සක්

Von HappyRanuk

16.5K 3.1K 528

මංමුලාවේ තිමිරයෙන් වැසී යටපත් වූ සත්‍ය සොයා සටන් කරනා තාරුණ්‍යයේ කතාව... අහිමිවීම් හිමිවීම් සමසේ දරා බැඳීම් ම... Mehr

සක්
සක් 2
සක් 4
සක් 5
සක් 6
සක් 7
සක් 8
සක් 9
සක් 10
සක් 11

සක් 3

1.4K 276 40
Von HappyRanuk

සක් 3

මම කතා කලේ ලොකු පසුබැස්මකින්. ඇත්තටම මම ඒවෙලාවෙ අසරණ වෙලා නොහිටියත් සංඛ අයියා උදව් කරපු විදිහට, එයා මට වෙනසක් නොකර මනුස්සකමින් සලකපු විදිහට මගෙ අතින් මොනවා හරි වැරැද්දක් වෙයිද කියලා මම වද වුණා. ඩොක්ටර් නවීන් ඇත්තටම මම ගැන හිතනවද...අපි වෙනුවෙන්මද එයා මේ දේවල් කරන්නෙ....ඕවා හිත හිත වචන පිටනොවී තියෙනකොට එහා පැත්තෙන් ඇහුණ ඩොක්ටර් නවීන්ගෙ කටහඬ හරි ඍජු එකක් ....තියුණු එකක්.

" මට කෙලින් කියපන්...උඹට ඕනෙ මේ කරුමෙන් ගොඩ යන්න නෙමේද...මේතරම් උඹ ගැන හිතන මට වඩා දැන් කොල්ලො උඹට ලොකු අර කොහෙවත් ඉන්න කාලකන්නියෙක්ද"

" ම්ම්....මට සමාවෙන්න ඩොක්ටර් ...මට  ඔලුවෙ තිබ්බ පීඩනේට එහෙම කියවුනේ...මෙහෙම ඉන්න එකත් හරි අපහසුයි...අඳුරන කවුරුත් නෑ...දැන් හවස් වෙනකන් තනියෙන් ඉන්න ගියාම එපාවෙයි"

" මම 12 න් පස්සෙ මෙඩිකල් සෙන්ටර් එකට යනවා....අපි ටිකක් කතා කරමු...එතකොට ඔය කම්මැලි ගතිය නැතිවෙලා යයි"

" ඒත් අර මනුස්සයා ආවොත් මම කොහෙ ගියා කියලද කියන්නෙ...."

" ම්ම්....මෙහෙම කරමු....ඔය ප්ලේස් එක සේෆ් නම් මට පුළුවන් ඔහාට එන්න..."

" මොනවහරි අවුලක් වෙයිද..."

" නෑ නෑ....මම ඉන්නවනෙ...බය නොවී ඉදපන්"

ඩොක්ටර් නවීන් අඳුනගෙන ලොකු කාලයක් ථිබ්බෙ නෑ. මාසයකට දවස් ගානක් අඩු වෙන්න ඇති.ඒ ටික කාලෙට අපි පස් හය වතාවක් මුණගැහුනා. ගොඩක් දේවල් කතා කලා, එයාගෙ ඇග මගෙ වෙච්ච, මගෙ ඇඟ එයාට ඕන ඕන විදිහට නැවුනු දවස් ගානකුත් ඒ අතරෙ තිබ්බා. මම එයාගෙන් බලාපොරොත්තු වුනේ ආදරයක් වත් වෙන විදිහක ශාරීරික බැඳීමක් වත් නෙමෙයි. මම ඩොක්ටර් නවීන්ට ළං වුනේ මේ හැමදේකිම්ම ඈත් වෙන්න උදව් ඉල්ලගන්න. පවුලෙ එකම ළමයා මම වෙච්ච එක මට පුදුම බරක් ඔළුවට දීපු කාරණාවක්. මට ඕන වුණේ තාත්තව සීයා කෙනෙක් කරන්න. අනික් මිනිස්සු වගේ පවුලක් පන්සලක් වෙන්න. සාමාජීයව මට මොන බලාපොරොත්තු තිබ්බත් ජීව විද්‍යාත්මකව මට මේ ලැබිච්ච දේ මහ දඬුවමක් විදිහට මම බාරගත්තෙ. මුවෙක් වෙලා සිංහ හමක් දාගෙන තණකොල කන්න බැරි කමින් මම හිටියෙ. මට ඕන උනේ ඒ සිංහ හම ගලවගන්න... ජීවිතේ අන්තෙටම කලකිරුණ දවසක මම ෆේස්බුක් එකට එකතු කරපු පෝස්ට් එකකට ආපු රිප්ලයි එකක් නිසා මට හම්බුන කෙනෙක් තමයි ඩොක්ටර් නවීන් කියන්නෙ.

