මා හිත ළඟම දැවටෙනා
නුරු පෙමක පැටලෙනා
රුව නාරී මනහාරී සුකුමාලී
නුඹ තමා
මැණිකේ මගේ හිතේ
මුදු ඒ නුරා හැඟුම් යාවී
ඇවිලේවී.....
නෙරියේ නුඹේ නගේ
මගෙ නෙත් එහා මෙහා යාවී......
" නවත්තපාාාාන්. ඕක යොහානි අක්කට එහෙම ඇහුනොත් තොට කොරියාවට ඇවිත් ගහන්නෙ බන්. "
" අඩෙහ් ඒක අවුල්ද "
" අවුල්ද.. අවුල් නෙමේ බන් පවුල්. උඹේ ඔය සින්දුව ඇහුනොත් පවුල් වෙච්ච මිනිස්සුත් ඩිවෝස් වෙලා යයි. ඒ තරම් අජූතයි බන් "
" ඔයත් ඔහොම කියද්දි පිට අය ගැන කවර කතාද ඉතිම් හූම් "
" දැන්වත් පොඩ්ඩක් කටවහන් යමුද? කාර් එකට නැග්ග වෙලේ ඉඳන් උඹ මෙතන වන් මෑන් ෂෝ ගහනවා. මමයි අර ෂනූයි පව් කියලා හිතෙන්නැද්ද බන්."
" ඉරිසියාව. පැහැදිලි ඉරිසියාව "
මම අචී. යොහානි අක්කගෙ මැණිකේ කිව්වෙ මම තමා. අනිත් අයගෙ මතයට අනුව නම් ඒක ඇහුවම පපුවෙ අමාරුව හැදෙනවලු. මන් ඉතින් ඔය ඉරිසියාකාරයොන්ගෙ කතා ගනන් ගන්නෑ හූම්.... එහා පැත්තෙ සීට් එකේ කාර් එක ඩ්‍රයිව් කරන් යන්නෙ මගෙ ලොකුම ඉරිසිරියාකාරයා. මගෙ පාප මිත්‍රයා. එහෙම නැත්තම් අරෝ නොහොත් මගෙ අලි පැටියා. පිටිපස්සෙ සීට් එකේ ඉන්නෙ ෂනූ. එයා දැන් නම් නිදි. ඒ අපි දෙන්නගෙ අක්කා. අක්කා කිව්වට අපි තුන්දෙනාගෙ කිසිම ලේ බැඳීමක් නෑ. ඒත් එයා අපි දෙන්නගෙ අක්කා. අපි එයාගෙ මොංගල් සහෝදරියො දෙන්නා. නංගිලා දෙන්නට වගේම එයාටත් ලාවට මොංගල්. මගේ අලි පැටියගෙන් තමා එයා ටිකක් ඔය මොංගල් ගති ඉගෙන ගත්තෙ. අලි පැටියට මොංගල් ගති පුරුදු කරේ මන්. එතකොට මේ හැමෝම මොංගල් ඩයල් කිරීමේ පූර්ණ ගෞරවය මගේ.
දැන් හවස හයට විතර ඇති. උදේ දහයට විතර ගමන පිටත් වුනු අපි තාමත් යන ගමන්. අපි තුන්කට්ටුව මේ යන්නෙ අපේ අලුත් යුනිවර්සිටි එකට. ෂනූ අපි දෙන්නට වඩා අවුරුද්දක් වැඩිමල්. එයා කලින් හිටියෙ සෝල් වල යුනිවර්සිටි එකක. ඒත් එයා ඒකෙන් අයින් වෙලා මින්සෙන් වල යුනිවර්සිටි එකට එන්න තීරණය කළා. ෂනූට ලස්සනට කවි ලියන්න පුළුවන්. එයා සාහිත්‍යයට ගොඩක් ආස කෙනෙක්. ඒ නිසාම තමයි කලබලකාරී සෝල් නගරෙන් ඈත් වෙලා එයා මේ වගේ මිනිස්සු හුඟක් අඩු පැත්තක තියන යුනිවර්සිටි එකකට එන්න තීරණය කළේ. අපි දෙන්නත් හයි ස්කූල් එකෙන් අවුට් උනේ මේ ළඟදි. ෂනූත් මෙහෙ එන නිසා අපි දෙන්නත් මින්සෙන් වල යුනිවර්සිටි එක ඇප්ලයි කරා. ෂනූ සෝල් ඝෝෂාකාරී තැනක් කියලා ඒකෙන් මිදෙන්න මෙහෙ ආවට මටයි මගෙ අලි පැටියටයි පුළුවන් මුළු කොරියාවම හොල්ලන තරමට කෑ ගහන්න.
එන්න එන්න කළුවර වැටෙනවා. අපි දැන් මේ යන්නෙ අපි නවතින එපාර්ට්මන්ට් එක තියන තැනට. අරෝගෙ ඒ කියන්නෙ මගෙ අලි පැටියගෙ මල්ලි තමා අපිට මේක හොයලා දුන්නෙ. අපි කලින් මෙහෙ ඇවිත් නැති නිසා ගූගල් මැප් එක බලාගෙන තමයි ආවෙ. ගූගල් මැප් එකත් අපිටම ආතල් දෙනවනේ. එක වෙලාවක ඒක පෙන්නන පාරෙ ගියාම නවතින්නෙ වැවක් ගාවින්. මැප් එකේ පෙන්නන විදියට අපි හරිනම් යන්න ඕන වැව මැදින්. ගූගල් එකේ අයිතිකාරයා හිතුවද දන්නෑ අපිට හැරී පෝටර් කතාවෙ රොන් වීස්ලිගෙ තාත්තගෙ කාර් එක වගේ පියාඹන කාර් තියනවා කියලා හූම්. ආපහු හරවගෙන ඇවිත් ටික දුරක් ගියාම වෙලක් මැද්දෙන් යන්නලු. තව සමහර වෙලාවට අනුන්ගෙ ගෙවල් මැදින් පාර පෙන්නනවා. අරෝගෙ කටින් ගූගල් මැප් එක හදපු එකාගෙ අම්මා මුත්තා කිත්තා කිරිකිත්තා වගේ මුළු හත්මුතු පරම්පාරවම බැනුම් ඇහුවා. ඔය ගූගල් මැප් එක තිබුන්නැත්තම් මෙලහකටත් අපි ගිහින්. ඒත් තාම මග.
" ඒයි..... අචී අපි ආවා "
අපේ අලි පැටියා කෑ ගැහුවෙ නිකම් වස්කෝද ගාමා ඉන්දියාවට ආපු වෙලේ කෑ ගැහුවා වගේ. අවුලක් නෑ වස්කෝද ගාමටවත් ඉන්දියාව හොයාගන්න මෙච්චර අමාරු වෙන්නෙ නැතුව ඇති.
" ඒයි ෂනූ. නැගිටිනවා. ඒයි......... ෂනූ .............. නැගිටපාාාාන්...... "
" ගෙදර ආවද. ආ යමු යමු "
" අනේ අරෝ මේන් මේකිට දෙකක් ඇනලා නැගිට්ටවපන්. මේකි මෙතන අන්දපයිත්තියම් දොඩවනවා. "
මන් අරෝට ෂනූව ඇහැරවන්න කියලා කාර් එකෙන් එළියට බැස්සෙ අපේ අලුත් අපාර්ට්මන්ට් එකේ සිරි නැරඹීමේ ආසාවෙන්. මන් කැරකි කැරකි හතරවටේ කොකෙක් වගේ බෙල්ල දික් කර කර බැලුවත් අපාර්ට්මන්ට් එකක් තියා අපාර්ට්මන්ට් එකේ කෑල්ලක්වත් හොයා ගන්න බැරි වුණා.
" ඒයි ආචියා මොකෝ කරන්නෙ බෙල්ල හරව හරව. කොක් වන්නම නටනවද "
මට හැමෝම කියන්නෙ අචී කියලා. ඒත් ෂනූ කියන්නෙ ආචියා කියලා. ඒකට මන් ගොඩක් ආසයි හූම්.
" මේ එතකොට කොක් වන්නමකුත් තියෙයිද ෂනූ. "
" ඊයා බන්..... තෝ මහලොකුවට උඩ දාගෙන කාලයක් නැටුනුත් කරා නේද. "
" නොදැනුවත් කමට ඇහුවෙ ඉතිම්. "
" මේ අරෝ කෝ අපාර්ට්මන්ට් එක "
මන් අරෝගෙ දිහා බලන් ඇහුවා.
