සක්

By HappyRanuk

16.2K 3.1K 527

මංමුලාවේ තිමිරයෙන් වැසී යටපත් වූ සත්‍ය සොයා සටන් කරනා තාරුණ්‍යයේ කතාව... අහිමිවීම් හිමිවීම් සමසේ දරා බැඳීම් ම... More

සක්
සක් 2
සක් 3
සක් 4
සක් 5
සක් 7
සක් 8
සක් 9
සක් 10
සක් 11

සක් 6

1.1K 256 29
By HappyRanuk

සක් 6

බෙල්ල අතෑරලා සංඛ අයියා කාමරේට ගියෙ ඇඳුමක් ඇඳගන්න...කොහෙද යන්නෙ කියලා අහන්නෙ නැතුවම එක්කයන දිහාවකට යන්න මම කැමති උනේ අයියා ගැන අවිස්වාසයක් නොතිබ්බ නිසා. මම කාමරේට ගිහින් රාක්කෙ එල්ලලා තිබ්බ  මගෙ කලිසමයි කමිසෙකුයි අරගත්තෙ කුස්සිය දිහාට ඇවිත් ඇඳගන්න.

" කොහෙද ඔයටික අරන් යන්නෙ"

" ඇඳගන්න..දැන් කොහෙද යන්න තියේ කිව්වෙ"

" ඒක හරි...මම අහන්නෙ ඇයි ඕක අරන් එහාට යන්නෙ කියලා...ඇයි තෝ ගෑනියෙක්ද මෙතන ඇඳගන්න බැරි"

" ඇයි පෙන්නන්න ඕනෙද..ලබ්බක් කියනවද මන්දා.. ...මම...මේ...එහාට ගිහින්ම ඇඳගන්නම් ඉතින්"

කොන්ඩෙ පීර පීර හිටිය අයියා පනාව මේසෙ උඩට දඩාස් ගාලා අතෑරලා මගෙ ගාවට ඇවිත් ඉස්සරහින් හිටගද්දි මම මූන උස්සලා ඒ දිහා නොබලා පැත්ත බලාගත්තා.

" මේ අහපන්...උඹට නගින්නෙ මොකා දැක්කම කියන එක අදාල නෑ...හැබැයි උඹත් කොල්ලෙක් මං වගේ.....නිකන් අනික් උන්ට වඩා වෙනස් වෙන්න දඟලන්න එපා...."

" මට ඔය දේ තියෙනවා...හැමවෙලාවෙම අනික් අයගෙන් ඈත් වෙන්න බලනවා..හිතෙනවා මම වෙනස් කෙනෙක් කියලා"

" උඹම උඹව වෙනස් එකෙක් විදිහට හිතනකොට මෙතනින් පිට උන් කොහොමද උඹත් උන් වගේ කියලා හිතන්නෙ...හැමදේටම මුල හිත...මුලිම්ම උඹ හිතන විදිහ වෙනස් කරගනින් "

මම ඇඳුම් ටික ඇඳ උඩට දමලා ගහලා පැත්තකට ගිහින් උලුවස්සට හේත්තු උනේ අයියා කියන දේ එක පාරම පිලිගන්න බවක් පෙන්න්න අකමැති නිසා  

" ඔච්චර මඟුල් කියවන්න ඕනෙ නෑ නෙ..ඇංදගෙන ඉවර නම් එලියට යනවකො...නැත්නම් මම කුස්සියට ගිහින් ඇඳගන්නම්"

" බෑ....මම මෙතනින් යන්නෙත් නෑ....තෝ මෙතනින් එහාට ගිහින් ඇඳුම් අඳින්නෙත් නෑ ...ලෑස්ති වෙන්න විනාඩි දයකට වඩා වෙලාව දෙන්නෙත් නෑ "

එහෙම කියපු අයියා ඇඳට වෙලා ඉඳගෙන කකුලක් පිට කකුලක් දාගෙන බලන් හිටියා කවුද වගේ...

" මොන මල කරදරයක් ද අප්පා...මට මගෙ විදිහට ඉන්න දෙනවාකො...රෙද්ද...මට වෙනස් වෙන්න ඕනෙ නෑ"

" පෙලක් දේවල් තියෙනවා මල්ලියෙ වෙනස් කරන්න බැරි...හරියට මට බලෙන් කොල්ලෙක් ගැන හිතන්න බෑ වගේ....පෙලක් දේවල් තියෙනවා ඒත් අපි හිතන විදිහ වෙනසකින් ලොකු වෙනසක් කරන්න පුළුවන් අපේ ජීවිතේ "

අයියගෙ වචනවල තිබ්බෙ ගැඹුරක්...මම තේරුම් ගන්න උත්සහ කරපු ගැඹුරක් ...ඔව්..මං දන්නවා...වෙනස් කරන්න උත්සහා කරපු ගිඩක් දේවල් මට දැන් ඉහ මුදුනිම්ම පිලිගන්න වෙලා තියෙන බව...ඇත්ත සතුටින් බාරගන්න ඕන බව...අයියා කිව්වා වගේ ඇත්තටම මම වෙනස් කියලා මමම හංවඩු ගහගන්න එක නවත්තන්න ඕනෙ නැද්ද...ඇයි මම ලෝකෙට හොරෙන් පැනලා යන්න හදන්නෙ..හැංගෙන්න හදන්නෙ...මමත් කොල්ලෙක්...ශාරිරිකව වගේම කිසිම පිස්සුවක් නැති කොල්ලෙක්...ඇයි මට බැරි අනික් අය ඉස්සරහ මම වගේ ඉන්න.... මම කල්පනා කර කර ඉන්නකොට අයියා ආයෙම කතාවක් පටන් ගත්තා...

