🌼සඳමිතුරි 🌼 (On hold )

By chadigirl

587 138 52

🌼මෙහි සදහන් චරිත හුදෙක් ප්‍රබන්ධයක්ම පමණී. කිසිදු ප්‍රසිද්ධ පුද්ගලයකු හෝ කණ්ඩායමක් පාදක කර නොගෙන ලියන ලදි... More

🌼සඳමිතුරි 🌼 පළමු කොටස🌼
🌼සඳමිතුරි 🌼දෙවන කොටස🌼
🌼සඳමිතුරි 🌼තුන්වන කොටස🌼
🌼සඳමිතුරි 🌼 සිව්වැනි කොටස🌼
🌼 සඳමිතුරි 🌼 සයවැනි කොටස 🌼
🌼සඳමිතුරි 🌼හත්වැනි කොටස 🌼
🌼 සඳමිතුරි 🌼 අට වන කොටස 🌼
🌼සඳමිතුරි 🌼 නවවන කොටස 🌼
🌼සඳමිතුරි 🌼 දහවැනි කොටස🌼
🌼සඳමිතුරි 🌼 එකලොස්වැනි කොටස🌼
🌼සඳමිතුරි 🌼දොලොස්වන කොටස🌼
🌼සඳමිතුරි🌼දහ තුන්වන කොටස 🌼

🌼 සඳමිතුරි🌼 පස්වන කොටස 🌼

33 10 1
By chadigirl

විනාඩි කීපයකින් දොර අරිමින් පිටතට පැමිණි විහා‍රි සිනාසෙමින් දුරකතනය හිරුණිගේ උකුල මතට දමමින්,

අක්කා තාම ලයින් එකේ..  යැයි පැවසීය .

හරිද කනේ තිබ්බද චීත්තේ..එක දහය කරලා කියන්න ඇති .. හෙලෝ.. ඉතිං කියපං උබත් මොනවා හරී.. කියමින්  හිරුණි දුරකතනය කනේ තබාගෙන බැල්කෙනි එකට ගියාය ..

අම්මෝ නංගි .. කකුල සනීප ද .. යකෝ ආවේ ටැටූ හොයන්න නේද .. මේ උබලා එක හොටෙල් එකේ හිටියට කමක් නෑ එනකොට උගෙන් බැන්ඩේජ් එක විතරක් ගෙනාවාම ඇති ඈ.. අපිට දැන්ම එච්චර දරුණු නිල තනතුරු එපා..

කිව්වා කියලා හිතාගනිම්කෝ ඉතිං ..මුන්ට පිස්සු බං ..

මේ අතර උදානි පැමිණ මැඩම් සියලු දෙනාටම පහල පිට්ටනියට එන ලෙස දන්වා තිබු බවත්  අනෙක් පාසල් වල අයත් සමග  සිංදු කියමින් විනෝදවන බවත් හිරුණි ට පවසා සිටියාය .. 

ඔවුන් කාමරයෙන් පිටත් වී එදෙසට යනවිටත් හිරුණි විනුදි සමග කතාකරමින් සිටියාය ...

ඔයාලා යන්න මං හිමින් එන්නම් කියා ඔවුන් පිටත් කරමින් ඇය සෙමෙන් පඩිපෙළ බැස මිදුලට පිවිස එහි වූ බංකුවක අසුන් ගත්තාය ..

අනේ හලෝ අර ටැටූ බෝයි නෑ බං මං බැලුවා..

හ්ම්ම් .. ගනන් ගන්න එපා ඉතිං එයා ඒ අවුරුද්දේ වෙන්න ඇති අන්තිමටම ආවේ.. අනික දැන් එයා හම්බුනා කියලා උබ මොනා කරන්නද ..

ඒත් ඇයි බං ඒම එක පාර අතින් අල්ලන්නේ .. ඌ මාර මනුස්සයෙක් නේ..

අසහනකාරයෙක් වෙන්න ඇති ඕක ගැන එච්චර හිතන්න එපා.. දැන් කියාම්කෝ බලන්න බැන්ඩේජ් බෝයි ගැන ..

අනේ මේ මං දන්නේ නෑ බං .. අරුන් නම් පිස්සුවෙන් වගේ නලියන්නේ දැක්ක ගමන් ..

ලස්සනද..

අව්ලක් නෑ ෂේප් ඉතිං .. පිස්සු හැදෙන ස්වරූපයක් හෑව්

ආව් ආව්.. කෝමද ඒක ..

එහෙම දෙයක් නෑ එයා හෙන ඩීසන් හැබැයි ආ..

සම්පුර්ණ නම හොයාගනිම්කෝ ඕයි සර්ච් පාරක් වත් දා..

