𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑...

By mochi-bun

148K 22.5K 8.8K

(සිංහල)𝐈 𝐬𝐞𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐝𝐞𝐫 𝐛𝐥𝐮𝐞 𝐬𝐤𝐢𝐞𝐬,𝐈 𝐧𝐞𝐞𝐝 𝐚 𝐥𝐢𝐭𝐭𝐥𝐞 𝐬𝐮𝐧𝐬𝐡𝐢𝐧𝐞,𝐈 𝐟𝐞𝐥... More

chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39

chapter 24

2.8K 533 284
By mochi-bun

අහක බලාගෙන හිටපු ටේ කායිගේ නුහුරු ස්පර්ශයත් එක්ක කායි දිහා ඇස් ලොකු කරන් බලාගෙන හිටියේ මොකක්ද කියන්නේ කියලා ඇස් වලින් අහනවා වගේ.

ටේ....

ඔව් කි..කියන්න කායි හියොන්ග්.

කායි ටේගේ අත අරගෙන තමන්ගේ පපුවට තියාගත්තා.කායිගේ හදවත වේගෙන් ගැහෙන විදිහ ටේගේ අත් වලට හොදටම දැනෙද්දි ටේගේ හදවතත් ඊට නොදැවනි වෙන්න වේගෙන් ගැහුනේ මොකක්ද කියන්න යන්නේ කියන කුතුහලෙත් එක්කමයි.

ක..කායි..හි..හියොන්ග්..

ශ්....

ටේගෙ තොල් අතරට අත තියලා ටේ කියන්න හදපු දේ නතර කරපු කායි ටික වෙලාවක් ටේගේ ඇස් අතර අතරමං උනේ ලොකු දෙයක් කියන්න තමන්ගේ හදවත සූදානම් කරගන්න ගමන්.

මාත් එක්ක අද රෑට එලියට යමුද?

ඒක අහපු ගමන් ටේ ලොකු හුස්මක් පිට කලේ හරියට හුස්ම ගන්න අමතක උනා වගේ.

ඕක අහන්නත් දෙයක්ද හියොන්ග්..අපි යමු.ඒත් ඇයි?

ටේ කායි දිහා බලලා හිනා වෙලා තමන්ගේ අත ආපහු තමන් ලගට ගත්තා.

අහ්..මේ මගෙ පොඩි වැඩකට.

අහ් යමු..අපි ජන්ග්කුක් හියොන්ග්වත් එක්ක යමු.

එයාට වැඩනේ ටේ..අපි දෙන්නා යමු.

ම්ම්ම් හා හියොන්ග්.

ටේ මූන චුට්ටක් බෙරි කරගත්තත්..පස්සෙ කායිගේ මූන අදුරු වෙනවා දැක්ක නිසා එයා කායිගේ හිත හදන්න හා කිවුවා.

එහෙනම් රෑට ලෑස්ති වෙලා ඉන්න..අපි එලියෙන් කෑම ගමු.

හරි.....😁

කායි හිත යටින් ගොඩක් බය උනා..ටේ බෑ කියයි කියලා ඒත් ටේ එලියට යන්න කැමති උන නිසා කායිගේ හිතට දැනුනේ වැඩෙන් බාගයක් ඉවර කලා කියන සතුට.

දෙන්නම රෑ හත වෙද්දි ගෙදරින් යන්න හිතුවත් ටේගේ හිත ටිකක් කලබලයි කියලා එයාටම දැනුනා.එලියට යනවා කියන්න දවල් ඉදලම ජන්ග්කුක්ගේ ෆෝන් එකට ටේ කෝල් ගත්තත් ජන්ග්කුක් වැඩ වලට හිර උන නිසා ෆෝන් එක ගැන බලන්න එයාට වෙලාවක් හම්බුනේ නෑ.

හතට විතර ටේ ලෑස්ති වෙලා ආයෙත් ජන්ග්කුක්ට කෝල් කලේ කායි එක්ක එලියට යනවා කියලා කියන්න.

