I am not a weak girl

By yoonseri2007

2.3K 508 137

......❤️‍....... එක රෑ අහසක එක පුංචි තරුවක් හොයනවා කොහෙද හද එළිය කියලා ..... ඒත් අමාවක දවසට හදක් කොහෙන්ද? ඒ ප... More

part 01
part 2
part 04
part 05
part 06
part 07
part 08
part 09
part 10
part 11
part 12 ( Final)

part 03

193 49 12
By yoonseri2007

jin pov

කෙළින්ම දිව්වේ සනීගෙ රූම් එකට...එයා නිදි...මං ඇද ලගට පුටුවක් ගෙනත් එයාගෙ පියවුණු ඇස් දිහා බලාගෙන හිටියා..එයා අඩලද? ඔව් එයා අඩලා ..ඇස් අග රැදිලා තිබුණ කදුලු බිංදු සාක්ශි දැරුවා....සනී අඩන්න ඇත්තේ මං නිසා නේද?.. මං හොද අයියා කෙනෙක් උනේ නෑ එයාට ඒත් මං මටම පොරොන්දු වෙනවා මොන ප්‍රශ්නේ ආවත් මගෙ නංගි වෙනුවෙන් ඕනෙම දේකට ඉන්නවා ...මං දැක්කේ එයාගෙ නළල තුවාල වෙලා...ඇයි ඒ? මං මගෙ අත තිබ්බේ එයාගෙ සිනිදු නළලට ඒත් එක්කම සනී ගැස්සිලා ඇහැරුනා

sang mi pov

නිදාගෙන හිටපු මං ගැස්සිලා ඇහැරුනේ කවුරු හරි ඔලුව අතගාපු නිසා...

" ඔප්පා"
වෙන කවුරුත් නෙමේ ඒ මගෙ ඔප්පා ඒත් ඇයි එයා මගෙ රූම් එකේ අනික එයාගෙ ඇස් වල කදුලු

" වේ ඔප්පා"

" මියානේ සනී පැටියෝ"
ඔප්පගෙ ඇස් වල හිරවෙලා තිබුණ කදුලු එකින් එක කඩාගෙන වැටෙනවා

" ඇයි සමාව ඉල්ලන්නේ?"

" ඔයාව අවිශ්වාස කරාට..අර කොහෙවත් යන කෙල්ලෙක් නිසා"

මෙච්චර වෙලා අඩ,අඩ හිටපු මගෙ හිතට සැහැල්ලුවක් දැනුනේ ඔප්පගෙ වචන වලින්..අන්තිමේදි එයා ඇත්ත තේරුම් ගත්ත එකටනම් මට සතුටුයි..

" ඒක දැන් අමතක කරලා දාන්න ඔප්පා"

" සනී ඔප්පට සමාව දෙනවද?"

වැරදි කිරීම මනුස්ස ගතියක්..සමාව දීම දේව ගතියක්..ඇයි මං ඔප්පට තව අවස්තාවක් නොදෙන්නේ අනිවාර්යයෙන්ම දෙනවා........

" එහෙම දෙන්න බෑ"

" වේ?"

" ලොකු චොක්ලට් එකක් ඕනේ😂"

" අයිගෝ එකට දෙකක්ම දෙන්නකො"

" හරි එහෙනම් "

" දැං ආපහු නිදාගන්න"

" අපෝ බෑ මට බඩගිනියි"

" එහෙනම් යමු කන්න"

" යමූ....."

............................................................................
.
.
.

යුන්හි මායි හිටියේ cls එකට එන ගමන් අද යුන්හියා එක්ක ආපු නිසා පරක්කු උනා..අපි පන්තියට එනකොට කවුරුත් හිටියේ නෑ..ආ නෑ ඒක්කෙනෙක් හිටියා..ඒ ඉතින් අපේ නිදි කුමාරයා යුන්ගි සුපුරුදු පරිදි නිදාගෙන

" යුන්ගී...."

