JUST ONE DAY 🍂 || KSJ || SH...

By JinNu97

2.5K 650 552

කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ නැහෑ... වැරදි වෙන්නේ මිනිස්සු අතින්... ඒත් ඒ වැරැද්ද ආයේ හරි ගස්සන්න බැරි තරම් වැර... More

Just One Day Pt 2 🍂

Just One Day 🍂

1.4K 302 222
By JinNu97

අප්පා කෙනෙක්ට දුවෙක් මහාමෙරක් වගේ කියනවා... ඒ වගේම දුවෙක්ට තමන්ගේ අප්පා කියන්නේ එයාගේ ලෝකේ හීරෝ... ඒත් මේ දෙකම මගේ ජීවිතේදී බොරුවක් නම්....? මට මගේ දුව මගේ ජීවිතේ මං දකින්න අකමැතිම කෙනානම්... ඒ වගේම මගේ දුවට එයාගේ හීරෝ මට වෙන්න බැරිනම්?...

" මේ හැමදේටම වගකියන්න ඕනේ තමුන් හාරූ... තමුන් විතරමයි... "

.
.
.
.
.
.

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

කණ්අඩි පැලෙන්න තරම් තිබ්බ සංගීතේ එක්ක එක එක විච්චූරණ ඇදුම් ඇද ගත්ත කෙල්ලෝ ඇගේ යන්තම් වියතක් විතරක් වහන් නටන්නේ හරියට පිස්සුවෙන් වගේ.. හරියට ඒ අය මේ ලෝකේ ජීවත් වෙන අන්තිම දවස අද වගේ... කකා බිබී විනෝද වෙන ඒ කෙල්ලෝ අතරේ සල්ලීකාර අප්පලාගේ පුත්තු ඔහේ තම ජීවිත නාස්ති කරන්නේ හරියට ඒ අයට ඒ දේ අනිවාර්යයෙන් කළයුතු දෙයක් වගේ .....

ක්ලබ් එක එකම විනෝද පිටියක්... දවස ගානේ ක්ලබ් බහින කොල්ලෝ අතරේ විනෝදෙට වගේම හිතේ දුක නැති කර ගන්න එන කොල්ලොත් නැතුවම නෙවෙයි..

ඒ අතර තරමක් ඇගපත තියෙන ,උස , සුදු , කඩවසම් තරුණයෙක් එදා දවසේ ක්ලබ් එකේ හිටිය කෙල්ලොන්ගේ අවදානේ දිනා ගෙන ඉවරයි.... හැබැයි කොල්ලටනම් ඒ කිසි දේක වගේ වගක් නැහෑ....අතේ තිබ්බ වීදුරුව කරකව කරකව හැඩ බල බලම හිනා වෙවී උගුරට දෙකට විස්කී වීදූරු කොල්ලා හිස් කලේ වටේ පිටේ වෙන කිසිම දෙයක් ගැන ගානක් නැතුව.....

" සොක්ජිනා... මොකද්ද යකෝ මේකේ තේරුම අහ් ?..උඹ මෙතන කන මදයා වගේ බීගෙන .. අහ්.. මං හැමදාම උඹව හොයන් මේ සෝල් වල ක්ලබ් අස්සේ රිංගන්න... මොකද්ද මේකේ තේරුම... ? "

" එයාට.... එන්න කියපන්..... "

" ආෂ්ෂ්ෂ්.. ආයෙත්.... උඹ ඔය බී ගත්තම එන්න කියන කෙනා කවුද ?.. මොන කෙහෙල්මලකටද ඒකීව හොයන්නේ යකෝ...."

" එයාට එන්න කියපන් ජුන්...... එන්න කියපාආආආආන්......"

ජින්ගේ අතේ තිබ්බ වීදුරුව බිම වැදිලා සීසීකඩ විසිරිලා යන්න ගත වුනේ සුලු මොහොතයි... මුලු ක්ලබ් එකට ජින්ගේ සද්දෙත් එක්ක මොහොතකට නිශ්ශබ්ද වුනත් ආයේත් හැමෝම තම තමන්ගේ වැඩ වලට අවදානේ දුන්නේ ක්ලබ් එකක මෙහෙම දේවල් සාමන්‍ය නිසයි...

" ජින් විකාර නොකර වරෙන්..!!..."

" අත්...ඇරපන්...යකෝ... අතඇරපන් මාව..... "

" උඹ දැන් ආවොත් උඹට මං ඔය කියන කෙල්ලව හොයලා දෙනවා... "

නම්ජූන් කිව්වේ ජින්ගේ උරිස් වලින් දැඩිව අල්ලන් හොලවන ගමන්...

" උඹ හැමදාම කිව්වේ ඕක බන්.. මාව සනසන්න..... මාව සනසන්න උඹ ඔහොම කියනවා... ඒත් ඒත් කවදාවත් උඹට බැහෑ එයාව හොයා ගන්න ..... කවදාවත් බැහෑ "

මෙච්චර වෙලා තරහෙන් පුපුරු ගගහා හිටිය ජින් එක තතපරෙන් ආයෙත් කඩන් වැටුනේ කවදාවත් නොයෙන , තමන් ජීවිතේ වන්දි ගෙවන්න ඕන කෙනා ආයේ එන්නේ නෑ කියලා කාටවත් වඩා තමන්ගේ හිත දන්න නිසයි....

බීලා බීලා කෙලින් ඉන්නවත් පණ නැති කොල්ලව නම්ජූන් අමාරුවෙන් වාරු කරන් වාහනේට දාන් ජින්ගේ ගෙදරට ගියේ සැරින් සැරේ නැගිටලා කියවන ජින්ටත් බැන බැනමයි....

.
.
.
.
.
.
.
.
.

සෝල් වල ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන මිස්ට.කිම්ගේ එකම දරුවා වන කිම් සොක්ජින් මීළගට කම්පැණි එක භාර ගන්න ඉන්න අනාගත උරුමක්කාරයා වුනත් හැමදාම කටගොන්නක් බීගෙන ගෙදර එන එක කොල්ලට පුරුද්දක් වෙලා.. ඒ ඇයි කියන්න ජින්ගේ ගෙදර අයට ඇරුණාම අනිත් හැමෝටම රහසක් ...

හැමදාම වගේ ජින්ගේ ඔම්මා නම්ජූන්ව ගෙදර දොර ගාවින් හරවලා යවද්දී ජින් අමාරුවෙන් වටේ පිටේ බඩු වලට වාරු දීගෙනම රූම් එකට යන්න ගියේ දකින්න අකමැතිම රූපේ පේන්න එපා කියලා දෙවියන්ගෙන් ඉල්ලන ගමන්....

ඒත් දෙවියන් ජින්ට ඇහුන්කන් දෙයිද ?...

"අප්පා...."

