o⊙ -අභිමෙවන් -⊙o

By Bulbz_D

25K 3.8K 2.1K

𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL _- _ රුහිරු නැවතුමට රුහිරු සොලවන අභිරූ _-_ 1988 - 89 කාලයේ ඇති වූ ජවිපේ භීෂණය හා... More

囧- දෙවන වෙඩිල්ල -囧
囧- තෙවන වෙඩිල්ල -囧
囧- සිව්වන වෙඩිල්ල -囧
囧- පස්වන වෙඩිල්ල -囧
囧- හයවන වෙඩිල්ල -囧
囧- හත්වන වෙඩිල්ල -囧
囧- අටවන වෙඩිල්ල -囧
囧- නමවන වෙඩිල්ල -囧
囧- දසවන වෙඩිල්ල -囧
囧- එකළොස්වන වෙඩිල්ල -囧
囧- දොළොස්වන වෙඩිල්ල -囧
囧- දහතුන්වන වෙඩිල්ල -囧
囧- දාහතරවන වෙඩිල්ල -囧
囧- අවසන් වෙඩිල්ල -囧
A/N
_අනේ මල්ලියේ මගේ නාඩන්_
- ~ - ~ -
~ 00 ~

囧- පළමු වෙඩිල්ල -囧

3.8K 292 295
By Bulbz_D

පල්ලම් අතර සැගව ගිය සීතල නගරය, ''දියතලාව '' ගල් අගුරු උණුසුමෙන් හුණුව යන ඒ වේලාව නගරයේ දුම්රිය ස්ථානය කාර්යබහුලම වන අවස්ථාව යැයි පැවසීම සාවද්‍ය නොවනු ඇත.

හිරු සේනා බටහිර ගුවන ආක්‍රමණය කිරීම අරඹා එතරම් කල් ගොසින් වග පෙනෙන්නට නොවූයේ ය. එනමුත් තවමත් සුන්දර දියතලාව උදෑසන සේ ප්‍රබෝධමත් ය. සෞම්‍ය රාත්‍රියක් සේ සිසිලසකින් යුතු ය. වේදිකාවට මොහොතකට පෙර සම්ප්‍රාප්ත වූ දුම්රියෙන් බැසගත් පිරිසෙන් අඩක්ම දැඩි හැඩි තරුණයන් වූ වග බලා සිටින්නෙකුට පහසුවෙන් පැවසිය හැකි කරුණක් විය. ඔවුන් සියලු දෙනාගේ අරමුණ විවිධ වුව ද ගමනාන්තය නම් එකක්ම විය.

1980 දශකයේ අග භාගය වන විට සන්නද්ධ හමුදාවන්හි අවශ්‍යතාවය දැඩි වෙමින් පැවතුණි . 71 වසරේ අප්‍රියෙල් කැරැල්ලෙහි අවසානය සනිටුහන් වුව ද දියෙහි එබූ ලී පතුරක් සේ කෙදිනක හෝ එය යළි ඇවීළී යන වග සියලු දෙනා හොදින්ම දැනුවත් විය. උතුරින් නැගී එමින් තිබූ කොටි ත්‍රස්තවාදයත් , ගිනි පුපුරු ගසමින් අළු යට සැගව තිබූ දකුණේ රතු ත්‍රස්තවාදයත් මැඩලීමෙහි ලා සන්නද්ධ හමුදාවන්හි අවශ්‍යතාවය තීව්‍ර මට්ටමක විය.

වැදගත් පවුල් පසුබිමකට හිමිකම් කී බොහෝ තරුණයන් යුධ හමුදාවට බැදුණේ සිය ආත්ම ආරක්ෂාව බලාපොරොත්තුවෙන් විය. සාමාන්‍ය පවුල්වල තරුණයන් හුදෙක් පිළිගැනීම පිණිස ද දුගී පවුල්වල තරුණයන් හුදෙක් සිය රැකියාව ලෙස ද යුධ හමුදාව තෝරාගත්තේ ය. ඇතැමෙක් හුදෙක් නිළ ඇදුම ඇග ලා ගැනීම පමණක්ම ප්‍රිය කළේ ය. යුධ උණුසුම දිනෙන් දින වර්ධනය වෙද්දී , වැදගත් පවුල්වල තරුණයන්ට කෙතරම් ඇවැසි වුව ද හමුදාවන් වෙත බැදීමට නිවසින් අවසර අහිමි වීම හේතුවෙන් මධ්‍යම පාන්තික තරුණයන්ගේ අවස්ථාවන් තවත් තීව්‍ර වී තිබිණ.

