Gone With the Wind || [COMPLE...

By Yazwi_03

2.5K 505 197

දෛවය හරි පුදුමාකාරයි වටින මහ ගොඩක් දේවල් අහිමි කරලා ජීවත් වෙන්න... එකම එක පුංචි බලාපොරොත්තුවක් විතරක් ඉතුරු ක... More

CHAPTER 1
CHAPTER 2
CHAPTER 03 || part 1
CHAPTER 03 || part 2
CHAPTER 5
CHAPTER 6
POSTSCRIPT

CHAPTER 4 : [Special]

249 66 14
By Yazwi_03

Special Park Hae So pov

මම පාර්ක් හේසෝ...

හේසෝ කියන්නේ මුහුදට..
මුහුද වෙලාවකට කැලඹෙනවා.. වෙලාවකට නිහඬව ඉන්නවා.. තේරුම් ගන්න හරිම අමාරුයි..
ඒත් මිනිස්සු එයා ගැන තේරුම් අරගන්න ගිහින් ගොඩක් වෙලාවට කරන්නේ වැරදි නිර්වචන ඉදිරිපත් කරන එක...


මාත් ඒ වගේ..

සමහර කෙනෙක්ට මන් මහ දුෂ්ට නපුරු කිසි හිතක් පපුවක් නැති ලොකු පුටුවක වාඩි වෙලා කැරකි කැරකි ඉන්න උද්දච්ච අම්මණ්ඩි කෙනෙක්...

තවත් කෙනෙක්ට මන් make up තට්ටු පිටින් උලා ගෙන විච්චූරණ ඇඳුම් ඇඳන් ඕන ඕන විදියට නටන කිසි සංවරකමක් නැති මෝඩ ගෑනියෙක්..

ඒ වගේම අතළොස්සක් දෙනෙක්ට මන් අසරණියක් ආදරේ උණුහුම හොයන.. සල්ලි නිසා යට ගිහින් තියෙන මගේ ආදරණීය ජීවිතේ හොයන..

ඔය තියෙන්නේ මාව කියවපු මිනිස්සු මට දීපු නිර්වචනවලින් ටිකක්... මගේ පිට කවරය දිහා බලලා මිනිස්සු ගත්තු තීරණ..

මන් ආදරේට ලෝබ කෙනෙක් උණුහුමක් දැනෙන හැමතැනකම ආදරය හොයන කෙනෙක්..




චූටි කාලේ ඔම්මගේ අප්පගේ උණුහුමේ ගුලිවෙන්න හදන හැම වෙලාවකම ඒ දෙන්නා කරේ මාව නැනීගේ අතට දීලා යන එක.. මන් ආදරේ හොයන කොට එයාලා සල්ලි පස්සේ ගියා.. එයාලට මාව අමතක උනේ නෑ හබැයි මගඇරුනා...

ඉතින් මන් හිතුවා... ලෝකේ හැමදෙයකටම මිලක් තියෙනවා කියලා.. ආදරය,ගෞරවය,පිළිගැනීම වගේ මට ඕන හැමදෙයක්ම සල්ලිවලින් ගන්න පුළුවන් කියලා.. ඒත් ඒ එක දවසක් වෙනකන් විතරයි..

"හේසෝ තමුන් කොහොමද ඔහොම ආත්මාර්ථකාමි වෙන්නේ ආහ්"

"ඔච්චර නපුරු වෙන්න එපා හේසෝ"

"තමුන්ට කිසි හිතක් පපුවක් නැද්ද.."

"තමුන් මහ යක්ෂණියක් හේසෝ"

"තමුසෙ වගේ දුෂ්ට ගෑනියෙක් මන් කවදාවත් දැකලා නෑ.."

"අනිත් මිනිස්සු ගැනත් හිතනවා හේසෝ"




ආ..ශ්.. මට මේ කතා අහලම ඇති වෙලා...

මන් හිනා වුනොත් ඒක මගේ උද්දච්චකම, හයියෙන් කෑගැහුවොත් ඒක මගේ දුශ්ටකම, මන් මන් වෙනුවෙන් කතා කළොත් ඒක මගේ ආත්මාර්ථකාමීකම.. මොකක්ද මේ....

කිසි කෙනෙක්, අඩුම තරමේ මගේ ඔම්මා අප්පවත් මාව තේරුම් ගන්නේ නැත්තෙ ඇයි.. වෙලාවකට මටම හිතෙනවා මන් ඇත්තටම යක්ෂණියෙක්ද කියලත්...

ඒත් මොකටද මන් ගැන හිතන්නේ නැති මාව තේරුම් ගන්නේ නැති මිනිස්සු ගැන මන් හිතන්නේ... හැමදාම මන් මගෙන්ම අහම ප්‍රශ්නයක් ඒක.. මන් වෛර කළා සමාජේ හැමෝටම පිට පොත්තෙන් මනුස්සයෙක්ව තේරුම් ගන්න හදන හැමෝටම..

මන් නපුරුයි උද්දච්චයි.. මාත් ආස නෑ එහෙම ඉන්න මාත් ආසයි හිනාවෙලා හැමෝම එක්ක කතා කරන්න.. ගිරිය පුප්පන් කෑගහන්නැතුව හැමෝම එක්ක හො‍ඳින් කතා කරන්න...

එත් මන් බයයි මන් එහෙම හැසිරුනොත් මට තියෙන ගෞරවය පිළිගැනීම නැති වෙලා යයි කියලා.. ඒක හින්දම මන් හැමදාම මවා ගත්තු ලොකුකමක් ඔලුව උඩ තියාගෙන ජීවත් වුණා.. හැඟීම් හංගගෙන හැමදාම රඟපෑවා.. හිතන තරම් ඒක ලේසි නෑ... ඒත් මන් මාව කොටු කරගත්තා.. හිතක් පපුවක් නැති උද්දච්ච ආත්මාර්ථකාමී ගැහැනියකගේ චරිතයක් ඇතුළට...

ඒත් මේ හැමදේම එක දවසක එක මොහොතක සම්පූර්ණයෙන්ම වෙනස් වුණා...