" අහකට වෙනවා...ආෂ්ෂ්ෂ්ෂ්..
ඔම්මාආආආආආ.....මොන මගුලක්ද ...හැමදාම කියනවා මේ කෙල්ලව ඇතුලට දාලා තියන්න කියලා... යනවා එහාට... "

තමන්ට ඉන්න එකම රැකවරණේ වුන ලේ වලට විතරක් බැදුන තමන්ගේ අප්පව දැක්ක ඒ අහිංසකී අදත් වෙනදා වගේම , අනිත් ළමයි වගේම ආසාවෙන් දුවගෙන ඇවිත් තමන්ගේ අප්පාගේ ඇගේ එල්ලුනේ යන්තමින් හරි ආදරයක බලාපොරොත්තුවෙන්...

ඒත් ඒ අසරණ දරුවට හැමදාම වගේ වුනේ තමන්ගේ අප්පාගෙන් බැනුම් අහලා බයේ හැන්ගෙන්න...

" ජීහා... තමුන්ට කියලා තියෙනවා නේද රූම් එකට වෙලා ඉන්න කියලා..අහ්හ්හ්?... මෙහේ තමුන්ට අප්පලා නැහෑ...මගෙන් ගුටි නොකා යනවා කාමරේට... "

මිසිස්.කිම් ජිහාට සැර වුනේ හිතේ කිසිම තෙත්මනයක් නැතුව... කෙල්ල කලින් බයට හැන්ගුනෙත් තමන්ගේ අප්පාගේ කෑගැහිල්ලට වඩා හල්මොණීගෙන් ගුටිකන්න වෙයි කියන බයටයි...

ඇස් වලට ඉණුව කදුලු බිංදුවත් අමාරුවෙන් හිර කරන් පුංචි අත් වලින් තමන්ගේ කන් දෙකත් වහගෙන කෙල්ල හැංගිලා හිටිය තැනින් රූම් එකට දුවගෙන ගියේ සැරින් සැරේ තමන්ගේ අප්පා දිහා හැරිලා බලන ගමන්....

ජීහා දුවන දිහා මිසිස්.කිම් බලන් හිටියේ තරහෙන් පුපුර පුපුර වුනත් ජින් ටිකකටවත් ජීහා දිහා නොබලා අහක බලන් ඉදලා රූම් එකට ගිහින් දොර වහා ගත්තා... මේ වෙනකොට මත් ගතිය ජින්ගේ ඇගෙන් ටිකක් ගිහින් තිබුණ නිසා කොල්ලා හිටියේ කලින්ටත් වඩා තරහෙන් කේන්තියකින්... කාමරේ බඩු එක දෙක පොළවට වැදිලා බිදිලා විසිරිලා යද්දී හැමදාම වගේ ජින්ගේ වේදනාවෙන් මුලු ගේම දෝංකාර දෙන්න ගත්තේ ජින්ට වගේම මිසිස් කිම්ගෙත් , අහිංසක ජීහාගෙත් ඇස් වලට කදුලු එක් කරලයි......

-----------------------------------

📞 : ජිනා මං හාරු කියලා කෙනෙක්ව හොයා ගත්තා.... ඒත් ඒ උඹ කියන කෙනාද දන් නෑ..

📞 : කොහෙද ?... මට කියපන් එයා කොහෙද ඉන්නේ ?

📞 : ඉල්සාන් වල...

📞 : හරි මං දැන්ම එනවා ඉදපන්....

📞 : ජිනා පොඩ්ඩක් ඉද...යහ් යොබොසෙයෝ ..යොබොසෙයෝ .....

නම්ජූන්ට එයා කතා කරලා ඉවර කරන්නත් කලින් ජින් phone එකත් කට් කරලා දාලා ගෙදරින් එළියට දුවලා ගියේ අදවත් ඒ හම්බුන කෙනා තමන් හොයන කෙනා කියලා බලාපොරොත්තු තියන්....
.
.
.
.
.
.
.
.
.

" මේ එයා නෙවෙයි බන්... "

බිදුන කටහඩකින් ජින් කැෆේ එකෙන් එළියට ආවේ නම්ජූන්වත් ඇදගෙනමයි... නම්ජූන් ජින්ව එක්කන් ගියේ ඉල්සාන් වල තිබ්බ පොඩි කොෆි ශොප් එකක වැඩ කරන ජින් හොයන හාරූ කියන නම තියෙන කෙනෙක්වම හම්බෙන්නයි.. ඒත් ශොප් එක ඇතුලට යද්දී ජින්ගේ මූණේ තිබ්බ හිනාව එහෙන්ම මැකිලා ගියේ ඒ හිටිය ගෑණූ ළමයා ජින් හොයන කෙනා නොවුන නිසයි...

" එකම ගම, ඒ වගේම කොෆි ශොප් එකක, ඒ වගේම නමක් ....ඒත් ඇයි ඒ ඔයා නොවුනේ හාරූ... වේ..වේ...වේ...... "

කාර් එකේ බොනට් එකට අතින් දෙතුන් පාරක් ගහලා ජින් කෑගැහුවත් ඒ අසරණයගේ වේදනාව අහන්න හිටියේ හැමදාම ලගින් හිටිය නම්ජූන් විතරයි...

ගිය ගමන වැඩක් නොවුන නිසා ආයෙත් එන ගමන් නම්ජූන් කාර් එක බීච් එකක් අයිනෙන් නැවැත්තුවේ මග දිගටම ජින් වේදනාවෙන් අඩනවා බලාගෙනම ඉන්න බැරි තැන මේ දේවල් වලට හේතුව අහන්න... අවුරුදු 10ක් වුන මේ යාලුකමට තවමත් රහසක් වුන ජින්ගේ මේ හැසිරීම කොල්ලට බලාගෙන ඉන්නම බැරි තරම්... අද කියයි හෙට කියයි කියලා නම්ජූන් බලන් හිටියත්  දවසින් දවස බිස්නස් වැඩ එක්කයි රෑ තිස්සෙම බීගෙන සිහියක් නැතුව ඉන්න ජින්ගෙන් ඒ දේ අහලා දැන ගන්න එක්ක පරක්කු වුනා...

"අදවත් කියපන්කෝ " කියලා නම්ජූන් කතාව පටන් ගත්තත් ජින් ඒ හැම වෙලේම ප්‍රශ්නය මග ඇරියේ තවමත් ඒ දෙවල් වලට පිළිතුරක් නැති නිසයි...

" ජිනා.. මොකද්ද මේකේ තේරුම..උඹ කියන හැම පාරම මං ඒ නම තියෙන අයව උඹට හොයලා දුන්නත් තවම ඒ කෙනා හම්බුනේ නැත්තේ ඇයි යකෝ..?.. කවුද උබේ හාරූ?.. අනික ඒ උඹ ආදරේ කරන කෙනානම් කොයි වෙලේද උඹට ඒ කෙල්ලව හම්බුනේ?.. යකෝ මෙච්චර කල් උඹ එක්ක මං හිටියා... ක්ලබ් එකේ ඉන්න කෙල්ලොයි එහෙන්න් මෙහෙන් හම්බෙන එවුනුයි ඇරෙන්න උඹ මෙහෙම මැරීගෙන හොයන්න තරම් කවුද ඒ කෙල්ල...."

" මගේ දරුවගේ ඔම්මා... "

.
.
.
.
.
.

