සක්

By HappyRanuk

16.1K 3.1K 527

මංමුලාවේ තිමිරයෙන් වැසී යටපත් වූ සත්‍ය සොයා සටන් කරනා තාරුණ්‍යයේ කතාව... අහිමිවීම් හිමිවීම් සමසේ දරා බැඳීම් ම... More

සක්
සක් 2
සක් 3
සක් 5
සක් 6
සක් 7
සක් 8
සක් 9
සක් 10
සක් 11

සක් 4

1.2K 271 24
By HappyRanuk

සක් 4

"මට උනොත් වෙන්නෙම මේවගේ වැඩ. දොර අරින්නෙ කොහොමද යකෝ දැන්"

මගෙ ඇගට උඩට වෙලා මාව අයිති කරන් ඉඳපු  ඩොක්ටර් නවීන් අකුණක් ගැහුවා වගේ පුදුම වේගෙකින් නැගිට්ටෙ.

" ඩොක්ටර් ....මේ පැත්තෙන් යන්න...බාත් රූම් එකට ගිහින් ඒක ලොක් කරගන්න ඇතුළින්. දෙයියනෙ අහු උනොත් අපි දෙන්නම ඉවරයි"

" හරි...උඹ පරිස්සම් වෙයන්...ඔය බල්ලව මට නම් ලොකු නෑ...ඒත් මේ වෙලාවේ කරන්න ඕන හොඳම දේ මූට අහු නොවී ඉන්න එක..උඹ ගැන හිතල උඹ ඉක්මනට ගිහින් කතා කරපන්...නිදාගෙන හිටියෙ කියපන්... "

ඩොක්ටර් නවීන් සද්දයක් ඇහෙන් නැති විදිහට කුස්සිය හරියට ගියාට පස්සෙ මම ඇස් පිහ දාන ගමන් එලියට ගියෙ නිදාගෙන ඉදලා නැගිට්ටා වගේ.

" අනේ සොරි අයියෙ...නින්ද ගියා ටිකක්..කරන්න දේකුත් නෑ නෙ."

" උඹ දවල්ට කෑවද කියලා අහන්න ෆෝන් නම්බරේ වත් තිබ්බෙ නෑ නෙ...ළඟට ආපු ගමන් ආවේ...ආ මේන්"

" මේ මොනවද"

" ලබ්බ....මොනවද අහන්නෙ බත් එකක් ඇත්තෙ. කාල ඉදපන්..ජොබ් එකක් සෙට් වෙනකන් ඔහොම ඉදපන්කො...."

මම කෑම එක ගන්න අත දිග් කලේ මහ මටම බැන ගන්න ගමන්. මම ඒ තරම් බලු වැඩ කරන මිනිහා මම කෑවද නැද්ද කියලා පවා හොයලා බලනවා. මම ඔලුව උඩින් තියන් ඉන්න මනුස්සය එකම එක පාරක් වත් මම කෑවද බිව්වද කියලා ඇහුවෙ නෑ. ඇත්තමයි කොයිතරම් එපා එපා කිව්වත් මගෙ හිත හැමවෙලාවෙම ඩොක්ටර්වයි සංඛ අයියවයි සැසඳුවා. ඒ හැමවෙලාවකම වැඩි බරක් තිබ්බෙ සංඛ අයියගෙ පැත්තට, ඒත් ඒ දේ විශ්වාස නොකරන්න තරම් මොනවහරි මගෙ හිතිම්ම හදන් මම හිටියෙ ඩොක්ටර් මත්තෙමයි.

" මොකද උඹේ කනට උනේ...කනේ පාරක්වත් කෑවද කාගෙන් හරි. රතුවෙලා තියෙන්නෙ."

" ආ....ඔයාගෙ ඇඳේ ඉදලා තමා මේක උනේ...මකුණොද කඩිද මන්දා...මොකෙක් හරි කෑවා වගේ දැනුනා...රිදෙනවා ...මොනවා හරි ගාගන්න ඕනෙ"

" අනේ පල යකෝ.. මේතාක් කල් මං හිටියා..මගෙ කාපු නැති මකුණො කොහෙද බං තොගෙ කන්නෙ"

" ආ ඔව් ඔව්....ගුටි කෑවා මන් ..එකෙක් ඇවිල්ලා ගහලා ගියා..හරිනෙ "

" කනට ද "

" නෑ අහවල් තැනට...මේ අයියෙ, මම ගේ උන එක අත්ත. ඒත් ඔයවගේ ජරා විදිහට දාලා කතා කරන්න එපා"

" ඈ පරයො...දැන් තෝ ඔය කිව්ව එකට ගහන එක හරි ගහගන්න එක හරි ජරා වැඩක් වෙන්නෙ කොහොමද ...මේ ලෝකේ මිනිස්සු කරන දෙයක්...උඹ මොකද හැමදාම තනියෙන් ඉන්න ඈ ඕක නොකර"

ජරා වැඩේ කිව්වට ඉතින් මම ඕක කරගත්ත නැති එකෙක් නෙමේනෙ. අයියා හිතන් ඇත්තෙ ඒ විදිහට. කොහොම හරි මට ඕන උනේ කතාව දිගට අල්ලගන්න අයියා කාමරේ ඇතුලට යන්න නොදී. ඒත් වැඩි වෙලාවක් ගියෙ නෑ. වෙන්න පුළුවන් නරකම දේ වෙන්න පටන් ගත්තා. අයියා බයිසිකලෙන් බහින ගමන් කිව්ව දේ නිසා මම රත් වෙලා ගියා.

