Gone With the Wind || [COMPLE...

By Yazwi_03

2.5K 505 197

දෛවය හරි පුදුමාකාරයි වටින මහ ගොඩක් දේවල් අහිමි කරලා ජීවත් වෙන්න... එකම එක පුංචි බලාපොරොත්තුවක් විතරක් ඉතුරු ක... More

CHAPTER 1
CHAPTER 2
CHAPTER 03 || part 1
CHAPTER 03 || part 2
CHAPTER 4 : [Special]
CHAPTER 6
POSTSCRIPT

CHAPTER 5

213 59 9
By Yazwi_03

මොහොතක කල්පනා බරව හිටපු මගේ අවධානය බිඳුනේ දොර අරින සද්දයක් ඇහුන නිසා.. එහෙ මෙහේ රෝන්දේ ගහන ගමන් හිටපු හිතුවිලි හැම එකක්ම ආයෙමත් හිත වෙලා ගන්න කොට දොරෙන් මතු වුනේ මන් දකින්න බලාපොරොත්තු වුන රුව....

______________________________________

"ක්..කුමා..වෝ.. මන්... මන්.. මේ ටික යන්නම්..."

ඒ හේසෝ කටහඬ කොයිතරම් දුර්වල වෙලාද කියනවනම් කියන වචනවත් හරියට පැහැදිලි නෑ.. හේසෝගේ රූපේ දැකපු ගමන්ම ඇස් අඟින් ක‍ඳුලක් මෝදු උනේ ඉබේටමයි...

දොරත් වහගෙන අඩවන් ඇස් වලින් room එක දිහාවට ඇහැ යැව්වට පස්සේ මොහොතකට ඒ වේදනාබර ඇස් කලබල වුණා.. ඒ මාව දැකපු නිසා වෙන්න ඕන.. ඒ් එක්කම ඇස් දෙකත් ටිකක් පුංචි කරගෙන හේසෝ ආයෙමත් මගේ දිහා බැලුවේ මාව අඳුනගන්න බැරි වෙලා වගේ...

ඒත් මාව අඳුනගත්ත මොහොතෙම හේසෝ එයාගේ විඩාබර ඇස්වලට තරහවක් ගෙන්න ගත්තා... මේ හැමදේම දිහා මන් නිසොල්මන්ව බලන් ඉ‍ඳියේ එළියට පනින්න දඟලන කඳුලු පොදියක් හිර කරගෙනමයි...

"තමුන්..."

"තමුසෙට කිව්වා නේද මන් මගේ දෑහැට පෙන්න එන්න එපා කියලා ආහ්..."

හේසෝ වියරුවෙන් වගේ කෑ ගැහුවත් අන්තිම වචන පේළිය කියනකොට බිත්තියට වාරු වුණා... හයියෙන් කෑ ගහගන්න තරම්වත් දැන් මගේ හේසොට ශක්තියක් නෑ... මොහොතක් වත් පරක්කු වෙන්නේ නැතුව හේසොට වාරු දෙන්න මන් එයා ළඟට යන්න හැඳුවත් එයා අමාරුවෙන් එක අතක් ඉස්සරහරට දික් කරලා මට නවතින්න කිව්වා...

"කියන දේ තේරෙන්නෙම නැද්ද.. මට මගේ පාඩුවේ ඉන්න දෙනවා..."

එක අතකින් බිත්තියක් අල්ලගෙන හේසෝ කතා කරන්නේ ගොඩාක් තද වේදනාවකින්.... ඇයි හේසෝ මෙහෙම හැසිරෙන්නේ මට ඕන ඔයාට ශක්තියක් වෙන්න.. ඔයත් එක්ක මොනදේ වුනත් ඉස්සරහට යන්න.. එක දවසක් ජීවත් වුනත් ඒ දවසේ සතුටින් ජීවත් වෙන්න.. මාව ඔයාට නවත්තන්න බෑ හේසෝ මන් මේ හැමදේම කරනවා...

හිත එක එක දේවල් කිය කිය කෑගැහනකොට මං හේසොට ළං වෙලා එයාගේ උරහිස වටේ අතක් යවලා වාරුවක් දුන්නේ කෙළින්වත් හිටගෙන ඉන්න තරම් ශක්තියක් හේසෝට තිබුණේ නැති නිසා..

"අතාරිනවා මාව.. තමුසෙට තේරෙන්නේ නැද්ද කියන දේ.. අතාරිනවා මිනිහෝ..."