*** මට උඹේ අසරණකම තේරෙනවා මල්ලි. මමත් උඹ වගේ සෑහෙන්න කොල්ලන්ට උදව් කලා. මිනිස්සු කිව්වට මේ දේ වෙනස් කරන්න බෑ කියලා... අපිට හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ...මෝහන ප්‍රතිකාර තියෙනවා. උඹ කැමති නම් මං උදව් කරන්නම්***

තාත්තගෙ බේත්වලට සල්ලි හොයන්න රස්සාවක් කරන්න තියෙන ඕනකමට වඩා මම ගම්පහට ආවේ ප්‍රතිකාර කරගන්න. ගොඩක් මිනිස්සු ඒ දේ බොරු වැඩක් කියලා සමච්චල් කලාට ඩොක්ටර් නවීන්ගෙන් මම මාව මේ කරුමෙන් නිදහස් කරලා දෙයි කියලා බලාපොරොත්තු වුනා. ඒත්.... අපි එකිනෙකා කතා කරපු දේවල් එක්ක. අපිව තේරුම් ගත්ත විදිහට අපි අපිව බෙදාගත්තෙ කිසිම කොන්දේසියක් නැතුව. අනාගතේ ගැන මොකුත්ම නොහිතා. ඒත් ඒ දේවල් වලින් මේතාක් කල් උනේ මාව මගෙ අරමුණෙන් ඈත් කරපු එක. ඩොක්ටර් නවීන් මාව නැති කරගන්න ලෝබ උනා. ඒත් කවදමහරි මාව මේ කරුමෙන් ගලවගන්නවා කියලා එයා ඒ හැමදවසකම මට දිවුරුවා.

මේ දේවල් හිතන ගමන් මම කාමරේට ගියෙ උදේට කන්න මොනවා හරි ගෙනාගන්න කඩේට යන්න ඕන නිසා. මම කිව්වෙ බොරුවක් නෙමෙයි. මගෙ සන්තකේම තිබ්බෙ රුපියල් එක්දාස් හත්සීයයි. සල්ලි නැති එක ගැන හූල්ල හූල්ල පර්ස් එක අදිනකොටයි මතක් වුනේ සංඛ අයියා මට සල්ලි දුන්නා නේද කියලා.

මට මොනවා වෙන්න ගත්තද මම දන්නෙ නෑ. මම හැම වෙලේම ඩොක්ටර් නවීන් එක්ක සංඛ අයියව සන්සන්දනය කරන්න පටන් ගත්තා. මට උදේට මොනවා හරි කාපන් කියලා කීයක් හරි දීලා යන්න සංඛ අයියට මතක් වුනත් ඩොක්ටර් නවීන් මම කාලා ඉන්නවද කියලවත් ඇහුවෙ නැති එක මට මහ අඩුවක් වගේ දැනුනා.  පෙලක් වෙලාවල් වලට මම දේවල් ගැන හිතනවා වැඩී කිය්න එක මටම තේරුන දෙයක්. මීට පස්සෙ ඩොක්ටර් නවීන් ව සංඛ අයියා එක්ක සන්සන්දනය කරන් නෑ කියලා හිතාගෙන මම කඩේට ගියෙ දොර වහගෙන යතුර අරන්. මට මේ වෙලාවෙ විශ්වාස කරන්න පුළුවන් සහ කරන්න ඕනෙ එකම කෙනා ඩොක්ටර් නවීන් විතරයි කියලා මං විශ්වාස කරන්න තීරණය කලා.

කඩේ ගිහින් ඇවිත් දත් මැදලා ගෙනාපු ඉඳියාප්ප මුල ලිහාන කන ගමනුත් මම ඇහුවෙ මම කරන දෙයින් සංඛ අයියට නරකක් වෙයිද කියන එක. කන පතේ පහරන මිනිහෙක් වෙන්න මට ඕනකමක් තිබ්බෙ නෑ. කරන්න මේකයි කියලා නැති එකේ මම ලෑස්ති වුනේ සංඛ අයියගෙ මේසෙ උඩින් ඩොක්ටර් නවීන් කිව්ව විදිහෙ මොනවා හරි හොයාගන්න බලන්න. මේසෙ අවුස්සන්නෙ නැතුව තියන්න ඕන නිසා මුලිම්ම මම තිබ්බ විදිහෙ ෆොටෝ එකක් ගහගත්තා. ඊට පස්සෙ එකින් එක තිබ්බ පොත් ටික ෆයිල් ටික බලන්න හදපු එක. ඒ වෙලාවකදි තමයි ෆයිල් එකක් වැදිලා මම කලින් එලියට ගත්ත මගෙ ෆර්ස් එක බිමට වැටුන එක. ඒ වැටුන පාරට පර්ස් එකේ මම උඩිම්ම දාගෙන හිටිය අම්මගෙ ෆොටෝ එක දැකලා මගෙ තිබ්බ හැම වැඩක්ම පස්සට දාලා පර්ස් එක අරන් ඇඳෙන් වාඩි වුනා.