මන් මේ ලෝකේ ඉන්න ආසම තැන අපේ hospital එකේ special children's ward එක.. ඒ පුංචි පැටව්න්ගේ හිත්වල කිසි කහටක් ඇස්වලත් පිරිලා ඉතිරිලා යන තරමට ආදරේ තියෙනවා... චූටි angel කියලා කට ඇද කර කර කියන හැටි දැක්කාම මට හරියට ආදරේ හිතෙනවා..

"මේ ගෑනි හැමදාම මේක අස්සට රිංගන්නේ මොකද දන්නෑ..."

"ඒක නම් ඇත්ත... බැලුවොත් ඇත්තන් මේකෙමයි..."

"මේකිගේ හොර ළමයෙක්වත් ඉන්නවද දන්නෑ නේ මේකට ගෙනත් දාලා.."

"නොකිව්වට මටත් එහෙම හිතුණා... නටන නැටිල්ලට එක ළමයෙක් ඉඳියොත් තමයි පුදුමේ..."



ඇත්තමයි ඕවා ඇහෙනකොට මට එන තරහ මෙච්චරයි කියන්න බෑ.. වෙලාවකට මට හිතෙනවා මේ මිනිස්සු මොන qualification වලට මේ ward එකේ වැඩට ගත්තද කියලා.. මට විතරක් කියනවනම් මට කිසිම ප්‍රශ්නයක් නෑ මොකද මට ඒව හො‍ඳට අහලා පුරුදුයි.. එත් මේ චූටි පැටව් ටිකත් අල්ලලා කියන කතා ඇහුවාම ඇත්තෙන්ම මට තරහයි මහ ගොඩක් තරහයි....

මට තවත් ඒ කතා අහගෙන පැටව් ටික එක්ක බොරුවට හිනා වෙන්න ඕන නැති නිසා මම මගේ සුපුරුදු පිච්චිලා යන බැල්ම ඒ nurse  ලා දෙන්නටත් දාලා ගියේ cafeteria එකට.....coffee එකක් අතේ තියන් එනකොට මොකක්දෝ මන්දා ගල් ගෙඩියකට හැප්පිලා මන් කෑගහපු හැටි මට අදටත් හොඳට මතකයි...











ඒත් ඒ හීනි ඇස් දෙක දැක්කාම නම් මගේ තරහා කොහෙන් ගියාද කියලා නෑ.. පිච්චි පිච්චි තිබ්බ හදවතට වැස්සක් වැටුනා වගේ... කියාගන්න බැරි හැඟීමකින් හිත පිරිලා යනකොට මම ඉක්මනටම කරේ එයාගේ name tag එක බලාගත්තු එක...

"Lee Jong Suk"

මටම මුමුණ ගෙන දිගංචියා දිහා බලනකොට වචනයක්වත් නොකිය එයා මට bow කළා.. මට හිතා ගන්න බැරි වුණා ඒ ඇස් කියපු කතාව.. අනික් ඇස්වල නොදකින විශේෂ බවක් මට ඒ ඇස්වලින් දැනුනා.. පිස්සුවක් වගේ නේද.. ඒත් ඒක කියාගන්නවත් මට තේරෙන්නේ නෑ.. එවෙලේ එතනින් මන් ගියත් එදයින් පස්සේ නම් එයාට මගෙන් බේරිල්ලක් තිබුණේ නෑ..

පහුවදා ඉඳන්ම මන් කළේ මල වටේ කැරකෙන මීමැස්සා වගේ එයාගේ පස්සෙන් කැරකි කැරකි ඉන්න එක.. එයා හරියට තාර පැටියෙක් වගෙ.. ඒ විදියමයි..

එදා ඉඳන් මට මිනිස්සු කියන දේවල් ඇහුනෙම නැති තරම් මොකද මට ඒවා අහන් ඉන්නවට වඩා කරන්න ලොකු වැඩක් තිබුණා... ඒක මුලින් ආකර්ෂණයක් වෙන්න ඇති කියලා මම හිතුවත් දවස් යනකොට මන් තේරුන් ගත්තා ඒ මොකක්ද කියලා ඒකට කියන්නේ ආදරේ කියලා...

















මගේ ජොන්ග් සුක්.. මගේ සුකී... මගේ ඩෝචි.. මගේ ශබ්දකෝෂෙට අලුතින් එකතු වුන වචන ටික... ඒත් එයාට නම් මාව මහ කරදරයක්. අනන්තවත් මට බනිනවා.. හැබැයි පුදුමයි... මට ඒවට රිදෙන්නේ නෑ මට හිනා යනවා...ඉතින් ඊළඟ දවසේ ආයෙමත් මම කරන්නෙ කූඩැල්ලා වගේ එල්ලි එල්ලි එයාගේ පස්සෙන් යන එක.. ඒක.හරියට මගේ රස්සාව වගේ වුණා...















මන් දන්නෑ ආදරේ ලබාගන්නේ කෝමද කියලා..
මන් දන්නෑ ආදරේ කරන්නේ කොහොමද කියලා මන් හිතුවේ කොලේක අත්සන් කරලා හයියෙන් කෑගහලා පොරොන්දු දීලා ඇඟිලිවලට මුදු දෙකක් දාගෙන එකට ජීවත් වෙනකොට එතන ආදරයක් තියෙනවා කියලා... ඉතින් මන් එකත් හිතන් උන්නු විදියට කොහොම හරි කරගත්තා...

‍ඒකට මගේ ඩෝචිගේ කැමැත්තක් තිබුණේ නම් නෑ... ඒත් මන් එයාව මට ලියව ගත්තා.. සින්නක්කරව මගේම කර ගත්තා.... මන් අල්තාරේ උඩ ඉදන් එ පොරොන්දුව හයියෙන් කැගහලා කියෙව්ව විදිය අදටත් මතකයි.. කියලා නිම කරන්න බැරි තරම් සතුටක් මට එදා තිබුණේ..





ඒත් මට තේරුම් ගියා ආදරේ කියන්නේ ඒක නෙමෙයි කියල... බැඳීමක් තිබ්බ පලියට ආදරයක් ඇතිවෙන්නේ නෑ කියලා මට හො‍ඳටම තේරුනා... මට ඕන වුනේ ආදරයක් එහෙම නැතුව බැ‍‍ඳීමක් නෙමෙයි.. ඔක්කොම බිස්නස් අප්පට භාරදීලා මන් ගෙදරට වුනේ බැඳීමක් වෙනුවට අපි දෙන්නා අතරෙ ආදරයක් ගොඩනගාගන්න..