ඉදින් මෙකී විවිධාකාරයේ අරමුණු මතින් හමුදාව වෙත බැදෙන බොහෝමයක් තරුණයන්ගේ අවසන් අරමුණ මාතෘභුමිය හා දේශානුරාගය වගට පත් කිරීමට දියතලාව යුධහමුදා පුහුණු මධ්‍යස්ථානය ප්‍රසිද්ධියක් දරා සිට්යේ ය.

මෙකී සීතල නගරයේ දුම්රිය පළෙන් බැසගත් අවසන් සම්මුඛ පරීක්ෂණවලින් සමත් වූ   තරුණයන්ගේ ඉලක්කය පිරි දෑස් යොමුව ඇත්තේ පා ගමනින්ම දිව යා යුතු වූ දියතලාව පුහුණු කදවුර වෙත විය. දුම්රිය පළෙන් බැස ට්‍රන්ක් පෙට්ටි ද හිස මත තබාගෙන දිව යා යුතු කිලෝමීටර් කිහිපය කොළොම්පුරේ , හා දිවයිනේ නොයෙක් නගරවලින් පැමිණී තරුණයෝ සිය ප්‍රාග් වදන් කෝෂයෙන් පුරවා දැමීමට ද අමතක නොකළෝ ය. පරුෂ වචන මුමුණමින් පේළියට ඇදෙන බදවාගැනීම් කණ්ඩායම 22 [ Intake 22 ] හි තරුණයෝ බටහිරින් බැස යන හිරුටත් , කදු මායිම් දගකරන නැවුම් තේ දලුවලටත් රැවීමට අමතක නොකළෝ ය.

පෙර හැදුනුම් කම් ඇති ජේෂ්ඨයන්ගෙන් ඇසූ තොරතුරු , නිවසෙන් අවසර ලැබූ බැදුම්කර ලිපිය හැර ඔවුන් සතුව අන් බලාපොරොත්තුවක් නොතිබූ තරම් විය. දහ අට , දහ නවය , විස්ස , විසි එක යනාදී  වයස්වල පසු වූ තරුණයන්ගේ මුහුණුවල තරමක වෙහෙසකර පෙනුමක් ඇදී තිබුණේ දිගු දුම්රිය ගමන අවසානයේ ගමන් මළු ද හිස තබාගෙන මෙලෙස දිවීමට සිදු වීමෙනි.

බොහෝ දෙනා පසු දින උදෑසනම සිට හමුදා පුහුණුවේ අංගයන් වූ , අවි පුහුණුව , ශාරීරික අභ්‍යාස , පෙළපාලී හා සරඹ යනාදී පුහුණු අංගයන් ගැන ද , තවත් කොටසක් ජේෂ්ඨයන්ගේ නවකවදය හා වධ හිංසා පිළිබදව ද , තවත් පිරිසක් ශේෂ වසරක පමණ පුහුණු කාලයේ තම තමන්ගේ ගෙවල් දොරවල් පිළිබදවද වද වෙද්දී එක් තරුණයෙකුගේ මුහුණෙහි පමණක් තරමක සමච්චල් සහගත සිනහාවක් ඇදී තිබුණේ ය.

#මෙවන් විද්වාන් දිසානායක..

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු කිසිවක් නොතකන සෙල්ලකාර තරුණයෙකු විය. යුධ හමුදාවේ දෙවන අණදෙන නිළධාරියෙකුව වඩමාරච්චි ක්‍රියාන්විතයේදී මිය ගිය සිය පියාගේ අවසන් කැමැත්ත සේම , කොළඹ පුරයට වී ගත කළ සෙල්ලක්කාර දිවියෙන් තමාව හික්මවීමට සිය මවට නොහැකි වූ තැන තමා හමුදාවේ විනය යටතට භාර කිරීම තමා අද දින මෙහි පැමිණිමට හේතුව වග මෙවන් දැන සිටියේ ය.

