ONE WORD | COMPLETED

By Park_Jeyu

2.8K 646 167

පිටට පේන්න හිනාවෙලා ඉන්න හැම කෙනෙක්ගෙම ජීවිත ලස්සන නෑ. ගොඩක් අය රඟපානවා!! 2021.10.29 More

01.
02.
03.
04.
05.
06.
07.
08.
09.
11.
12.
13.
Author's note!!

10.

171 44 7
By Park_Jeyu

මගේ ඇස් වලින් පාලනයක් නැතුවම කඳුළු කඩා වැටෙනවා. හිත අමුතු හැඟීමකින් පිරිලා ගිහින්.

' කොහොමද මැණික මෙහෙම දෙයක් කරගත්තෙ ? '

මට හිතුනෙ එච්චරයි.

මැණික ??

ඒ, ඒ කියන්නෙ මේ ඒකද ? මං එයාට ආදරය කරනවද ?

පපුව වේගයෙන් ගැහෙද්දි මම පාර දිගේ පිස්සුවෙන් වගේ දුවගෙන ගියේ කකුල් දෙකට සෙරෙප්පු දෙකක්වත් දාගන්නැතුව.

මලකඩ බැඳිලා තිබුණ ගේට්ටුව ඇරගෙන මම ඇතුළට ගියේ මගේ මැණිකව හොයාගෙන. මගේ ජීහු. ඔයා කොහෙද ඉන්නෙ මැණික ?

ළා කොළ පාට තණ කොල වල රැඳිලා තිබුණු වතුර බිංදු කකුලට පෑගෙද්දි ඇඟට දැනුනෙ අමුතු සැනසීමක්.

මම දැක්කා එයාව. මගෙ මැණික.

ඒත්, වෙනදට පිස්සුවෙන් වගේ කියවන, මහ හයියෙන් හිනාවෙන, තද නිල් පාට බෝල ඇස් දෙකක් තිබුණු, ලා රෝස පාට තොල් දෙකක් තිබුණු, ඇත් දල පාට හමකට හිමිකම් කියපු කෙල්ල වෙනුවට අද තිබුණෙ සොහොන් කොතේ ගහලා තිබුණු කළු සුදු පින්තූරයක්.

ඔව්, මං ගියේ සොහොනට.

කළු සුදු පින්තූරයට යටින් තද කළු අකුරින් කොටලා තිබුණෙ කිම් ජීහු කියලා. මගේ කෙල්ල. මටත් නොදැනීම මගේ වෙව්ලන ඇඟිලි තුඩු ඒ නම උඩ සක්මන් කරන්න ගත්තා.

පරිසරයේ තිබුණු සීතලත් එක්ක මාව වෙව්ලනවා. කඳුළු කම්මුල් වලටම මිදිලා ගිහින්. ඒත්, මගේ හිතේ ඇවිලෙන ගින්න. මං⁣ කොහොමද ඒක නිමාගන්නෙ ?

මං මගෙන්ම ප්‍රශ්න කරගත්තා.

" ඇයි මැණික මෙහෙම දෙයක් කරගත්තෙ ? ඔයාගෙ හොබීව තනිකරේ කොහොමද ඔයා ?

ඇයි මට මේ හැඟීම තේරුම් ගන්න බැරි උනේ ?

ඇයි මම මෙච්චර පරක්කු උනේ ? මං පරක්කුයි මැණික. මං පරක්කුයි. ගොඩාක් පරක්කුයි.

මං ඔයාට නපුරු උනා නේද මැණික ? ගොඩාක් නපුරු උනා. මට සමාවෙන්න මැණික.

ඔයාට⁣ මේ දේවල් මාත් එක්ක කියන්න තිබ්බා නේද මැණික ?

කොහොමද ඉවසුවෙ මෙච්චර දේවල් ?

එතකොට ඔයා නොකියා කිව්වෙ මේ ... මේ දේද මැණික ?

මම ඊයෙ ඔයාගෙ පස්සෙන් ආවනම් මෙහෙම දෙයක් වෙන්නෑ නේද මැණික ?

ඔයා හැමවෙලාවෙම කිව්වා නේද මැණික හිනාවෙලා ඉන්න කියලා ?

ඒත් කොහොමද මැණික මං හිනාවෙන්නෙ ? මගෙ ඇස් ඉස්සරහම ඔයා මාව දාලා යනකොට.

මං කොහොමද මැණික මට සමාව දෙන්නෙ ? මට බෑ ඒක කරන්න. මට බෑ.

අන්තිම මොහොතෙදිවත් ඔයාගෙ හොබීට ඔයා ගාව ඉන්න බැරි වුනා නේද මැණික ?

මං මොකද්ද කරන්න ඕනි මැණික ?

මං මහා පව්කාරයෙක් නේද ?

ඇයි මට බැරිඋනේ ඔයාව තේරුම්ගන්න ?

හැමවෙලේම හිනාවෙලා හිටපු ඔයාගෙ පිටිපස්සෙ තිබුණු වේදනාව තේරුම්ගන්න මට බැරි උනේ ඇයි මැණික ? "

උත්තර ලැබෙන්නෑ කියලා දැන දැනත් හි⁣තේ තිබුණු වේදනාව, දුක, තරහව මං වචන වලින් පිට කරා.

මං වෙන මොනවා කරන්නද ? මං කොහොමද මටම සමාව දෙන්නෙ ?






Continue Reading

You'll Also Like

23.2K 4.7K 21
🦋...නාහෙට නාහන හොස්ස ලගින් මැස්සෙක් ටවත් යන්න බැරි තරම් කොයි වෙලෙත් ඇවිලෙන්න බලාගෙන ඉන්න ජෝඩුවක් එකට වැඩ කරන්න වැටුනොත් මොනවා වෙයිද? කිම් තේහයුන්...
3.6K 678 23
" ඔයා මට කොහොම සැලකුවත් කමක් නැහැ...! ඔයාට මේ හිතේ තියන තැන එහෙම්මමයි..." 🥀 • S̶o̶ Y̶e̶o̶n̶ • ______________________________ " මට සමාවෙන්න...
10.4K 2.1K 15
දෙමව්පියෝ...සහෝදරයෝ විතරන් නෙමේ හොදම යාලුවෝ දෙන්නායි Boy Friend යි හැමෝම එක දවසින් ඔයාව ප්‍රතික්ශේප කරොත්....කොටින්ම කිව්වොත් ඔයාව ගෙදරින් එලියට ඇදලා...
183K 8.3K 106
In the vast and perilous world of One Piece, where the seas are teeming with pirates, marines, and untold mysteries, a young man is given a second ch...