නම්ජූන් හිටියේ ජින් කියන කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව.. කොල්ලා අවසිහියෙන් කියවනවා කියලා හරි හිතන්න පුලුවන් වුනත් මේ වෙලාවේ ජින් හිටියේ හොද සිහියෙන් නිසා නම්ජූන්ට ඒ ගැන සැකයක් ඇති වුනේ නැහෑ.. ඒත් එහෙම දෙයක් වෙන්නේ කොහොමද කියලා කොල්ලට හිතා ගන්න බැරි වුනා....

" උබේ දරුවගේ ?..යහ්...ජිනා.. උබ විහිලු කරනවද ?... කො..කොහෙද උබේ ළමයා..."

" ගෙදර..."

" ම්වෝ?... ටිකක් ඉන්න ටිකක් ඉන්න.. අපි මේ කතාව මුල ඉදන් පටන් ගමු... මෙච්චර කල් නොහිටිය ළමයෙක් උබට දැන් කොහෙන්ද?..."

" මෙච්චර කල් හිටියා.. එයාට අවුරුදු 6ක්... තවමත් එයා ඉන්නවා.. ඒත් මට ඕනේ නැහෑ එයා තවත් ඉන්නවා බලන්න.."

" යහ් ජිනා.. උබ මොනවද යකෝ මේ කියවන්නේ?... "

මුහුදෙන් හමන් ආව හුළගේ සැර වැඩිවුනත් ජින්ගේ ඇස් වලින් බේරුණ කදුලු වේලෙන්න තරම් ඒ හුළගේ සැර ප්‍රමාණවත් නැති වුනා... අඩලම හෙම්බත් වෙලා තිබ්බ ඒ ඇස් වලින් කියා ගන්න බැරි දුකක් තවමත් එළියට එන්න වෙර දරණ කදුලු බිංදු වලින් තේරුම් කලා...

" ඒ මගෙන් හාරූට ලැබුණ දරුවා.. "

" හරි... එහෙම වුනා කියමු.. ඒ උඹලා ආදරේ කල නිසනේ.. ඉතින් ඇයි ඒ කෙල්ල දරුවව උඹට දීලා ගියේ ? මොන ඔම්මද එහෙම කරන්නේ ? "

" මං හාරුට ආදරේ කලේ නැහෑ......"
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

7 Years Ago....

" Excuse Me ... හේ . මේ හලෝ මාව ටිකකට හන්ගනවකෝ... "

" ආ? 😳 "

" බය වෙලා වගේ බලන් නැතුව මාව හන්ගනවා. මායි මෙතන බය වෙලා ඉන්නේ.... "

" ඒත් ඔයා හිනා වෙවීනේ ඉන්නේ ..."

" හරි හරි තව ටිකක් මෙහෙම හිටියොත් මට හිනා වෙන්න තියා අඩන්නවත් බැරි වෙයි.... මාව ඉක්මනට හන්ගන්න.. පල්ලී.."

ඉල්සාන් වල තිබ්බ පොඩි කොෆි ශොප් එකකට උදේම කඩාගෙන වැදුන ජින් එතන හිටිය ගෑණු ළමයට එක දිගටම ඇවිටිලී කලේ එයාට හැන්ගෙන්න තැනක් දෙන්න කියලයි.. සැරින් සැරේ ශොප් එකේ දොර ලගට ගිහින් එලියෙන් කවුරු හරි එනවද කියලා බල බල කොල්ලා හැන්ගෙන්න තැනක් හෙව්වත් කොල්ලා ඒකෙන් පොඩි විනෝදයක් ලබන බව කොල්ලාගේ මූණ බැලුවම කියන්න පුලුවන්...

ඒ වෙනකොට මිනිස්සු තවම වැඩ කරන්න හරියට පටන් අරන් නැති නිසා ඒ පාරේ ඇරලා තිබ්බේ ඒ ශොප් එක විතරයි... ඉතින් දිගටම දුවගෙන හැන්ගෙන්න තැනක් බල බල ආව ජින්ට මේ ශොප් එක හම්බුනේ එහෙමයි...

" මේ කියවන්න වෙලාවක් නෑ හලෝ..මගේ පස්සේ කට්ටියක් පන්නනවා.. මට හැන්ගෙන්න තැනක් දෙනවා... "

" ඒත් මං ඔයාව අදුරන්  නෑනේ... මෙතනින් යන්න දැන්ම මං පොලීසියට කෝල් කරන්න කලින්... "

" ආයිෂ්.... මෙන්න මේක කනවා.. කාලා කටවහා ගන්නවා.. මං ඇතුලට යනවා.. කවුරු හරි ආවොත් දන් නෑ කියන්න..අරස්සෝ ... "

ජින් අත ලග තිබ්බ පොඩි බනිස් ගෙඩියක් අරන් කෙල්ලගේ කටේ ඔබලා කෙල්ලවත් පැත්තකට තල්ලු කරලා ශොප් එකේ පැත්තකින් තිබ්බ දොරක් ඇරන් ඇතුලට ගියා... මේ වෙන කිසි දෙයක් ගැන කෙල්ලට තේරුමක් තිබ්බේ නැහෑ.. එක පාරටම කොල්ලෙක් කඩාගෙන බිදගෙන ආවා , හැන්ගෙන්න තැනක් දෙන්න කිව්වා , බෑ කිව්වම බනිසකුත් කටේ ඔබලා බලෙන්ම ඇතුලට ගියා.. හරියට නිකන් හීනයක් වගේ.. හැමදේම වුනේ හරි ඉක්මනට නිසා කෙල්ල කටේ ඔබලා තිබ්බ බනිස් ගෙඩියත් තවම එහෙන්මම තියන් ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියේ ජින් ගිය දොර දිහා....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

විනාඩි කිහිපයකට පසු ~~

" චොගියෝ..... චොගියෝ.... ඒ අය ගියා.... ඔයාට දැන් එළියට එන්න පුලුවන්.. "

විනාඩි කිහිපයකට පස්සේ කෙල්ල ජින්ව හොයන් ඇතුලට ගියත් ජින් පේන්න හිටියේ නැහෑ... හැන්ගිලා ඉන්න තරම් ලොකු ඉඩක් එතන නොතිබ්බත් කෙල්ල නැවතිලා හිටියෙත් ඒ තැන කියන්න පුලුවන් බඩු හැමතැනම තිබ්බා.. කොටින්ම කිව්වොත් කෙල්ලගේ කඩේ වගේම ගෙදරත් එකම තැන පොඩි දොරකින් වෙන් වෙලයි තිබ්බේ...

ගේ ඇතුලේ ඇතුලේ පොඩි කිචන් එකක් වගේම පොඩි සාලයක් තිබ්බා... පැත්තකින් තිබ්බ වොශෲම් එකට අමතරව ඊට විරුද්ධ පැත්තේ තිබ්බ තව දොරකින් පොඩි රූම් එකක් වෙන්වෙලයි තිබ්බේ.. කඩේට යන්න තිබ්බ දොරට අමතරව තව දොරක් පාරේ පිටිපස්සට තිබ්බත් කෙල්ල වැඩියෙන් පාවිච්චි කලේ කඩේ දොර නිසා අනිත් දොර නිතරම වහලා අගුලු දාලායි තිබ්බේ.. ඉතින් ජින්ට ඒ ගෙදරින් යන්නනම් එක්කෝ දොර කඩන්න ඕනේ එහෙම නැත්නම් එක පාර වාෂ්ප වෙනවා වගේ මැජික් එකක් කරන්න ඕනේ...