ඒත් ඒකෙන් උනේ මගේ ඩෝචි මගෙන් තවත් ඈතට ගියපු එක විතරයි.. රැයක් දවාලක් නැතුවම එයා hospital එකේ  වැඩකරන්න ගත්තා හරියට මාව මග අරින්න වගේ... එයත් මට බනින්න ගත්තා ආත්මාර්ථකාමි කියලා ඒත් පුදුමයි මට තරහවක් ඇති වුනේ නෑ.. මට මොහොතකට හිතුණා මන් නිසා මගේ ඩෝචිගේ ජීවිතේ විනාස වුනාවත්ද කියලා... ඒ හින්දම මම මට පුළුවන් විදියට එයාට හොඳ බිරිඳක් වුනා. මහ රෑට surgeries ටික ඉවර වෙලා එනකොට මන් ඇස් ඇරගෙන ඉන්නේ ගම් ගාගෙන.. ඒත් කාර් එකේ සද්දේ ඇහනකොට තියෙන නිදි මත කොහෙන් යනවද මන්දා.. මටම පුදුමයි මේ පාර්ක් හේසොට මොකක්ද වෙලා තියෙන්නෙ කියලා...


























දවසක් මන් කලබල වුනා.... මට එදා බය හිතුනා.. බනින්න හරි මගේ වෙලා ඉන්න මගේ ජොන්ග් සක් මට නැතිවෙයි කියලා.. ඇත්ත නැත්ත හොයාගන්න hospital එකට ගියාම දැක්ක දෙයින් වුනේ මගේ බය තව තවත් වැඩි වුන එක... ඒ වෙලාවේ පිස්සුවෙන් වගේ ඒරාට කෑගහපු මන් මොහොතකට නැවතුනේ කම්මුලෙන් දැනුන තද වේදනාව නිසා..

වචනෙන් විතරක් හැමදාම මට රිද්දපු මගේ ඩෝචි මට අත ඉස්සුවා.. මෙච්චරයි කියලා කියාගන්න බැරි තරමේ වේදානවකින් මගේ හදවත කීරි ගැහෙනකොට මන් ගියේ හන් ගඟ ගාවට... දන්න කාලේ ඉඳන් මගේ දුක ඇහුවේ එයා.. කියන හැමදේම අහගෙන ඔහේ ගලනවා ඒ නිශ්ශබ්දතාවයත් වෙලාවකට මට ලොකු සහනයක්...

මන්  මගේ දුක කිව්වා... ඇතිවෙනකන් කෑගගහා දුක කිව්වා... මගේ කඳුළු හංගගන්න මට උදව් කරන්න වගේ වැටුණු මහ වැස්සටම එකතු වෙලා මන් ඇඩුවා අඬලා අඬලා හෙම්බත් වුනු තැන අවසානේ මන් තීරණයක් ගත්තා..

ඔව් මම එයාව මේ කරදරෙන් ඈත් කරනවා... එයාට ඕන විදියට ජීව්ත් වෙන්න මන් එයාව නිදහස් කරනවා...



එහෙම හිතාගෙන නැගිටලා යන්න හදපු මට ඇහුණා හීන් ඉකිබිඳුමක්.. මන් වගේ තවත් ලෝකෙට හොරෙන් අඬන මනුස්සයෙක් වෙන්න ඇති කියලා යන්න හදන කොට මන් දැක්කා වැහිපොද අස්සෙන් පේන ඒ ඇස් දෙක එ මගේ ඩෝචි මොන දේ වුනත් මන් කවදාවත් එයාගේ ඇස්වල කඳුලක් දැකලා නෑ.. මන් කරපු දෙයින් ඒරා එයත් එක්ක තරහ වෙලාවත්ද... එහෙම වෙලා තිබුනොත් මන් ඒකත් හරි ගස්සනවා මන් එහෙම හිතාගෙන එයාලට ළං වුනේ වියරුවෙන් කෑගහන පිරිමියෙක්ව දකින්න බලාපොරොත්තුවෙන්

ඒත් එහෙම උනේ නෑ මගේ ස්පර්ශය දැනුන සැනින් ම ඊයක් වගේ නැගිටපු මගේ ඩෝචි කරේ මාව හයියෙන් තුරුල් කරගත්තු එක හුස්ම ගන්නවත් බැරි තරම් තදින්.... මගේ හදවත නැවතුනාද මන්දා... ඒත් එක්කම එයා කරේ මගේ මූණ පුරා හාදු තියපු එක හරියට අයිතිවාසිකම් කියන්න වගේ...

හේසෝ සරන්හේ...

ඒ තාක් කල් මගේ ජීවිතේ මට සතුටක් ගෙනල්ලා දුන්න එකම වචන දෙක ඒක.... මගේ ජීවීතේ වහ ගෙන හිටපු කළු වලාකුළු ටික අයින් වෙලා අලුත් ඉරක් පෑයුවා වගේ ඒ වචන දෙක.මගේ ජීවිතේට වසන්තය අරගෙන ආවා...

එදා ඉ‍ඳන් මගේ ජීවිතේ අලුත්ම පරිච්ඡේදයක් ලියවුණා.. සතුට විතරක්ම ඒ පිටු අතරේ පිරිලා ඉතිරිලා යන්න තිබුණා.. මගේ ඩෝචි තරම් ආදරණීය මනුස්සයෙක් මේ ලෝකේ කොහෙවත් නැතුව ඇති.. තොරතෝංචියක් නැතුව මන් කියවන හැම එකක්ම අහන් ඉන්නේ කොහොමද කියලත් මට වෙලාවකට පුදුමයි..

මන් එතකොට දෙයක් ඉගෙන ගත්තා මේ ලෝකේ එකතු වෙන්න ඕන ගැලපෙන මිනිස්සු නෙමෙයි නොගැලපෙන මිනිස්සු.. ගැලපෙන කෙනෙක් එක්ක ඉන්නකොට ජීවිතේම නීරස වෙන්න පුළුවන්... එතකොට අපිට ඒක දැනෙන්නේ හරියට මන්, මන් එක්කම ජීවත් වෙනවා වගේ...