" පම්ප් එකක් දාලා යන්නෝනෙ...ආයෙ ඔෆිස් එකට යනකම්ම හිර කරන් යන්නෙපැයි නැත්තං"

මට කරගන්න දෙයක් තිබ්බෙ නෑ. මම අයියා යන පස්සෙන් ගියෙ කොහොම හරි මොනවාම හරි කියලා අයියව නවත්තන්න. අයියා කාමරේට ගිහින් කුස්සිය්  හරියට යනකොට මම අයියව අතින් අල්ලලා නැවැත්තුවා.

" ඇයි අරක ජරා වැඩක් නෙමේ කිව්වෙ....එතකොට අයියත් එහෙම කරලා තියෙද"

" මොනවද යකෝ අහන්නෙ...මට අවුරුදු විසි හතක් දැන්. තෝ හිතුවද මම හැඟීම් දැනීම් නැති මිනිහෙක් කියලා."

" ඒ කියන්නෙ කොල්ලො එක්කත්"

ඒ අහපු දෙයින් අයියා යන ගමන නතර  කරලා නැවතිලා ආප්ස්ස හැරිලා මගෙ දිහා බැලුවා.

" මුලිම්ම මේක තේරුම් ගනින්..මම උඹට  ඉන්න දුන්න එකෙන් හොයලා බලපු එකෙන් කියන්නෙ නෑ මම උඹ වගේ කියන එක. මේ ලෝකෙ මිනිස්සු වෙනස්...උඹ ඇඳට යන්න කැමති විදිහ වෙනස්...මම ඇඳට යන්න කැමති විදිහ වෙනස්....එදා මම කරපු විහිලුව නිසා මම ගැන පොඩි හරි වැරදි අවබෝධයක් හිතේ තියේනම් ඒක අයින් කරගනිම්. මනුස්සයෙක් කොල්ලන්ටද කැමති කෙල්ලන්ටද්  කැමති කියන එක ඒ මනුස්සයගෙ අයිතිය. අපි කවුරුත් ඒක බලෙන් වෙනස් කරන්න යන්න හොඳ නෑ....ඒක බලෙන් වෙනස් කරන්නත් බෑ. ඒ දේ තේරුම් අරන් ජීවත් වෙයන්."

මගෙ හිතේ අයියා ගැන රාගික අදහසක් නොතිබ්බා නෙමේ.පිරිමියෙක් දැක්කම ඒ මිනිහා ගේ ද නැද්ද කියන්  දේ අදාල කරගන් නැතුව ඒ මනුස්සයා ගැන පොඩි හරි අකාර්ෂණයක් අපිට ඇති වෙනවා. ඩොක්ටර් නවීන් ගාවදි මට ගේ කියන දෙයින් ඈත් වෙන්න ඕනෙ කියලා හිතලා එයාව මගෑරියත් සංඛ අයියා ඉස්සරහා දි මට ගේ කියන දේ බරක් උනේ නෑ. ඒ ඇයි කියන්න මම දන්නෙ නෑ. අයියගෙ පෞරුෂයට හැසිරීමට අනික් මිනිස්සු ගැන හිතන විදිහට මම මාර විදිහට ආස කලා. අයියා කතා කරද්දි පවා ඒ වචන මගෙ කන් වලට යද්දි මගෙ ඇස් දෙකේ තිබ්බෙ අයියගෙ යන්තමට තද පාට වෙච්ච දරඳඩු තොල් දෙක. අයියා කියන දේවල් මට මාර විදිහට දැනුනා. එයා කියවන එක නතර කලා කියලා දැනුනේ අනික් ඔඇත්ත හැරිලා ආපහු බාත් රූම් එකට යන්න හදනකොට.

" අයියෙ මේ අහන්න...මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනෙ..."

" මිනිහෝ...බොක්ක පුපුරනකම්ම තෝ මට වැඩේ කරගන්න දෙන්නැද්ද....වෙන වෙලාවක කතා කරමු. මට මල්ලිලා නෑ. උඹව මට මල්ලියෙක් වගේ...අයියෙක් වගේ සහෝදරයෙක් වගේ මම දිහා බලපන්...."

ඒ කිව්ව දේට මට උත්තරයක් දීගන්නවත් ආපහු අයියව නවත්තන්නවත් පුලුවන් කමක් තිබ්බෙ නෑ. මම ඔහේ බලන් හිටියෙ වෙන දේකට වෙන්න දීලා.  අයියා බාත් රූම් එකේ ලොක් එක කරකවන්න යද්දිම මාව සීතල වෙලා ගියා. මම කරගන්න දෙයක් නැතුව ඇස් දෙක වහගත්තා. ඒ වෙලාවෙදිමයි අයියගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තෙ.

" හෙලෝ....මොකක්...සූරිය මාවත පැත්තෙ...නෑ ....උඹට ශුවර් ද ඒ කාර් එක කියලා...එදා ඇවිත් මම ගැන විස්තර අහලා ගිය කාර් එකමද...ඉඳපන්...මම එනවා"

අයියා අත අහකට අරන් අනික් පැත්ත හැරුණාමයි මගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ. අයියා කරන්න ආපු වැඩේ නොකරම ආපහු යන්න ලෑස්ති උනා.