" ( මෙයා කොහේ ගිහින්ද ).
චොගියෝ..... ඔයාට දැන් එළියට.......ඔම්මාආආආ 😨😨😨 "

" හායි 🙂 "

" යහ්.. තමුන් මොනවද මගේ රූම් එකේ කරන්නේ අහ්.. ලැජ්ජ නැත්ද කෙල්ලොන්ගේ රූම් වලට යන්න ...."

" ඉතින් මට හැන්ගෙන්න තිබ්බේ මෙතන විතරයි  ....ඔහොම කෑනොගහා ඉන්නවා ..මේ ගේම් එක ගහලා මං යනවා... "

ජින් හිටියේ කෙල්ලගේ රූම් එකේ මදිවට කෙල්ලගේ බෙඩ් එකේ හොදට නිදාගෙන කලුලක් පිට කකුලක් දාන් වන වන ගේම් ගගහා... රූම් එක ටිකක් අදුරුව තිබ්බ නිසා කෙල්ලට එක පාරට පෙනුනේ ජින්ගේ phone එකේ එළිය විතරයි .. එක පාරට දැක්ක පාර කෙල්ල බය වුනත් ඒ ගෙදර වෙන කෙනෙක් ඉන්න බැරි නිසා ඒ ජින් කියලා දැක්ක ගමන් කෙල්ල බනින්න පටන් ගත්තේ ඉණට අත් දෙකත් තියාගෙනයි.... ඒත් ජින්ටනම් ඒ කිසි දේක ගානක් වුනේ නැහෑ... කෙල්ල බැන්නත් නෑහුන ගාමට phone එකේ ඇලිලා ගේම් එක ගගහයි හිටියේ...

" මේක හරියන් නෑ මං කියනවා පොලීසියට.."

" ඕකනේ ඕකනේ කෙල්ලේ බැරී... ඔහොම ටිකක් ඉන්නවා... ආෂ්ෂ්... පැරදුනා 😩 තමුසේ නිසා තමා... බලනවා බලනවා මේක... "

ජින් කෑගැහුවේ phone එකේ ගේම් එක කෙල්ලගේ මූණ දිහාට දික් කරන ගමන්.. තවත් අතකින් කොණ්ඩ ඇදගන්න ගමන් කකුල් පොළවේ හප්ප හප්ප එහෙට මෙහෙට දුවන ගමන්...

කෙල්ල කොච්චර කේන්තියෙන් ඉදියත් ජින්ගේ මේ බබෙක් වගේ හැසිරීමට කෙල්ලට එක පාරට හිනා ගියේ බඩත් අල්ලන්මයි....

" වෙහ්හ්හ්හ්හ්හ්.. යහ්  හිනා වෙන්න එපා.. දන්නවද මං කවුද කියලා?...අහ්හ්?"

දෙකට නැවිලා හිනා වෙන කෙල්ල ගාවට ඉණට අත් දෙකත් තියන් ආව ජින් ඇහුවේ බොරු තරහක් මවන්... ඒත් මෙච්චර වෙලා හිනා වුන කෙල්ලගේ මූණේ හිනාව එහෙන්ම නැති වෙලා ගියේ ජින් ඇහුව ප්‍රශ්නෙට... කෙල්ල නැහැ කියන්න ඔලුව වනද්දී කොල්ලා යටි තොලත් හපන් හිනාව පාලන කරන් කෙල්ල දිහා ටික වෙලාවක් බලන් හිටියා .

" මං කිම් සොක්ජින්...Nice To Meet You. "

" ම්ම් දේ... නයිස් තූ මීත් යූ..."

" 😅😅😅 කියොප්තා.... අහ් මේ කන්න මුකුත් නැත්ද හලෝ.. බඩට මොනාහරි වැටුනනම් හිමීට කෝෆි එකක් එහෙම බීලා යන්න තිබ්බා. පැය ගානක් අරුන් එක්ක දුවලා පණත් නෑ.. මේ ඒක නෙවේ මේ ටීවී එක වැඩ නේද.. මේ ස්නැක් වගේ මුකුත් නැත්ද ?.. කන්න මුකුත් ලැබෙනකම් හප හප ඉන්න..."

කෙල්ලගේ රූම් එකෙන් එළියට ආව ජින් එයාගේ ගේ වගේ හැම තැනම බල බල ඇවිද්දේ කෙල්ල ඇස් දෙක හීනී කරන් ජින් දිහා බලන් පුපුර පුපුර ඉද්දීයි.. මොන මනුස්සයටද ඉතින් කේන්ති යන් නැත්තේ.. කවදාවත් දැකලවත් නැති මනුස්සයෙක් එක පාරට ගෙට කඩන් පැනලා තමන්ගේ ගේ වගේ මෙහෙම හැසිරෙද්දී....
.
.
.
.
.
.
.
.
.
.

" නගා.... යන්න නේද කිව්වේ..... යෂ්ෂ්.. ආයේ මේ පැත්ත පාලාතේ ආවොත් තමුසෙව පොලීසියට අල්ලලා දෙනවා... "

" අහ්.. හරි හරි..ආව් ආව්.. ගහන්න එපා .. යහ්..... 😩 "

කෙල්ල ගේ ඇතුලේ තිබ්බ කොස්සකුත් අරන් ජින්ට ගගහා කඩෙන් එළියට පැන්නුවේ කිසිම හිතක් පපුවක් නැතුව.. ඇත්තටම ඉතින් ඒකේ වරදක් නෑ....ඉතින් ජින්ටත් වුනේ මුකුත් නොකියා කෙල්ලගෙන් කොසු පාරවල් කාලා ශොප් එකෙන් එළියට බහින්න...
.
.
.
.
.
.
.
.
.
.
.

දින කිහිපයකට පසු~....

* සෝල්හී කිම් සමූහ ව්‍යාපාරයේ හිමිකරු වන   කිම් ජන්ග් සොක් අද දින ඔහුගේ ව්‍යාපාරයේ මීළග හිමිකරු ලෙස ඔහුගේ පුත් කිම් සොක් ජින් නිලවශයෙන් නම් කරනු ලැබුවා.. මෙන්න එම පුවත නැවත්තත්....*

ශොප් එකේ ඉස්සරහින් තිබුණ ලොකු ටීවී එකේ ගිය නිව්ස් එක දිහා ශොප් එකේ හිටිය හැමෝගෙම අවදානේ දිනාගෙන තිබුණත් හාරූට ඒ කිසිම දෙයක ගානක් නොවුනේ ඒ වෙලාවේ ශොප් එකට ආව කස්ටර්මස්ලාගේ ඕඩර්ස් රෙඩි කරන්න ඕනේ නිසයි.. 

