𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)

By Imeshahansani

33.7K 5.5K 2.7K

දගකාර සිතක නැවතුම... 👬👨‍❤️‍👨 More

Part 02 👨‍❤️‍👨
Part 03 👨‍❤️‍👨
Part 04 👨‍❤️‍👨
Part 05 👨‍❤️‍👨
Part 06 👨‍❤️‍👨
Part 07 👨‍❤️‍👨
Part 08 👨‍❤️‍👨
Part 09 👨‍❤️‍👨
Part 10 👨‍❤️‍👨
Part 11 👨‍❤️‍👨
Part 12 👨‍❤️‍👨
Part 13 👨‍❤️‍👨
Part 14 👨‍❤️‍👨
Part 15 👨‍❤️‍👨
Part 16 👨‍❤️‍👨
Part 17 👨‍❤️‍👨
Part 18 👨‍❤️‍👨
Part 19 👨‍❤️‍👨
Part 20 👨‍❤️‍👨
Part 21 👨‍❤️‍👨
Part 22 👨‍❤️‍👨
Part 23 👨‍❤️‍👨
Part 24 👨‍❤️‍👨
Part 25 👨‍❤️‍👨
Part 26 👨‍❤️‍👨
Part 27 👨‍❤️‍👨
Part 28 👨‍❤️‍👨
Part 29 👨‍❤️‍👨
Part 30 👨‍❤️‍👨
Part 31 👨‍❤️‍👨
Part 32 👨‍❤️‍👨
Part 33 👨‍❤️‍👨
Part 34 👨‍❤️‍👨
Part 35 👨‍❤️‍👨
Part 36 👨‍❤️‍👨
Part 37 👨‍❤️‍👨
Happy 2022 🎉️
Part 38 👨‍❤‍👨

Part 01 👨‍❤️‍👨

3K 207 56
By Imeshahansani

දගකාර සිතක නැවතුම...

**** හැදින්වීම ****

නම :- සමුද්‍ර විනුසර
අන්වර්ථ නාමය :- Nowty
දඩබ්බර හිතුවක්කාර චරිතයක්..


නම :- නෙතුම් ආශිංසන
අහිංසක තැන්පත් චරිතයක්..
මව පියා නැත.. කුඩා කළ සිටම මිත්තනිය සමග වාසය කරයි..


නම :- අරවින්ද දේශාන්
අන්වර්ථ නාමය :- ඇල්බා
නෝටිගෙ හොදම යාළුවා..

නම :- සදරු කණිෂ්ක
අන්වර්ථ නාමය :- සැන්ටා
Head Prefect

චරිත කිහිපයක ජායාරූප වෙනස් කලා...😘😘 කතාවට ඒකෙන් හානියක් නෑ... 🙆🙆🙆 ආදරයෙන් එකතු වූ සැමට ආදරෙයී... 😍😍😍
.
.
.
.
.
.
.
.
.

>_<

නෝටී...
        නැගිටපාආආආආන්...
යකෝ... ගල් මූසලයො...
         නැගිටපං...""

මාස තුනක් යංතන් කනක් ඇහිලා දවල් වෙනකම් නිදාගත්‍තා...
අද ඉදන් ඉතින් ඒකත් ඉවරයි...

අද ඉතින් A/L batch එක අලුතින් පටන් ගන්න දවස...
ඔය උදේ පාන්දරම දොරට තඩි බබා බෙරිහන් දෙන සුනඛයා තමයි
එදා ඉදන් එක බත් පත එකට ලෙහං, බෙදාගෙන නැතත් තනියම හරි බදාගෙන කන අතිජාත මිතුරා...

" ඇල්බා "
ගණන් වලින් කප් ගහලා ඉන්නෙ...
ඒකයි උට ඇල්බා කියලා කියන්නෙ...
ඒ උනාට ඉතින් මොන කුප්ප වැඩේ කලත් උගෙයි මගෙයි නම් දෙක එකටම කියවෙනවා...
අපේ යාළු කමට අවුරුදු 13ක්...
පුංචි ජංගි කොටේ ඇදගෙන වැලි කෙලියෙ හිටං එකට හිටපු මගෙ බොක්ක...
ඌ එහා ගෙදර මම මෙහා ගෙදර...
ආයි ඉතින් කතා කරන්න දෙයක් නෑ...
ගමම දන්නවා අපි දෙන්නාව...

කඹ කඩ කඩ, හිරි ඇර ඇර මමත් ගිහින් දොර ඇරියා...

නෙද්දකින් විතරක්...
          බලපං ටොගෙ හැටි...
හ්ම්ම්ම්...
           ගිහිං ලෑස්ති වෙයං යකෝ..
9යි වෙලාව...""

හක්ක පනින සයිස් එකේ ඈනුමකුත් ඇර ඇර මමත් ගියා මූණ හෝදන්න...
එන්න කියලා තිබුනෙ 10:00ට..
මූ කුකුලා අතේ තියාගෙන 9:00 වෙනකොටම ඇවිත්...