හේසො කියන එක වචනයක්වත් නෑහුණ ගානට මම එයාව බලෙන්ම වගේ එක්ක ගෙන ඇවිත් ඇඳෙන් වාඩි කළා..

"මොනාද බලන් ඉන්නේ යනවා මෙතනින්... කිව්වාම යනවකෝ දෙයියනේ මට වද නොදී..."

කොණ්ඩේ අතරින් පිස්සුවෙන් වගේ අත් යවන ගමන් හේසෝ කෑගහන විදිය දැක්කාම ඇත්තෙන්ම මට මොහොතකට මගේ හේසෝ ගැන අනුකම්පාවක් හිතුණා..

හේසෝත් එක්ක තනියම කතා කරන්න ඕන වුන හින්දා මම හේජින් දිහාවට හැරුනාම එයත් තේරුම් ගත්තා මන් කියන්නේ මොකක්ද කියලා.. ඒත් එක්කම මගේ උරහිසටත් තට්ටුවක් දාගෙන හේජින් රූම් එකෙන් එළියට ගියේ මට කරන්න මහ ගොඩක් දේවල් ඉතුරු කරලා...

"හේසෝ.."

"එන්න එපා මගේ ළඟට තව අඩියක්වත් එන්න එපා..."

"හේසෝ ඔහොම රඟපාන්න එපා ළමයෝ.."

"හ්හ්... මන්.. මන් රඟපාන්නේ නෑ.. මට තමුසෙව අප්පිරියයි... ළඟට එන්න එපා..."

ඉස්සරහට අතකුත් දික් කරගෙන එයා ඇඳෙන් පස්සෙන් පස්සට යන්නේ හරියට මාව යකෙක් ගාණට දාලා.. මන් දන්නවා හේසෝ ඔයා රඟපානවා කියලා...

"ශ්...ශ්.. අහන්නකෝ හේසෝ මේ අහන්න... කෝ මගේ දිහා බලන්න.."

මන් ඇඳෙන් වාඩි වෙන ගමන් කොණ්ඩෙන් වැහිලා තිබුණ හේසෝගේ මූණ අත් අතරට ගත්තේ එයාව සන්සුන් කරගන්න හිතාගෙන...

"කෝ මේ බලන්න කඳුළුත් ඇවිත්..."

එහෙමම හේසෝගේ ඇස් වලින් බලෙන්ම වගේ පිටවුන කඳුළු බිඳු මගේ ඇඟිලි වලින් පිහිදානකොට මුකුත්ම කියන්නේ නැතුව මගේ ඇඟිලි දිහා හේසෝ බලාගෙන ‍‍ඉඳියේ ලොකු වේදනාවකින්...

"ඇයි හේසෝ මෙහෙම කරන්නේ.. මම හැමදේම දන්නවා ළමයෝ තවත් ඔයාගේ ඩෝචිට මේ දේවල් හංගන්න එපා...."

"ඔක්..කොම.. දන්න...වද.."

හේසෝ එහෙම ඇහුවේ බි‍ඳුණු කටහඬකින්.... මමත් ඔලුව වැනුවේ ඔව් කියන්න... ඒත් ඒක ඇහුවාම හේසෝ කළේ මගේ අත් වලින් එයාගේ මූණ අයින් කරගත්තු එක..

"දන්නවනේ එහෙනම් යන්න ඉතින් මං තව ටික කාලයි ඉන්නේ.. මාත් එක්ක ඉඳලා ඔයාගේ ජීවිතේ විනාස කරගන්න එපා ඔයා යන්න..."

"හේසෝ.."

"ඇයි.. කිව්වාම අහලා යන්න.. ඔයාට මාත් එක මේ ගමන යන්න බෑ... මම තව ටික දවසකින් මැරිලා යයි.. දැන් යන්න..."

මගේ දිහා බලන්නෙවත් නැතුව මගෙන් මූණ හංගගෙන හේසෝ කියවගෙන ගියා...

කොහොමද හේසෝ ඔයා මෙහෙම කරන්නේ.. ඇයි ඔය කඳුළු හිරකරගෙන ඉන්නේ...

මගේ හිත කෑගහනවා... මන් කොහොමද දරාගන්නේ මගේ හේසෝගේ කටින්ම එයා මැරිලා යනවා කියල කියනකොට ඒත් මාත් දැන් මෙතන අඬලා වැලපෙන්න ගත්තොත් කවුද මගේ හේසෝට ශක්තියක් වෙන්නේ එයාව බලාගන්නේ... මට බෑ දුර්වල වෙන්න..