* වහ්.එයා මාර Handsome *

*වාසනාව තමයි... *

* මේ වයසින් එච්චර ලොකු දෙයක් ලැබෙන්න.. සල්ලීකාරයන්ට ඕවා මොනාද..*

* ඉගෙනගෙන ඇති... නැත්නම් ඔච්චර දෙයක් බැහැනේ.. Kim Group  එක එසේ මෙසේ එකක් නෙවේනේ*

ශොප් එකේ හිටිය හැමෝම කතා වුනේ ටීවී එකේ පෙන්නුව කෙනා දිහා බලන්.. හැමෝම එකම දෙයක් කුටුකුටු ගගා ඉන්න නිසා හාරූගේ ඇස් ඒ පැත්තට යොමු වුනේ මේ අය මෙච්චර කතා කරන කෙනා කවුද කියලා බලාගන්න... ඒත් ඒ කෙනාව දැක්ක ගමන් කෙල්ලගේ අතේ තිබ්බ ඇමරිකානෝ වීදුරුව එහෙන්ම බිමට වැටුනේ හැමෝගෙම අවදානේ හාරු දිහාට යොමු කරලයි...

"ආ ජෙසෝහම්නිදා ... චොම්මාල් ජෙසෝහම්නිදා ..."

කෙල්ල දෙකට තුනට නැවිලා කට්ටියගෙන් සමාව අරන් බිම ඉහිරිලා තිබ්බ වීදුරු කටු ඇහිදින ගමන්ම ටීවී එක දිහා බලන් හිටියේ වෙව්ලන ගමන්....

" මං මේ මොනවද කලේ?...දෙයියනේ.. මේ මනුස්සයටද මං එදා කොස්සෙන් ගහලා පැන්නුවේ... මාව හිරේ දායිද ?.. අනී.. එයානේ බලෙන් මෙතනට ආවේ..  කොච්චර ලොකු මිනිහෙක් වුනත් එහෙම එන්න අයිතියක් නැහැනේ... ඕන එකක්..."

හාරූ තමන්ටම කියවගන්න ගමන් එදා දවසේම ගෙව්වේ ජින් ගැන හිත හිත.. එච්චර ලොකු මනුස්සයෙක් ඒ විදිහට හැසිරෙන්නේ ඇයි?. අනික මිනිස්සු ඇයි එයාව පැන්නුවේ ?.. මේ වගේ එක එක දේවල් ගොඩක් හාරුගේ ඔලුව ඇතුලේ කැරකෙන්න ගත්තා....

මොන දේ වුනත් ඕන දේකට මූණදෙන්න කෙල්ල හිතා ගත්තේ ඒකයි. අනික එදායි පස්සේ ජින් ඒ පැත්තටවත් නොගිය නිසා ජින්ටත් ඒ දේවල් අමතක ඇති කියලා හිතන් හාරු හිත හදාගත්තේ ඒකයි....

.
.
.
.
.
.
.
.
.

--------------------------

" මේක අරිනවා.. යහ්හ්...අප්පා..ඔයා මේ කරන දේ වැරදී.. ඔයාට බැහෑ මෙහෙම මාව හිරකරන්න.. ඔම්මා.. චේබාල්.. මාව එළියට ගන්නකෝ.. ආයිෂ්ෂ්ෂ්ෂ්.. මට බෑ ඔය මගුල් කම්පැණි බලා ගන්න.. මට මගෙ පාඩුවේ ඉන්න දෙන්න... ඔම්මාආආඅ.. ඔයාට දුක නැත්ද ඔයාගේ පුතා මෙහෙම කෑගහද්දී... අප්ප්පාආආආආආආ....".

" ජින් කටවහාගන්නවා... තමුන් කොච්චර ඕක ඇතුලට වෙලා කෑගැහුවත් තමුන්ට එළියට එන්න ලැබෙන්නේ පේපර්ස් වලට සයිග්න් කරාට පස්සේ... "

" නැත්නම්?..."

" නැත්නම් ඔහොමම ඉන්නවා... ආයේ ක්ලබ් ගානේ යන්නයි, කෙල්ලෝ එක්ක නටන්නයි බැරි වුනාම තේරෙයිනේ.... තමුසේ කරන වැඩ නිසා මටයි පාරේ බැහැලා යන්න බැරි මිනිහෝ.... "

" ජින්ගේ අප්පා.. පොඩ්ඩක් කෑනොගහා ඉන්නකෝ.. ඔයාට හොදනෑනේ ඔහොම කෑගහන්න.."

" ඔයා තමයි මෙයාව නරක් කරන්නේ.. පුතාට තේරුම් කරලා දෙනවා.. මේ සේරම කරන්නේ එයාගෙම හොදට කියලා.. එතකොටවත් මේකා හැදෙයිනේ.. නහයට අහන් නැති එකා.. ඔම්මත් එකයි පුතත් එකයි... හැබැයි මූව එළියට ගත්තොත් දෙන්නවම එලවනවා එලියට.."

" හරි මහත්තයෝ දැන් කෑනොගහා යන්නකෝ.. මං පුතාට තේරුම් කරන්නම්.. "

ජින්ව දවස් ගානක් රූම් එකේම හිර කරලා තියන්න එයාගේ අප්පට සිද්ද වුනේ ජින්ගෙම වැඩ නිසයි.. දවස් ගානකට කලින් කොල්ලොත් එක්ක රණ්ඩු වෙලා පාරේ කරක් ගහද්දී Mr.Kimගේ අතටම ජින්ව අහුවෙද්දී  එදා එක්කන් ආව පාර තවමත් කොල්ලා තමන්ගේ කාමරේට කොටු වෙලා...

සල්ලී නිසා හිතුවක්කාර වුන ජින් එයාගේ ජීවිතේ උපරිමයෙන් වින්දේ ක්ලබ් ගානෙයි , කෙල්ලො එක්කයි , යාලුවෝ එක්කයි...ඒ වගේම සූදුව කියන්නේ ජින්ගේ එක විනෝදාංශයක්..

අන්තිම දවසෙත් බීලා බීලා නාදුරන කොල්ලෝ ටිකක් එක්ක තමන්ගේ කාර් එකත් ඇපේට තියලා කාර්ඩ් ගැහුව කොල්ලා අතේ සතේටම හින්දවගෙන රණ්ඩුවකට පැටලුනා..
ඉතින් කොල්ලට වෙන කරන්නම දෙයක් නැති කමට එතනින් පැනලා එද්දී අහම්බෙන් හාරූව හම්බුනේ එදායි.. ඒත් කොල්ලට ඒක විනෝදයක්... ඊට එහා කිසිම දෙයක් ජින්ට ගානක් නැහැ...

ඒත් කොල්ලගේ හිතුවක්කාරකමට මේ සැරේ ලැබුණ දඩුවම ටිකක් වැඩි වුනේ ජින්ව එයාගේ අප්පගේ අතටම අහු වුනාට පස්සෙයි....

.
.
.
.

" ජිනී.. පුතා... අප්පා කියන දේ අහන්න දරුවෝ..."