මේ අතර හිරුණි දකින්නේ තමන් දෙසට  ඇවිද එන රයන්ව ..

ඕයි මේ අන්න බං බැන්ඩේජ් එකක් මේ පැත්තට ඇවිදන් එනවා..

ඈ යකෝ ඔය පැත්තේ බැන්ඩේජ් ඇවිදි.... ආ..දැන්නේ තේරුනේ .. කෝල් එක කට් කරන්න එපා බල්ලෝ.. ඕම ලයින් එකේ හිටපිය..

හ්ම්ම් හ්ම්ම්ම්..

රයන් එනු දුටු හිරුණි ඔහු හා සුහදව සිනාසුනි ..

බෝයිෆ්‍රෙන්ඩ් ද ? ඇසෙන නෑසෙන ලෙස ඈත තියා ඔහු ඇගෙන් විමසීය ..

නෑ කියා හගවන්නට ඇය හිස දෙපසට සොලවමින් හිදසිටි බංකුවෙන් නැගිට්ටාය ..

මං ඔයාට පස්සේ ගන්නම් විනූ එහෙනම්..

බලු වැඩ කරන්න එපා ගෑනියේ තොට හෙන ගහනවා..

හරි හරී බුදුසරණයි උබත් පරිස්සමින් ඉන්න .. කෝල් එක අවසන් කර ඇය ඔහු දෙස බැලීය ..

සුදු පැහැ ඩෙනිම් කලිසමට කලු අත් දිග කමිසයක් ඇද අත් වැලමිට තෙක් නවා  අතක් සාක්කුවට දමා සිටි ඔහු සැබැවින්ම කඩවසම් අයෙක් බව ඇයට සිතුනි .

කොහොමද දැන් කකුල ?

ආ දැන් අඩුයි ..

යමුද අර පැත්තට ..කට්ටිය සිංදු කියනවා..

හ්ම්ම් යමු ..

ඔයාගේ නම ? ඔහු ඇය දෙස බලමින් ඇසුවාය ..

හිරුණි ..ඔයා රයන් නේ .. අහලා තියෙනවා නම 🙂

හ්ම්ම් ඔව් #රයන් කවීශ්ක අධිකාරි ..

එසේ කියමින් ඔහු සාක්කුවට දමාසිටි වම් අත ගෙන ඔරලෝසුව දෙස බැලීය ..

එකවරම හිරුණි දුටු දෙයින් ඇය ගැස්සී ගියේ මෙතෙක් කල් ඇය සොයමින් සිටි දේ ඇස ගැටීමෙනි .. ක්ෂණයකින් ඇය ඔහුගේ වම් අත ඇල්ලීය ..

මේ ටැටූ එක .. ඒක ඊයේ තිබ්බේ නෑනේ ඔයාගේ අතේ ..

ආහ් ඔයත් ටැටූ වලට ආසද... මං පොඩි කාලේ ඉදන් ආසයි ..

ඔව් ආසයි ඒත් මේක ඔයාගේ අතේ ඊයේ තිබ්බේ නෑනේ දැන් කොහොමද තියෙනේ..

ආහ් කෙල්ල ...මේක මේ ෆේක් ටැටූ එකක් .. ඇත්ත එකක් ගහනවට අම්මා කැමති නෑ.
මීට් වලදී ගහන්නේ නෑ දැන් ඉතිං ගෙදර යන නිසා ආයේ ගැහුවේ.. දැන්වත් අත අතාරිනවද..

ආහ් සොරී ..  කියමින් අත ඉවතට ගත්තත් හිරුණි ලැජ්ජාව නිසා රතුවී සිටියාය .. එතකොට මේ මනුස්සයා මොන කෙහෙල්මලටද එදාමගේ අතින් ඇද්දේ.. ඇය සිතත් සමග වාදකරමින් අන් අය සිටි දෙසට ඇවිද ගියාය ..

ඒවන විටත් ඔවුන් අන් පාසල් වල අයත් සමග සිංදු කියමින් විනෝද වෙමින් සිටීහ.

Continue Reading

You'll Also Like

Lucent By ads ¡¡

Teen Fiction

176K 4K 17
lucent (adj); softly bright or radiant ✿ ✿ ✿ My brother's hand traces the cut on my right cheek for some minutes. I have no idea how a cut can b...
3.7M 87.1K 141
Soon to be Published under GSM Darlene isn't a typical high school student. She always gets in trouble in her previous School in her grandmother's pr...
988K 22.3K 48
Luciana Roman was blamed for her mother's death at the age of four by her family. She was called a murderer until she was shipped onto a plane for Ne...
47.8K 1.4K 35
„You are the reason why I'm here today." _-_-_-_-_ After the truth about the relationship between Max Verstappen and Kelly Piquet came out, his world...