🖤❤️To The Dark Side❤️🖤[comp...

Autorstwa Mwahli_z

24.2K 4.5K 1.8K

අද්භූත කොල්ලෙක්ට සාමාන්‍ය කොල්ලෙක්ගෙන් අවංක ආදරයක් ලැබුනොත් මොනවගේ දෙයක් වෙයිද.....???? . . . අද්භූත ආදරයක්... Więcej

🖤chapter 1🖤
🖤chapter 2🖤
🖤chapter 3🖤
🖤chapter 4🖤
🖤chapter 5🖤
🖤chapter 6🖤
🖤chapter 7🖤
🖤chapter 8🖤
🖤Chapter 9🖤
🖤Chapter 10🖤
🖤Chapter 11🖤
🖤Chapter 12🖤
🖤Chapter 13🖤
🖤Chapter 15🖤
🖤Chapter 16🖤
Not a chapter
🖤Chapter 17🖤
🖤Chapter 18🖤
🖤Chapter 19🖤
🖤Chapter 20🖤
🖤Chapter 21🖤
🖤Chpter 22🖤
🖤Chapter 23🖤
🖤Chapter 24🖤
🖤Chapter 25🖤
🖤Chapter 26🖤(End)

🖤Chapter 14🖤

825 166 85
Autorstwa Mwahli_z

කලින් එකෙන්..........

හොබී උඩ පැන පැන ගිහින් ලීසාගෙ රූම් එකට ගියෙ නිදා ගන්න.....ටේත් හිත ඇතුලෙන් සතුටු වෙවී ගිහින් නිදා ගත්තෙ හෙට උදේම ලොකුම ලොකු වීර වික්‍රමයක් කරන්න තියෙන නිසා.......

........................................................................

Next day morning..........

ටේ උදේම එලාම් එකත් තියාන නැගිටලා ඉක්මනට ලෑස්ති වෙලා පල්ලෙහාට ගියෙ අද උදේන්ම එයාගෙ හිතේ වැඩ කරන ලොකුම ලොකු වැඩේ කරන්න......හැබැයි ඔක්කොටම වඩා කෑම වැදගත් නිසා ටේ කිචන් එකට ගියෙ කන්න මොනාහරි හොයාගෙන....
යනකොට ජින් හියුන්ග් හෝගාලා උයනවා........

🐯 හියුන්ග්.......මොනාද කන්න තියෙන්නෙ අනේ......

🐺 කන්න නම් තාම හදනවා ටේ.....එතකල් ස්ටෝබෙරි ජෑම් එක්ක පාන් තියෙයි කන්න........

🐯 ආ.......මරු මරු......

ටේ ස්ටෝබෙරි ජෑම් එක්ක පාන් පෙති දෙකක් කාලා ස්ටෝබෙරි මිල්ක් ශේක් එකකුත් ෆ්‍රිජ් එකෙන් අරන් ඉකමනට කිචන් එකෙන් යන්න හැදුවා........

🐺 ටේ......ඔය උදේම කොහෙද දුවන්නෙ ආ.....අනික හරියට කන්නෙවත් නැතුව....

🐯 ආ......මේ.....හියුන්ග් පොඩි ගමනක්.....ඉක්මනට ගිහින් එන්නම් අනේ....ආවාම කන්න බැරියෑ....අහ් තව වැඩි පුර කෑම ටිකක් හදලත් තියන්න ඈ......

🐺 ම්වෝ....වැඩි පුර...ඒ ඇයි.....

🐯 හරි හරි මම ආවාම බලාගන්නකො....මම යනවා.....

🐺 දේ.....දේ.....පරිස්සමින් යන තැනක...

🐯 දේ.......

ටේ ජිමින්ට යන්නෙ කොහෙදවත් නොකියා ඉක්මනට ගෙදරින් පිටත් උනා...මොකද තව කවුරු හරි එයත් එක්ක ආවොත් මේ වැඩේ කර ගන්න බැරි නිසා.....ටේ වෙනදා හවසට ඇවිදන් යනවා වගේම අද උදේත් ඔහේ පාරෙ ඇවිදගෙන ගියා....ටේ ඇත්තටම යන්නෙ.....? ඔව්....ටේ ඇත්තටම යන්නෙ එයාගෙ ආදරේ එක්කන් එන්න...ඒ කියන්නෙ ටේ මේ උදේ පාන්දරම ලොකු වැඩක් කරන්න තියෙනවා කියලා යන්නෙ ජන්ග්කුක්ව එක්කන් එන්න...ටේ මේ වැඩේ අද අනිවාරෙන් කරනවා කියලා හිතා ගත්තා....මොකද දැන් දවස් ගානකින් එයා එයාගෙ කුකීව දැක්කෙ නෑ.....කුකී ටේගෙ ගෙදර එන්න අදිමදි කරයි....ඒත් ටේ අනිවාරෙන් එයාව එක්කන් එනවා කියලා හිතා ගත්තා...ටේගෙ හිතේ පොඩි බයක් නොතිබුනාම නෙමෙයි.....මොකද එයා යන්නෙ ලොකුම ලොකු කරදර ගොඩක් තියෙන තැනකට....ඒත් කුකී වෙනුවෙන් ටේ එයාගෙ හිත හදා ගත්තා.......