ෆක්....හියොන්ග් ෆෝන් එකත් ඕෆ් කරන් මොන මගුලක්ද කරන්නේ.

ඒ පාර ගද්දිනම් ජන්ග්කුක්ගේ ෆෝන් එක ඕෆ් ආව තරහට ටේ ෆෝන් එක ඇදට විසි කලේ ජන්ග්කුක්ට හිතින් බැන බැන.

ටේ ඔයා ලෑස්තිද අපි යමුද?

අහ් යමු කායි හියොන්ග්..

තිබ්බ තරහටත් එක්ක ටේට ෆෝන් එක අමතක උනා.එයා ඉක්මනට කොන්ඩෙත් හදාගෙන පහලට ඇවිත් කායි එක්ක ගමන යන්න පිටත් උනා.

ටේ ඔයාට දුර ගමන් යන්න පුලුවන්නේ?

🙄ඇයි කායි හියොන්ග් එහෙම අහන්නේ?

ප්‍රශ්නෙට ප්‍රශ්නෙකින්ම උත්තර දෙන්න එපා.

අහ් නෑ එහෙම ප්‍රශ්න නෑ.

හරි එහෙනම් අපි යමු.

කායි වාහනේ ස්ටාර්ට් කරලා එයාලගේ ගමන යන්න පිටත් උනා.
.
.
.
.
.
.
.
.
.
.

ටේ ගිහින් පැයකට විතර පස්සෙ ජන්ග්කුක් ආවේ ටේට ටේ ආස කරන කෑම ගොඩකුත් අරගෙන.කාර් එකෙන් බැහැලා..සතුටින් ටේගේ කාමරේට ගිය ජන්ග්කුක් දැක්කේ ටේ කාමරේ නෑ කියලා.

එයා හැමතැනම ටේගේ නම කිය කිය ටේව හෙවුවා.

පුතා ටේවද හොයන්නේ?

අහ් ඔව් ආන්ටි.ටේ කෝ?

එයා කායි එක්ක එලියට ගියා පුතා.

එලියට?

ඔව්..

කො..කොහෙටද එයාලා ගියේ.

ජන්ග්කුක් කලබල උනා ටේ කායි එක්ක ගියා කිවුවම.

දෙන්නම හොදට ඇදගෙන ගියෙ..මම හිතන්නේ ඩිනර් එක්කට ගියේ පුතා.කායි කලින් දවසකත් මට කිය කිය හිටියේ ටේ සනීප උනාම එලියෙන් කෑම ගන්න එක්ක යනවා කියලා.

හහ්...

තරහත් එක්ක ජන්ග්කුක්ගේ කට කොනට ආවේ තරහෙන් පිරිච්ච නෝන්ඩි හිනාවක්.

පුතා දැන්ද ආවේ?

ඔව් දැන් ආවේ.

වොශ් එකක් දාගෙන කන්න එන්න පුතා.

ජන්ග්කුක්ට කතා කරලා යූරා එතනින් යන්න ගියා.මේ වෙලාවේ ජන්ග්කුක්ගේ හිත කලබලෙන් වගේම තරහෙනුත් පිරිලා තිබ්බේ.

ටේට කොහෙන්ද තනි තීරන ගන්න තරම් හයියක්.

ජන්ග්කුක් දාඩිය පිරිච්ච කොන්ඩේ අත් වලින් පිටිපස්සට කරන ගමන් පඩිපෙල නැගගෙන කාමරේට ආවා.

තිබ්බ තරහටම දොර වේගෙන් වහපු ජන්ග්කුක් කාමරේ එහාටයි මෙහාටයි ඇවිදින්න ගත්තා.ජන්ග්කුක් දොර වැහුව පාර කිචන් එකේ හිටපු අජුම්මයි යූරයි දෙන්නම උඩ ගියා.

අජුම්මා ඒ සද්දේ ආවේ ජන්ග්කුක් පුතාගේ කාමරේ පැත්තෙන් නේද?

ඔව් නෝනා ඒ පැත්තෙන් තමයි.