" විනාඩි 5යි...තව පහයි දෙන්නෙ..."

" ඇයි දැන් මම ඇඳගත්තෙ නැත්තං මොනවා කරන්නද ..අන්දවන්නද"

මම අයියා කිව්ව දේට හරහට දෙයක් කියලා ඇඳගාවට ගිහින් ඇඳුම් ටික අරන් මේසේ ගාවට ගියෙ ඕන ලබ්බක් කියලා ඒ ටික ඇඳගන්න.  අනික් පැත්ත හැරිලා කලිසම පාත් කරලා යට ඇඳුමයි ඩෙනිමයි දාගෙන අයියා පැත්ත හැරෙනකොට කින්ඩි හිනාවක් දාන් ඉන්නවා දැකලා මට හොම්බට දෙකක් අයින්න හිතුනා.

" මොකද හිනාවෙන්නෙ...ඇයි අමුතු එකක්ද තිබ්බෙ මට "

" අනේ මට උඹේ ලබ්බ බලන්න අමාරුවක් තිබ්බෙ නෑ....එහාපැත්ත හැරිලා ඇඳපු විදිහට හිනාගියෙ..."

" හැව් හැව් හැව් තමා...දැන් කොහෙද එක්කන් යන්න හදන්නෙ  .... යන එනමං නැතුව මෙතන වැටිලා හිටිය පලියට ඔයා කියන කියන පදේට මං නටන්න ඕනෙ කියලානම් හිතන්ඩ එපා අයියෙ.."

අයියා ඇඳෙන් නැගිටලා මම ගාවට ආවේ මම කිව්ව දේට කේන්ති ගිහින්...ඇත්තනෙ...මොකට ඒවගේ ලොකු කතාවක් කිව්වද මන්දා...කිව්වට පස්සෙයි මටත් ඒක තේරුනෙ...

" මල්ලි මේක අහපන්.. උඹට උදව්වක් කරනවනම් කලේ මම වගේ කොල්ලෙක් නිසා...මට තෝ මගෙ මල්ලියෙක් වගේ නිසා...නැතුව කවුරුත්  කියන කියන කවුරුත් නටන්නෙ ලබ්බටද...තොට ඕනම් වරෙන් නැත්නම් ඉඳපන්....තොට ඔන්නම් ඉඳපන්...නැත්නම් පලයන්.."

අයියට තියෙන්නෙම යකෙක්ගෙ වගේ බැල්මක්...තද කලුපාට ඇහි බැමි දෙක යාවෙලා තිබ්බ හින්දත්...ඇස්වල හීනි හැඩේ නිසාත් ඒ ඇස් දැක්කම ඕනම අයිස් කන්දක් දියවෙලා යයි. මට බැනලා  එලියට ගියාම මම පස්සෙන් යන්න පටන් ගත්තෙ ඇත්තටම මගෙ වරද නිසා...

" හරි හරි ඉතින්...මම බෑ කිව්වෙ නෑ නෙ...කොහෙද කියලා විතරනෙ අප්පා ඇහුවෙ...මේ යතුර කොහෙන්ද තියන්නෙ..දොර ලොක් කරන්නද...මේ...ඉන්නවකො වදේ"

අයියා ගිහින් බයික් එකට නැග්ගට මොකද දොරේ යතුරයි බයික් එකේ යතුරයි දෙකම මේසේ උඩ තිබිලා අතට ගත්තෙ මම.

" දොර ලොක් කරලා යතුර ගනිම්....."

කලිසම් සාක්කුව අදින ගමන් අයියා කියද්දි මට හිතුනෙ හරි පුතෝ හියපන්කො දැන් බයික් එකේ යතුර ...මං ගාවනෙ තියෙන්නෙ

" ලොක් කරන්ඩ එපා...බයික් එකේ යතුර ඇතුලෙ ඇත්තෙ....රෙද්ද..තිගෙ ලබ්බවල් අහලා මටත් වයර් ශෝට් වෙනවා."

