o⊙ -අභිමෙවන් -⊙o

Por Bulbz_D

26.7K 3.9K 2.2K

𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL _- _ රුහිරු නැවතුමට රුහිරු සොලවන අභිරූ _-_ 1988 - 89 කාලයේ ඇති වූ ජවිපේ භීෂණය හා... Más

囧- පළමු වෙඩිල්ල -囧
囧- දෙවන වෙඩිල්ල -囧
囧- සිව්වන වෙඩිල්ල -囧
囧- පස්වන වෙඩිල්ල -囧
囧- හයවන වෙඩිල්ල -囧
囧- හත්වන වෙඩිල්ල -囧
囧- අටවන වෙඩිල්ල -囧
囧- නමවන වෙඩිල්ල -囧
囧- දසවන වෙඩිල්ල -囧
囧- එකළොස්වන වෙඩිල්ල -囧
囧- දොළොස්වන වෙඩිල්ල -囧
囧- දහතුන්වන වෙඩිල්ල -囧
囧- දාහතරවන වෙඩිල්ල -囧
囧- අවසන් වෙඩිල්ල -囧
A/N
_අනේ මල්ලියේ මගේ නාඩන්_
- ~ - ~ -
~ 00 ~

囧- තෙවන වෙඩිල්ල -囧

1.4K 246 163
Por Bulbz_D

'' කට වැඩි එකා ''

මෙවන්ට ලැබුණ නාමය කෙතරම් අසාධාරණදැයි ඔහු සිතා බැලුවේ ය. තමාගේ කට නියමිත දිගිනුත් නියමිත පළලකිනුත් ඇති විට සිනහව යනු කුමක්දැයි නොදන්නා ජේෂ්ඨ නිළධාරින් [ Warrent officers] එයට කට වැඩි ලෙස පැවසීම පොළොව නුහුලන අපරාධයක් විය.

ප්‍රථම සතියම නවකයන්හට නම් අතිශයන්ම කටුක විය. බීමට ලැබුණේ මඩ වතුර වූ අතර ආහාරයන් නම් කෙලෙසකවත් සතුටුදායක මට්ටමක නොවී ය. ඇතැම් අය සිතාමතා අප්‍රසන්න ආහාර මග හැරියේ ය. සතියක් යනතුරු මෙවන්ගේ කටනම් මදකට අගුළු වැටී තිබුණේ ය. සිය යටිබඩට වැදුණු පහරවල් , නාසය පුළුස්සමින් ගමන් කළ මත් පැන් බෝතල් දෙක සිහිපත් වීමෙන් කට විවිර වන අවස්ථාවල මෙවන් අපහසුවෙන් මුව වසාගෙන ඉවසුවේ ය. එය එතරම්ම වේදනාවක් විය.

ඔවුන් උදෑසන තුනට අවදිවිය යුතු වූ අතර නින්ද සදහා ලැබුණේ හෝරා ද්විත්වයක් විය. අැතැම් අය ලැබූ නවක වදයන් සැලකීමේ තමා ලැබූව ද තරමක් හෝ සතුටුදායක තත්වයක වූ වග සිතා මෙවන් සැනසුණේ ය. උදෑසන කායික අභ්‍යාස , අවි පුහුණුව සේම තවත් දැඩි පුහුණුවීම්වලට ඔවුන් යටත් විය යුතු විය. අපහසුම දෙය වූයේ නම් පිළිවෙලයි. මෙවන්ගේ ගෑවි හෝ නොතිබුණ පිළිවෙල නිසාවෙන් ඔහුට දිනකට දෙවරක් හෝ කුමන ආකාරයේ හෝ දඩුවමකට යටත් වීමට සිදු විය.