හම්මෝ දැන්නම් පපුවත් ගැහෙනවා වගේ.......ඒත් බය වෙන්න එපා ටේ....ඔයා මේක කරන්නම ඕනේ......

බංගලාව පේන දුරින් ඉදන් ටේ ලොකු හුස්මක් අරන් හිත සැහැල්ලු කරගෙන ඒ පැත්තට යන්න පටන් ගත්තා..........

වෙනදා වගේම මේ ඉඩම අදත් හරිම පාලු මලානික ගතියෙන් පිරිලා.....උදේ වරුව උනත් බංගලාව දිහා බලන ඕනෙම කෙනෙක්ට ඒකෙ තියෙන අදුරු ගතියත් එක්ක හිතට අමුතු භයානක හැගීම් ගලාගෙන එනවා.......

මේ වගේ අත්භූත තැනක මගෙ කුකී ජීවත් වෙනවට තෑගි දෙන්න ඕනේ.....

එහෙම හිතින් හිතපු ටේ බංගලාව පැත්තට වැටිලා තිබ්බ අඩි පාර දිගේ ඇවිදන් ගියා......

.

.

.

" ටේ හියුන්ග්............."

බංගලාවෙ පැත්තකට වෙන්න තිබ්බ ගහක් ගාවට වෙලා හිටපු ජන්ග්කුක් ටේව දැක්ක ගමන් ටේ ගාවට දුවගෙන ඇවිත් ටේව බදා ගත්තා.........

" කුකී.......අනේ මගෙ මැනික මෙතනට වෙලා මොකද කරන්නෙ......"

" මුකුත් නෑ හියුන්ග්......කම්මැලි නිසා එලියට ආවා........."

" ම්ම්ම්ම්........"

එක පාරටම ජන්ග්කුක්ට දෙයක් මතක් උන ගමන්ම බයෙන් වගේ වට පිට බලන්න ගත්තා.......

" හියුන්ග්.....හියුන්ග්......ඇයි ඔයා මෙහෙට ආවෙ......අනේ හියුන්ග් ඔයා යන්න......."

" කුකී.......පොඩ්ඩක් කලබල නොවී ඉන්නකෝ.......මම ආවෙ ඔයාව මෙහෙන් එක්කන් යන්න......ඔයා එන්නම ඕනෙ මාත් එක්ක යන්න........"

" අනේ ටේ හියුන්ග්......එපා.....ඔයා මොනාද මේ කියන්නෙ....මට මෙහෙන් එන්න බෑ........."

ටේ කුකීට මුලදි එන්න කියලා බල කරත් කුකී එන්න කැමති උනේ නෑ.......ඒත් ටේ කොහොම හරි අන්තිමේදි කුකීව කැමති කර ගත්තා..........

" බය වෙන්න එපා මැනික....මම ඉන්නවනෙ......මම බලාගන්නම්.....ඔයා ගිහින් අරන් එන්න තියෙන මොනාහරි තියෙයි නම් අරන් එන්න......."

" හ්ම්ම්ම්......ඒත් හියුන්ග් ඔයා මෙතන තනියම ඉන්න එපා.......මාත් එක්ක යමු........."

" දේ......එහෙනම් යමුකො......"