ඹ කාලාද ආවෙ...""

උට මම නැතුව ගිලෙන් නෑ කියලා දැන දැනම මමත් ගොනා සේ ඇහුවා...

නෑ...
ගිහින් කංජපානිගෙන් ඉදියාප්ප ගෙඩි දෙකක් අරන් ගිලිමු...""

කංජපානි කියන්නෙ කැන්ටිමේ අන්කලේ...
මාත් ඉතින් ලෑස්ති වෙලා එක පොතක්වත් අතේ නැතුව එළියට බැස්සා...
අද පළවෙනි දවස...
ඕවා උස්සගෙන ගිහින් වැඩක් නෑ...
ඇල්බත් එහෙම තමයි...
ඌ කොච්චර මැක්සා උනත් ඌ තෝරගත්තෙ මං කරන Subjects 3ම තමයි...
උටයි මටයි එකම results...
අපි දෙන්නාම කරන්නෙ Art...
අපි දෙන්නා අනිත් එවුන් වගේ නෙවෙයි...
අපි දෙන්නා විශයන් තෝරගත්තෙ ගුරුවරු දිහා බලලා...
ඒකට ලොකූ හේතුවක් තියෙනවා...

මූලික පරමාර්ථය...
අංක 01 - නින්ද
අංක 02 - නිදහස
අංක 03 - විනෝදය

උටයි මටයි ජීවිතේ ලොකූ ලොකූ බලාපොරොත්තු නෑ...
හැබැයි ඌයි මායි එකට ගේම ගහනවා මොන පිස්සුව කෙලියත්...
ඌ පංතියෙ පළවෙනියා උනොත් මම දෙවනියා...
මම දෙවනියා උනොත් ඌ පළවෙනියා...
හැබැයි පීරියඩ් එකකදි අපි දෙන්නාව පංතියෙදිනම් දකිනවා කියන එක මහ බොරු වැඩක්...
හැබැයි අපි දෙන්නාගෙ විශය පථයෙ
කෙල්ලො නෑ...
ඒ උනාට ඇල්බටයි මටයි කෙල්ලො පස්සෙන් එන එකේ අහේනියක්නම් නෑ...
ආදරය කියන විශය විහිළුවටවත් කරලා නෑ...
හදවතට ලාදුරු...
ඒක නිසා ඒම එකක් දැනිලාම නෑ...

************************************

නෝටි මල්ලේ...""

ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම සැන්ටා කෑ ගහනවා...
ඉස්කෝලෙ Head Prefect..
වෙන උන්ට head prefect පට්ටම හම්බුනාම අලි ඔළුවක් ආවට,
සැන්ටා සුපිරිම පොර...
ඒකට සුපිරියටම ගැලපෙන චරිතයක්...
හෙන බොක්ක.. නායකත්ව ගති සුපිරියටම තියෙනවා...
කුණුහැලපයක් කිවුවත් ගානට ඒකට එකතු වෙලා අනිත් පැත්තට උත්තර දෙනෝ...
ලොකු සීන් ඇත්තෙම නෑ...

සැන්ටයියා...""
මාත් ඉතින් හිතේ කහටක් නැතුවම කතා කලා..

ඔක්කොමත් එක්ක පොල් වහල්ල දික් කරලා අපි ගියා කංජපානිගෙ ඉදියාප්ප කන්න...
මේ මාස තුනටම ඇරියස් අල්ලන්න බලාගෙන ගියත්
ගොඩපර කොලේ ඔතපු ඉදියාප්ප මුල් හතරකට අපේ බඩේ රැලි බෙල්ලටම ආවා...
කනවනම් කන්න ඕනෙ කංජපානි ප්‍රොඩක්ට්ස්...

ඊටපස්සෙ අපි ගියා පිට්ටනියට..
අලුත් ළමයින්ට තිබුන රැස්වීම ඉවර කරල
පංති වලට විසිරුවා හැරියට පස්සෙ තමයි හොදම වැඩේ තියෙන්නේ...
පරණ උන් අලුත් උන්ව රැග් කරනවා...
අපිටනම් ඉතින් ඒවෑන් ගැටලුවක් ඇත්තෙම නෑ...
කොහොඹයි වෙනිවැල්ගැටයි එකට දාපු ඖෂදීය පානයක් පොල්කට්ටකට දාලා මුලින්ම බොන්න දුන්නා...

ඊටපස්සෙ තිබුනෙ ඉතින් අරකට මේක ආදේශ කරන්නයි
මේකට අරක ආදේශ අ
කරන්නයි
ඒ කරලා රචනයක් වගේ කියවන්න දුන්නෙ...