කෙසේ නමුත් ඔහුට එක් භයානක පළිගැනීමක් ශේෂව තිබුණි. නිවසට දන්වා යවන ලිපියෙහි ඔහු , සිය කෲරතර , පාපතර ඥාති සොයුරා තමාට සැලකූ ආකාරය පිළිබද දන්වා යැවීමට අමතක නොකළේ ය. එවිට ඔහුගේ හමුදා නිවාඩුවේ දී ඔහුව නිවස තුළට නොගන්නා තරමට මෙවන් සිය සැලසුම දරුණු ලෙස අටවා අවසන් විය.

අද දින ඔවුන්ගේ සති සමාලෝචනය පැවැත්වෙන අතර , අධික වෙහෙසින් අප්‍රාණිකව සිටි නවක නිළධාරින් මළගියවුන් සේ සිට ගත්තේ ය. අධික වෙහෙස කොපමණද යත් තමා මෙහිම නිවන් යනු අැතැයි මෙවන් සැක කළේ ය.

දේවන්ත කුමක් හෝ පවසනු ද ඔහුට සිහියෙන් මෙන් පෙනුණ ද ඔහු දෑස් දිගටම විවර කර තබාගැනීමට උත්සහ කළේ ය. හිතුවක්කාර තරුණයන් බොහෝමයක් දැනට ද විනයෙන් හික්මී තිබුණ ද බොහෝ දෙනාගේ හිතුවක්කාර ලක්ෂණ තවමත් පහව ගොසින් නොතිබුණේ ය. ඔවුන් සිදු කළ හිතුවක්කාර ක්‍රියාවලට ලැබූ දඩුවම් සුළු පටු නොවී ය.

'' රැග් එකෙන් දිවි රැකගෙන , බොහෝ දුකින් කල් ගෙවන නවසෙබළෙකි මං...'' සිය ප්‍රියතම ජිප්සිස් කණ්ඩායමේ ගීතය මෙවන් මදක් සංස්කරණය කළේ ය.

තමා සිතින් මිමිණූ දෙය ඕනෑවට වඩා ශබ්දයෙන් මුවින් පිටව තිබූ වග මෙවන් වටහා ගත්තේ බොහෝ දෙනාගේ භීතියට පත් දෑස් තමා වෙත යොමු වෙද්දී යි. එහි ලියවී තිබුණේ අවසානය රැගත් බැල්මක් වූ අතර සිය කටින් පිටවූ වදන් ආපසු සිය මුව තුළට දමාගන්නා ආකාරය මෙවන් නොදැන සිටියේ ය. කලාත්මක හැකියාවන් ඇගයිය නොහැකි වුන් දැන් කෝපයෙන් හා ඊර්ෂියාවෙන් පුපුරා යනු ඇත.

'' මොකා ද ඒ ? '' දේවන්තගේ ගිගිරුම් සහගත අකුණු සහිත හඩ නික්මුණ ද සියලු දෙනාගේ දෑස් තමා වෙත එල්ලව තිබීමෙන් ඒ තමා වග වටහා ගැනීමට ඕනෑම අයෙකුට හැකිවෙනු ඇති වග මෙවන් දැන සිටියේ ය.

'' කට වැඩි එකා.. '' ජේෂ්ඨ නිළධාරියෙක් මුමුණනු ඇසිණ.

'' කට වැඩියි ඔයාගේ මගේ නෙවේ. ඔය දතුත් ඉස්සරහට ඇවිත්.. කැතේ බෑ,. '' මෙවන් ඇගට පතට නොදැනී පැවසුවේ මේ සමාලෝචන රැස්වීම මධ්‍යයට බෝම්බයක් කඩා වැටුණා සේ සියලු දෙනාගේ දෙවෙනි වර බැල්ම හා විස්මය ද තමා වෙතට එල්ල වෙද්දීයි. නැවතත් සිය වදන් තමාට අකීකරු වී ඇත. ඔහු කෙලෙසකවත් මෙහි කතා කිරීමට බලාපොරොත්තු නොවූ අතර තමා සිතීමටත් පෙර මුවින් පිට පැනි වචනවලට බැන වැදුණේ ය.

