- කෑකෝ ගෙදර with අයිතිකාරයා...

By Estar_RM

22.7K 3.7K 1.4K

තමන් කවුද කියලවත් හරියට දන්නැති විසේකාර පොඩි කෙල්ලෙක්.... කොයි වෙලෙත් ඒ විසේකාර කෙල්ලට රවාගෙනම ඉන්න නපුරු කොල... More

💚 Chapter 1 💚
💚 Chapter 2 💚
💚 Chapter 4 💚
💚 Chapter 5 💚
💚 Chapter 6 💚
💚 Chapter 7 💚
💚 Chapter 8 💚
💚 Chapter 9 💚
💚 Chapter 10 💚
💚 Chapter 11 💚
💚 Chapter 12 💚
💚 Chapter 13 💚
💚 Chapter 14 💚
💚 Chapter 15 💚
💚 Chapter 16 💚

💚 Chapter 3 💚

1.6K 250 195
By Estar_RM

අපි තුන් දෙනාම ඊයෙ රෑ නිදා ගත්තෙ පෝන් එකෙයි අරකෙයි මේකෙයි තියන්න පුළුවන් හැම එකකම එලාම් තියාගෙන. සතුටට කරුණ නම් මට ඔය කිසි එලාම් එකක් ඇහුන්නැති එක. මගෙ එලාම් එක අපෙ අලි පැටියා. මගේ අලි පැටියා උදේ පාන්දරම ඇඳ ළඟට ඇවිත් තුන්වරක් කුංචනාද කරා. තුන්වෙනි පාරත් මගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා මගෙ සූකිරි අලි පැටියා සෙනිකව නාලාගිරි හස්ති රාජයා බවට පරිවර්තනය වුනා. කියන්න දුකයි අද මගෙ අලි පැටියා නැවතුනේ වතුර විදුරුවක් මගෙ ඔලුවෙ හලලා. මම අරෝගෙ පවුලෙ උදවිය මතක් කරමින් මෙවන් දුවෙක් හැදුවාට ඔවුන්ට පින් දෙමින් වොෂ් රූම් එකට ගිහින් පුළුවන් හයියෙන් දොර වහගත්තා. හත්තික්කෙ මට දැන්නෙ මතක් වුණේ ඊයෙ මන් පයින් ගහපු පාරට අර දොර ගැලවිලා ගියා කියලා. එයාලා ඒක හදාගත්තද මන්දා.

අපි තුන්දෙනා උදේට කෑම කාලා කට්ටිය එක්කම ගියේ කාර් පාර්ක් එකට. ෂනූ කාර් එක අරන් එනකම් මමයි මගෙ අලි පැටියයි පාරට වෙලා බලන් හිටියා.

" ඒයි අචී..... දැන්ම බලන්න එපා.... මන් කිව්වම බලහන්. අර කෙල්ලො තුන් දෙනෙක් යන්නෙ "

අපි දෙන්නට ඉතින් ඔය විදියට බලලා අවුරුදු සීයක පලපුරුද්දක් තියනවා. මන් ඉතින් ලාවට මගෙ කොන්ඩෙ හදනවා වගේ අරෝ පෙන්නපු කෙල්ලො තුන් දෙනා දිහා බැලුවා.

" අර මැද යන කෙට්ටු කෙල්ල පේනවද. ඔන්න ඔය කෙල්ල තමා ඊයෙ අපිට හැප්පුණ වෙලාවෙ අර කින්ඩියට අනම් මනම් කිව්වෙ. "

" බලහන්කො ඒ කෙල්ලො තුන. ටිකක් ලොකු ලයින් වගේනේ. මන් අද උදේ එළියට බහිනකොට අර කෙට්ටු කෙල්ලත් එළියට ආවා. මන් ඉතින් මනුස්සකමට මගෙ දත් තිස් දෙක පෙන්නලා හිනා වුණා. අර කෙල්ල දැක්කෙ නෑ වගෙ ගියා. සැක් විලි ලැජ්ජාව. මටත් හොඳ වැඩේ ඕන එකාටයි එපා එකාටයි හැම එකාටම විරිත්තන්න යනවට. "

" ඔයා කිව්ව කතාවෙ පොඩි මිස්ටේක් එකක් වුනා ඩාලිම්."

