🌼සඳමිතුරි 🌼 (On hold )

By chadigirl

1.7K 186 55

🌼මෙහි සදහන් චරිත හුදෙක් ප්‍රබන්ධයක්ම පමණී. කිසිදු ප්‍රසිද්ධ පුද්ගලයකු හෝ කණ්ඩායමක් පාදක කර නොගෙන ලියන ලදි... More

පළමු කොටස
දෙවන කොටස
තුන්වන කොටස
සිව්වැනි කොටස
පස්වන කොටස
සයවැනි කොටස
හත්වැනි කොටස
නවවන කොටස
දහවැනි කොටස
එකලොස්වැනි කොටස
දොලොස්වන කොටස
දහ තුන්වන කොටස
ඕතර් ගේ හෑල්ලක්

අට වන කොටස

92 12 2
By chadigirl

හිරුණි හා විනුදි පාඩම් වැඩ අවසන්කර හවසවී මිදුලේ වාඩිවී සිටින විට හිරුණි ඔවුන් දෙදෙනාගේ ඡායරූපයක් ඇගේ ඉන්ස්ටගෑම් ගිණුමට එක් කලේ කාලයකට පසුවයි ..

ටික වේලාවක් යනවිට #KV_ Adhikari ලෙස වූ ගිනුමකින් ඇයට පණිවිඩයක් ලැබුනි..

මේ බං මේ අදුරන කෙනෙක්ද ? එතෙක් වෙලා එය අතෙහි තබාගෙන සිටි විනුදි හිරුණිට දුරකතනය දෙමින් පැවසීය ..

සාන්ත ... මේ මිස්ටර් බැන්ඩේජ් බං ..

අම්මෝ හිනාව .. හ්ම්ම් හ්ම්ම්කෝ .. ඔන්න ඔය request එක accept කරලා හිටු ඔක්කොටම කලින් ..

කෙසේ හෝ දෙදෙනාම ඔහුගේ ගිණුමේ වූ ඡායරූපය සියල්ල නරඹා අවසන් කලේ ලැබී තිබූ ලයික් හා කමේන්ට් පිලිබඳවද පූර්ණ විශ්ලේෂණයක්ද සමගයි ...

මෙයා තාම මෙහෙද ? දැන්ම යනවද ? නිවස තුල සිට කවිදු පැමිනියේ එසේ අසමින් ..

ඇයි තමුසේ ගිහින් අරලින්නද අහන්නේ..

මං ටවුන් එක පැත්තට යනවා ඒකයි ඇහුවේ.. නැතුව මොනවටවත් නෙවේ ..

කමක් නෑ හිරූ.. මං ටැක්සි එකක් දාන් යන්නම් ..

පිස්සුද බං ටැක්සි වලට ගෙවන්නේ .. මෙන්න මේ උලමා එක්ක පලයන් .. මේ ඕයි මගේ යාලුවට අතක් තියලා අහුවෙන්න එපා තමුසේ හරී ..

මං කියන්නේ නෑ ඉතිං .... ඉන්න මං වොශ් එකක් දාන් එන්නම් .. මා එක්ක යමු ..

මේ එයාට කොල්ලෙක් ඉන්නවා.. හරිද ...ඔයා බලාපොරොත්තු තියාගන්න එපා.. අනික මාත් කේලම නෑනා පොඩ්ඩගේ කනේ තියන්නම් කෝ ...

හා ඉතිං කියපං පුලුවන් නම් .. පුලුවන් දෙයක් කරනවා ගෙම්බියේ..

මූ බලාම්කෝ .... හාල්පාරුවා..

කවිඳුගේ පැමිණීමත් සමඟ විනුදි හිරුණිට සමුදී නිවසින් පිටතට ආවාය .කවිදුගේ කාරය ගේට්ටුවෙන් පිටතට ගෙන තිබූ නිසා ඇය ගොස් පිටුපස දොර හරිනවාත් සමඟ ,

මං තමුසෙගේ ඩ්‍රයිවර් නෙවේ නගිනවා ඉස්සරහින්.. අනික මේ පුරුදු වෙන්න මේ කාර් එකේ යනවා නෙවේ නේ..