" පොඩි හදිස්සියක් ...මං යනවා. ආ මේ...මං අද එද්දි ටිකක් රෑ වෙයි. පාටි එකකට යනවා. උඹ ගාව සල්ලි තියේද..කඩෙන් මොනා හරි ගෙනල්ලා කාපන්"

" ආ ඔව්ව්...හරි..මම එහෙම කරන්නං...පරිස්සමින් යන්න අයියා"

අයියා එලියට ගිහින් බයික් එකට නැගලා යනකම්ම මම බලාගෙන හිටියෙ හරියටම ගියා කියලා ශුවර් කරගත්තට ප්ස්සෙ ඩොක්ටර් ට එලියට එන්න කියන්න. ඒ වෙලාවෙදි අයියා කෝල් එකෙන් කියපු දේ මට හිතන්න දෙයක් ඉතුරු කලා.

" ඒ කියන්නෙ මීට කලින් ඉඳන් ඩොක්ටර්  සංඛ අයියාගැන හොයලා තියෙනවා. අනිවාර්යයෙන් ඩොක්ටර් ගෙ කාර් එක්  ගැන තමයි කවුරු හරි කියන්න ඇත්තෙ. මම හිතනවට වඩා දෙයක් මේ දේ ඇතුලෙ තියෙනවා. අන්තිමට මේ හැමදේම මගෙ පිටින් යයිද මන්දා"

මං තනියෙන්ම හිත හිතා ඉද්දි ඩොක්ටර් නවීන් බාත් රූම් එකේ දොර ඇරගෙන එලියට ආවා. සද්දෙ ඇහිලා මම ඒ පැත්තට ගියෙ දොර වහන්.

" ඌ ගියාද...තව පොඩ්ඩෙන් මාව අහු වෙනවා..."

" හ්ම්ම්..ගියා..ඩොක්ටර් ට ඇහුනද අයියට ආව කෝල් එක...ඒ කිව්වෙ ඩොක්ටර් ගෙ කාර් එක ගැනද"

" හ්ම්ම්...මම හිතන්නෙ ඔව්...මීට ජලින් දවසක් මම ඇවිත් මූ ගැන අහලා බැලුවා. ඒ කවුරු හරි තමා ඕක කියන්න ඇත්තෙ"

" ඩොක්ටර් ...මං කෙලින්ම දෙයක් අහන්නද"

" හ්ම්ම්...අහපන් කොල්ලො"

" අපි සක් හඬ පත්තරේට විරුද්ධව අපහස නඩුවක් දාමුකො. මේවගෙ ඔත්තු බලන්න ඕනෙ නෑ නෙ එතකොට. අනික ඩොක්ටර් එක්ක මැසේජ් කරලා බැනගත්ත පලියට සක් කියන රයිටර් සංඛ අයියම වෙන්න පුළුවන් ද ? බැරි වෙලා හරි එයා නෙමේ නම් ඒක ලියන්නෙ කවුද කියලා කොහොමද අපි හොයන්නෙ..."

" උඹ කියන්  කතාව ඇත්ත කොල්ලො...නිකමට හිතපන්. ගේ මිනිස්සු ගැන සමාජෙ උන් හිතන විදිහ. නීතිය පැත්තෙන් වෙන දේ. හැමෝම ගන්නෙ උන්ගෙ පැත්ත. අපි කොහොමද පත්තර කන්තෝරුවක් එක්ක හැප්පෙන්නෙ බං...උන්ට ඕනෙ පත්තරේ නග්ගලා ගන්න...ඕන ඇත්තක් බොරුවක් කරලා ගනී ලස්සනට "

" හරි...ඒත් ඩොක්ටර් මේක ගේ අයට ට්‍රීට්මන්ට්  කරන දෙයක්නෙ...ඒකට ඇයි මිනිස්සු විරුද්ධව කතා කරන්නෙ..."

" උඹ තාම පොඩි වැඩී කොල්ලො...මේ සමාජෙ ගැන හරියට දන්නෙ නෑ..."

" අනේ මන්දා ඩොක්ටර් ...දැන් එතකොට සක් කියන නම දාන් ඔය පත්තරේට ලියන්නෙ මේ යකා නම්....ඩොක්ටර් මොනවා කරලද එයාව නවත්තන්නෙ"

" මම ඌට තේරුම් කරලා දෙනවා...බැරි උනොත් වෙන විදිහකින් හරි අපේ පාරෙන් ඌව අයින් කරන්න වෙනවා"

" වෙන විදිහක් කිව්වෙ?"

" හොඳින් හරි...නරකින් හරි....."

ඒක අහපුහාම මාව මොකද්ද වෙලා ගියා. ඇත්තටම ඒ පත්තරකාරයා සංඛ අයියා නම්...ඩොක්ටර් එයාව කොයි විදිහකින් නවත්තන්ඩ යයිද ...එයාගෙ ජීවිතේ ට මොනවා හරි උනොත් මමත් ඒ පව්කාරකමේ කොටස් කාරයෙක් වෙනවා නේද...මගෙ හිතේ වැඩකලේ ඔයවගේ දේවල්.

ඒ අතරෙ ඩොක්ටර් කාමරේට ගියෙ සංඛ අයියගෙ මේසේ අවුස්සලා බලන්න...ඩොක්ටර් එකින් එක හැම්දේම පෙරල පෙරල බැලුවා. ඒත් සක් හඬ පත්තරේට ගෑවිච්ච කිසිම දෙයක් එයාට හොයාගන්න බැරි උනා. ඒ හැම වෙලාවෙම මං හිතින් ප්‍රාර්ථනා කලේ සක් කියන පත්තරකාරයා සංඛ අයියා නොවේවා කියලා. හොයලා හොයලා ඒක තේරුමක් නෑ කියලා දැනුනට පස්සෙ ඩොක්ටර් ඒ වැඩේ නවත්තලා දැම්මා.

" මං කිව්වනෙ...ඔය සක් කියන රයිටර් සංඛ අයියා වෙන්න බෑ...එහෙනම් අඩුම ගානෙ ආටිකල් එකක් හරි තියෙන්නඑපැයි"

" හ්ම්ම්....ඒත් මට ඉන්න එකම ලොකුම සැක කාරයා මූ....මූ එදා මට තර්ජනේ කලා මැසේජ් කරලා. මම කරන වැඩවල හෙළුව ලෝකෙටම එලි කරනවා කියලා"

" එදා කිව්වෙ...??"

" කවුද මන්දා එකෙක් මගෙ ට්‍ර්රීට්මන්ට්වලට ආවා. ඌ කුණු ලෝබයා...කිසිම විශ්වාසයක් නැතුව සෙශන් වලට ආවේ...එ මදිවට පාන් කෑවා වගේ සල්ලි දුන්නෙ...සේරම ඉවර වෙලා අන්තිමට කියනවා උගෙ කිසිම දෙයක් වෙනස් උන් නෑ ලු...මම කරන්නෙ බොරුවක්ලු කියලා...ඌ තමා ඔය මූ එක්ක කියලා මම එක්ක ඇරගන්න ආවේ..."

"සංඛ අයියා ගේ නෙමේනෙ....එහෙනම් එයා ඒ විදිහට තමා මේකට පැටලිලා තියෙන්නෙ...ඉතින් අර ට්‍රීට්මන්ට් ගත්ත කොල්ලා ඊටපස්සෙ මොකද කලේ..."

" මොනවා කරන්නද මල්ලි...මම වැරදි නම් පොලිසි යන්න තිබ්බනෙ....අනික උඹ මට කට්ටිය කීයක් එව්වද...එකෙක්වත් ආපහු උඹට බැනලා තියෙද උඹ බොරු තැනක්නෙ පෙන්නුවෙ අපිට කියලා....කවුරු හරි බැනල් තියෙද ආ..."

" නෑ....."

" අන්න ඒකනෙ...එක්කො ඔය යකාම ඌව එවන්න ඇත්තෙ මේ දේ ගැන බලන් බොරුවක් හදලා පත්තරේට ලියන්න...."

" සමහරවිට ඒ කොල්ලා වෙන පත්තර කාරයෙක්ටත් මේක කිව්වා වෙන්න බැයිද....සක් කියන කෙනා සංඛ අයියා වෙන්න තියෙන්නෙ සීයට පනහක ඉඩක්නෙ..."

" ඕකා මොකා උනත් මම හොයාගන්නවා ...එදාට බලමුකො...මේ...අරූ කර් එක ගාව තාම ඉන්නවද දන්නෙ නෑ නේද....යන්නත් ඕනෙ....ඒත් ටිකක් ඉඳලම යන්නද කියල බැලුවෙ..."

" ම්ම්..දැන් නම් පැය බාගෙට වඩා ගියා නේද...පරක්කු වෙනවා කියලා කිව්ව දෙතුන් පාරක්...සමහරවිට වෙන කාටහරි බලන්න කියලා එයා යන්න ඇති වැඩ කරන තැනට....ආ..මේ එහෙම කියද්දි මතක් උනේ...සංඛ අයියා වැඩ කරන්නෙ කොහෙද...."

" ලෑන්ඩ් සෙලින් කම්පැනි එකක...වැඩ කරන්නෙ මිනුවන්ගොඩ පැත්තෙ. මම හොයලා බැලුවා ඕක මුලිම්ම"

" ඒවගෙ තියෙන වැඩ කන්දරාවත් එක්ක ඉතින් පත්තර වලට කොහෙ ආටිකල් ලියන්නද ඩොක්ටර් ...."

" ලියන එකා මොකා උනත් ඇත්ත නමින් නොලියා ඇයි සක් කියලා දාගත්ත වෙනම සිග්නේචර් එකකින් ලියන්නෙ.. ඒ ඌ කවුද කියන එක පිටට හංගන්නනෙ....පාට් ටයිම් ආටිකල් ලියන්න බැයිද ඇයි...අනික ඌ ඔය අවජාතක කාක්කද පාත්තයද මොකද්ද පේජ් ලබ්බක් අටවන් කවි ලියනවා..ඒ ඉන්නෙ මූ කියලා කොහොමත් අපි දන්නවනෙ  .. ඒකෙ ලියන ශෛලියට සක් එකේ ශෛලිය සෑහෙන්න මැචින්....."

" ම්ම්....මට නං පිස්සු වගේ..."

" ම්ම්ම්..බලමුකො...එක හීනෙන් එලි වෙන්නෑ නෙ....මේ මාත් යන්න ඕනෙ...පරක්කු උනා..හවසට මෙඩිකල් සෙන්ටර් එකට අපොයින්ට්මන්ට් තියේ..."