" ඒ මොකක්ද. "

" ඇයි යකූ තොට අමතක වුණාද තොට නල දතක් තියනවා කියලා. එතකොට දත් තිස් දෙක නෙමේ බොල දත් තිස් තුනක් තියේ බොට. "

" තෝත් එක්ක බෑ අලි පැටියෝ. මන් මේ සීරියස් කතා කියද්දි බෝ මගෙ දත් ගනන් කරන්න එනවා. "

ඒත් එක්කම ෂනූ කාර් එක අරන් අපි හිටිය තැනට ආවා. අද අපි තුන්දෙනාගෙම පළවෙනි දවස. ඒ නිසා තුන් දෙනාම ටිකක් බය වෙලා වගෙ හිටියෙ. අපි කාර් එක යුනිවර්සිටි එකේ පාක් කරලා පයින් ඇවිදන් ගියා. මින්සෙන් කියන්නෙ ගොඩක් නිස්කලංක පළාතක්. හරියට සැඟවුණු තැනක් වගේ. මිනිස්සු හුඟක් අඩු පළාතක්. ඒ ⁣වගේම මෙහෙ තියන අ⁣නිත් යුනිවසිටි වල⁣ට සාපේක්ෂව මෙහෙ ඉන්න ළමයි ගානත් අඩුයි. පිළිවෙළින් මම, අලි පැටියා ඊළඟට ෂනූ අපි තුන්දෙනා යුනිවර්සිටි එකට යන පාරෙ ගියේ අත් අල්ලගෙන. ඒ පාර දෙපැත්ත උස විලෝ ගස් පේලි වලින් හැඩ වෙලා තිබුණා. විලෝ ගස් එකක් ඇර එකක් සකුරා මල් ගස් කිබුණා. තාම වසන්ත කාලය උදා වෙලා තිබුණෙ නැති නිසා සකුරා ගස්වල තාම මල් කුප්පි විතරයි තියෙන්නෙ. මම අරෝගෙ අත පුළුවන් තරම් තදින් අල්ලන් හිටියෙ. මොකද තව ටික වෙලාවකින් අපි තුන් දෙනාට තුන් පැත්තකට යන්න වෙන නිසා. අරෝගෙ ආසාව වුනේ කිඩ්ස් ඉස්පෙෂලිස්ට් කෙනෙක් වෙන එක. ඒ නිසා එයා මෙඩිසින් ඉගෙන ගන්නවා. ෂනුවට ලස්සනට කිවි සින්දු ගොතන්න පුළුවන් නිසා එයා සාහිත්‍යය කරනව. එතකොට මුකුත් බැරි මම ඉන්ජිනියරින් කරනවා. මගේ තුන් හිතකවත් ඉන්ජිනියරින් කරන්න කිසිම ආසාවක් තිබුන්නෑ. මන් එච්චර ඉගෙන ගන්න දක්ෂ නෑ. ඒ වුනාට ගෙදර අයගෙ බල කිරීමට මන් ඉන්ජිනියරින් කරන්න තීරණය කරා. ඒ වුනාට මන් වැඩිපුර ආස ඉතිහාසය වගේ විෂයන් වලට. දන්න ඉතිහාසයකුත් නෑ. එහෙම කිව්වට මොකද මගෙ හිත ගොඩක් වෙලාවට ඇදිලා යන්නෙ පරණ ඇන්ටික් බඩු වලටමයි. ඒකනෙ මගේ හිත අරෝයි ළඟයි ෂනූ ළඟයි තියෙන්නෙ. මුන් දෙන්නා කියලා වෙනසක් නෑ. මුන් දෙන්නට ඇන්ටික් බඩු පරාදයි.

අපි තුන්දෙනා එහෙම්ම කිසිම කතාවක් නැතිව යුනිවසිටි එක ඇතුළටම ඇවිදන් ගියා.