අයියා ආපහු බයික් එකෙන් බැහැලා මගෙන් දොරේ යතුර උදුරගෙන අරන් දොර ඇරන් ගෙට ගියෙ බයික් එකේ යතුර හොයන්න....
හොයපන්කො...ඇතිවෙයිනෙ කොයිවෙලේ හරි....  මම මොකුත් නොදන්න ගානට ගිහින් බයික් එකේ යතුරු කටින් යතුර දාලා පැත්තකට ගිහින් ෆෝන් එකේ බැටරිය ගලවලා දැම්මා...පොලේ ගහපු පාර මොනවා හරි වෙලාද කොහෙද...සිම් එකත් බුරුල් වෙලා.... යන්තමට හරිගස්සගත්තට පස්සෙ ඇලට් 4ක් විතර තිබ්බා...තුනක් තිබ්බෙ ඩොක්ටර් ගෙන්... ඒක දැක්කම මගෙ හිතේ තිබ්බ සන්සුන් කම නැතිඋනේ දැන් ඒ මිනිහා එක්ක මම කොයි විදිහටද හැසිරෙන්නෙ කියලා හිතිලා...කොහොමත් මම ආයෙ ඒ මිනිහව නම් විශ්වාස කරන්නෑ...ඒත් වෙනසක් පෙන්නන්න හොඳ නෑ....එහෙම තේරුනොත් මට හොඳත් නෑ...සංඛ අයිය ගැන උනත් සැක කරන්න පුළුවන් ...මම ඩොක්ටර් ගෙන් තිබ්බ මැසේජ් එක කියෙව්වා.

" මල්ලො....මොකද බබෝ කෝල් එකක්වත් නොගන්නෙ...ඇයි ෆෝන් ඕෆ්...කරදරයක්ද කියලා බය හිතෙනවනෙ මැණික. මේක දැක්ක ගමන් කෝල් එකක් ගන්නවා..මැට්ටා"

හරි ලස්සන වචන...පැණි බේරෙන තරම්...ඕවට රැවටුන කාලයක් තිබ්බා ඩොක්ටර් ....මතක තියාගන්න...ලුණු උපදින්නෙත් වතුරෙන්...නැති වෙන්නෙත් වතුරෙන්...මට කරපු  දේට මගෙන් ලේසියෙන් සමාවක් ලැබෙන එකක් නෑ....මෙච්චරකල් මාව රැවැට්ටුවෙ ඔයාගෙ ඔය වචනනෙ...බලාගෙන ඉඳපන්...අද ඉඳපන්..අද ඉඳන් මම වෙනදට වඩා හුරතල් වචන කියයි...තමුසෙ මට කරපු  වංචාවට රිටන් එකක් ලැබෙනකන්....

මම ඩොක්ටර් ට කෝල් එකක් ගත්තා.. ටික වෙලාවකින් ඩොක්ටර් කෝල් එකට උත්තර දුන්නා.

" හෙලෝ මල්ලි...මොකද ලමයො ෆෝන් ඕෆ්...මම කොයිතරම් බය උනාද..."

" දන්නවා ඩොක්ටර් ...ආ නෑ....ඩොක්ටර් කියන්න එපා කිව්වනේ...සොරි   දන්නවා මගෙ අයියෙ...මෙ ලෝකේ මගෙ ගැන වැඩියෙන්ම හිතන්නෙ ඔයා කියලා...සොරි  ෆෝන් එක කැඩුනා...දැන් හදාගත්තෙ"

" ම්ම්...පිස්සා මගෙ....එහෙම සොරි කිව්වට බෑ...ඒකට නම් දඬුවමක් දෙන්නම ඕනෙ.."

" දඬුවමක් ?????"

" හ්ම්ම්..ආයෙ හම්බුනාම බලනවකො..."

" ආ ඇත්තද ..ඒවගේ දඬුවමක් නම් ඉතින් මම තව වැරදි කරනවා..."

" හා හා..මම පස්සෙ ගන්නම්...වැඩ තියේ..උඹව හුරතල් කරන්න වෙලාවක් නෑ...තව කොල්ලො ටිකක් බලපන් මල්ලො...දුකින් ඉන්න සෙට් එකක් ගේ උන එකට...ට්‍රීට්මන්ට් ගැන කියපන්"

" හරි අයියා..මම තියන්නම්...බායි'"

කෝල් එක නිසා සංඛ අයියා බෙරිහන් දෙනවා මට ඇහුනෙ නෑ.

" බල්ලො...කීපරක් කතා කලාද බං...යතුර දැක්කෙ නැද්ද උඹ...ඊයේ කොහෙද තිබ්බෙ මතක නෑ නෙ"

"අනේ මට ඇහුනෙ නෑ අප්පා..කෝල් එකක් ආවා...යතුර මේ බයික් එකේම තියෙන්නෙ කාමරේ කොහෙද හොයන්නෙ...මොලේ කොලොප්පම් වෙලාද"

අයියා එලියට ආවේ ඒක කීයටවත් වෙන්න බැරි දෙයක් විදිහට පුදුම වෙන ගමන්...

" අඩෝ බන්..මට හොඳටම මතකයිනෙ....යතුර නැති නිසානෙ මම කාමරෙට ගියෙත්... "

" ඊයේ බීපුවා තාම බැහැලා නැතුව ඇති...මට බණ කිව්වට ඔයත් මාර ට්‍රැක් අවුට් මෙන්ටල් කේස් එකක්නෙ"

" අනේ පල ...ආ...ගිහින් දොර වහලා වරෙන්...පරක්කු උනා"

මම දොර වහලා එනකොට අයියා බයික් එක හරවගෙන තිබ්බා..යන්නෙ කොහෙදවත් නොදැන මම බයික් එකට නැග්ගෙ අයියා කියනවා වගේ සහෝදරයෙක් තරමට අයියව විස්වාස කරලා.