මොකක් හරි උනාවත්ද?මම බලලා එන්නම්.

නෝනා දැන් යන්න එපා..පොඩි මහත්තයාට තරහා ගියාම තමයි ඔහොම කරන්නේ.මේ වෙලාවට කාමරේට යන කවුරු උනත් පොඩි මහත්තයාගෙන් බැනුම් අහලා තමයි එලියට එන්නේ.

යූරා අජුම්මා කියන දේවල් දිහා ඇස් ලොකු කරන් බලන් හිටියේ..ආවට පස්සෙ ජන්ග්කුක් තරහින් හැසිරෙනවා එයා දැකලා නැති නිසා.

ඒත් අජුම්මා ජන්ග්කුක්ට එහෙම තරහා යන් නෑනේ.

අජුම්මා කෑම හදන ගමන් හිනා උනේ යූරා කියපු කතාවට.

නෝනා මෙහෙට ආවේ ලගදිනේ.තාම නෝනා පොඩි මහත්තයා ගැන දන් නෑ.අපිටනම් ඔය සද්ද පුරුදුයි ඉතින්.

ජන්ග්කුක් හැසිරෙන විදිහට යූරා ඇත්තටම හිතුවේ ජන්ග්කුක් කියන්නේ ගොඩක් නිවිච්ච චරිතයක් කියලා.

(🙂😂)
.
.
.
.
.
.
.
.
.
.

එයා කොහොමද එහෙම කලේ..අඩුම තරමේ කෝල් එකක් දීලා කියන්න තිබ්බා මට.

ජන්ග්කුක් ශර්ට් එකේ අත උඩට නවන ගමන් නොසංසුන්ව කාමරේ එහාට මෙහාට ඇවිද්දේ ෆෝන් එක සාක්කුවෙන් එලියට ගන්න ගමන්.

මේ හු*#& ඕෆ් වෙලා.ශිට්.

ජන්ග්කුක් ෆෝන් එකටත් බැන බැනම ෆෝන් එක චාර්ජ් එකට ගහලා ලෑන්ඩ් ලයින් එක ලගට ගියේ ටේට කෝල් කරන්න.

මොන රෙද්දක්ද ෆෝන් එක රිංග්ස් යනවා..ඇයි ආන්ස්වර් නොකරන්නේ.

ජන්ග්කුක් ටේට බැන බැනම කීප සැරයක්ම ටේගේ ෆෝන් එකට ට්‍රයි කලා.

පුතා ඔයා තාම ඇදුම්වත් මාරු කලේ නැද්ද?

කාමරේට යන්න ආව යූරා දැක්කේ අතින් නලල මිරික මිරික තනියම කියවන ජන්ග්කුක්ව.

අහ් නෑ ආන්ටි.

ජන්ග්කුක් යූරාව වැඩිය ගනන් නොගෙන රූම් එකට ගියා.යූරට ජන්ග්කුක්ගේ හැසිරීම ප්‍රශ්නයක් උනත් එයා මොකක්ද ප්‍රශ්නේ අහන්න කලින් ජන්ග්කුක් එතනින් ගිය නිසා යූරත් පාඩුවේ එයාගේ කාමරේට යන්න ගියා.

.
.
.
.
.
.
.
.
.
.

ටේ බහින්න අපි එතන්ට ආවා.

අ...අ...මොකක්ද කායි හියොන්ග්.

එනකම්ම නිදාගෙනනේ ආවෙ දැන් නැගිටින්න.

පැයක විතර ගමනකින් පස්සෙ නිදාගෙන ආව ටේ ඇස් පොඩි කර අර ඇහැරුනා.

හියොන්ග්..මේ මේ..අර ෆේමස් seoul cherry blossom restaurant එක නේද😲.

ටේ කටත් ඇරගෙන කාර් එකෙන් එලියට බැස්සා.

ඔව් ඔව් ඒක තමයි.

මේකේ කෑම ගිනි ගනන්නේ හියොන්ග්.

ටේ කට ඇරගෙන restaurant එක දිහා බලාගෙන කිවුවා.