" හ්ම්ම්....කෝකටත් පිටිපස්සෙන් ගිහින් පාරට යන්න...දන්නෑ නෙ මොකෙක් හරි බලන් ඉන්නවද කියලා"

" ඒක ඇත්ත ...උඹ තව ඇලට් එකේ ඉඳපන්...ලැප් එකේ තියෙන්නත් පුළුවන් ඔය හැමදේම...පොඩ්ඩක් ට්‍රයි කරපන් ඒකට හොට දාගන්න"

" ම්ම්..මම බලන්නම්...කාරෙකට නැගලා මැසේජ් එකක් දාන්න...බයයි අර ආව කෝල් එක හින්දා"

" හ්ම්ම්...කොහොමින් කොහොමින් හරි උනේ අද උඹව හිතේ හැටියට කන්න බැරි උන එක..."

" කන්න තමා....අනේ මෙ ..අහු උනානම් අරූ මගෙ ඔලුව කන්නෙ...."

" හී ....මං යනවා කොල්ලො....ගෙදරට යවන්න සල්ලි ටිකක් දෙන්නම් පස්සෙ...ආදරෙයි මැණික....කෝ උම්මා එකක් දීපන්"

මම ඉල්ලුව පමාවට ඩොක්ටර් ට හාද්දක් දුන්නෙ හිතේ තිබ්බ ආදරේකටවත් ආසාවකටවත් නෙමේ. ඩොක්ටර් ව පුළුවන් තරම් ඉක්මනට පිටත් කරගන්න.

ඩොක්ටර් ගිහින් වාහනේට නැග්ගා කියලා මැසේජ් එකක් එනකන් මම හිටියෙ කාමරේ ඇතුලේ එහාට මෙහාට යන ගමන්....ඒ පනිවිඩේ ආවට පස්සෙයි  මම නිදහසේ හුස්මක් කටක්  ගත්තෙ.  මට කල්පනා කරන්න දේවල් තිබ්බා සෑහෙන්න. ඒ වෙනකන් ඉමල්ක කියන මිනිහා හිටියෙ ඩොක්ටර් නවීන්ගෙ පැත්තෙ. ඊට පස්සෙ ඒක වෙනස් උනා කියලා නෙමෙයි මම කියන්නෙ...ඒත් මම හේතුවක් වත් දන්නෙ නැතුවම සංඛ අයියාගෙ පැත්තට මගෙ හිත මාව යාන්තමට නම්මලා තිබ්බා...ඒකියන්නෙ ඒ වෙලාවෙදි මම හිටියෙ ඩොක්ටර් ගෙයි සංඛ අයියගෙයි මැද. මං වැඩි කාලයක් දන්නෙ අඳුරන්නෙ ඩොක්ටර් නිසා මගෙ හිත කිව්වෙ එයා වෙනුවෙන් ඉඳපන් කියලා. ඒත් අහන දකින දේවල් එක්ක මගෙ හිතේ මොකක් හරි උඩුගම්බලා යාමක් වෙන්න පටන් අරන් වගේ මට දැනුනා.

ඇඳ උඩින් මම තියලා ගිය බත් පාර්ස්ල් එක අරන් මං කුස්සියට ගියෙ තිබ්බ බඩගින්න නිසා. කුස්සියට වෙලා කන ගමනුත් බත් ඇටයක් ගානෙ මට මහ ලැජ්ජාවක් හිරිකිතක් දැනෙන්න ගත්තා.
බඩගින්න නිසා කෑවට මම කාපු කිසිම දේක රහක් වත් මම වින්දෙ නෑ. කාලා ඉවර වෙලා ලොකු දෙගිඩියාවකින් මම වතුර එකක් අරන් ඉස්සරහට ආවේ. වෙන කල්පනාවක හිටිය නිසාද මන්දා මම වතුර කෝප්පෙ මේසෙ උඩින් තියද්දී ඒක අඩමානෙට තිබ්බවිලා කෝප්පෙ බිමට වැටුනෙ හැමතැනම වතුර ඉහිරවාගෙන.

" ශිට්...මොන දේ කලත් අන්තිමට ඒක නෑවිලාම යනවනෙ..මගෙ දෛවය ලියපු එකා මොකාද මන්දා...."

මම මටම බැනගන්න ගමන් දොරගාව තිබ්බ රෙදි පාපිස්ස ගෙනල්ලා තෙමුන තැනට දාලා පල්ලෙහාට වෙනකම්ම දාලා තිබ්බ මේසෙ රෙද්ද උස්සලා උඩින් තිබ්බෙ වතුර නොගෑවෙන්න. ඒ වෙලාවෙයි මම දැක්කෙ මේසෙ අස්සෙන් බිමට වැටිලා තිබ්බ ෆයිල් එක.

" අඩේ....ඩොක්ටර් ආවා කියලා කෝල් එක ආව වෙලාවෙ මගෙ අතින් අස්සට වැටුන ෆයිල් එක....එවලෙ ආපහු ගන්න බැරි උනානෙ"

මම පුදුම කුතුහලේකින් ෆයිල් එක අරගත්තෙ මේ ෆයිල් එක මොකක් උනත් ඒක ඩොක්ටර් දැක්කෙ නෑ කියන එක හිතන ගමන්. මම ඇඳට ඇවිත් ෆයිල් එක දිගෑරියා. ඒකෙ තිබ්බෙ කපලා එකතු කරපු පත්තර ආටිකල් ගොඩක්... මම දකින දෙයින්  මාව හීතල වෙලා ගියා..කකුල් මැඩ්ලින් ගහන්න ගත්තා.... ඒ හැම ආයිකල් එකකම අන්තිමට තිබ්බෙ මම සෑහෙන්න හොයපු නමක්...

#සක්#

" දෙයියනේ...ඒකියන්නෙ ඩොක්ටර් ගෙ සැකේ හරි ..සක් කියලා පත්තරේට ආටිකල් ලියන්නෙ සංඛ අයියමයි...."

මට මොනවා කරන්නද කියලා හිතාගන්න බැරි උනා. පිස්සුවෙන් වගේ මම ෆෝන් එක අරන් ඩොක්ටර් නවීන් ට කෝල් කලා...ඩ්‍රයිව් කරන ගමන් නිසාද කොහෙද ආන්සර් කලේ නෑ. මම දෙවනි පාර ගත්තත් ඩොක්ටර් ගෙන් උත්තරයක් තිබ්බෙ නෑ. දැකපු වෙලේක ගනීනෙ කියලා හිතන ගමන් මම ආටිකල් ටික බැලුවා...

කුඩු විකුනපු ජාවාරම්... අවයව ජාවාරම්...මිනිස්සු රට යවනවා කියලා සල්ලි ගත්ත ජාවාරම්...හොර කපුවො....මේවගේ ආටිකල් ගොඩක් එකට එකතු කරලා තිබ්බා....ඊටපස්සෙ දැක්ක දේ මගෙ යටි හිතින් බලාපොරොත්තු උන දෙයක්..

#මෝහන ප්‍රතිකාර මගින් සමරිසි බව වෙනස් කල හැකිද.... හිසේ ඇම්මට කොට්ටෙ මාරු කරමුද#

ඒ අටිකල් එක කියවන්න ඕනෙමයි කියලා ගන්න හදනකොටමයි මට කෝල් එකක් ආවේ....ඒ ඩොක්ටර් නවීන්ගෙන්.

" මල්ලා කෝල් කලාද"

" ආ ඔව්ව් ..කීපාරක් කෝල් කලාද..හදිස්සියකට කෝල් එකක් ගන්නෙ නෑ නෙ.."

" හරි ඉතින් දැන් කියනවකො"

" මේකයි ඩොක්ටර් "

කියන්න ගත්තට මගෙ කට ලොක් උනා. මම කරන්න හදන්නෙ කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව මෝඩයෙක් වගේ ඩොක්ටර් ව විශ්වාස කරන්න යන එක නේද කියලා හිතුනා. මගෙ එක වචනෙකින් සංඛ අයියගෙ ජීවිතේට මොනවා හරි උනොත් කියලා මතක් උනා...අර ආටිකල් එකට කලින් තිබ්බ ආටිකල් සේරම සමාජෙට කරපු හොඳක් නේද කියලා මතක් උනා...මේ සේරම එක්ක මගෙ කට ලොක් උනා

" හෙලෝ....ඇහෙන්නේ නැද්ද...මොකද උනේ"

" ම්ම්..නෑ...ඩොක්ටර් ...මගෙන් කෙනෙක් ඇහුවා ට්‍ර්රිට්මන්ට් ගැන. මම විස්තර කිව්වට පස්සෙ...එයා අහන්න කිව්වා පෝය දවසෙ ඩොක්ටර්  ට්‍රීට්මන්ට් කරනවද කියලා...ඒක දැනගන්න කතා කලේ"

"  හරි ලොකු හදිස්සිය. ඩ්‍රයිව් කරන එකත් නවත්තලා  කෝල් එක ගත්තෙ"

" හරි හරි සොරි ..."

" ම්ම්..පෝයට ට්‍රීට්මන්ට් නෑ කියන්න මල්ලා...අපේ සොසයිටි එකකෛන් අපි නෙළුම් මල් පූජාවක් කරනවා. හැම පෝයටම ඒවගේ මොනවා හරි කරනවනෙ අපි"

"ආ හරි...මම කියන්නම් ඩොක්ටර්..බායි..."

මම කිසිම කෙනෙක් ව විශ්වාස නොකර මධ්‍යස්තව ඉන්න තත්වෙට වැටුනා. සුදු ඇඳගෙන තමා ගොඩක් කලු මිනිස්සු ජීවිතවලට එන්නෙ කොයන එක මටම මිමිනුනේ ඇයි මන්දා.... මම කලේ ආටිකල් එක කියවන්න පටන් ගත්ත එක පුළුවන් ඉක්මනින්.

# සංස්කෘතියේ රෙද්දෙන් සදාචාරයේ තන පටයෙන් කය වසාගත් බොහෝ කුල කාන්තාවෝ  රාත්‍රියේ සිය සළු උනා දමා අතින් අතට ගියෝය. සංස්කෘතිය යනු අතීතයේ සිට පැවති විදිහ මිස යමක් කල යුතු හරිම විදිහ නොවන බව ඔබ අප තේරුම් ගන්න තුරුත් සළුපටින් කය වසාගත් වෙසඟනන්ට පතිනියන් යැයි අමතනු ඇත. මිනිසුන්ගේ ආකල්ප පටුය.රාමුවෙන් පිට නොසිතන උන් බොහෝය.තවත් ලෙසකින් දූපත් මානසිකත්වයෙන් පෙළෙන්නන් බොහෝට. ගෝලීයකරණය හා තරග වඳිමින් ඉදිරියට යනු විනා එක තැන පල් වීම ශෝකජනකය.