ඉතින් කොහොම හරි ටේත් බංගලාව ඇතුලට ගියා.....ටේට ඇතුලට යනවත් එක්කම මතක් උනේ මීට කලින් බංගලාවට ආව වෙලාවෙදි වෙච්ච සිද්දිය......ඒ වගේම ගෙදරදි වෙච්ච දේවලුත්........ලොකු හුස්මක් ගත්ත ටේ කුකී එක්කම උඩ තට්ටුවේ තියෙන කුකීගෙ කාමරේට ගියෙ ගන්න තියෙන බඩු ගන්න..........කුකී බඩු ටික ගන්නකල් ටේ කාමරේ පුරා ඇවිද්දා...ඒ ඇවිදිනකොට  ටේ දැක්කා කාමරේ මුල්ලකට වෙන්න තියලා තිබ්බ මේසේ උඩ තිබුන පොටෝ එකක්.....ඒකෙ හිටියෙ ලමයි දෙන්නෙක්......ඒක අතට ගත්ත ටේට බලපු ගමන් හොයාගන්න පුලුවන් උනා එතනින් එක්කෙනෙක් එයාගෙ කුකී කියලා.......ඒත් ටේට අනිත් කෙනත් දැකලා පුරුදුයි වගේ දැනුනත් ඒක වෙන්න බැරි දෙයක් නිසා සද්ද නැතුව හිටියා

" ඔය ඉන්නෙ මායි මගෙ හියුන්ග්නුයි පොඩිකාලේ......."

" ඔයා පොඩි කාලේ තනිකර හා පැටියෙක් වගේමයි........"

" හ්ම්....ඒ කාලෙත් හැමෝම කිව්වා.....දන්නවද හියුන්ග් කට්ටිය කිව්වා මායි හියුන්ග්නුයි දෙන්නම හාවො වගේ කියලා☺️....."

" ඒක බොරු නෙමෙයිනෙ.....හරි හරි ඉවරද බඩු අරගෙන......"

" නෑ ඉන්න......."

" හ්ම්ම් "

කුකී ඒ වැඩේ කරන අතරෙ ටේට හිතුනා බංගලාවෙ පොඩ්ඩක් ඇවිදලා තව ටිකක් විස්තර හොයලා බලන්න......ඉතින් ටේ කුකීගෙ රූම් එකෙන් එලියට ඇවිත් කොරිඩෝ එකක් දිගේ ගිහින් ලොකු කාමරේකට ගියා.......ඒකෙ හැමතැනම පරණ බඩු පුරෝලා තිබ්බා...හැබැයි ඒ හැම එකක්කම පිරිසිදුවට තිබ්බා.....ඒ කුකී එව්වා පිරිසිදුවට තියාගන්න නිසා......ඉතින් ඒ කාමරේ පුරාම ඇවිදපු ටේ ආයෙත් ලොකු පොටෝ එකක් ගාව නැවතුනා......ඔව් ඒකෙ හිටියෙ කුකීගෙ හියුන්ග්......ඒ මූනෙ අහිංසක පාට තිබුනත් කිසිම හැගීමක් නැතුව ටේ ඒක දිහා බලාගෙන හිටියෙ එදා එයාට උන දේ ගැන හිත හිත........

ඇයි ඔයා ආදරේ කියන දේට අකමැති ඒකෙ තියෙන වරද මොකද්ද.....මගෙ කුකීටයි මටයි පාඩුවේ ඉන්න .....මම එයාව ඔයාටත් වැඩිය හොදට බලාගන්නම්.....අපිට නිදහසේ ඉන්න දෙන්න.............

ටේ මේ දේවල් හිතින් හිතුවෙ ඉස්සරහට මොන වගේ කරදර ආවත් ඒවගෙන් එයාගෙ ආදරේ බේරගෙන ඒ දෙන්නා සතුටින් ජීවත් වෙනවා කියලා හිතාගෙන.......
ටේ මේ දේවල් හිත හිතා ඉන්නකොට අඩි සද්දයක් ඇහුන නිසා හිතුවෙ කුකී බඩු ටිකත් අරන් එනවා ඇති කියලා....ඉතින් ටේත් කාමරෙන් එලියට ඇවිත් කොරිඩෝ එක දිහා බැලුවත් කවුරුත් හිටියෙ නෑ.......ටේ ටිකක් බය උනත් හිතින් හිතා ගත්තෙ මේ උදේම මොන හොල්මන්ද කියලා....ඉතින් ටේ පුලුවන් ඉක්මනට කුකීගෙ කාමරේ පැත්තට දුවන් ගියා......ඒ යනකොට කුකී ටේට පිටුපාලා බෑග් එකට මොනවද ඔබනවා........

" කුකී මැනික තාම ඉවර නැද්ද අනේ......"

" හරි හරි ඉවරයි.....දැන් යමු......."

" දේ........"