" ශිරෝ... අහ්හ් ඔම්මා.. අප්පාට කියන්නකෝ.. මට දැම්ම ඕවා කරන්න බැහෑ කියලා.. අප්පා කිව්වම මං ඇමරිකාත් ගිහි  ඉගෙන ගත්තා.. මං මෙහෙට ආවේ ටිකක් ෆන් එකේ ඉන්න.. දැන් ඒකත් නැති වෙනවා.. මොකද්ද ඔම්මා.."

" පුතා ඔයා දන්නවද අප්පා මේ දේවල්ල්ල්"

"ආඅ ආයෙත් ආයෙත්. දේ දේ දන්නවා.. දුක්මහන්සියෙන් හම්බකරපුවා... So What.. මට දැම්ම බැහෑ...එච්චරයි.."

" එහෙනම් ඔයාට මේ ඔක්කොම නැති වෙයි.. ඔයා ආසම කාර් එක , කාර්ඩ්ස් ඔක්කොම අප්පා කැන්සල් කරයි."

" 😩 අහ්හ් අන්දෙව්ව්ව්ව්ව්ව් ... මයේ කාර් එක.. ඔම්මා...මාව ඔයාලා අරන්ද හදා ගත්තේ අහ්හ්?..".

" ජිනී මොනාද දරුවෝ මේ අහන්නේ.."

"තමුන් වගේ එකෙක්ව අරන් හදා ගන්න අපිට පිස්සු නැහෑ.."

ජින්ගෙයි එයාගේ ඔම්මගෙයි කතාව මැද්දට පැන්නේ එයාගේ අප්පා..

" ඔම්මාඅ 😩😩😩😩 දැක්කද ..දැක්කද අප්පා කිව්ව දේ.. එයා මට ආදරේ නැහෑ..."

" මහත්තයා පොඩ්ඩක් ඔයා යන්නකෝ.."

" හරි හරි මං යන්නම්.. හැබැයි පුතෝ මේ පාර මගෙන් බේරෙන්න හැදුවොත් තමුන්ව ආයේ මං ඇමරිකාවට නෙවේ යවන්නේ අප්‍රිකාවට... "

"🙂🙂🙂"

ජින්ගේ අප්පා එයාටත් එක්ක ඔම්මටත් බැනලා යද්දී ජින් එයාගේ ඔම්මා ලග හුරතල් වුනේ කොහොම හරි මේකෙන් බේරිලා යන්න හිතන්.. ඒත් මේ පාර ඇත්තටම ජින්ට බේරෙන්න බැරි තරම් එයාව බෙල්ල මුලටම හිරවෙලයි තිබ්බේ.. මොකද ජින් සූදු ගැහුව තැනින් ජින්ගේ කාර් එක ( ජින් ආසම කාර් එක නෙවෙයි වෙන එකක් )  පොලීසියට අහු වුන නිසා ඒ වැරැද්ද වහන්න ජින්ගේ අප්පට සෑහෙන්න මහන්සියක් ගන්න වුනා.. ඒත් මේ ගැන ජින් දැනන් හිටියේ නැහෑ...

.
.
.
.
.

" ඔන්න මං සයින්ග් කලා.. දැන් හරිනේ 🙂 හෙට ඉදන් කොල්ලා වැඩට යන නිසා දැන්වත් මං පොඩ්ඩක් එළියට යන්නද ?"

" ඕන්නැති වැඩ.."

" අරස්සෝ අරස්සෝ ...😩 පොඩ්ඩක් හුළං ටිකක් වැදිලා එන්න යන්නේ... "

ජින්ගේ අප්පා වගේම ඔම්මාත් කොල්ලාව නවත්තන්න උත්සහා නොකලා නිසා ජින් ලැබුණ අවස්ථාවෙන් ඉක්මනින්ම ගෙදරින් එළියට බැහැලා කාර් එකත් අරන් සෝල් වලින් ගියේ උපරිම වේගෙන්.. මොකද කොල්ලා නිදහසේ ඉන්න අන්තිම රැය ඒක වුන නිසා කොල්ලට උපරිම සතුටු වෙන්නයි ඕන වුනේ....

හැමදාම යන ක්ලබ් එකින් එක පහු කරන් ගිය කොල්ලා දන්නෙම නැතුව නැවතුනේ හාරූගේ ශොප් එක ඉස්සරහා .... කිසිම හැගීමක් නැති වුනත් මොකද්ද හේතුවට ජින් එතනට ආවේ ආයෙත් ලැජ්ජ නැතුව ගුටිකාලා හරි කෙල්ල එක්ක ටිකක් කතා කරන්න කියලා හිතන්.
මොකද එදා අර කොල්ලන්ට අහු වුනානම් ඊටත් වඩා දෙයක් වෙන්න තිබ්බා කියලා ජින් දැනන් හිටියා... ඉතින් පොඩි හරි උදව්වක් කල කෙල්ලට ස්තූතී කරන්න ජින්ට ඕන වුන නිසා කාර් එකෙන් බැහැලා කොල්ලා ශොප් එක දිහා ටිකක් බලන් හිටියේ වහලා තිබ්බ ශොප් එකේ අඩ අදුරේ යන්තමින් පෙනුන එළියෙන් ශොප් එක අස් කර කර හිටිය කෙල්ලගේ මූණ දිහායි...

ජින්ගේ හිත එක මොහොතකට නතර වුනා... පුංචි ලයිට් එළියකින් පෙනුන ඒ අහිංසක මූණ කලින් දවසටත් වඩා කොල්ලට ලස්සනට පෙනුනා... සැරින් සැරේ මූණට වැටෙන කොණ්ඩේ කෙල්ල අතින් හද හද වැඩ කරද්දී ජින්ටත් නොදැනීන එයාගේ අත හාරූ ඉන්න පැත්තට දික් වුනේ හරියට ඒ කෙස් රොද අතින් හදන්න වගේ...

" අහ්හ් ජිනා මිච්චස්සෝ ... "

ඉස්සරහට දික් වුන අතට  අනිත් අතින් පාරක් ගහලා ජින් අහල බලා ගත්තේ තමන්ගෙන්ම මේ කරන විකාරේ ගැන අහගන්න ගමන්.... ඒත් කොල්ලට ආයේ හැරිලා යන්න ඕනේ වුනේ නැහෑ.... ආයෙත් හාරූ දිහාට හැරුණ ජින්ගේ ඇස් කෙල්ලගේ ලග නැවතුනේ ආශාවල් ගොන්නකින් හිත පිරිලා යද්දියි..

" මට ඔයාව ඕනේ.. මේ ජින්ට දාගන්න බැරි කෙල්ලෙක් නෑ... "

ජින් කිව්වේ එච්චරයි.... කොල්ලගේ කකුල් ශොප් එක ඇතුලට ඇදිලා යද්දී කෙල්ල ඔලුව උස්සලා බැලුවේ ශොප් එක වහලා තියෙද්දිත් අවේලාවේ ආව කෙනා කවුද කියලා බලන්නයි.... ඒත් තමන්ගේ ඇස් ඉස්සරහා ඉන්න කෙනා දැක්ක ගමන් කෙල්ල බයටම බිම බලා ගත්තේ මෙච්චර දවසක් සැනසීමේ තිබ්බ හිත ආයෙත් නොසන්සුන් වෙද්දියි..