මා සමරිසියෙකු නොවේ. නමුත් මම ඔවුනට වෛර කරන්නෙකුද නොවෙමි. ඔවුන් පාගා දමන්නෙකුද නොවෙමි. විද්‍යාවත් මිත්‍යාවත් අතර ඇත්තේ එකිනෙකට ප්‍රතිලෝම සම්බන්ධතාවයකි. වචනයෙන් , ගෞරවයෙන් තියා නීතියෙන් හෝ පිහිටක් නැති තැන සමරිසි මිනිසුන් බොහෝ අසරණ වන්නේය. ඔවුන් මිනිසුන් ලෙස සමාජය නොදකින්නෙ ඇයිද... කුඩු කාරයින් හොරුන්ට මල්මාලා දමා පිලිගන්නා ලෝකය සමරිසීන් දෙස බලන්නේ වපර ඇසිනි. සමාජයෙන් එල්ලවන තාඩන පීඩන හමුවේ ඔවුන් අසරණ නොවන්නේද?? ඒ අසරණකමින් ප්‍රයෝජන ගන්නට බලා සිටිනා සමහරක් අපේ රටේ නොසිටීද...අද අවධානය ඒ වෙනුවෙන්.

සමරිසි බව ඇතිවන්නේ උපතින්මය, සරලව කිවහොත් එය ජානමය බලපෑමකි. එය අස්වාභාවික නොවූවකි. බටහිර රටවල් පවා එය රෝගයක් නොවන බව පිලිගෙන හමාරය.එවැනි තත්වයක් කිසිසේත්ම මෝහනය හෝ වෙනත් ප්‍රතිකාරයකින් වෙනස් කල හැකිද?? එය කිසි සේත්ම්  කල නොහැක්කකි.

සමරිසි බව ගැන දැනුම සමාජයටද හීනය. සමරිසීන්ටද ඔවුන් ගැන දැනගන්නට ඇති ඉඩ සීමිතය. එබැවින් ඔවුන් වංචාකරුවන්ට හසුවීමේ ඉඩ පුලුල් ය. මෝහනය මගින් සමරිසි බව නැති කරන බව පවසා අසරණ තරුණයන්ගෙන් මුදල් ගසා ගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අප ඔබට හෙලි කරන්නට සූදානම්... ගම්පහ ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක මෙම ජාවාරම ඔඅවත්වාගෙන යනු ලබන්නෙ ඒ ප්‍රදේශයේම රෝහලක සේවය කරනා වෛද්‍යවරයකු ය. ඔහුගේ මෙම ජාවරමට හඩු වූ තරුණයෙකුගේ සාක්ෂි මත පදනම් නොවී තව් දුරටත් ඒ ගැන සොයා බලා ඔබට එහි නිරුවත හෙලි කිරීමට අපි සූදානම්....

අවසානයට පෙර මම ඔබට යමක් කියමි.
මම සමරිසියෙකු නොවේ...නමුත් සමරිසියෝද මනුෂ්‍යයෝය.

සෙස්ස පස්සට. 
            @සක්
                 (යුක්තියේ සක් හඬ) ##

මට දැනෙනෙ මාව කරකෝලා අතාරිනවා වගේ. මේතරං කල් මම රැවටිලා කියලා පිලිගන්න මම අදිමදි කලා. මේ කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව මම බොරු කිය කියා මිනිස්සු කීයක් ඩොක්ටර් ගාවට යැව්වද...මම ඒ දේ හොඳ වුනා කියපෞ වචනෙට කීදෙනෙක් ඩොක්ටර් ගාවට ගියද...ඇත්තටම ඒ මිනිස්සු රැවටිලාද??

මම එතනින් එහාට තිබ්බ ආටිකල් දෙකම කියෙව්වා. ඒවගෙ සමලිංගිකත්වය ගැන විද්‍යාත්මකව පැහැදිලි කිරීම් එක්ක ජනතාව ඒ ගැන දැනුවත් කිරීම් තිබ්බා...ඊට පස්සෙ ඩොක්ටර් ගැන හැමදේම තිබ්බා...නමින් ඩොක්ටර් ව සඳහන් නොකලත් කෙලිම්ම ගහලා තිබ්බෙ ඒ ඩොක්ටර් නවීන්ට කියලා ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ..
මම ආයෙ ආයෙ ඒ ආටිකල් කියෙව්වා....ඊට පස්සෙ සංඛ අයියා ලිව්ව අනික් ජාවරම් ගැන ආටිකල් ටිකත් අකුරක් නෑරම කියෙව්වා. ඒ අකුරක් ගානෙ මාව සංඛ අයියාගෙ පැත්තට ඇදිලා ගියා වගේ මට දැනුනා.
ඒ පත්තරවල තිබ්බ අකුරු සේරටම වඩා පෑනෙන් ලියපු අකුරු ටිකක් මගෙ කඳුළු ඇවිස්සුවා...හදවත මෙලෙක් කලා...පපුව පසාරු කරන් ගිහින් මොලේට කතා කලා.

