" හෝසොකා මොකක්හරි ප්‍රශ්නයක් ද ? "
මගේ එහා පැත්තෙන් වාඩි වුනු යුන්ගි එහෙම ඇහුවෙ මගේ කරට උඩින් අතකුත් දාගන්න ගමන්.
සමහරවිට යුන්ගිටත් මගේ වෙනස තේරෙන්නැති. තේරෙන්නැති වෙන්න විදිහක් නෑනෙ. ඌ මගේ පොඩි කාලෙ ඉඳන් යාළුවා. මගේ පොඩි වෙනසක් උනත් හොඳින්ම තේරුම්ගන්නෙ යුන්ගි.
ඒත්, මන් කොහොමද බන් මේ දේවල් උඹට කියන්නෙ.
මං නිසා කෙනෙක්ගෙ ජීවිතයක් නැති උනා කියලා කොහොමද මං උඹට කියන්නෙ. උඹට පුළුවන් ද මට සමාව දෙන්න.
උඹ සමාව දුන්නත් මට ඒක කරන්න බෑ බන්. මං කොහොමද බන් අමතක කරන්නෙ මගෙ ඉස්සරහා ඒ කෙල්ල ජීවිතේ නැති කරගත්තු හැටි. මට බෑ බන්. මට බෑ. මං මටම වෛර කරගන්නවා.
" පිස්සුද බන්. උඹ දන්නවනෙ මට ප්‍රශ්න නෑ කියලා. කන්න ඕනි බොන්න ඕනි ආතල් එකේ ඉන්න ඕනි. මගේ තියරිය. "
මං කිව්වෙ බොරු හිනාවක් මූණට මවාගන්න ගමන්.
" අනේ උඹේ කෙහෙම්මල් තියරිය. කසාදයක් බැඳලා දරුවෙක් හදපන් මිනිහො. දැන් වයසත් හරිනෙ. "
මගෙ ඇස් වලට කඳුළු පිරුනෙ මටත් නොදැනීම. මං ආදරේ කරපු ඒ හිනාව, ඒ කටහඬ, ඒ ඇස් දෙක, මාව දාලා ගිහින් ඉවරයි බන්.
මං එතනින් නැගිටලා බැල්කනියට ගියේ යුන්ගිට මගේ කඳුළු පෙන්නන්න ඕන්නැති නිසා.