කුකී බෑග් එකත් අරන් ටේ ගාවට ආවා...ඊට පස්සෙ දෙන්නම පඩි පෙලත් බැහැගෙන පල්ලෙහාට ගියා.....ඉතින් දෙන්නම එලියට යන්න දොර ගාවට යනවත් එක්කම මහ හයියෙන් දොර වැහුනෙ දෙන්නටම එලියට යන්න බැරි වෙන විදිහට......දෙන්නම එක පාරටම මේ උන දේ නිසා ගැස්සිලා ගියා.......

" එයා මම මෙහෙන් යනවට කැමති නෑ හියුන්ග්......."

" ම්ම්ම් මටත් තේරෙනවා.......ඒත් මාත් එක්ක යමු.....කොහොම හරි යමු........"

එහෙම කියපු ටේ දොර අරින්න හැදුවත් ඇර ගන්න බැරි උනා.....කොච්චර උත්සාහ කරත් දොර ඇර ගන්න බැරි උනා.......බැරිම තැන ජන්ග්කුක් හයියෙන් කෑගැහුවා..........

" හියුන්ග්..........මොනාද ඔයා මේ කරන්නෙ...............ඔයාට බෑ හැමදාම මාව මෙහෙම හිර කරන් ඉන්න.....ඔයාට බෑ මාව මෙහෙම රිද්දන්න......ඔයාට ආදරේ නැති උනා කියලා මම පලි නෑ......අපිට යන්න දෙන්න......."

ජන්කුක් මේ ටික කියනකොටත් හෝ ගාලා අඩනවා....එයා මේ ගෙදර හිර කාරයෙක් වගේ......ඇත්තටම ගෙදර නෙමෙයි මේක හිර ගෙයක්.....ඒකත් එයාගෙ හියුන්ග් නිසා.....ජන්ග්කුක් එයාගෙ හිතේ මේ වෙනකල් හිර කරන් හිටපු දුක එලියට දැම්මා වචන වලින්.......

" හියුන්ග්.........ඔයා මං දිහා බලාගෙන ඉන්නවනම් හොදට අහ ගන්න.....මම ආදරේ කරනවා.....මගෙ ඉස්සරහා ඉන්න ටේ හියුන්න්ට මම ඔයාට වඩා ආදරෙයි.....ඔයා මොකද්ද කලේ.....ඔයා මගෙ හියුන්ග් වෙලත් ආදරේ ලොකු වෙලා මාව දාලා ගියා......ඒ ගිහිනුත් මට ඉන්න දෙන්නෙ නෑ.......මටත් අයිතියක් තියනවා කෙනෙක්ට ආදරේ කරන්න.....ඉතින් ඔයාට මට වඩා ආදරේ ලොකු උනා වගේ මටත් ඔයාට වඩා මගෙ ආදරේ ලොකුයි........ඒ නිසා අපිට පාඩුවේ ඉන්න දෙන්න.....මම දැන් ඔයාගෙ හිර කාරයෙක් නෙමෙයි......අපිට යන්න දෙන්න........."

කුකී එයාගෙ හිතේ තියෙන දුක එලියට දාන දිහා ටේ බලාගෙන හිටියෙ කදුලු පිරුනු ඇස් වලින්.....ටේ ඉක්මනට කුකීව ගිහින් බදා ගන්න ගියත් ලගට යනවත් එක්කම ටේව උඩින් විසික් වෙලා ගිහින් බිත්තියේ වැදුනා.....වැදුන පාරට ටේගෙ ඔලුව හයියෙන් බිත්තියේ වැදුනා......ඔලුව ඉක්මනට අල්ල ගත්ත ටේ එතනම ගුලි උනා.....මේ උන දේ නිසා හොදටම බය උන ජන්ග්කුක් අඩන එකත් නවත්තලා ඉක්මනට ටේ ගාවට දුවන් යනවත් එක්කම එයාවත් විසික් වෙලා ගියා.......ඒ දේ නිසා ගොඩක් බය උන ටේ ඔලුවත් අල්ලන් නැගිටලා යන්න ගැදුවත් එක පාරටම බෙල්ල හිර වෙනවා වගේ දැනුන නිසා දගලන්න ගත්තා.......ඒ එක්කම ටේව ටික ටික උඩට ඉස්සෙන්න ගත්තා.......මේ දිහා බලාගෙන හිටපු කුකී හයියෙන් කෑගහලා අඩන්න ගත්තා......