නමුත් , වැදගත්ම කරුණ වූයේ ඔහුට අනුව ඔහු පැමිණ තිබෙන්නේ තවත් එක් විනෝද චාරිකාවක් විය. මෙකී තරුණයන් වද වෙන , නවකවදය ,  වධ හිංසාවන් , සරඹ පෙළපාලී , ශාරීරික පුහුණුවීම්  හා අවි පුහුණුව මෙවන් නම් මොහොතකදු නොතැකුවේ ය. සිංහයාගේ ගුහාවේ සිට නරියෙකු වුව ද ගොරවන්නේ යම් සේද වූයේ ද තවමත් දහනව හැවිරිදි මෙවන්ගේ සිතෙහි ද වූයේ එවැනිම උද්දාමයකි.

එයට හේතුව අන් කිසිවක් නොව , දියතලාව පුහුණු කදවුරෙහි ඔවුන් බාරගන්නා ජේෂ්ඨ පුහුණු නිළධාරී #දේවන්ත අභිමන්යු විජේරත්න මෙවන්ගේ තරමක් දුරින් ඥාති සොහොයුරා වීම ය. ඉදින් සිය පියාගේ නමින් තමාට ලැබෙන විශේෂ වරප්‍රසාදයන්ට අමතරව පුහුණුවීම් මග හැරීමට තමා කිසිදා දැක නොමැති දුරැති ඥාති සොහොයුරාගේ සහයෝගය ද ලබාගන්නා ආකාරය ද මෙවන් දැනටම සැලසුම් කර අවසන් විය.

එවිට සියලු තැවුල් නිමා වනු ඇත. සිය ඥාති සොයුරා තමා අන් ජේෂ්ඨ නිළධාරින්ගේ නවක වදයන්ගෙන් ගළවනු ඇත. තමාට පමණක් ලිහිල් පුහුණු කිරීම් ලබා දෙනු ඇත. නිදාසිටීමට සුව පහසු ස්ථානයක් සකසා දෙනු ඇත. එවිට වසරක පුහුණු කාලය නිමා කිරීමෙන් පසු නැවතත් නිවස කරා ගොසින් සුපුරුදු රස්තියාදුකාර සැහැල්ලු දිවිය ගත කිරීමට හැක.

'' වසරක චාරිකාවක්.. සරලයි.. '' මෙවන් සැහැල්ලුවෙන් තමා වෙතම මුමුණා ගත්තේ ය.

ඔවුන් දියතලාව කදවුර වෙත ළගාවන විට විසි එක්වෙනි බදවාගැනීමේ කණ්ඩායම සිය කැඩෙට් පුහුණුව අවසානයේ , රෙජිමේන්තු වෙත මාරු කර තිබූ අතර ඔවුහු විසිර යාමේ පෙළපාලියට සැරසී සිටියෝ ය. ඔවුන්ගේ අැවිදීම ද පිළිවෙලකට හා රිද්මයකට විය . මෙවන් පිදුරු ගොඩක ඉදිකටුවක් සොයන්නා සේ උනන්දුවෙන් සෙවූව ද කිසිවෙකුගේ මුහුණෙහි සිනහාවක සේයාවක් හෝ නොවූ තරම් දැඩි පෙනුමෙන් යුතු විය.

තමාගේ මුහුණම වසාගත් සිනහාව හා කකුළුවෙකු මෙන් වූ ඇවිදීම පිළිබද මෙවන් මොහොතකට ආඩම්බර වුව ද  ජේෂ්ඨ නිළධාරියෙකු සිය මුහුණට දමා ගැසූ යුධ හමුදා ගමන් මල්ල හේතුවෙන් ඔහු පියවි සිහියට පැමිණියේ ය. තමා සමග පැමිණි අන් අය ඒ වන විට ට්‍රන්ක් පෙට්ටි හිස් කරමින් ඔවුන්ගේ බඩු භාණ්ඩ එකී යුධ හමුදා ගමන් මල්ලට හුවමාරු කරනු දුටු මෙවන් ද ඔවුන්ව අනුගමනය කළේ ය.

'' බදවාගැනීම් අංක විසි දෙක.. සාදරයෙන් පිළිගන්නවා. '' එක් ජේෂ්ඨ නිළධාරියෙකු පැවසුව ද ඔහුගේ ස්වරයෙහි කිසිදු සාදාදරණීය බවක් නම් ගැබ්ව නොතිබුණි . ගමන් මළු පිටින්ම ඔවුන්ව කදවුර වටා දුවවා කදවුරෙහි ස්ථානයන් හදුන්වා දීමෙන් පසු ඔවුන්ව නේවාසිකාගාරයන් වෙත මග පෙන්වනු ලැබූවෝ ය.