මීටර් තුන්සීයකට අඩු නැති දුරක් ගිහින් අයියා නැවැත්තුවෙ ලී වලින් ගහපු රෙස්ටුරන්ට් එකක් ළඟ. ලී තීරු ගහලා...ලස්සන පුටු මේස තියලා පුදුම ලස්සන විදිහකට හදපු ලස්සන නිස්කලංක තැනක් ඒක. #ගමනට ගිමන කියලා බෝඩ් එකකින් නම ගහලා තියෙන විදිහ පවා පුදුම ලස්සනක්. අයියා බැහැලා ගිහින් ටේබල් එකක ළඟ වාඩි උනා..මාත් වැඩි කතාවක් නැතුවම අයියා පස්සෙන් ගිහින් කිට්ටුවෙන් වාඩි උනා. ඊටපස්සෙ සංඛ අයියා මගෙ දිහා බලලා දෙයක් ඇහුවා.

" මොනවද කන්නෙ"

" දිවුල් බීම එකක්...වෙන මොකුත් එපා"

" චොකලට් අයිස් දාලා "

" හා....මම ආසම විදිහ......මරුනෙ"

ටික වෙලාවකින් කඩේ නම ගහපු ඒප්‍රන් එකකුයි ලස්සන තොප්පියක් දාපු කෙනෙක් අපි ගාවට ආවා..

" සංඛජිත් අයියා...අම්මෝ දැක්ක කල්...යමින් එමින් වත් එන්න එපා නිකමට කතා කරලා යන්න..."

" ඉතින් බොල මේ ආවේ...ගිය සතියෙත් ආවනෙ මම"

" ආ....ඉතින් සතියකට කලින්නෙ..මේපරෙන් යන එන එකේ හැමදාම උනත් එන්න බැරියෑ..."

" අපෝ අපෝ...එහෙම ඇවිත් උඹේ කඩේ වහන්න තමා වෙන්නෙ...කෑවා බිව්වට සල්ලි ගන්නෙත් නෑ නෙ..."

" අනේ ඕවා මොනවද අයියෙ....මට අයියා මගෙම අයියා වගේනෙ....පිස්සු කියෝනවා ඔයත්....මේ...අදත් සුපුරුදු පරිදි චොකලට් අයිස් දාපු දිවුල් බීම එකමද ගේන්නෙ...මේ මල්ලි එතකොට"

" ආ...දෙන්නටම එහෙම ගේන්න  ...මේ මගෙ යාලුවෙක්.... දැන් එතකොට අදත් නොමිලේද...අදවත් බිල කඩපන්"

" ආයෙ පිස්සුවක් ඇතෑ...මම කඩේ නවත්තනකන් හරි...මම මැරෙනකන් හරි...අයියට මම බිල් කඩනවද..මං එන්නම්...කස්ටිය වැඩී ටිකක්...කතා කර කරා ඉන්න අමාරුයි ..තනි මම එපැයි සේරම බලන්න."

සුදු උස හැඩි දැඩි ඇඟක් තිබ්බ ඒ අයියා හරිම සැහැල්ලුවෙන් ඉන්න මනුස්සයෙක්  වගේ මං තේරුම් ගත්තෙ. කටපුරා හිනාවෙන්නෙ කිසිම ලෝබකමක් නැතුව. ඒ හිනාවෙ තිබ්බෙම අමුතු ලස්සනක්...ශොප් එකට ගියෙත් දාලා තිබ්බ සින්දුවට නටන ගමන්...පුදුම ඩයල් එකක් මෑන්ස් නම් 

" මොකද උඹ ඌ දිහා කන්ඩ වගේ බලන් ඉන්නෙ"

" කන්න වගේ නෙමේ....කන්න තමා බැලුවෙ...ඇයි අවුල්ද"

" බැරි වෙන එකක් නෑ ට්‍රයි කලොත්"

" ඈ...ඒ කිව්වෙ .."

" හරි පාරක් හොයාගන්න බැරි තරම් අසරණ උනහම මිනිස්සු වැරදි පාරවල්වල යනවා..හිතේ තියෙන දෙයක් කියාගන්න බැරුව...ඔය ඉන්නෙත් ඒවගේ එකෙක්..."

" මම අහපු දේයි ඒකෙයි කිසිම ගැලපීමක් නෑ නෙ... "

" මූට ඩිප්‍රෙශන් ...එකපාරක් සුවිසයිඩ් පවා කරගන්න ගිහින් මම තමා මිනිහට ඔවර්කම් වෙන්න උදව් කලේ...ඒකයි ඔය තාමත් මට හිතවත්...."

" දැන් නම් හොඳ ඇති ...පේන්නැද්ද නට නටා ගිය හැටි...මොනවා උනත් මරු මනුස්සයා"

" ඒ උඹට පේන හැටි... උඹ හිතනවද ඩිප්‍රෙශන් තියෙන මිනිස්සු ..ප්‍රශ්න වලින් විඳවන මිනිස්සු අඬ අඬා ලෝකෙට පේන්න මූන එල්ලන් ඉන්නවද කියලා...ඌ තාමත් බේත් බොනවා..."