" අපිට පාඩුවේ ඉන්න දෙනවා.......පලිගන්න ඕනෙ නම් මගෙන් පලිගන්නවා.......මම තමුන්ට වයිර කරනවා හියුන්ග්.......ඇත්තටම වයිර කරනවා....මගෙ ටේව අත අරිනවා........එයාට පාඩුවේ ඉන්න දෙනවා......ඔච්චරටම ආදරේට වයිර කරනවනම් මගෙන් පලිගන්නවා......මොකද මම ආදරේ කියන වචනෙටත් ගොඩක් ආදරෙයි......"

ජන්ග්කුක්ට කර කියා ගන්න දෙයක් නැතුව කෑගහන්න ගත්තා.....මොකද ටේ ගොඩක් අමාරුවෙන් බෙල්ලත් අල්ලන් දගලන නිසා.......ටේගෙ බෙල්ල එන්න එන්නම හිර උනා.....ටේ ගොඩක් අමාරුවෙන් දගලනවා එයාගෙ හුස්ම ටික රැකගන්න.....මේ දිහා බලාගෙන හිටපු ජන්ග්කුක් ආයෙත් කතා කරන්න ගත්තා......ඒත් එතන හිටියෙ වෙනදා වගේ සද්ද නැතුව පැත්තකට වෙලා හිටපු ජන්ග්කුක් නෙමෙයි..........

" හියුන්ග්.........මම තමුසෙට වයිර කරනවා.....සදහටම වයිර කරනවා.......මේකනෙ අහගන්න ඕනෙ උනේ.....ඔය තියෙන නපුරුකම නිසා ඔයාට කවදාවත් ආයෙ මනුස්ස ආත්මයක් ලබන්න බැරි වෙයි........මගෙ ආදරේ අත අරිනවා......අපි ඔයාගෙ හිර කාරයො නෙමෙයි.........."

ජන්ග්කුක්ගෙ කටින් ඒ වචන ටික පිට වෙනවත් එක්කම ටේ එක පාරටම බිමට වැටුනා......ජන්ග්කුක් ඉක්මන දුවලා ගිහින් ටේව අල්ල ගත්තා......ටේ ගොඩක් අමාරුවෙන් හුස්ම ගත්තෙ....එයාට ගොඩක් අමාරු නිසා ජන්ග්කුක් ඉක්මනට ඇදන් හිටපු ශර්ට් එකේ බොත්තම් ලිහිල් කරලා පපුව අත ගන්න ගත්තා.......අමාරුවෙන් හුස්ම ගත්ත ටේ බෙල්ලත් අල්ලන් කහින්න ගත්තා......ටේගෙ බෙල්ල ගොඩක් රතු වෙලා.........කොහොම හරි ටේ යතා තත්වෙට එනකල් හිටපු කුකී ටේට කතා කලා........

" හියුන්ග්.......දැන් හරි නේද හියුන්ග්....අනේ හියුන්ග් ගොඩක් රිදෙනවද....."

" ක්හැ...ක්හැ.....අනියෝ කුකී.....දැන් හරි.....අපි ඉක්මනටම මෙතනින් යමු....ඊලගට මොනවා වෙයිද දන්නෑ...."

" දේ.......එන්න නැගිටිමු......."

ජන්ග්කුක් ටේවත් අමාරුවෙන් නැගිට්ටවගෙන බෑග් එකත් අරන් ගිහින් දොර අරින්න බැලුවා.....ඒත් ඒක තාම ලොක්......වට පිට බලපු ජන්ග්කුක් ලග තිබ්බ පුටුවක් අරන් චුට්ටක් පිටි පස්සට ගිහින් හයියෙන් දොරට ගැහුවා......ඒත් ඇරුනෙ නෑ......ආයෙත් සැරයක් උත්සාහ කරපු ජන්ග්කුක්ට දොර ඇරගන්න පුලුවන් උනා......කොහොම හරි එලියට ආපු ජන්ග්කුක් බංගලාව දිහා බාලාගෙන ලොකු හුස්මක් හෙලුවා.....

" කුකී.......ඉක්මනට යමු මැනික......"

" හ්ම්ම්ම්......"

ජන්ග්කුක් බංගලාවෙ දොර ගාවට ගිහින් ඒකත් වහලා හිතින් හිතුවෙ ආයෙත් මට මේ බංගලාවට එන්න වෙන්නෙත් නෑ එන්නෙත් නෑ නේද කියලා.....අන්තිමටම ජන්ග්කුක් බංගලාව දිහා බලලා ඉක්මනට ටේත් එක්ක ඉඩමෙන් එලියට ගිහින් ගේට්ටුවත් වහලා ටේගෙ ගෙදරට යන්න පිටත් උනා......ජන්ග්කුක් ටේව අල්ලගෙන තාමත් ටේට හරියට වැදුන පාරවල් එක්ක පන නැති නිසා..........