ඔයා කොහොමද දන්නේ කලින් ආවද මෙහෙ🤨.

නෑ..ජින් හියොන්ග් ආව දවසක අපි මෙහෙන් කෑම ඕඩර් කලා.පට්ට රසයි🤤.

යමු යමු ඇතුලට.

කායි හිනා වෙලා ටේගේ කොන්ඩේ අවුස්සලා ටේවත් එක්කගෙන ඇතුඅට ආවා.

කායි ටේ ඇතුලට ආව ගමන් වේටර් කෙනෙක් එයාලා ලගට දුවගෙන ආවා.

මම ඊයේ බුක් කලා..VIP room එකක්.

කායි අතේ තිබ්බ ටැග් එක ඒ වේටර්ට පෙන්නුවා.

ටේනම් වෙන ග්‍රහලෝකෙකට ආවා වගේ රෙස්ටූරන්ට් එකේ ලස්සන බලනවා.

සර් මේ පැත්තෙන් එන්න.

වේටර් කායි එක්ක ඇතුලට යද්දි කායි ටේගේ අතින් අල්ලගෙන එක්ක ආවා මොකද ටේ ඉන්නේ පුල් කන්පියුස් වෙලා😂.

වේටර් එක්කම VIP room එකට ඇවිත් මෙනූ එක කායිටේ අතට දීලා වේටර් එතනින් යන්න ගියා.

වාඩි වෙන්න ටේ.

ටේ වට පිට බලන ගමන් පුටුව ඇදලා වාඩි උනා.

ටේගේ ඇස් ඒ දම් පාට එලියට දිලිසෙනවා.එයා අත් දෙක ගුලි කරගෙන වට පිටාව බලද්දි කායි කන්න වගේ ටේ දිහා බලාගෙන හිටියා.

ටේ..

කායි කතා කරපු නිසා එයාට එහා පැත්තේ ඉන්න කායි දිහා ටේ එයාගේ හුරතල් ඇස් වලින් බැලුවා.

ඔයා ලස්සනයි.

ආ.

ටේට තේරුම් ගන්න බැරි උනා කායිගේ මූනෙන් පේන හැසිරීම..කොහොම උනත් එයා ගෙදරදි ඉන්නවට වඩා වෙනස් කියලා ටේට තේරුනා.

අහ් මොකුත් නෑ..මොනාද කන්නේ.

ඕන දෙයක් කනවා මං.

එහෙම බෑනේ ඔයා ඕඩර් කරන්න.

නෑ හියොන්ග් කැමති දෙයක් ඕඩර් කරන්න.

එහෙනම් අපි ඉටලියන් කමු.

අහ් ඕන එකක් මට.

ටේත් කායිගේ කැමැත්තට එකග උනා.ටික වෙලාවකින් වේටර් කෙනෙක් ඇවිත් කායි ඕඩර් කරපුවා ලියාගෙන එතනින් යන්න ගියා.

ඕකේ.

කායි එහෙම කියන ගමන් ටේ ලගටම ඇවිත් එයා ලගින් වාඩි උනා.

ටේ..වයින් බොනවද?

නෑ හියොන්ග්..මට ඇල්කොහොල් බොන්න බෑ.

ඇයි ඒ?

ඉක්මනට මත් වෙනවා.පොඩ්ඩක් ගත්තත්. ඒ නිසා ඔම්මා මට ඒවා තහනම් කරලා තියන්නේ.

ඔහ් එහෙනම් මම බොනවා.

ටේ උත්තරයක් විදිහට කායි දිහා බලලා හිනා වෙලා ආයෙත් අහක බලාගත්තා.

ටික වෙලාවකට පස්සේ කායි වයින් වීදුරුවෙන් බාගයක්ම ඉවර කලා.එතකන් ටේ කල්පනා කලේ ජන්ග්කුක් ගැන ෆෝන් එකත් ගෙදර දාලා ආව එකේ ජන්ග්කුක් බය වෙලා ඇති කියලා ටේට හිතුනා.