අනේ හුකේ නන්නාරෙ,
අලුතින් ආපු කෙල්ලන්ගෙනම් ඉතින්  කැටයම් ගොඩයි...
අනේ... හුනේ... පනේ...
ගගා නම්කිලා ටික අත් ගස ගස
ඉතින් දන් නැද්ද??
ජීවිතේට කුණුහරුපයක් කියපු නැති
සීලවතීලා සෙට් එකක් තමයි
දෙයියනේ කියලා අපේ පන්තියට අහු වෙලා තිබුනෙ..
මායි ඇල්බයි පරණ උන් ටිකත් එක්ක හවුල් වෙලා අලුතින් ආපු උන්ව ගැම්මට රැග් කරනවා...

පිළිවෙලට රැග් කරගෙන කරගෙන යනකොට බෑග් එකත් මේසෙ උඩින් තියාගෙන බිම බලාගත්තු කොල්ලෙක් ඉන්නවා...
ඌ නෙවෙයි ඔළුවක් උස්සලා බලන්නෙ
මෙතන උතුරු කොරියාවයි දකුණු කොරියවයි මිසයිල ගහගත්තාත්
ඌට වැඩක් නෑ වගේ
ඌ ඉන්නවා බිම බලාගෙනම...
යකෝ මූ ගොලුයිද??
එහෙමත් නැත්නම් බීරීයිද??
මෙච්චර උන් හිනා වෙනවා මූ නෙවෙයි ඇහැක් ඇරලා බලන්නෙ...
හිටහං පොඩ්ඩක් දෙන්න ටොට...

ස් ස්ස්... නම්කී...
ඔයාගෙ නම කියනවද අපිට...""

මමත් නිකම් නෝන්ඩියට
වගේ  ඇඹරිලා ඇහුවා...
එයත් හිමීට හිමීට නැගිට්ටා...
ඒ කියන්නෙ ඌ දන්නවා මම උටයි කතා කලේ කියලා...
ඒත් ඔළුවනම් උස්සලා බැලුවෙ නෑ වැරදිලාවත්...
කනට ඇහෙන නෑහෙන ගානට බිම බලාගෙනම නම කිවුවා...
මදි මදි හොදටම මදි...

හයියෙන් කෑගහලා කියහංකො බං...
               හැපෝ...
මේ කෙල්ලොත් උඹට වඩා හයියෙන්                  කතාකරනවා...""

මමත් ඉතින් පොර වගේ නෝන්ඩිය දැම්මා...

මම නෙතුම් ආශිංසන...""

ඒ පාරනම් ටිකක් හයියෙන් කිවුවා..
හයියෙන් කිවුවා නෙවෙයි
මුළු පංතියම නිශ්ශබ්ද වෙලා හිටපු නිසා
ඒ කටහඩ හැමෝටම පැහැදිලිව ඇහුනා...
හරිම සංසුන්...
නිවුන කටහඩක්...
නමත් ඒ වගේමයි...
මගෙ පොර ගති දිය වෙලා යනවා වගේ දැනුනෙ...

මොනවද කරන subjects??

ඒ මම නෙවෙයි ඒ සැන්ටා...
යකෝ මෙච්චර වෙලා සද්දෙ වහලා හැම එකකටම හිනා වෙවි හිටපු එකාට මක් උනාද??
ඒ ගැන හිත හිතා ඉන්න කලින් අනිත් පැත්තෙන් උත්තරේ ඇහුනා...

සිංහල
සංගීත
භූගෝලය

සා වෑව්...
තුනම සැන්ටා කරන විශයන්...
භූගෝලය හැර අනිත් ඉතුරු දෙකම තමයි මාත් කරන්නෙ...

හරි ඇති වාඩි වෙන්න...""

හෑ... මූට මක් වෙලාද යකො...
අනිත් ඔක්කොටම සිංදුවක්ම හරි කියන්න දුන්නා...
ප්‍රශ්න දෙක විතරයි සැන්ටා කියනෝ වාඩි වෙන්නලු...
සැන්ටාගෙ ඥාතියෙක් වත්ද දන් නෑ...

හිනාවෙලා, සිංදු කියලා, නටලා, ඔක්කොම කරලා හමාර වෙලා,
බෙල්ලා අංකල් බෙල් එක ගැහුවහම
අපිත් ගාථා කියලා එළියට ආවා...

ලෙංචිනාගෙ කඩෙන් අයිස් දෙකකුත් අරන් කකා
ඇල්බායි මායි හවසට යන පංතිය ගැන කතා කර කරම ගෙදර ආවා...
.
.
.
.
.
.
.
To be continued.. 🤗
.
.
.
.
.
.
ඉෂූ 🙆😘

දගකාර සිතක නැවතුම Nowty.... 👬

Continue Reading

You'll Also Like

212K 1.1K 33
This is a mix of different animes that have smut in them
5.1M 45.2K 53
Welcome to The Wattpad HQ Community Happenings story! We are so glad you're part of our global community. This is the place for readers and writers...
175K 1K 189
Mature content