සක්

By HappyRanuk

16K 3.1K 527

මංමුලාවේ තිමිරයෙන් වැසී යටපත් වූ සත්‍ය සොයා සටන් කරනා තාරුණ්‍යයේ කතාව... අහිමිවීම් හිමිවීම් සමසේ දරා බැඳීම් ම... More

සක් 2
සක් 3
සක් 4
සක් 5
සක් 6
සක් 7
සක් 8
සක් 9
සක් 10
සක් 11

සක්

3.2K 371 136
By HappyRanuk

සක් 1

#ගම්පහ අවට කාටහරි පුළුවන් නම් මට අද රෑට නවතින්න දෙන්න. මං ගෙදර යාගන්න බැරුව අතරමං වෙලා ඉන්නෙ#

ගම්පහ සමරිසීන්ගේ පිටුවකට මං මේ වගේ පණිවිඩයක් තිබ්බේ ගෙදර යාගන්න බැරි නිසා. වෙලාව රෑ 9 පහුවෙලා කියලා මතක කොහෙ හරි දාලා තිබ්බ පොකට් රේඩියෝවක නිවේදිකාවකගෙ හඬින්. ඒක තහවුරු කරගන්න ඕන නිසාම මං ඉස්ටේසමේ ඩිජිටල් ඔරලෝසු පුවරුව දිහා බැලුවෙ බෑග් එක ලී බංකුවෙන් තියලා නැගිටින ගමන්. ගම්පහ ටවුම හරි ආගන්තුකයි, එහෙ මෙහෙ දුවන මිනිස්සු රොත්ත හින්දද මන්දා මට දැණුනෙ කළුවර එක්ක ආපු මූසල ගතියක්.

විනාඩි ගණක් ගෙවිලා යද්දි ලයික් එක දෙක වැටුණට කාගෙන්වත් උත්තරේකින් මට බලාපොරොත්තුවක් ලැබුණෙ නෑ. ලයික් අතරට කීප දෙනෙක්ගෙ සමච්චල් හිනාව ඉමෝජි ගාණකින් එකතු වෙලා තිබ්බෙ මොකක් හින්දද කියලා මට කල්පනා කරන්න වෙලාවක් තිබ්බෙ නෑ. මගෙ ඔළුව යකාගෙ කම්මලට වඩා ටිකක් වැඩියෙන් පිස්සු වැටිලා තිබ්බා වගේ මට දැණුනෙ. කමෙන්ට් එකක් දෙකක් ආවත් ඒවගෙ අහලා තිබ්බෙ මම ටොප් ද බොටම් ද, වයස කීයද කියලා විතරයි. බුදියගන්ඩ එකෙක් නෙමේ හෙව්වෙ රැයක් බුදියගන්ඩ තැනක් දෙන්ඩ පුළුවන් ඓකෙක් කියලා කියන්ඩ කට නලියෑවා. ඒත් නිකන් රණ්ඩු දාගන්නෙ මොකටද කියලා හිතන් ලියපු කමෙන්ට් පවා ආපහු කපලා දැම්මෙ පළ නොකරමයි.

කතා කරන්න උදව් ඉල්ලන්න තරම් වත් කාත් කවුරුත් නොදන්න නිසා මම ඉද හිටලා නැගිටලා අඩි කීපයක් ගිහින් කරපු එකම දේ ආයෙත් ඉඳගන්න එක.
කවුරු හරි කෙනෙක් පැත්තක ඉදන් රේඩියෝ එකක සින්දු වැඩසටහනක් අහනවා....සැරෙන් සැරේ ඒ රේඩියෝවෙන් වෙලාව කියද්දි මගෙ නොසන්සුන් ගතිය තව වැඩි වුණා.
ඒ අතරකදි මං පළ කරපු පෝස්ට් එකට අමුතුම එකවුන්ට් එකකින් කමෙන්ට් එකක් වැටිලා තිබුණා.

" ඉන්බොක්ස් බලපන්"

මම පුළුවන් ඉක්මනට අදාළ එකවුන්ට් එකෙන් මට තිබ්බ පණිවිඩේ දැනගන්න ඇඟිලි ඉක්මන් කලේ ඔහුගේ පණිවිඩයට ලයික් එකක් හෝ දැමීම නොතකාය.