.

.

.

කොහොම හරි ටේගෙ ගේ ගාවට ආපු දෙන්නම ටිකක් නැවතුනා........

" හියුන්ගි......ඔයාගෙ නූනා මට බනියිද.......එයා අහයිද මම ආවෙ ඇයි කියලා............."

" එයා japan ගියා මැනික "

" මොනවා......."

" හ්ම්ම්ම්ම්......"

" එතකොට ඔයා තනියමද ඉන්නෙ....."

" අනියෝ.......ගිහින් බලමුකො කාත් එක්කද ඉන්නෙ කියලා....."

ටේ ජන්ග්කුක් එක්ක ගෙදර දොර ඇරන් ඇතුලට ගියා......ඒ යනකොට ජිමිනුයි යුන්ගියි සාලෙට වෙලා හිටියෙ......

🐥 ජන්ග්කුක්.......??

🐯 ඔව් ජන්ග්කුක් ඇයි.........

🐥 ඔයා මොකද මෙහෙ කරන්නෙ......

ජිමින් එහෙම අහන ගමන් ටේයි ජන්ග්කුක් ගාවටයි දුවන් ආවා......

🐯 යකෝ මෙන්න අහන දේවල්...උඹම නේද බොල මට මේ අදහස දුන්නෙ....

🐥 එහෙමත් එකද්ද......ඔව්නෙ....හරි ඒකෙන් වැඩක් නෑ.....දැන් මේ උදේම ගියෙ මෙයාව එක්කන් එන්නද......

🐯 ඔව්.......

ජිමින් කතා කර කර ඉන්න අතරෙම දැක්කා ටේගෙ කැරලි කොන්ඩෙ අස්සෙන් ලේ බේරෙනවා........

🐥 ටේ......😳 අනේ මොකද උනේ මේ.....ඇයි මේ ලේ එන්නෙ.....

ජිමින් එහෙම අහනකොට තමයි ජන්ග්කුක්ත් දැක්කෙ ටේගෙ නලලෙන් ලේ එනවා.....ජන්ග්කුක් ඉක්මනට ටේගෙ කොන්ඩෙ ටිකක් එහාට කරලා බලනකොට දැක්කෙ බංගලාවෙදි බිත්තියේ ගිහින් වැදිලා ටිකක් ටේගෙ නලල තුවාල වෙලා කියලා.......

🐯 අහ්.....තුවාලත් වෙලාද මට දැනුනෙවත් නෑ.....

🐰 අනේ හියුන්ග් අපි බේත් ටිකක් දාගමු....කොහෙද බේත් තියෙන්නෙ මට පෙන්නන්නකෝ......

🐥 මේ මට කියනවද මොකද උනේ කියලා තුවාල වෙන්න.......

🐯 අනේ කොටෝ.......අපි දෙන්නා එනකොට මම කකුල පැටලිලා වැටුනා....ඕක ඔච්චර ගනං ගන්න එපා....දැන් කට්ටිය පිලි ගන්න මගෙ හා පැටියව..........

🐱 ආ.......මාත් මේ කියන්න හිටියෙ.....හා පැටියෙක් වගේම තමා....එතකොට මේ අපේ ටේගෙ පරම පිවිතුරු ආදරේ නේද.......

යුන්ගි කට්ටිය ගාවට එන ගමන් කියපු දේට ජන්ග්කුක්ගෙ මූන ජම්බුගෙඩියක් වගේ රතු උනා.......

🐯 ඔව් බලන්නකෝ ඔයාගෙ කොට මොඩල් එක වගේ නෙමෙයි මගෙ කුකී......

🐥 අනේ මේ ටේ.......මගෙන් මැරුම් කන්න ආසද.....

ටේ කියපු දේ නිසා ජිමින්ට ටිකක් තරහා ගියා......

🐯 හරි හරි අනේ විහිලුවටනෙ කිව්වෙ.....අනේ යුන්ගි හියුන්ග් ඔයාගෙ ප්‍රේම වන්තයට කියන්නකෝ.....

යුන්ගි මුකුත් නොකියා හෝ ගාලා හිනා වෙනවා.....ජිමින් තාමත් රවාගෙන.....බැරිම තැන ටේ යුන්ගිට වැලමිටෙන් ඇන්නා.....

🐱 හරි හරි මං බලාගන්නම් ඔයා යන්නකො ඔය තුවාලෙට බේත් දාගන්න

🐯 දේ......එන්න කුකී යමු උඩට.........