" යුන්ගී .."

යුන්හියා කෑගැහුවත් යුන්ගි නෙමේ ඇහැරෙන්නේ ලෝකේ විනාශ වෙද්දිත් මේ යකා නම් නිදාගෙනම ඉදියි...

" යහ් යුන්ගී...නැගිටිනිවා.........." දන්නවනේ යුන්හියගෙ කටේ සද්දේ ඒ පාර නම් යුන්ගි ගැස්සිලා නැගිට්ටා..

" මො.මොකද බෙරිහන් දෙන්නේ"

" හ.හ් කියලා කියලා බැරිම තැන තමා උච්ච ස්වරයෙන් කතා කරේ"

" අනෙ ම්.."

" ඇති අනේ යුන්ගි කෝ මේ අනිත් ලමයි" මං ඇහුවා..යුන්ගියි යුන්මියි පැටලුනා කියන්මේ ගින්නක් තමයි..

" ආ එයාලා ප්‍රැක්ටිස් රූම් එකේ"

" වේ?"

" ලාස්ට් ඉයර් කොන්සට් එකට අපේ ක්ලාස් එකෙන් අයිටම් එකක් හදනවා ඔයාලත් යන්න"

" ඉතින් ඇයි ඔයා යන්නේ ්නැත්තේ?"

"අපෝ ඕවට වඩා නිදාගන්න එක කොච්චර දෙයක්ද"

" නිදාගන්නවා.. නිදාගන්නවා.. " යුන්හි කිව්වේ හිනා වෙවී

මායි යුන්හියි දෙන්නම ප්‍රැක්ටිස් රූම් එකට ගියා..එතන අනිත් ලමයිනුත් හිටියා.. ඩාන්ක් මිසුත් හිටියා..අපි දෙන්නත් අනිත් අය වගේ පැත්තකින් වාඩි උනා..

" හරි මං හිතනවා ඔයාලා ඔක්කොම මං මෙතනට එන්න කියපු හේතුව දන්නවා ..මේ පාර ඔයාලගෙ ක්ලාස් එකෙන් ඩාන්ස් පෆෝම්ස් එකක් ඉතින් අපි තමයි දෙන්නා දෙන්නා තෝරන්නේ ඒ වගේ හොඳටම කරන දෙන්නා තමා මේ ඩාන්ස් එකේ මේන් කපල් එක "

" කපල් ඩාන්ස් " හේසොක් ඇහුවේ ඇසුත් ලොකුකරගෙන

" දේ හේසොක් එහෙනම් එක එක්කෙනා චූටි පෆෝමන්ස් කරන්න ඕනේ එතකොට මට තෝරන්න ලේසියි"

.......................................................................

හැමොම වගේ චූටි චූටි පෆෝම්ස් කරා..මාත් ඉතින් යුන්හිගෙ බල කිරිල්ලට කරා ..මිස් දැන් කපල් තෝරන්නයි යන්නේ..

" හරි එහෙනම් මේන් කපල් dancers ලා දෙන්නා තමයි ටේහ්‍යුන් ඇන්ඩ් සන්ග්මි"

😐 මං එක එල්ලෙම බැලුවේ තේහ්‍යුන් දිහා එයා හිටියෙත් මං දිහා බලාගෙන..යුන්හ ිනං මගෙ අතත් මිරිකුවා..

" ඕ හ්වයිටින්ග් සන්ග්මියෝ.."

" ආයිශ් යුන්හී...." පිටත් අකමැත්තක් පෙන්නුවත් ටේ එක්ක මෙහෙම හරි ඉන්න ලැබුණ එකට හිත නම් ඔල්වරසන් දෙනවා

ඒ විතරක් නෙමේ තව දෙයක් අපේ යුන්හිගෙ පාර්ට්න තමයි ජිමින්..