### සක් හඬ කාර්‍යාලය හරහා සක් වෙත

ආදරණීය පුතේ....පුතේ කිව්වට උඹ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලවත් නොදැන මං මේ ලියමන  ලියන්නෙ උඹට හදවතිම්ම ආශිර්වාද කරන ගමන්..පත්තරේ ගියපු ලිපිය නිසා අපේ ගමේ  කුඩු කාරයො සේරම පොලීසියට කොටු උනා. මගෙ කොල්ලව පුනුරුත්ථාපනය කොරන එකකට දැම්මෙත් ඒ මහත්තුරුමයි.මාස ගානකින්  පුතා ගෙදර ආව සතුටටයි මං මේ ලියන්නෙ....උඹට ජාති ජාතිත් පිං අපේ ගමේම...රටේ ම කොල්ලොන්ව බේරලා දුන්නට...උඹේම අම්මා කියනවා කියලා හිතපම් පුතේ...මම උඹට නියත විවරන දෙනවා..මේ කරන පිනට මගෙ පුතා බුදු වෙන්න ඕනෙ###

හවස් වෙනකම්ම මම ආටිකල් හැම එකම දෙතුන් පාර කියෙව්වා...ආයෙ ආයෙම කියෙව්වා. සංඛ අයියා ගැන මගෙ හිතේ මහ අමුතු ගෞරවයක් ඉපදිලා තිබ්බා. හැම අකුරක්ම හැම වචනයක්ම මගෙ කන් දෙකේ දෝංකාර දුන්නා....මම මටම සාප කලා...මටම වෛර කලා. මම මේතරම් මෝඩයෙක් ද කියලා හිතුනා....මම ඇඬුවා කියලා කියන්න මම ලැජ්ජ නෑ....ඒ හැම රැවටීමක්ම එක්ක තව දෙයක් මට හිතුනා...ඒ කියන්නෙ ගේ කියන දෙයින් මට කවදාවත් මගාරින්න බෑ....මම කවුද කියන එක මට පිලිගන්න බයක් තිබ්බා...

මම ඇඳට වෙලා සෑහෙන්න කල්පනා කලා...බඩගින්නක් දැනුනෙවත් නෑ. හවස් වෙලා දවල්ට කාපු එකට වඩා හිතේ තිබ්බ තරහට දුකට .  පැය ගානක් ඇඳට වෙලා මම අඬන්න ඇති. ඉසාරහට අඬන්න හේතුවක් එන බව දන්නවනම් තව කඳුළු ඉතුරු කරගන්න තිබ්බා...

මට ආපු කෝල් එක මම ගත්තෙ කවුද කියලවත් නොදැන.

" මිස්ටර් සංඛජිත් ව හොස්පිට්ල් ඇඩ්මිට් කරලා ඉන්නෙ...කාටද කියන්නෙ ඇහුවාම මේ නම්බර් එක අපිට දුන්නෙ...මිස්ටර් කවුද මිස්ටර් සංඛජිත් ගෙ"

" මොකක්...මේ කොහෙ හොස්පිට්ල් එකෙන්ද....සංඛ අයියට මොකද්ද වෙලා තියෙන්නෙ..ප්ලීස් කියන්න මට"

" වෙඩි වැදිලා තමයි ඇඩ්මිට් කරලා තියෙන්නෙ...සෑහෙන්න් බ්ලීඩ් වෙනවා..සෑහෙන පරක්කු වෙලා හොස්පිට්ල් එකට අරන් ඇවිත් තියෙන්නෙ..ලේ දෙන්නත් වෙයි ඉක්මනට. "

" කොහෙද හොස්පිට්ල් එක...දැන් කොහොමද අයියට"

" ගම්පහ හොස්පිට්ල් එක.අපිට හැමදේම ෆෝන් එකෙන් කියන්න බෑ නෙ මහත්තයා...හොස්පිට්ල් එකට ඇවිත් බලන්න"

              
                     මතුසම්බන්ධයි
******************************************

වාහනයක් එහෙම කතා කරලා තියාගන්න..සංඛ අයියට මොනවා හරි උනොත් මළගෙදර යන්නත් එපැයි....
මේතාක් මට දුන්න්  ප්‍රතිචාරවලට හදවතින්ම ස්තූතී...ඇත්තටම ගොඩ්ක් සතුටුයි...මම පුළුවන් තාක් කතා ලියලා ඔයාලව සතුටු කරනවා...ඉතින් ඒකට ඔයාලගෙ අදහස එකතු කරලා..ලයික් කරලා කමෙන්ට් කරලා මම ලබන සතුට මට දෙනවට ඔයාලට ස්තූතී..
ඉතින්...ලයික් කරලා කමෙන්ට් කරලා අනිවාර්යයෙන් ම අනිවාර්යයෙන් ම ශෙයා කරන්න...❤️❤️❤️❤️

Continue Reading

You'll Also Like

28.8K 3.9K 43
නුඹෙන් මං... විඳිමි හැඟුමන්... මා හද නිවාලනා ! ❤️
86.7K 9.2K 44
အဟိကုလေႁမြမ်ိဳးႏြယ​္ရဲ႕မင္းသား ပဋိရာဇာဝိဇယဟာ ခမည္း​ေတာ္ ​ေနာင္​ေတာ္နဲ႔ မ်ိဳးႏြယ္အတြက္ ရန္သူကိုလက္စားေခ်ဖို႔လူသားကမၻာကိုသြားခဲ့တယ္ ေနာင္ေတာ္ရဲ႕ အသက္ကိ...
691K 90.2K 59
Black-eyed Susan ဆိုတဲ့ ပန္​းရဲ႕ အဓိပၸါယ္​ကို သိလား စံု​ေထာက္​ႀကီး... Black-eyed Susan ပန္​းဟာ တရားမ်ွတမႈကို ကုိယ္​စားျပဳတယ္​တဲ့.. သူ႔ကို Flower of...
226K 29.2K 65
🐯 Taekook fanfiction 🐰 ____________________ Language : sinhala Taekook namjin sope Jihope Yoonminseok topTAE bottomKOOK 🔞💦💥 if you don't lik...