දේවන්ත පමණක් නොව , සමාලෝචනය සදහා සහභාගී වූ ඔහුට ඉහළ නිළධාරීන් ද මෙවන් වෙත මෙන්ම පුහුණු ජේෂ්ඨ නිළධාරින් වෙත ද හෙළුවේ මාරාන්තික බැල්මකි. යුධ හමුදා ඉතිහාසයේම මෙවැන්නක් වූ පළවෙනිවතාව මෙය වග මෙවන්ට සැකයක් නොවී ය.

'' හව් කුඩ් යූ ..... මෙහෙම ද තමුසේලා විනය හදන්නේ ? මෙතන සෙල්ලමක් කියලා හිතුවා ද ? බබාලා නළවන්න !!! ඒකට දාගන්නවා ළමා නිවාසයක්... මේක ආමි එක... '' එවර ඉහළ නිළධාරින්ගේ ගෝරනාඩුව මෙවන් ද තිගැස්සී ගියේ ය. ඔහුගේ පෙනුම යකෙක් සේ වූ අතර දේවන්ත මෙන්ම අනිත් නිළධාරින් ද ඔහුට බිය වූ වග පෙනෙන්ට විය. අනෙක මෙයට පෙර නවක නිළධාරින් දෙදෙනෙකු ක්ලාන්තව වැටීම ඔහුගේ කෝපය දෙගුණ කරවන්නක් විය.

එතන පරිසරය කෙතරම් නොසන්සුන් හා උණුසුම් වුව ද මෙවන්ගේ අවධානය තවමත් තමාට පිටුපා ඇති දේවන්තගේ උරහිස් කෙරේ විය. ඔහු සිතින් එහි පළල මැනීමට උත්සහ කළේ ය. නමුත් මදින් මදම එහි පළළ වැඩි වූයේ බලාපොරොත්තු නොවූ ලෙසිනි.

සිය මුහුණ හරහා වැදුණු තදබල පහරට මෙවන් බිමටම ඇද වැටුණේ ය. ඔහු පියවි සිහියට පැමිණි අතර ඉහළ නිළධාරින් නික්ම ගොසින් වග දුටුවේ ය. සිය සිරුරේ වූ තුවාල සුව වීමටත් ප්‍රථම නැවතත් සිරුර පුරා වැදුණු පාපහරවල් ඔහුව අඩපණ කළේ ය. මෙලෙස ගුටි කෑ නොහැකි වග ඔහුගේ සිත ඔහුට පවසද්දී ඔහුව ප්‍රථම වතාවට දේවන්ත වෙත පාදයෙන් පහරක් එල්ල කළේ ඔහුගෙන් ප්‍රහාරයක් අපේක්ෂා නොකළ අනෙක් හමුදා නිළධාරින් පසෙකට තල්ලු කරමිනි. හමුදා පුහුණුවක් නොවූව ද පාසල් කාලයේ ටයිකොන්ඩෝ පුහුණුවෙන් මෙවන්ගේ සටන් හැකියාවන් තරමක් ප්‍රශස්ත මට්ටමක විය.

නමුත් වසර ගණනාවක පුහුණුව ලැබූ ජේෂ්ඨයන් සමග ඔහුට හැරෙන්නට ද නොහැකිය.

ඔහු එල්ල කළ පා පහර දේවන්තගේ යටිතොල අසල පුපුරා දමා තිබුණේ ය. දැන් නම් ඔහු සැබවින්ම යක්ෂයෙකු සේ දිස්වෙයි. ඔහු තමා දෙසට හෙලූ මාරාන්තික බැල්ම අනුව මෙවර නම් මත්පැන් බෝතල් සියයකට වඩා සිය නාසය හරහා යන වග සිතා ගැනීමට මෙවන්ට අපහසු නොවී ය. ඔහු කල්තියාම විශාල හුස්මක් ගෙන සූදානම් වූයේ ය. ‍

'' අපොයි.. හිතලා ගැහුවේ නෑ අය්යේ.. මම පුහුල් දෝසි අරන් දෙන්නම්... '' මෙවන් ඉක්මනින්ම පැවසුවේ ය. තමා එතරම් පරිත්‍යාගයක් කිරීමට සැරැසෙද්දීත් නිළධාරින් කෝපගත්තේ මන්දැයි මෙවන් වටහා නොගත්තේ ය. ඇතැම් විට දේවන්ත පුහුල් දෝසි ප්‍රිය නොකරනු ඇත.

