ONE WORD | COMPLETED

By Park_Jeyu

2.8K 646 167

පිටට පේන්න හිනාවෙලා ඉන්න හැම කෙනෙක්ගෙම ජීවිත ලස්සන නෑ. ගොඩක් අය රඟපානවා!! 2021.10.29 More

01.
02.
03.
04.
05.
06.
07.
09.
10.
11.
12.
13.
Author's note!!

08.

167 45 9
By Park_Jeyu

ආදරණීය හොබී බබා වෙත,

මතකද මාව තාම ඔයාට
දවසක් හරි ආදරෙ කළ
මුල්ම කෙනාව ...

ඔයාවමයි ඕනි
දන්නවා ද රත්තරනේ ...

( A/n - කෙල්ල මැරෙන්න කලිනුත් ආතල් අරන් කියලා හිතුනෙ මට විතරයි ද 🤣💔 )

ආයිෂ් ... මේ කෙල්ල මැරිලත් මාව හිනස්සනවා. මං ලියුම දිගටම කියවන්න පටන් ගත්තා.

ඒ උනාට බබා ⁣ඔයා දන්නවද ? මට ඔයාව ලබාගන්න පින් මදි කියලා.

මං මේ ආත්මෙ මිනිස්සු ගොඩදෙනෙක්ව හිනැස්සුවා. ඉතින් ලබන ආත්මෙ අනිවාර්යයෙන්ම මට ඔයාව ලබාගන්න පින් ඇති වෙයි.

ඔයා බලනවද හොබී මං මේ මොනවද කියවන්නෙ කියලා. කෙලින්ම කියන්නම්කො.

' මං තමුසෙට ආදරෙයි මෝඩයො. '

මං දන්නෑ ඔයා මේ දේවල් දැනගත්තාම මොනවා කරයිද කියලා හොබී. ඒත්, ඔයා මේ දේවල් දැනගන්න ඕනි. අනිවාර්යයෙන්ම.

ඔයා කවදාවත් ඇහුවෙ නෑ නේද හොබී මගෙ ඔම්මා අප්පා කවුද ? මං ඉන්නෙ කොහෙද ? මං කරන්නෙ මොනවද කියලා ?

මං ඔයාට තව දෙයක් කියන්නද හොබී. පිටට පේන්න හිනාවෙලා ඉන්න ගොඩක් අයගෙ ජීවිත ලස්සන නෑ. එයාලා තමයි මේ ලෝකෙ වැඩියෙන්ම දුක් විඳපු අය.

ඉතින්, මාත් ඒ වගේ කෙනෙක්. මගේ කතාව කියවන පළවෙනි කෙනා ඔයා ද කියලා මං දන්නෑ. හැබැයි අන්තිම කෙනා ඔයා වෙයි හොබී.

මගේ අප්පා මගෙ ඔම්මව මැරුවෙ මගේ ඉස්සරහමයි. එතකොට මට වයස අවුරුදු 3 ක් නැත්තම් 4 ක් වෙන්න ඇති. මගේ අප්පා හිරේ ගියා. එදයින් පස්සෙ මං අනාථ කෙල්ලෙක් උනා හොබී.

ඔයා කිව්වා නේද ඔයාගෙත් ඔම්මා නෑ කියලා. මට ඒ වෙලාවෙ මතක් උනේ මගේ ඔම්මව හොබී. ලේ විලක් මැද වැටිලා හිටපු මගෙ ඔම්මව. මට ඔයාට තුරුලු වෙලා අඬන්න ඕනි උනා හොබී.

ඒත්, ඇයි මං කාටවත් පේන්න අඬන්නෙ ?

ඇයි මං කාගෙවත් අනුකම්පාවක් ලබාගන්නෙ ?

අනාථ නිවාසෙ හැදුනු මට කාගෙවත් ආදරයක් ලැබුනෙ නෑ. එතන තිබුණෙ අනුකම්පාව විතරමයි හොබී.

මං අදටත් අනුකම්පාව කියන වචනෙට වෛර කරනවා හොබී.

ආදරේ ලැබෙන්න ඕනි කාලෙ මට ලැබුනෙ වේවැල් පාරවල් හොබී.

මං ඉස්කෝලෙ ගියෙ යන්න ඕනි නිසා. එතනත් උනේ මාව කොන් වෙච්ච එක හොබී.

මං තුන්පාරක් රේප් වෙන්න ගිය කෙනෙක් හොබී. මං අදටත් විශ්වාස කරනවා එදා මාව බේරගත්තෙ මගෙ ඔම්මා කියලා.

ඔයා දන්නවද මට ඩිප්‍රෙශන් තියෙනවා. පිළිගන්න අමාරුයි නේද ? හී ...

හැමදාම හිනාවෙලා හිටපු මේ පිස්සු කෙල්ලට මෙචචර ප්‍රශ්න තිබ්බා කියලා විශ්වාස කරන්න බෑ නේද හොබී ?

මට ඕනි උනේ ඔයාව හොබී. ඔයාව දැකපු පළවෙනි දවසෙ ඉඳන්ම මං ඔයාට ආදරේ කරා කියලා කිව්වොත් පිළිගන්නව ද ?

මං ආදරේ කරේ ඔයාගෙ ගතිගුණ වලට හොබී. හැම පිරිමියෙක්ම මගේ ශරීරයට ආදරය කරද්දි ඔයා ආදරේ කරේ මගේ පිස්සු වැඩ වලට හොබී.

Continue Reading

You'll Also Like

1.9M 83.6K 127
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
2.1M 57.6K 95
On the twelfth hour of October 1st, 1989, 43 women gave birth. It was unusual as none of them had been pregnant since the first day they started. Sir...
793K 29.4K 97
𝐀 𝐒𝐌𝐀𝐋𝐋 𝐅𝐀𝐂𝐓: you are going to die. does this worry you? ❪ tua s1 ⎯⎯⎯ 4 ❫ © 𝙵𝙸𝚅𝙴𝙷𝚇𝚁𝙶𝚁𝙴𝙴𝚅𝙴𝚂...
11.3K 2.7K 29
වලාකුළු පෙලින් බසින්න ඇවිත් මල් ගැඹේ නිදන්න චන්ද්‍ර කුමරුනේ කාටද නුඹගෙ ආදරේ අසාවී මෙසේ තුන්යම ...