නිවස තරම් කිසිවක් සුවපහසු නොවූ වග මෙවන් වටහා ගත්තේ දෙදෙනෙකුට එකක් බැගින් ලැබුණු කුඩා අගලක පමණ ඝනකම මෙට්‍රස් එක පිළිබදව සිතමිනි. දියතලාවේ සීතල හා සැසදීමේදී හෙට දින උදෑසන වන විට ඔවුන් අයිස් සේ මිදී සිටිනු ඇත. නමුත් ලද දෙයින් ඔවුන් සතුටු විය යුතු විය.

'' ඕල් ඕෆ් යූ කැන් රෙස්ට් නව්.. හෙට උදේ පාන්දර පුහුණුවීම් පටන් ගන්නවා.. කිසිම කෙනෙක්ට දැන් නාගන්නවත් ඇදුම් මාරු කරන්නවත් තහනම්... '' ජේෂ්ඨ නිළධාරින් පැවසුවේ නේවාසිකාගාරයම යටත් කරගනිමිනි.

'' ඇදුම් මාරු කරන්න බෑ ? ඒ මොන අසාධාරණයක් ද ?  '' දහදියෙන් නැහැව ජලය සිරුරට වැටෙන්නේ කොයි මොහොතේ ද යනුවෙන් බලා සිටි මෙවන් , තමා කොහි ද කුමක් කරන්නේ ද කිසිදු වැටහීමකින් තොරව එකට එක විමසුවේ සියලු දෙනාගේ ක්ෂණික අවධානය තමා වෙත යොමු වෙද්දීයි. ඔවුන්ව කදවුර වටා දුවවමින් කදවුරු සංචාරයේ ගෙන ගිය  තමාට වඩා ජේෂ්ඨ හමුදා නිළධාරීන් දෙදෙනාගේ මුහුණෙහි අකුණු පිපිරෙනු දුටු මෙවන් ද මදක් තිගැස්සුණේ ය. කෙසේ නමුත් එය ඔහුගේ වරද නොවී ය. එය පැහැදිලිව සිය කටෙහි වරද විය. කටෙහි වරදට තමාට දඩුවම් පැමිණවීම අසාධාරණ වූ මුත් ඔහු තවත් කිසිවක් නොපැවසුවේ ය. 

'' ස-සමාවෙන්න -සර්.. '' කෙසේ නමුත් එනපොට හොද නැති වග වටහා ගත් මෙවන්  ඉක්මනින් පැවසුවේ ජේෂ්ඨ නිළධාරින් දෙදෙනාට ආචාර කරමිනි.

'' ඉට්ස් හිම්...එම්.වී දිසානායක '' එක ජේෂ්ඨ නිළධාරියෙකු මුමුණනු මෙවන්ට ඇසුණි. අනතුරුව ඔවුන් කිසිවක් නොපවසා පිටව යන ආකාරය බලා සිටි මෙවන්ගේ මුහුණෙහි ජයග්‍රාහී සිනහාවක් ඇදී ගියේ ය. බදවාගැනීම් කණ්ඩායමේ අන් සියලු දෙනාම තමා දඩුවමින් ගැලවීම පිළිබද විස්මය පළකළ ද මෙවන්ට තවදුරටත් එය විස්මයක් නොවී ය. ඇදුම් මාරු කිරීම නොකිරීම දැන් ගැටලුවක් නොවී ය. වැදගත්ම දෙය නම් තමා දඩුවම නොලැබීම යි. නවක වදය ද එක් වූ දඩුවම සුළු පටු නොවන වග මෙවන් දැන සිටියේ ය. ඔහු සිය ඥාති සොහොයුරාව තවමත් නොදුටුව මුත් ඔහු තමා පිළිබදව නිළධාරීන් දැනුවත් කර තිබීම සිය සැලසුම්වලට උපකාරයක් විය. පසුව ත්‍යාග ලෙස ඔහුට දීකිරි හට්ටියක් සමග පැණි බෝතලයක් වුව යැවීමට හැකිය.