'' මුගේ වම් කකුල කඩනවා.. !!!!!! ''

මෙවන්ට සිතාගත නොහැකි වූ එකී දරුණු අණ අන් කවරෙකුගෙන්වත් නොව දේවන්ත වෙතින් විය. ඔහුගේ වචනයේ ප්‍රමාදයෙන් සිය වම් පාදයේ වළලුකර අසළ ඉල්ලකරගත් පොලු පහරවල්වල වේදනාව මෙවන්ට හොදින්ම දැනුණි. එකම ස්ථානයට පහර පිට එල්ල කෙරුණු සිය වම් පාදය තවත් භාවිතයට ගත හැකිදැයි මෙවන් නොදැන සිටියේ ය.

තමාගේ ගෙල සිරව යනු ද, පරඩැලක් සේ ඇදී ගොසින් සීතල පොළොවක් මත ඇද වැටෙනු ද මෙවන්ට දැනුණි. දේවන්ත සිය කැබින් කාමරයේ දොර ඇතුළතින් අගුළු දමනු මෙවන් බලා සිටියේ ය. ඔහු සිය වම් පාදය පරීක්ෂා කර බැලීමට සැරසුණ ද දේවන්තගේ පා පහර සිය මුහුණට එල්ල වූයේ ඔහුව වළක්වමිනි.

'' රිදෙනවා.. '' මෙවන් සිය මුහුණ අල්ලාගනිමින්ම පැවසුව ද දේවන්ත එය තැකීමක් කළ වගක් නම් පෙනෙන්නට නොවී ය. ඔහුගේ හස්තයෙහි පොල්ලක් තිබූ අතර ඔහු නොනවත්වාම මෙවන් වෙත තවත් පහර කිහිපයක් එල්ල කළේ ය.

'' ඔහොම ගහන්න එපා.. රිදෙනවා.. ඌහ්... පුංචි අම්මේ... ඌහ්... මම කියනවා.. ඔයා.. ඌහ්. අනේ.. ආව්..... මම - මැරෙයි... .... ආව්.. '' දේවන්තව තවත් කෝපගන්වමින් මෙවන්ගේ කට නම් තවමත් වැසී ගොස් නොතිබුණේ ය. සිය පාදය ද පිටට වැදුණූ පහරවල් ද ඔහුගේ දුර්වල හඩ වේදනාවෙන් පුරවා දමා තිබුණේ ය.

'' උබට මම අපාය පෙන්නන්න කලින් ඔය කට වහගනින්.. '' දේවන්තගේ කටහඩේ තිබු දරුණු ගතියට මෙවන් තිගැස්සී ගියේ ය.

'' ආහ්... ගහන්නෙපා අය්යේ... මම් මැරෙයි.......'' දේවන්තගේ පොලු පහරවල් සිය සිරුරේ වැදෙද්දී මෙවන් වේදනාවෙන් කෑගැසුවේ ය. කෙතරම් පුහුණුවීම් කර තිබුණ ද එතරම් වේදනාවක් උසුළාගත හැකි මට්ටමක මෙවන් නොවී ය.

'' වහනවා කට !! ආයේ කට ඇරියොත් තමුසේගේ කට වහලාම දානවා.. '' දේවන්ත බැණ වැදුණේ මෙවන් වෙත දිගටම පහර එල්ලකරමිනි. එවර නම් මෙවන් දෙතොල් සපාගනිමින් වේදනාව ඉවසුවේ තවත් පහර කෑමට තමා තුළ ශක්තියක් නොවූ වග වැටහී යාමෙනි. මුවට දැනෙන රුධිරය රස පිළිබද ඔහු කිසිවක් නොපැවසුවේ ය .සිය ඇගම දවන වේදනාවට ඔහේ කදුළුව ගලා යාමට ඉඩදුන්න ද මුවින් හඩක් නොනැගී ය.