" ඕ යුන්හියා හ්වයිටින්ග් " මාත් අනිත් පැත්තටම කියලා දැම්මා...

"යා.."

................................................................................

ටේ කියන්නේ හොද ඩාන්සර් කෙනෙක් වගේ හරි ඉක්මනට ස්ටෙප් අල්ලගන්නවා... ❤️‍🔥ඒක නිසා එයා එක්ක ඩාන්ස් කරන එක එච්චර අමාරු නෑ..ඇත්තටම මං හිටියේ සතුටින්..මං හිමින් සැරේ බැලුවේ යුන්මින් කපල් එක දිහා මං හිතන්නේ යුන්හි ජිමින්ට තව අවස්ථාවක් දෙන්න ඕනේ..ඒ අතරේ මියා දිහා නොබැලුවාම නෙමේ..මියාගෙ මූනෙනම් හිනාවක් තිබුණේ නෑ මං දිහා අලුවෙලා යන බැල්මක් දානවා .
.
.
.
.
ටේ එක්ක ඩාන්ස් ප්‍රැක්ටිස් කර කර හිටපු මං එකපාරටම තල්ලු උනේ කවුරු හරි මාව තල්ලු කරපු නිසා ..ඔව් ඒ මියා තමයි

" වේ මියා"

" තමුසේ.....ලැජ්ජා නැද්ද අනුන්ගෙ කොල්ලෝ එක්ක නටන්න ආ "

මියා ඇහුවේ මගෙ කොණ්ඩෙන් හයියෙන් අදින ගමන්

" ආ..මියා මොනාද මේ ඔයා කියන්නේ"

" මියා සන්ග්මිගෙ කොණ්ඩෙන් අතාරින්න මියා කිව්වහම අහලා අතාරින්න" ටේ කිව්වේ ටිකක් තදින් කොන්ඩෙන් ඇද්ද පාරට මගෙ ඇස් වලින් කදුලුත් පැන්නා

" චේබ්ල් මියා මගෙ අත අරින්න ආ"

" මියා සන්ග්මිගෙ කොණ්ඩෙ අතාරින්න"ටේ එකපාරටම මියාගෙ අත ඇදලා ගත්තා..

" ඔයාට ඕනෙනම් ටේහ්‍යුන්ගෙ පාර්ට්න වෙන්න මං මිස් ට කියලා මේ ඩාන්ස් එකෙන් අයින් වෙන්නම් "
එහෙම කිව්ව මං අවුල් වෙලා තිබුණ කොන්ඩෙත් අතින් හද හද ඇස් වලටත් නිසහසේ අඩන්න දිලා කෙලින්ම දුවගෙන ආවේ පන්තියට..
.
.
.
ඒ කියන්නේ මියා කියන්නේ ටේගෙ ගර්ල්,ෆ්‍රෙන්ඩ් ..ඇස් ඇති කිව්වත් මට ඕනෙ උනේ අඩන්න ......

" හේ බේබී "
ඩෙස්ක් එකට ඔලුව තියාගෙන හිටපු මම ගැස්සිලා පිටිපස්ස බැලුවේ කවුද කතා කරේ කියලා

" වූබින්" මං මිමිණුවා

වූබින් කියන්නේ අපේ කොලේජ් එකේ ඉන්න නම්බර් වන් ප්ලේ බෝයි කෙනෙක්..එයා පහුගිය දවස් ටිකේම මගෙ පස්සෙන් ආවා ..මං පුලුවන් තරම් එයාව මග ඇරියා..ප්ලේබෝයිස්ලට මං චුට්ටක්වත් කැමති නෑ..එයාටම ගැලපෙන නසරානි යාලුවෝ දෙන්නෙකුත් ඉන්නවා ..

" යා.. වූබින් තමයි..ම්ම් මොකෝ තනියම "

"තමුසෙට වැඩක් නෑ යනවා මෙතනින්"

"ඕ මෙයාගෙ සැර ...අන්තිම පාරට අහන්නේ තමුසේ මට කැමතිද නැද්ද?"