ටේ...ඔයා දන්නවද අද ඔයාව මම මෙහෙ එක්ක ආවේ ඇයි කියලා.

අපි වැඩකටනේ ආවේ.

ම්ම්ම් නෑ...

එහෙනම්?

මට ඔයාට දෙයක් කියන්න තියනවා.

කායි එහෙම කියන ගමන් ටේ කායි අතර පුංචිමවත් ඉඩක් නොතියා ටේට ලන් උනා.

ක..කායි..හියොන්ග්😳.

ශ්...

කායි පිස්සුවෙන් වගේ ටේගේ හීනී තොල් දිහා බලන් හිටියා.

මේක ඔයා දැක්ක දවසේ ඉදලා මට කියන්න ඕනි උනා.

කායි ටේගේ මූන ඇගිලි වලින් පිරිමදින ගමන් කතාව පටන් ගත්තා..මේ වෙලේ ටේනම් හිටියේ මේ මොකක්ද වෙන්නේ කියලා තේරුම් ගන්න බැරුව ගල් වෙලා වගේ.

හි...හියොන්ග් මො..මොනාද මේමේ..කරන්නේ?















අහ්ම්..සර්...ඔයාලගේ ඕඩර් එක.

එතන්ට ආව වේටරුත් බය උනා කායිටේ ඉන්න විදිහ දැකලා වේටර් දැක්ක ගමන් ටේ කායිව අකුනක් ගැහුවා වගේ ඈත් කලේ ඒ මනුස්සයා මොනා හිතුවද දන් නෑ කියලා හිතලා.

කායිත් කට කොනින් හිනා වෙලා කලබලෙන් ඇස් කරකවන ටේ දිහා බලලා වේටර් දිහාවට දැම්මේ දැවිලා අලු වෙලා යන බැල්මක්.

(මේ වෙලාවේ ජන්ග්කුක් ඉන්නේ ටේව මරලා දන්න තරම් තරහෙන්😌 අදනම් ජන්ග්කුක් නිසා ටේට කෝමා එකක්වත් එයි කියලා හිතෙම්නේ මට විතරද🙂)

කායි ආයෙත් වයින් උගුරක් බීලා ටේ ලගට ලන් උනා.කායි ලගින් එන අප්‍රසන්න වයින් සැරට ටේට වමනෙටත් ආවා.

බබා...

හියොන්ග් චුට්ටක් එහාට යනවද?මට හුස්ම ගන්න අමාරුයි.

චුට්ටක් ඔහොම ඉන්න.

කායි ටේගේ මූනටම එබිලා ටේ දිහා බලාගෙන හිටියා.ටේ දැක්කා කායිගේ වයින් වලට රතු වෙලා තියන ලිප්ස්.. ඒවා ලන්  වෙන්නේ හොදකට නෙවෙයි කියලත් ටේට දැනුනා.

මම මේක කියන්න ගොඩක් කල් බලාගෙන හිටියා.

මොකක්ද?

මම ඔයාට ආදරෙයි.

ටේ පුදුම නොවී කට කොනින් ඒකට හිනා උනා.

ආදරෙයිද?නැත්තම් ආසයිද?

ටේගේ ඒ ප්‍රශ්නෙට කායි ලග ඇත්තටම උත්තරයක් නොතිබුන නිසා එයා ගොලු උනා.

මගෙ ඇගෙන් එහාට වෙනවා.

මෙච්චර වෙලා අහිංසක විදිහට හිටපු ටේ එක පාරම නපුරු වෙලා කායිව තමන්ගේ ඇගෙන් එහාට ඇදලා දැම්මා.

මම ඔයාට කැමතියි ටේ.

කායි ආයෙමත් ටේගේ බෙල්ලෙන් අල්ලලා තමන්ගේ මූන ලගට ඇදලා ගත්තා.

තමුන්ට මම එක පාරක් කිවුවා..ම ගෙ න් අ හ ක ට වෙනවා.

ටේ ආයෙමත් කායිව අත් දෙකෙන්ම අහකට තල්ලු කලා.

මොකක්ද මගෙ අඩුව ඇයි මට අකමැති?

ටේ ඉදගෙන හිටපු තැනින් නැගිට්ටා.

එකක් තමුන්ට මන් ගැන තියන්නේ ආදරයක් නෙවෙයි කෑදර කමක් අනික.....

කායිත් ඒත් එක්කම හිටගෙන ටේ දිහාට එන්න ගත්තා.

ඔයා කොහොමද බේබි එහෙම කියන්නේ.

ලගට එන්න එපා.

ඔයා මගෙ විතරයි.

ටේ පිටිපස්සට යන්වත් එක්කම කායි ටේව ඉනෙන් ඇදලා තමන්ගේ ඇගට හිර කරගත්තා.

මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා මාව අතාරිනවා.........................

ටේ අත් දෙකෙන්ම ආයෙමත් කායිව තල්ලු කලත් කායිගේ අත් තදින් ටේගේ ඉන අල්ලගෙන හිටපු නිසා කායිගෙන් ගැලවෙන එක ටේ හිතපු තරම් ලේසි උනේ නෑ.

හහ්..ඌව අතාරිනවා..ඔයාට ඕනම දෙයක් මම දෙන්නම්.

මාව අතාරිනවා කායි......

හහ් හියොන්ග් කායි උනාද😡?

කායි ටේ දගලද්දි තව ටිකක් තමන්ට හිර කරගෙන ටේගේ තොල් වලට නැබුරු වෙලා ටේගේ කලවා මිරිකන්න ගත්තා.

මම තමුසෙට ඉල්ලන ඕන දෙයක් දෙන්නම්..ඕන තරම් සල්ලි..ඕන දෙයක්.

අහ්...අතාරිනවා මාව.

ටේ උපරිම ශක්තිය අ‍රගෙන ටේව තමන්ගේ ඇගෙන් අහකට කලා..කායිත් විසි උන පාර එතන තිබ්බ මේසේ ගිහින් වැදුනා.

තමුසේ..ආයෙ මගෙ ඇගට අත තියන්න හිතන්නවත් එපා..මොකක්ද තමුසේ කිවුවේ සල්ලි දෙන්නම් හහ්...අප්පගෙන් කාලා ඇදලා ඉන්න තමුසේ වගේ අපතයෙක්ගේ සල්ලි මට ඕන නෑ හලෝ.

ටේ ආවේගෙන් කායිට කෑ ගැහුවා.

තව මොනාද තමුසෙ කිවුවේ..ඕන දෙයක් දෙන්නම්...ඇයි තමුසෙ සක්කරයද මට ඕනි දේවල් දෙන්න..

ටේගේ කෑ ගැහිල්ලත් එක්ක කායි ආයෙත් ටේ දිහාට ඇවිදගෙන එන්න පටන් ගත්තා.

ඔහොම නවතිනවා..උබ තව අඩියක් හරි ඉස්සරහට තිබ්බොත්..මම...මම

ටේ ලග තිබ්බ ලොකු මල්පෝච්චියක් අතට අරගෙන.

මේකෙන්ම උබෙ ඔලුවටම ගහනවා...ඒ නිසා ඔතනම නැවතියන්..උබ මගෙ අයියා කියලා හිතාගෙන හිටපු මට...ආශ්..........

ටේ තරහෙන් කෑ ගහන්න ගත්තා.

මගෙ පස්සෙන් එන්න එපා ඔතනම හිටපං.

ටේ මල්වාස් එක පැත්තකින් තියලා රූම් එකෙන් එලියට ආවා.

ටේ..මම කියන දේ අහන්න..

කායි ටේගේ පස්සෙන්ම රෙස්ටූරන්ට් එකේ
මිනිස්සු හිටපු දිහාට දුවගෙන ආවා.

