සක්

By HappyRanuk

16.1K 3.1K 527

මංමුලාවේ තිමිරයෙන් වැසී යටපත් වූ සත්‍ය සොයා සටන් කරනා තාරුණ්‍යයේ කතාව... අහිමිවීම් හිමිවීම් සමසේ දරා බැඳීම් ම... More

සක්
සක් 2
සක් 3
සක් 4
සක් 5
සක් 6
සක් 7
සක් 8
සක් 9
සක් 10

සක් 11

1.9K 368 177
By HappyRanuk

සක් 11

ගජනායක සර් ඒ දේට කැමති උනේ මගෙ ප්ලෑන් එක අපි කාගෙ කාගෙත් අරමුණු ගොඩකට එකපාර යන්න පුළුවන් දෙයක් කියලා විශ්වාස කරපු නිසා. මම නෙතුම් අයියා එක්ක ආපහු හොස්පිට්ල් එකට යන්න පිටත් උනා. මග යන ගමන් නෙතුම් අයියා නයිට් කඩේක නැවැත්තුවා.

" ඇයි නැවැත්තුවෙ....මට හොස්පිට්ල් එකට යන්න ඕනේ...කන්න බොන්න බෑ අයියෙ දැන්..."

" කෙනෙක් ගැන මෙහෙම වදවෙන එක හොඳයි...ඒත් එහෙම වැඩ කරද්දි වටේ පිටේ ඉන්න අනික් අය මගෑරෙන්න දෙන්න එපා"

" ඒ කිව්වෙ...."

" හීතලේ එහෙ මෙහෙ ගිය නිසාද මන්දා...මගෙ සෙම ඇවිස්සිලා බන්...ඔලුව බරයි වගේ...ප්ලේන්ටියක් බීලා යමන්...එතකොට හරියයි"

මොකාද වගේ මම කිය්න කියන වෙලේට මගෙ පස්සෙන් එල්ලිලා ආවට මම නෙතුම් අයියා ගැන හෙව්වා බැලුවා හිතුවා මදි කියලා දැනෙන්න ගත්තෙ අයියගෙ වචන ටික එක්ක. මගෙ හිත තිබ්බෙ එක එක දේවල් හිත හිතා...පුදුම කඩිකුලප්පවකින් වගේ තිබ්බ නොසන්සුන් ගතිය යන්තමට සන්සුන් උනේ අයියා ගැන අනුකම්පා හිතිලා...මම පස්සෙන් හැමදේටම ආපු නෙතුම් අයියා පස්සෙන් මම කඩේට ගියා. වේටර් ආවාම අයියා තමා ඉස්සර උනේ.

" අයියෙ ..කිරි තේ දෙකක් ගේන්න...ආ එකකට තද පාට වෙන්නම තදට කහට දාන්න අයියෙ...අනික නෝමල්"

මං නෙතුම් අයියා දිහා බලන් හිටියෙ මං ඇත්තටම එයා ගැන හෙව්වා මදි නේද කියලා හිතින් වද වෙන ගමන්.

" මාව හොඳටම දන්නෙ කීප දෙනයි...අයියා ඒකෙ උඩින්ම ඉන්නවද මන්දා...මං බොන තේ එකේ විදිහ පවා මේ ටික දවසට අයියා දන්නවානෙ..මං කිව්වෙවත් නැතුව"

" ජීවිතේ ගොඩක් දේවල් දැනගන්න ඇඟිල්ලෙන් ඇන ඇන කියනකන් ඉන්න්  ඕනෙ නෑ මල්ලි...උවමනාව තියේ නම් පුළුවන් "

" සොරි අයියෙ....ජීවිතේ හැමදාම එක දෙයක් පස්සෙ යද්ශි මට ගොඩක් දේවල් මගෑරුනා...සමාවෙන්න...අයියා කවදාවත් මට වැඩට ආපු එකෙක් විදිහට සැලකුවෙ නෑ.. ඒත් මට අයියට හොඳ යාලුවෙක් වෙන්න බැරි උනා..."

" එහෙම කිය්න්න එපා...දවස් කීයක් මම උඹ නිසා සැනසීමෙන් නිදාගත්තද...උඹ මගෙ ඔලුව අතගාපු දවස මට පහුගිය තප්පරේ උනා වගේ මතකයි   ඒතරම් සමීප ආදරනීය ස්පර්ෂයක් පොඩිකාලෙ අම්මගෙන් ඇරුනම ජීවිතේ කවදාවත් ලබලා නෑ..."

" ආදරනීය...???"

"ඔව්....ඒ වචනෙ ආවෙ නැත්නම් ඒ වාක්‍ය බොරුවක් වෙනවා...මොකද වෙන විදිහෙ අද්දැකීම් නැතුව නෙමේ...සිල් ගත්ත මිනිස්සු කොහෙද ඉන්නෙ බං"

වේටර් තේ දෙක අරන් ආවහම අයියා කවුන්ටරේට ගිහින් චොක්ලට් එකක් අරන් ආවා...කොලේ ගලවලා දෙකට කඩලා මට කෑල්ලක් දුන්නා..

" තේ එක්ක චොක්ලට්...පුදුම ගැලපීමක්නෙ ඒක.."

" වෙන වෙනම නොගැලපෙනවා ඇති...ඒත් චොකලට් මිල්ක් ශේක් එකක් කියන්නෙ ඔය කිව්ව දේවල් වල එකතුවක්...."

" ම්ම්....ඒත් අනේ වඩයක් වත් ගත්තානම් මරුනෙ...කිරි තේ එකට හරියන්නෙ සැර ජාතියක්..."

" ඉතින් බොල...අරන් කාපන් ඕන දෙයක්...චොකලට් ගත්තෙ ...වඩේ අරන් බර්ත්ඩේ එකක් සමරන සිරිතක් නැති නිසා.."

" මොකක්....අද නම් මගෙ බර්ත් ඩේ එක නෙමේ....අයියට වැරදිලා..මම නොවැම්බර්..."

" ම්ම්...උඹේ නෙමේ...මගෙ....හැපි බර්ත් ඩේ කියපන්කො...කොලේජ් එකෙන් අවුට් උනාට පස්සෙ තව එකෙක් එක්ක බර්ත් ඩේ සමරපු පලවෙනි වතාව..."

මගෙ හිත සීසීකඩ විසිරිලා ගියා...නෙතුම් අයියා පිස්සුවෙන් වගේ හොයන්නෙ ආදරේ සෙනෙහස කියන දේවල්...අඩුවක් නැතුව මට ඒ දේවල් එයාට දෙන්න බැරිද....මට අඬන්න හෙතු මැද්දට ඇඬෙන හේතුවක් ගොඩ ගැහුනෙ නෙතුම් අයියා ගැන අනුකම්පාවකට එහා ගිය සෙනෙහසක්...යාලුවෙක් වගේ හැඟීමක් මට දැනුන නිසා...මම නෙතුම් අයියගෙ අත උඩින් මගෙ අත තිබ්බා...ඒ අත සීතලයි...

" ලොකු බොස්....කියන්න දේවල් තුනක් තියේ....පලවෙනි දේ...ආයෙම සොරි...මම මේ දේ දැනගෙන නොහිටියට....දෙවනි දේ...හැමදාම සතුටින්..හිනාවෙලා නීරෝගීව ඉන්න ලැබෙන්න ඕනෙ අයියට..."

" ම්ම්...එතකොට තුන"

" ජීවිතේ වෙනස් වෙන්නෙ අපි නොහිතන විදිහට...මැරුනොත් හරි වෙන සාධාරණ හේතුවක් නිසා මට යන්න උනොත් හැර...අනික් පුළුවන් හැම උපන්දිනේකදිම මම ලොකු බොස් එක්ක ඉන්නවා"

"මැරුනොත් කිව්වෙ මමද..."

" නෑ....මම...පහුවදාට ඉර එලිය දකින්න වෙයිද කියන අවිස්වාසෙන් මම ජීවත් වෙන්නෙ....ඒකයි එහෙම කිව්වෙ..."

" ඔන්න කිව්වා ලබ්බක්...හා හා....ඕක බීපන්කො...හොස්පිට්ල් එකට යන්න"

මම අයියගෙ අත උඩින් අත තිබ්බා විතරයි...අයියට නොදැනිම අයියා මගෙ අත තදිම්ම මිරිකගෙන හිටියා...මට ඒක දැනුනත් මමත් නොදැනුනා වගේ හිටියා... මේ දේ නිසා මගෙ මනස ඇත්තටම ටිකක සන්සුන් උනා...කරන්න තියෙන දේවල් ගැන නැවතිල්ලෙ හිතන්න පුළුවන් මානසිකත්වයක් හැදුනා.