"නෑ..නෑ මං තමුසෙට චුට්ටක්වත් කැමති නෑ"

" හ.හ් එහෙනම් එච්චරයි "

" දේ "

"මොකද කියන්නේ ඔය දිගට තියෙන කොන්ඩේ...බෙල්ල ගාවට විතර අඩු උනොත් ම්ම්ම්.."

" ම්වෝ"
කොණ්ඩේ? කොණ්ඩේ කියන්නේ මං පරිස්සමට රැකබලාගත්ත දෙයක්..කෙල්ලෙක්ගෙ හැදියාව පේන එක දෙයක් තමයි කොණ්ඩේ කියන්නේ ඉතින් ඒක ගොඩක් පරිස්සමෙන් ආදරෙන් බලාගන්න ඕනේ.. ඔම්මා මට කියලා දුන්නේ එහෙම..

" ඔය කතුර මෙහාට දෙන්න" වූබින් ගෙ එක නසරානි යාලුවෙක් කතුරක් වූබින්ගෙ අතට දුන්නා..

" එන්න එපා ලගට චේබල් එන්න එපා.."

" ඇයි බයද"

" ප්ලීස් එන්.."

.
.
.
.
" ඕක නවත්තනවා ......." බයටම ඇස් වහගෙන හිටපු මම ගැස්සුනේ ඒ කටහඩට..ඒක මං අහන්න ආස කටහඩක්..ඔව් ඒ මගෙ ටේ.....

" ඕ වීරයත් ඇවිල්ලනේ " .." හහ් ..ඔය දෙන්න මේ වීරයව අල්ලගන්න."

වූබින් කිව්වේ ආඅහු මගෙ පැත්තට හැරෙන ගමන් එයාගෙ යාලුවෝ දෙන්නා ටේගෙ අත්දෙකෙන් අල්ල ගත්තා.....

" ඕක නවත්තනවා "ටේ කිව්වා

"තමුසෙගෙ කර අඩු කරගෙන ඉන්නවා "

.
.
.
.
" වේ එහෙම නැත්තම් මොනා කරන්නද?" ඒ කඩහර මගෙ ඔප්පගෙ මං බැලුවේ දොර දිහා..ඔප්පා හිටියේ නම්ජුන් ඔප්පා එක්ක පිටිපස්සෙන් යුන්හිත් හිටියා එයා මට ඇහැක් ගැහුවා

"ඔය කොල්ලව අතාරින්න" ඔප්පා කිව්වේ ටේහ්‍යුන් දිහා බලලා ..ඒත් එක්කම වූබින් යාලුවෝ දෙන්නත් එක්ක එතනින් ඉක්මනට ගියා..වූබින් බය වෙන්නැති මොකද ඔප්පා සීනියර් ස්ටුඩන්ට් කෙනෙක් නිසා

" කුමාවෝ ඔප්පා"

" ඒක මොකක්ද සනී "

" මේ සන්ග්මිගෙ ඔප්පද ?",එහෙම ඇහුවේ ටේ

" දේ මං ජින් එතකොට ඔයා?"

" මං ටේහ්‍යුන් සන්ග්මිගෙ ක්ලාස් මේට් කෙනෙක්"..

යුන්හි මාවත් ඇදගෙන දිව්වේ එළියට

......................

👋

Continue Reading

You'll Also Like

26.9M 1.1M 42
she dreads to get to school because of one name. ; high school au, tsundere!taehyung lmao » under edit » #4 in fanfiction on 171222
571K 20.6K 95
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
1.1M 61.5K 38
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
2.4K 567 21
කලු පාටට පෙම් බදින ශේවේත වර්ණ කිරිල්ලයකගේ හා නර්තනය ජීවීතය කර ගත් මනුෂ්‍යයකූගේ කතාව ......🌒🖤