🌼සඳමිතුරි 🌼 (On hold )

By chadigirl

587 138 52

🌼මෙහි සදහන් චරිත හුදෙක් ප්‍රබන්ධයක්ම පමණී. කිසිදු ප්‍රසිද්ධ පුද්ගලයකු හෝ කණ්ඩායමක් පාදක කර නොගෙන ලියන ලදි... More

🌼සඳමිතුරි 🌼 පළමු කොටස🌼
🌼සඳමිතුරි 🌼දෙවන කොටස🌼
🌼සඳමිතුරි 🌼තුන්වන කොටස🌼
🌼සඳමිතුරි 🌼 සිව්වැනි කොටස🌼
🌼 සඳමිතුරි🌼 පස්වන කොටස 🌼
🌼 සඳමිතුරි 🌼 සයවැනි කොටස 🌼
🌼සඳමිතුරි 🌼හත්වැනි කොටස 🌼
🌼 සඳමිතුරි 🌼 අට වන කොටස 🌼
🌼සඳමිතුරි 🌼 දහවැනි කොටස🌼
🌼සඳමිතුරි 🌼 එකලොස්වැනි කොටස🌼
🌼සඳමිතුරි 🌼දොලොස්වන කොටස🌼
🌼සඳමිතුරි🌼දහ තුන්වන කොටස 🌼

🌼සඳමිතුරි 🌼 නවවන කොටස 🌼

30 8 0
By chadigirl

කාලය ගෙවී ගියේ හීයකටත් වඩා වේගයෙන් .. මේ කාලය ඇතුලත වෙච්චි දේවල් නම් හිරුණිට හීනයක් වගේ.. අහම්බෙන් ජීවිතයට ආපු රයන් හිරුණිගේ හදවතට ලං වුනේ නොහිතපු විදිහට ..

KV එහෙමත් නැත්නම් රයන් ඇරොබික් ජිම්නාස්ටික් වලින් ඔහුගේ ගමනේ සැලකිය යුතු දුරක් ඇවිත් තිබුණි . හිරුණිත් විභාගයේ වැඩත් සමබරව කරගෙන අනෙක් දේවලුත් ගැටලුවක් නොවන විදිහට කරගත්තේ ප්‍රාතිහාරයක් වගේ..

හිරුණි විභාගය අවසන් ව දිනක් සවස් වරුවේ රයන් සමඟ ඇමතුමක සිටින විට විනුදි සුපුරුදු විදිහටම  හිරුණිගේ නිවසට පැමිණ ඇගේ කාමරයට නිහඬව ගොස්  බැල්කනියට වී ඇමතුමේ සිටි හිරුණිගේ බෙල්ල බදාගත්තාය ..

එකවරම සිදුවූ දෙය නිසා කලබලයට පත් ඇය ගේ අතින් දුරකතනය ගිලිහි  බිමට නොවැටී බැල්කනියේ වූ මල් පෝච්චියක් තුලට වැටුනේ වාසනාවකට මෙනි..

වේ.... (🤫)මොන රෙද්දක්ද යකෝ කරන්නේ තව පොඩ්ඩෙන් හුස්මත් හිරවෙනවා..මඟුල .. බලපං ෆෝන්  එක බිමනේ..

විනුදි හිරුණිගේ දුරකතනය මල් පෝච්චිය තුලින් ගෙන ඇගේ අතහි තබා ,

තාම ලයින් එකේ ඉන්නවා කන්ටිනිව් කරගෙන යන්න..

කියමින් කාමරය තුලට ගොස් හිරුණිගේ  ඇඳෙහි දිගාවි එහි සිටි ටෙඩියෙක් ගෙන හිසට තබාගත්තාය ..

මගේන් මැරුම් නොකා ඔය ටෙඩියා අහකින් තියපිය .....

නෑ  මේ හොල්මනක් ඇවිත් බය කලානේ..මං ඔයාට රෑ වෙලා ගන්නද .. ප්‍රැක්ටිස් කීයටද ඉවර වෙන්නේ..

............................................

මහන්සි නැද්ද අනේ..

..........................................

ඔයා ඉතින් අති පණ්ඩිතනේ කවී අයියා.. දැන් ඔය ප්‍රැක්ටිස් ඉවර වෙලා ජිම් ගානේ ගිහින් හෙට නැගිට ගන්නවත් බැරුව ඉන්නකෝ ආ...

..............................................

කියන දේ අහන්නේ නෑනේ ඉතිං .. ඊටපස්සේ ඇඟම රිදෙනවා කියලා නහයෙන් අඬනවා .. මං එපැයි නලවන්න .. 