" ඇත්තටම...මාරයිනෙ..හිතන්නෙවත් කොහොමද "

" හ්ම්ම්ම්..හිතන්න බෑ තමා..ඒත් හිතන්න ඕනේ අපි ...පේනවට වඩා කතාවක් මිනිස්සු ඇතුලෙ තියෙනවා බං...දවසම හිනාවෙලා ඉන්න මිනිස්සු රෑට කාටවත් පේන්නැතුව අඬනවා...අපි නොදන්නවා උනාට."

" හ්ම්ම්....ඒක ඇත්ත....කොයිතරම් හිනාවෙලා හිටියත් රෑට තනියෙන් අඬපු දවස් උහේ කෙස් ගානට මගෙත්...මොන කරුමයක්ද මේ මැරුනනම් එකක් කියලා හිතුන දවස් තිබ්බා..."

" ඒ ඇයි"

" ඇයි කියන්නෙ අයියෙ ඉතින් දන්නවනෙ...මම පවුලෙ එකම ළමයා.. බැඳපන් කියලා තාත්තලා බල කරනවා...තාත්තගෙ අසනීප...සල්ලි...ප්‍රශ්න නම් කීයක්ද අයියෙ....සේරටම වඩා මම විඳවන්නෙ සමලිංගිකයෙක් වෙලා ඉපදුන එක...මේක මහ කරුමයක්"

" මල්ලි....තමන්ට ආදරය නොකරන මිනිහෙක්ට කවදාවත් වෙන කෙනෙක්ට ආදරේ කරන්න බෑ...මුලිම්ම උඹ උඹ වෙයන් ..උඹට ආදරේ කරපන්....උඹ වගේ ඉන්න එකම එකා උඹ නෙමෙයිනෙ...ඕක සාමාන්‍ය දෙයක් බං...අපේ මිනිස්සු තේරුම් නොගත්තට. "

ඒ වෙලාවෙ තමා අර අයියා දිවුල් බීම දෙකක් අරන් අපි පැත්තට ආවේ.

" මෙන්න.. ..ගමනට ගිමන  වුඩැපල් චොකලට් මිල්ක්ශේක්...ම්ම්...රස නහර පිනා යන රසකින්...බීලා බලලා කියන්නකො..හොඳද කියලා"

" උඹට තිබ්බෙ ටීවී ප්‍රසන්ටර් කෙනෙක් වෙන්න...හැබැයි නරකම නෑ..ඔහොම ආතල් එකේ කස්ටමර් ලා ට ටෝක් කරනකොට ලොවෙත් උන් ආයෙ ආයෙ මෙතනට එනවා..."

" එසේය එසේය..එහෙනම් බොන්ඩකො...මං අර ටේබල් එකට බිල තියලා එන්නං"

මට ඒ අයියා හිනාව්න විදිහ නම් ආයෙ මැරෙනකම් අමතක කරන්න බැරි වෙයි...මහ පුදුම හිනාවක් ඒක...කතා කරන්නෙ කටින් විතරක් නෙමෙයි...ඇස් වලිනුත් ..

" මොකද්ද ඩයල් එකගෙ නම අයියෙ...ඇත්තටම ශෝක් කොල්ලෙක්...කොහොමද යකෝ මූට ඩිප්‍රෙශන් තියේ කියලා හිතන්නෙ..."

" නෙතුම්....ඕකත් තෝ වගේම තමා"

"මම වගේ කිව්වෙ...මේ....එයත් අරහෙමද"

" හ්ම්ම්...ඕකත් ගේ..."

" අඩේ ඇත්තමද....අම්මපා කියන්න"

" මිනිහෝ...පිස්සෙක් වගේ හැසිරෙන්න එපා...කිව්වනෙ...ඌ ඔය හිනාවෙලා හිටියට ඌ මානසික අවුලක ඉන්නෙ..."

"ඇයි ඒ..."

" අම්මයි තාත්තයි ඩිවෝස්...පොඩි කාලෙ ඉඳම්ම හොස්ටල් ඉඳපු එකෙක්...පවුලක ආදරේවත් අඩුම ගානෙ අම්මා හරි තාත්තා හරි එක්කෙනෙක්ගෙන් වත් ආදරේ ලබපු එකෙක් නෙමේ...තාත්තා ට රට වටේම ගෑනු....අම්ම වෙනම කෙනෙක් මැරි කලා...මූ දෙන්නගෙන් කා ලගටවත් ගියෙ නෑ...තනියම ඉන්නෙ..."

" අපෝ...ඒකත් ඩිප්‍රෙශන් හදාගන්න තරම් දෙයක්ද ...."

" ඕකයි අවුල ..අපි හිතන්නෙ ලෝකෙ තියෙන ලොකුම්  ප්‍රශ්නෙ තියෙන්නෙ අපිට කියලා  අනික් උන්ගෙ ඒවා අපිට තේරෙන්නෙ නෑ...මොකද අපි ඌ විඳපු දේවල් නොවිඳපු නිසා ... ප්‍රශ්නෙ තම්න්ගෙ වෙනකන් උත්තරේ දාර්ශනිකයි කියනවනෙ..."