" මගෙ බෝඩිමේ ඉන්න දෙන්න පුළුවන් , ඉන්න තැන කියලා මැසෙන්ජර් කෝල් එකක් දීපන් "

රිප්ලයි එකක් යවන්ඩ වත් කෝල් ගන්නවත් කලින් මට ඕනඋනේ ඒ එකවුන්ට් එක මොනවගේද බලාගන්න.
එකවුන්ට් එකේ තිබ්බෙ හරි අමුතු නමක් #අවජාතක කාක්කා#

නම දැක්කම මට ඇති වෙච්ච ගුප්තකම තව වැඩිකලේ ඒ එකවුන්ට් එක පුරාම තිබ්බ රූප. සිගරට් දුම් දාන මිනිහෙක්, ගංජා කොලයක් වැඩියෙම්ම තිබ්බෙ ජෝකර්.  තිබ්බ පොටෝ ගාන කීය උනත් ඒ හැම එකම අඳුරුයි. එහෙන් මෙහෙන් හරි හිත හෑල්ලු කරගන්න පුළුවන් පොටෝ එකක් තිබ්බෙ තෙරේසා මව් තුමියගෙ. යටට යටට ඒ පොටෝ අතරෙ මං අතරමං වෙනකොට දවස් දෙක තුනකට කලින් ලීව කවි එකක් දෙකක් හම්බුනා. කවි කියනවට වඩා මට දැණුනෙ හිතට ආපු ඔහේ ලියපු දේවල් වගේ.

#කාක්කො කුණු කති
   කලු වෙති.
     ඉඳින් උන් අවජාතකය.
        නැත
       උන්ටත් ජාතකයක් ඇත
      ඒ උඹ....ඒ මම
   උන් ව කළු කරපු
උන්ට කුණු කවපු#

ඒ කවියෙන් ඒ නමේ තිබ්බ විකාරබව නැතිකරගන්න තරම් තර්කයක් මට ගොඩනගාගන්න පුළුවන් උනා.

විනාඩි තිහකට එහා මං ඒ එකවුන්ට් එක බැලුවා කිව්වනම් මං වැරදී...ඒ වචන අස්සේ මං අතරමං උනා. පාර හොයන් ආපහු මැසේජ් ගොඩට යනකොට ඒ කිව්ව කාක්කා ඔන්ලයින් හිටියෙ නෑ. මට දැණුනෙ අපහසුවක් ,මම මැසේජ් එක කියවලත් රිප්ලයි නොකරපු බව එයා දකින්න ඇති කියලා. මැසේජ් කරලා තේරුමක් නැති නිසා මම ඒ නම්බරේට කෝල් එකක් අර ගත්තා.

එහා පැත්තෙන් මොන වගේ කටහඩක් ඇහෙයිද කියලා තිගැස්ම දිගින් දිගටම තියෙද්දි ඒ කෝල් එකට උත්තරයක් නැතුවම කට් වෙලා ගියා. ආයේ කෝල් එකක් ගන්නවද නැද්ද කියලා මම දෙතුන් පාරක් හිතුවා. සමහරවිට මම මැසේජ් එක කියවලා රිප්ලයි නොකරපු එක නිසා එයා එහෙම කරන්න ඇති. මම හිත සනසගන්න හිතපු දේවල් ඒ. එහෙම හිතලා මම ආයෙම කෝල් නොකර හිටියා. කිසිම බලාපොරොත්තුවක් වත් උදව්වක් වත් නැතුව මම අසරණ වුණා. බෑග් එක ආයෙම බංකුවෙන් තියලා නැගිටලා ඉස්ටේශම එහා මෙහා ගියෙ රෑ එතන නවතින්න හරි හිත හදන්. මගෙ කල්පනාව කොයිතරම් බරයිද කියනවනම් මට කෝල් එකක් එන බව දැනුනෙ ටික වෙලාවක් ගියහමයි.

" හෙලෝ "

" උඹ කොහෙද ඉන්නෙ...මගෙ බෝඩිමේ ඉන්ඩ පුළුවන් යන්ඩ තැනක් නැත්තං"

" මේ...මම...දැන්....මේ ...ගම්පහ ස්ටේශන් එකේ ඉන්නෙ...ඔයා නේද අර අවජාතක කාක්කා කියලා මැසේජ් කලේ...ඇත්ත නම මොකද්ද "

" මේ...උඹ එනවනම් කියපන්..නැත්නම් නිකං ඉඳපන්"

ඒ පැත්තෙන් අන්තිමට ඇහුනෙ එච්චරයි. කෝල් එක කට් උනා.කට් උනා නෙමේ කාක්කා කට් කලා.