'' එම් .වී දිසානායක.. ඩී.එල් ගුණතිලක.. එස්. ඩී ජයමාන්න .... '' සිහින ලෝක සියල්ල බිද දමමින් ඇසුණු කැදවීම් නාදයට මෙවන් කද ඍජු කොට ගනිමින් නැගී සිටියේ , මදකට අතපය මිරිකා ගනිමින් වේදනාව පිට කළ අනෙක් තරුණයන් ද ඉද්ද ගැසුවාක් සේ නැගී සිටිද්දී යි. නැවතත් කඩා වැදුණු ජේෂ්ඨයන් දෙස සියලු දෙනා බලා සිටියේ මරණයේ හසුන්පත් රැගත් ගිජුලිහිණියන් දෙස බලන්නාක් මෙනි. මෙකී නවක වදයන් අතිශයින් සාමාන්‍ය වූ අතර ඒ සදහා ජේෂ්ඨතම නිළධාරින්ගෙන් විරුද්ධත්වයක් ද නොවූ හ.

'' තුන් දෙනාම මගේ පස්සෙන් එනවා.... ''

නේවාසිකාගාරයම දැඩි නිහඩතාවයකින් ගිලිලා යන විට අණ නික්මුණේ ය. කිසිදු ශබ්දයක් නොමැතිව ඔවුන් නේවාසිකාගාරවලින් පිටතට පැමිණීයේ ඇතුළත ඉතිරි වූ අනෙක් තරුණයන් ද කොටස්වලට බෙදා නවක වදයන්ට යොමු කරන වග තේරුම් ගැනීමෙනි. එවිට ඔවුන් තිදෙනා පිටතට රැගෙන ආ හේතුව මෙවන් නොදත්තේ ය. එය අසළ සිටි සගයාගෙන් විමසීමට යාමෙන් විහින් දඩුවම් ලබා ගැනීමට ද මෙවන්ට ඇවැසි නොවී ය. ඇතැම් විට සිය විශිෂ්ඨ ඥාති සොයුරා තමාව නවක වදයෙන් ගැළවීමට ගත් උපායක් වන්නට ඇත.

රාත්‍රියේ අරුණෝදයත් සමගින් සීතල , කදවුරු භූමිය පුරා පැතිර යන්නට විය. තමා කොහි ඇදී ගියේ දැයි මෙවන් හෝ අනෙක් දෙදෙනා නොදත්තේ ය.

'' තමුන් කන් දෙක අල්ලගෙන මෙතන ඉදන් අතනට සිය පාරක් .. '' ඩී. එල් වෙත අණ ලැබුණේ ය.

'' තමුන් ඇදුම් ගලවලා බහිනවා වතුරට.. '' එස්.ඩී ද අණ ලැබුවේ හිම සේ සීතල දියකඩිත්ත අභමුඛවය. ජලය කෙතරම් සීතලින් යුතු වුව ද ඔහුට අන් විසදුමක් නොවී ය.

'' එතකොට තමුන්ගේ වැරදි දෙකයි.. සපත්තු දෙක ගලවලා තියලා දණ ගහනවා.. '' මෙවන් වෙත ද අණ ලැබුණේ ඔහුගේ බලාපොරොත්තු සුන් කරමිනි. කුමක් හෝ වැරදීමක් වී ඇති සෙයකි. තමාට දඩුවම් ලැබීව විය නොහැකිය. නමුත් ජේෂ්ඨ නිළධාරියාගේ බුබුළු දමන කිරි හොද්දක් සේ වූ මුහුණ දෙස බලා , මෙවන් නිහඩව සිය සපත්තුවේ ලේස් ලිහිල් කළේ ය. දණ ගැසීමට සපත්තු අදාළ වන්නේ කෙසේ දැයි ඔහුට වටහා ගත නොහැකි විය.

'' අත් දෙක බිමින් තියනවා.. '' මෙවන් වෙත අණ ලැබුණේ ය. ඔහු නිහඩවම එය ද පිළිපැද්දේ බොරළු පොළව මත දෑත් තබා ගනිමිනි.

'' සර්. අපේ ඉන්ස්ට්‍රක්ටර් මේ වෙලාවේ කැම්ප් එකේ නැද්ද ? දේවන්ත අය්යා ? '' මෙවන් කිසිදු ගණනකට නොමැතිව විමසුවේ ය. තමා දේවන්තව හදුනන වග පෙන්විය යුතුය. තමාට විශේෂ සැලකිලි ලැබෙන්නේ එවිට වග මෙවන් විශ්වාස කළේ ය. 