නෙතුම් අයියා කඩේ බිල ගෙවලා එනකන් මම එලියට ආවා....බයිසිකලේ නවත්තලා තිබ්බ කිට්ටුව තිබ්බෙ දාස්පෙතියා මල් ගාලක්...ඒකෙන් මම වේලිච්ච මලක් කඩාගත්තා...
ටික වෙලාවකින් නෙතුම් අයියා ආවහම මම ඒක එයාගේ ජැකට් එකේ සාක්කුවට දැම්මා...

" හැපි බර්ත් ඩේ...මේක මගෙන් තෑග්ගක්..."

" තැන්ක් යූ...දෙ බෙස්ට් ගිෆ්ට් එවර්..."

" ඇයි අහන්නෙ නැත්තෙ ...මෙච්චර පිපිච්ච මල් තියෙන එකේ වේලිච්ච මලක් දුන්නෙ ඇයි කියලා"

" මට නම් වටින්නෙ මේක තමා...මොකද අලුත් මල එහෙම්මම කුනුවෙලා යයි...ඒත් මේක පස් ගොඩකට යට කලොත්...අලුත් මල් දාහක් උනත් මට දෙයි"

" මස්ඉඹුලගෙ නෑදෑයොද"

" යමන් යමන්..."

ඇත්තටම මම ඒක දුන්නෙ ජීවිතේ පිපිච්ච මල් සේරම දීලා ඉවරයි දැන් මගෙ හිතේ තියෙන්නෙ මැරිච්ච මල් කියලා අයියට කියන්න...ඒත් එයා හරිම සුභවාදී විදිහට ඒක දැක්කා...පිලිගත්තා   ...ඇයි මට බැරි එහ්ව්ම හිතන්න..  වේලිච්ච මල් රේණු පස්වලට යටකරලා අලුත් මල් ගාලක්ම හදන්න????? බලමුකො...ඒත් දැන් මගෙ ජීවිතේ අංක එක සංඛ අයියා...එයා වෙනුවෙන් මට කරන්න දේවල් ගොඩක් තියෙයි...

අපි හොස්පිට්ල් එකට ඇවිත් අයි සී යූ එක ළඟ පුටු සෙට් එකක වාඩිවෙලා ඔහේ බලාගෙන හිටියා. නෙතුම් අයියට යන්තමට ඇස් පියවෙලා තිබ්බා...මට ලාවටවත් නින්දක් තිබ්බෙ නෑ...පහුවදා කරන්න හිතන් හිටපු දාහක් දේවල් අරහෙම වෙයි මෙහෙම වෙයි මෙහෙම උනොත් අරහෙම කරනවා වගේ දේවල් හිතන්න තිබ්බා නොසෑහෙන්න. එ අස්සෙන් පුටුව උඩම යන්තමට මටත් නින්ද ගිහින් තිබුනා....ආපහු ඇහැරුනේ පහයි හතලිහට විතර.

නැගිටලා එහෙ මෙහෙ ඇවිදලා කවුරු හරි විස්තරයක් දැනගන්න පුළුවන් කෙනෙක් ඉන්නවද බැලුවා. නර්ස්ලා කීප දෙනෙක්ගෙන්ම ඇහුවත් ඒ හැමෝම කිව්වෙ අවදානම අයින් වෙලා විතරයි තාම කියන්න තරම් යහපත් තත්වෙක නෑ කියලා විතරයි. නෙතුම් අයියවත් හෙමීට ඇහැරවගෙන අපි කැන්ටිම පැත්තට ගියෙ වොශ් රූම් එකකින් මූන හෝදගෙන. යන්තමට බනිසයක් දෙකක් ගිලලා ප්ලේන්ටියක් ගහලා එලියට එද්දි හත පහුවෙලා තිබ්බා.... ෆෝන් එකේ බැටරි තිබ්බෙත් යාන්තමට...මම ඩේටා ඔන් කරලා සක් හඬ වෙබ් සයිට් එක පැත්තට ගියෙ ගජනායක සර් කියපු තරම් වැඩේ කරලද කියලා බලන්න. ඇත්තටම කියපු තරම් නෙමේ ඊටත් එහා හොඳට වැඩේ වෙලා තිබ්බා.

" සක් හඬ පුවත්පත් වාර්තාකරුවෙකු,
දොස්තර නවීන් ප්‍රේමතිලකගේ අමානුෂික පලිගැනීමකට ලක්වී ජීවිතයත් මරණයත් අතර සටනක."

" වෙදදුරු වෙස්ගත් මැරවරු...දොස්තර නවීන් ප්‍රේමතිලකගේ අමානුෂික පලිගැනීම් හෙලා දකිමු."

වේලිච්ච උණ ගස් ගාස් ගාලකට එක ගිනි පුපුරක් විසි කරන්න විතරයි ඕන උනේ....නිවුස් හොය හොය හොයා දඟලන ෆේජ් කාරයො මේ ගැන කතා බහ කරන්න අරන් තිබ්බා....අපි හිතුව විදිහටම සක් හඬ පත්තරේ එක්ක තරඟකාරී පත්තරවල වෙබ්සයිට් වල මේ ගැන ප්‍රශ්න කරලා තිබ්බා...ගොඩක්  මාධ්‍ය පවා පැයෙන් පැය පුවත් වල වාර්තා කරන්න තරම් පොඩි වැදගත්කමක් එකතු උනේ ගම්පහ කොළඹ තාප්පවල අර වගේ පෝස්ටර් වැදිලා තිබ්බ නිසා.

" නියමයි....ගින්න්න පත්තුකරලා ඉවරයි...දැන් තියෙන්නෙ ඒකට පැතිරෙන්න දෙන්න....මීඩියා කාරයො ටික ගානට පෙට්‍රල් දායි....බලමු ඩොක්ටර් ....මොකද වෙන්නෙ කියලා"

මේ දේවල් මෙහෙම වෙද්දි ගජනායක සර් ගෙන් මට කෝල් එකක් ආවා...

" වැඩේ හොඳයි නේද..."

" නියමයි...දැන් තියෙන්නෙ අනික් මීඩියා ටිකට පොඩ්ඩක් සක් හඬ පත්තරේට චෝදනා කරන්න දෙන එක."

" අමුතුවෙන් ඉඩ දෙන්න ඕනෙ නෑ...ඔෆිස් එකට මීඩියා තුනකින් ඇවිල්ලලු...අපි මෙහෙම කරන්නෙ සාක්ෂි ඇතුවද අහනවලු...මොකද්ද මේකේ පදනම කියලා එයාලා අපිට මඬගහන්න පටන් අරන් ඉවරයි"

" තිත්ත බේත් ටික ඉවසගෙන බොමු සර්...ලෙඩේ සනීපවෙන්න ටිකක් වෙලා යයි.."

මීඩියා කාරයො සේරම සක් හඬ පත්තරේ පැත්තට ඇගිල්ල දික් කලා.
අපි හිතුවටත් වඩා මිනිස්සු මේක ගැන හොයන්න පටන් ගත්තා. ෆේස් බුක් වල සෑහෙන්න කතාබහට ලක් වුනා. සක් හඬ පත්තරේ වගකිවයුතු කිසිම නිලධාරියෙක්ට මේ ගැන කිසිම ප්‍රකාශයක් දෙන එක ගජනායක සර් තහනම් කරලා තිබ්බෙ..එ විදිහෙ විධි3ප්‍රකාශයක් නොලැබීම නිසාම ඒ ගින්න හිතුවෙවත් නැති තරම් ඇවිලිලා ගියෙ දවල් දොලහෙ ප්‍රධාන ප්‍රවෘත්ති වල ඩොක්ටර් නවීන් තියපු මාධ්‍ය සාක්ච්චාවක් පවා විකාශය වෙන්  තැනට වැඩ සිද්ද වෙලා... ඩොක්ටර් නවීන් හරි ඉක්මනට ක්‍රියාත්මක වෙලා තිබ්බා....

" ගම්පහ වෛද්‍යවරුන්ගේ සංසඳය"

ගම්පහ දිස්ත්‍රික්කෙ ඉන්න ඩොක්ටාර්ස් ලා එකතුවෙලා හදාගත්ත සංගමයක් යටතෙ තමයි ඒ මාධ්‍ය සාකච්චාව පැවැත්වුනෙ..