'' නවතන්නවා අඩොවැඩියාව !! '' දේවන්ත නැවතත් දරුණු ලෙස පැවසුවේ මෙවන් සිහිසුන් වීමට ආසන්න වන තුරුම උදරයට හා උරහිසයට පහර දෙමිනි. එවර මෙවන් හැඩීම ද නැවැත්වූවේ ය.

අවසානයේ දේවන්ත පහරදීම මදකට නවතා දැමුවේ ය. මෙවන් හික්මවීම ද ඔහුට විශාල ජයග්‍රහණයක් සේ විය. එතරම්ම මෙවන් හා ඔහුගේ හැසිරීම් ජේෂ්ඨ නිළධාරින් වෙත හිස රදයක් සේ වී තිබුණි.

'' බඩගිනියි.. '' මෙවන් අපහසුවෙන් මිමිණුවේ මදක් සන්සුන්ව සිටි දේවන්තව නැවතත් යක්ෂාවේෂ කරමිනි. මෙතරම් පහර කෑමෙන් පසුද මෙවන් මදකුදු මෙල්ල නොවී ඇති සෙයකි.

'' ගලවනවා ඔය ඇදුම් !!! '' දේවන්ත කෝපයෙන් පිපිරෙමින් අණ කළේ ය. මෙවන් අඩපණව වැතිර සිටිය ද , ඔහුගේ පොකුටු කොණ්ඩය අතරින් රුධිරය ගලා ගිය ද , පාදය කැඩී යාමෙන් නැගිටගත නොහැකිව සිටිය ද , දෑස් ද වේදනාවෙන් පියවී ගිය ද දේවන්තට නම් කිසිදු අනුකම්පාවක් වූ වගක් පෙනෙන්නට නොවී ය.

'' මට බෑ.. '' මෙවන් එකහෙළාම විරුද්ධ විය. දේවන්ත කෙතරම් කෝපගත්ත ද ඔහුට දැන් එය අදාළ නොවී ය. කුමක් හෝ විහිළුවක් කර හෝ කවුරුන් හෝ සමග වල් පල් දොඩවා වේදනාව සමනය කර ගැනීමට මෙවන්ට ඇවැසි විය. අවාසනාවකට කිසිදු ධනාත්මක විහිළුවක් ඔහුට සිහිපත් නොවී ය.

'' මගේ ඇග රිදෙනවා.. කකුල රිදෙනවා.. '' මෙවන් ප්‍රථම වතාවට හඩමින් පැමිණිලි කළේ ය. එතරම්ම ඔහුගේ වේදනාව හා විඩාව දැඩිවූයේ වෙයි. එවර සම්පූර්ණ නිහඩියාවක් පැතිර ගියේ දේවන්තව ද මොහොතකට නිහඩ කරමිනි. ඔහු එක් දණක් බිම නවා සැහැල්ලුවෙන් බිමින් අසුන් ගනු මෙවන්ට දැනුණි.

'' අහනවා.... තමුසේට කවදාහරි මැරෙන්න ඕන මේ විදියට ද ? කිසිම දෙයක් කරගන්න බැරි ###යෙක් වගේ ? තමුසේ යන්නේ සෙල්ලම් බඩු එක්ක සෙල්ලම් කරන්න නෙවේ.. බලනවා තමුන් කියන එක වචනයයි උබව කෑලිවලට කපලා මරලා දාවි... උබ හිතුවේ මේ රැග් කරලා අපි ආතල් ගන්නවා කියලා ද ? අා ? තමුසේ බෑ කියන්නේ මොකක්ද ඒ උන් බලෙන් හරි ගන්නවා.. ගළවනවා ඇදුම් දැන්ම !! '' දේවන්ත කිසිදු අනුකම්පාවක් නොමැතිව පැවසුවේ ය.