ටේ ජන්ග්කුක්වත් එක්කන් උඩට යන්න යනකොට හොබීයි ජිනුයි ජූනුයි බර කයියක......ටේ ඒ තුන්දෙනාටත් කතා කරලා කුකී එක්ක එයාගෙ රූම් එකට ගිහින් දොර වහගත්තා.......

🐰 අම්මෝ හියුන්ගි රූම් එකේ ලස්සන.....මගෙ එකත් එක්ක බලනකොට මේක මාලිගාවක් වගේ.....

🐯 පුහ්.....ඇත්තම කියන්නද......ඔයාව එක්කන් එන නිසා අස් කරේ නැත්තන් ඔයාගෙ එකට වඩා අන්තයි.......

🐰 🤭🤭......හරි හරි......හියුන්ගි.....කෝ බේත්.....තුවාලෙට බේත් දාගමු......

🐯 හ්ම්ම්.....අර ලාච්චුවේ ඇති...ඊට කලින් අපි වොශ් දාගෙන ඉමු......

🐰 හ්ම්.....හරි එහෙනං හියුන්ග් දාගෙන එන්නකො මම ඊට පස්සෙ තුවාලෙට බේත් දාලා යන්නම්.......

🐯 දේ......එතකල් අර මේසෙන් ඔයාගෙ බඩු ටික තියා ගන්න.....ආ.....තව අදින ඇදුම් ටික කබඩ් එකට දාගන්න......

🐰 දේ.........

Meanwhile at හොල්මන් බංගලාව....

" මට දැන් උබලගෙන් පලි ගන්නම වෙනවා.....ඉවසන් හිටපල්ලා........"

........................................................................

No one prov :

ටේ අද හරිම සතුටින්......මීට ටික වෙලාවකට කලින් බංගලාවෙදි දෙන්නම මුහුණ දීපු කරදරේට ටිකක් බය උන එක ඇත්ත.....ඒත් දැන් ටේගෙ ලග එයාගෙ මුලු ලෝකෙම ඉන්නවා.....ඒ කිව්වෙ එයාගෙ ආදරේ.....
ටේ වොශ් දාන අතරතුර ජන්ග්කුක් ටේ කියපු විදිහට එයාගෙ බඩු ටික තිබ්බා.....ඒත් ජන්ග්කුක් ලොකු කල්පනාවක හිටියෙ.....ඒ එයා අද තමන්ගෙ හියුන්ග්ට කියපු දේවල් නිසා...එයා ඒ ගැන දුක් උනා....ඒත් වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.....නැත්තන් මෙලහකටත් ටේ එයා ගාව නෑ......ඉතින් ජන්ග්කුක් ඒ ගැනත් හිත හිත අස් කරලා ඉවර වෙලා ජනේලෙන් එලිය බලාගෙන හිටියා.......කොහොම හරි ඉක්මනට වොශ් එකක් දාගෙන ටවල් එක පිටින් එලියට ආපු ටේ දැක්කෙ එයාගෙ සුර දූතයා බර කල්පනාවක කියලා.......ටේ හිමින් ගිහින් ජන්ග්කුක්ව  පිටි පස්සෙන් ගිහින් බදාගත්තා.....ජන්ග්කුක් එක පාරටම ගැස්සුනා.......

" හියුන්ග්......අම්මෝ මම බය උනා....."

" මොනාද ඔච්චර කල්පනා කරන්නෙ....."

" අනියෝ මුකුත් නෑ හියුන්ග්.....එන්න අපි බේත් දාන්න යමු...."

" දේ......"

" හැබැයි ඊට කලින් ඇදුමක් දාන් ඉන්න "

ඉක්මනට ඇදුමකුත් දාගන්නක්ම් හිටපු කුකී ටේවත් ඇදන් බේතුත් අරං ඇද ලගට ගිහින් ටේව ඇදේ ඉන්දවලා එයා හිටගෙන ටේගෙ කොන්ඩෙත් පිටි පස්සට කරලා බේත් දාන්න පටන් ගත්තා....එක පාරටම කුකී බේත් දානකොටම ටේ කෑගැහුවෙ ටිකක් රිදුන නිසා.....

" අනේ හියුන්ග් සිදුනද.......ඉන්න පිඹින්න......"