මගෙ පර්ස් එකේ තිබ්බෙ ෆොටෝ හතරක්. එකක් මගෙ. ඒක හැර අනික් ෆොටෝ තුනටම මම පණට වඩා ආදරේ කලා...ආදෙරේ කරනවා.

පළවෙනි පොටෝ එක මගෙ අම්මගෙ...ගෑනියෙක්ට කියලා ජීවිතේ මං ආදරේ කරපු එකම කෙනා. කාගෙ හරි පාපතරයෙක්ගෙ බේබදුකම හින්දා වාහනේකට යටවෙලා ජීවිතේ මගදි මාව දාලා ගිය මම වැඩියෙන්ම ආදරේ කරන කෙනා.

දෙවනි ෆොටෝ එක මගෙ තාත්තා. ඒලෙවල් ඉවර වෙනකම්ම අඩුවක් නැතුව යතුකැටේ එක්ක ලී එක්ක ඔට්ටුවෙලා මට කන්න බොන්න දීපු...උගන්නපු මගෙ දෙයියා. එතනින් එහාටත් රස්සාවක් නැතුව නිකමෙක් වගේ වේලී වේලි ඉන්නකාලෙත් වෙවුල වෙවුල මගෙ බඩ පුරෝපු මිනිහා.

තුන් වෙනි පොටෝ එක. මගෙම අම්මගෙ බඩෙන් එලියට නාවත්,මට අවුරුදු හතරකට කලින් ඉපදිලා පොඩි කාලෙ ඉඳම්ම මගෙ අයියා වගේ මාව බලාගත්තු එකා. හැම නරකකිම්ම හැම නපුරකිම්ම මාව ගලෝපු එකා.

මේ වෙද්දි මම ආදරේ කරපු අයගෙන් මගෙයි කියලා හිටියේ තාත්තා විතරයි.
එක මොහොතක් ඇති හැම දෙයක්ම අවුරුදු ගානක් ආපස්සට අරන් යන්න.

එදා වංචාකාර විදිහට වැස්ස දවසක්... රෑට උයන්න කියලා සල්ලි එකතු කරලා එකතු කරලා හාල් කිලෝ එකක් ගේන්න අම්මා කඩේට යනකොට යන්තම් කලුවක් තිබ්බා විතරයි. ඒත් ටික වෙලාවකින් කුඩේඅරන් ගියෙ නැති අම්මට සමච්චලේට වගේ අහස වස්සවන්න ගත්තෙ. වැස්සත් සෙල්ලං කරන්නෙ දුප්පත් උන්ගෙ බත්පත එක්කමයි. තාත්තගෙ කීමට කුඩයක් අරන් තව එකක් ඉහලන් අම්මා හොයන්ඩ කඩේට ගියෙ  ඇඳන් හිටිය කලිසම පිටිම්මයි. මම ඒ වෙද්දි ඕලෙවල් කරලා ගෙදර හිටියෙ.  මම යන මගදි සසංක අයියව හම්බුනේ කරුමෙටද වෙන්  මොකක් හරි රෙද්දකටද කියලා මම දන්නෙ නෑ...
මං තනියෙන් යන්නෙ කොහෙද කියලා අහලා මේ වැස්සෙ තනියෙන් යන්නෙපා කියලා මගෙ කුඩේටම පැන්නෙ වැස්ස තවත් වැඩි කරද්දිමයි.

අපි කඩේට යද්දි අම්මා තෙමි තෙමීම පාරෙ එනවා. ඒ එන විදිහ දැකලා මටම හීල්ලුනා. මට පුළුවන් තරම් ඉක්මනට  කුඩේ දෙන්න ඕන උනා. ඒත් අපි අතරෙ පාරේ පලලට වඩා පරතරයක් තිබ්බා. පාරෙ හරි පැත්තෙන් අයිනටම වෙලා ගිය අපේ අම්මාගෙ ආදරේ රතු පාටට වැහි වතුරට මුහු කරන් කලුපාට ජිප් එකක් බේබද්දෙක්ගෙ අත්වලට වලංගු නැතුව ජීවිත ගොඩක පාර වැරැද්දුවා.