අහ්ම් , අහ්ම් .. මේ අපි වගේ පොඩි බබාලා මෙතන ඉන්නෝ...

එලෙස විනුදි කෑ ගැසුව නිසා හිරුණි  ඉක්මනින් ඇමතුම විසන්ධි කර කාමරයට පැමිණ පුටුව ගෙන හිඳගත්තේ   නෝන්ඩියට මෙන් හිනාවක් මුවට ගෙනය.. 

ඔව් ඔව් නංගි මාත් අහගෙන  ඊයේ පෙරේදා දවස් දෙක තුනේ අපේ ලොක්කයියා විනූ බබෙක්ව නලෝනවා..

ආ .. තේරුනේ නෑ බං ..කමක් නෑ ..  ඒකනෙවේ  මොකො උබේ කවී අයියා කියන්නේ..

මචෝ මගේ කවී අයියා නම් ප්‍රැක්ටිස් ගිහින් .. මාතෘකාවෙන් පිට පනින්නේ නැතුව කියාම්කෝ අපේ ලොක්කයියා උබේ කවී අයියා වුනේ කෝමද කියලා 😂

(බල්ලා හැරෙන ස්ටිකර් එක 🤭)

උ.. උබ කොහොමද දන්නේ..

අයියෝ නංගී තොගේ වෙන්න මිනිහට කියපන් රහසක් රැකගෙන ඉන්න ඕනේ නම් ඒ මඟුල් ලොක් කරපු ෆෝන් එකේ ලොක් ස්ක්‍රීන් දාන්න එපා කියලා ...😂😂

මං පෙරේදා ආපු වෙලේ දැක්කා සෝෆා එකේ ෆෝන් එක තියෙනවා ..පොඩ්ඩක් සර්ච් කලේ නෑනා පොඩ්ඩගේ හෝඩුවාවක් හොයාගන්න කියලා.. බැලින්නම් මං චරිත සහතිකේම දන්න එකානේ මගේ නෑනන්ඩි 😂😂😂

හරි හරි නෑනෝ හිත ගිය තැනලුනේ මාළිගාව .. මාත් ඉතිම් දන්න කාලේ ඉඳන් මෙහෙනේ .. හිත ගියේ මෙහෙට..

මුගේ ආච්චිට යකෝ.. මට සීන් එක කියාම්කෝ.. පීස් .. පීස්..

මගේ ආච්චිට නෙවේ යකෝ උබේ ආච්චිට පින් සිද්ද වෙන්න මේ ලව් එක සැට් වුනේ.. උබලගේ ආච්චිගේ තුන්මාසේ දානේ දවසේ ඉදලා ..මේ අපි දෙන්නා ... හී 😁

වට් ද .... ආච්චි දන්නවානම් වලෙන් නැගිටලා ඇවිත් වහ බීලා බෙල්ලේ වැල දාගන්නේ.. අනේ ආච්චියේ මාවත් ඔයා ඉන්න තැනකට ගන්නකෝ .. හිටාම් නම්ගී ඔය සීන් එක බී බී සී දාන්න ..

ඕම හිටාම් මං තේ අරං එන්නම්..  තිබහයි.. එසේ කියමින් හිරුණි පහළ මාලයට දිවගියාය

මේ අතර විනුදි ගේ ඇහැගැටුනේ හිරුණිගේ පොත් මේසය මත පරෙස්සමට තබා තිබූ බැන්ඩේජ් රෝලයි .එහි විශේෂත්වයක් ඇහැගැටුන බැවින් අතට ගෙන බලද්දී ඇයට සිනහව නවත්වා ගත නොහැකිවූයේ එහි තිබූ දේ නිසායි ..

මේ අතර පහලින් කවිඳුගේ හඬ ඇසීම නිසා බැන්ඩේජ් රෝල ක්ෂණිකව බෑගයේ හොවා ගත් විනුදි වේගයෙන් පහට දිවගියාය ..

මොකෝ උබට තිබහා වැඩිවුනාද නංගි .. ඇය පහළට එනු දුටු හිරුණි නෝන්ඩියට ඇසුවාය .

Continue Reading

You'll Also Like

97.6K 3K 30
[ONGOING 🔞] #8 insanity :- Wed, May 15, 2024. #2 yanderefanfic :- Sat, May 18, 2024. After y/n became an orphan, she had to do everything by herself...
171K 2.4K 33
Nagkataon naman na ang dumating na jeep ay lima nalamang ang kasya, kaya nauna ng pumasok si mama sumunod naman sina kuya tanner, mac at kuya Cedric...
265K 934 10
Her boyfriend messed with the wrong guys. Now she has to 'pay' them back with her body.
235K 7K 50
we young & turnt ho.