" ඔය තියෙන්නෙ. උඹෙ ඇස් කටේද "
අරෝ එහෙම කියලා පෙන්නුවෙ ලොකු කළු පාට ගේට්ටුවක් තියන තට්ටු දෙකේ මහ පාළු ගෙයක්. හත්තික්කෙ මේක අපාර්ට්මන්ට් එක කිව්වොත් අපාර්ට්මන්ට් එකට කියන්න නමකුත් නැති වෙනවනේ. එයිට වඩා ලස්සනයි භූත ගුහාව කියලා කිව්වා නම්. ඒක ඇත්තටම ඒ වගේ. මින්සෙන් නගරය කෙළවරේම තියන මේ ගෙදරට පිටිපස්සෙන් තියෙන්න නිමක් නොපෙනෙන මුහුද තරම් විශාල විලක්. දැන් තමයි මගේ සූකිරි මොලේට තේරුනේ අපිට ගූගල් මැප් එකෙන් පෙන්නපු පාර දිගේ යද්දි හම්බුනේ මේ විල කියලා. කිරි බුදු සන්තෝ.... දැන් තමයි තේරෙන්නෙ කොච්චර වටයක් ගහලද ඇවිත් තියෙන්නෙ කියලා.
අපි තුන්දෙනා බෑග් ටිකත් අරන් ඒ අපාර්ට්මන්ට් එක නොහොත් භූත ගුහාව දිහාට ගියා. පිටින් බලනකොට හරිම අඳුරු බවක් පෙනුනත් ඇතුළට ගියාම තමයි පෙනුනේ යකඩෝ මේකට තරු පහේ හෝටලෙකුත් පරාදයි කියලා. හෝටලයක් කිව්වට හෝටලයක්ම නෙමේ. හරියට නිකම් පරණ කාලෙ රජ මාලිගාවක් වගේ. අරෝ එහෙම්ම ගියේ එතන තිබුණ රිසෙප්ෂන් එකට. ඒකට රිසෙප්ෂන් එක කියන එක ටිකක් වැරදියි වගේ. ඒක තිබුණෙ පහළ තට්ටුවේ එහා කොනේම තිබුණු පුංචි කාමරයක. අරෝ එයාගෙ බෑග් දෙකත් මට දීලා එතන හිටිය මේ අපාර්ට්මන්ට් එක නොහොත් භූත ගුහාවෙ අයිතිකාරයා වාඩි වෙලා හිටිය මේසෙ ළඟට ගිහින් හිට ගත්තා. මන් නිකම් දැන් සහරා කාන්තාරෙ ඔටුවෙක් වගේ අතින් කටින් හැම තැනින්ම බෑග් එල්ලන්. මට හරියට අර මනුස්සයගෙ මූණ පේන්නවත් නෑ. විදේශ ආධාර ගන්න කියලා හිතන් ෂනූ දිහා බැලුවත් එයා නිකම් පුරාවස්තු විද්‍යාඥයෙක් වගේ ඇස් එහේ මෙහේ කරකව කරකව කාමරේ අස්සක් මුල්ලක් නෑර බලනවා. මේ අහිංසක ජීවියාව කාටවත් මතක නෑ. අරෝ අර මනුස්සයා එක්ක මොන මොනවදෝ කතා කරා. කියන්න සතුටුයි ඒත් මට මෙලෝ සංසාරයක් ඇහුනෙ නෑ.