" මේ අලි පැටියෝ, ෂනූ මට බයයි තනියම යන්න. "

" ඒයි පිටසක්වලී නාහෙන් අඬන්න එපා ඔය වගේ. මෙකෝ අපි මේ අවසන් ගමන් යන්න ආව එකක්ය මෙතන. "

" ඒයි ආචියා..... කෝ මෙහෙ එනවා බලන්න. ඔය හොටුත් බේරෙනවා
"

" අනෙ යනවා යන්න මොම්ඩ ෂනූ හුවෑ....... "

" අරෝ .. අපි මේ ළමයට පොඩි කිස් එකක් දෙමුතේ. "

" බුදාම්මෝ මට බැරියෝ.... මන් ගියා "

මන් එතනින් ෆ්ලෑෂ් වගේ දුවන් ආවා. අර මොංගල් ඩබල මාව ඉඹලා මෙතන එක විනාසයක් කරයි. මට තාම ඇහෙනවා අර දෙන්නගෙ හිකි හිකිය. ඒ දෙන්නත් වෙන වෙනම එයාලගෙ ෆැකල්ටි වලට ගියා. මන් ඉතින් උදේ බීපු නෙස්ටමෝල්ට් එකෙන් ලැබිච්ච බලය ජවය ශක්තිය හැම එකක්ම අරන් මගෙ ෆැකල්ටි එක තියන දිහාට ගියා. ෆැකල්ටි එක දකිනකොට අර බලය ජවය ශක්තිය සේරම දිය වෙලා ගිහින් මගේ කටේ කෙළත් හිඳුනා. මට හිතන්නෙ කඩේ මමා කල් පැනපු නෙස්ටමෝල්ට් පැකට් එකක්ද කොහෙද අපිට දීලා තියෙන්නෙ. මන් බයෙන් බයෙන් අපේ ෆැකල්ටි එක තිබුණ ගොඩනැගිල්ල දිහාවට ගියා. මම ඉතින් මෙහෙට අලුත්නෙ. මන් කෙරවක්කෙක් වගේ එහෙට මෙහෙට බෙල්ල හරව හරව බැලුවෙ අඳුරන කවුරුහරි ඉන්නවද බලන්න. ඒත් දන්න කියන මැස්සෙක්වත් හිටියෙ නෑ.

💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥

" ආාව්.......... "

" ආාාාාව්. .......  "

ඔව් ඔව්. මන් ආපහු භූමි වන්දනාවක යෙදුණා. ඒත් තව එක්කෙනෙක් ආව් කිව්වා නේද. මන් වටපිට බැලුවෙ ඒ කවුද කියලා. බැලින්නම් මගෙ ඇඟ යට අර කෙට්ටු කෙම්ල ඉන්නවා නේද දෙවියනෙ. ඒ කෙල්ල මට දවා අළු කරවන සුලු බැල්මක් දැම්මා.

" යාාා.... මේක මාර වදයක් වුණානේ. ඔයාගෙ වැඩේම හැම වෙලාවෙම මගෙ ඇඟ උඩ පත බෑවෙන එක. හැම්මූ මගෙ කොන්ද. "

" අනේ මේ. ..... මේ මට සමාවෙන්න. "

මන් එයාගෙන් සමාව ගත්තා. ඒත් එයා ඒක ගාණකටවත් ගත්තෙ නෑ. ඒත් එක්කම කවුද මන්දා කොල්ලො සෙට් එකක් අපි දෙන්නව වට කර ගත්තා. අපි දෙන්නා තාම බිම.

" ආාා..... නංගී. මොකෝ බිම බඩගාන්නෙ "

" අපි මේ ගොඩ පීනන්න පුරුදු වෙනවනේ අයියා. ඒකයි මේ.... අනෙ මගෙ කට "

සෑ වාව්... අර කෙට්ටු කෙම්ලට මගෙ අලි පැටික්කිගෙ කට ඒ විදියටම පිහිටලා තියනවා. නෑයොද මන්දා. ඒහෙම කියන ගමන් අර කෙට්ටු කෙම්ල නැගිට්ටා. මන් කෙට්ටු කිව්වට ඒ හැටි කෙට්ටුවක් නෑ. මන් එයාට කෙට්ටු කියන්නෙ එයත් එක්ක හැමතිස්සෙම ඉන්න අර අනිත් කෙල්ලො දෙන්නා පුළුන් බෝල ගෙඩි දෙකක් වගේ නිසා. මායි අර කෙම්ටු කෙල්ලයි අතර කියලා එහෙමකට වැඩි වෙනසක් නෑ ඉතිම්. වෙලාවකට කෙට්ටු වීම පිළිබඳ මට කුරිරු සතුටක් එනවා. අනිත් අය කෙට්ටු වෙන්න කියලා නොකා ඉඳලා මහත් වෙනවා. මන් කොච්චර කෑවත් හිටිය ගානමයි. ( කෝ අපේ කෙට්ටු කෙල්ලො ටික මේ පැත්තට ඇවිත් හූවක් දෙන්න බලන්න 😂 )