" ඇත්තටම වෛද්‍යවරයෙක් විදිහට මම කණගාටුවට පත් වෙනවා සක් හඬ වගේ ජාතික තලයේ පුවත් පතක් කිසිම පදනමක් නැතුව...කිසිම සාක්ෂියක් නැතුව මෙහෙම බරපතල චෝදනාවක් කිරීම සම්බන්ධව. මේවෙනකන් වත් ඒ පත්තරේ කිසිම කෙනෙක් මේ සම්බන්ධව වගකීමක් අරගෙන නෑ...කිසිම විධිමත් ප්‍රකාශයක් කරලා නෑ....ඇත්තටම වෛද්‍යවරයක් කියන්නෙ නිහඬ සේවයක් කරන්  කෙනෙක්...ඒක අගය නොකලට කමක් නෑ...ඒත් මේවගේ අභූත චෝදනා කරන්නඑපා කියලා මම ඉල්ලා සිටිනවා මේ මාධ්‍ය සහෝදරයන්ගෙන්"

" ඩොක්ටර් සක් හඬ පත්තරේ පහු ගිය දවස් ටිකේ ගිය නිර්නාමික ලිපි පෙලේ ප්‍රධාන චූදිතයා ඔබ තුමා කියලා ගොඩක් අය සැක කරනවා...ඒ නිසා මේ දේ කලා කියලා නේද ඔබතුමාට චෝදනා කරන්නෙ...මොකද්ද මේකෙ ඇත්ත නැත්ත"

" ඇත්තටම මේවා හරිම පිලිකුල්...ඔය ආටිකල් එකක් ඔහොම ගියාද...මගෙ නමින්....පුදුමයි මම මේ වෙනකන් එහෙම දෙයක් ගැන දැනුවත් නෑ....හරි මම දැන් ඔය කියනවා වගේ වැරදි මොනවා හරි කරනවනම් ඇයි නීතිය ක්‍රියාත්මක නොවෙන්නෙ....කෝ සාක්ෂි ...මේවා තනිකරම මගෙ චරිතෙ ඝාතනය කරන්න ගොතපු කතා..."

" ඩොක්ටර් දැන් ගම්පහ ප්‍රදේශයේ හැම ඩොක්ටර් කෙනෙක්ම ඉන්නෙ ඩොක්ටර් ගෙ මතයෙමද"

" පැහැදිලිවම....ඒකනෙ මේවගේ කන්ෆර්ස්න්ස් එකක් තියන්නෙ...අද මට වුන අසාධාරණය හෙට වෙන්  ඩොක්ටර් කෙනෙක්ට වෙන්න පුළුවන් ...ඒකයි මේ අපි කතා කරන්නෙ..."

" දැන් මේ සම්බන්දව ගන්න නීතිමය ක්‍රියාමාර්ග මොනවගෙ වෙයිද ඩොක්ටර් "

" පැහැදිලිවම අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා... මට විරුද්ධව දාලා තියෙන්  පැමිනිල්ල සම්බන්දයෙන් මගෙ පර්සනල් ලෝයර් කටයුතු කරනවා...ඊට අමතරව මේ කරපු චෝදනාව සම්බන්දයෙන් මම අපහස නඩුවක් දාන්න කටයුතු දැනටමත් සැලසුම් කරලා තියෙන්නෙ...එහෙම නැත්නම් සක් හඬ පත්තරේ ප්‍රසිද්දියේ සියලුම දොස්තරවරුන්ගෙන් සමාව ගන්න ඕනෙ...මේක මට කරපු චෝදනාවක් නෙමේ...මේ වෛද්‍ය වෘත්තීය ට කරපු අපහසයක්.. ඒ වෙනුවෙන් වගකිවයුතු මාධ්‍ය ආයතනයක් විදිහට එයාලා සමාව ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා."

# සක් හඬ පුස් වන ලකුණු#

# මාධ්‍ය සදාචාරය කෙලෙසූ සක් හඬ පුවත් පත කෙරෙහි පිලිකුල#

දවල් ප්‍රදාන ප්‍රවෘත්ති ඉවරවෙලා ටික වෙලාවකින් හැමෝම පත්තරේට ඇඟිල්ල දික් කරන්න ගත්තා...ඒ වෙනුවෙන් කතා කරපු ශෙයා වුන පෝස්ට් අඩුවෙලාම ගියා. මීඩියා වලින් සක් හඬ කාර්‍යාලය ගාව ගිඩ දෙනෙක් ඇවිත් හිටියෙ මේ කරපු බරපතල ප්‍රකාශය ගැන සහ නවීන්ගෙ මාධ්‍ය සාකච්චාව ගැන ගජනායක සර් ගෙන් අදහස් අහන්න.

මම ගජනායක සර් ට කෝල් කලා.

" සර් දැන්නම් පාරේ  බැහැලා ගියොත් ගුටිකන්න වෙන තරමට මේක ඇවිස්සුනා...කීයටද අපේ කන්ෆරන්ස් එක දාන්නෙ..."

" පුතා තුන වෙද්දි ඇවිල්ලා ඉන්න...මම වාහනයක් එවනවා..."

"හරි සර්....එහෙනම් අපි ප්‍රසිද්දියෙ  සමාව ගන්න ලෑස්තී කියන එක දැන් එලියට දාමු..."

"ඕල් රෙඩි ඩ්න් පුතා....තව ටිකකින් ඒක ශෙයා වෙන්න ගනී...එතකොට හැමෝම අපි ප්‍රසිද්ධියේ සමාව ගන්නවා බලන්න අවදානය තියාගන්නෙ අපේ පැත්තට."

"හරි සර්..."

ඒ කලබල අස්සෙ මායි නෙතුම් අයියයි අයු සී යූ එකෙන් එහාට ගිහින් හිටියෙ...ආපහු එනකොට මම ජීවිතේ වැඩියෙන්ම ඉරිසියාකරන කෙනෙක් ඉන්නවා කියල මට පෙන්නුවෙ නෙතුම් අයියා...ඇත්තටම මම එයාව මීට කලින් දැකලවත් තිබුනෙ නෑ....නෙතුම් අයිය තමා මට එයා ගැන කිව්වෙ..

" අර ඉන්නෙ සඳැසි අක්කා...සංඛ අයියා කලින්  යාලු වෙලා හිටපු කෙනා...පව් බන්...ඒ අක්කටත් අවුල් ඇති."

" යාලුවෙලා හිටපු කියලා කිව්වෙ..."

"එයා අයියට වඩා වැඩිමල්..ඔයවගේ කේස් ටිකක් නිසා සංඛ අයියලගෙ අම්මා අකමැති වෙලාලු..ඉතින් දෙන්න කතාබහා කරලා දෙපැත්තට වෙලා.."

" ඒ කියන්නෙ නවත්තලද සම්බන්දෙ..."

" ලෝකෙට පේන්නෙ එහෙමයි...ඒත් දෙන්නම වෙන අය එක්ක යාල්වෙලා නෑ ආපහු මම දන්න තරමින් නම්"

මම මොනවා කියන්නද කරන්නද කියලා හිතාගන්න බැරුව අක්කා ගවට ගියේ මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙනා එක්ක ටිකක් කතා කරන්න හිතන්..

"අක්කෙ....මං අඳුරන්නෙ නම් නෑ...ඒත් දැනගන්ඩ හම්බුනා සංඛ අයියගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා...බලන්නකො අක්කෙ උන වැඩේ..."

" හිතාගන්න බෑ මල්ලි මොනවා කරන්නද කියල..."

" තනියෙන්ද ආවේ අක්කා.."

" නෑ...මායි අප්පච්චී....සංඛ ගෙ අම්මත් ආවා..."

"කෝ අම්මා..."

" පන්සලට ගියා..බාරයක් වෙන්න...සංඛ
කොළඹ එක්ක යන්න හදන්නෙ "

" මොකක්...දැන්ද කිව්වෙ..."

" ටිකක් වෙලා මල්ලි...මේ වෙලාවෙ ඔයාලා හිටිය එක ලොකු දෙයක්...නැත්නම් අපි විතරක් මොනවා කරන්නද"

" කොළඹ යවන්නෙ ඇයි අක්කෙ..."

" තාම සිහිය ආවෙ නැති නිසා කියලා කියන්නෙ..."

" අයියව රට යවන්න වෙන කතාව අක්කා දන්නවා ඇති නේද..."

" ආරන්චි උනා...අපේ අප්පච්චි බෑන්ක් එකට  ගියෙත් දාපු එෆ් ඩී එකක් ගන්න බලන්න....ඒත් තව ලක්ෂ පනහකට වඩා කොහොම හොයන්නද මන්ද...තියෙන තියෙන දේවල් හැමදේම උගස් තියලා හරි මම සංඛ අයියව රට එක්කන් යනවා මල්ලි..."

" ඒ කිව්වෙ....අක්කත් අයියා එක්ක රට යනවද..."

" ම්ම්..අම්මයි අපේ ගෙදර අයයි කතා වුනෙ ඒ විදිහට මල්ලි..."

" ම්ම්ම්....එහෙම හොඳා නේද...ඊට පස්සෙ අයියටයි අක්කටයිත් ප්‍රශ්නයක් නෑ නෙ...හැමදේම හොඳින් විසඳෙයි"

" මල්ලි ඔයාලා ඇම්බියුලන්ස් එකේ එන්න...මම අප්පච්චි එක්ක අම්මවත් අරන් කොළඹට එන්නම්"

" නෑ අක්කෙ...මට කරන්න ඊට වඩා ලොකු වැඩක් තියේ...අක්කලා යන්න...සංඛ අයියා එක්ක...මම කොඹ එන්නම් ඒ දේ ඉවර වෙලා"

මම අක්කා එක්ක කතා කරලා වොශ් රූම් එක පැත්තට ගියෙ තිබ්බ දුක කලකිරීම සේරම දෙගුන කරන්...මොන දේ උනත් කවුද වගේ නෙතුම් අයියා අඩියක් අඩියක් ගානෙ මගෙ පස්සෙන් ම ආවා....
මම වොශ් රූම් එකට ගිහින් මූන හෝදගෙන ආවේ නිදි මතයි මහන්සියයි සේරම එකට එකතුවෙලා තිබ්බ අමාරුවට වඩා සංඛ අයියා අක්කා එක්ක රට යන එක ගැන ලොකු දුකකින්.

" ඉමල්කයො....දෙකහමාරත් වුනා...වෑන් එක එයි....අපි යමන්...මේ දේ හරි ගියොත් සේරම අපි හිතුව විදිහටම හරියනවානෙ....මේකත් කරමු අපි..."

" හරි ගියොත් නෙමේ අයියේ...අනිවාර්යයෙන් හරි යනවා...අපි යං"

දෙකයි හතලිහ වගේ වෙද්දි වෑන් එක ඇවිල්ලා තිබ්බා...අපි දෙන්නා වෑන් එක ගාවට යද්දි මූනට හම්බුනේ අපි හිතුවෙවත් නැති කෙනෙක්.... මගෙ ජීවිතේ අප්පිරියම කරපු මිනිහා. ඩොක්ටර් නවීන්

" ආ ඉමල්ක මල්ලි... සංඛජිත් ඇක්සිඩන්ට් වෙලාලු නේද...බලන්නකො වෙන දේවල්...මාත් මේ බකන්න යන ගමන්...ඒ අස්සෙ මේ අහිංසක මාව ඒකට ගාවගෙනනෙ අර පත්තරේකින්...අන්තිමට කරගන්න දෙයක් නැතුව සමාව ගන්න යනවා කියලා ආරංචියක් ආවා...අනේමන්දා ඉතින්...කොහෙද මේ කුලප්පු වෙලා වගේ යන්නෙ...සංඛ තාම මැරිලා නෑ නෙ..නේද?"

ඌට ගහන්න මගෙ අත ඉස්සුනේ ඉබේටමයි...තරහින් දත්මිටි කෑවා මම...ඒත් නෙතුම් අයියා මාව නැවැත්තුවා.

" ඔව් ..සේර්ම ආරන්චි ...අපිත් මේ යන්නෙ ඒ පැත්තට ..මාවත් නවත්තපන් පුළුවන් නම්..."

"අනේ මම මොකටද එහෙම කරන්නෙ....හැමෝගෙම අනුකම්පාව මගෙ පැත්තට හැරිලා තියෙන වෙලාවක...හරි හමන් සාක්ෂියක් නැතුව උඩ පනින උඹලව මම මොකටද නවත්තන්නෙ...මොකද උඹ අර කොලු සීන් ඇදලා ගන්නද රෙද්දක් ඇඳගෙන....මම නම් හිතන්නෑ පුළුවන් වෙයි කියල....ඔහොම යන්කො...මිනිස්සුන්ට මේ හැමදේම අමතක වෙන දවසක් එයි...එදාට මම එන්නම් මගෙ මැනිකව බලන්න"

අපි වැඩි කතා බහට නොගිහින් එතනින්  ගියා....මට ඇතිවෙච්ච තරහව කොයිතරම් ද කියලා කියන්න බෑ...ඒත් ඒක පිටවෙන්න හදන හැම වෙලාවකම නෙතුම් අයියා මගෙ පිටිපස්සෙන් ඉඳන් මගෙ සීමාව මතක් කලා...
අපි සක් හඬ කාර්‍යාලයට යනකොට මීඩියා සේරගෙන්ම වගේ ඇවිත් හිටියා...සේරම කට උල් කරන් බලන් හිටියෙ සක් හඬ් පත්තරෙන් මේ දේ සම්බන්දව සමාව ගන්නකන්....
මාධ්‍ය සාකච්චාව පටන් ගත්තෙ ගජනායක සර් ගෙ ප්‍රධානත්වයෙන්... එයා ටිකක් කතා බහ කරලා මට කතා කලා අපි කතාකරගත්ත විදිහටම.

" මම සමාව ගන්නම් ඩොක්ටර් නවීන් ගෙන්...හැබැයි...ඊට කලින් අපිට අහන්න දෙයක් තියේ...මේ ඉන්නෙ ඉමල්ක"

" අපේ ආදරනීය මාධ්‍ය මහත්තුරු සේරම වගේ ඇවිල්ලා ඉන්නවා....උදේ රැස්වීමකදිවත් මේ වගේ කතාවක් නොකරපු මම මෙහෙම කතා කරන්න වෙයි කියලා හිතුවෙ නෑ...ඒත් ජීවිතේ පෙලක් දේවල් අපිව වෙනස් කරනවා හිතාගන්නවත් බැරි විදිහට....මගෙ කතාව අහන්න කලින් ඔයාලට බලන්න දෙයක් තියේ....ප්‍රොජෙක්ටර් එක ඔයාල හැමෝටම පැහැදිලිව පේනවා කියලා හිතනවා...මේක ඉවර වෙලා මේ දර්ශන ඕන එකක් ඔයාලගෙ මීඩියා වලට අරගෙන නිවුස් ටික හිට් කරගන්න පුළුවන් ...ඒක ගැන නම් බයවෙන්න එපා..."

අපි කලින් ප්ලෑන් කරලා තිබ්බ විදිහට ඩොක්ටර් ගෙ මෙඩිකල් සෙන්ටර් එකට රජයේ ඉස්පිරිතාලවල්වලින් පන්නපු බේත් ගෙනල්ලා සල්ලි වලට විකුනන්න රාක්කගත වෙන් හැටි බොහොම පැහැදිලිව අපි පෙන්නුවා.... මගෙ ෆෝන් එකෙන් වීඩියෝ කරපුවා...සී සී ටී වී ප්ලේ කරලා වීඩියෝ කරපුවා සේරම....අන්තිමට මීඩියා කාරයන්ට අහන්න දුන්නෙ නවීන්ගෙ කටහඬින්ම ගේ කොල්ලොන්ට තර්ජනය කරපු ඕඩියෝ එක. ඒක අපි අතරෙ වෙච්ච කෝල් එකක් කියලා දන්නෙ අපි විතරයි...සාක්ෂි ඉතුරු නොවුන නිසා...අපි සාක්ෂි හැදුවා....

හැමෝගෙම ඇස් ලොකු උනා..කටවල් ඇරුනා...මගෙ කතාව පටන්ගන්න ඕනෙ කියලා හිතුනෙ ඊටපස්සෙ...

" ඇයි මේවා මෙච්චරකල් හැංගිලා තිබ්බේ...රිපෝටර් ලා කියලා ලොකුවට හිතන් ඉන්න ඔයාලා ඇයි මේවා නොදැක්කේ....හේතුව ඔයාලා හොයන්නෙ කුණු....මේවා නිවුස් වල යන එකක් නෑ..හැබැයි අහගන්න මේ ටික.  මීඩියා කියන්නෙ අපේ රටේ මිනිස්සු හැමෝම පරිහරණය කරනදෙයක්...මිනිස්සුන්ගෙ ඔලු හදන්න වගේම ඔලු විනාස කරන්න මීඩියා එකකට පුළුවන් .ඔයාලා නිවුස් වලට දාන්නෙ හැමවෙලාවෙම ඇත්තද...නෑ...ඔයාලා දාන්නෙ මිනිස්සු වැඩි ගානක් අල්ලගන්නෙ කොහොමද කියලා හිතලා කරන මාකටින්ග් එකක්... ගම් වල මිනිස්සුන්ට බොන්න  වතුර නෑ...ළමයින්ට ඉගන ගන්න ඉස්කෝල නෑ....අධ්‍යාපනයෙ ගැටලු...නිදහස් සෞඛ්‍යයෙ ගැටලු...ඒවා ඔයාලා හොයන්නෙ නැද්ද ....හෙව්ව නම් මෙහෙම මිනිස්සු රවට්ටන තක්කඩි ඉන්නෙ නෑ නේද???
ඔයාලා හැමෝම කලේ ඇත්ත වෙනුවට රැල්ලට මේ පත්තරේට බැන්න එක. ඇත්තටම මාධ්‍ය සදාචාරේ කඩකලේ කවුද ???
ලොකු ලොකු හොරු...කුඩු කාරයො...දේශපාලුවො කරන හැම ජරා වැඩක්ම වහගන්න එන්නෙ ඔයාලා ගාවට...කරන්න පුළුවන් හැම තුප්පහි වැඩක්ම කරලා මයික් එක ඉස්සරහා ශාන්තුවරයො වෙනවා.. සරලවම කිව්වොත් බහුතරයක් තියෙන්නෙ මීඩියා නෙමේ  ලොන්ඩරි නේද??? අපරාධ හොයලා සමාජෙට කියන්න ඕනෙ මාධ්‍ය ම සමාජෙ අපරාධ කීයක් වහන්ඩ උදව් වෙනවද????
ඇත්තටම  මේ මිනිහගෙ ෆේස් බුක් එක බලන්න...මාසයක් ගානෙ පෝයට නෙළුම් මල් පූජා...කිරි අම්මා දාන....අද උදේ මයික් ටික ඉස්සරහා රඟපාපු ලස්සන බලන්නකො...අපිට අද මේ දේ ඔප්පු කරගන්න බැරි උනානම් ඒ මවපු සුදු චරිතෙ දිගටම තියෙන්නෙ නැද්ද????
අම්මලා තාත්තලා කීයක් බේත් ගන්ඩ පෝලිම් වල ඉන්නවද...බේත් නැතුව ෆාමසියට යනවද....ඒ ඇයි...ඔයාලා නිදහස් සෞඛ්‍ය ගැන කතා නොකරපු නිසා...ඔයාලට වෙන වැඩ තිබ්බා...නාගයන්ගෙ දාතු වඩම්මන්න...තව ඡන්දෙ කාලෙට හැම පොකට් මීටින් එකකටමයි අස්සක මුල්ලක ගිහින් ඒවා පෙන්නන්න...පෙලක් අපේක්ෂකයො ටොයිලට් යන එක විතරයි ටී වී එකේ පෙන්නන්නෙ නැත්තෙ...ඉතින් කෝ නිදහස් සෞඛ්‍ය ගැන කියන්න වෙලාවක් ...කෝ නිදහස් අධ්‍යාපනය ගැන කියන්න වෙලාවක්..
අපේ රටේ කතා කරන්න අකමැතිම මාතෘකාවක් තමා අනික...
මේ දොස්තර සමලිංගික තරුනයො කීයක් වංචාකාර විදිහට රැවැට්ටුවද... ඒ මනුස්සයො නීතිය ඉදිරියට නො එන්නෙ ඇයි කියලා ඔයාලට ඇහුනනෙ ..කාගෙද වැරැද්ද... ඒ වෙනුදෙන් පත්තරේට ලියලා සාධාරණයක් හොයන්න හදපු මිනිහව ඒ නරුමයා මේ විදිහට පාරෙන් අයින් කරන්න හැදුවා...කවුද ඊටපස්සෙ මේවා කතා කරන්නෙ....කෝ ඒවට මාධ්‍යවේදියො????
අර ජීවිතයයි මරණයයි එක්ක සටන් කරන මනුස්සයා වෙනුවෙන් කෝ සාධාරණීකරණය ????
.
" සර් ඔබතුමා මේ දේවල් ගැන ලොකු කැක්කුමකින් කතා කරන්නෙ කියලා තේරෙනවා...ඒ කියන්නෙ ඔබතුමත් සමරිසි පුද්ගලයෙක්ද"

" ආ...මේ තරම් දේවල් කිව්වට පස්සෙ ඔයාලට අහන්න තිබ්බ ප්‍රශ්නෙ....ඔයාගෙ මයික් එකේ  මීඩියා චැනල් එකේ නම දැක්කම පුදුමවෙන්නෙත් නෑ....ඔව්...ඇයි රෑට ඇඳට එන්නද එහෙම ඇහුවෙ....ඒකද ඕනෙ උත්තරේ...ඔව් කියන එකද....ඉටපස්සෙ නිවුස් හෙඩ්ලයින් දාන්න මෙහෙම
# ඩොක්ටර් නවීන් ගේ වැරදි ගැන සමරිසියෙකුගේ හෙලිදරව්වක්#
එතකොටනෙ මිනිස්සු බලන්නෙ...කුණු රහටනෙ මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ...නෑ...පුරුදු කරලා ඉන්නෙ... තව ඔයාට ඕනෙනම් දාන්න පුළුවන් මම රෑට නිදාගන්න ඔයාට කතා කලා කියලත් නිවුස් එක දාන්න ...මිනිස්සු සෑහෙන්න බලයි...විවුස් එයි...රේටින්ග්ස් එයි...එහෙම උනත් මම පුදුමවෙන්නෙ නෑ....අනික් අයට ප්‍රශ්න අහන්න දෙන්න කලින් ඒ වාර්තාකාර මහත්තයගෙන්ම මම අහනවා....ඔබතුමාට තව ප්‍රශ්න තියෙද?"

" නෑ නෑ සර්..."

" දැන් හැමදේම ඔයාලට කිව්වනෙ...දැන් අර උදේ මයික් ඉස්සරහා රඟපාපු ඩොක්ටර් ගාවට යන්න...එයාගෙන් මේවට උත්තර අහන්න...අපි මේ හැමදේම පොලිසියට බාර දෙනවා..ඒ පැත්තෙන් වෙන්න ඔන දේවල් වෙයි .."

" සර් ඒ දේවල් සේරම ඇත්ත උනත් මේක ස්වභාවික අනතුරක් වෙන්න බැයිද ..."

" මාව ගෙනිහින් එයාගෙ මෙඩිකල් සෙන්ටර් එකේ හිරකරන් හිටියෙ...මට තර්ජනය කලේ...මේ දේවල් දැනගත්ත අපිට මරන තර්ජන කලේ අහම්බෙන්ද....බොරු නම් එයාගෙ මෙඩිකල් සෙන්ටර් එකේම සී සී ටීවී චෙක් කරන්න ...කොහොමත් ඒක පොලිසියෙන් කරයි"

" සර් ගජනායක සර් ගෙන් අහන්නෙ...පත්තරේට උන අපහසය වෙනුදෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවද"

" අනිවාර්යයෙන් ම..ඒ දේවල් ඉස්සරහට සිද්දවෙයි"

" මම ඒකට දෙයක් එකතු කරන්නම්....එහෙම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවනම් හරියට බැලුවොත් ඔයාලා වැඩ කරනතැන් ගොඩකටත් පත්තරෙන් නඩු දාන්න ඕනෙ.. ඒ දේවල් එහෙම වෙන එකක් නෑ...  කොහොමත් මේ දේවල් ව්ලෛන් ගොඩක් ෆිල්ටර් වෙලා නිවුස් වල යයි...ඒත් මනුස්සයො විදිහට මේ වචන ටිකෙන් අකුරක්වත් අඩු නොකර මිනිස්සුන්ට කියන්න...

ගම්වල ලමයි ..ඉස්කෝලවල ලමයි කුඩු ගහන්න ඇබ්බැහි වෙන එක්ව්න් වලක්වපු...ඒවා හොය හොයා වාර්තා ලියපු...හොර කපුවො..හොර දොස්තරලා ගානකගෙ හෙලුව ලෝකෙට පෙන්නලා මේ මඩගොඩ සුද්ද කරන්න මඩ බැහැපු ඒ මනුස්සයා අද මඩේ ගිලෙන්න ලං වෙලා...ජීවිතය අවදානමක....අපේ රටේ නිදහස් සෞඛ්‍යයෙ තරම කියන්නෙ හොඳ කරන්න පිටරට අරන් යන්න වෙනවා... ඒ දුප්පත් මිනිස්සු කොහොමද්  ලක්ෂ ගානක් හොයන්නෙ...අත් දෙක එකතු කරලා ඔයාලා හැමෝටම වැඳලා මේ ඉල්ලීම කරන්නෙ..මේ පනිවිඩේ මේ රටේ මිනිස්සු ගාවට ගෙනියන්න...රුපියල රුපියල එකතු කරලා හරි අපි වෙනුවෙන් ජීවිතේ පරඳුවට තිබ්බ ඒ මනුස්සයට උදව් කරන්න....සේව් සක් කියලා අපි හදපු ගිනුමට ආදරය මනුශ්‍යත්වය එකතු කරන්න....පුළුවන් හැමෝම රුපියලකින් හරි උදව් කරන්න...මම මේ මුලු රටෙන්ම අත් දෙක එකතු කරලා කරන ඉල්ලීමක්....යුක්තියේ සක් හඬ බේරගන්න"

පැය කීපයක් ඇතුලත සෑහෙන්න වෙනස්කම් ජීවිතවලට එකතු උනා...මමයි නෙතුම් අයියයි ගජනායක සර් එක්කම ගිහින් පොලිසියට හැම සාක්ෂියක් ම බාර දුන්නා...

"ඇයී ඉමල්ක මේ ටික අපිට ඇක්සිඩන්ට් එක උන වෙලාවෙ නොදුන්නෙ...එහ්ව්නම් මේ වෙද්දි ඔය මිනිහා හිරේ..."

"එහෙනම් මේ වෙද්දි හිරේ ඉඳී...ඒත් සර් ලෝයර් කෙනෙක් අල්ලලා එලියට එයි කවදා කොහොම හරි...එදාට මිනිස්සු දන්නෙ නෑ මේ ඉන්නෙ සර්පයෙක් කියලා...මේ වැඩේ නිසා අවුරුදු ගානකට මිනිහට කොහොමත් එලියට එන්න බෑ නෙ සර්"

"ඇත්තටම අපේ නීතියෙ පොඩි පොඩි සිදුරු නැතුව නෙමේ...ඒවා අස්සෙන් සෑහෙන්න ලොකු උන් පවා රිංගනවා...දවසක මේ හැමදේම වෙනස් වෙයි ඉමල්ක....අපි බලමු..."

මායෙ නෙතුම් අයියයි ඒ ප්‍රාදේශීය රෝහලට ගියෙ ඒ වෙද්දිත් ටීවී ව්ල්ලින් වගේම පොලිසියෙනුත් ඩොක්ටර් නවීන් හොයන් ගිහින් ඉවරයි....පැනලා යන්න තරම් ඉඩක් අපි මිනිහට තිබ්බෙ නෑ....මහ සෙනගක් මැද්දෙන් අත් දෙකට මාංචු දාගෙන පොලිසිය එක්කන් යද්දි මිනිහට දැනෙන්නෙ මොනවද කියලා මට අහන්න ඕන උනා..කැමරා වට කරන් මුලු රටක් ඉස්සරහා වැරදිකාරයෙක් වෙද්දි ...මිනිස්සු හැමෝම එයාට සාප කරද්දි දැනෙන්නෙ මොනවද කියල මට අහන්න ඔන උනා....මම ඩොක්ටර් නවීන් ඉස්සරහට යද්දි පොලිසියෙන් වත් බාදාවක් මට වැටුනෙ නෑ...

" ඩොක්ටර් ...හරිම දුකයි ඔහොම දකින්න උන එක....1ජීවිත ගානක් එක්ක සෙල්ලම් කලානෙ...ඒ දුන්න ගිනි එකපාර පත්තුවෙලා එද්දි මොනවද දැනෙන්නෙ....."

"කටවහපිය තිරිසන් බල්ලා...."

ඩොක්ටර් එහෙම කියන ගමන් මාංචු දාපු අත් දෙකම පොලිසියෙ අත්වලින් ගස්සලා අරන් මගෙ බෙල්ලට තියලා තද කලා...මම ඒ වගේ දෙයක් බලාපොරොත්තු උනා...ප්‍රසිද්දියෙ පුද්ගලයෙක් මරන්න තැත් කලා....වැරදි ගොඩට තව එකක් එකතු කරන එක හරිම ලේසි උනා...ඒත් ඒ එකතුවීම එයාගෙ දඬුවමට කොයි විදිහෙන් බලපායිද කියලා ඒ තරහින් ආවේස වෙලා හිටිය තිරිසනාට තේරෙන්න නැතුව ඇති. සමහරවිට ජීවිතේ තියෙනකම්ම මිනිහට ආයෙ එලියට එන්න හම්බෙන් නැතිවෙයි...  මම හිතපු විදිහට හැමදේම වෙද්දි පොලිසියෙ අයයි බෙතුම් අයියයි මැදිහත් වෙලා මාව ඩොක්ටර් ගෙ අත් ව්ලෛන් ගලවගෙන තිබ්බා ..ඒත් මට ඒක හරියට මතක නෑ...නිදිමතයි...මහන්සියයි...දවස් ගානක් එකදිගට වැඩ කරලයි බඩගින්නයි සේරම එක්ක මම හොඳටම දුර්වල වෙලා හිටියා....කරන්න තියෙන්  හැමදේම කලාට පස්සෙ...දේවල් හිතපු විදිහටම උනාට ඔඅස්සෙ මට ලොකු සැනසීමක් දැනුනා....හිතේ එකතු කරලා ගැටගහලා තිබ්බ ශක්තිය හිතාමතම අයින් කලා... ඒ වෙච්ච දේත් එක්ක දුර්වල වෙලා හිටිය මාව සිහි නැති වෙලා ඇඳගෙන වැටුනලු...මම දන්නෙ නෑ...නෙතුම් අයියා කිව්වෙ.... පහුවදා සිහිය එනකොට හවස හතරත් පහුවෙලා...මම හිටියෙ ඉස්පිරිතාලෙ ඇඳක් උඩ. සේලයින් එකක් දීලා තිබුන නිසා ඇඟට ලොකු අපහසුවක් දැනුනෙ නෑ... පුටුවකට වෙලා වාඩි වෙලා ඇඳට ඔලුව තියන් මගෙ පස්සෙන් හැම තප්පරේම ඉඳපු  කෙනෙක් මම වෙනුවෙන් ඒ වෙලාවෙත් හිටියා...හෙමීට අත ඔලුවට තියලා මම ඒ අවුල් වෙලා තිබ්බ කොන්ඩෙඅතරින් ඇගිලි යවලා ඔලුව අතගෑවෙ හිතට දැනුන පුදුම තරම්  ආදරේකින් .

" ආ....නැගිට්ටද.."

" ඇස් වටේ කලු වෙලා...නිදි මරලා ගොඩක්...සොරි...මං නිසා කට්ට කනවට..."

" සොරි කියන්න එපා...තැන්ක්‍යු කියන්නත් එපා...උඹේ ළඟින් ඉන්න එක  මට කට්ටක් නෙමේ....මං ඉන්නෙ සතුටින්...."

" සංඛ අයියට මොකද දැන්...."

" අක්කා සංඛ අයියවත් එක්කන් අද සිංගප්පුරුවට යනවා...හවස 5 ට ෆ්ලයිට් එක....ඊයේ රෑ නිවුස් වලට හැමදේම ගියාට පස්සෙ ... අද උදේ වෙද්දිම ලක්ෂ පනස් අටකටත් වඩා එකතුවෙලා තිබ්බා....උඹේ වචනවලට ඒ තරම් වටිනාකමක් ලැබිලා තිබ්බා.."

මගෙ කම්මුල් දිගේ කඳුලක් ගලන් ගියෙ  සල්ලි එකතු වෙච්ච සතුටටයි...තව දුක හිතෙන දෙයක් නිසා...සංඛ අයියා දකින්නෙවත් නැතුව මගෙන් ඈතට අරන් ගිහින්.... ටෙලිපති ද මොක3කියන්න දන්නෙ නෑ...මගෙ හිත නෙතුම් අයියා කියවලා තිබ්බා...

" තව පැයක් තියේ....මොකුත් නොකර ඉන්නවට වඩා දෙයක් කරන එක හොඳයි...උඹ කියනවනම් මම උඹව එක්කන් යන්නම්....සංඛ අයියා බලන්න බැරිවෙයි...ඒත් අයියා යන ප්ලේන් එකේ පුළුවන් තරම් කිට්ටුවට හරි මං උඹව එක්කන් යන්නම්"

නෙතුම් අයියා කිව්වෙ මගෙ කම්මුල පිහදාන ගමන්...

" එපා...මිනිස්සු පේන මානෙ හිටියත් නොහිටියත්...එයාලා අපේ හිතේ ජීවත් වෙනවා....ඒ මතක එක්ක හිත  ඔහෙ තිබිච්චාවේ....සංඛ අයියට සනීප උන දවසක ආයෙ එනකන්...."

එදා හවස මගෙ ටිකට් කැපුවා...බයික් එකේ එක්ක නොයා නෙතුම් අයියා මාව ත්‍රීවීල් එකක ගෙදර එක්කන් ගියෙ..
ගෙදර???????? ඔව්...ලොකු බොස්ගෙ ගෙදර....

දවස් තුනක් විතර ඔහොම ගෙවිලා ගියා.කස්ටමර්ලා කවුරුත් නැති කිසිම කලබලයක් නැති  එක හැන්දෑ වරුවක මම රෙස්ටුරන්ට් එකේ මේසයක් ළඟට වෙලා වාඩි වෙලා ඉන්නකොට නෙතුම් අයියා ගේ ඇතුලෙ ඉඳන් මොකද්ද පාර්සලයක් උස්සගෙන ආවා.

" මේ මොකද්ද "

" එදා සංඛ අයියා දීලා ගියෙ ..උඹ එනකන් බලන් ඉඳලා"

මම ඒක අරන් ලිහලා බැලුවා....ලියුමක් එක්ක තව මොකද්ද මාලයක් වගේ එකක් තිබ්බා...

## මල්ලී....සතියක් ගියා උඹ මගෙ බෝඩිමෙන් ගිහින්...රෙස්ටුරන්ට් එකට ආවම හැංගිලා හොරෙන් බලන් ඉන්න එපා...උඹ හිතුවට පේන්නෑ කියලා පේනව බන්.... දෙයක් කියන්න ඕනකම තිබ්බෙ කාලෙක ඉඳන්...ඒත් හොඳම වෙලාව එනකන් හිටියා...අපි අතරෙ උන රන්ඩුව නිසා කියන්න බැරි නිසයි මේක උඹට ලියලා දෙන්නේ....මේක කියවලා මම හෙට රෙස්ටුරන්ට් එකට ආවාම අයියෙ කියලා ළඟට ඇවිත් කතා කරපන්...මගෙ මල්ලි...

මතකද මම කිව්වා...අපි අතරෙ පොඩිවත් වැරැද්දක් කොහොමවත් වෙන්න බෑ කියලා...ඒකට හේතුවක් තිබ්බා...එදා මම බීලා පරක්කු වෙලා ආවේ ඒ හේතුව තහවුරු කරගන්න ගිහින්...පාටියකට ගිහින් නෙමෙයි...

මම පොඩිකාලෙ ඉඳන් හිටියෙ ගම්පහ නෙමෙයි...ඒක ලස්සන ගමක්...අපේ පවුලෙ මායි අම්මයි තාත්තයි....මගෙම කියලා සහෝදරයෙක් සහෝදරියක් මට හිටියෙ නෑ......බොරු...එකෙක් හිටියා ඌ මගෙ මල්ලි...එක අම්මගෙ බඩ වැල කඩන් නාවත් අයියා මල්ලි වගේ එකට හිටිය...එකට ජීවත් වෙච්ච මගෙ මල්ලි...මගෙම මල්ලි...මගෙම සහෝදරයා....
දවසක් මගෙ මල්ලිගෙ අම්මා මහ වැස්සෙ වාහනේකට යටවෙලා දිව්‍යලෝකෙට ගියා....මායි මල්ලී ඒක දැක දැකත් මොකුත් කරගන්න බැරි උනා...මල්ලි පොඩි නිසා කට උත්තරේ බාරගත්තෙ නෑ.. මගෙ කට උත්තරේ ඒ අපරාධකාරයන්ට ලොකු වදයක් උනා..මාවයි අම්මවයි තාත්තවයි තුන්දෙනාම ඉස්සුවෙ ඒකයි...හිරකරලා හිටිය තැනින් අපි කොහොමහරි පැනගත්තා....මාවයි අම්මවයි බේරලා එවලා තාත්තට වෙඩි කන්න උනා...ඊටපස්සෙ අපි අතුරුදන් උන විදිහටම ගම්පහට ආවා...
සසංක නයනජිත් වීරසිංහ සංඛජිත් වීරසිංහ උනේ මගෙ නමේම අකුරු ටිකක් විතරක් මගෙන් උදුරලා දාලා...
කලුවෙන්න කහට දාපු කිරි තේ එක කොහොම දෙන්නටම ගැලපුනාෆ්හ මන්දා.. උබේ අයිඩින්ටියෙ විස්තර හොයන් ගියෙ ඉමල්ක කියන නමයි...කෑගල්ල කියන නමයි එකට ගැලපෙන්නෙ කොහොමද බලන්න...ඉතින් මල්ලියෙ...අයියයි මල්ලී අතරෙ කොහොමද පොඩිවත් වරදක් වෙන්නෙ..
මේ ලියුම එක්ක ඇති උඹ පහ වසරෙදි සීගිරි ගිහින් එහෙන් මට ගෙනල්ලා දුන්න මාලෙ....දැන් නම් දාන්න බෑ කොටයි...අපි ඉක්මනට උස් මහත් වෙලා බං ..උඹේ තිබ්බ කැහැටු ඔආට නැතුව දැන් නම් ඉන්නවා හැන්ඩියා වගේ....සමහරවිට ඒ නිසා අපිට අපි අඳුනගන්න බැරි වෙන්න ඇති... මට උඹව නවත්තන්න පුළුවන් හොඳමතැනක හොඳ ම ජීවිතේක මම උඹ නැවැත්තුවා....ගලපගනින්...තේරුම් ගනින්...ජීවිතේ අයිති තැන හොයාගනින්... අපේ අම්මා ඉන්නෙ දම්මදින්නා මෙහෙනි ආරාමේ....උඹේ පත්මිනී නැන්දා.... මෙහෙනිවරුන්ට උපස්ථාන කරනවා...වෙලාවක යන්....කටින් කිව්වනම් මේ ටික මෙහෙම ගලපගන්න බෑ...මේක උඹට දීලා උඹ දෙන්න තියෙනවයි කිව්ව දේ අරන් ඉක්මනට යනවා මං....කියවනතැන ඉන්නත් බෑ

හෙට ඉඳන් මට මගෙ සහෝදරයව ආයෙ මට දීපන්....මං උඹේ සසංක අයියා##

එදා බීලා ආපු දවසෙ නාසිගුරාන් කන්න මම ආසයි කියලා කොහොමද කිව්වෙ කියලා මට හිතුනෙ නෑනෙ අයියේ
මම ආසම විදිහෙ චොක්ලට් අයිස් දාපු දිවුල් බීම එක ඔයත් හැමදාම බොන්නෙ එහෙමයි කියලා දැනගෙනත් මට උඹව දැනුනෙ නෑ නෙ අයියෙ...
මං හෙන කාලකන්නියෙක් වගේ දැනෙනවා...මගෙම අයියා ගැන මගෙ හිතේ ඇතිවෙච්ච හිතිවිලි සේරම මකලා දාන්න තිබ්බනම් කියලා හිතෙනවා.....අයියගෙ උණුහුමෙන් සහෝදරකමට එහා වෙන දෙයක් ඉල්ලපු මම මොන තරම් පවුකාරයෙක්ද...මට සමාවෙන්න අයියේ.....
ආයෙ ආපු දවසක ඔයාගෙ මල්ලි විදිහට ඔයා ඉස්සරහට මං එන්නම්.. ඒත් කවද්ද ආයෙම අයියා එන්නෙ අයියෙ????

        ...###මාස තුනකට පසු###....

" මල්ලි....උඹට කෝල් එකක්...ආ"

" කවුද...."

" කතාකරලා බලනවකො මගෙන් අහන්නැතුව"

මම නෙතුම් අයියගෙන් ෆෝන් එක අරගෙන කතා කලා...

" හෙලෝ..."

" මල්ලි මම...සංඛ අයියා...."

" සංඛ ද සසංක ද"

" ම්ම්...සසංක අයියා...තොගෙ අයියා බල්ලො...ඇයි මම ඇරුනම අයියලා ඉන්නවද වෙන"

"ඔව්...නැතුව...ඇයි මගෙ නෙතුම් අයියා..."

" ටසිරි....මට තිබ්බෙ පත්තර ආටිකල් ලියන්න නෙමේ...කපුකම් කරන්න....කොහොමද ඉතින්...කොල්ලා හොඳයි නෙ....තාමත් බේත් බොනවද ඩිප්‍රෙශන් වලට"

" පිස්සුද....ඒවා නවත්තලා මාස දෙකකටත් වඩා වැඩී....කොහොමත් ලංකාවට ආවාම ඔයාටවෙන රස්සාවක් හොයාගන්න වෙයි...මොකද දැන් සක් ආටිකල් එක ලියන්නෙ මම....මේ ළඟදි සම්මානෙකුත් හම්බුනා...වෙනසකට තියෙන්නෙ හැමෝම මාව දන්න නිසා කවුරුත් කොක්ක දාන්න එන්නෑ...බයක් නෑ ඒනිසා..."

" ම්ම්...ආරන්චී ආරන්චි ...කොහොම හරි මගෙ ජොබටත් කෙලියනේ නේද තෝ.... නෙතුමට දැන් සනීපයි කිව්ව එක පුදුමයක් නෙමේ.....හිතකට ආදරේ අඩුව දැනෙද්දි මිනිස්සු ලෙඩවෙනවා....හිත පිරෙන තරම්ම ආදරයක් ලැබුන දවසක ඒ හැම ලෙඩක්ම නැතිවෙලා යනවා...."

"ඒකනෙ"

" තාත්තා නැතිවුනා කියලා ආරන්චි උනා..ඒත් කොහෙ එන්නද බං....මතක් වෙනවා මාමව සෑහෙන්න..."

" ම්ම්....ගියමාසේ ...තාත්තව මෙහෙ එක්කන් ආවා නෙතුම් අයියා...අන්තිම කාලෙ තාත්තා හිටියෙ අපි එක්ක...."

" මාමා හොඳ තැනක ඇති....උඹට කවුරුත් නෑ කියලා හිතන්න එපා...අයියෙක් ඉන්නවා උඹට...ඒ නැතත් නෙතුමා ඉන්නකන් උඹ තනිවෙන්නෙ නෑ...ඌ උඹව බලාගනි..උඹ ඌව බලාගනිම්   "

" ම්ම්ම්...කෝ මගෙ නෑනා...ඒ කියන්නෙ මේතරම් ඉක්මනට අයියව සනීප කලේ අක්කගෙ ආදරේ...."

"නැතුව....එයා කුස්සියෙ...සුප් එකක් හදනවා"

" කවද්ද ලංකාවට එන්නෙ..."

"ම්ම්ම්...කියන්න බෑ....අවුරුද්දක් විතර මෙහෙ ඉඳලම එන්න බැලුවෙ...."

" මෙහෙ ඇවිල්ලා කසාද බඳිනකන් අපිව බාප්පලා කරන්න නම් ලෑස්ති වෙන්න එපා ඈ.."

" යකෝ මම හරියකට අඩිය තියන්න අරනුත් දවස් දෙකක් නැ...තෝ වල් වෙලා තියෙන තරමක්..  තෝ නම් අරූ එක්ක....නෑ එක්කො ඕනෙ නෑ...අයියලා මල්ලිලා අතරෙත් ඒවා රහස් වෙන්න එපැයි..."

" අනේ මේ...තියනවා තියනවා..."

" තියපිය ඉතින්...මස්සිනාව මතක් කලා කියපන්...බුදුසරණයි ..පරිස්සමින් #සක් "

" බුදුසරණයි #සක්"

මම හිටියෙ පත්තරේ ඊළඟ සතියෙ ආටිකල් එක ලියන ගමන්...මම වටපිට  බැලුවෙ නෙතුම් අයියා කෝ කියලා....අයියා එයා ඉන්න ආසමතැන බංකුවට වෙලා කස්ටමර් කෙනෙක් එනකන් ඔහෙ වාඩිවෙලා හිටියා...
ඒ තැන මගෙත් ආසම තැන....

හේතුවක් තිබ්බා.....තැඹිලි පාටට මල්  පිපිලා දිලිසෙන දාස්පෙතියා යායක්ම ඒ ගල්  බංකුව දෙපැත්තෙ පැලකරලා තිබුනා.

                       #සමාප්තයි#

කොටස් එකොලහක් පුරාවට මම අකුරු කරපු සක් කතාව ආදරෙන් තුරුලු කරගත්තට ඔයාලා හැමෝටම ස්තූතියි ..කවදාවත් නොලබපු තරම් ආදරණීයම ප්‍රතිචාර මට ලැබුනා...දවස ගානෙ කතාව දානකන් බලන් ඉන්න පිරිසක් හිටියා....
කොටින්ම සමරිසි නොවන අය පවා කතාව කියවලා මාව අගය කලා....
මේ තරම් ප්‍රතිචාර බලාපොරොත්තු වුනේම නෑ...මේතරම් ප්‍රතිචාර ආයෙ මගෙම කතාවකටවත් ලැබෙන එකකුත් නෑ...ඒ හැම ප්‍රතිචාරයකටම ස්තූතියි ...කතාව ඉල්ලලා රන්ඩුවෙලා කාගෙ හරි හිත් රිදවීමක් උනානම් සමාවෙන්න...

ඉතින්...සක් කතාව මේ විදිහට ඉවර වෙනවා...වෙච්ච හැමදේම ඔයාලට කිව්වා...ඒත් මාස තුනක කතාවක් තියේ ඔයාලා දන්නෙ නැති ...ඒක දන්නෙ මම ඇරුනහම දාස්පෙතියා මල් ගාලවිතරයි... ඉඩකඩ හම්බුනාම පුළුවන් උනොත් ඔයාලට කියන්නම්... විභාග සේරම ඉවර කරන්...

ගොඩක් දිගයි නේද?? තව චුට්ටයි...
සක් කතාව වෙනුවෙන් ඔයාලට ප්‍රතිචාර එකතු කරන්න තියෙන අවසාන අවස්තාව....ඒ නිසා ස්ටිකර්..තනි වචන එපා....මගෙ අකුරු දාස් ගානවෙනුවට වචන දහයක් මට දෙන්න ... ආසයි පලවෙනි කොටසට ලැබුන ලයික් ගානට ළගටවත් යන්න....බැරි නෑ....ඔයාලා ඇත්තටම මට කරන උදව්වක් විදිහට කතාව ශෙයා කලොත්...ලයික් කරන්  හැමෝම ශෙයා කලොත් 🙏

කතාවෙ පසුවදනක් මම කියන්නෙ නෑ...ඒක අයිති ඔයාලට...එහෙනම්...ආයෙ දවසක හම්බෙමු..

Continue Reading

You'll Also Like

50.3K 6.2K 35
හුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා...
374K 38.6K 46
အ​ေမွာင္​ထုသာ စိုးမိုးထားတဲ့ အျခားတစ္​ဖက္​မွာ .. ​ကြၽန္​​ေတာ္​က အလင္​း​ေရာင္​​ျဖာလင္​း​ေပးရမယ္​့ လမင္​း.. က်ိန္​စာလား လက္​​ေဆာင္​လား ?? ကြၽန္​​ေတာ္​...
14.9M 457K 32
"We can't do this." I whisper as our lips re-connect, a tingling fire surging through my body as his hands ravage unexplored lands; my innocence di...
133K 24.9K 100
English Name After the little crybaby enters the nightmare cycle Author(s) 菊长大人 Status in COO 127 chapters Associated Names Sau Khi Túi Khóc Nhỏ Tiế...