" හ්ම්ම්....සොරි ඉතින්...මිනිස්සු හැමෝම තමන්ටම ආවෙනික වෙච්ච දුකක අතරමං වෙලා ඉන්නවා නේද...පව්ව් ඉතින්"

" උඹ ජීවිතේ ඉස්සරහට මොනවා කරන්නද හිතන් ඉන්නෙ...හැමදාම ඔහොම ඉන්න බෑ නෙ"

"අපෝ ඔව්...හැමදාම ඔහෙගෙ බෝඩිමට වෙලා ඉන්න බෑ...මොකක් හරි හොයන් යන්න ඕනේ "

" හිකනලෝ...එහෙම ලබ්බක් නෙමෙයි...මනුස්සයෙක්ට ජීවිතේ බෙදාගන්න කෙනෙක් ඕනේ...තනියෙන් ඉන්න බැරි නෑ පුළුවන් ...ඒත් හරි අමාරුයි බං..."

" අයියා කියන දේ තේරෙනවා  ...ඒත් මට මැරි කරන්න බෑ නම් මම මොනවා කරන්නද අයියෙ...ඕවා නවත්තමු ..වෙන දෙයක් කියන්න"

" කවුද ඉතින් කෙල්ලෙක් එක්ක ඉන්න කිවේ...උඹේ හිත තියෙන්නෙ කොල්ලො ගාව නම් උඹ උඹට ඕනෙ විදිහට ජීවත් වෙයන් මල්ලි...නිකන් අතීසාරෙට අබුඬ නොගහා"..

" අයියා කියන්නෙ කොල්ලො දෙන්නෙක්ට එහෙම ඉන්න පුළුවන් කියලද...මේවගේ මිනිස්සු එක්ක..."

" තෝ දන්න කබ්බ තමා.  එහෙම උන් කොයිතරම් ඉන්නවද බං..."

" ම්ම්..."

"මේකයි...මට කාගෙවත්  ජීවිත ගැන බලෙන් තීරණ ගන්න බෑ....උඹත් මම දන්නවා...නෙතුමා ගොඩක්ම දන්නවා...උඹලා දෙන්නට දෙන්නා ගැලපෙනවනම් ගලපගනිම්...."

මට බීම එකත් ඉස්මොල්ලෙ ගියා....අයියා කිව්ව දේට .

" මොකද්ද අයියා කිව්වෙ...."

" උඹට කිව්වට ඌ ගේ කියලා මම ඌට උඹ ගැන කියන්න යන්නෙ නෑ...මොකද ඌට තියෙන ලෙඩේ එක්ක උඹ ඌ එක්ක ඉඳපන් කියලා මට බල කරන්නම බෑ නෙ...හැබැයි උඹට මම කිව්වෙ ඌ එහෙමයි කියලා..උඹට කැමති තීරනයක් ගන්න ඉඩ දෙන්න...ඌත් තනියෙන් ඉන්නෙ...ඕකා ආදරේ කියන වචනෙටත් හෙන්  පෙරේරේතයි...ඉතින් උඹ....අනේමන්දා බන් එක්කො...."

" ගේ ලව් එකක්....අනික මේවගේ ප්‍රපෝසල් එකක් වගේ...මට හෙන අළුත් මේ දේවල් අයියෙ...කොටිම්ම කිව්විත් මට ඕනෙ මේවගෙන් ඈත් වෙන්න...ඒත්...ඒත් එහෙම කරන්න බෑ කියලා මම දන්නවා...එතනින් එහාට මගෙ ජීවිතේ මම ප්ලෑන් කරලා නෑ තවවත්....ඔහේ යනවා   "

" ඒකයි බන් ..අපිට බලෙන් ජීවිත ලං කරන්න බෑ...මම නිකන් පිස්සුවට වගේ හිතුන නිසා උඹට ඌ ගැන කිව්වෙ...කවුරු නැතත් දෙන්නට දෙන්නා හරි ඉඳීනෙ බන්..."

කතාව සම්පුර්ණයෙන් ඉවර කරන්න ලැබුනෙ නෑ   අයියට කෝල් එකක් ආව නිසා එයා නැගිටලා ගියා....ඒ වෙලාවෙදි තමා නෙතුම් අයියා ටේබල් එක පැත්තට ආවේ..

" පොඩි බොස්....කොහෙද ගම්පලාත...ගම්පහමද"

" ආ...මගෙන්ද ඇහුවෙ...මම කෑගල්ලෙ..."

" නැතුව මෙතන වෙන එකෙක් ඉන්නවද....මොකෝ කරන්නෙ ඉතින්.."

" ඇයි පේන් නැද්ද...බීම එක බොනවා...මොනවා නැතත් රහයි බීම එක ඈ...කවුද හදන්නෙ..."

" යකෝ චෙෆ් මම වෙමි...මට තෑන්ක් කරපන් රහයි නම්..."