වේදනාවෙන් මිරිකෙමෙන් තිබුණු මගේ හදවතට මන් ම තරවටු කරගෙන හේසෝගේ දිහාවට හැරුණා...

"හේසෝ මේ අහන්න... කෝ මගේ දිහා බලන්න.."

වෙනතක බලාගෙන කඳුළු හංගගන්නයි එයා මේ උත්සාහ කරන්නේ..

"ඔයා මොනවා කිව්ව්ත් මන් ආයේ හැරෙන්නෑ හේසෝ..අපිට තව එකට ඉන්න පුළුවන් පැයක් වුනත් මන් ඒ වෙලාවේ ඔයත් එක්කම ඉන්නවා.. ඔයාට බෑ මාව නවත්තන්න..."

අහක බලාගෙන ඉන්න හේසෝගේ සුදුමැලි කම්මුල් දිගේ කඳුළු බේරෙන විදිය දකින කොට මට ඉහිලුම් දෙන්නේ නෑ...

"හේසෝ අහන්න... ඔහොම ඉන්න එපා... මගේ දිහා බලන්න... වෙනදා වගේ හැමදේම මට කියන්න...."

"ම්..ම්....මි..යා..නේ සුකී.."



කඳුළු අතරින්ම එහෙම කියන ගමන් එකපාරටම හේසෝ මගේ පපුවට බර වුනේ කදුළු ගංගාවකට මුල පුරන ගමන්... කොහොමද මන් මෙහෙම බලන් ඉන්නේ... ඉකි ගගහා නොනවත්වාම මට තුරුල් වෙලා හේසෝ අඬන හැටි දැක්කාම මගේ හදවතත් කියාගන්න බැරි තරම් රිදෙනවා.. හැමදාම මගේ හේසොගේ මූනේ හිනාවක්ම විතරක් බලගන්න ඕන වුන මට එයා මේ විදින වේදනාව බලාගෙන ඉන්න බැරි තරම්...

"මට... බෑ ඩෝචි.. මන් මන් නිසා ඔයාලගේ ජ්..ජීවිතත්.. විනාස වෙයි..."

"ආනී.... ආනියෝ හේසෝයා අහන්න.. එහෙම එකක් නෑ.. ම්ම්..."

කඳුළු අතරින්ම හේසෝ කියන දේවල් වලට මම මට පුළුවන් විදියට උත්තර දුන්නේ... මගේ වේදනාව හංගගෙනමයි...

මට හිතාගන්නවත් බෑ හේසෝ ඔයා මේ තරම් ක‍ඳුළු ගොඩක් කොහොම හංගගෙන ඉඳල ද කියලා.. මන් ඇඳන් හිටපු සුදු පාට ශර්ට් එක පපුවටම ඇලිලා.. ඒ හේසෝගේ කඳුළු හින්දා... පැයකටත් දෙකකටත් වැඩි කාලයක් එක දිගටම එක එක දේවල් කිය කිය අඬපු හේසෝ අන්තිමට නැවතුනේ තවත් අඬන්න ශක්තියක් තිබුනේ නැති නිසා මිසක කඳුලු නැති නිසා නෙමෙයි..

"ශ්.. හේසෝ, දැන් වතුර ටිකක් බොමු හොඳද..."

ඉකියකුත් එක්කම වතුර එක බොන හේසෝ දිහා මන් බලන් ඉන්න ගමන් මම එයාගේ ඔලුව අතගාන්න ගත්තේ ඒකෙන් පොඩිම හරි සහනයක් හේසෝට දැනෙයි කියලා හිතුන නිසා...

ඒත්...
































ඒ එක්කම වගේ හේසොගේ කොණ්ඩෙන් මහ අහුරක් ගැලවිලා අතට ආවේ බිඳිලා තිබුණ හදවත කීතු කීතු ඉරලා දාන ගමන්... ඉස්සර හේසෝ කොන්ඩේ කපන්න හදන කොට මම රණ්ඩු වුන හැටි, මන් හේසෝට වඩා එයාගේ කොණ්ඩෙට ආදරෙයි කියලා එයා කෑගහපු හැටි හැමදේම මගේ ඇස් ඉස්සරහා මැවුනේ.. වචනයෙන් කියලා නිම කරන්න බැරි තරමේ වේදනාවක් ගෙන දෙන ගමන් මයි...