"යකෝ නම මොකද්ද අහපු ටිකට ඒතරං පුප්පන්න ඕනෙද....එක පාරටම එහෙම යන්නෙ කොහොමද .....ශිට්...ඒක අහන් නැතුව ඉන්න තිබ්බෙ. හම්බුන තැනත් නැතිඋනා අන්තිමට....ම්ම්ම්ම්ම් කෝල් එකක් අරන් බලනවාද...."

මං ගත්ත කෝල් එකට වැඩි වෙලාවක් නොගිහින් ඒ පැත්තෙන් ආයෙම ඒ මුරන්ඩු කටහඬ මට ඇහුණා.

" කියපන්"

" මේ....මම ස්ටේශන් එකේ ඉදන් බෝඩිමට එන්නෙ මොන පාරෙද...මං ආවට කමක් නැත්තං එන විදිහ කියනවද ටිකක්..ප්ලීස්"

" ඔහොම ඉදපන්...මං බයික් එකේ ඔතනට එන්නං....විනාඩි දහයක් යයි"

විශ්වාස කරලත් බෑ....නොකරත් බෑ...රෑට බංකුවක් උඩ ඉන්නවට වඩා එහෙම යන එකේ වැරැද්දක් නෑ කියලා මම මගෙ හිත මට එකග කරගත්තා.
විනාඩි දහයක් ගියෙ නෑ. මට කෝල් එකක් ආවා.

" රන්ජන් ලංකා එක ගාවට වරෙන්...මං ඉන්නවා. කලු පාට එෆ් ඉසඩ් එකක් ඇති. ඇවිත් මට කෝල් එකක් දීපන්"

මං මොකුත් කියන්න කලිම්ම එ පැත්තෙන් කෝලෙක කට් කලා.

" රන්ජන් ලංකා??? මං දන්නෙ රන්ජන් රාමනායක විතරයි...දැන් කොහෙන්ද රංජන් ලංකාවක් හොයන්නෙ...කාගෙන් හරි අහන්න වෙනවා."

මම බෑග් එකත් කරේ එල්ලගෙන එහාට ගියෙ හම්බෙන කාගෙන් හරි ඒ තැන අහගන්න. වැදගත් පාට මැදි වයසෙ මනුස්සයෙක් හිටියා . මං එයා ඉන්න කිට්ටුවට ගිහින් එයාගෙන් අහලා බැලුවා.

" අන්කල් රන්ජන් ලංකා එක කොයි හරියෙද"

" දැන්නං වහලා ඇත්තෙ මල්ලි"

" අ...නෑ නෑ...මම මොකුත් ගන්න නෙමෙයි...ඒක තියෙන තැන ඇහුවෙ අන්කල්"

" මේ පඩිපෙලෙන් එහා පැත්තට යනවා...බෝඩ් ගහලා ඇති."

" ආ....හරි අන්ක...මේ...තැන්ක්‍යූ අයියෙ"

මට ඒ කිව්ව තැන හොයාගන්න බැරුව විනාඩි දහයකට වඩා එහෙ මෙහෙ ඇවිද්දා...ආයෙ කාගෙන්වත් ඇහුවෙත් නෑ. වෙලාව ගියා වැඩි නිසාද කොහෙද මගෙ ෆෝන් එකට ආයෙම කෝල් එකක් ආවා. ඔව්...කාක්කගෙන්

" කොහෙද මනුස්සයො ඉන්නෙ....බඩගානවද"

" අනේ..මේ...මට ඒක හොයාගන්න බැරුවනෙ ඉන්නෙ....මම මේ පැත්තෙ නෙමේ...ඒකයි"

" චැඅහ්....හරි ඔතන පේන්න තියෙන දෙයක් කියනවා..මොකක් හරි"

" ආ ...මේ වොලිබෝල් ගහන අයගෙද කාගෙද මන්දා පිලිම වගේ ටිකක් තියේ....තව...මේ"

" ආ...හරි හරි...රතුපාට කමිසයක් ඇඳන් ඉන්නෙ තමුසෙද"

" ආ....මේ...ඔව්...මම...ඔයා කොතනද ඉන්නෙ"

උත්තරයක් හම්බෙනවා වෙනුවට ඒපාරත් කලේ කෝල් එක කට් කරපු එක. වැඩි වෙලාවක් ගියෙ නෑ. බයිසිකලේක ලයිට් එලියක් මගෙ පැත්තට ඇවිත් මාව පහුකරන් ටික දුරකින් නවත්තලා මම දිහා බලලා හෝන් එකක් වැදුනා. මං දෙගිඩියාවෙන් උනත් කකුල් ඉක්මන් කරලා ගියෙ පරක්කු උනොත් තදවෙලා අරූ මාව දාලා යයි කියලා හිතුන නිසා.

" නැගපන්"

මම මොකුත් නොකියම බයිසිකලේට නැග්ගා. කතා බහක් නොතිබ්බ පොඩි වෙලාවකින් අස්වයෙක් තරම් වේගෙන් ආපු බයිසිකලේ නැවතුනේ අතුරු පාරක තියෙන පොඩි කාමර කෑල්ලක මිදුලක් ළඟ.

"යං ඇතුලට...මේ මං ඉන්න බෝඩිම. ලොකු සැප පහසුකං නම් නෑ"

" අනේ ඒකට කමන්නෑ..තැන්ක්‍යූ "

ඌ ගිහින් දොර ඇරලා ඇතුලට යනකම්ම හෙල්මට් එකවත් ගැලෙව්වෙ නෑ ඌ කලුද සුදුදවත් බලන්න. මම කාමරේ ඇතුලට ගියෙ සෙරෙප්පු එලියෙන් ගලවලා.

" සෙරෙප්පු එලියෙ තියන්ඩ එපා..බල්ලො ගෙනියනවා..දාං වරෙන්...මේකේ හීරෙන්න ටයිල් නෑ"

එහෙම කියන ගමන් ඌ ටීශර්ට් එක ගලවලා ඇඳුම් රාක්කෙ එල්ලලා ඒකෙ තිබ්බ සරමක් අරන් ඇඳගෙන ඇඳන් හිටපු බොටම් කලිසමයි යට එකයි දෙකම එකට ගලවලා වෙනවෙනම ඇඳුම් රාක්කෙන් එල්ලුවා.ආපහු හැරුනහමයි මං ඌ ගැන විස්තර කියන්න පුළුවන් තරම් දැක්කෙ.

උසයි...සුදුත් නෑ...කාක්කෙක් කිව්වට කලුත් නෑ...ජිම් එකක ඔට්ටු වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන් තරම් ඇගක් තිබ්බා. කලු ගනකම් කෙස් බෙල්ල ගාවට වැවිලා තිබ්බා...අකීකරු විදිහට වැවිච්ච රැවුලයි ගනකං ඇහිබැමයි ඒ මූනෙ අමුතු නපුරු කමක් හරි රෝයල් ගතියක් වගේ එකක් එකතු කලා. මම දිහා පල්ලෙහා ඉඳන් උඩට බලපු ඌ ඇවිත් දොර වැහුවා.

" පර්ස් එක දෙනවා"

" බලුවැඩ කරන්නෙපා...මං සල්ලිකාරයෙක් නෙමේ....ඉන්න දෙනවා කියලා එක්කන් ඇවිත් සල්ලි ටිකට විදින්ඩද හදන්නෙ...මේවා මහ බලු වැඩ. දන්නවනම් එන්නෙත් නෑ....සන්තකේටම තියෙන්නෙ රුපියල් එක්දාස් හත්සීයයි"

කිසිම කතාවක් නැතුව මාව හරවලා කලිසමෙන් පර්ස් එක ගත්තෙ හරියට බලහත්කාරකමට වගේ. පර්ස් එක අරන් ඒක බලලා මගෙ අයිඩින්ටිය එලියට අරන් පර්ස් එක මට දිග් කලා"

" ආ...උඹේ එක්දාස් හත්සීය තියලා ඉදගනින්"

මට ලැජ්ජා හිතුනේ මං හිතුවා වගේ දෙයක් ඌ කරපු නැති හින්දා. ඌ මගෙ අයිඩින්ටිය උඩින් පල්ලෙන් බලලා පොටෝ එකක් ගහන් මටම ආපහු දුන්නා.

" මිනිස්සුන්ට උදව්කරන්ඩ ගිහින් ඉල්ලන් ටිංකිරි ගාන් තියේ...ඒකයි එහෙම කලේ..."

"ආ...සොරි...මම වැරදියට හිතුවෙ...ඇත්තටම සොරි....මේ...මම ඉමල්ක....කෑගල්ලෙ...ජොබ් එකකට ආවේ...ඇඩ්‍රස් එක ලියාගත්ත කොලේ බස් එකකදි වැටිලා....ඒ නම්බරේ වැඩ කරන්නෙත් නෑ....ආපහු යන්ඩ වෙලාවක් තිබ්බෙ නෑ...මං හෙට උදේම මෙහෙන් යන්නං...."

" ඔච්චර ලබ්බවල් ඇහුවෙ නෑ නෙ...කවුද කියලා දැනගන්නයි ඕන උනේ...කවුරුත් විස්වාස කරන්න බෑ නෙ....ඒකයි. මං සංඛජිත්...."

" එතකොට.."

" ඒ ටික දැනගත්තම ඇතිනෙ...හෙට යනවා කිව්වනෙ...එලිවෙන ටිකට උඹව මරන්නෑ...."

මම කටවහන් හිටියා මිසක් උත්තරයක් දෙන්න ගියෙ නැ...මට ඕන උනේ ඌ අයියෙක්ද මල්ලියෙක්ද දැනගන්න...නමින් කතා කරන එක හරි නෑ වගේ හිතුන නිසා...මදැයි අහගත්තා ඔය...මං මටම කියාගත්තා"

අයියා හරි මල්ලි හරි මොකා හරි...සංඛජිත් කබඩ් එකකින් සරමක් අරගත්තා....ඇඳුම් වැටෙන් තුවායක් අරන් මං දිහාට දික් කලා.

" වොශ් එකක් දාගන්නවා...මේං සරම...මගෙ සාලුව තියෙන්නෙ...කැමතිනම් පිහිනවා.."

"ආ...මේ.....මම එක්කො මෙහෙම නිදාගන්නං....මේ..."

" ඕන ලබ්බක් කරගන්නවා"

එහෙම කියලා එයාගෙ මේසෙ තිබ්බ පොතක් අරන් පුටුව මේසෙ ලගට ඇදන් වාඩි වුනා. පැත්තක තිබ්බ කණ්නාඩිය අරන් දාගෙන පොත කියවන්න ගත්තා

"පුහ්....වානේ පන්නරය ලැබූ හැටි....කියවන්නෙ නම් දාර්ශනික පොත්...ඒ උනාට කට නං...මොනවා උනත් මට ඉන්න දුන්නනෙ...එ මදැයි"

මම  හිතින් එහෙම හිතන ගමන් එයා එක්ක කතා කරන්න හැදුවෙ මටත් ඇත්තටම ඒ ඇඳුමින් නිදාගන්න බැරි නිසා.

" මේ....මම සරම් ඇඳලා නෑ නෙ....මොකක් හරි  කලිසමක්  තියෙනම් දෙන්න බැයිද"

පොත කියවන එක නවත්තලා මම දිහා බැලුවෙ මහ දරුණු බැල්මක්...තරහ ගියාද මම දන්නෙ නෑ. ඒත් ඉතින් මං සරම් ඇඳලා නෑ නෙ...මට මොනවා හිතුනද මන්දා මොකාද නැට්ට මොකේද ගහං වගේ බිම බලාගත්තා.

" ඉදකින්....පිරිමියෙක් වෙලත් සරමක් අඳින්න බැයිද.... ඩෙනිම් ඇත්තෙ...ඒවා උඹට ලොකු ඇති...ඇරත් ඒවා ඇඳන් නිදාගන්න බෑ නෙ...අදට සරමක් ඇඳපන්...අනික සරම ලේසීනෙ"

මම ඩිම් උනේ ඒ කිව්ව කතාව මොකද්ද කියලා හිතාගන්න බැරිව.

" යකෝ මූ ලේසී කිව්වෙ  සරම ඇඳන් ආවට පස්සෙ මොනවා කරන්න හිතන්ද...මට නං බෑ අඳුනන්නෙවත් නැති එකෙක් එක්ක එහෙම ඉන්න...කොයිතරම් ලස්සන උනත් මූ...අනික තොප්පියක් නොදා නම් වැස්සට තෙමෙන්න බෑ...හෙම්බිරිස්සාවක් වත් හැදුනොත්...මොකද කරන්නෙ දැන්...."

මං තනියෙන් කල්පනා කර කර ඉන්නකොට ආයෙම අරූ මගෙ දිහා බැලුවෙ මම මොකුත් ම නොකර එතනට වෙලා හිටගෙන ගොඩවෙලාවක් හිටිය නිසා වෙන්නැති.
සංඛජිත් මොනවා හරි කියන්න කලින් මම දෙයක් ඇහුවෙ එයාට තරහා යන්න එපා කියලා හිතන ගමන්

" බොටමක් නැද්ද වෙන...."

" අරක තියෙන්නෙ...මම හවස නාලා ඇන්දෙ...උඹට අවුලක් නැත්තං ඇඳපන්"

" හ්ම්...මං හෙට හෝදලා දෙන්නං"

සංඛ නැගිටලා බොටම අරන් මගෙ පැත්තට විසිකලා.නැවතුනේ මගෙ මූනෙ. හඩු ගඳක් නම් තිබ්බෙ නෑ. මහ අමුතු සුවඳක් තිබ්බෙ. මම ඒක අතට අරන් ආයෙම පොත කියවන සංඛ දිහා බැලුවෙ මගෙ ඊලග ප්‍රශ්නෙ අහන්න.

" ළිඳට යන්න ඕනෙද...ටැප් එකක් තියෙද..."

" බාත් රූම් එකට යමන්....ඔය පැත්තෙ...කුස්සි කෑල්ලෙ බාස්කට් වල බිස්කට් ඇති. අරං කනවා...කිරි එකක් හදන් බීපන්....කාලා නැතුව ඇතිනෙ"

" තැන්ක්‍යූ "

මට කියාගන්න පුළුවන් උනේ එච්චරයි.මම බාත් රූම් එකට ගිහින් ඇඳුන් එකින් එක ගැලෙව්වෙ උදේ ඉදන් ඒවා හිරකරන් ඉඳලා ඇතිවෙලා තිබ්බ නිසා. ඊට එහා තිබ්බ බරක් නිදහස් කරගන්න ගමන් මම දේවල් කල්පනා කලා.
" සරම් අන්දෝලා..කන්න බොන්නත් දීලා ඊළඟට මිනිහා මොකාට එන්නද දන්නෑ ඉන්නෙ...බෑ කිව්වොත් බලෙන් හරි ඔබන සයිස් එකේ ඉන්නෙ. පර්ස් එකත් ගත්තෙ එහෙමනෙ.... නෑ ඉතින් මිනිහගෙ පෙනුමත් නියමයි...ඒත් ...අඳුරන්නෙවත් නැතුව මං කොහොමද එහෙම දෙයක් කරන්නෙ..... ඌව දැක්කම මේ හිතන විදිහට බෑ කියන්න පුළුවන් වෙයිද මන්දා....පිස්සු හැදෙනවා මේවා හිතලම...රෙද්ද...ආආආආඅ....අන්න හරි ..අර්ශස් කියන්න ඕනෙ. මට අර්ශස් තියේ කිව්වානම් හරි. එහෙ මෙහෙ ඔබන්න එන්නෙ නෑ නෙ එතකොට. අනික්වා වෙනවනං ඉතින් ඔහෙ වෙච්චදෙන්...මොනා උනත් මිනිහා හැන්ඩියනෙ"

ඔය වගේ දේවල් කල්පනා කරන ගමන් මං නෑවා....සංඛගෙ තුවායෙම්ම ඇඟේ වතුර බින්දු ටික පිහදගත්තේ ඒ තුවායෙ සුවඳ හරි හඬු ගඳ හරි විඳින ගමන්....
මට මගේ නොවන මගේම කලිසමක් ලැබුනා...ඒකත් ඇඳගත්තෙ ඉක්මනට ඇත්තටම කිරි එකක් හදාගන්න...ඒ තරම් බඩගින්නක් තිබ්බෙ.

කුස්සියෙ බඩු ටික යන්තමට් පිලිවලකට තියලා තිබ්බා. රාක්කෙන් කෝප්ප දෙකක් ගත්තෙ තනියෙන් තේ හදන් බොන්න බැරි හින්දා. බාස්කට් ඇර ඇර බලලා කන්න තිබ්බ ඒවා හොය හොයා කෑවේ අරූ බැන්නත් කමන්නෑ කියලා හිතන්...

" තේ ටිකක් හදලා බිස්කට් එක හොයලා දුන්නනම් මං අහන්නෙ අත කැඩෙනවද ඔය මනුස්සයගෙ.....එක්කො මෙහෙම හරි දුන්න එක මදැයි..නැත්තං එලිවෙනකන් අර ඉස්ටේශන් එකේ ඉන්න ඈ"

මං තේ දෙක අරන් කාමර කෑල්ලට ගිහින් මොකක් කියලද තේ එක දෙන්නෙ කියලා කල්පනා කලා.

" මේ....මං කිරි එකක් හදාගත්තා....තව එකක් හැදුවා. ආ...."

" මට හැදුවෙ ඇයි...මට අනික් අය හදන කිරි සෙට් වෙන්නෙ නෑ සාමන්‍යෙන්...මට ඕන ගානට කහටයි සීනී ඇත්තං අප්පිරියයි....උඹ අහන්නෙපැයි හදන්න කලින්...අපරාදෙ"

" අපරාදෙ කියන්නෙ....අපෝ....මම කිරි පිටි පැකට් එකක් ගෙනල්ල දීලා යන්නං..."

" එහෙම ලබ්බක් නෙමේ කිව්වෙ...උඹ මහන්සි උන එකයි අපරාදෙ කිව්වෙ...කමන්නෑ, මෙහාට දීපන්කො. "

" අපරාදෙ කියලා ඉතින් අප්පිරියාවෙන් බොන්ඩ බෑ නෙ. බොන්න බෑ වගේ නං විසි කරන්ඩ"

මම කිරි එක සංඛට දීලා ඉඳගන්න වෙන පුටුවක් නැති නිසා ඇඳෙන් වාඩි වුනා. තුවාය කරේ දාන් හිටිය නිසා මගෙ කටු බොඩිය උනත් වැඩිය පේන් නෑ නෙ කියලා මම හිත හදන් හිටියා. සිවිල් පිට අනුන්ගෙ ඇඳපු කලිසමක් ඇඳන් ඉන්න එක වෙනම විදිහකට දැනුනෙ. මොකට ඒතරම් ලැජ්ජ වෙනවද මන්දා.

" තුවාය දාපං රැක් එකට....ෆෑන් එකට වේලෙයි."

පොත දිහා බලාගෙනම එහෙම කිව්වෙ හොඳකට වෙන්න බෑ කියලා මට හිතුණා...
" ආ...දැන් ඔය ගොනා එන්නෙ පොල් පැලේ කන්ඩ තමා...මොකද කරන්නෙ.."

එහෙම හිතන ගමන් මම තුවාය රාක්කෙ වැනුවා.

" මේ....සංඛජිත් ...මට අර්ශස් තියේනෙ"

" මොකක්..?"

" ඔව්....අර්ශස් "

" හොඳ සිංහල බේත් කරන වෙද මහත්තයෙක් හිටියා... නම්බරයක් හොයාගන්න්  බලන්නං.....ඒත් ඇයි උඹ එකපාරටම එහෙම කිව්වෙ"

පොත පැත්තකින් තියලා කිරි එක අරන් උගුරක් බීලා සංඛ මගෙ දිහා බැලුවෙ උත්තරයක් බලාපොරොත්තුවෙන්...දැන් ඉතින් දීපංකො උත්තර 

" නෑ...මේ ඉතින් වැඩිය ඒවා මේව කරන්න යන්නෑ ඒනිසා"

වටේපිටේ ගෙවල් වලට ඇහෙන්ඩ තරම් හයියෙන් සංඛජිත් අයියා හිනා වේගන පුටුව්‍ර්න් නැගිට්ටෙ කිරි එක පිටගිරියෙ නොයා බේරෙන්න හිනාව නවත්තගන්න. මං නැගිටලා පිටට ගහන්ඩ යද්දි එයා අතින් මටඑපා කියලා නැවැත්තුවා . යන්තං හිනාවෙන ගමන් මට දෙයක් කියන්න පටන් ගත්තා.

" උඹ හිතන් ඉන්නෙ උඹව ගෙන්නගත්තෙ උඹේ පු# අරින්ඩ කියලද......යකෝ...උඹට යන්ඩ එන්ඩ තැනක් නැති හින්දා මෙහෙට ඇවිත් අද ඉන්ඩ කිව්වා මිසක් මම ගේ කොල්ලෙක් නෙමෙයි. ....හිනාව නවත්තගන්න බෑ තාම"

මට මේවගේ ලැජ්ජාවක් උන දෙවනිපාර...කලින් පර්ස් එක. දැම් පස්චාත් භාගය.  පොලව පලං යන්න පුලුවන් නම් යනවා..ඒතරම් ලැජ්ජාව.

" මොකක්??...... ඒත්...මේ....සංඛ එතකොට අර ගේ ගෲප් එකේ ඉන්නෙ ඇයි...මං එහෙම හිතුවෙ ඒ හින්දා"

" මේකයි මල්ලි...මං මෙහෙම කියන්නං. මම උඹලා වගේ මිනිස්සු ගැන විස්තර හොයනවා... පෙලක් පොඩි කොල්ලන්ට සෑහෙන්න උදව් කරලත් තියේ මන් උන්ගෙ එක එක ප්‍රශ්නවලට....ඒ කෙනෙක් නිසා තමා ඇඩ් වුනෙත්..."

" ඒ කිව්වෙ....මට තේරුන් නෑ"

" මං ලංකාවෙ LGBT ප්‍රජාව ගැන ආටිකල් එකක් කලා එක ප්‍රොජෙක්ට් එකකට...ඒකෙන් මම උඹලා වගේ මිනිස්සු ගැන හෙව්ව..උදව් කලා...නැතුව මම එහෙම එකෙක් නෙමෙයි බං....අනික මල්ලි...උඹේ ප්‍රොෆයිල් එකේ නිකන් අනික් උන් වගේ බුදියන්ඩයි හැ*නෙන්ඩයි කොල්ලො හොයලා ගණිකා මඩම වගේ නොතිබ්බ නිසයි මම උඹට මේ උදව්ව හරි කලේ. උඹ වැදගත් විදිහට මිනිස්සුන්ගෙන් හැංගිලා ඉන්න එකෙක් වගේ හිතුණ නිසා....හැම එකාටම දැන් නම් උදව් කරන්ඩ යන්නෑ...එකපාරක් එහෙම කරලා හොඳට කෙලෝගත්තා මම"

" ඇයි මොකද උනේ...."

" ම්ම්...දැන් ඒවා වැඩක් නෑ....මොනවා උනත් උඹේ පුක්ගායට වෙදමහත්තයෙක් හොයලා දෙන්නංකො උඹට ඈ....."

" මට ඇති ගායක් නෑ...මං බොරු කිව්වෙ  අයියෙ...සොරි...ඇත්තටම සොරි...මං අර විදිහට හිතුවට...මටම ලැජ්ජයි දැන්"

" ඇත්තද...ආන්න ඒක දැනගන්ඩ තමා මටත් ඕන උනේ....එහෙනම් දැන් මගෙ බොටම ගලවලා තියපන්කො....බොරු කිව්වා නේද උඹ මට....නැති අමාරු හදලා ගම්මු අපි"

                    මතුසම්බන්ධයි
******************************************

වෝට් කරලා...කමෙන්ට් එකක් දාලා..ෆලොව්ව්ව් කරලා නැති ඈයො මාව ෆලෝව් කරලා...පුළුවන් නම් එනවුන්ස්මන්ට් එකක් කොටාන යන්ඩෝ......සක් දිගටම කියවන්න එන්න කියලා...❤❤❤❤❤❤

Continue Reading

You'll Also Like

133K 24.8K 100
English Name After the little crybaby enters the nightmare cycle Author(s) 菊长大人 Status in COO 127 chapters Associated Names Sau Khi Túi Khóc Nhỏ Tiế...
685K 119K 120
Title - It is not easy being a master Author - Jin Xi Gu Nian / Eng translator - Xi Xi Burmese translation period - Jan 5,2021 ~ Oct 14,2022 ရှန်ကျစ...
26.9K 3.7K 42
නුඹෙන් මං... විඳිමි හැඟුමන්... මා හද නිවාලනා ! ❤️
49.8K 6.1K 35
හුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා...