Adventures In The Magical Wor...

Por Super_Nova_29

819 151 146

ග්‍රැමෆෝනයක්!? 🎶 පුදුමකාර ලෙස හිටිහැටියේ මායා ලොවට ඇතුල්වෙන ළමයෙක්...🔮✨💫 උරුමය නිසා වික්‍රමයක යෙදෙන්න අවස්... Más

උපන්දින තෑග්ග...
අපූරු කඳවුරක්
අලුත් මිතුරෙක්
තවත් අලුත් මිතුරෙක් සහ අලුත් හතුරෙක්
පුදුමාකාර මැජික්...
අභිරහසක් සහ රහසක් එළිදරව් වීමක්...
නැවතත් ලන්ඩනයට...
දේවමය බැහැදැකීම...
එලන්ගේ ප්‍රශ්න වටය...
ඇල් ගේ විශේෂ හැකියාව...
විශ්වාසය බිඳවැටෙයි...
වික්‍රමය අවසන්...
Son of Magic...😁
New Book...

සිහිනයක් ද?

91 20 10
Por Super_Nova_29

තව දුරටත් එහි තම පරණ අබලන් වූ නිවස නොතිබිණි .තමා මෙහි ආ තැන ටිම් සෙවූ නමුත් එවැන්නක් එහි නොවීය.

එහි තිබුණේ විශාල වාහල්කඩකි,නැත්නම් ආරුක්කුවකි. එහි මෙසේ සදහන් ව තිබුණි.

THE CAMP FOR WITCHCRAFTS

(මායාකර්ම සදහා වූ කවුර)

"මොකක්!" ටිම් කුතුහලයෙන් යුතුව තමාටම කියා ගත්තේ ය.

ටිම් ආපසු හැරීමට සිතුවත් ඔහුගේ කුතුහලය එම සිතුවිල්ල පරයා යන්නට විය.අනෙක් අතට ටිම් කොහේ කියා යන්න ද? එහි ගොස් විපරම් කිරීමට ඔහු සිතුවේය. අවට පැවතියේ ඝන වනාන්තරයයි. කිසිදු සද්දයක් බද්දයක් නැත. ඔහු හෙමින් හෙමින් අඩි තබා ආරුක්කුව දෙසට යන්නට විය. ඔහු එහි ඇතුල් විය. පිටත තිබුණු නිහඬතාවය කොහේ ගියාදැයි සිතාගත නොහැකි විය. ඒ වෙනුවට එහි තිබුණේ මහා ඝෝෂාවකි.

(ඒ චිත්‍රෙ කැත විතරක්😂😂😂💔🤧)

ඔහු ඇතුල්වන විටම අනතුරු හැගවීමේ සීනුවක් නාද වීමට විය. ඔහු කලබලයට පත් විය. ආපසු ආරුක්කුව තුළින් යාමට උත්සාහ කලත් ආපසු යාමට නාහැකි විය.

"තමන් කවුද?" යි මහා ගාම්භීර හඩක් උස්හඩින් ඇසුවේය.

ආපසු හැරී බැලූ විට ටිම් දුටුවේ මදක් වයසැති උස් සිරුරක් ඇති විකාරරූපී උල් තොප්පියක් දමාගත් අයෙකි.

ඔහුගේ හැසිරීම් විලාසය දුටු ටිම් වෙව්ලන්නටත් ගොතගසන්නටත් විය."අර්...ම..මම මේ..අහම්බයකින් අ...ආවේ.."යි අරඹමින් ඔහු මුළු කතාවම කීවේය.

මුළු කතාවම අසා සිටි උත්තුංග දේහදාරී පුද්ගලයා,

"මට ඔබේ අර ග්‍රැමෆෝන තැටිය දෙන්න පුළුවන්ද?"යි ඇසුවේ ය.

"ඒත් එය මා ගාව නැහැනේ"

"නැහැ එය ඔබ ගාව තිබිය යුතුමයි.ඔබේ සාක්කුවල බලන්න."

එය ඇසූ ටිම් කලබලයෙන් ඔහුගේ කලිසම් සාක්කුවලට අත දමන්නට විය.

එය! යමක් ඔහුගේ කලිසමේ පිටුපස සාක්කුවේ ඇත!

ඔහු එය පිටතට ගත්තේය.නමුත් එය එම ග්‍රැමෆෝන් තැටියේ කුඩා ආකෘතියක් ලෙස දිස්විය.

"මෙහෙම වෙන්නේ කොහොමද? "ටිම් තමාටම කියා ගත්තේය.

"මෙය සිහිනයක්දැ"යි ටිම්ට සිතුණු වාර ගණන අනන්තය.ඔහු තමාම කොනිත්තා ගත්තේය."නැත මෙය සිහිනයක් නොවේ" ඔහුගේ අත තවමත් රිදුම් දේ.

"ආහ්! ඔය තියෙන්නේ" යි කියූ තොප්පිකාරයා එය අතට ගත්තේ ය.

"ඒත් ඒක වෙන්නේ කොහොමද?" ටිම් ඇසුවේය.

"ඔයා උඩ තියෙන එක කියවලා බැලුවනේ?"වයස්ගත පුද්ගලයා ආරුක්කුව ඇසෙන් දක්වමින් ඇසුවේය.

"ආ..ඔව් .එතකොට ඒක ඇත්තක්ද?ඒත් මං කොහොමද මේවා විශ්වාස කරන්නේ? ඉන්ද්‍රජාලික ලෝකයක් මෙහෙ තියනවැයි කියලා?" ටිම් හුස්ම නොගනිමින් එක දිගට කියාගෙන ගියේය.

"ඔව් ඔයාට විශ්වාස කරන්න පුළුවන්.ඒ වගේ ම මම විලියම් බෝබර්ඩෙන්.මායාකර්ම සදහා වූ කදවුරේ ප්‍රධානාචාර්ය වරයා.ඒ වගේ ම ඔබත් ඉන්ද්‍රජාලිකයෙකු බව මා කිව යුතුයි. ඔබව පිළිගන්නවා... අර්... මොකක්ද ඔබේ නම?"

නොනවත්වාම කියා ගෙන ගිය මෙම දීර්ඝ කතාව නිසා ටිම්ගේ මුව විවිර වී තිබුණි. ඔහුට පියවි සිහියට ඒමට මද වේලාවක් ගත විය.

"අහ් ... මම.. මම ටිම් ග්‍රෙගරි "

"ඔබව සාදරයෙන් පිළි ගන්නවා ටිම් ග්‍රෙගරි"

ඔහුට මහා ඝෝෂාවක් මෙන් පිළි ගැනීම් ඇසෙන්නට විය. ටිම් කළබලයෙන් මෙන් බෝබර්ඩෙන් ගේ පිටුපස බැලීමට විය. ඔහුට පිටු පසින් ටිම් දුටුවේ තම වයසේ සිට වයස අවුරුදු දහඅටක් පමණ වනතුරු තරුණ තරුණියෝ දෙසීයක් පමණ එහි වන බවය. පෙර තමා තුළ වු කලබලකාරී බව නිසා ඔහු එය නොදකින්නට ඇත.

"මුලින්ම ඔබ එන්න ඇතුළට. ඔබට සියලු විස්තර පැවසීම අපේ යුතුකමක්." යි කියූ බෝබර්ඩෙන් ටිම්වත් රැගෙන ඇතුළට ගියේය.

මද දුරක් යන විට ඝන වනාන්තරය දුරු වී එළිමහන් වන්නට පටන් ගත්තේය. ඔවුන් පැමිණියේ විශාල පිටිටනියක් වැනි ප්‍රදේශයකටය. නමුත් එහි හතර කොනේ විශාල කුලුණු වැනි ගොඩනැගිළි හතරක් විය.

නමුත් ප්‍රධානාචාර්යවරයා යැයි කියූ පුද්ගලයා ඔහු කැදවා ගෙන ගියේ එම කුලුණු දෙකක් මැද පිහිටා තිබූ ධවල පැහැ අලංකාර මන්දිරයක් වෙතටය.

එහි ප්‍රධාන ආරුක්කුව තුළින් ඇතුල් වු ඔවුහු එහි ඉහළ මාලයට යන්නට විය. ඒ යන අතරතුර ටිම් දෙපස වු දොරවල්වල සවිකර තිබූ නාමපුවරුව දෙස බැලීය.

"ගුරු විවේකාගාරය, විභාගශාලා 01,02, භෝජනාගාරය, රැස්වීම් ශාලාව,උප ප්‍රධානාචාර්ය...අවසානයේ ...ප්‍රධානාචාර්ය" ටිම් සිතෙන් කියවූයේය.

දොර හැරගත් බෝබර්ඩෙන් ටිම් සමග ඇතුළට ගියේය. එය මනා පිළිවෙලකින් යුත් ධවලපැහැගත් විශාල කාමරයකි. එහි කුඩා ආලින්දයකුත්, කාර්යාලයකුත් තවත් දොරවල් පමණක් පෙණුනු යම් කාමර දෙකකුත් එහි පිහිටා තිබිණි.
________________________

ඔන්න 2වෙනි chapter එක...
කොහොමද අනේ කතාව? ඒක තම හරියට පටන් ගත්තේ නෑ.

උඩ තියෙන චිත්‍රය ගැනනම් මොකුත් හිතන්න එපා හොඳේ...  ඔය ගස් වැල් වගේ ඒවා අඳින්න හදනකොට මේ ඕතර්ගේ කලාත්මක හැකියාව දෙගොඩතලා යනවා😂🤧💔

තව ටිකකින් තව චැප්ටර් එකක් දෙන්නම් හරිද😊

කතාව කියවන වෝට් කමෙන්ට් කරන හැමෝටම ගොඩක් ස්තූතියි❤️

බායි...🖐️

Seguir leyendo

También te gustarán

658K 88.7K 159
Unicode + Zawgyi ကိုယ်တိုင်ဖတ်ချင်မိတဲ့အတွက် ဘာသာပြန်ခြင်း ဖြစ်ပါတယ် ပျော်စရာကောင်းသော နေ့ရက်လေးများ ပိုင်ဆိုင်ကြပါစေ
758K 30.5K 50
ဒုတိယအကြိမ် ပြန်တင်ခြင်း....