"ආහ්.. ඔහොම තමා..."

තේරුම් ගන්න බැරි විදියේ හීන් හිනාවක් එක්ක හේසෝ එහෙම කිව්වේ මගේ අතේ තිබුණ කෙස් රොද දිහා බලාගෙන...

"අපෝ ඕක මොකක්ද වයසට ගියාම ඔහොම තමයි.."

මන් බොරු හිනාවක් මූනට අරගෙන කිව්වත් හේසෝගේ මූනේ තිබුනේ කලින් තිබුන තේරුම් ගන්න බැරි හීන් හිනාවමයි...

"අනී... මන් යන්න ළඟයි..."

"අයිගෝ අයිගෝ හේසෝයා.. මොකද ළමයෝ මේ... අපිත් කවදහරි යන්න ඕන තමයි.. හැබැයි.. ඒක මෙහෙම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි.. අපි ඒ ගමන යන්න ඕන හරියට ලෑස්ති වෙන්නේ නැතුව trip එකක් යනවා වගේ.. කලින් ලෑස්ති වෙලා ඒ ගමන යන්න හදන කොට අපිට ගොඩක් රිදෙනවා... ඒක හින්දා ඒක ගැන හිතන්න එපා අරස්සෝ.."

මන් කියලා ඉවර වෙනකන් හේසෝ ඇස් දෙකත් ලොකු කරගෙන බලන් හිටියා.. හැබැයි වෙන කවදාකවත් තිබුණේ නැති හිස්බවක් ඒ ඇස්වල ලියවිලා තිබුණා... වැටෙන්නේ නැතුව ශක්තිමත් වෙන්න හිතත් එක්ක ලොකු සටනක හිටපු මට හේසෝගේ මේ හැසිරීම නිසා ඒ වැඩේ කරගන්න තව තවත් අමාරු වුනා...

"මට ඒක ගැන විතරයි හිතන්න තියෙන්නේ..."

"ෂ්... ශ්.. අරස්සෝ අරස්සෝ දැන් ඔයා පොඩ්ඩක් නිදාගන්නකෝ.. මන් මෙතන ඉන්නම්.."

නින්ද ළඟට ආවමවත් හේසොට ටිකක් හරි සැනසීමක් ලැබෙයි කියලයි මට හිතුණේ.. ඒ හින්දම එයාව ඇඳෙන් හාන්සි කරවලා මම සිනිඳුවට එයාගේ කොණ්ඩේ අතරින් ඇඟිලි යැව්වේ වෙනදත් මෙහෙම කරන කොට එයා ඉක්මනටම නිදා ගන්න නිසා...

ඒත් හේසෝ මේ කියන දේවල් වලින් මට තේරෙන්නේ එකම දෙයයි එයා මේ හැම දේම අත ඇරලා කොටින්ම කියනවනම් ජීවත් වෙන්න ආසවක්වත් එයාට නෑ.. ජීවිතේ ගැන පොඩිමවත් බලාපොරොත්තුවක් නෑ.. එහෙම ඉන්න එක හො‍‍ඳයි තමයි ඒත් ඕනවට වඩා බලාපොරොත්තු නැති කරගන්න එච්චර හො‍ඳ නෑ.. කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් හේසෝ ඒවා තේරුම් ගන්න පුළුවන් තත්ත්වෙක නෑ... කර කියාගන්න කිසි දෙයක් නැතුව මන් හරියට කාන්තාරෙක අතරමං වෙලා වගේ.. මන් මොකද කරන්න ඕන... මට තේරෙන්නේ නෑ..

ටික වෙලාවක් යනකොට හේසොට නින්ද ගියත් ආයමත් මම එයාගේ ඔලුවෙන් අත අයින් කරගන්න කොට කලින් විදියටම කෙස් රොදක් ඇවිත් මගේ අතේ රැඳුනේ.. හීන් කඳුළු පටලයක් ඇස් දෙක වහගන්න ගමන්...

මොනදේ වුනත් මම ඔයා එක්කම ඉන්නවා හේසෝ..

මන් ඇහෙන නෑහෙන ගානට එහෙම කියලා.. හේසොගේ නළලෙන් ආදරය පිරුණු හාදුවකුත් තියලා එළියට ආවේ හිතන්නත් කරන්නත් කාරණා මහ ගොඩක් මගේ ඉස්සරහා ගොඩ ගැහෙන කොට..

