𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑...

By mochi-bun

146K 22.4K 8.8K

(සිංහල)𝐈 𝐬𝐞𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐝𝐞𝐫 𝐛𝐥𝐮𝐞 𝐬𝐤𝐢𝐞𝐬,𝐈 𝐧𝐞𝐞𝐝 𝐚 𝐥𝐢𝐭𝐭𝐥𝐞 𝐬𝐮𝐧𝐬𝐡𝐢𝐧𝐞,𝐈 𝐟𝐞𝐥... More

chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39

chapter 26

2.8K 515 327
By mochi-bun


MORNING🌇

දෙයියනේ...........

ටේට ගොඩක් වෙලාවක් කතා කරලත් පහලට ආවේ නැති නිසා ටේගේ ඔම්මා ටේගේ කාමරේට ආවේ ඇයි සද්දයක් නැත්තේ කියලා බලන්න.

මොකක්ද මම ඒ දැක්කේ....

ඇරපු දොර ආපහු වහලා දොරටම හේත්තු වෙලා යූරා හති ඇරියේ ගොඩක් බය උන නිසා.

ජන්ග්කුක් ටේ.....මොකක්ද මෙතන වෙන්නේ.

නලලෙන් බේරුන දාඩිය පිහින ගමන් යූරා හිටියේ හොල්මනක් දැක්කා වගේ බය වෙලා.

.
.
.
.

යූරා ටිකක් වෙලා දොරට හේත්තු වෙලා ඉදලා ටිකකින් පහලට ඇවිත් ඩයිනින් ටේබල් එකේ වාඩි වෙලා උන දේ කල්පනා කලා.

ජන්ග්කුක් මොකක්ද ටේ එක්ක කරන්නේ.ඇයි එයාලා එකට නිදාගන්නේ?

යූරා වතුර වීදුරුවක් එක පාර හිස් කරන ගමන් ඉස්සරහා බලාගෙන කලබලෙන් කල්පනා කරන්න ගත්තා.

යූරා දැක්කේ ජන්ග්කුක්ට තුරුල් වෙලා නිදාගෙන හිටපු ටේව..එයාලගෙ උඩ කොටසම නිරුවත් කියලා යූරා හොදටම දැක්කා.

ඒක සාමාන්‍යයි...එයාලා අයියලා මල්ලිලානේ..එහම නිදාගන්න පුලුවන්..

අතින් නලල මිරික මිරික දැක්ක දේ හිත සනසගන්න නිවැරදි කරන ගමන් යූරා හිටියේ නොසංසුන්කමෙන්.

යූරා.

...........................

යූරා.

..........................

යූරා...........

අහ්.....ඇ...ඇයි...

යූරාට කොච්චර කතා කලත් කිසිම සද්දයක් නැතුව ඉස්සරහා බලාගෙන ඉන්න විදිහට ජන්ග්කුක්ගේ අප්පා බය වෙලා යූරගේ උරහිසෙන් හොල්ලන්න ගත්තා..යූරා බය වෙලා වගේ ජන්ග්කුක්ගේ අප්පා දිහා බැලුවා.

මොකද උනේ...ඇයි මේ දාඩිය දාලා?

ම...ම..මට...නෑ..ඩැ..නියල්...එහෙම එ..කක් නෑ.

ඔයාට මොකක්ද උනේ..ඇයි මේ ගොත ගහන්නේ?

මොකක්ද නෑ..මට ටිකක් තනියම ඉන්න දෙන්න.

ටේගේ අම්මා ජන්ග්කුක්ගේ අප්පගෙ අත තමන්ගේ උරහිසෙන් අයින් කරලා එතනින් යන්න ගියා.මේ කිසි දෙයක් හිතාගන්න බැරි උන ජන්ග්කුක්ගේ අප්පා යූරා බිත්තිවල හැප්පි හැප්පි යන දිහා බලන් හිටියා.
.
.
.
.
.
.
@TAEKOOK ROOM

බබී...නැගිටින්න...හොදටම දවල් වෙලා.

ම්ම්....

ම්ම්ම් නෙවෙයි නැගිටින්න.

ජන්ග්කුක් ටේව එහාට කරලා නලලට කිස් එකක් දුන්නා.

හියොන්ග් තව චුට්ටක් දොයියමු..කෝ එන්නකෝ..

ඇදේ ඉදගෙන ඉන්න ජන්ග්කුක්ව ටේ ආයෙ පාරක් ඇදට පෙරලගෙන පපුව උඩට ආවා.

ඔයා මාවත් කම්මැලි කරනවා ටේ.

කමක් නෑ...මට කිස් එකක් දෙන්න.

කිස් කරන්න වෙලාවක් නෑ..ටෙඩියෝ...මේ බලන්න වෙලාව..දවල් වෙන්නත් ලගයි.

අද ඔෆිස් යන්න එපා..දවසෙම මාව තුරුල් කරන් ඉන්න.

එතකොට ඔෆිස් එකේ වැඩ?

ඒවා සූබින් හියොන්ග් බලාගනියි.

ඇත්තද??හොදට තියෙයි..නැගිටිනවා..කම්මැලි ටෙඩියා.

ජන්ග්කුක් ටේව ඇගෙන් අයින් කරලා ආයෙත් ඇදෙන් නැගිට්ටා.

ටේ....නැගිටින්න බබා..ඇති නිදාගත්තා..ඔයා යුනිවසිටි යන් නැද්ද?

අද ලෙක්චර්ස් නෑ මට...මාව වඩාගන්නකෝ..

ටේ ඇස් පොඩි කර කර ජන්ග්කුක් ලගට ඇවිත් ජන්ග්කුක් බෙල්ල බදාගත්තා.

බබ්බු හුරතල් කරන්න බෑ මට දැන්..අද මීටිංස් දෙක තුනක්ම තියනවා මැනික.

එහෙනම් මාව වොශ් රූම් එකෙන් ගිහින් තියලා ඔයා යන්න.

ජන්ග්කුක් ටේ කියපු එකට හිනා වෙලා ටේව වොශ් රූම් එකේ සින්ක් එක උඩින් තියලා දත් මදින්න බ්‍රශ් එකත් අතට දීලා නහයට චූටි කිස් එක්කුත් දීලා වොශ් රූම් එකෙන් එලියට යන්න හැදුවා.

හියොන්ග් ඉන්න....බ්‍රෙක්ෆස්ට් අරන් යන්න..හාද😚

හරි හරි..ඔයා වොශ් දාගෙන පහලට එන්නකෝ..

          අහ් බෙල්ල වැහෙන ඇදුමක් අදින්න.

ඇයි..

කන්නාඩියෙන් බලන්න.

ජන්ග්කුක් ටේට හිනා වෙලා වොශ් රූම් එකෙන් එලියට ගියා.
ටේ ඒගමන්ම ඉදගෙන හිටපු සින්ක් එක අනිත් පැත්තට හැරිලා බෙල්ල දිහා බැලුවා.

අයිශ්...පිස්සා...මෙච්චර සූප්පු කලාද මගෙ බෙල්ල.


ටේ බෙල්ල අතගාන ගමන් හිනා උනා.

.
.
.
.
.
.

ජන්ග්කුක් ලෑස්ති වෙලා ඇවිත් කෑම ගන්න ඩයිනින් ටේබල් එකේ වාඩි උනා.
ටේත් ඊට විනාඩි ගානකට පස්සෙ හොර පූසා වගේ ඩයිනින් ටේබල් එක ලගට ආවා.

ටේ..මෙතන්ට එන්න.

ටේ ජන්ග්කුක් ලග ඉදගන්න පුටුව අදිනවත් එක්කම ටේගේ අම්මා ටේට කතා කලා එයා ලගට එන්න කියලා.

ඇයි ඔම්මා අනේ මෙතන ඉන්නම්කෝ☹️.

කාලෙකින් ඔයාට කවන්නවත් බැරි උනානේ..මගෙ ලගට එන්න..හියොන්ග්ට තනිකන් දෝසේ හැදෙන් නෑ ඔයා නෑ කියලා.

ටේ මූන බෙරි කරගෙන ජන්ග්කුක් දිහා බැලුවා..ජන්ග්කුක් ඇස් වලින් ඉගි කලා කමක් නෑ ඔයා යන්න කියන්න වගේ.

ටේත් දිග හුස්මක් අරගෙන ඇදපු පුටුව ආයෙත් ඇතුලට තල්ලු කරලා ඔම්මා ලගට ගියා.

ටේට ඔම්මා කෑම කවන්න ගත්තා.ටේත් පොඩි එකෙක් වගේ අම්මා එක්ක හුරතල් වෙවී කෑම ගත්තා..ඒත් හදිසියේ කොල්ලගෙ මූනේ හිනාව ඉබේම මැකිලා ගියා.ඒ කායි එතන්ට ආව නිසා.