" මේ ඔයාලා සින්දු දන්නවද.  "

එතන හිටපු එක්කෙනෙක් අපි දෙන්නගෙන් එහෙම ඇහුවා. ඒ අහපු කෙනාව මට නිකම් පෙනුනෙ දෙහිවල සත්තු වත්තෙන් පැනපු කෝල බෙයාර් කෙනෙක් වගේ. ( Author - කොරියාවෙ දෙහිවල සත්තු වත්තක් තියනවද කියලා කල්පනා කරන අහිංසක මම 😂 )

" මේ ඊට කලින් ඔය දෙන්නගෙ නම් මොනවද කියලා කිව්වනම්. "

එතන හිටපු සුදු ලස්සන උස කොල්ලෙක් අර කෝල බොයාගේ කරට අත දාන ගමන් ඇහුවා.

" මන් සඳ "

" මන් අචී "

අපි දෙන්නා නම් කිව්වා. ඒ වෙලාවෙ තමා මන් දැන ගත්තෙ අර කෙට්ටු කෙම්ලගෙ නම සඳ කියලා. මොනාවුනත් ලස්සන නම

" හරි දැන් සින්දුවක් කියන්න දෙන්නම."

අර කෝල බෙයාර් අපි දෙන්නට හිනා වෙවි කිව්වා. අපිට තේරූණා මේ අපේ ෆැකල්ටි එකේ සීනියර් බැච් එකේ අයියලා ටිකක් කියලා. ඉබ්බා දියට දෑවම ඇන්නෑවෙලු. මන් ඉතින් මගෙ ගායන කෞෂල්‍යයන් නොබියව ඉදිරිපත් කරන්න තීරණය කරා.

" කෝ අල්ලන්න තාලයක්..

උම්බලකඩ වට්ටක්කා කැකිරි දොඩම්
උම්බලකඩ වට්ටක්කා කැකිරි දොඩම්

එක යායේ කකා වැටී .......... ඕ යේ..
එකා වගේ එකට සිටී......... හෝයියා...
එක පවුලේ උපන් ලෙසේ කර ආරක්සා....

මන් සින්දුව ගානට අල්ලා දුන්නම අර සඳත් කිව්වෙ නැතෑ මාත් එක්ක සින්දුව. කොල්ලො ටික ගල් ටික් වෙලා. අපි දෙන්නා ලද ප්‍රයෝජනයෙන් අර කොල්ලො ටිකට මුළු ජීවීතේට සින්දු එපා කරමින් එසැනින් අලුත් මෑෂ්අප් එකක් නිර්මාණය කළා. සඳ with අචී. වෙනදා තනියම වන් මෑන් ෂෝ ගහන මම අද කෙට්ටු කෙම්ල එක්ක ටූ මෑන් ෂෝ එකක් ගැහුවා.

මම බෝම බය වුනා අහ අහා.....
මගෙ පණ එපා වුණා....
රෑ දොළහට හොම්මනකට මාව බය වුනා.....  ඩිගි ඩිගි...

මන් එන්නෙ ඩුබායි..... ඕයා..
රටේ ඉඳලා සල්ලි හොඳට හම්බ කරලා
හම්බු කරපු සල්ලි මා ළඟයි

" බුදාම්මෝ ඇති ඇති.... ඕක නවත්තන්න. "

අර කෝල බොයාර් එයාගෙ අත් දෙකෙන් කන් දෙකත් වහන් මහ හයියෙන් විලාප ගැහුවා.

" ඒ බන් යමන් යන්න මෙතනින්. මුන් දෙන්නගෙ සින්දු අහලා මගෙ කනටත් මොනාහරි වුනා වගෙ. "

ඒ කොල්ලො සෙට් එක අපි දෙන්නට බැන බැන ගියා. ඒ අය ගියාට පස්සෙ සඳයි මායි මූණට මූණ බලාගත්තා. බලාගත්තා විතරයි අපි දෙන්නා මෙච්චර වෙලා හිර කරන් හිටිය හිනාව බකස් ගාලා පැන්නා.