බ්‍රේක් පාරක් වැදුනා...ජීවිතේ මහ කාලකන්නි කමක් පටන් ගත්තෙ ගෙරවිලි හඬත් එක්කමයි. කුඩේ පැත්තකට දාලා වැස්සෙම මායි අයියයි අම්මා ගාවට දිව්වෙ මට පුළුවන් උපරිම  හයියෙන් අම්මේ කියලා කෑ ගහන ගමන්....වැරදිලා මනුස්ස ආත්ම ලබපු උන් මේ පොලව උඩ ඕන තරම් ඉන්නවා. වාහනේට දාන් ඉස්පිරිතාලෙකට එක්කන් යන්න පුළුවන්කම තියෙද්දිම ඒ මිනිහා වාහනේ එලවගෙන අපෙන් ඈතට නොපෙනී ගියා. ඒත් ඒවෙලාවෙ මට නොතිබ්බ නුවණක් අයියට තිබ්බා. ඒකම උගෙ කරුමෙට හිටියා. වාහනේ නම්බර් ප්ලේට් එක හොඳට බලලා තිබ්බ අයියා පිස්සුවෙන් උමතුවෙන් වගේ ඒ වාහනේ නම්බරේ මැතුරුවා... අමතක වෙයි කියලා බයට ආයෙ ආයෙම ඒ වාහනේ නම්බරේ මිමිනුවා.

අපේ රටවල්වල නීතිය පොඩි උන්ව හිර කරන්ඩම හදපු එකක්. සල්ලිවලට බලයට නීතියේ දෙවගන රෙද්ද ගලවන් ඇඳට එන නීතියක්. මම පොඩි ලමයෙක් කියලා මගෙ සාක්ශි පිලිගන්න බෑ කිව්වා.... සාක්ශි දෙන්න හිටිය සසංක අයියට තුන් හතරපාර්ක් මරණ තර්ජන ආවා.

ඔන්න ඔක අතෑරලා දාපන් මැරුන එකී මැරුනා ජීවත් වෙලා ඉන්න උඹලා ආරස්සා වෙයල්ලා කියලා තාත්තා ලේසියෙන් අපේ දෛවයට මූන දුන්නත්...සසංක අයියලගෙ ආම්මලා තාත්තලා ඌට මොන තහංචිය දැම්මත් සසංක අයියා හිටියෙ මගෙ අම්මව හප්පපු එකාව මරාන මැරෙන තරම් තරහකින්. වයසෙ වැරැද්ද කියලා කවුරුත් ලේසියෙන් ඒක හෑල්ලු කලත් අන්තිමට ඒකෙන් උනේ තව ජීවිත ගොඩක් විනාස උන එක. නඩු දිනේට දවස් තුනකට කලින් පත්තරේ පොල්ගෙඩි අකුරින් ගියෙ අපේ ජීවිතවලට කවදාවත් ඉර අව්වක් වැටෙන් නෑ කියන එක.

" කෑගල්ල ප්‍රදේශයේ එකම පවුලේ සාමාජිකයන් තිදෙනෙකු ඊයේ රාත්‍රීයේදී පැහැරගැනේ"

පොලිසි උසාවි නෙමෙයි ට්‍රැෆික් පොලිස් කාරයෙක් වත් පේන්න බැරි තරමට මට මේ රටේ දේවල් එපා උනා.  උඩපැනලා නිකන් පස්ස බිම ඇනගන්න බැරිකමට මම අසරණ උනා. අන්තිමට අපි වෙනුවෙන් සාදාරනය ඉල්ලගෙන අපිට හිටය මිනිස්සුන්ට ඊට වඩා අසාධාරණයක් උනා. කාට කියන්නද...කාගෙන් උදව් ගන්නද....

ඒ දේවල් වෙලා අවුරුදු ගානක් උනත් ඒවා මතක් කරන වාරයක් ගානේ තුවාලයක් පාරගෙන ලේ එන්නා වගේ මගෙ ඇස් යාන්තමට හරි තෙත් වෙනවා. මට හැමදාම වරදින අනික් තැන, ඕනවට වඩා හඟීම් ඉස්සරහා සංවේදී වෙනවා. ඒ දේ ආයෙම මගෙ හිතට තාවකාලිකව හරි තහනමක් දාගෙන මම ඇස් දෙක පිහදෙගෙන නැගිට්ටා. පර්ස් එක බෑග් එකට දාලා  වැහුවෙ පරණ මතකයන් ටිකත් හිත ඇතුළට දාලා වහන ගමන්.

මට තිබ්බෙ හරිම කෙටිකාලීන අරමුණක්. ඩොක්ටර් නවීන් ඉල්ලන තරම් දෙයක් හොයලා දීලා ඉක්මනට මේ රඟපෑමෙන් අයින් වෙන්න. මම මේසේ අවුස්ස අවුස්ස බැලුවෙ ඒ අතරෙ මට වටින මොනවාම හරි තියෙන්න පුළුවන් කියලා හිතන්.