නොගැලපෙන අය ගලපගෙන ජීවත් වෙන එක තමයි සුන්දරම.. මගෙයි ජොන්ග් සුක්ගෙයි ගැලපෙන දේවල් හොයන්නවත් නැතුව ඇති අපි දෙන්නා අහසට පොලොව වගේ.. ඒත් ඒ නොගැලපීම් එක්ක අපි ගලපගත්තු අපි දෙන්නගේ ජීවිතෙ හරිම සුන්දරව ගලාගෙන ගියා.


"හේසෝ ඔයා දන්නවද ඉස්සර මගේ හීනේ වුනේ... ලෝකෙම දන්න surgen කෙනෙක් වෙන එක..."

"ඇයි දැන් ඒක නෙමේද.."

"ම්ම්ම් ඒකත් තියෙනවා හැබැයි දැන් නම් මට ඕන මෙහෙම මෙහෙම පඩිපෙළක් වගේ ළමයි පේළියක් හදාගෙන, තව අලි බබෙකුත් බලාගෙන ජීවත් වෙන්න.."

"ආහ් ඇත්තද ආස ඇතිනේ..."

මගේ උකුල උඩින් ඔලුව තියාගෙන කියවන විකාර අතරේ සුකී හැමදාම කියන එකක් තමයි ඔය.. මාත් ඒවා හිනා වෙවී අහන් ඉන්නේ හරිම ආසාවෙන්..

ඒත් දවසක් prof Kim මාව හම්බවෙලා කියපු දෙයින් මට හිතුනා මෙච්චර දවසක් මන් කලේ කෙනෙක්ගේ හීනයක් උදුරගත්තු එකද කියලා.. ඒ තේරුම් කිරීමෙන් පස්සේ මම තීරණයක් ගත්තා අපේ කතාවට තාවකාලික නැවතීමක් තියන්න.. ඒ අවුරුදු හතරකට...

මොහොතකට මන් දැනන් ඉදියනම් ඒක සදාකාලික නැවතීමක් කියලා මන් පුරුදු විදියටම ආත්මාර්ථකාමි වෙලා එයා ළඟම දැවටි දැවටී ඉන්නවා...









අපි දෙන්නා හරිම ආදරණීයව ආත්මයෙන්ම එක්කෙනෙක් උන දවසේ මම තීරණය කළා එයාව දාලා යන්න.. තාරා පැටියෙක් වගේ නිදාගෙන හිටපු මගේ ඩෝචිගේ මූන පුරාම කඳුළු පිරුණු හාදු තියලා.. වෙව්ලන අත් වලින් කොලේකටත් අත්සන් කරලා මම ගියා හැබැයි ආයේ එන්න හිතාගෙන... ‍

එදයින් පස්සේ මම වෙනමම රටක වෙනමම ජීවිතයක් ගත කළා... ගෙවපු හැම මොහොතකදිම මගේ ජීවිතේට එක එක විදියේ හීන, බලාපොරොත්තු එකතු වුනා.. හිත නොසෑහෙන්න ඇදුම් දුන්නත් මන් හිත හදාගත්තා තව ටික කාලයයිනේ කියලා..

ඇමරිකාවට ගිහින් සති කීපයක් ගත වෙනකොට මගේ ජීවිතේ මම අහපු අනිත් සුන්දරම වචන පේළිය කනට වැටුණා..

"Madam congratulation ! You are pregnant"

ඒ වෙලාවේ දැනුන සතුට මෙච්චරයි කියන්න බැ.. මට ඒවෙලාවේ ඕන උනා මගේ ඩෝචිව බදාගෙන මූණ පුරාම හාදු තියන්න.. අපේ වස්තුව අපි ළඟට ඇවිත් කියලා කියන්න.. පැය ගානක් ඒ උණුහුම් පපුවට තුරුල් වෙලා විකාර කියවන්න.. හන් ගඟ ගාවට ගිහින් කෑගහන්න... මගේ ඇහැට ඇඟිල්ලෙන් ඇනපු ලෝකේ හැමෝටම මන් කොච්චර සතුටින් ඉන්නවද කියලා කෑගහලා කියන්න....

ඒත් ඒ හැම ආසාවක්ම මන් සීමාවක් දාගෙන මැඩගත්තා.. අවුරුදු හතරක් ඉවසන්න හේසෝ.. එදාට අපි ඔය හැම එකම කරමු.. මන් මටම කියාගෙන මාවම සනසගත්තා...

එතන ඉඳන් ලියවුනේ මගේ ජීව්තේ අලුත්ම පිටුවක්. මගේ චූටි පැටියත් එක්ක එයාගේ තාත්තව හම්බුණාම කරන හැමදෙයක්ම හැම දවසකම අපි දෙන්නා plan කළා.. මගේ පැටියා ටික ටික ලොකු වුනා.. මට කරදර කරානම් තමයි ඒත් මන් ඒකට ආස වුනා. අරමුණක් නැතිව තිබුන මගේ ජීවිතේට මගේ මැනික අරමුණක් දුන්නා..

අනේ මට දකින්න තිබුණනම් මගේ මැණික චුට්ට චුට්ට ලොකු වෙන දිහා එයාගේ අප්පා හිනාවෙවී බලාගෙන ඉන්න හැටි... ටික ටික ලොකු වෙන මගෙ බඩට කන තියාගෙන කතා කරන හැටි.. තාරාවෙක් වගේ උඩ පැන පැන මගේ වැඩ කරන හැටි... නැවතීමක් නැතුව ආයෙත් මගේ හීන පොතේ පිටු පිරවෙන්න ගත්තේ මගේ අවසරයකින් තොරවමයි..

මේ හැම ආසාවක්ම මැඩ ගෙන මන් ජීවත් වුනා බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙන..