කුකී එහෙම කියලා කටත් උල් කරන් හෝ ගාලා ටේගෙ නලලට පිඹින්න ගත්තා.....ටේට තවත් ඉවසන්නම බැරි තැන කුකීගෙ ඉන වටේට තමන්ගෙ අත් දෙක යවලා තදින් අල්ලගෙන කුකීව තමන්ගෙ ඔඩොක්කුවෙන් ඉන්දව ගත්තා......

" හියුන්ග්......මොනාද මේ කරන්නෙ ආ....."

" ඔයා උස වැඩියි ඔහොම ඉන්නකොට....ඒ නිසා මෙහෙම ඉන්න....කෝ කකුල් දෙක හරියට දාගන්න...නැත්තන් මට ඔයාගෙ මූණ හරියට පේන්නෙ නෑ......"

ඉතින් කුකී ටේගෙ ඉන වටෙන් කකුල් දෙක දාලා ඉදගෙන එයාගෙ වැඩේ දිගටම කරගෙන ගියා......ටේ නම් හෙල වෙන්නෙවත් නැතුව එයාගෙ හා පැටියගෙ මූණ දිහා බලාගෙන හිටියා.....හරියටම කිව්වොත් ඇස් වලින් කන ගමන් හිටියෙ......

" හරි හියුන්ග් ඉවරයි........."

" හ්ම්ම්ම්ම්......."

" කෝ මට නැගිටින්න දෙන්න....."

" බෑ........මෙහෙම ඉන්න......"

" අනේ හියුන්ග් මට වොශ්- "

කුකීට කියන්න හම්බ උනේ එච්චරයි..ටේ ඉක්මනට කුකීගෙ තොල් එයාගෙ කරගෙන වචන නැවැත්තුවා....කුකී එක පාරටම පුදුම උනත් එයාට ඒ දේ උවමනා වෙලා තිබුන නිසා ටේට ආපිට ප්‍රතිචාරයක් විදිහට ඇස් දෙක පියාගෙන ඒ හැගීම විද ගත්තා.....ටේ සිනිදුව කුකීව සිප ගන්න ගමන් කුකීව තවත් එයාගෙ තුරුලට තුරුලු කර ගත්තා හරිම ආදරෙන්......ඒත් ඒ ආදරේ විදගන්න උනේ ටික වෙලාවයි.එක පාරටම කවුද මන්දා දොරට තඩි බාන්න ගත්තා......

මොකාද යකෝ ඒ පොල් බූරුවා.....කෑවා වැඩේ උන හපුලුවා....

🐴 ටේ.......මේ දොර අරින්නකො පොඩ්ඩක්......

අයියෝ හොබී හියුන්ග් නේද....වෙන එන්න වෙලාවක් තිබ්බෙම නැද්ද.....

🐯 ඉන්න ඉන්න එනවා....😒

ටේ මූණත් රපුටු කරන් කුකීවත් එයාගෙ තුරුලෙන් ඈත් කරලා දොර අරින්න ගියා....ඒ අතරෙ රතු වෙලා ඉන්න කුකී හොබී දක්න්න හොද නැති නිසා ඉක්මනටම බාත් රූම් එකට රිංග ගත්තා......

........................................................................

අද මට කියන්න මුකුත් නෑ.....මේ රීඩර්ස් බබාලා ඉක්මනට චැපිය ඉල්ලන නිසා ඔන්න දුන්නා......

ඔන්න හොල්මන ටිකක් කරලියට ආවා......දැන් සතුටුයිද.......🌝

ඊලග එකනම් ඉතින් මම කියන්නෑ...🤭

හරී ඒක ඒකෙන් බලා ගමුකො.....

වැරදි ඇති ආයෙ බැලුවෙ නෑ....😢

මම චුත උනා.......👻👻😘😘

බලා සැන සෙන්න.......😌

       💜️💜️💜️love you all💜️💜️💜️

Czytaj Dalej

To Też Polubisz

17.2K 3.6K 52
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
559K 46.3K 30
ပတ္ဂ်ီမင္က မင္ယြန္ဂီအပိုင္!! 🔇 Silence 🔇 [YoonMin] [Completes]•✓
73.4K 10.8K 50
🐰=ඇයි ඔයා ඔම්මලට එහෙම කිව්වෙ 😐 🐯=මොකද මන් මෙ හා පැටියට ආදරේ හින්දා 😌❤️ 🐰=හුම් ඇ..........මොකක් මොකක්ද හියුන් ඔයා කිව්වෙ 🙂 🐯=I Love You Kooki �...
122K 4K 8
*𝐖𝐚𝐫𝐧𝐢𝐧𝐠! 18++++*