*** මෙහෙමයි වෙන්න ඕනෙ...පුළුවන් ඉක්මනට ඌගෙ බෝඩිමෙ දවසක් දෙකක් හරි ඊට වැඩියෙන් හරි නවතින්න පුළුවන් වෙන තැනට වැඩ කරපන්...ඌ ඉන්නවා ගම්පහා කොල්ලො කියන ගෲප් එකේ...ඉන්නෙ අවජාතක කාක්කද මොකද්ද නමකින්....මගෙන් ට්‍රීට්මන්ට් ගත්ත කොල්ලෙක් එක්ක එකතුවෙලා මම කරන්නෙ ඌව රවට්ටලා සල්ලි ගන්න එක කියලා මූ මා එක්ක ඇරගන්න ආවා....කොහොමින් කොහොම හරි ඒක අකා මකා කරලා දැම්මා මම. ඒත් මාසයක් ගියෙ නෑ සක් හඬ කියන පත්තරේ වීකෙන්ඩ් ආටිකල් එකක් ලියවෙන්න ගත්තා #සමලිංගිකත්වය #සුව #කල #හැකිද කියලා ආටිකල් එකක්....දැනට කොටස් තුනක් ගිහින් තියේ....මට සැකයක් තියෙන්නෙ මේ ආටිකල් එක කරන්නෙ මූද කියන එක. නමක් ගමක් හොයාගන්න බෑ ඒ ආටිකල් එක යන්නෙ #සක් කියලා සිග්නේචර් එකකින්....මට සැකයක් තියෙන්නෙ මූද ඒ බලු වැඩේ කරන්නෙ කියලා... අහිංසක මිනිස්සු ගානකගෙ හීන කඩාකප්පල් කරලා සල්ලි හොයන්න දගලන්නෙ මූද කියන එක. ඒක හොයලා දීපන් මට. උඹට සල්ලි නොගෙන මම ට්‍රීට්මන්ට් කරන්නම්.***

මට හම්බුන රාජකාරිය ඕක. මෝහන ප්‍රතිකාරවලට ලොකු සල්ලියක් යනවා. ඒ ටික සල්ලි නොගෙවා කරගන්න නම් මේ වැඩේ කරන්නම වෙනවා. මම වැඩ කලේ ඒ අරමුණින් විතරයි. මේසේ ෆයිල් එකින් එක අරන් මම හෝඩුවාවක් හොයාගන්න බැලුවා.... ඒත් ඒවගෙ තිබ්බෙ නවකතා...කෙටිකතා.. අස්සෙන් එහ්ව්න් මෙහ්ව්න් සංඛ අයියා ලියපු කවියක් කුරුටුබලියක් හම්බුනා. ඒ හම්බෙන හැම වෙලාවකම හැම වැඩක්ම පැත්තකට දාලා මම ඒ කවි කුරුටු ටික කියවලා හිටියා.

#අම්මගෙ රෙද්ද#

හුමාලෙට පිච්චෙන
     අව්වට රත්වෙන
        දාඩියට දියවෙන
     සායම් මැකී මැකී වැහැරෙන
අම්මගෙ රෙද්ද

ඒ කවි කුරුටුවට වහ වැටුන පාර මගෙ අත වැදිලා එක ෆයිල් එකක් බිත්තිය පැත්තෙන් මේසේ අස්සට වැටුනා.  ඒක ගන්න මේසේ මෙහාට අඳින්න හදනකොටමයි ඩොක්ටර් නවීන්ගෙන් මට කෝල් එකක් ලැබුනෙ.

සේරම පැත්තකට දාලා මම ෆෝන් එකට උත්තර දුන්නා.

" හෙලෝ මල්ලා...මම ඉන්නෙ සූරිය මාවත පටන් ගන්න තැන."

"ඩොක්ටර් ආවද....මේ....වාහනේම මෙතනට එන්න එපා. පුළුවන් නම් කොහෙන් හරි පාක් කරලා එන්න. කවුරුත් සැක හිතන්නෑ නෙ."

" ම්ම්....මම විනාඩි පහෙන් ඔතන...හයවෙනි ගෙදර නේ"

"ඔව්....නිල්පාට ගාපු එක"

ඩොක්ටර් බෝඩිමට එනකන් මං උන්නෙ බයෙන්. කවුරු හරි දකී කියලා. පපුව වේගෙන් ගැහුනා. ෆෝන් එක දිහා සැරින් සැරේ බැලුවා. ඩොක්ටර් ආපු ගමන් මට මැසේජ් එකක් ආවා.මම පුළුවන් ඉක්මනට දොර ඇරියා. ඩොක්ටර් ඇතුලට ආව ගමන් මම දොර වහලා ලොකු හුස්මක් ගත්තා. ඒ සැනින් ඩොක්ටර් මාව ඇදලා අරන් දොරට හේත්තු කලා...