සිය සහෝදර නවක ශිෂ්‍යයන්ගේ අත්දැකීම් මෙවන් දැන සිටියේ ය. ගැටලුව වූයේ ඔහුගේ පාදය අබාධිත වීමත් තමාට කෙළින් සිටගැනීමට තබා වැතිර දෑස් විවර කරගෙන සිටීමටවත් ශක්තියක් නොමැති වීම විය.

'' සර්. වෙන දවසක.. '' මෙවන් එවර නම් විනීතව ඇයැද සිටියේ ය. දේවන්ත මනුශ්‍යයෙකු නොවන තරමින් කෲර වග මෙවන් දැන සිටියේ ය. අනෙක් පසින් මෙවන්ගේ හික්මුණු කටහඩ දේවන්තගේ මුවගට සිනහාවක් රැගෙන ආවේ සමච්චල් සහගත සිනහාවකි. අවසානයේ මෙවන්ව හික්මිය හැකි එක් ක්‍රමයක් ඔහු සොයාගත්තේ ය.

'' ෂට් අප්.. මම කියන දේ කරනවා.... '' දේවන්තගේ අවසන් අණ කිරීම නික්මුණේ ය. මෙවන් සිය අප්‍රාණික දෑතින්ම ඇදුම් ලිහිල් කළ අතර ඔහු අණකට විනීතව කීකරු වනු දැකීම ද දේවන්තගේ මුහුණෙහි වූ අනුකම්පාවිරහිත සිනහව දැඩි කළේ ය.

'' නැගිටිනවා.. '' දේවන්ත අණ කළේ ය.

'' ඒත් කකුල ම... '' මෙවන් සම්පූර්ණ කිරීමට පෙර දේවන්තගේ පොළු පහර පිට පුරා වැදෙනු මෙවන්ට දැනුණි. තවත් පහරක් වැදීමට පෙර ඔහු අපහසුවෙන් කොර ගසමින් නැගී සිටියේ සිරුරේ වේදනාව ද නොතකමිනි.

'' සම්පූර්ණයෙන් ගළවනවා.. '' දේවන්ත අණ කළේ මෙවන් ලිහිල් කර ඇති ඇදුම් කිතුල් පොල්ලෙන් ඉලක්ක කර පෙන්වමිනි.

'' ඒත් මට... '' මෙවන් පැවසීමට ගිය ද දේවන්ත යළිත් පොල්ල එසවීමත් සමග ඔහු මුව වසා ගත්තේ නිහඩවම සිය ඇදුම් සියල්ල ඉවත් කරමිනි. දේවන්ත වරක් හෝ මෙවන් දෙස බැලීමට හෝ උනන්දු නොවී ය.

'' පිටි පස්ස හැරිලා අත් දෙක අර බිත්තියට තියනවා.. '' දේවන්තගේ දෑස්වල කිසිදු තෙතමනයක් නොවී ය. එක් අතකින් එය මෙවන්ට සැනසීමක් විය. බිත්තයේ වාරුව නැතිව තමා නැගිට සිටින්නේ කෙසේදැයි ඔහු සිතා නොතිබුණේ ය අන් නවකයන්ට මෙය එතරම් ගණනක් නොවූ මුත් තමා ඔවුන්ට වඩා වෙනස් බැවින් තමාට කිසිවක් නොකරන ලෙස පැවසීමට මෙවන්ට ඇවැසි වුව ද පොලු පහර ඇති කර තිබූ වේදනාව ඔහුගේ කට දමා තිබුණේ ය. පෙර දේවන්තගෙන් උදරයට එල්ලවුණූ පහරදීම් හේතුවෙන් කැටි ගැසුණු ලේ කැටි සිය මුවින් පිටවනු මෙවන්ට දැනුණි.