" මේ අචී අර අතන කී බොක්ස් එකෙන් රූම් නම්බර් 9 යෙ කී එක අරන් එන්න. මන් ෂනූ එක්ක පහළට ගිහින් කාර් එක පාර් කරලා එන්නම් සුදෝ. "
අරෝ එහෙම කියලා එයාගෙ බෑග් දෙක ආයිමත් අරන් ෂනූ එක්ක කාර් එක පාර්ක් කරන්න ගියා. මන් එසැණින්ම මගේ රබර් ඇහැ දාලා බැලුවෙ මේකෙ අයිතිකාරයාගෙ සුකුමල වත කමල බලා ගන්න. අවාසනවක මහත. ඒ මනුස්සයා එතන හිටියෙ නෑ. අන්තරස්දාන් වෙලාද කොහෙද. මන් ඉතින් එයාගෙ මේසෙ උඩ තිබ්බ ලී වලින් හදලා තිබ්බ පෙට්ටියකින් අපේ කාමරේ යතුර අරන් එළියට ආවා. එන ගමන් මන් මගෙ තීක්ෂණ ඇස් වලින් අවට සිරි නරඹමින් ආවෙ. හරිම ගුප්ත තැනක්. පිටින් බලන කිසිම කෙනෙක්ට මේක ඇතුළ මේ වගේ ලස්සන තැනක් කියලා හීනෙන්වත් හිතන්න බෑ. පහළ තට්ටුවේ තිබ්බෙ දිගම දිග කොරිඩෝ එකක්. එහා කොනේ තිබ්බ අයිතිකාරයා හිටිය කාමරේ ළඟ ඉඳලා බැලුවම කොරිඩෝවෙ අනිත් පැත්ත නොපෙනෙන තරම්. මම අර ඩබල එනකම් පඩිපෙළ නැගලා අපේ රූම් එක තියන තැන හොයන් ගියා. ඒ පඩිපෙළ හදලා තිබුණෙ ලී වලින්. අඩිය තියන තියන වාරයක් පාසා ජිරි බිරිස් ගගා පඩිපෙළ කෙඳිරි ගෑවෙ හරියට කඩන් වැටෙන්න වගේ. එහෙම කඩන් වැටෙන්නෙ කෝමද මන් මේ පුළුන් කෑල්ලක් වගේ ඉද්දි හූම්. මන් පඩිපෙළ නැගලා උඩ තට්ටවුට ආවා. කියන්න සතුටුයි එතනත් පහළ වගේම අම්බානෙකට දිග කොරිඩෝ එකක්. මන් ඉතින් වැඩ්ඩා වගේ අතේ තිබ්බ යතුරත් කර කව කව ගියා. ගියාට පස්සෙ තමා තේරුනේ මෙහෙ තව අය ඉන්නවා කියලා. එහෙම කිව්වට මෙලෝ මනුස්ස පරාණයක් නම් පේන්න හිටියෙ නෑ. ඒත් එකේ ඉඳන් දහය වෙනකම් අංක කරපු කාමර දහයක් තිබුණා. ඊට එහාට වෙන්න තව තව කාමර තිබුණත් ඒවා අංක කරලා තිබුන්නෑ. මන් ඉතින් තව ඕප දූප හොයන්න ගියෙත් නෑ. දැන් ඉතින් තව අවුරුදු හතරක්ම මෙතන ඉන්න එකේ පස්සෙ මෙහෙ ඕප දූප ටික හොයා ගන්නවා කියලා හිතන් අංක නමය ගහලා තිබ්බ රූම් එකේ දොර අරින්න යතුර දැම්මා. ඒත් එක්කම වගේ එතනට අරෝයි ෂනූයි ආවා. මන් යතුර දාලා කැරකෙව්වත් අගුල කැරකුනේ නෑ. මගෙ තියුණු බුද්ධියට ලාවට වගේ තේරුණා මේ දොර ලොක් කරලා නෑ කියලා. මන් අර ඩබල දිහාට හැරිලා දාපු මොංගල් හිනාවෙන්ම ඒ දෙන්නා දැන ගත්තා මන් ඊළගට මොකක්ද කරන්න යන්නෙ කියලා. මම මගේ අයෝමය ශක්තිය යොදලා දොරට මගේ රාජකීය කකුලෙන් පාරක් දුන්නා විතරයි මිත්‍රවරුනි දොර ගලවන් බිම. දොර නම් කමක් නෑ කියමු ඒ දොරට එහා පැත්තෙ තිබ්බ දේ දැකලා මමයි අර ඩබලයි කොන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා ගියා.
To be continued.......
කොහොමද කතාව. හිතෙන දේ කොටාන යන්න 😁
අර තුන්කට්ටුව දැක්කෙ මොකක්ද කියලා හිතාගන්න පුලුවන්ද 😁
💚 කෑකෝ ගෙදර with අයිතිකාරයා 💚
𝔼𝕤𝕥𝕒𝕣♡✨