I am not a weak girl

By yoonseri2007

2.3K 508 137

......❤️‍....... එක රෑ අහසක එක පුංචි තරුවක් හොයනවා කොහෙද හද එළිය කියලා ..... ඒත් අමාවක දවසට හදක් කොහෙන්ද? ඒ ප... More

part 01
part 03
part 04
part 05
part 06
part 07
part 08
part 09
part 10
part 11
part 12 ( Final)

part 2

233 52 43
By yoonseri2007

ටේහ්‍යුන්.....
යාලුවෝ අතරේ එයා ටිකක් නිශ්ශබ්ද කෙනෙක්.එහෙමම නිශ්ශබ්දත් නෑ ඉතින් ..😂 කොටි මූණක් වගේ තමා එයාගෙ මූන.මං ආසම එයාගෙ කියුට් ස්මයිල් එකට
ඇත්තම කිව්වොත් ටේහ්‍යුන් ගැන මට කැමත්තක් තිබුණා.
ඒත් මං ඒක කියන්න ගියේ නෑ මොකද මට බය හිතුණා එහෙම කිව්වොත් අපි අතර තියෙන යාලුකම නැතිවෙයි කියලා .මේ ගැන දන්නේ යුන්හියා විතරයි .එයා නම් කියන්නේ කියන්න කියලා .ඒත් මට බෑ.මං හිතන්නේ ටේහ්‍යුන්ට දැනටමත් එහෙම කෙනෙක් ඉන්නවා .

අපේ පැත්තට දුවගෙන ආවේ මියා
මං කිව්වේ එයා තමයි මියා ගොඩක් වෙලාවට ඉන්නේ ටේහ්‍යුන් එක්ක .ටේහි ටේහි ගාගෙන පස්සෙම්මයි .

ටේයා දුවගෙන ආව පාර මගෙ ඇගේ හැප්පුනා මං වැටෙන්නයි ගියේ....ඒත් එකපාරටම ආපු අතක් මාව අල්ලගත්තා
.
.
.
බයටම ඇස් පියවුනත් මං බැලුවේ කවුද මාව අල්ලගත්තේ කියලා ඒ ටේහ්‍යුන් එයා හිටියේ මට එහාපැත්තේ
හිත ගැස්සුනත් මං ඉක්මනට හිටගත්තා

" කුමවෝ ටේහ්‍යුන් " මං එයාට ඔලුව වනලා ආචාර කරා යුන්හියා නම් මට වැලමිටෙනුත් ඇන්නා 😑
ටේහ්‍යුන් එයාගෙ කියුට් ස්මයිල් එක දැම්මා

" අයිගෝ ටේහි එන්න අනේ මාත් එක්ක යන්න "
මියා කිව්වේ මං දිහා රවාගෙන මටත් ඕනෙ උනේ නෑ එයාලා අතරට ඇවිදින් බාදාවක් වෙන්න ඒක නිසා මං යුන්හිවත් ඇදගෙන ක්ලාස් එකට ගියා ..

Taehyun pov

මම හිටියේ හොබීයි යුන්ගියි එක්ක පොඩි කයියක් දාගෙන .ඒ එක්කම ක්ලාස් එකට ආවේ සන්ග් මියි යුන්හියි
සන්ග්මි ගෙ නළලේ ප්ලාසටර් එකක් අලවලා තිබුණේ ඒත් ඇයි එයාට මොකක් හරි කරදයක්වත්ද ?

" යා මොකද උනේ"
මං අහන්න යනකොටම යුන්ගි ඇහුවා

"වොලිබෝලේ වැදුනා "

ආහ් මං බය උනා සන්ග්මිට කරදරයක් කියලා
සන්ග්මි
ඒ කියන්නේ මං ආදරේ කරන කෙල්ල ඒත් මං කවදාවත් එයාට ඒ ගැන කියලා නෑ ..බැරිවෙලාවත් ඒකෙන් අපේ යාලුකම නැතිවෙන්න පුලුවන් .මෙහෙම හරි කතා කරලා ඉන්න එක හිතටත් පහසුයි .මට ඕනේ උනා එයාගෙන් අහන්න රිදෙනවද ගොඩක් තුවාලද මට ඕනෙ උනා එයාට කියන්න ඇවිදිනකොට වටපිට බලලා පරිස්සමින් ඇවිදින්න කියලා ඒත් මට ඒ තරම් ශක්තියක් නෑ