'' තමුසෙට දැන් යන්න පුළුවන්.. මතක තියාගන්නවා ආයේ කටේ පාලනය පැන්නොත් තමුසේට මොනවා වෙයි ද කියලා හිතාගන්නවත් බැරි වෙයි. '' දේවන්ත පහව නොගිය කෝපයෙන් පැවසුවේ ය. මෙවන් සැනසුම් සුසුමක් හෙළා අසීරුවෙන් අනෙක් පස හැරි බිත්තියට වාරු දුන්නේ ය.

'' මොක ද තව බලාගෙන ඉන්නේ... ඇදුම් අැද ගන්නවා. '' දේවන්ත රෞද්‍රව පැවසුවේ ය. දේවන්ත ඔහුට පිටුපා සිටි අතර , ඔහු සිය මේස ලාච්චුවෙන් කුමක් හෝ පිටතට ගනු මෙවන් බලා සිටියේ ය. ඔහුට ඇදුම් නැවත ඇදගන්නටම හෝරාකිහිපයක් ගත වූ සෙයකි. තමා කොයි මොහොතේ ඇද වැටෙනු ඇත්දැයි මෙවන් නොදත්තේ ය. මෙවර නම් ඔහුගේ කටම වැසී ගොසින් තිබුණේ ය.

මෙවන්ගේ වම් පාදය බිම තැබිය නොහැකි විය. ඔහු නිහඩවම දේවන්ත වෙත ආචාර කර කොරගසමින්ම දොර අසළට ඇවිද ගියේ ය. ඔහු අගුල දෙස හෙළුවේ ද ළගා කර ගැනීමට අපහසු බැල්මකි. කෙතරම් ධනාත්මක ලෙස සිතීමට ඇවැසි වුවද ඔහුට ධනාත්මක විහිළු නම් සිහිපත් නොවී ය. ඔහු මදකට සිය නිරුපද්‍රිත පාදයෙන් සිටගෙන දොර විවර කිරීමට තැත් කළ ද දේවන්ත නිහඩවම පැමිණ ඔහුට දොරේ අගුල ඇර දුන්නේ ය .

'' තමුසේගේ කකුල කැඩුන එක අදාළ නෑ දෙක වෙනකොට වෙපන් ට්‍රේනින් එකේ ඉන්න ඕන.. '' දේවන්ත නැවතත් පැවසුවේ ය. මෙවන්ව හික්වමවීම කෙතරම් සාර්ථක ද යත් ඔහු හ්ම් හඩකුදු නොනැගුවේ ය.

'' ගිහින් තමුසෙලායි වෙන කෙනෙක්ට එන්න කියනවා හරියටම පැය බාගයකින් මෙතන අස් කරන්න... '' දේවන්ත අණ කළේ මෙවන් හැගීම්විරහිතව වරක් හිස සලද්දීයි.

'' මොකක් හරි කරන්න කිව්වම යෙස් සර් කියලාවත් කියනවා. '' දේවන්ත නැවතත් කෝපගනිමින් පැවසුවේ ය.

'' යෙ-ස් සර්. '' මෙවන් දුර්වලව පැවසුවේ ලේ වැකී සුදුමැලිව තිබූ දෙතොල් මදක් සොලවමිනි.

'' යූ කැන් ගෝ නව්.. '' දේවන්ත සිය කෝපය නැවතත් ඇවිලීමට පෙර පැවසුවේ කැබින් කාමරයේ දොර මෙවන්ගේ මූණටම වසා දමමිනි.

.
.
.
.
.
.
.
.

~ සිව්වන වෙඩිල්ලෙන් හමුවෙමු ~

Stay tuned.
Author - Thehasna Devdara

Seguir leyendo

También te gustarán

54.8K 10K 42
සදාකාලිකව සිසිරයට ලියූ ජීවිතයට නොකියාම වසන්තය උදා වුවහොත්..
564K 109K 119
කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!
602K 44.6K 46
မင်ရန်ရှင်း💓ဝမ်ယွမ် {ဝမ်ယင်}
413K 58.9K 152
ආස හිතෙන ආදරණීය කතාවක්