ONE WORD | COMPLETED

By Park_Jeyu

2.8K 646 167

පිටට පේන්න හිනාවෙලා ඉන්න හැම කෙනෙක්ගෙම ජීවිත ලස්සන නෑ. ගොඩක් අය රඟපානවා!! 2021.10.29 More

01.
02.
03.
04.
05.
06.
07.
08.
10.
11.
12.
13.
Author's note!!

09.

162 49 0
By Park_Jeyu

මං ඔයාට ආදරේ කරනවා හොබී. ඊටත් වඩා ගෞරව කරනවා.

ඔයාට හිතෙනවා ඇති මගේ ප්‍රශ්නත් එක්ක බලද්දි ඔයාගෙ ප්‍රශ්න මොනවද කියලා. එහෙම හිතන්න එපා හොබී. තමන්ව අවතක්සේරු කරගන්න එපා.

ඔයා ඉස්සරහා මේ දේවල් කියලා හිත නිදහස් කරගන්න හිතුනු වාර ගණන අනන්තයි හොබී.

ඒත්, කොහොමද මං නිසා හිනාවුනු ඔයා මං නිසාම අඬනවා බලන් ඉන්නෙ හොබී.

අන්තිමේදි ඔයා මාව කිස් කරා හොබී. දන්නවද ඒකම ඇති මේ කෙල්ලට නිදහසේ ඇස් දෙක පියාගන්න.

ඔයාගෙ නපුරුකමට මං ආදරේ කළා හොබී.

ඔයාව බීච් එකේ තනිකරලා ආවට සමාවෙන්න හොබී. මං ගියේ හොස්පිට්ල් එකට.

අන්තිමේදි මං වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරපු දේම වෙලා තිබුණා හොබී. මට ලේ පිළිකාවක්.

මං ආයෙත් බීච් එකට ඇවිත් මුහුද දිහා බලාගෙන හිටියා හොබී. මං වෙන මොනවා කරන්නද ?වෙනදා වගේම අහසත් එක්ක කතාකරා. එයා මගේ හැම දුකක්ම අහගෙන හිටියා.

මට හයියෙන් කෑ ගහලා අඬන්න ඕනි උනා හොබී. ඇයි මටම මේ දේවල් වෙන්නෙ කියලා කෑ ගහලා අහන්න ඕනි උනා හොබී. ඒත්, මට බෑ. මං නිසා තවකෙනෙක් දුක්විඳිනවා බලාගෙන ඉන්න.

මට තවත් දුක්විඳින්න බෑ. බොරුවට හිනාවෙන්න බෑ. රඟපාන්න බෑ. මට දැන් හරි මහන්සියි හොබී.

මං තීරණයක් ගත්තා.

ඒත්, ඊට කලින් එකපාරක් මට ඔයාව බලන්න ඕනි උනා. ඒ නිසයි මං ඔයාව හොයාගෙන ආවෙ හොබී.

ඊටපස්සෙ වෙච්ච දේවල් ඔයා දන්නවා කියලා හිතනවා. මං දන්නෑ මං ගත්තු තීරණේ හරිද වැරදිද කියලා. ඒත්, මට තවත් දුක් විඳින්න බෑ හොබී.

ඉතින්, මං දන්නවා මේක කියෙව්වට පස්සෙ ඔයා ඔයාටම සාප කරගන්නවා කියලා හොබී. එහෙම කරන්න එපා හොබී. ඔයා මේ දේවල් වලට වැරදි නෑ.

මං ⁣පළවෙනි වතාවට වගේම අන්තිම වතාවටත් ඔයාගෙන් දෙයක් ඉල්ලුවොත්,

මගේ ඉල්ලීම ඉෂ්ට කරන්න පුළුවන් ද ?

අනාථ නිවාසයක් හදන්න පුළුවන් ද ඔයාට ? මං වෙනුවෙන්.

මං දන්නෑ හොබී මෙහෙම දෙයක් ඔයාගෙන් ඉල්ලන්න මට පුළුවන් ද කියලා. ඒත්, මං ඉල්ලනවා හොබී. මොකද මේ ලෝකෙ මට කියලා ඉන්න එකම කෙනා ඔයා නිසා.

ඔයාට ගොඩක් හොඳ කෙනෙක් හම්බවෙයි. එයත් එක්ක සතුටින් ජීවත් වෙන්න.

ජීවිතේට කොච්චර ප්‍රශ්න ආවත් හැමදාමත් හිනාවෙලා ඉන්න පුරුදුවෙන්න හොබී. කාලය හැමදේම විසඳයි.

ඉතින් බබා, මං මෙතනින් නවතිනවා. ලබන ආත්මෙ මගේම වෙනවා නේද ඔයා ?

මතක තියාගන්න
මං නැති දිනක හිනාවෙන්න ...

- ඔයාගෙ පිස්සු කෙල්ල -

Continue Reading

You'll Also Like

251K 2.8K 22
This story will have: -Murder -Fluff (Sometimes/maybe) -Language I'm happy to take requests Edit: I replaced the picture to Junko because she is one...
9.9K 1.5K 18
Don't u love me Appa(๑♡⌓♡๑) why u isn't care about me I am ur sweetheart pls don't be so rude to me I love you so much than anything in this world (...
7.8K 358 26
A fluffy story about two boys who undermine their chances of being loved.
2.8K 646 14
පිටට පේන්න හිනාවෙලා ඉන්න හැම කෙනෙක්ගෙම ජීවිත ලස්සන නෑ. ගොඩක් අය රඟපානවා!! 2021.10.29