" ඔ....ඔයා.....ඔයා ඇයි මෙහේ.... "

කෙල්ල වෙව්ලන ගමන් ඇහුවේ ජින් දිහා බලන්නෙවත් නැතුව...

" මට එදා ගැහුව එකේ වාඩුව ගන්න... "

ජින් කිව්වේ කෙල්ල දිහා බලන් කටකොණකින් හිනා වෙන ගමන්...

කලින් දවසේ චණ්ඩි කම් පෙන්නුව කෙල්ල දැන් බයේ ඉන්නේ ඇයි කියලා කොල්ලා නොදන්නවා වුනත් සමහර අවස්ථාවල බය කියන දේ නිසා මිනිස්සුන්ට ඕනාවටත් වඩා ප්‍රයෝජන ගන්න පුලුවන් කියන දේ ජින් දැනන් හිටියා.. ජින් කවදාවත් මෙහෙම බලෙන් කෙනෙක්ට ලං වුනේ නැහෑ.. හැමදාම කොල්ලා වටේ එතෙන කෙල්ලෝ ඕන තරම් හිටියත් ජින්ට දැනුන මේ ඉක්මන් ආශාවට කොල්ලා ඕනාවටත් වඩා ආස කලා..

හරියට නමක් ගමක්වත් නොදන්න කෙල්ලෙක්ට තමන් මේ කරන්න යන්න දේ වැරදී කියන එකවත් කොල්ලට නොතේරුනේ ඒ නිසා වෙන්න ඇති...

" මට....මට ඉන්න දෙන්න...."

" ෂ්ෂ්ෂ්ෂ්...ඔයා හරි සද්දයිනේ.... වෙන කෙල්ලෝ මට ලං වෙන්න බලන් ඉද්දී ඇයි ඔයා ඈත් වෙන්නේ.."

" මට.. ඉන්න දෙන්න..."

" මං ඔයාට වැරද්දක් කරන් නෑ හලෝ.. මං ඔයාව මරන් නෑ...".

" එහෙනම්..."

" අදට මගේ වෙන්න.. "

" ම්වෝ?...."

" මේක තමයි දඩුවම.."

කෙල්ලට හිතන්නවත් වෙලාවක් නොදී ජින්ගේ හැඩි දැඩි අත් කෙල්ලගේ ඉණ වටේ එතෙද්දි මද අදුරට රෝස පාටට දිළිසුන හාරුගේ තොල් ජින්ගේ තොල් වල පැටලුනා...හරි ඉක්මනට වුන මේ දේ නිසා කෙල්ල ටික වෙලාවක් බය වෙලා වගේ බලන් හිටියත් ඇස් පියන් උපරිම ආසාවෙන් තමන්ගේ තොල් වල රස බලන ජින්ව දකිද්දී කෙල්ලගේ සිහිය ආවත් ඒ වෙනකොටත් ජින්ගේ අත් කෙල්ලගේ ඇග හැම තැනම හරිම රලු විදිහට එහා මෙහා යමිනුයි තිබුණේ...

පුලුවන් උපරිම වෙර යොදලා කොල්ලව තමන්ගෙන් ඈත් කරන්න උත්සහා කලත් කෙල්ලට පණක් තිබුණ නැහෑ ඒ දේට.. තමන් විදින පළවෙනි හාදුවෙන්ම  කෙල්ලගේ ඇග හිරි වැටිලයි තිබ්බේ.. ඊටවත් වඩා ජින්ගෙන් දැනුන උණුසුමට හාරූත් යන්තමින් ආස කලා... ඒත් මේ දේ වැරදී කියන එක තේරුණ නිසාම හාරු ජින්ගේ පපුවට අතකින් ගහලා කොල්ලව ඈත් කලේ එතනින් බේරිලා යන්න හිතාගෙනයි....

ජින්ව තල්ලු කරලා ආපස්සට හැරිලා යන්න හැදුවත් ජින් ඒ එක්කම කෙල්ලගේ අතකින් ඇදලා ආයෙත් තමන්ගේ ඇගට තද කරගත්තේ හාරුගේ බෙල්ල දිගේ තමන්ගේ සීතල තොල් රැගෙන යන ගමන්..

" මට යන්න දෙන්න.. චේබාල්... "

" ප්ලීස්... මට ආයෙත් හැරෙන්න බැහෑ...  මං වැරදි ඇති.. මං පස්සේ ඔයාට ඒකේ වන්දිය ගෙවන්නම්.. මං දන්නවා ඔයා අහිංසක කෙනෙක් කියලා.. ඒත් මිනිස්සුන්ට හැගීම් දැනීම් තියනවනේ..ඔයත් කැමති වෙයි... මං හිතන් නෑ ඔයාට මං වගේ කෙනෙක් එක්ක ඉන්න ලැබෙයි කියලවත්... ඉතින්... "

" යන්න...ප්ලීස්.. යන්න.... තව ඔයා මට ලං වුනොත් මං ඔයාට ආදරේ කරයි... "

මෙච්චර වෙලා කෙල්ලගේ බෙල්ල දිගේම පිස්සුවෙන් වගේ තෙත් කරමින් හිටිය ජින් සිහියට ආවේ කෙල්ලගේ ඒ වචන එක්කයි... මොහොතකට කෙල්ලගෙන් ඈත් වුන ජින් ටික වෙලාවක් තමන්ට පිටුපාලා ඉන්න කෙල්ල දිහා බලන් ඉදලා එතනින් යන්න හැරුණත් කොල්ලගේ හිත ඒකට ඉඩ දුන් නැහෑ.... සිය දවස් වරක් කෙල්ලව ඒ හිතට ඕන වෙද්දී ඒ සුවදට දැනටමත් මත් වෙලා හිටිය ජින් කෙල්ලව ඇදලා අරන් තමන්ගේ අත් වලට ගත්තේ හාරූව ගොලු කරලයි....

" ක්වෙන්චානා ... ආදරේ කරන්න.. මං එපා කියන් නෑ.. අද දවසේ ඔයා මට ලං වෙන විදිහෙන් මාත් ඔයාට ආදරේ කරන්න ගත්තොත් කිසි ප්‍රශ්නයක් නැහැනේ... "

" නොකළොත්..."

" ආ... කමෝන් ... මුලින් වැඩේ... පස්සේ කතා කරමු... "

හැගීම් වලට මත් වුන දෙන්නම තමන්ගේ ජීවිතේ ගත්ත වැරදිම තිරණේ ඒක කියලා මොහොතකටවත් හිතන්නේ නැතිව ඇති...

තමන්ගේ අත් වල හිටිය කෙල්ලව ඇතුලට අරන් කෙල්ලගේ රූම් එකට ගිය ජින් කෙල්ලව හරි පරිස්සමෙන් බෙඩ් එකෙන් තියලා තමන්ගේ ඇදුම් එකින් එක ලිහිල් කරද්දී හාරූ ඇස් පියන් හිටියේ බයටමයි....