ටික දුරක් ටෙ දුවගෙන ඇවිත් කායි පස්සෙන් එන එක නවත්තන්නේ නැති නිසා ටේ ආයෙත් කායි හිටපු දිහාවට වේගෙන් හැරිලා එතන මේසයක් උඩ තිබ්බ ශැම්පේන් වීදුරුවක් අතට අරගෙන කායිගේ මූනට විසි කලේ කායි ඒ ශැම්පේන් වීදුරුවෙන් නෑවිලා යද්දි.

එතන සීයකට වැඩිය හිටපු මිනිස්සු මේ දිහා බලාගෙන හිටියේ වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව.

කායි ටිකක් වෙලා ටේ කරපු දේ දිහා බලන් හිටියේ තරහින්.

ටේ ආයෙත් කායිව සතපහකට මායිම් නොකර එතනින් යන්න පිටත් උනා.ඒත් කායි ආයෙත් ඉස්සරහට දුවගෙන ඇවිත් වේගෙන් යන ටේගේ අතින් ඇදලා අරගෙන තමන් පැත්තට හරව ගත්තා.

Slap👋💥

තමුසෙට මම කිවුවා මාව අල්ලන්න එපා කියලා.

කායි ඒ කරපු දේට ටේගේ උත්තරේ උනේ අත පුරවලා දුන්න කනේ පාරක්..කායි කනත් අල්ලගෙන ටේගෙන් අඩි දෙක තුනක් පිටිපස්සට ගියේ ශැම්පේන් වලින් නෑවිලා තිබ්බ කම්මුල් වලින් කදුලු වැටෙද්දි.

මේ දිහා බලන් සමහර මිනිස්සු මේක වීඩියෝ කර කර හිනා උනත් සමහර මිනිස්සු කටටත් අත තියන් බලන් හිටියේ බයවෙලා වගේ.

ටේ කායිව ගනන් නොගෙන එලියට ඇවිත් ටැක්සි එක්කට අත දාලා ගෙදරයන්න පිටත් උනා.

ඒත් කායි හිටපු තැන හිටපු විදිහටම කන අල්ලගෙන ටේ ගිය දිහා බලාගෙන හිටියා.
විනාඩියක් දෙකක් නෙවෙයි එයා විනාඩි ගානක් කන අල්ලගෙන බලාගෙන හිටියා.

සර්..මේ අයි හෙල්ප් යූ ...

පලයං මිනිහෝ අහකට.

වේටර් කෙනෙක් කායිගේ පිටට අත තියලා කායිට උදවු කරන්න හැදුවා.ඒත් කායි ඒ මිනිහව තල්ලු කරලා..බිම දන ගහලා මහ හයියෙන් කෑ ගැහුවා.මුලු රෙස්ටූරන්ට් එකම දෙවනත් වෙන්න.

ඒත් ඒ ටේ දාලා ගිය වේදනාවට නෙවෙයි..ටේගේ කම්මුල් පාරේ තරහට වගේම ඒක පලිගැනීමේ ආරම්බයක්.

ටේහියුන් උබ මගෙ...කැමැත්තෙන් හෝ..අකමැත්තෙන්.

කායි තමන් දන ගහගෙන හිටපු තැනින් නැගිටලා ටේ ගහපු පාරේ සැරට තොල පැලිලා ආව ලේ ඇගිල්ලකට ගන්න ගමන් යක්ශයෙක් වගේ කට කොනින් හිනා වෙලා එතනින් යන්න ගියා.උන ලැජ්ජාව වගේම ටේගේ කනේ පාර කායිගේ ඇතුලේ හිටපු අමුනුස්සයාව අවදි කලා.දැන් කායිට තියන්නේ එක අරමුනයි ඒ ටේගෙන් මේ උන දේට පලිගන්න එක.
.
.
.
.
.
.
.
.
.
.

කායිට අර විදිහට සලකලා ආපු තරහටම ටැක්සි එක්කට නැග්ග ටේ හිටියේ කායිටත් වඩා අවුල් වෙලා.

ම..මම..කොහොමද එහෙම කලේ.

ටේ තමන්ගේ අත් දිහා බලන ගමන් දුක් වෙන්න ගත්තේ තමන්ගේ සහෝදරයෙක් වගේ හිටපු මනුස්සයට තමන්ගේ අතින්ම ගහන්න උන දුකට.