" ඩොක්ටර් ...අයියා කොයිවෙලේ එනවද  මං දන්නෑ...ඒනිසා හොයන බලන දෙයක් බලලා ඉන්න"

" ඇයි කොල්ලො උඹ මාව මගාරින්නෙ...මම උඹට ආදරේ නෑ කියලද හිතන්නෙ...."

" කිව්වනෙ ඩොක්ටර් ...මට ඕනෙ මේ හැමදේකිම්ම මගාරින්න...ඒකට උදව් ඉල්ලගෙන ආපු ඩොක්ටර් ම මාව ඒකට තල්ලු කරන්නෙ ඇයි"

" මේ අහපන්...මගෙ ඇස් දිහා බලපන්...කසාඳ බඳින්න තව කල් තියේ කොල්ලො...වෙන කාවවත් මට මෙහෙම දැනිලා නෑ....මට උඹව ඈත්කරන්න ලෝබයි...මාව තේරුම් ගනින්...මට උඹෙන් සත පහක් වත් එපා...ට්‍රීට්මන්ට් ටික කරලා දෙන්නම්. පොඩි කාලයක් හරි මම වෙනුවෙන් ඉන්න බැයිද මල්ලි...මාව ඒ තරම් අප්පිරියද"

" අනේ ඩොක්ටර් ....අප්පිරියාවක් නෙමේ...මට මේ කාලකන්නි ජීවිතේ ඇතිවෙලා තියෙන්නෙ...පුළුවන් ඉක්මනට මට ට්‍රීට්මන්ට් ටික කරලා දෙන්න."

" බූරුවො...මුලිම්ම ඔය ඩොක්ටර් ඩොක්ටර් කියන ඓක නවත්තගනිම්....මම කියන් නෑ උඹට මැණික සුදූ වගේ ඒවා කියන්න කියලා...ඒත් මට අයියෙ කියලා කතා කරපන්....මම පොරොන්දු වෙනවා...උඹව මේකෙන් ගොඩ ගන්නවා....සති දෙකක් හරියට ට්‍රීට්මන්ට් කලා නම් ඇති...බයවෙන්න එපා...කවුරු මේ දේ නවත්තන්න හැදුවත් මම උඹලා අපි වගේ උන් වෙනුවෙන් මේ දේ නවත්තන්න දෙන් නෑ...ඒකට මට උඹේ උදව් ඕනේ මගෙ කොල්ලො....උඹට මේ අයියව විස්වාස නැද්ද"

" මං දන්නෑ...මට හිතෙන්නෙ මේවගෙන් මං තවත් මේවගෙ පැටලෙනවා කියලා....මම ඔයාට කොහොමත් උදව් කරනවනෙ...දැනටම කී දෙන්ක්ව ඔයාගෙන් ට්‍රීට්මන්ට් ගන්න එව්වද මම"

"මං දන්නවා...උඹ කරන්නෙ ලොකු පිනක්...උඹ පුළුවන් තරම් මිනිස්සුන්ව මේ දේට යොමු කරපන්..ෆේස්බුක් එකේම කී දෙනෙක්ට කියන්න පුළුවන් ද....උඹ ට්‍රීට්මන්ට් නිසා ගේ කියන දෙයින් ඈත්වුන කෙනෙක් විදිහට උන් එක්ක කතා කරපන්...උන්ට පාර පෙන්නපන්..."

" එහෙමනෙ මේතාක් මම කලේ...ඒත් හරියට බැලුවොත් මම බොරුකාරයෙක්නෙ...මම තාම මේකෙන් මිදිලා නෑ නෙ....මම එහෙම උනා කියලා කියන විශ්වාසෙට ඒ මිනිස්සු එන්නෙ...ප්ලීස් මට ට්‍රීට්මන්ට් කරන්න ඩොක්ටර් ...මම මීටත් වඩා කට්ටිය හොයලා දෙන්නම්"

" හරි.....උඹට ඕනේ මගෙන් ඈත් වෙන්නනෙ...මම උඹට ආයෙ මොකුත් කියන්නෑ මල්ලි....හෙට හවස් ඉඳන් වරෙන් ට්‍රීට්මන්ට් වලට. දැන් මම බොරුකාරයෙක්නෙ...මේදේවල් කරන්නෙ මට ලබ්බක්වත් හම්බෙනවට නෙමේ යකෝ...උඹලා අපි වගේම උන් නිසා...කොහොමත් මට දැන් මේදේවල් ඇතිවෙලා ඉන්නෙ...පත්තටකාරයන්ට ඕනෙත් මේක නවත්තලා දාන්ඩ....මම මේතරම් පස්සෙන් එද්දි උඹ කරන්නෙත් මාව විසිකරලා දාන එක....උඹේ ට්‍රීට්මන්ට් ඉවරකරලා මම කොහෙට හරි රටකට ගිහින් පාඩුවෙ ජීවත් වෙනවා...කොහොමත් කාවවත් අපිට බලෙන් තියාගන්න බෑ නෙ...."