මේක ආදරයද..?.. නැහෑ.. රාගයක් විතරයි...  රාගෙන් පටන් ගත්ත මේ සම්බන්දේ ආදරේකින් කෙළවර වෙයි කියලා හාරූ බලාපොරොත්තු වුනත් ජින්ට ඒ ගැන හැගීමක් තිබුණේ නැති තරම්.. තමන් දැක්ක, ආස කල මල නෙලා ගන්න තිබ්බ ලෝභ කම ඇරෙන්න මලට පෙම්බදින හිතක් ඒ හිතුවක්කර හිතේ කොණකවත් තිබුණේ නැතිතරම්....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

රාගයෙන් මුසපත් වුන හැගීම් වලින් ඒ රැය දෙන්නම ගත කලේ තමන්ගේ ආශාවල් වලට ඇබ්බැහි වෙලා......ඒ පළල් පපුවේ උණුසුමට කෙල්ලගේ වේදනාවල් නොදැනුන තරම්.. ඒ තරම් හාරූ ජින්ට ආශා කලා... හැමදාම ඒ උණුහුමේ ඉන්න කෙල්ල ආස කළත් ජින් කියන්නේ කවුද කියන එක හාරු දන්න නිසාම මේ ගෙවන මොහොතේ විතරක් ජීවත් වෙන්න කෙල්ල ආස කලා... කවදාවත් පිරිමියෙක්ගේ පහසක් ලබලා නැති හාරූට මේ හැමදේම මහා මෙරක් වගේ...

" ඔයාට මට ආදරේ කරන්න බැරි වෙයි නේද ?"

ජින්ගේ නිරුවත් පපුවේ ඇගිලි තුඩු වලින් රටා අදින ගමන් හිටිය හාරූ ඇහුවේ තවමත් නින්ද අහලකවත් නැති නිසා දෙන්නම ඇහැරන් හිටිය නිසයි....ජින්ගේ සිහින් දිගු ඇගිලි කෙල්ලගේ කෙස් අතර තාලෙකට යද්දී ඒ පහසට හාරූට නින්ද යාගෙන ආවත් නිදා ගන්න මොහොතත් අපරාදේ කියන්න වගේ හාරූ අමාරුවෙන් ඇස් පියන් ඇරන් හිටියා....

පාන්දර 3ට කිට්ටු වෙන්න ආවත් ජින්ටත් නින්දක් නොතිබ්බ නිසා තමන්ට තුරුල් වෙලා හිටිය කෙල්ලව තවත් තමන්ගේ පපුවට තුරුල් කරන් ඒ නිරුවත් උරිස් පුංචි හාදු වලින් තෙත් කලා...

" ඇයි මට ආදරේ කරන්න බැරි ?"....

" මං දැක්කා... අද ටීවී එකේ... "

" මොනවද...?"

" ඔයා.. Kim Group එකේ අයිතිකාරයා කියලා.."

" ඔහ් එච්චර ඉක්මනට ටිවී එකෙත් ගියාද.."..

" ම්ම්ම්ම්."

" බය වෙන්න එපා... අපි බලමුකෝ.."

ජින්ගෙන් හරි කෙලින් පිළිතුරක් නොලැබුණ නිසා කෙල්ල ලොකු හුස්මක් පිට කරලා ජින්ගෙන් ඈත් වුනේ ටිකක් තරහකින් වගේම කලකිරීමකින්....

" කිව්වනේ... මට ඔයා ගැන ආදරයක් හිතෙන්න තව කල් දෙන්න...ම්ම්ම් ."

කෙල්ල තමන්ට පිටුපාලා හැරිලා ඉද්දි කෙල්ලව ආයෙත් තමන් ඉන්න පැත්තට හරවන්  ජින් කිව්වේ හාරූගේ සියුමැලි කම්මුල් හිමීට පිරිමදින ගමන්....

" හාරූ...."

" ආ?"

" මං හාරූ... "

" ඕ.... ලස්සන නමක්..."

" නමවත් මතක තියා ගන්න ජින්.. "

" ම්ම්ම්....දේ.... "
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

පසුවදා..~

Drr~~~....Drr~~~..Dr~~~....

කණ ගාවින් දැනුන දෙදුරුම නිසා ගැඹුරු නින්දක හිටිය ජින් නැගිට්ටුනේ කලබලේකින්.. තමන් ලගම උණුහුමට ගුලි වෙලා හිටිය හාරූව හිමිට අරන් කොට්ටේ උඩින් තිබ්බ ජින් vibrate  වුන Phone එක කොට්ටේ යටින් හොයාගෙන ඇස් පියාගෙනම ආන්සර් කලා...

📞 : යොබො...

📞 : කොහොද මින්හෝ ඉන්නේ ?... බලනවා වෙලාව . තමුන් අද ඔෆිස් එකට එන්න ඕනේ කියන එක අමතක වුනාද ජින් අහ්හ්..?...

📞 : ඕ...ඕ අප්පා... අරස්සෝ .. මං එන්නම්...

හාරූට ඇහෙයි කියලා හිමීටම අප්පට උත්තර දුන්න ජින් බෙඩ් එක ලග වැටිලා තිබ්බ ඇදුම් ටිකක් ඉක්මනින් ඇදගෙන එතනින් යන්න හැදුවත් තමන්ගේ ඇහැ ගැටුන දෙයක් නිසා ජින් ආයෙත් බෙඩ් එක ලගට ආවේ කුතුහලේකින්....

හාරූ හිටිය තැනට ශීට් එක යටින් පෙනුන ලේ පැල්ලම දැක්ක ජින් කට කොණකින් හිනාවෙලා හාරු දිහා බැලුවේ තමන් ලොකු හපන්කමක් කලා වගේ....

" 1st Time මාත් එක්ක... හුම්ම් ඔයා ලකී කෙල්ලේ.. මං වගේ කොල්ලෙක් එක්ක හිටිය එක... පස්සේ හම්බෙමුකෝ... "

නිදන් හිටිය කෙල්ලට පොඩි කිස් එකකුත් දීලා දග හිනාවක් දාලා ජින් එතනින් ගියේ ආයෙත් පාරක් ශොප් එක දිහා බලලා කලින් දවසේ රෑ ගෙවුන ඒ මතක එකින් එක ආයේත් මතක් කරන ගමන්......

.
.
.
.
.
.
.
.
.
.
.
.

To Be Continued ......

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

Just One Day

Part 2 👉







Continue Reading

You'll Also Like

82.2K 2.6K 36
What happened when two of the biggest companies Rogers and Romanoff needs to be connected so Natasha has to married Steve ? "Mr Romanoff I have the p...
3.3K 739 17
ඔහු කඩවසම් නේද , දෙවියනේ මරියා , ඔයා මාව බය කලා . ඒ ජන්කුක්ගේ අලුත් සාහිත්‍ය ගුරුවරයා එයාද එත්කොට ජන්කුක්ගේ ගුරුවරයා
6.7K 1.5K 13
වෘකයෝ කියන්නේ මිනිස්සුන්ට එපා කරපු සත්තු ජාතියක්.. ඒත් එයාලා ගැන දන්න එයාලා එක්ක ජීවත් වුණ ඕන කෙනෙක්ට ඒක නිකං බොරු මිත්‍යාවක් විතරයි. Werewolf girl...
1M 55.3K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...