ඇය නිහඬව ගොස් ඉදිරිපස අසුනේ වාඩි විය. ටික දුරක් යනකම් කිසිවෙකු කතා නොකල හෙයින් දැඩි නිහඬතාවයක ගිලී තිබිණි.

උදේ කෑ ගැහුවට sry . මට ටිකක් කේන්ති ගියා .. දැන් පාඩම් වැඩ කර ගෙන යනවා නේ ..

හ්ම්ම්..

විනුදිගේ නිවස ඉදිරියේ වාහනය නැවැත්වූ ඔහු ඇය දෙස බැලීය. ඒ බැල්ම මඟ හැරීමට මෙන් ඈ ඉවත බලාගත්තාය..

කොහොමත් ඔයාට මා එක්ක කේන්ති යනවනේ මට දැන් ඒක ගානක් නෑ අයියේ.. 🙂 පරිස්සමින් යන්න ..බුදුසරණයි..

එසේ කියූ සැනින් ඇය කාරයෙන් බැස ගියාය ..

කොහෙද ගියේ ..? කා එක්කද ඒ ආවේ.. විනුදිගේ මව ඇය නිවසට ඇතුල් වද්දීම ඇසීය .

හිරූලගෙ ගෙදර ගියේ ඇයි මං කියලනේ ගියේ..

මං අහන්නේ මොකා එක්කද ආවේ කියලා..

කවිඳු අයියා එක්ක ...

මං ඔයාට කිව්වා විනුදි ඔය කොල්ලා එක්ක සම්බන්ධයක් තියා ගන්න එපා කියලා.. තමුන්ගේ හිතේ එහෙම දෙයක් තියෙනවානම් දැන්ම අතඇර ගන්න . එදා ලොකු තාත්තා කිව්වා මතකනේ... ඌගේ ජීවිතේ ගැන පොඩි හරි කැක්කුමක් තියෙනවානම් ඕක නවත්තනවා .. ආයේ කිව්වේ නෑ කියලා කියන්න එපා..

විනුදි වේගයෙන් කාමරයට ගොස් දොරවසා ගත්තාය ..

මේ අතර හිරුණි බැල්කනියට වී දුරකතනය දෙස බලමින් කෝපි කෝප්පයක් රසවිදින්නට විය ..

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

Continue Reading

You'll Also Like

2.9M 242K 53
𝙏𝙪𝙣𝙚 𝙠𝙮𝙖 𝙠𝙖𝙧 𝙙𝙖𝙡𝙖 , 𝙈𝙖𝙧 𝙜𝙖𝙮𝙞 𝙢𝙖𝙞 𝙢𝙞𝙩 𝙜𝙖𝙮𝙞 𝙢𝙖𝙞 𝙃𝙤 𝙜𝙖𝙮𝙞 𝙢𝙖𝙞...... ♡ 𝙏𝙀𝙍𝙄 𝘿𝙀𝙀𝙒𝘼𝙉𝙄 ♡ Shashwat Rajva...
215K 9K 50
|ongoing| Ivana grew up alone. She was alone since the day she was born and she was sure she would also die alone. Without anyone by her side she str...
540K 6.6K 93
"Berani main-main sama gue iya? Gimana kalau gue ajak lo main bareng diranjang, hm? " ucap kilian sambil menujukan smirk nya. Sontak hal tersebut me...
5.4K 1.5K 32
"මං එයාට ආදරෙයි...මොකද්ද මං දැන් කරන්නේ..." එකිනෙකට තම තමන් ගැනවත් නොදන්නා දෙන්නෙක් එකට අත් අල්ලගෙන ඉන්නවා...එයාලාට ඒ ගැන ප්‍රශ්නයක් උනෙ නෑ...දෙන්නට...