ඩොක්ටර් මාව අතඇරලා මගෙන් ආතට ගිහින් මේසෙ දිහා බලාගෙන කල්පනා කරන්න ගත්තා. මට ඩොක්ටර් ගැන ඇතිවුනේ ලොකු අනුකම්පාවක්. මට ඒතරම් ආදරේ කරද්දි...මාව ආදරෙන් ඉඹිද්දි මම හැමදාම එයාට ඒ දේවල් දුන්නෙ ඕනවට එපාවට. මම ඒ පහසට ආදරේ කලේ නෑ කිව්වොත් ඒක පට්ටපල් බොරුවක්...මට තිබ්බෙ අනාගතේ ගැන බයක්...ඒවෙලාවෙදිත් මගෙ කටින් කිසිම වචනයක් පිට නොවුන නිසා ඩොක්ටර් ම කතා කලා.

" ම්ම්...උඹ හිතන් ඇති උඹව මේ සංඛජිත් වගේ තිරිසනෙක් ගාව දාලා මම ආතල් එකේ ඉන්නවා කියලා..යකෝ මම පිච්චි පිච්චි ඉන්නෙ කොයිවෙලෙත් උඹ ගැන....මේදේවල් මේ විදිහට වෙන එකේ තවත් ඔත්තු බලලා මක් කරන්ඩද බන්...උඹ බෑග් එක ලෑස්ති කරගනිම්...දැම්මම යමන්...මේවා සේරම දමලා ගහලා මමත් ඔලුව හැරිච්ච අතේ යනවා."

මට ඩොක්ටර් ගැන ඇති වුනේ ලොකු අනුකම්පාවක්....රබර් බෝලයක් වතුර යට ගිල්ලවාන ඉන්න බෑ වගේ මගෙ හිතේ ඩොක්ටර් ගැන් තිබ්බ කැමත්ත...එයාගේ දඩබ්බර හැසිරීම් ගැන තිබ්බ ආසාව ඉස්මතු උනා. අනාගතේ ඕන දෙයක් කියලා...මම පිටිපස්ස් හැරිලා හිටිය ඩොක්ටව බදාගත්තෙ මට පුළුවන් තරම් හයියෙන්...සමහරවිට ඒතරම් මම එයාට් කැමතී කියලා මට කියන්න ඕන උනා වෙන්න පුළුවන්.

" මාව අතෑරපන්....මල්ලි හරි...උඹව තවත් මේ අපායෙ තියාගන්න ඕනෙ නෑ...මගෙ හැඟිම්වලට උඹ පලි නෑ කොල්ලො...ඒවා මගෙ හිතේම තිබිලා මැරිලා ගියාවෙ"

" බෑ....මම අතාරින්නෑ....මම අයියට කැමති නැතුව නෙමෙයි....මට අයියව දැනෙන්නෙ නැතුව නෙමේ...මට ගෙට ගැන ලොකු බයක් තියේ...ඒනිසයි මම හැමදාම අතේ දුරින් ඉන්න හැදුවෙ....ඒත් මම අයියව විස්වාස කරනවා...මට හරියටම කාලයක් කියන්න...මාසයක්...දෙකක්...නැත්නම් අවුරුද්දක් ....මම අයියගෙ වෙලා ඉන්නම්...හැබැයි එතනින් එහාට මාව මේ ජීවිතෙන් බේරගන්නවා කියලා මට පොරොන්දු වෙන්න."

" මට උඹව ඕන තරම මාසවලින්..අවුරුදු වලින් කියන්න බෑ..ඒත් උඹේ අනාගතේ ගැන හිතලා..මම තව මාසෙකින් උඹේ ට්‍රීට්මන්ට් පටන් ගන්නම්...ඒටික ඉවර උනාම...මම ආයෙ කිසිම දවසක උඹේ ජීවිතේ ට නෑවිත් ඉන්නම්...මේ ටිකේ මට උඹේ වෙන්න දීපන් මගෙ මැණික"

ඩොක්ටර් ගෙ  වචනවල තිබ්බෙ මං වෙනුවෙන් පිරිච්ච ආදරයක් කියලා මට වෙලාවකට ලෝබ හිතුනා. රට්ටුන්ට කුද ගහගන්ඩ කියලා හැමදාම ඩොක්ටර් එක්ක ජීවත් වෙන්න තිබ්බනම් කියලා හිතුනා. ඒත් මං ඒ හැමදේම යටපත් කරන්...මාසෙක ගිවිසුමකට එකඟ වුනා. මාසයක් මගෙ ජීවිතේට ඔහේ අයාලෙ යන්න දීලා ඊටපස්සෙ හැමදේම මුල ඉඳන් පටන් ගන්නවා....හැමදේම දවසක හරියයි.

මට ඒ උණුහුම මාරම විදිහට දැනුනා. ඒ සුවඳ තව වැඩියෙන් විඳින්න ඩොක්ටර් ගෙ බෙල්ලට මගෙ නාස් පුඬු මම ලං කලා. ඒක හරියට සිග්නල් ලයිටෙක දැම්මා වගේ...තප්පරයක් ගියෙ නෑ මාව හරවලා අරන් ඇඳට තල්ලු කලා. එතනින් එහාට මගෙ මුළු ඇඟම අයිති වුනේ ඩොක්ටර් ට. හැමදාම වගේ මම ඒ දඩබ්බරකම වින්දා. උපරිමෙන් ම.

" මේසෙ උඩ බැලුවද හොඳට"

" හ්ම්ම්...ඒවගෙ කිසිම දෙයක් තිබ්බෙ නෑ ....එයා ලිව්ව කවි වගයක් තිබ්බෙ ටිකක් හරි සැක කරන්න පුළුවන් ...ඒත් ඒවත් අර එකවුන්ට් එකේ දාන්ඩ ලිව්ව ඒවා...."

" ලැප් එක බලාගන්න විදිහක් නෑ නෙ අපිට...."

" ම්ම්...මම ට්‍රයි කරන්නම්...."

" උඹව ඒවගේ අවදානමක දානවට සමාවෙයන්....ඒත් මෙ අපි හැමෝම වෙනුවෙන්නෙ"

" හැමෝගැනම වැඩක් නෑ...මම මේ දේවල් කරන්නෙ ඩොක්ටර් නිසා..."

ඒ වචන ටික ඉවර කරපු ගමන් ඩොක්ටර් මගෙ කන හරවලා හපාගෙන හිටියා....සාමන්‍යෙන් එයා එහෙම කරන්නෙ මම වැරැද්දක් කරපුහාම. මම වැරැද්ද මොකද්ද කියලා තේරුම් අරන් ඒකට සොරි කියනකම්ම කන අතාරින්නෙ නෑ.... මට ඩොක්ටර් කියන්න එපා කියලා තියෙද්දි ආයෙ ආයෙම ඩොක්ටර් ඩොක්ටර් කිව්ව නිසා එයා එහෙම කරන්න ඇති කියලා මම සැක කලා....ඒක කියලා සොරි කියන්න කටගත්තා විතරයි...සිද්ද වුන දේ නිසා මම සොරි නොකියම අයියාම මගෙ කන අතෑරියා.

බයිසිකලයක් මිදුලට ඇවිත් හෝන් එක ගහන්න ගත්තෙ අපි හිතුවෙවත් නැති තරම් පොඩි වෙලාවක් ඇතුලත. අනිවාර්යයෙන් ම ඒ සංඛජිත් අයියා වෙන්න ඕනෙ කියලා මං සැක කලා...ඔව්....මම හරියටම හරි..

" මල්ලි....ඉමල්ක...තෝ දොර වහන් *තේ ගහනවද බොල. මට පරක්කු වෙනවා...ඉක්මනට වරෙන්"

                     මතුසම්බන්ධයි
******************************************

වෝට් එකක් දාන්ඩෝ...
ෆලෝව් කරලා නැත්නම් ෆලොව්ව් කරන්න්ඩෝ...
යාලුවන්ට පේන්න එනවුන්ස්මන්ට් එකකුත් දාමු නේත කතාව ගැන

😋😋😋😋
පරිස්සමින් ඉන්න...❤

Weiterlesen

Das wird dir gefallen

42.4K 5K 22
ස්වයංවින්දන යනු නූතන gay Love story එකක්. අනුරාග් සහ සෙහස් අතර ඇතිවන ශක්තිමත් ආදරණීය බැඳීමක් කතාව තුළින් අරගෙන එනවා. විශේෂත්වය තමයි අනුරාග් bisexual...
13.7K 205 2
_ අම්බරාන්තය කිසිවෙකුගේ නෙත නොගැටෙනු ඇත_ #තමා පිළිබද අල්ප මාත්‍රයක හෝ මතකයක් නොමැති කඩවසම් නාදුනන්නෙක් #දැඩි ප්‍රතිපත්ති අනුගමනය කර තමාටම රිදවා ගන්න...
59.6K 7K 35
හුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා...
485K 88.7K 177
Fan translation of 这个电影我穿过 [I've Transmigrated Into This Movie Before] Author 梦魇殿下 [Mèngyǎn diànxià (Her Highness, the nightmare)] ...