"ජොන්ග් සුකා.. අවුලක් නෑනේ.."

මම එළියට එන කොටම වගේ හේජිනුත් කොහෙදෝ ඉඳලා මගේ ළඟට දුවගෙන ආවා.

"ඔක්කොම අවුල් බන්.. මට හිතෙන්නේ එයා මේ හැමදේම අත ඇරලා දාලා තියෙන්නේ.. ඒත් ඒකෙන් වෙන්නේ එයා තවත් විඳවන එක විතරයි.."

"ඕහ්... ඒක නම් අවුලක් තමයි.. යන් හේසොගේ doctor ව හම්බෙන්න.."

"ඔව් මටත් doctor ව හම්බෙන්න ඕන තමයි..."

අපි දෙන්නාම ඊළඟට ගියේ doctor ගේ කැබින් එකට...

"ආහ් Dr. Hae Jin එන්න එන්න... වොහ් මේ Dr. Jong suk නේද..."

"දේහ් දේහ්... "

හේ ජින් එහෙම කියන ගමන් පුටුවෙන් වාඩි වෙනකොට මාත් හීන් හිනාවක් එක්කම එහා පැත්තේ පුටුවෙන් වාඩි වුනා..."

"දැන් මොකෝ දෙන්නා මේ.."

"Dr. Myeon Do ම්ම් මගේ wife ඔයාගේ patient කෙනෙක්.. මන් ආවේ ඒ ගැන කතා කරගන්න.."

"ම්වොහ්... ජොන්ග් සුකාගේ wife මගේ patient කෙනෙක්...! කව්ද මන් දන්නේ නෑනේ.."

පුදුමෙන් වගේ doctor කතා කරන කොට මම එයාගේ මේසේ උඩින් හේසොගේ file එක තිබ්බා.. කලින් තිබ්බ සැහැල්ලු පෙනුමෙන් මිදුන Myeon Do, ෆයිල් එක දිහා බලලා බර හුස්මක් හෙළුවේ හරිම බැරෑරුම් විදියට..

"එතකොට පාර්ක් හේසෝ කියන්නේ ජොන්ග් සුකාගේ wife ද.. oh my god... මන් දන්නේ නෑනේ.."

"දේහ්.. එයා මගේ wife තමා කොහොමද දැන් එයාගේ condition එක.."

"හ්ම්ම් මේකයි ජොන්ග් සුකා.. සාමානන්‍යෙන් අපි patient ටවත් එයාගේ ළඟ කෙනෙක්ටවත් අපි සම්පූර්ණ ඇත්ත කතාව කියන්නේ නෑනේ කිව්වත් එයාලට අපි කියන දේවල් තේරෙන්නෙත් නෑනේ...ඔයා ඒක දන්නවනේ ඒත් මෙතන ඉන්නේ තවත් doctor කෙනෙක්... මන් හිතන්නේ දැනටමත් ඔයා දන්නව ඇති එයා ඉන්නේ serious situation එකක කියලා..."

"දේහ් මන් ඒක දන්නවා.. කමක් නෑ ඔයා කියන්න.."

"හේසොට තියෙන්නෙ 4 th stage bone cancer එකක්.. අපි එක හොයාගන්න කොටත් ඒක ගොඩක් spread වෙලා තිබ්බේ.. ඒත් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා.. එයාව හො‍‍ඳ කරන්න නෙමෙයි.. එයාට ජීවත් වෙන්න ටික කාලයක් අරගෙන දෙන්න..."

"ඒත් ප්‍රශ්නෙ ඒක නෙමෙයි.. හේසොට කිසි උවමනාවක් නෑ... මුලින්ම නම් එයා හො‍ඳටම ඉඳියා ඒ කියන්නේ ජීවිතේ ගැන ගොඩාක් දේවල් අනෙක් patients ලට පවා හරි ලස්සනට එයා කියලා දුන්නා... ඒත් මේ ළඟකදී ඉඳන් එයා වෙනස් වුනා.. ගොඩාක් hopeless වෙලා.. සමහර විට chemotherapy එකේ impact එකක් වෙන්නත් පුළුවන් එයා ගොඩාක් ‍mentaly down ගිහිල්ලා ඉන්නේ."

