වලට බර වුණු ටේ ඒ තොල් සිප ගත්තෙ හරිම සුමුදුවට. ටේට ඕන වුනේ ඒ සිප ගැනීමෙන් අචීගෙ වේදනාව නැති කරන්න. අචීත් ටේගෙ ෂර්ට් එක අත් වලින් අල්ලන් ඒකට ප්‍රතිචාර දැක්වුවේ අචීගෙ වේදනාව ටේ තුළින් පිට කරන්න වගේ. අචීටත් නොදැනිම එයාගෙ වුල්ෆ් දැන් හොඳටම එලියට ඇවිත්. අචී හිටියෙ හුඟක් මත් වෙලා. කරන්නෙ මොනවද කියලා එයාටවත් සිහියක් නෑ. අචීගෙ අත් තවත් තදින් ටේගෙ ෂර්ට් එක අල්ලගනිද්දි අචීගෙ නියපොතු වලට ටේගෙ ඇඟ තුවාල වුණා.

" ආහ් "

ටේගෙ කෙඳිරිය නිසා අචී ටේගෙන් ඈත් වෙනවත් එක්කම අචී එයාගෙ වුල්ෆ් බවට පරිවර්තනය වුනා. නිල් පාට දිලිසෙන ඇස්, සුදුම සුදු හිම වගේ දිග ලොම් අචීට ගෙනාවෙ අමුතුම ලස්සනක්. හරියට නෙළුම් මලක් වගේ.ටේ එයාගෙ මේට් මේ ස්වරූපයෙන් දැකපු මුල්ම වතාව. ටේත් එසැණින් තමන්ගෙ වුල්ෆ් බවට පරිවර්තනය වුණා. ටේටත් අචී වගේම දිග සුදු ලොම් තියන ගොඩක් ආකර්ෂණීය පෙනුමක් තිබ්බෙ. ටික වෙලාවක් දෙන්නට⁣ දෙන්නා වුල්ෆ් ස්වරූපයෙන් එකිනෙකාගෙ ඇස් අස්සෙ අතරමං වෙලා ඉද්දි අචී නැවතත් සාමාන්‍ය ස්වරූපයට හැරුණා. ටේත් සාමාන්‍ය ස්වරූපයට හැරිලා තාමත් බිම දන ගහන් ඉන්න අචී ළඟට ගිහින් එයාගෙ ඇඟිලි අචීගෙ කොන්ඩෙ අස්සෙ යවමින් ඔළුව අතගෑවා. එවෙලේ තමයි අචී දැක්කෙ ටේගෙ පපුවෙ තියන එයාගෙ නියපොතු වලට හීරිච්ච පාරවල්.

" ටේ මියානේ .... "

" මොකටද "

" මන් ඔයාට තුවාල කරලා "

" මට රිදුනෙ නෑ. ඔයා මාව පහුරු ගාලා වගේ 😂 "

" හිනා වෙන්න එපා 🤧 ටේ ඔයා ළඟ අද සුවඳ වැඩියි මට. ඉවසන් ඉන්න බෑ. මියානේ. "

අචී ටේගෙ පපුවෙ තිබ්බ ඒ කැලැල් තමන්ගෙ අතින් පිරිමැද්දෙ ටේගෙන් සමාව ඉල්ලන ගමන්. ඒ එක්කම අචීගෙ ඇස් ගියේ ටේගෙ තොල් වලට. ඒවත් තුවාල වෙලා පැලිලා තිබුණා.

" ඔයාගෙ තොලට මොකද වුනේ 😟 "

" දන්නැද්ද මේ නරි පැටියෙක් මාව කෑවනේ. 😂 "

" මමද "

" ඇයි මතක නැද්ද 😂😂 "

" නෑ 😐 "

⁣" කෝ ඉන්න මන් මතක් කරන්න.. "

ටේ අචීව කිස් කරන්න වගේ ළඟට ආවත් අචීගෙ බය වෙච්ච මූණ දැකලා ටේට හිනා ගියා. ටේටත් අචීගෙ සුවඳ අද ගොඩක් තදින් දැනුණා. ටේ අචීගෙ බෙල්ල හදිස්සියෙම සිප ගත්තෙ අචීගෙ ඇගේ කරන්ට් එකක් වදිනවා වගේ වෙද්දි.

" ටේ මොකද මේ 😐 "

අචීගෙ බෙල්ලෙන් මෑත් වෙච්ච ටේ ආපහු අචී දිහා බලන් හිනා වුණා.

" මන් ඔයාව අද මගේම කර ගන්න හදන්නෙ. මුළු ජීවිතට කාලයටම. අද ඉඳන් අපි දෙන්නා දෙන්නෙක් නෙමේ එක්කෙනෙක් 🙂 "

" මොකක් 😮😮😮 දැන්ම බෑ. ඕවා කරන්න ඕන බැන්දම පස්සෙ දෙයියනේ. අනික මෙතන මහ පාර ගාව. මටනම් බෑ. හුවෑ 😭 "

" ආයිෂ් Dirty mind girl 😂 මම කිව්වෙ මන් ඔයාව මාක් කරන්න හදනවා කියලා. ඔයා මොනවද හිතුවෙ "

යසයි යසයි 🤧මටමයි වෙන්නෙ. මමත් ලාවට වගේ හිනා වුනේ මට ඇත්තටම හිතුනෙ වෙන දෙයක් නිසා. ඇයි යකෝ දෙන්නා එක්කෙනෙක් වෙනවා කිව්වම මොන මනුස්සයට එව්වා නොහිතෙන්නෙ.🙉 ටේ මගේ දිහා බලන් හිටියෙ මාව මාක් කරන්න අවසර ඉල්ලන්න වගේ. මමත් ඔළුව වැනුවෙ ඒකට අවසර දෙන්න. මුලින්ම මගේ බෙල්ලෙ පුංචි හාදුවක් තියපු ටේ එයාගෙ උල් දත් වලින් මගේ බෙල්ල හැපුවා. සිහින් වේදනාවක් ආවත් ටේ ආපහු එතන කිස් කරාම ඒ වේදනාවත් ටිකක් නැවතුනා.












After one month.

දැන් අරෝයි ෂනුවයි දෙන්නම දන්නවා මායි ටේයි වුල්ෆ්ලා කියලා. මුන් දෙන්නට මේක කියපු දවසෙ මන් ළඟට ආවෙවත් නෑ හරියට මන් ඒ දෙන්නා කාවි කියලා වගේ 😂 දැන් එකෙක්වත් මාත් එක්ක එකට එක කියන් එන්නෑ. මන් කියන ඕන දෙයක් කරනවා 😎 මටත් දැන් ටේට වගේ ඕන තැනකට ටෙලිපෝට් වෙන්න පුළුවන්. අප්පා ආපහු සෝල් ගියේ ආපහු සතියකින් විතර එනවා කියලා අපි හැමෝටම පොරොන්දු වෙලා. දැන් මෙහේ හැමෝම සතුටින්. මිසිස් කිම්තුයි ටේත් දැන් හුඟක් සතුටින් ඉන්නෙ. ඒත් අපිට කනක් ඇහිලා නම් ඉන්න විදියක් නෑ 😂 සඳයි ජූනුයි දෙන්නගෙ වැඩේ මොකක්හරි එකක් කඩලා බිඳලා සුන්නද්දූලි කරන එක. මේ ළඟකදි ජූන් ඔප්පා සඳලයි ගෙදර ගිය වෙලාවක රෂ්ගෙ stethoscope එක දෙකට කඩලා 😂 රෂ් සඳටයි ජූන්ටයි දෙන්නටම⁣ කොස්සෙන් ගගහා එලෙව්වා.

මේ අතරෙ රෂුයි යුන්ගි ඔප්පයි පවුල් වෙලා අපි දන්නෙත් නෑ. ටියා තමා මේක මුලින්ම හොයන් තියෙන්නෙ.😂මන් අද ඇඳට වෙලා නිදාගෙන හිටියෙ අද උදේ ඉඳන් චුරු චුරු ගගා වහින නිසා. උදේ දහය විතර වෙලා තිබුණත් මුළු පරිසරයම හරිම අඳුරුයි. අපේ ගෙදර ගොන් ඩබලත් නොහිටිය නිසා මන් ටේගෙ රූම් එකට ටෙලිපෝට් වුනේ ටේත් එක්ක පොඩි කයියක් දාන්න අහෝ දුකකි ඉරකි තිතකි 🤧 මන් යනකොට ටේගෙ අම්මත් එතන.

" ආ හරි හරි ඔයාලා දෙන්නා කතා කර කර ඉන්න. මන් යන්නම්. "

විලි ලැජ්ජාවයි. නැන්දම්මා ඉස්සරහ මෙහෙමත් ලැජ්ජ වෙනවද. 🤧 ටේගෙ අම්මා ගියාට පස්සෙ අපි දෙන්නා ෆිල්ම් එකක් බැලුවා. වැස්ස නිසා සීතල හින්දා මන් ටේගෙ ඇඳට පැනලා එයාගෙ ෂීට් එක ඔළුවෙ ඉඳන් පෙරවන් හිටියෙ.

" ටේ මට බයයි "

" ඇයි ඒ "

" මීෂා මින්සුක් ඇයි එයාලා මේ විදියට තාම අපිට මුකුත් කරදරයක් කරන්නැතුව ඉන්නෙ. අන්න ඒ නිසා "

මගේ හිතේ තිබ්බ ලොකුම ප්‍රශ්නය ඒක. මගේ වගේම අපි හැමෝගෙම. ටේ මාව මාක් කරා කියලා දැන දැනත් මීෂා මේ විදියට කට පියන් ඉන්න එක ගැන මට තිබුණෙ බයක්. මගෙ ඔම්මයි ඔප්පයි වගේම ටේත් මට නැති වෙයි කියන බය.

" බය වෙන්න එපා කෝ ළඟට එන්න. "

ටේ මාව බදාගනිද්දි සීතලත් අඩු වුනා. මන් එයාගෙ කොන්ඩෙ දිහා ටික වෙලාවක් බලන් හිටියා. ඒ කොන්ඩෙ හරි ලස්සනයි. මට ඒ කොන්ඩෙ අවුස්සන්නමයි හිතෙන්නෙ.

" මගෙ කොන්ඩෙට එච්චර ආසද 😂 "

" මොකක් 😐 "

" දැන් ඉතින් මගෙ මේට් හිතන හැම එකක්ම මට ඇ⁣හෙනවනේ. 😌 "

අපි දෙන්නම ගැස්සිලා ගියේ රූම් එකට බයවෙලා වගේ ආව ටේගෙ අම්මා නිසා.

" පුතා කුකීට කරදරයක්. එයා හොස්පිට්ල්. ඉක්මනට යමු 😟 "

To be continued .....

අදට ඉවරයි 😁

පරක්කු වුනාට සොම්රි 😁😁😁😁

ළඟදිම කතාව ඉවරයි 😁

සරන්හේ නරි පැටවු ටිකට 😁💚

💚කෑකෝ ගෙදර with අයිතිකාරයා 💚

𝔼𝕤𝕥𝕒𝕣✨♡















Continue Reading

You'll Also Like

418K 12.7K 94
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...
4.3K 858 24
මේක අපේ පළවෙනි ff එක. මං මේක ලියන්නේ මගෙ යාළුවත් එකක @KIMSandy_08.🙃💜 අපි දෙන්නම ජොලියට වගේ තමා ff එකක් ලියමු කියල මේක ලියන්න පටන් ගත්තෙ.😌😂🖐️ වැර...
3.1K 772 19
දරුවා බලන්න ඉස්පිරිතාලෙට ආපු අය දැක්කේ ඇද උඩ හිටිය රෝස මලක් වගේ ලස්සන චූටි කෙල්ලව...එතන කෙල්ලගේ අම්මා හිටියේ නෑ... නිල් පාට ලස්සන ඇස් දෙක යූරාගෙන් චූ...
5.6K 650 31
🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀 ජීවිතේ විදිනවා කියලා හිතාගෙන අයාලේ යන හිතත් එක්ක සෙල්ලක්කාර ජීවිතේකට හැඩගැහුණු ...