ගුඩ්මෝර්නින්ග් අප්පා..ගුඩ්මෝර්නින්ග් ආන්ටි..ගුඩ්මෝර්නින්ග් ජන්ග්කුක්..ගුඩ්මෝර්___එතකොට....
      කෝ.......අපේ ටේ බබා.

ජන්ග්කුක්ට එහා පැත්තේ පුටුව හිස් නිසා කායි යූරා දිහාවට හැරිලා ටේ කෝ ඇහුවා.

මේ ඉන්නේ කායි.

යූරා ටිකක් පිටිපස්සට වෙලා කායිට ටේව පෙන්නුවා.

ඔම්මෝ..ගුඩ්මෝර්නින්ග්...බබා😉

ගුඩ්මෝර්නින්ග්..

ටේ කායිට හිනාවක් නැති මෝර්නින්ග් එක්කින් සංග්‍රහ කරලා ආයෙත් ඔම්මව ඉස්සරහට කරලා අතේ එල්ලුනා.

මගෙ පැටියා...කන්න..කෝ ආ..කියන්න..

ආ.............

ටේගේ ඔලුව ආදරෙන් ඉම්බ යූරා ආයෙත් මේ අලි හුරතලේට කවන්න ගත්තා.

ඔය ලමයව ඔච්චර හුරතල් කරන්න එපා යූරා...දැන් ඉලන්දාරියෙක්නේ.

ජන්ග්කුක්ගේ අප්පා ටේයූරා හුරතලේ දැකලා හිනා උනා.

අනේ යන්න ඩැනියල්...මගෙ මැනික මේ..මෙයා කොච්චර ලොකු උනත්..තාම මට පොඩි දරුවෙක්.

ආයෙත් ටේගේ අම්මා ටේගේ නලල ඉම්බා..ටේටත් ආයේ ඊටවඩා දෙයක් නෑනේ..එයා ඇස් දෙක බෝල කරගෙන ඔම්මා එක්ක තව හුරතල් උනා.

ඒත් මේ හුරතල් වැඩ වලට ලෝබ කෙනෙක්..කන එක පැත්තක තියලා ඔරවගෙන ටේ දිහා බලන් හිටියා.

වේ....

ටේ ඇස් දෙකෙන් ඉගි කරලා තොල් හෙමින් හෙලෙවුවා.ජන්ග්කුක් තේරුම් ගත්තා ටේ අහපු දේ.ජන්ග්කුක් ඒකට උත්තරයක් විදිහට ටේගේ කකුල තමන්ගේ කකුලේ ඇගිලි තුඩු වලින් පිරිමැද්දා..ටේත් කන ගමන් ජන්ග්කුක් දිහා බලාගෙන ජන්ග්කුක්ගේ කකුල ආපිට පිරිමදින්න ගත්තා.

ඒත් අහම්බෙන් ටේගේ අම්මා ඒක දැක්කා.
දැක්ක ගමන් ටේගේ කකුලට පාරක් ගහපු යූරා තොල හපලා ටේට සැර කලා..ටේත් මොකුත් උනේ නෑ වගේ ඔලුව පහතටනවාගෙන බබා වගේ කෑම ගත්තා.

මේ දැක්ක දේ නිසා වගේම උදේ උන දේ නිසත් යූරගෙ බය වැඩි උනා.මොකක්ද මෙයාලා අතර තියන බැදීම කියලා එයාට තේරුනේ නෑ..

ඒක සහෝදරකමක්ද?නැත්තම්..ඊට එහා ගිය.....නෑ නෑ...එහෙම වෙන්න බෑ...

යූරා තමන්ගේ හිතත් එක්කම ෆයිට් කරන්න ගත්තා.

අප්පා..මම ඊයේ කියපු දේ ගැන හිතුවද?

ලොකු නිහැඩියාවකින් පස්සේ කායි එයාලගෙ අප්පාට දිහාට හැරුනේ බැරෑරුම් ස්වරූපෙකින්.

අහ් ඔව් පුතා.ජන්ග්කුක් අද ඉදලා අයියත් ඔයා එක්ක කම්පැනි එකට යන්න එයි.

අහ් ඉට්ස් ඕකේ අප්පා..ඒකේ ප්‍රශ්නයක් මට නෑ.

අයි මීන් පුතා අද ඉදලා ඔයාගේ සීට් එක අයියට දෙන්න ඕනි.

ඒ කතාවටනම් ජන්ග්කුක් කන එක පැත්තකට දාලා අප්පා දිහා බැලුවේ දුකකින් වගේම ඇයි හදිස්සියේම අහන්න වගේ.

අප්පා..අප්පා දන්නවා මම ඒ බිස්නස් එක මේ තියන තත්වෙට ගේන්න කොච්චර මහන්සි උනාද කියලා.

මම දන්නවා පුතා..ඒත් ඔයා මගෙ පොඩි පුතා.

ඕකේ අප්පා ෆයින්.

ජන්ග්කුක් මූනත් අවුල් කරගෙන කෑම මේසෙන් නැගිටලා යන්න ගියා..ටේ දැක්කා ජන්ග්කුක් ඉන්නෙ දුකෙන් කියලා.ඒ නිසා එයත් නැගිටලා ජන්ග්කුක් පස්සෙන් යන්න හැදුවත් යූරා ටේගේ අතින් අල්ලලා එයාව නතර කලා.

කායි කට කොනින් ටේට හිනා වෙලා ආයෙත් කෑම ගන්න ගත්තා..කිසි දෙයක් නොවුන ගානට.

.
.
.
.
.
.
.
.

හියොන්ග්...මම එන්නද?

එන්න ටේ.

ඔයා දුකෙන්ද මැනික?

ජන්ග්කුක් බැල්කනි එකට වෙලා ඉන්නවා දැක්ක ටේ ජන්ග්කුක්ව බැක් හග් කරගත්තා.

ඇයි මම අවුල් වෙන්නේ?

නෑ අප්පා කියපු දේට.

අවුල් නෑ බබා..ඒත් අවුලක් නෑ කියන්නත් බෑ..මට ඒවා ගැන ආසාවක් නෑ..ඒත් මම ඒ කම්පැනි එක බලාගත්තේ හරියට දරුවෙක් වගේ.අප්පා කම්පැනි එක පටන් ගත්තට අද ඔය කම්පැනි එක ඔය තත්වෙ තියන්නේ මගෙ කැපවීම නිසා.

ජන්ග්කුක් ඉන වටේ එතිලා තියන ටේගේ අත අල්ලන ගමන් අහස දිහා බලන් ඔහේ කියවුවා.ටේත් ජන්ග්කුක්ගේ පිටට ඔලුව තියාගෙන කියන දේවල් වලට හරිම උනන්දුවෙන් කන් දුන්නා.

මම ලොකු කම් කියනවා නෙවෙයි බබා..ඒත්...මට බයයි කම්පැනි එකට අවුලක් වෙයි කියලා.

නෑ හියොන්ග් එහෙම වෙන එකක් නෑ..ඔයා දුක් නොවී ඉන්නකෝ..අනික එයාට සීට් එක විතරනේ හම්බුනේ..ඔයා ඉන්නවනේ කම්පැනි එකේ ඒ නිසා අවුලක් වෙන එකක් නෑ.

ටේ එහෙම කියලා ජන්ග්කුක්ගේ පිටට ආදරෙන් කිස් එකක් දුන්නා.

මගේ බෝලේ දුක් වෙන්න එපා..මට මොනා නැති උනත් ඔයා ඉන්නවනේ.

ඒකනේ කම්පැනි වගේද මම😌 මන් ලැබුනා කියන්නේ ඉතින් රටක් රාජ්‍යක් ලැබුනා වගේ තමයි ඔයාට💕

මොකට කියනවද?මගෙ ස්ට්‍රෝබෙරි ගෙඩිය.

ජන්ග්කුක් ටේගේ අතට කිස් එකක් දුන්නා.

පුලු පුලුවන් විදිහට ටේ ජන්ග්කුක්ව සනසලා කාමරෙන් එලියට ආවා.ඒත් ටේට වැඩි දුරක් යන්න හම්බුනේ නෑ..කායි එයාව ඇදලා අරගෙන බිත්තියකට හේත්තු කරගත්තා.

කොහෙද යන්නේ මගෙ kitten.

අතාරිනවා මාව...තමුසෙට ලැජ්ජාවක් නැද්ද?

ටේ අත් දෙකෙන්ම කායිව අහකට තල්ලු කලා.

මම අද තිබ්බේ ෆස්ට් ස්ටෙප් එක බේබී..කාටද අන්තිමට අප්පගෙන් යැපෙන්න වෙන්නෙ කියලා අපි බලමු..වෙයිට් ඇන්ඩ් වොච් beb..💋

කායි ටේගේ තොල් වලට හාදුවක් දීලා එතනින් යන්න ගියා.තොල් කිස් කරපු එකට වඩා ටේට වැදුනේ කායිගේ වචන "ෆස්ට් ස්ටෙප් එක"..බැරිවෙලාවත් එයා මේ හදන්නේ පලිගන්නද? ටේට බය හිතුනා.වැරදි මනුස්සයෙක් එක්කද මේ හැප්පුනේ කියලා එයාට හිතෙන්න ගත්තා.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.


TIME PASSED🥀

ජන්ග්කුක් කායි එක්ක ඔෆිස් යන්න අරන් අදට සතියක්..ජන්ග්කුක්ට ජීවිතෙත් එක්ක එපා වෙලා තිබුනේ..මොකද කායි ඇමරිකා වල ඉදලා මැනේජමන්ට් ඩිග්‍රී එකක් කම්ප්ලීට් කලා කිවුවට..කායිට බිස්නස් ගැන මූලික දැනුමවත් නෑ කියලා කායි හැරෙද්දි ජන්ග්කුක්ට තේරුනා.ඒනිසා ජන්ග්කුක් හිටියේ ගොඩක් තරහින්..ගත්ත හැම වැරදි ඩිසිශන් එකක් නිසාම කම්පැනි එකට අලාබ උනා.

සූබින් මේ ඇග්‍රිමන්ට් එක කැන්සල් කරන්න.

එහෙම කොහොමද ජන්ග්කුක් ඔයා නෙවෙයි මෙතන බොස් මම.

සූබින් කායි හිටපු තැනට වේගෙන් ආව ජන්ග්කුක් ෆයිල් එක මේසෙට විසික් කලා.

ඔයා බොස් වෙන්න ඇති අයියා..බට් මේකෙන් කම්පැනි එකට ලොකු ඩැමේජ් එකක් වෙනවා.

තමුසෙගේ කට වැඩියි ජන්ග්කුක්.

අඩියට දෙකට ජන්ග්කුක් ගාවට ආව කායි ජන්ග්කුක්ගේ කොලර් එකෙන් අල්ලගත්තා.ජන්ග්කුක්ගේ අත ඉබේම මිටමෙලවුනා..ඒත් මොනා උනත් මේ මගේ අයියා කියන හැගීම නිසා ඕන දෙයක් වෙද්දෙන් කියලා ජන්ග්කුක් බලාගෙන හිටියා.

මම කියන දේ අහන්න..ඔයාට වඩා මට එක්ස්පීරියන්ස් තියනවා..මේක මේ විදිහට උනොත් අපේ කම්පැනි එකට හිතාගන්නවත් බැරි විදිහේ පාඩුවක් වෙයි.

ඔව් සර්..ජන්ග්කුක් සර් කියන කතාව ඇත්‍ත..අනික අපි තාම පරක්කු නෑ..සර් ඕක සයින් කලා විතරනේ..අපි ඒකට කැමති නෑ කියමු.

සූබිනුත් කියපු නිසා කායි ඒ ඇග්‍රිමන්ට් එක කැන්සල් කලා.ඒත් කායි ජන්ග්කුක් එක්ක හිටියේ නයි වයිරෙන්.එයාට තනි තීරනයක් ගන්න දෙන් නැති නිසා කායිට ජන්ග්කුක්ව ලොකු වදයක් වෙලා තිබුනේ.
.
.
.
.
.
.

උබ එහෙම කරපු එක හොදයි ජන්ග්කුක්...මට ඒක කායි සර්ට කියාගන්න බැරුව හිටියේ.

සර් කියන්න එපා බං..එයාට උබට තරම්වත් මේවා ගැන නොලේජ් එකක් නෑ.

ඔව් ඒ ඇග්‍රිමන්ට් එක එයා සයින් කලේ හරියට කියවලවත් නෙවෙයි..මම ඒක කියන්න ගියේ නෑ ජන්ග්කුක්..උබට මතකනේ මම වැරද්දක් නොකරත් පෙරේදා පලු යන්න බැනුම් ඇහුවා.

සූබින් ජන්ග්කුක් කායිගේ කැබින් එකෙන් එලියට ඇවිත් දැන් කම්පැනි එකේ වෙන දේවල් ගැන කතා කලේ හරිම කලකිරීමකින් වගේම කනස්සල්ලෙන්..එයාලට කිසිම දෙයක් කරගන්න බැරි එක ගැන ඒ දෙන්නම දුක් උනා.
.
.
.
.
.
.
.

ජන්ග්කුක් එදා වැඩ ඉවර කරලා ගෙදර යද්දි ගොඩක් රෑ උනා..මේ සතියෙම වගේ ජන්ග්කුක් කලින් ගෙදර ගියත්..ඇයි අද එයාගේ අයියා එයාට ලොකු වැඩක් පවරලා කලින් ගෙදර ගියෙ කියලා ජන්ග්කුක්ට නිකමටවත් හිතුන් නෑ.

ජන්ග්කුක් පවරපු වැඩෙත් ඉවර කරලා..වැඩක් නැතුවත් ජන්ග්කුක් එක්කම හිටපු සූබින්ටත් සමු දීලා වාහනේට නැග්ගා.

හොදටම වැස්ස නිසා දුවගෙන ඇවිත් වාහනේට නැග්ග ජන්ග්කුක්ගේ ඇස් කෙලින්ම ගියේ කාර් එක ඉස්සරහා තිබුන ටේ හදලා දුන්න snowglobe එක දිහාවට.ඒක ලස්සනයි..පොඩි දෙයක් උනත් ඒකෙන් හැමතිස්සෙම ජන්ග්කුක්ට දැනුනේ ටේගේ ආදරේ..ටේත් එක්ක ගත කරන ලස්සන හුරතල් දවස්.

ජන්ග්කුක් snowglobe එක අතට අරන් හිනා වෙලා ඒක හොලවලා ආයෙත් තිබ්බ තැනින්ම තියලා බලන් හිටියා.ඒ snowglobe එක ඇතුලේ හිටියේ පුංචි හාවෙකුයි වලස් පැටියෙකුයි..ජන්ග්කුක් හුරතල් වැඩ දන් නැති උනත්..මේ වෙද්දි ටේගේ හුරතල් වැඩ නිසා ටේගේ දග වැඩ ජන්ග්කුක්ටත් බෝවෙලා තිබුනේ.

ජන්ග්කුක් ටික වෙලාවක් අතීතෙට ගියා..එයාට ටේව හැමදේකටම වඩා දැනුනා.

ජන්ග්කුක් එක පාරක් ආයෙමත් ඒ snowglobe එක දිහා බලන් ඉදලා කාර් එක ස්ටාර්ට් කරගෙන ගෙදර යන්න පිටත් උනා.ජන්ග්කුක්ට හිමින් ගිහින් පුරුද්දක් නැති නිසා එයා ගියේ පුලුවන් තරම් වේගෙන්.ඒ ඔක්කොටම වඩා තිබ්බේ ටේව අත් දෙකට ගුලි කරන් හුරතල් කරන්න තිබ්බ ආසාව.









































































ඒත්...............................................









🙂හායි බුබුස්



Continue Reading

You'll Also Like

654K 36.2K 46
ဤဇာတ်လမ်းတွင် ပါဝင်သော ဇာတ်လမ်း၊ဇာတ်ကွက်၊ဇာတ်ကောင်များသည် စာရေးသူရဲ့ စိတ်ကူးဉာဏ်‌ေသး‌ေသးဖြင့်သာ ပုံဖော်ထားခြင်းဖြစ်လို့ တိုက်ဆိုင်မှု တွေရှိခဲ့ရင် ခွ...
14.8K 3.7K 34
වර්ෂ 1970 දී එංගලන්තයේ විසූ ජන්කුක් ජියොන් නම් තරුණයා ටේහ්‍යුන් කිම් නම් තරුණයා අතර පැවති ආදර සබඳතාවයට එකල සමලිංගිකත්වය පිළිකෙව් කළ සමාජය තිත තැබූ මු...
9.1K 1.4K 11
වසන්ත කාලේ පිපුන චෙරි මලක් තරම් ලස්සන කිම් සොක්ජින් සිල්ලාවේ අගමැතිතුමාගේ එකම පුතා.. ඔහු දකින ඕනම කෙනෙක්ට හිත ඇදිලා යන්නේ ඉබේමයි.. කඩවසම් බව වගේම ඔහු...