මවට හික්මිය නොහැකි වූ මෙවන් කෙසේ නම් හමුදා විනයට දිනකින් හැඩ ගැසෙන්න ද ? මෙවන් කුණුහරුපයක් පැවසූ සේ ජේෂ්ඨ නිළධාරියාගේ මුහුණ ඇදව ගියේ ය. තමා වැරදි දෙයක් නොපැවසූ වග මෙවන්ට හොදින්ම විශ්වාසය. අනෙක තමා කුමන අයුරින් කතා කළ ද කට ඔහුගේ නම් අනිත් අයට ඇති රුදාව කුමක්දැයි මෙවන්ට කිසිදු දිනෙක වටහා ගත නොහැකි විය. ඔහු හමුදාව තුළ නීති රීතින් නොදැන සිටියා ද නොවේ.

'' මූ නම්.. ''

දවස පුරාවට සපත්තු පැළැද සිටීමෙන් හා දිවීමෙන් හිරි වැටී තිබූ සිය නිරුවත් යටි පතුල් හරහා වැදුණු වේවැල් පහර මෙවන්ගේ සීතල නැති කර දැමුවේ ය.

'' ආව් ඒක රිදුණා.. '' මෙවන් එවර ද ගණනකට නොගෙන පැවසුවේ ය. තම වදන් ජේෂ්ඨයන් කෝපාන්විත කරන වග ඔහුට කිසිදු වැටහීමක් නොවූ සෙයකි. වේවැලේ  දෙවෙනි , තුන්වෙනි , සිව්වෙනි පහර ද වේගයෙන් සිය දෙපා සිඹිනු මෙවන්ට දැනුණී.

'' සර්.. දේවන්ත අය්යා අපේ බාප්පා බැදපුු පුංචි අම්මිගේ අය්යාගේ පුතා.. '' මෙවන් පැහැදිලි කිරීමට උත්සහ කළේ තවත් වේවැල් පහරක වේදනාව දරාගනිමිනි. තමා පැවසූ දෙය අයෙක් වටහා ගන්නා තුරු ඔහුට එය පැහැදිලි කර දීමට උත්සහ කිරීම මෙවන්ගේ ස්වභාවය විය.

'' වට් ඉස් ගොයින් ඔන් හියර් ? ''

අහස දෙදරනවා වගේ ඇසුණු හඩට ජේෂ්ඨ නිළධාරින්ගේ පහරදීම නැවතී ගියේ ය.

'' ස-ර්...''

.
.
.
.
.
.
.
.
.

~ දෙවන වෙඩිල්ලෙන් හමුවෙමු ~

මෙවන් විද්වාන් දිසානායක - පුහුණු සෙබළ ( දියතලාව පුහුණු කදවුර) 

◑◐වයස - 19යි.

◑◐( නවක පුහුණු සෙබළ එම්.වී දිසානායක. )


.
.
.
.
.

◑◐දේවන්ත අභිමන්යු විජේරත්න - දියතලාව පුහුණු කදවුර, පුහුණු නිළධාරී

◑◐( ලුතිනන් කර්නල් ඩී.ඒ විජේරත්න )

◑◐වයස - 28යි.

_Stay Tuned_
Author - Thehasna Devdara

Continue Reading

You'll Also Like

104K 16.5K 130
කොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියුවොත් ආදරය හා මිත්‍රත්වය නිසා ජීවන අරගලය...
1.3M 63K 133
ယော...... ကျွန်တော်ကလူတော်..ဒါပေမယ့် လူကောင်းမဟုတ်ဘူး။ စာရေးသူ၏ စိတ်ကူးယဥ်မှုဖြင့် ရေးသောကြောင့် အပြင်လောကနှင့်ကွဲပြားနိုင်သည်ကို သတိချပ်ပေးစေလိုပါသ...
4.4K 758 6
මරණයම උරුමය වූ දෛවයක අතරමැද හැකිවේවිද ගෙවන්නට තව එකම එක දිනක්.......ඔබේ උණුසුම් සුසුම් යට
243K 13.2K 52
A Love Story ( Own Characters ) ဘုဏ်းဇေယျာကျော်xရှင်းသန့်တည်ကြည် " မင်းသားလေး...မင်း ငါ့အပေါ် သိပ်သဘောကောင်းတာပဲ၊ ငါ့မေမေကပြောတယ်၊ အသက်ကြီးလို့ လက်ထ...