මම හිතුවේ නෑ එයා එහෙම කරයි කියලා..කොහොමද..එහෙම කලේ.

ටේ ශටර් එකෙන් එලිය බලාගෙන ගෙදර එනකම්ම ඇඩුවා.එයා කවදාවත් එහෙම නපුරු උන කෙනෙක් නෙවෙයි ඒ නිසා උන දේ වගේම එයා හැසිරුන විදිහත් එයාට දුකක් ගෙනාවා.

ටේ ගෙදර එද්දි වෙලාව එකොලහට ලගයි..උන දේ උනා කියලා හිතලා එයා හිත හදාගෙන ජන්ග්කුක්ගේ කාමරේට යන්න පඩිපෙල නැග්ගා.

කාමරේට ලගට ඇවිත් දොරේ යතුරු හිලෙන් ජන්ග්කුක් මොනාද කරන්නේ කියලා බලපු ටේ දැක්කේ අදුර විතරයි..කාමරේ ලයිට් ඕෆ් නිසා ටේ හිතුවස් ජන්ග්කුක්ට නින්දේ ගිහින් කියලා.

අම්මෝ මගෙ වෙලාව හියොන්ග් නිදි.

දිග හුස්මක් අරගෙන ටේ කාමරේ දොර ඇරගෙන ඇතුලට ආවා.කාමරෙ තිබුනේ  ගන අදුර විතරයි.ටේ හෙමින් දොරට එහා පැත්තේ තිබුන ස්විච් එක හොයාගෙන ලයිට් එක දැම්මා.

අහ්...ටේ මහත්තයා..රවුම් ගහලා මහන්සිද?

ඔම්මො...හ්හ්

ටේ බය උන පාර බිත්තිය අල්ලගත්තේ ජන්ග්කුක් ඇදේ වාඩි වෙලා අවුල් වෙච්ච කොන්ඩෙත් එක්ක එයා දිහා බලන් ඉන්න විදිහට.

ජන්ග්කුක් කට කොනින් බය වෙලා ඉන්න ටේ දිහා බලලා හිනා වෙලා.අත් දෙක පිටිපස්සට කරලා නිදහසේ ඉදගත්තා.

හි...හියොන්ග්..නිදි නැද්ද?

හහ්..මාව නිදි කරන්න ටිකක් අමාරුවෙයි.

එහෙම කියන ගමන් ජන්ග්කුක් ඇදෙන් නැගිටලා ඉස්සරහට එන ගමන් තමන්ගෙ කලිසමේ තිබුන බෙල්ට් එක ගලවලා අතට ගත්තා.

ටේ බිත්තියට හිර වෙලා ජන්ග්කුක් දිහා බලන් හිටියේ ඒ එන විදිහට බය හිතිලා ටේට කෙලත් ගිලෙද්දි.









































😲මොනා වෙම්න ඇද්ද🍯

Continue Reading

You'll Also Like

456K 6.1K 6
စိတ် အဆင်ပြေသလောက် ရေးပါမည်။ Over possessive Seme Beau Uke
15.1K 3.7K 34
වර්ෂ 1970 දී එංගලන්තයේ විසූ ජන්කුක් ජියොන් නම් තරුණයා ටේහ්‍යුන් කිම් නම් තරුණයා අතර පැවති ආදර සබඳතාවයට එකල සමලිංගිකත්වය පිළිකෙව් කළ සමාජය තිත තැබූ මු...
176K 30.2K 89
වසර කිහිපයකට පෙර, නොදන්නා හේතුවකට යම්කිසි බලවත් පැක් එකක් විසින් සියලුම ඔමේගාවන් මරා දැමුවා. ඔමේගාවන්ගේ ඝාතනයෙන් දිවි ගලවාගත් එකම පුද්ගලයා වූයේ කිම්...
15.2K 1K 9
အစိမ်းရောင် (.....) အောက်မှာ ကျရှုံးခြင်း Cover photo by Lwin Min Khant