🌼සඳමිතුරි 🌼 (On hold )

By chadigirl

589 138 52

🌼මෙහි සදහන් චරිත හුදෙක් ප්‍රබන්ධයක්ම පමණී. කිසිදු ප්‍රසිද්ධ පුද්ගලයකු හෝ කණ්ඩායමක් පාදක කර නොගෙන ලියන ලදි... More

🌼සඳමිතුරි 🌼 පළමු කොටස🌼
🌼සඳමිතුරි 🌼දෙවන කොටස🌼
🌼සඳමිතුරි 🌼තුන්වන කොටස🌼
🌼 සඳමිතුරි🌼 පස්වන කොටස 🌼
🌼 සඳමිතුරි 🌼 සයවැනි කොටස 🌼
🌼සඳමිතුරි 🌼හත්වැනි කොටස 🌼
🌼 සඳමිතුරි 🌼 අට වන කොටස 🌼
🌼සඳමිතුරි 🌼 නවවන කොටස 🌼
🌼සඳමිතුරි 🌼 දහවැනි කොටස🌼
🌼සඳමිතුරි 🌼 එකලොස්වැනි කොටස🌼
🌼සඳමිතුරි 🌼දොලොස්වන කොටස🌼
🌼සඳමිතුරි🌼දහ තුන්වන කොටස 🌼

🌼සඳමිතුරි 🌼 සිව්වැනි කොටස🌼

37 11 1
By chadigirl


පෙර කොටසින්...

ආ මේක ගන්න .හොඳ නෑ බැන්ඩේජ් නොකර ඉන්න .. නැත්නම් අනිත් දවස් ටිකේ ඇවිද ගන්නවත් බැරිවෙයි ..

එක් ක්ෂණයකින් ඇසුනු ගැඹුරු කටහඩින් සියලු දෙනාම ගැස්සී ගියේය .. ඔව් ඒ එතෙක් වෙලා ඔවුන් අසල සිටි රයන්ගේ හඬයි ...

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

Thank you .. හිරුණි රයන් විසින් දුන් බැන්ඩේජ් එක ගන්න ගමන් හිනාවකින් සංග්‍රහ කලා..

ඕක සුළුදෙයක් නංගි ..හරියට බැන්ඩේජ් කරගන්න.. එසේ කියමින් තම බෑගයද රැගෙන රයන් එතෙනින් නැගිට පහලට බැස ගියේය.

ඒ මොකද්ද බං ඒ වුනේ..

කන්ෆියුස් සිස් මාත් .. 

මොනා වෙන්නද බං ඒ ළමයා බැන්ඩේජ් එකක් දුන්නා..

ඉන්න මං බැන්ඩේජ් කරන්නම් තරුෂි පැනගෙන ඇවිත් හිරුණි ගේ කකුල බැන්ඩේජ් කලා.. ඒ අතර හිරුණි දුටුවේ ඔවුන්ට පහළින් හිදගෙන සිටින ඇතැම් ගැහැණු ළමයි විටින් විට ඔවුන් දෙස බලන බවයි..

මේ ළමයි ඇයි අර පහල ඉන්න කෙල්ලෝ ටික කන්න වගේ අපිදිහා බලන්නේ..

මං හිතන්නේ ඉතියෝපියාවට බෝම්බ දාලා වගේ..අක්කේ අපි යමු මැඩම්ට කතාකරලා හොටෙල් එකට ..

යකෝ මං ඒ මනුස්සයගෙන් බැන්ඩේජ් එක බලෙන් ඉල්ල ගත්තා වගේනේ ඔක්කොමලා මං දිහා බලන්නේ.. මඟුල ..

හිරුණි හා අන් අය මැඩම් සොයාගෙන යෑමට පිටත් විය...

මොකෝ ළමයි .. ඇතිවුනාද බලං ඉදලා..

අපෝ ඔව් හොදටම ඇති ..

යං එහෙනම් .... ඔවුන්ගේ කණ්ඩායම භාර ගුරුතුමිය තරුණ හා ඔවුන් මෙන්ම කෙලිලොල් කෙනෙක් විය.. එම නිසා සියලු දෙනා සමීප මිතුරන් මෙන් කාලය ගත කලහ.

එදින සියලු දෙනාටම වෙහෙසකර වූ දිනයක් නිසාවෙන් හා පසුදින ඒකල තරඟ පැවැත්වූ නිසාවෙන් ඔවුන් ඉක්මනින් නිදිලොවට පිවිසිණි.. එනමුත් හිරුණි ගේ  සිතේ තවමත් වූයේ නොසතුටකි මන්දයත් ඇයට වුවමනා පුද්ගලයා සොයා ගැනීමට නොහැකි වූ නිසායි..

පසු දින ඒකල තරඟ වලටද ඔවුන් සහභාගි විය.එසේම සවස්වන විට  ඉදිරිපත් කිරීම් වල ප්‍රථිපල නිල නොවන ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ලැබුනු අතර හිරුණි ඇතුලු කණ්ඩායම කණ්ඩායම් ඉදිරිපත් කිරීම්  බාලිකා අංශයේ  දෙවන ස්ථානයට පත්ව තිබුණි.

ඒකල  බාලිකා තරඟ වල තරුෂි හා නෙතූ තුන්වන හා පස්වන ස්ථාන වලට පත්ව තිබුණි..

කමක් නෑ ළමයි ඔය ගත්තු ප්ලේසස් ටික හොදයි .. හොදටම හොදයි .. ආඩම්බරයි කෙල්ලනේ ඔයාලා ගැන .. මං ප්‍රින්සිපල් මැඩම් ට කෝල් කලා අපිට හෙට රෑ තමා යන්න වෙන්නේ ..

අපරාදේ මැඩම් හිරූ අක්කාගේ කකුල කෙටුනේ  නැත්නම් මීට වඩා හොදට කරන්න තිබ්බා ඒනම් එයාටත් ප්ලේස් එකක් ෂුවර්..

ඕක හිතන්න එපා දරුවෝ .. කොහොමත් අනිද්දා ඔයාලට රෙස්ට් කරන්න නිවාඩු හම්බෙනවා .. හිරුණි මතක ඇතුව මෙඩිකල් එකක් කරගන්නවා හරිද..

හරි හරි මැඩම් .. ඒක එච්චර රිදෙන්නේ නෑ

රිදෙන්න විදිහක් නෑ මැඩම් කෝමත් බැන්ඩේජ් එක හොදයි නේ ..

ඒ මොකද්ද ඒ කතාව..

නෑ මැඩම් මේ තරූ නංගිනේනේ බැන්ඩ්ජ් කලේ ඒකයි ඔය කියන්නේ..

හ්ම්ම් ඒනම් රූම් එකට යන්න රෑවෙලා පොඩි වැඩක් ඕගනයිස් කලා අපි ..

ඕකේ මැඩම්..

හිරුණි රූම් එකට ඇවිත් දොර ලොක් කරපු ගමන් බෙරිහන් දෙන්න පටන් ගත්තා ..

පිස්සුද උබලට මැඩම් එක්ක හැම දේම කියවන්නේ.. මැඩම් මොනා හිතයිද හරකුනේ ඒක කිව්වානම් ඒම .. වස ලැජ්ජාව ..

අපෝ හා හා ඔච්චර කේන්ති ගන්න එපා නාකි වෙයි ..

හැමෝම නාලා කාලා කතාවක් දාන් ඉන්නකොට හිරුණිට කෝල් එකක් ආවේ විනුදි ගෙන් ..

ආ මෙන්න විනූ කෝල් ..

ස්පීකර් දාලා ආන්ස්වර් කරන්න .. හිරුණි phone  එක කට්ටිය මැදින් තිබ්බා

හෙලෝ කොහොමද ප්ලේසස් ?

යකෝ  අපි මැරිලද නැද්ද කියලා බලපිය ප්ලේසස් අහන්න කලින් ..

හරි බොලව් ඉතිං ඔය එකෙක් හරි පන පිටින් ඉන්නේ.. කියහම් කෝ ප්ලේසස් ටික

ඔවුන්ගේ ස්ථාන පවසා අනතුරුව විහාරි දුරකතනයද රැගෙන නානකාමරයට වැදී දොර වසා ගනිත්ම හිරුණි මහ හඩින් කෑගැසුවේ සිදුවන දේ අනුමාන කර ගත හැකි  වූ බැවිනි ..

Continue Reading

You'll Also Like

98.3K 3.1K 30
[ONGOING 🔞] #8 insanity :- Wed, May 15, 2024. #2 yanderefanfic :- Sat, May 18, 2024. After y/n became an orphan, she had to do everything by herself...
999K 88.7K 39
𝙏𝙪𝙣𝙚 𝙠𝙮𝙖 𝙠𝙖𝙧 𝙙𝙖𝙡𝙖 , 𝙈𝙖𝙧 𝙜𝙖𝙮𝙞 𝙢𝙖𝙞 𝙢𝙞𝙩 𝙜𝙖𝙮𝙞 𝙢𝙖𝙞 𝙃𝙤 𝙜𝙖𝙮𝙞 𝙢𝙖𝙞...... ♡ 𝙏𝙀𝙍𝙄 𝘿𝙀𝙀𝙒𝘼𝙉𝙄 ♡ Shashwat Rajva...
661K 15.9K 65
sequel to aeou (read first) ✘ ✘ ✘ The boys are back. And they're out for revenge. Last semester the girls of Sterling humiliated Caleb, Luca, Atla...
235K 7K 50
we young & turnt ho.