" අඩේ...ඇත්තටම මරු කතාව ඇත්තනම්...ඒත් අනේ ඕවා හදන්නයි...බෙදන්නයි..බිල් කඩන්නයි සේරම කරන්න අයියා සුපර් මෑන්ද...බොරු ද කොහෙද..එක්කෙනෙක් ට වැඩ කරන්න පුළුවන් ද මේ කඩේක"

" බෑ තමා බං...ඒත් කරන්න එපැයි...සතියක් තිස්සෙ සංඛ අයියට කියන්නෙ කෙනෙක් හොයලා දෙන්න කියලා..එයා ඉතින් දන්නවනෙ කට්ටිය ඕන තරම්.. "

" කෙනෙක් හොයලා දෙන්න කිවේ...සංඛ අයියා කපුකමුත් කරනවද..."

" ඔය යකා කරන්නැති දෙයක් නෑ...මලගෙවල්වල කුලියට අඬන්ඩත් යනවා වෙලාවක් තිබ්බනම්...කෙනෙක් කිව්වෙ අහවල් එකක් නෙමේ කොල්ලො...උදව්වට කොල්ලෙක්"

" ආ.....වැඩට"

" නෝප්...උදව්වට.....වැඩට කෙනෙක් ගන්නවා කියන්නෙ මම බොස් වෙන එකනෙ...මම ආස නෑ එහෙම...මම කිව්වෙ උදව්වට කෙනෙක් හොයන්න කියලා....ඒ වචනෙ ටිකක් රෙස්පෙක්ටබල්...නේ?"

" ම්ම්...මරු හැබැයි....දැන් කොයි වගේ කෙනෙක් ද හොයන්නෙ"

" මේකේ වැඩ කරන්න  ඕලෙවල් ඒලෙවල් බලන්නද බං...බුම්මට්ටෙක් වගේ නැතුව හිනාවෙලා කතා බහ කරන්න පුළුවන්  ඩයල් එකක් හිටියානම් ඇති... "

" එහෙමද...මම දන්න කෙනෙක් ඉන්නවා....එයත් ජොබ් එකක් හොයනවා...මිනිහව මේකට ගැලපෙයි කියලා හිතනවා....නම්බරේ ගහගන්නකො...අයියා පස්සෙ කෝල් එකක් දීලා බලන්න..."

" කියපන්..."

" 07***********"

" නම් මොකද්ද මෑන්ගෙ...පිස්සු මරාලයක් නෙමේනේ"

" ටිකක් නට් ලූස් ...සුදුයි...කෙට්ටුයි...පොඩි ලුක් එකකුත් තියේ....ඉමල්ක කියලා සේව් කරගන්නකො අයියෙ"

" ම්ම්...මම කෝල් කරන්නම් හවසට...කවුරු කිව්වා කියලද කියන්න ඕනේ..."

" ආ....සංඛ අයියා කිව්වා කියන්න්කො...එයාව දන්නවා..."

ඒ වෙලාවෙදි කෝල් එක ඉවර වෙලා සංඛ අයියා අපි හිටිය තැනට ආවා.

" මොකෝ දෙන්නගෙ සාකච්චාව..."

" ඔයා නම් වැඩක් නෑ බොස්...කීපාරක් කිව්වද උදව්වට කොල්ලෙක් හොයලා දෙන්න කියලා...කෝ හොයලා දුන්නද...ඒකට මේ මල්ලි...මට කෙනෙක්ව සෙට් කලා...අන්න මිනිස්සු...ඔයාලා වැඩක් නෑ අප්පා "

" හාකො හාකො..උඹටත් දැන් ඉස්සෙල්ලා ආපු කනට වඩා පස්සෙ ආව  අඟ ලොකු වෙලා නේ...හා හා..."

" පස්සෙ අඟවල් එන්නෙ නෑ නෙ බොස්...එහෙම උනොත් ඉඳගන්නත් කරදරයිනෙ..."

" මම බොට කිව්වා කියලා හිතාගන් ...අඟ."

මට හිනාගියෙ නෙතුම් අයියා සංඛ අයියට කින්ඩි දාන විදිහට....හිනාවෙවී ඉන්නකොට සංඛ අයියා මගෙ දිහා බැලුවා.

" කාවද සෙට් කලේ....උබ දන්නවද මේ කිට්ටුව උන්"

" ආ...සෙට් කලේද...ඉමල්කයාව...ඌ හොඳ නැද්ද ඇයි...?"

" ආ...ඒ පිස්සු *කන්නද...මේ අහපන් නෙතුමා..තෝ වගේම නට් ලූස් ඩයල් එකක්....තොටම තමා හරියන්නෙ...අඩේ අමතක උනානෙ ඌව කියන්න.."

" ඔහොම තමා ඉතින්....මේ කොල්ලට මතක් නොවුනනම් අයියා කියන්නෙ නෑ නෙ...."

" නෑ නෑ...ඇත්තටම ඒකට තමා මම අද ආවෙත් මේ පැත්තෙ "

අයියා කිව්වෙ මගෙ දිහා බලන ගමන්...මම හිනාඋනේ අයියා මාව එක්කගෙන ආවේ දඹුලු ගිහින් තලගොයෙකුත් මරලා දෙන්ඩ කියලා හිතන ගමන්...

අපි නෙතුම් අයියට කතා කරලා ආපහු එන්න පිටත් උනා...මගදි අයියා බයික් එක නවත්තලා මට බහින්න කිව්වා..මම බැස්සා...

" අදි මදි කලාට මොකද තෝ අරූගෙ හිනාව දැකලා දෙකට නැමුනනෙ...කැ*යා මටත් නොකියම නම්බරෙත් දීලා...යකෝ තොගෙ නම්බරේ මං ගාවවත් නෑ තාම...හා හා...එහෙනම් ඔහොම යන්කො..."

" අපෝ...ඇත්තටම හොඳ කෙනෙක් කියලා හිතුන නිසා මාත් එතන වැඩට යන්නම් කියලා හිතුවෙ...ඒ අයියත් හොඳ කෙනෙක් වගේ තේරුනා කතාබහ කරපු විදියෙන්"

" වැඩට නෙමේ...උදව්වට...ඇයි අරකා ඕක කිව්වෙ නැද්ද.."

" කිව්වා...අයියා කොහොමද ඒක හරියටම දන්නෙ.."

" ඕකාගෙ පුකේ ඉඳන් පන්ඩිතකම..උඹ වගේම තමා එකෙන්ම...ඔයවගේ පඬි ටෝක් දෙන්නෙ..මටත් කිව්වා ඔඉක එදා දෙතුන් පාරක්ම..ඔහොම්මම..."

" බලමුකො..දකින දකින උන්ට හිත යනවයි...ආදරේ හිතෙනවයි කියන්නෙ දෙකක්නෙ....මගෙ හිතේ ඉන්නෙ සුදු එකෙක් නෙමේ ...කලු...උස මහත...නපුරු පාට හොඳ එකෙක්ට.."

මම ඒ ටික කිව්වෙ අයියගෙ දිහා බලන් අයියා හ්ම්ගැන විස්තර කරනවා වගේ හැඟීමකින්....

අයියා ළඟ ඉද්දි මට කෝල් එකක් ආවේ ඩොක්ටර් නවීන්ගෙන්....මම පැත්තකට ගිහින් කතා කරපු විදිහටයි කලබල උන විදිහටයි අයියට සැක හිතුනද කියලයි මට බය.

" මල්ලි...මෙඩිකල් සෙන්ටර් එක පැත්තෙ වරෙන්....කවුරුත් නෑ දැන්....කතා කරන්න වැදගත්ම දෙයක් තියේ...ලොකු දෙයක්...ඉක්මනට වරෙන්..."

මේ මනුස්සයා මොකද එකපාරටම මාව එතනට ගෙන්නගන්න හදන්නෙ...වෙනදට මම එතනට ගෙන්නගන්න අදිමදි කරන මිනිහා අද එන්නලු....අනික මොකද්ද මේ කියන ලොකු හදිස්සිය...දැන් සංඛ අයියට මොකද්ද කියන්නෙ...කොහොමද යන්නෙ....

                  මතුසම්බන්ධයි
******************************************

දකින දකින එකා එක්ක බුදියන්න හිතුනත් ...දකින හැම එකාම හිතේ නවතින්නෙ නෑ....හදවතේ ගැස්ම වෙනස් කරන්නෙ නෑ....
අළුත් අය එද්දි ..පරණ බැඳීම් එක්ක මිනිස්සු කොයි විදිහට ගණුදෙනු කරයිද???

ඉමල්ක...සංඛ ...ඩොක්ටර් ...දැන් නෙතුම්...මේ බැඳීම් වලට කොහොම වටිනාකමක් එකතු කරයිද...කොහොම ඉස්සරහට යයිද??

ප්‍රශ්න ගොඩක්...සක් එක්ක ඉඳලම ඕවා විසඳගන්න...මම දන්නෑ  ..

සේරටම හපන්..එකපාරටම ඇයි ඩොක්ටර් ඉමල්කව ගෙන්නගන්න හදන්නෙ?????????????????

වෝට් කරන්ඩෝ...❤❤❤

Continue Reading

You'll Also Like

29.3K 3.9K 43
නුඹෙන් මං... විඳිමි හැඟුමන්... මා හද නිවාලනා ! ❤️
87K 9.2K 44
အဟိကုလေႁမြမ်ိဳးႏြယ​္ရဲ႕မင္းသား ပဋိရာဇာဝိဇယဟာ ခမည္း​ေတာ္ ​ေနာင္​ေတာ္နဲ႔ မ်ိဳးႏြယ္အတြက္ ရန္သူကိုလက္စားေခ်ဖို႔လူသားကမၻာကိုသြားခဲ့တယ္ ေနာင္ေတာ္ရဲ႕ အသက္ကိ...
12.7M 516K 57
"Have you tried turning it off and back on again?" •• Christian Ivonov, CEO of Ivonov enterprises, had always been the best at fucking things up. Whe...
383K 39.3K 46
အ​ေမွာင္​ထုသာ စိုးမိုးထားတဲ့ အျခားတစ္​ဖက္​မွာ .. ​ကြၽန္​​ေတာ္​က အလင္​း​ေရာင္​​ျဖာလင္​း​ေပးရမယ္​့ လမင္​း.. က်ိန္​စာလား လက္​​ေဆာင္​လား ?? ကြၽန္​​ေတာ္​...