"ඔයාට උනත් කතා කරන කොට තේරෙන්න ඇති... අපි කාටවත් උනන්දුව තිබිලා වැඩක් නෑනේ ජොන්ග් සුකා patient ට උනන්දුවක් නැත්තන්... මන් කියන්නෑ එයාට බලාපොරොත්තු දෙන්න කියලා ඒත් එයාට පුළුවන් ඉන්න ටික කාලේ උනත් හොඳින් ඉන්න.. ඔයා එක එයාට පුළුවන් නම් තේරුම් කරලා දෙන්න..."

Doctor කියන දේවල් සාවධානව අහන් ඉන්න විතරයි මට පුළුවන් වුනේ මන් වෙන මොනවා කරන්නද... අහන් ඉන්නවා ඇරෙන්න.. ඇත්ත මටත් හේසෝ එක්ක කතා කරනකොට හොඳටම තේරුනා එයාට කිසිම බලාපොරොත්තුවක් නෑ.. ඉන්නන් වාලේ ඔහේ ජීවත් වෙනවා හිස් ආත්මෙකුත් එක්ක..

"අපිට කරන්න තව treatments නම් තියෙනවා හැබැයි patient ඔය වගේ hopeless වුනොත් ඒවගෙනුත් වැඩක් නැති වෙයි..."

"අරස්සෝ... Myeon Do.. කුමාවෝ හැමදේටම...පස්සේ හම්බවෙමු.."

මන් එහෙම කියලා එතනින් නැගිටලා එන්න හැදුවේ තව මොහොතක්වත් එතන රැදෙන්න වුවමනාවක් මට තිබුණේ නැති නිසා.. මගේ පිටිපස්සෙන් ආපු හේජින් මගේ කර වටේ අතක් දාගත්තේ හරියට මාව සනසන්න වගේ..

"ජිනා මොකක්ද බන් මේ වෙන්නේ..."

"එහෙම තමා බන්.. උබත් වැටිලා බෑනේ.. කොච්චර දේවල් තියෙද කරන්න... දැන් ගෙදර යමන් සූහි බලාගෙනත් ඇති.."

"හ්ම් මන් හේසොව බලලම යන්නම්.."

හේජින්ට එහෙම කියලා ආයෙමත් හේසෝගේ කාමරේට මම ඇතුළ් වුනා හේසෝ නිදි හැබැයි මූන නම් වේදනාවෙන් පිරිලා ඉතිරිලා ගිහිල්ලා...

ඇඳ උඩ තිබුන මගේ හේසෝගේ අතක් අරගෙන මන් සිනි‍‍ඳුවට සිපගත්තත් වෙනදා ඒ අත්වල තියෙන උණුහුම අද තිබුණේ නෑ. ඒ අත් හරි සීතයි.. ඒ විතරක් නෙමෙයි.. ඇටකටු පෑදිලා... එහෙන් මෙහෙන් කටු ගහලම නහරත් මතුවෙලා පේනවා..

හයිය කරගන්න හදන හැමවෙලාවකම මෙහෙම හිත කඩාගෙන වැටෙනකොට කොහොමද මම දරාගන්නේ.. ඇයි මගේ කෙල්ල මෙච්චර වේදනා විඳින්නේ.. පුංචි කාලේ ඉඳන්ම ඇයි එහෙම...

කෑගහලා අහන්න ඕන වුනා මට දෛවය තීරණය කරන කෙනාගෙන්. අපේ කතා ලියන කෙනාගෙන්.. මට ඕන උනා මත් වෙන්න.. මත් වෙලා අඬන්න ඒත් කිසි දෙයක් කරගන්න බෑ.. මම සැමියෙකුගෙයි තාත්තා කෙනෙකුගෙයි වගකීම් කියන දම්වැල් වලින් බැඳිලා ඉන්න නිසා..

වෙලාව යන්න යන්න වේදනාව වැඩි වෙන නිසාම මම room එකෙන් එළියට ආවේ වෙලාව බලන ගමන්..

නොදැනුවත්වම පැය ගාණක් ම ගත වෙලා.. මගේ හේසෝව මට හම්බවුනා.. මන් නොදැන හිටපු කතාවත් මම දැන ගත්තා.. මන් හිතුවේ එතකොට මට සැනසීමක් දැනෙයි කියලා.. අනී එයා මට ලේසියෙන් සැනසීමක් දෙන්නේ නෑ.. මේ දේවල් මට වුනානම්.. අනී අනී මට මේ දැනෙන පීඩනය හේසොට කොහොමටවත් දරාගන්න බැරිවෙයි... ඒත් හේසෝ දැන් විදවන විදිය.. ඉස්සර ලේ පිරුණ මූණ සුදුමැලි වෙලා තියෙන විදිය.. තොරතෝංචියක් නැතුව ඔහේ කියවන කෙල්ල බලාගත්තු අත බලාගෙන ඉන්න විදිය මගේ පපුව පිහි තුඩකින් හූරනවා වගේ වේදනාවක් මට දැනෙන්නේ...

කාර් එකේ යන අතරේ හිතට ගලාගෙන එන නොනවතින සිතුවිලි කන්ද අතරෙන්ම මට මතක් වුනේ සූහිව දැන් කොහොමද මන් ඊළ‍ඟට එයා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නේ...

________________________________________________

Born canser එකක් කියන්නේ වේදනා සහගත ම පිළිකා වර්ග වලින් එකක්.. ඒකෙත් 4th stage එක කියන්නේ සුව කරන්න අමාරු තත්වයක්.. මේ situation එකේදී treatments කරන්නේ canser එක spread වෙන වේගේ අඩු කරන්න.. chemotherapy සහ radiation වගේ treatments කරනවා..

Chemotherapy වලදී කරන්නේ ඉලක්ක කරන canser cells drugs දීලා විනාශ කරන එක radiation වලදිත් ඒක තමා වෙන්නෙ.. හැබැයි වැදගත්ම දේ මේ වගේ treatments කරන කොට patient ගේ logically thinking ability එක එහෙමත් නැත්තන් තාර්කිකව යමක් හිතලා තේරුම් ගන්න තියෙන හැකියාව නැති වෙනවා.. ඒවගේම ගොඩාක් සංවේදී වෙනවා.. ඉතින් මේ වගේ හේතු හින්දා එයාලා මානසිකව වැටෙනවා..

හේසොටත් වෙලා තියෙන්නේ ඒක තමයි.. එයාට ලෙඩේ වේදනාව තදින්ම දැනෙන කොට, treatments වලින් එන බලපෑමත් එක්ක එයාගේ මානසික මට්ටම ගොඩක් අවුල් යනවා.. මන් ඒක කිව්වේ කලින් චැප්ටර් එකේදී හේසෝව දාර්ශනික චරිතයක් කරලා මේ චැප්ටර් එකෙන් දුර්වලයෙක් කළේ මොකද කියලා ඔයාලට හිතෙයි කියලා හිතුණ නිසා... හැමෝම දන්නවනේ ගතේ ලෙඩ සුවපත් වෙන්න හිතේ නිරෝගිකම අනිවාර්‍යෙන්ම ඕන වෙනවා කියලා...

____________________________________________

ඔන්න තව එකක්...
හෙට දිහාවට කතාව ඉවරයි Pearls...

මන් හිතුවෙම නෑ මේ කතාව අඩුම තරමේ 50 ක් වත් කියවයි කියලා ඒත් මට පුදුමයි මට ranking පවා හම්බෙලා තියෙනවා... ඒ වුනත් තවමත් මට මේ කතාව නම්.එච්චර satis නෑ... හී හී

Anyway කොහොම හරි කතාව නිකමට හරි click කරලා ඇවිත් බලලා යන අයටත් කියවලා vote කරලා comment කරන... හැමෝටමත් ගොඩාක් කුමාවෝ...

සරංහේ
My pearls... 🔮

Jongbin 💕

🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃

Continue Reading

You'll Also Like

594 137 7
"හියුන් ඔයා මට ඇත්තටම ආදරේ නම් ඒක කරන්න.මාව අතෑරල යන්න.ඔයාට මෙහෙම ඉන්න බෑ.ඔයා වෙනුවෙන් බැරිනම් මං වෙනුවෙන් හරි යන්න හියුන්.චෙබල්"
901 262 23
2100 කියන්නේ තාක්ෂණය අතින් නම් ගොඩක් දියුණු කාලයක්... ඒ කාලේ අවතාර කියන දේ තිබුනොත්??? ඒ මිනිස්සු විශ්වාස කරයිද???
498 131 11
"please මාව අතාරින්න..." "jisoo... මට බය හිතෙනවා " "karina... අපි දැන්ම ගෙදරින් යමු.. මෙයාලා ගොඩක් බය වෙලා" "උඹලා දැන් පරක්කුයි.. උඹලා 10 දෙනාම මගේ...
984K 53.4K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Jungkook's ) daughter Mishel...