" මට බෑ ඕයි..... මන් හිතුවෙ ඔය විදියට සින්දු කියලා මිනිස්සුන්ට හාර්ට් ඇටෑක් හදවන්න පුළුවන් මට විතරයි කියලා. "

" අම්මෝ ඒයි මාත් එහෙමයි.. ඔයාලා ඊයෙ නේද ආවෙ අලුත් තැනට "

" ඔව් ඔව්. "

" අපිත් ඊයෙ තමා එහෙට ආවෙ. "

" හත්තික්කෙ බන්. උඹ අද උදේ ගස්සපු ගැස්සිල්ලට මන් හිතුවෙ උඹලා තුන් දෙනා මෙතන අයිතිකාරයො කියලා.  "

" එහෙම තමා අපි.  ඔයාටත් ඉන්නවා නේද තව ඩබලක් "

" යා යා.... මගෙ පිස්සු ඩබල.  "

" මටත් ඉන්නවා මොංගල් පොරවල් දෙකක්. ඒ ඩබලත් මන් වගේමයි. ඒක නෙමේ මන් බයෙන් ආවෙ අඳුරන කවුරුවත් නැති නිසා. දැන් අවුලක් නෑ. මන් වගේම ගොන් ගහක් හම්බුණා. "

" ඒක තමා. අපි දැන් යමු. "




***********************************************************

" ඒ නම්ජූනා මොකක්ද බන් ඒ වුනේ... "

" අනේ මන්දා බන්. අර සඳද ඉරද මොකක්ද කෙල්ල ...... ඒ කෙල්ලට පිස්සුද කොහෙද. "

" යාාා....... ජූනා එතන කෙල්ලො දෙන්නෙක් ඉද්දි උඹට පෙනුනෙ ඒ කෙල්ල විතරද. "

" මේ ජින්..... එයාගෙ මගෙ වගේ ඩිම්පල් වදිනවා. "

" යාාාා....... මල්සරා බැල්ම හෙලා මගේ හිතට කොඳුරනවා වගේ. "

" අනේ කටවහන් හිටපන් ජින්. "





අද සඳයි මමයි මුළු දවසෙම කරේ යුනිවසිටි එකේ හැම අස්සක් මුල්ලක් නෑරම ඇවිදපු එක. මට අද දවසටම මගෙ මොංගල් ජෝඩුව හම්බුනේ නෑ. උන් දෙන්නා නෑ කියලා කිසි අඩුවක් නෑ. අපේ අලි පැටියගෙ වගේ ටකරම් කටක්මයි සඳට තියෙන්නෙ. කොහොමින් කොහොමහරි අපි දෙන්නා දැන් හොඳ යාලුවො. අද පළවෙනි දවස නිසා අපිට කිසිම ලෙක්චර් එකක් තිබුණෙ නෑ. අද අපේ ලෙක්චරර්ස්ලා ඇවිත් එයාලව අපිට හඳුන්වලා දුන්නා. අපි හිටිය ෆැකල්ටි හිටියෙ ළමයි පනහක් වගේ. අද ගොඩක් අයට සීනියර්ස්ලගෙන් සුපිරි සුපිරි ලණු හම්බුනා. ඒත් අපි දෙන්නට ඒ මුකුත් නෑ. අපි දෙන්නා පස්සෙ තමයි දැන ගත්තෙ අර ඇවිත් හිටපු කෝල ⁣බෙයාර් තමයි අපේ ෆැකල්ටි එකේ මීටරේ කියලා. එයා තමයි මේ ෆැකල්ටි එකේ ලොක්කා. මන් හිතන්නෙ උදේ අපි දෙන්නගෙ සින්දුවට බය වෙලාද කොහෙද අපි දෙන්න දකිනකොටත් ඒ සෙට් එක අපිව මගහැරලා යනවා.






මන් සඳත් එක්කමයි ගෙදර ගියේ. මන් යනකොට අර පිස්සු ඩබල ඇවිත්.  මන් ඉතින් ගියපු ගමන් මගෙ රාජකීය කොට්ටෙයි ඇඳයි බදාගත්තෙ අවුරුදු ගානකට පස්සෙ මන් ඒ දෙන්නව දැක්කා වගේ.







***********************************************************

" ටේ හරියටම තව සතියකින් හඳ පායනවා. ඔයාට මතකයි නේද "

" ඔව් හෝසොක්. මට මතකයි. "

" ඔයාට ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද ඔයාගෙ ගෙදර අර ළමයිව බෝඩ් කරන් ඉන්න එක. මට නම් ඒක ටිකක් අවදානම් වැඩක් වගේ පෙන්නෙ. අනික එයාලා හැමෝම තරුණ ළමයි. තරුණ ළමයි කියන්නෙ ඉතින් ඔයා දන්නවනෙ. ඕන එකටයි එපා එකටයි හැම එකටම ඇඟිලි ගහනවනේ. ඒ නිසා එයාලගෙන් ඈත් වෙලා ඉන්න. "

" ඒක මට තේරෙනවා හොසෝක්.  ඔයා දන්නවනෙ මන් එයාලා හැමෝම නවත්තන් ඉන්නෙ උඩ කියලා. ඒ නිසා එයාලා වැඩිය පහළට එන්නෑ. අනික මන් එයාලට කියලා තියෙන්නෙ නිකරුනේ මගෙ ගෙදර හරේ මෙහේ ඇවිදින්න එපා කියලා. "

" ඒක හොඳයි. "

" හෝසොක්. ඇත්තටම මට මේ ප්‍රශ්නෙන් කවදාවත් ගැලවෙන්න බැරිද "

" මේ තරම් කල් හිටියා වගේ අපි තව ටික කාලයක් ඉවසමු. අපිට මේකට මොනවමහරි විසඳුමක් ලැබෙයි. "

" ඉවසනවා ඇරෙන්න මන් වෙන මොනවා කියලා කරන්නද."

" මට යුනිවර්සිටි එකේ පොඩි වැඩ වගයක් තියනවා. මන් යනවා එහෙනම් ටේ. ඔයත් පරිස්සමින් ගෙදර යන්න. ඔයා බය වෙන්න එපා. මන් හඳ පායන දවසට ඔයාලගෙ ගෙදර එන්නම්. "

" ඔයාට ස්තූතියි හෝසොක්. ඔයා විතරයි මට මේ ලෝකෙ ඉන්න එකම කෙනා මගෙ දුක කියන්න ඉන්න.  "

" එහෙම කියන්න එපා ටේ. මන් ඔයාගෙ තාත්තට පොරොන්දු වුණා ඔයාව බලාගන්නවා කියලා මගේම සහෝදරයෙක් වගේ. ඔයා මගේම සහෝදරයෙක් නොවුණට මට දැනෙන්නෙ ඔයා මගේම මල්ලි කියලා. එහෙනම් යනවා. "

" හරි හෝසොක්. "






***********************************************************

Evening

" ආ නෝනහාමි මල් යහනෙන් බැස්සෙ දැන්ද "

" අනේ මේ අරෝ මගෙ ආචියට අනම් මනම් කියන්න එපා "

" මේ ෂනූ ඔයා තමා මෙයාව නරක් කරන්නෙ. දැන් බලන්න හයටත් කිට්ටුයි. දවල් නිදා ගත්ත මනුස්සයා නේද මේ .......... මේකි මුළු දවල් වරුවම නිදාගෙන ඉඳලා මහ රෑට අපිට වද දෙනවා ෆිල්ම් බලමු ගගා. ආපහු උදේට අපි මේකිව නැගිට්ටවන්න මෙතන දහ අට සන්නිය නටන්න ඕන. මේකිගේ මේ නිදා ගැනිල්ල තමා මට පෙන්නන්න බැරි  "

" අ⁣නා.... මගෙ සුට්ටන් අලි පැටියට මොකද මේ තරහා ගිහින්. "

" මෙයාට අර අරයව හම්බෙලානෙ. "

" ඒ කවුද. මේ අලි පැටියෝ කවුද අනේ. "

" අනේ මේ ෂනූ ඔයත් ඉතින්. හරි එක්කෙනාට මාත් ඒක කිව්වෙ. ඔයිට හොඳයි මන් බෙරයක් බැඳන් මුළු මිනිසෙන් ටවුන් එක පුරාම ඕක අඬ බෙර ගගහා ගියානම්. "

" අනේ අලි පැටියෝ කියනවකො. "

" මන් කියන්නද අරෝ. "

" නෑ නෑ මන්ම කියන්නම්. තෝ කියන්න ගියොත් ඕකට තව ලුණු ඇඹුල් දාලා ගම්මිරිස් තුන පහත් දාලා මැලේ අච්චාරුවක් කරලා තමා නවතින්නෙ. මන් දන්නැද්ද බොගෙ කට ගැන. "

අපි තුන් දෙනාම කෑම මේසෙ වාඩි වෙලා හිටියෙ. මමයි ෂනූයි අරෝගෙ රසබර කතාව අහන්න කටින් කෙළ පෙරාන බලන් හිටියෙ. අරෝ ඉතින් යටගිය දවස බරණැස් නුවර කියලා කතාව පටන් ගත්තා.

" මෙහෙමයි වුනේ. අචී ඔයා ගියාට පස්සෙ අපි දෙන්නත් වෙන වෙනම අපේ ෆැකල්ටි වලට ගියා. මට එතනදි තව ගෑණු ළමයෙක් හම්බුණා. එයාගෙ නම රෂ්. එයත් මෙඩිසින්මයි. එයාටත් කිසිම යාලුවෙක් හිටියෙ නෑ. අපි දෙන්නා ඉතින් කතා කර කර ගියා. මේ අහනවකො එයාටත් ඉන්වලු තව මොංගල් යාලුවො දෙන්නෙක් බොලා දෙන්නා වගේ. පස්සෙ තමා මීටර් වුණේ ඒ අර අපි දෙන්නා උදේ දැක්ක කෙල්ලො තුන් දෙනාගෙන් එක්කෙනෙක් කියලා. "

" මදැයි කොලා. මැදින් ඇඩ් දාන්න එපා අලියා.කතාව කියලා හිටපිය. මේකිට බල්ලා ගැන රචනාවක් ලියන්න කියලා කිව්වම උගෙ ඇගෙ මැක්කො ගැන කියවනවා. "

" කවුද යකෝ දැන් බල්ලා.  "

" ඔය කිව්වෙ ගොබ්බ කතාවක්. අනේ ෂනූ මේන් මේකිට කියන්න කතාව කියන්න කියලා. "

" මේ අරෝ ඔන්න ඕක කියලා දානවා. "

" අපි දෙන්නා ඉතින් ඉන්ටවල් එකට කැන්ටිම පැත්තට පොඩි රවුමක් දෑවා. "

" මොනවද කෑවෙ. "

" තොට අපි කාපු බීපුවයින් වැඩක් නෑනෙ.කතාව අහ ගනිම් අචී "

" හාකො.  "

" අපි දෙන්නා ඉතින් ටේබල් එකක වාඩි වෙලා කෑම කෑවා. එතනට එක පාරටම කොල්ලෙක් ආවා. ආපු එකා දැකලා කාපු ටිකත් පිට උගුරෙ ගියා බන්. "

To be continued......

අරෝ ළඟට ආපු කොල්ලා කවුද 🤔

හිතෙන දෙයක් කොටන් යන්ට ඉතින්.

💚කෑකෝ ගෙදර with අයිතිකාරයා 💚

𝔼𝕤𝕥𝕒𝕣✨♡

Continue Reading

You'll Also Like

5.6K 650 31
🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀 ජීවිතේ විදිනවා කියලා හිතාගෙන අයාලේ යන හිතත් එක්ක සෙල්ලක්කාර ජීවිතේකට හැඩගැහුණු ...
1.6K 463 22
"අපි නැති කාලෙක මේ හැමදේකම උරුමක්කාරි ඔයයි ලියානා." ලියානා ෂර්ලි ලොකු ගෙදරක සොල්දරයේ හිර වෙලා හිටපු කෙල්ලෙක්, අන්තිමේදි බංගලාවක් වගේ ගෙදරක සහ ගොඩක්...
2.1K 352 31
ඔයාට අමුතු බොසෙක් ගාව වැඩ කරන්න ඕන වුණොත්???
15.8K 3.6K 23
උන් ගැන ඇහැ ගහන් හිටපන්. මොකද ඊලග පාර කිසිම වැරැද්දක් වෙන්න බෑ. එහෙම උනොත් උඹ ජීවත් වෙන අන්තිම දවස එදා වෙයි. අහ් තව දෙයක් ඊයේ අර බොඩීස් ගැන මොකක් හරි...