" ම්වෝ වොලිබෝලේ වැදුනම තුවාලත් වෙනවද" හේසොක් ඇහුවේ හිනාවෙවී

"දන්නැද්ද අපේ කෙල්ලට තියෙන්නේ සියුමැලි සමක්නේ ඉතිම් " යුන්හි කිව්වේ සන්ග්මිගෙ නහයට තට්ටුවක් දාලා

" හා...හ් උදේ හරියට නිදා ගන්නත් බැරි උනා මං යනව පොඩි නින්දක් දාන්න "
යුන්ගි කිව්වේ මගෙ පිටට පොඩි තට්ටුවක් දාලා ඕකගෙ වැඩේ නිදාගන්න එක
මං දැක්කා ඈත තියාම මියා දුවගෙන එනවා

මියා කියන්නේ පොඩි කාලෙ ඉදන්ම මගෙ යාලුවෙක් එයාගෙ අප්පගෙ කම්පැනි එකේ සකට්‍රි කෙනෙක් විදියට අපේ අප්පා වැඩ කරනවා ඒක නිසා පොඩි කාලෙ ඉදන්ම අපි අදුරනවා වෙලාවකට එයා වදයක් මියා ගැන මට තිබුණේ අප්‍රසාදයක් එයා සල්ලි නිසා ඔලුව උදුම්මගෙන ඉන්න කෙනෙක් මං ඒ වගේ අයට කැමති නෑ ..සන්ග්මි කියන්නේ කිම් කම්පැනි එකේ අයිතිකාරයගේ දුව උනත් එයා හරි චාම් ..අහිංසකයි

මියා දුවගෙන ආපු පාරට සන්ග්මි වැටෙන්න ගියා වෙන කරන්න දෙයක් තිබුණේ නෑ මං සන්ග්මිව ඉනෙන් අල්ල ගත්තා ..එයා ඉක්මනට නැගිට්ටා වේ ඔයා මට කැමති නැද්ද සනා?

"කුමාවෝ ටේහ්‍යුන් " මං එයා දිහා බලලා හිනාවුනා

" අයොගෝ ටේහි එන්න අනේ මාත් එක්ක යන්න"
මියා නම් පුදුමාකාර වදයක් .අපේ අප්ප වැඩ කරන්නේ මියාගෙ අප්පගෙ කම්පැනි එකේ නිසා මට මුකුත් කියන්න පුලුවන් කමකුත් නෑ ...ඒත් සනා(සන්ග්මි)ඉන්න තැන එයා මේ විදියට හැසිරෙනවට මං පොඩ්ඩක්වත් කැමති නෑ..සනා එයාගෙ යාලුවත් එක්ක  ඉක්මනට ක්ලාස් එකට ගියා ..එයා මාව මග අරිනවද?..ඒත් ඇයි ?..

"යා මියා ටේහ්‍යුන්ගෙන් මට පොඩි හෝම් වර්ක් එකක් අහගන්න තියෙනවා ඒක නිසා පස්සේ " හේසොක් ඒ වෙලාවේ එහෙම කිව්වේ මං ඉන්න තත්වේ ගැන තේරුම් අරගෙන වෙන්නැති

" මොකක්ද ටේහි"

" පස්සේ මියා" මටත් ඕනෙ මියාව මග අරින්න ඒක නිසා මං හේසොක්ගෙ කරටත් අත දාගෙන පන්තිය ඇතුළට ගියා

...................................................

sang mi pov

මං දැක්කේ හේසොක්ගේ කරට අත දාගෙන පන්තිය ඇතුළට එන ටේව එයා මියා එක්ක නොගිය එකට හිත ඇතුලෙන් ඔල්වරසන් දුන්නා
" කෙල්ලට හැපි වගේ "

" ආයිශ් යුන්හි ඔයානම්"

"මං දැක්කනේ කෙල්ලගෙ හිනාව"

" 😒"

ඒත් එක්කම පන්තියට ආවේ ජිමින් ..මෙච්චර වෙලා හිනා වෙවී හිටිය යුන්හිගෙ මූණ වෙනස් වුන විදිය මං හොඳටම දැක්කා..

" යුන්හි ඇයි ඔයා ඇත්ත් කියන්නේ නැත්තේ"

" මාව විශ්වාස කරන්නේ නැති කෙනෙක්ව මට ඕනේ නෑ සන්ග්මි"
එයා කිව්වේ කට කොනට හිනාවක් අරගෙන ඒත් මං දන්නවා ඒ හිනාව අස්සේ ලොකු දුකක් හැංගිලා තියෙනවා කියලා

" හ්ම්ම්" මාත් දුර දිග නොයා කතාව එතනින් නැවැත්තුවේ යුන්හි ගැන හිතලා

පාර්ක් ජිමින් ..එයයි යුන්හියි යාලු වෙලා හිටියේ හැබැයි මීට මාසෙකට ඉස්සර ..යුන්හිට ඉක්මනටම කේන්ති යනවා ..දවසක් යුන්හි ආෆ්ටර් ඉයර් ඔන්නි කෙනෙක් එක්ක වලියක් දාගත්තා ඒකේ ප්‍රතිපලේ උනේ ඒ ඔන්නි යුන්හිගෙන් පළිගන්න ජිමින්ගෙයි යුන්හිගෙයි අෆෙයා එක සෙල්ලමකට ගත්ත එක ..ඒ ඔන්නි යුන්හි මායි එකට ඉන්න ෆොටෝස් එඩිට් කරලා යුන්හි වෙන කොල්ලෙක් එක්ක ඉන්න විදියට ..ජිමින්ට ඒ ෆොටෝස් ශෙයා කරලා ..ඉතින් යුන්හියි ජිමිනුයි අතර ගින්නක් ඇවිලෙන එක අහන්නත් දෙයක්ද ..හිතුව වගේම ජිමින් යුන්හිව අත ඇරියා..මං යුන්හිට කොච්චර කිව්වත් ඇත්ත කියන්න්ස් කියලා එයා කියන්නේ එයාව විශ්වාස කරන්නැති කෙනෙක්ව එයාට ඕනේ නෑ කියලා ..එක අතකට එයා හරි විශ්වාසයක් නැති ආදරේකින් ඇති වැඩේ මොකක්ද ..?

.........................................................................

දැහැනකට සමවැදිලා වගේ මං හිටියේ හැන්දෑ අහස දිහා බලාගෙන ...හරියට චිත්‍රයක් වගේ...එක පැත්තකින් ගිනි බෝලයක් වගේ ඉර බැහැගෙන යනකොට අනිත් පැත්තෙන් ළාවට හද පායලා....ඉරයි හදයි දෙකම එකතු වෙන අහස තමා හැන්දෑ අහස
මං බැලුවේ  පහළින් පේන ගාර්ඩ්න් එකේ තියෙන මල් දිහා උදේ ලස්සනට පිපිලා තිබුණ සමහර මල් දැන් පරවෙලා සමහර මල් මැලවිලා....ඉර එළිය නැතුව මේ ම වලට පැවත්මක් කොහෙද?

බැල්කනි එකේ හිටපු මම අහම්බෙන් දැක්කා ඔප්පා බයික් එක ගේට් එකෙන් එළියට දාන විදිය ..ඔප්පගෙ ඒ වචන තාමත් මගෙ ඔලුව ඇතුලේ දෝංකාර දෙනවා වගේ

වෙමි එක මලක්
               මේ ගැබ්බර අහස යට.....
අයියා නමින් ඉර විය
               ඔහු මා ලොවට.........
එනමුදු මෙමා තනිකර
                බැස යන්නේ කිමද......
මැලවුණි එමල තනිවිය
                කළු අහස යට........

දවසෙන් බාගෙකටත් වැඩිය ඇඩුව නිසාවත්දෝ ඇස් වලට දැනුනේ වෙනදටත් වඩා මහන්සි ගතියක්
" ටිකක් වෙලා නිදාගන්නවා"

එහෙම හිතුව මං රෑ වෙන්නත් කලින් ඇදට වැටුනා නින්දටත් කදුලු හරස් නොවුනාම නෙමේ ..ඒත් ඉකමනටම මට නින්ද ගියා

.....................................................

jin pov

මං ගෙදරට ආවෙ පිස්සෙක් ගානට...දෙයියනේ මං මගෙම යොදෙංසෙංව නේද අවිශ්වාස කලේ ඒ කෙල්ලට මුණ දෙන්නෙ කොහොමද දැං..

Flashback ............

උදේ මං සනීට සලකපු විදිය වැරදිද......නෑ.....ඇයි එයා හෙයිමිට ඒ විදියට කතා කලේ...මං කැමැත්තෙන් හිටපු කෙල්ල තමයි හෙයිමි කියන්නේ මං ඊයේ රෑ එයාගෙ ඒ දේ ගැන ඇහුවත් එයා කිව්වේ මං සනීව අතාරිනවනම් එයා කැමතියි කියලා ...අමාරුවෙන් උනත් මට ඒ තීරණේ ගන්න උනා.....හෙයිමි යොදෙංසෙං ගැන කිව්ව දේවල් එක්ක මං ගත්ත තීරණේ හරි කියලා හිතුණා...

ගෙදර ඉන්න බැරි නිසා මං බයික් එකත් අරගෙන ආවේ හන් රිවර් එක ලගට අහම්බෙන් මගෙ ඇස් දැක්කේ හුරුපුරුදු රුවක් මං එයා ඉන්න තැනට දුවගෙන ගියත් දැකපු දේ නිසා මං මගේ කකුල් බ්‍රේක් ගැහුවේ මගෙ අවසරේකින් තොරවමයි..ඒ හිටියේ වෙන කවුරුත් නෙමේ හෙයිමි.ඒත් එයා හිටියේ තනියම නෙමේ..තව කොල්ලෙක් එක්ක..එයාලා ඉන්නේ අත් අල්ලගෙන හොදටම හිනා වෙනවා..ඒ..එ කියන්නේ හෙයිමි එ.එයා මාව රැවට්ටුවද ..ඔව් හෙයිමි මාව රැවට්ටුවා...ඒ විතරක් නෙමේ එයා මගෙ යොදෙංසෙං වත් මගෙන් ඈත් කරා .... මට දැනුනේ මගෙ පපුව දෙකට කැඩිලා යනවා වගේ.......දෙයියනේ මං මගෙ නංගිව අවිශ්වාස කලා නේද....කොහෙවත් යන කෙල්ලෙක්ව විශ්වාස කරා..💔 ඇයි මං එච්චර පවු කාරයෙක් උනේ ...සනී එයා මේ දේට සමාවක් දෙයිද මට මගෙ කෙල්ලට තියෙන්නේ චූටි දේටත් රිදෙන පොඩි හිතක් මගෙ වචන බර වැඩියිද ඒ හිතට...බයික් එකත් අරගෙන මං කෙලින්ම ආවෙ ගෙදරට

End flashback

................

Hi,
ඊලග එකත් ඉක්මනටම දෙන්නම්කො...🌸

Continue Reading

You'll Also Like

440K 6.8K 81
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
8.3M 107K 63
"Bad guys can be good too... when they're in bed." #1 in FANFICTION✓ © sujinniie 2018-2019 ✓ © sujinniie revised 2022
1.1M 19.3K 44
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...
1.8K 333 9
●හැම වෙලේම හිනා වෙන්න උත්සාහ කරන දඟකාර කෙල්ලො set එකක්. ●High School එකම හොල්ලන් ඉන්න සෙල්ලක්කාර කොල්ලෝ 7 දෙනෙක්. ●මේ අය ආදරේ කළොත්.