මගේ චූටි මැණික මන් ළඟට ආවා.. නොසෑහෙන තරමේ වේදනාවක් දැනුනත් මගේ පැටියගේ සද්දෙ ඇහෙනකොට ඒ හැම වේදනාවක්ම ඉබේම නැති වෙලා ගියා... මට ඕන වුනා ඒ වෙලාවේ මගේ මැනිකගේ මූන එක්කම මගේ ඩෝචිගේ මූණ බලන්නත්.. ඒත් ඒකට තව කල් තියෙනවා නේ කියලා එවෙලේත් මන් හිත හදාගත්තා..


අනේ මගේ ළඟට ආවේ චූටි සුරංගනාවියක්... ඒ හීනි ඇස් දෙක තාරා තොල් දෙක මට මතක් කරන්නෙම මගේ  සුකීව..  මොනවා කරන්නද... තව ටික කාලයයිනේ මන් හැමදාම එහෙම කියලා මාව රවට්ට ගත්තත් මගේ චූටි ආචිචි අම්මව රවට්ටන එක නම් ලේසි වුනේ.. නෑ..

ඔම්මා... අප්පා කෝ... අප්පා කෝ..

කටේම තියෙන්නේ ඔය ප්‍රශ්න බැරිම තැන මන් කලේ පුංචි ටෙඩියෙක්ට මගේ සුකීගේ photo එකක් print කරලා හදලා දීපු එක...එදා ඉඳන් මගේ ‍angel doll ගගා ඒක අතේමයි.. මට හිතුණා මන් මේ පැංචිගෙන් එයාගෙ අප්පව ඈත් කරලා කරන්නේ වැරැද්දක්දෝ කියලත් .. ඒත් ඒ වෙලාවට පරණ පුරුදු විදියටම මන් මාව රවට්ටගත්තා...

අවුරුදු තුනක් හතරක් ඔය විදියට ගෙවිලා ගියේ දුකත් සතුටත් දෙකම මිශ්‍ර වෙලා.. මගේ මැනික ලොකු වෙන්න ලොකු වෙන්න අහන ප්‍රශ්න වල බර වැඩි වෙන්න ගත්තා.. හැමදාම බොරු කිය කිය බේරුන මන් ඒ හැමවෙලාවකම කළේ.. මගේ සුකීගේ සුවඳ පිරුණ කෝට් එක බදාගෙන අඬපු එක.. මගේ කඳුළු වලට පෙඟිලා ඒ සුවඳ මැකිලා යයිදෝ කියලා බය හිතුණ හින්දම සමහර වෙලාවට අඬන එකත් බලෙන්ම නවත්තගන්නවා..















මගේ ඩෝචිව හම්බෙන්න යන්න තිබුණේ තව සතියක් වගේ පොඩි කාලයක් එයාගේ project එක ඉවර වෙලා එයා කොරියාවට යන දවසටම මාත් එහෙට යන්නයි මන් plan කරන් ඉදියේ... ඒත් ටික කාලෙක ඉඳන් ඇඟ ඇතුළෙන් දැනෙන කියාගන්න බැරි වේදානාවක් මට ඒ ටිකේ තදින්ම වද දෙන්න ගත්තා... කලිනුත් මේ වගේ වේදනාවල් දැනුනත් මන් ඒවා එච්චරම ගනන් ගත්තේ නෑ... ඒත් ඒ වේදනාව එන්න එන්නම වැඩි වෙනකොට අවුරුදු ගාණක් හැමදෙයක්ම දරාගෙන මාත් එක්කම සටන් කරපු මට ඒවා දරාගන්න එක ටික ටික අමාරු වුණා..

පරණ පුරුදු විදියටම ඇග ඇතුළෙන් ඇටකටු කඩලා දානවා වගේ දැනෙන වේදනාවත් කරදරකාරී ඔලුවේ කැක්කුමත් එක්කම උදේම ඇහැරුණු මට වටේම පෙනුනේ බොඳ වෙලා වගේ.. මන් ළඟට වෙලා angel doll වත් ගුලිකරගෙන නිදාගෙන ඉන්න මගේ සූහි පැටියට හාදුවකුත් දීලා ඇඳෙන් නැගිටින්න හැදුවත් මට නැගිටගන්න බෑ... අමාරුවෙන් බිත්ති වලට වාරු දීලා නැගිටපු මන් washroom එකට ගියේ මූණට වතුර ටිකක් වැටුනාම මේ අමාරු නැති වෙයි කියලා මට හිතුන නිසා..  මූණට වතුර වැටුනාම අමාරු ගතිය යන්තමින් අඩු වුන හින්දම මම පුරුදු විදියට වැඩ ටික ඉවර කරලා සූහි බබාවත් ලෑස්ති කරගෙන එයාවත් day care එකට දාලා ගියේ අපේ hospital එකට ඒ කලින් කරපු මගේ reports වගයක් අරගන්න..



















































ජීවිතේ කියන්නේ මහ පුදුමාකර දෙයක්.. ගොඩ ගහගෙන ඉන්න බලාපොරොත්තු එක මොහොතකින් කැඩිලා බි‍‍ඳිලා යන්නේ හිතාගන්නවත් බැරි විදියට.. මටත් උනේ ඒ දේම තමයි... හදාගෙන හිටපු හීන මාළිගා ඔක්කොම ටික කැඩිලා බිඳිලා ගියේ බලා ඉන්දෙද්දිමයි... ඒ කොළ කෑල්ලේ ලියවිලා තිබ්බ හැමදේම මගේ ජීවිතේ සම්පූර්නෙන්ම වෙනස් කරලා දැම්මා...

කරන්න කියලා මහ ගොඩක් දේවල් ඉතුරු වෙලා තියෙද්දී ඔයා ජීවත් වෙන්නේ මෙච්චර කාලයයි කියලා ජීවිතේට ලේබලයක් වැදුනොත් කොහොම දැනෙයිද... මරණයත් එක්ක මරණය පෙනි පෙනී ජීවත් වෙන්න වුනොත් කොහොමද.... ඒ හැමදේම මට දැනුනා..

මන් තනියෙන් උන්නානම් මන් යන්නම යනවා. ඒත් එහෙම කරන්නේ කොහොමද මගේ පැටියා ඉන්නකොට... අනික මගේ සුකී  එයා මේක දැනගත්තොත් කොහොම හැසිරෙයිද.. අනිවාර්‍යෙන් හැමදෙයක්ම අත අතාරියි.. ඉතින් මන් කොරියාවට යන්න හිටපු ගමන නැවැත්තුවා..

එයාගේ ජීවිතේ උඩටම යන්න හේතුවක් උන මට ආයෙමත් බෑ එයාව පහළට ඇදලා දන්න.... මන් මගේ සූහිට කලේ වැරැද්දක් වෙන්න ඇති, ජොන්ග් සක්ට කරේ වැරැද්දක් වෙන්න ඇති, මට කලේ වැරැද්දක් වෙන්න ඇති... ඒත් මන් මගේ තිරණය ඒ වෙලාවෙ මොහොතකටවත් වෙනස් කලේ නෑ...

"හේසෝ ඇයි මෙහෙම කරන්නේ ආහ්.. අපි ඔයාගේ chemo එක ඉක්මන් කරමු.. බෙහෙත් වලින් අමාරුයි..."

හැමදාම doctor කිව්වේ ඕක.. එතකොට මගේ සූහිට මොකද වෙන්නේ කාත් කවුරුත් නැති රටක ලෙඩ ගාණේ වැටිලා ඉන්න ඔම්මා කෙනෙක් එක්ක අවුරුදු හතරක පහක පොඩි කෙල්ලෙක් මොනවා කරන්නද.. ඉතින් ඒක හින්දම මම හැමදාම කළේ doctor ව මග ඇරපු එක.. බෙහෙත් අහුරු පිටින් ගිලින ගමන් ඇඟ ඇතුලෙන් දැනෙන වේදනාව දරාගෙන මන් ගෙවපු ජීවිතේ රඟ වචන වලින් කියන්න බැරි තරම්...

ඒත් දවසක මන් මැරිලා ගියොත් මගේ කෙල්ලට මොකක්ද වෙන්නේ.. හැමදාම මට වද දීපු ප්‍රශ්නේ ඒක... එන්නම එන්නම මගේ තත්ත්වේ දරුණු අතට හැරෙනකොට මන් බය වුණා මගේ කෙල්ල මේ ලෝකේ අනාථ වෙයි කියලා.. ඉතින් මන් තීරණය කළා ආයේ කොරියාවට යන්න ගිහින් මගේ පැංචිව එයාගේ අප්පට දීලා ඒ දෙන්නටම මන් යක්ෂණියක් වෙන්න..





ඒ විදියට කොරියාවට ආපු ගමනේදී අහම්බෙන් වගේ මගේ සුකිව මට ආයෙමත් හම්බවුනා.. ඒ හීනි ඇස් තාමත් එහෙමමයි.. හැබැයි ටිකක් විඩාබරයි... ඇග පුරාම දිවෙන කියාගන්න බැරි තරමේ වේදනාවක් එක්ක පැංචිව වඩාගෙන හිටපු මගේ ළඟට ඇවිත් කතා එයා හිනා වෙලා කතා කරපු හැටි මට මැවිලා පේනවා ඒතරම් ලස්සනයි ඒ හිනාව..

එදා ඉඳන් සූහිව මන් බලාගත්තෙ නැති තරම් දවල් දවසෙම angel doll ගගා සුකීගේ පස්සෙන්මයි... අපරාදේ කියන්නේ තමන්ගේ කියලා දන්නේ නැති වුනත් ජොන්ග් සක් මගේ සූහිට පිරිලා ඉතිරිලා යන තරමට ආදරේ දුන්නා... ඒ උණුහුමේ ගුලි වෙන්න මගේ මැනික ගොඩක් ආසයි... සූහි විතරක් නෙමෙයි මාත් තවමත් ආසයි.. ඒත් මොහොතකට මන් මගේ හැඟීම් ඉස්සර කරගත්තොත් මන් කරන කිසි දේකින්ම වැඩක් වෙන්නෙ නැති බව දන්න නිසාම මම මාව හිරකර ගත්තා...


මොරසූරන වැස්සක් එක්කම මම එදා hospital එකට ගියේ මගේ දැන් ‍condition එක බලාගන්න ගත්තු report එක ගන්න... හිතුවට වඩා වෙලා ගිය නිසාම මන් සුකීට කිව්වා සූහිව ගෙදර එක්කගෙන යන්න කියලා.. මගේ හිතේ ජීවිතේ ගැන හීන් බලාපොරොත්තුවක් තිබුණ නම් ඒකත් එදා නැති වෙලාම ගියා.. වසන්තය පෙනි පෙනී තියෙද්දි ඒ සුවඳ විඳගන්න බැරි මහ පව්කාරියක් මන්..



එළියට පනින්න දඟලන කඳුලු හිරකරගෙනම ගෙට ඇතුල් වුන මන් ගාවට මගේ ඩෝචි ඇවිද ගෙන එනකොට මට හිතුනා මේ හැමදේම එයාට කියලා නිදහස් වෙන්න.. හිරකරන් ඉන්න හැම කඳුලක්ම ඒ පපුව උඩින් තියන්න... ඒත් කොහොමද එහෙම කරන්නේ මන් මටම වාරණ දාගෙන ඉන්න කොට...

ගතිනුත් හිතෙනුත් දැනෙන වේදනාව පැත්තකට දාල ඇඳුමකුත් මාරු කරගෙන පහළට යනකොට ජොන්ග් සක් හිටියේ කල්පනාවක..

ඒත් එක්කම වගේ එයා අහපු දෙයින් මන් මොහොතකට පුදුම උනා.. ඒවෙලාවේ මට තේරුනා හැමදේම අත ඇරලා යන්න කාලේ දැන් ඇවිත් කියලා.. මගේ පැංචි ගැන මවපු හැම හීනයක්ම මරලා දාන්න කාලේ හරි කියලා එ වෙලේ මට තේරුනා...







කඳුළු අතරින් මගේ ඩෝචි මන් දිහා බලන් ඉන්දැද්දී වියරුවෙන් වගේ කෑගහපු මන් ගෙදරින් එළියට බැහැලා ආවේ මටම සාප කර ගන්න ගමන්...

මන් කොහෙට ගියා කියලද හිතන්නේ... මම ගියේ වෙන කොහෙටවත් නෙමෙයි. හන් ගඟ ළඟට මගේ දුක අහන කෙනා ළඟට... පුරුදු විදියටම මන් වැස්සත් එක්ක එකතු වෙලා මගේ වේදනාව කඳුළු කරලා දිය කළා.. ගතින් නොසෑහෙන්න වේදනාවක් දැනුනත් හිතේ වේදනාව ඊටත් වඩා තදින් මට දැනුනා. මගේ සුරංගනාවිට මන් ඒ මොනවද කිව්වේ.. කාලකණ්නි අවජාතක කෙල්ල ඒ මොනවද ඒ... මන් මටම සාප කරගන්න කොට මට මතක් වුනේ ම එවෙලේ කඳුළු අස්සෙන් මාව සනසන්න හදපු මගේ සුකීගේ ඇස් දෙක.. එයා අඬන්නැති ඒත් කමක් නෑ මන් ඉන්න තත්ත්වේ දැනගත්තොත් එයා හැමදම අඬයි එහෙව් එකේ පැයක් දෙකක් අඬලා සැනසෙන එක හොඳයි... මන් මටම එහෙම කියාගෙන මාව පාලනය කරගන්න හැදුවත් වාන් ඇරියා වගේ දෝරේගලන මගේ කඳුළු වල නම් පාලනයක් තිබුනේ නෑ..

"ඇයි මටම මෙහෙම වෙන්නේ..."

"මට පැනලා යන්න බැරිද.. මේ හැමදේම අතෑරලා යන්න බැරිද..."

තිබුණ බැඳීම් ඔක්කොම අතෑරපු නිසාම මට දලා යන්න බෑ කියන්න දෙයකුත් තිබුනේ නෑ...ඒත් කොහොමද එහෙම කරන්නේ මන් හැමදාම තදින්ම විශ්වාස කරපු දෙයක් තමයි අපේ කතාවට තිතක් තියන්න අපිට කිසිම අයිතියක් නෑ කියන එක.. කොහොමද එතකොට මම එහෙම කරන්නේ

ඉදින් මන් තීරණය කළා ජීවත් වෙන්න හැබැයි හිස් ආත්මයක් එක්ක.. කිසිම බලාපොරොත්තුවක් නැතුව...

අඬලා අඬලා හෙම්බත් වුන මන් එහෙමම ගියේ hospital එකට මොකද මට ඕන වුනේ නෑ ගෙදරක ඉන්න.. ගෙදරක ඉන්නකොට උණුහුම තදින්ම ඕන වෙනවා ඉතින් මට ඒ අහිමි වීමේ වේදනාවත් එක්ක දැන් සටන් කරන්න තරම් ශක්තියක් නැති නිසා මම hospital room එකක් මගේ ගෙදර කරගත්තා..

ඕක තමයි මගේ කතාව.. මට කවදාවත් සුකීව හම්බ නොවුනනම් මගේ සූහිව හම්බනොවුන නම් මට අද මේ තරම් රිදෙන්නේ නැති වෙන්න තිබ්බා.. එහෙමයි කියලා ඒ දේවල් එහෙම උනානම් කියලා කිසිම දවසක ප්‍රාර්ථනා කළේ නෑ... මොකද මගේ ජීවිතේ වසන්ත ඍතුව තිබුනේ ඒ කාලේ... හිනාවෙලා සැහැල්ලුවෙන් ගත කරපු ඒ කාලේ ගැන අංශු මාත්‍රයකවත් පසු තැවීමක් මට තිබුනේ නැ.... ඒ මතක මට රිද්දුවත් මගේ මූණට යන්තම් හරි හිනාවක් ගේන්න තිබුණේ ඒ මතක විතරයි...



















මගේ රූපේ දිහා මන් ම බලන් ඉන්නකොට හිතාගන්නවත් බෑ මේ මමද කියලා.. make up වලින් වහගෙන හිටපු පාර්ක් හේසොගේ මූණ ඇදිලා ගිහිල්ලා සුදුමැලි වෙලා ඇස් ගිලිලා ගිහිල්ලා... තොල් නිල් පාට වෙලා.. රූකඩයක් ගාණයි දැන්.. මට ජීවිතේ එකම එක තැනක් වැරදුනා.. මන් ඒ වරදේ ප්‍රතිඵල දැන් හොඳටෝම විඳවනවා..

මන් මේ ජීවිත ගමන යන කොට උහුල ගන්න බැරිතරම් බලාපොරොත්තු ගොඩ ගහගත්තා... ඒවා ගොඩා නගාන්න තරම් ලේසි නෑ ක්ෂණයකින් ඒවා බි‍ඳිලා ගියාම දැනෙන වේදනාව දරාගන්න  එක...  කිසිම වෙලාවක ගෙනියන්න බැරි තරම් බර ගොඩ ගහගන්න එපා මොකද ඒ බර කන්ද ඉස්සරහට අපිට අරගෙන යන්න බැරි තැනදී අපි හරියට අසරණ වෙනවා...

මන් හැමදාම ප්‍රශ්න කලා ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා.. ඇයි මටම උඩ ඉන්න කෙනා මෙහෙම කරන්නේ කියලා.. හැබැයි hospital එකේදි මන් ඒකත් තේරුම් ගත්තා...

මට මොන තරම් දේවල් තියෙනවද.. ඇවිදින්න කකුල් දෙකක්, බලන්න ඇස් දෙකක්, අහන්න කන් දෙකක්, අත පත ගාන්න අත් දෙකක්..

එකී මෙකී නොකී දේවල් කොච්චර නම් මට තියෙනවද.. ඉතින් මන් ඒ අතින් වාසනාවන්තයි... මන් වසන්තයක සුන්දරත්වය විඳපු කෙනෙක් ඒත් කොච්චර නම් මිනිස්සු ඉන්නවද.. ඉපදුන දවසේ ඉදන් ඉස්පිරිතාලෙක ඇඳක හරි රෝද පුටුවක ගත කරන.. ඒ අතින් බලන කොට මම කොයිතරම් නම් වාසනාවන්තද...

මෙච්චර කල් ලැබීම් පැත්තේ ඉඳන් ජීවිතේ දකින්න පුරුදු වුන මන් දැන් කරන්නේ නොලැබීම් පැත්තෙ ඉඳන් ජීවිතේ දකින එක... එහෙම බලනකොට තමයි තේරෙන්නේ මට උඩ ඉන්න කෙනා මොන තරම් දේවල් දීලද කියලා...

ඉස්සර සූහිත් එක්ක ඉන්න කාලේ මන් නිදා ගන්නකොට ඉල්ලුවේ එකම දෙයයි ඒ මට උදේට ඇස් දෙක අරින්න පුළුවන් වෙන්න කියලා... ඒත් දැන් එහෙම නෑ නිදාගන්නකොට මන් ප්‍රාර්ථනා කරන්නේ මේක සදකාලික නින්දක්ම වෙන්න කියලා.. මන් ආසයි මගේ ඩෝචිගේ මූණ බලන්න මගේ පුංචි සුරංගනාවිගේ මූණ බලන්න ඒත් මගේ හැඟීම් වලට මට ඉඩ දෙන්න බැරි නිසාම මන් ප්‍රාර්ථනා කරන්නේ ඉක්මනින්ම දීර්ඝ නින්දක් මට ලැබෙන්න කියලා...

කොහොම උනත් මම දන්නෑ මම මේ කරන්නේ වරදක්ද කියල.. මගේ පව්ලෙන් මාව බලෙන්ම ඈත් කරගෙන මම මේ කරන්නේ හරි දෙයක්ද කියලා මට තවම තේරුමක් නෑ..

සමහර විට මගේ සුකී මාත් එක්ක තරහ වෙලා ඇති... මොන අප්පද කැමති තමන්ගේ දරුවෙක්ට අර වගේ කතා කරන ගෑනියෙක් ගැන හිතන්නවත්.. එක අතකට එයාලට මන් යක්ෂණියක් උන එක මට සහනයක්.. තව ජීවත් වෙන්නේ දවස් කීයද කියලවත් මන් දන්නේ නෑ... දැන් මගේ හීන කොහේ ගිහිල්ලද දන්නෑ.. හීන ලෝකේ ලස්සන උනාට දැන් මන් කැමති නෑ හීන දැකලා ඒවයේ අතරමං වෙන්න... කටුක උනත් මම යතාර්ථයට මුහුණ දෙනවා...

"Madam therapy එකට වෙලාව හරි..."

ගතේ වේදනාව දරාගන්න බැරි තැන මේපල් ගස් පේලිය දිහා බලාගෙන මන් කලේ පරණ මතක අවදි කරපු එක.. ඒ ලෝකෙන් මොහොතකට මන් මිදුනේ ඒ ඇහුනු කටහඬ නිසා..

අඩියක් උස්සලා තව අඩියක් තියාගන්න මට මුළු ඇගේම ශක්තිය එකතු කරන්න වෙලා.. ඇඟ ඇතුළේ ඇටකටු වලින් එන්නේ ඉහිලුම් දෙන්නැති වේදනාවක් හරියට ඒවා කවුරුහරි ඉඳන් කුඩු කරනවා වගේ ඒ තරම් වේදනයි.. දැන් ඔය කතා කරේ ඒ වේදනාවට තවත් වේදනාවක් එකතු කරන්න මොනවා කරන්නද උඩ ඉන්න කෙනා මට කතා කරන කන් මන් ඉන්න එපැයි...

කොච්චර දාර්ශනික වුනත් දැන් නම් මන් ගොඩක් සංවේදි වෙලා.. මාවම එපා වෙලා මට.. ඔක්කොටම වඩා ඉවසන්නම බැරි දේ මගේ දිහාවට එල්ලවෙන අනුකම්පාව පිරුණු ඇස්.. කරන්න දෙයක් නෑ කාලේ ඉවර වෙනකන් ඉන්න ඕන නේද කියලා හිත හදාගෙනම මන් ගියා එ හ‍ඬ ආපු දිහාවට...

එක එක අයගේ කතා හරිම පුදුමයි නේද...  ජීවිතේ උඩුයටිකුරු වෙලා යන්න ගත වෙන්නේ මොහොතයි... මට කියන්න තියෙන්නෙ එක දෙයයි. මනුස්සයෙක්ව තේරුම් ගන්න බැරි නම් එයාට නිර්වචන නොදී ඉන්න මොකද ඒ මනුස්සයා ඇතුළේ අපිට කියවගන්න බැරි උන ලොකු කතාවක් තියෙනවා ඇති... සමහර විට එයාගේ විඳින වේදනාව ඔයාට හිතාගන්නවත් බැරි තරම් එකක් වෙන්න පුළුවන්...

___________________________________________

ඔන්න තව එකක් ඉවරයි පර්ල්ස්...💐

වැදගත් දෙයක් කියන්න ඕන plot එක වෙනස් කළා මන්...  මතක ඇති මන් මුලදී BTS characters ටිකක් ගත්තා.. මන් එයාලව අයින් කළා හරිද.. හැබැයි මේ කතාවේ අනිවාර්‍යෙන් එයාලා ඉන්නවා.. බලන් ඉන්න... මන්  එයාලව එකතු කරනවා..

ම්ම් කතාවට නම් තව chapters 2 ක් හෝ 3 ක් තියේවි...
අද එක නම් ගන්න දෙයක් නෑ කියලා මටම තේරෙනවා...😥
මේ chapter එක නැතුවත් බෑ බබාලා...
දිගයි නේද වචන 4000 කට ළඟයි..
අමාරුවෙන් හරි මේ කතාව කියවන vote කරන comment  හැම මුතු කැටේකටම මන් ආදරෙයි...

Saranghyeo my pearls....🔮

Jongbin 💕

🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃

Continue Reading

You'll Also Like

2.2M 114K 64
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...
526K 11.3K 38
In wich a one night stand turns out to be a lot more than that.
1.6K 422 22
"අපි නැති කාලෙක මේ හැමදේකම උරුමක්කාරි ඔයයි ලියානා." ලියානා ෂර්ලි ලොකු ගෙදරක සොල්දරයේ හිර වෙලා හිටපු කෙල්ලෙක්, අන්තිමේදි බංගලාවක් වගේ ගෙදරක සහ ගොඩක්...
1.1M 47.8K 94
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC