Gone With the Wind || [COMPLE...

By Yazwi_03

2.5K 505 197

දෛවය හරි පුදුමාකාරයි වටින මහ ගොඩක් දේවල් අහිමි කරලා ජීවත් වෙන්න... එකම එක පුංචි බලාපොරොත්තුවක් විතරක් ඉතුරු ක... More

CHAPTER 1
CHAPTER 2
CHAPTER 03 || part 1
CHAPTER 4 : [Special]
CHAPTER 5
CHAPTER 6
POSTSCRIPT

CHAPTER 03 || part 2

243 62 17
By Yazwi_03

ඒත් එක්කම වගේ ආයෙත් දොර ඇරගෙන ආවේ Proffesor Kim.....

"ජොන්ග් සුකා.. මන් හිතන්නේ.. මන් පොඩි දෙයක් දැක්කා ඊයේ හැබැයි... ඒක හරියටම විශ්වාස නෑ...."

"සර්.. මොකක් ගැනද කියන්නේ.."

දොර ළ‍ඟ ඉඳගෙනම proffesor කිව්ව දේ ඇහුනාම මගේ හිත ආයෙත් බර වුනා...

"ම්... මම... ඊයේ හේසොව දැක්කා... city hospital එකේදී.."

"ම්වෝ.. හේසොව"

"දේහ් ජොන්ග් සුකා මන් හිතන්නේ එයා එහේ addmit වෙලා ඉන්නේ hospital gown එකකුත් ඇ‍ඳන් ඉඳියා.. ඔයා කිව්වම එයා ඇමරිකා ඉන්නේ කියලා මම ටිකක් පුදුම උනේ ඒකයි... ආයෙත් මට හිතුණා මේක ඔයාට කියන්න ඕන කියලා..."

"ක්..කුමා...වෝ.. සර්...."

තවත් ප්‍රෙහේලිකාවක් මට ඉතුරු කරලා proffesor යන්න ගියා.. hospital එකේ addmit වෙලා.....!! අනික මගේ හේසෝට මොකක්ද වෙලා තියෙන්නේ admit වෙන්න තරම්... මගේ හිත කියාගන්න බැරි බයකින් පිරිලා යන්න ගත වුනේ එක මොහොතයි....

උඩ ඉන්න කෙනා මාත් එක්ක මෙච්චරම සෙල්ලම් කරන්න ආස ඇයි... එක පිට එක එන මේ අගක් මුලක් නොතේරෙන දේවල් වලින් මන් හොඳටම හෙම්බත් වෙලා... එහෙමම ආයෙමත් මේසෙට ඔලුව ගහගත්තු මට එක පාරටම ආවේ එකම එක සිතුවිල්ලයි...

'මම යනවා city hospital එකට.. කොහෙන් හරි මම මගේ හේසොව හොයාගන්නවා...'

එහෙමම කෝට් එකත් ගලවලා පැත්තකින් දාපු මන් phone එක ගත්තේ චෑන්ට කෝල් කරන්න..

"Hello චෑන් මම ගමනක් යනවා සූහිව බලාගන්න හරිද ඕන්නම් Suho වත් ගෙන්නගන්න..."

චෑන් උත්තරයක්වත් දෙන්න නොදී එහෙමම phone එක cut කරපු මන් car key එකත් අරන් දිව්වේ parking එකට... ඉක්මනින්ම car එක ගත්තු මන් පුළුවන් උපරිම වේගෙන් car එක drive කලේ city hospital එකට...

Car එකේ A/C එකෙන් එන හීතලත් එක්කම හීන් විදුලියක් ඇඟ පුර දිව්වේ... හිත වහගෙන හිටපු බය තව තවත් වැඩි කරනගමන්... මටවත් හිතාගන්න බැරි වේගෙකින් මන් drive කරන්නේ කියලා මට තේරුනේ පාරේ අනෙක් වාහනවල හෝන් සද්ද ඇහෙනකොට..

ඒවට අවධානෙ දෙන්න මොහොතක්වත් නාස්ති නොකරපු මට ඕන උන එකම දේ මගේ හේසෝගේ මූණ බලාගන්න එක.. එයාගේ හිත ඇතුළේ හංගගෙන ඉන්න මගේ ප්‍රශ්න හැම එකකටම උත්තර දැනගන්න මට තිබුණේ ලොකු වුවමනාවක්...

City hospital එකේ car park එකට car එක දාපු මන් දුවගෙනෙ ගියේ reception එකට.. ආවට මොකද ඉන්න ward එකක්වත් කිසි දෙයක් මන් දන්නේ නෑනේ ඉතින් කොහොමද මන් හොයාගන්නේ..

"පාර්ක් හේ සෝ කියලා කෙනෙක් ඉන්නවද මෙහේ..."

අතොරක් නැතිව ගැහෙන මගේ පපුව යන්තමට සන්සුන් කරගෙන මම කතා කරා..

"මියානේ සර් අපිට patients ලගේ information එහෙම කියන්න බෑ...."

"මොන විකාරයක්ද... මන් එයාගේ මහත්තයා....හො‍‍ඳ හිතින් කියනවා හේසෝ ඉන්නේ කොහෙද කියල.."

මට මාව වත් පාලනය කරගන්න බැරි තත්ත්වෙක ඉඳියේ..මගේ කටින් පිට වෙන වචනත් එක්ක මගේ තරහවත් පිට වුණේ නොදැනුවත්වමයි...

"ජොන්ග් සුකා මොකද... මේ"

ඒත් එක්කම මගේ පිටිපස්සෙන් ආපු කෙනෙක් මගේ උරහිසෙන් අත තිබ්බා...


















"ජිනා..."

ඒ Hae Jin.. මාත් එක්ක German project එකට select වුන අනික් කෙනා.. මගෙයි හේසොගෙයි කතාව ගැන හරියටම දන්නේ හේ ජින් විතරයි... මන් එහෙදී හේසෝ ගැන ඉවරයක් නැතුව කියවන කොට ඒ හැමදේම වචනයක්වත් කියන්නේ නැතුව අහන් ඉන්න ජිනූට තිබ්බේ පුදුම හැකියාවක්.. ඒත් මන් ජිනූට කලින් මෙහේ ආව නිසා අපි දෙන්නගේ සම්බන්ධේ ටිකක් අඩු වුණා..

ඒත් අද මන් අසරණ වෙලා ඉන්න මොහොතේ ජිනා මගේ ළඟ ඉන්නවා... අදටත් මට කලින් වගේම ජිනූ ළඟ ඉන්න කොට අමුතු සහනයක් දැනෙනවා... මන් එහෙමම ජිනූගේ අතින් අල්ලගෙන ඉල්ලුවේ එකම එක දෙයයි...

"ජිනු.. චේබල්... චේබල්... මට....... මගේ හේසෝව.... හොයලා දීපන්..."

මගේ ඇස් වලින් මටත් නොදැනිම කඳුළු ගලන්න පටන් අරන්...

ජීවිතේ මොන තරම් මිනිස්සු අසරණ වෙනවද... මේත් ඒ වගේ වෙලාවක්.. මම doctor කෙනෙක් තමයි ඒත් දැන් මන් අසරණ පිරිමියෙක් තමන් පණ වගේ ආදරේ කරපු ආදරේ කරන කෙනාව හොයාගන්න, එයාගේ මූණ බලන්න දඟලන අසරණ සැමියක්...

"යාහ්.. යා..හ් ශ්... ශ්.. මොකද මේ අහ්හ්..."

වචනයක්වත් කටින් පිට කරගන්න බැරි මොහොතක මන් කරපු එකම දේ ජීනූගේ උරහිසට ඔලුව තියාගත්ත එක විතරයි. දහක් ඇස් අපේ පැත්තට යොමු වෙලා තිබ්බත් මගේ හිතේ පොරකන හැඟීම් එක්ක මං ඒවට අවධානය දුන්නේ නෑ...



ඒත් එක්කම මට දැනුනා ජිනූ හෙමින් හෙමින් මගේ පිටට තට්ටු කරනවා හරියට හේසෝ වගේම...... මාව සනසන්න කියලා හිතාගෙන ජිනූ කරන දේවල් වලින් වෙන්නේ මගේ හිත තවත් පිච්චෙන එක...

"මිස් මොකක්ද උනේ... මෙයා මොනාද ඇහුවේ..."

මගෙන් මුකුත් අහගන්න බැරි තැන ජිනූ reception එකෙන් එහෙම අහනවා මට ඇහුනත් මම නිහඬවම හිටියේ කටහඬ අවදි කරන්න මට වුවමනාවක් තිබුණේ නැති නිසා...

"Doctor මේ සර් පාර්ක් හේසෝ කියලා කෙනෙක් ගැන ඇහුවා සර්.. අපිට patients ලගේ informaton පිටට දෙන්න බැරි නිසා මන් බැහැ කිව්වා... සර් දන්නවනේ..."

"ආහ් බය වෙන්න එපා මේ ඉන්නේ පාර්ක් හේසෝගේ husband එහෙම කෙනෙක් ඉන්නව ද මේ hospital එකේ..."

"ඉන්න doctor මන් බලලා කියන්නම්..."

Reception එකේ හිටපු girl එහෙම කිව්වාම මම ඇස් අයාගෙන බලන් ඉදියේ එයාගෙන් හේසෝ ගැන මොනාම හරි දෙයක් කියවෙනකන්...

"සර් පාර්ක් හෙසෝ කියලා කෙනෙක් නම් ඉන්නවා... 235 room එකේ..."

"ම්වෝහ්......!! ජිනා යමු මට මගේ හේසොව බලන්න ඕන ඉක්මනටම..."

"ටිකක් ඉන්න ඩෝචියාහ්..."

නොඉවසිල්ලෙන් ඉන්න මට එහෙම කියපු ජින් ආයෙමත් හැරුනේ reception girl ගේ දිහාවට...

"ම්ම්.. වැරදිලාවත් එයා Dr. Myeon do ගේ patient කෙනෙක්ද..?"

"දේහ් සර්... ඒ Dr. Joon ගේ patient කෙනෙක්.."

ඒ girl එහෙම කිව්වා ම නම් ජින්ගේ ඇස් කලබල වුනා කියලා මට හොඳටම තේරුනා ඒත් ඒකට හේතු හොයන්න කලින් මට ඕන උනේ මගේ හේසෝ ළඟට යන්න.... ගිහින් එයාව තුරුල් කරගන්න... ආයෙ දාලා යන්න එපා කියලා කෑගහන්න....

මන් ජිනූව එතනම දාලා ඉක්මනටම දිව්වේ 235 room එක හොයාගෙන..

"යාහ් ඩෝචියාහ් ඔහොම ඉන්නවා..."

මගේ පස්සෙන් ජිනූ කෑගගහා එනවා කියලා දැනුනත් මන් නොනැවතීම ගියා.. ඒත් ජිනූ මට වඩා වේගවත් වෙලා මාව මොහොතකට නවත්තගත්තා..

"කලබල වෙන්න එපා බන්... මෙතනින් එහාට මොනවා උනත් උබ ශක්තිමත් වෙන්න ඕන තේරුම් ගනින් හරිද...."

මගේ උරහිස් දෙකට අති දෙකත් කියාගෙන ජිනූ එහෙම කිව්වෙ ගොඩක් බර කරලා ඒකෙන් උනේ මගේ බය දෙගුණ තෙගුණ උන එක විතරයි....

"මන් කියපු දේ තේරුනානේ දැන් යමන්..."

එහෙම කියපු ජිනූ මාවත් ඇදගෙන lift එකට නැග්ගා.. lift එක තට්ටුවෙන් තට්ටුව උඩට යනකොට මගේ බයත් ඒ හා සමානව වැඩි වුණා.. මගේ හේසෝට මොකක්ද වෙලා තියෙන්නේ දිගින් දිගටම එකම ප්‍රශ්නේ හිතට වද දෙනකොට මට තේරුණා ජින්ගේ ග්‍රහණය තව තවත් ශක්තිමත් වෙනවා කියලා...ඒකත් මගේ හිතට එකතු කරේ ලොකු බයක්..
















කාමර කිහිපයක් ඉස්සරහින් වේගෙන් අඩි තියමින් ගියපු මන් හැම කාමරයක්ම දිහා උවමනාවෙන් බැලුවේ හේසෝගේ room එක හොයාගන්න...


.....232, 233,234..... 235 ඔව් ඒක තමයි හේසෝගේ room එක..

දොර ඉස්සරහා හිටගත්තු මන් වෙව්ලන අත්වලින් දොර අරින්න හදනකොටම වගේ ජින් මාව නැවැත්තුවා...

"ඩෝචියා... උබ ශක්තිමත් වෙයන්.. මන් කිව්ව දේ මතකයි නේ..."

කටින් වචනයක්වත් පිටවෙන්නේ නැති තැන මන් ඔව් කියන්න ඔලුව වැනුවත් ඇත්තටම මන් ගැන මට විශ්වාසයක් තිබුණේ නෑ.... මගේ හදවත ගැහෙන රටාව හිතාගන්නවත් බැරි තරම් ඒ තරම්ම වේගෙන් මගේ හදවත ගැහෙනවා... බර හුස්මක් ඉහළට ගත්ත ගමන් මම වෙව්ලන අතක් දොර වෙත යැව්වේ දෙවියන්ට නොවඳිනා වැඳුම් වදින ගමන්....


















ඒත් එක්කම හීන් හඬකුත් එක්ක දොර ඇරුණා....
ඒත්...
























මන් බලාපොරොත්තු වුණ රූපේ ඒ දොර එහාපැත්තේ දැක්කේ නෑ.. දොර එහාපැත්තේ තිබුණේ හිස් කාමරයක්.. කිසිම කෙනෙක් ඉදියේ නෑ මගේ හේසොව බලාගන්න නොසෑහෙන්න බලාපොරොත්තු තියාගෙන දොර ඇරපු මට දැනුනේ ආයෙත් මුළු ලෝකෙම කකුල් දෙක ගාව කඩන් වැටුණා වගේ... නහයට හොඳට හුරු බෙහෙත් සුවඳ අස්සෙන් මගේ හිත හොයන සුවඳත් මට දැනුනා ඒ හේසෝගේ සුවඳ.. මන් ඒ සුවඳ දිගේම කාමරයට ගියාම hospital room එකක සාමාන්‍යෙන් දකින්න තියෙන බඩුවලට අමතරව කිසිම දෙයක් මට දැකගන්න ලැබුනේ නෑ...

ජිනුත් මගේ පිටිපස්සෙන් ඇවිත් වීදුරු ජනෙල් පේළිය ළඟ තිබුන සෝෆා එකෙන් වාඩි වුනේ බර සුසුමක් හෙළන ගමන් ....






"ජිනා..."
" කෝ.. මගේ..හේසෝ.."

බිඳුණු කටහඬකින් මේපල් ගස් යාය දිහා බලාගෙනම මන් ඇහුවේ හිත කීරි ගහන තරමේ වේදනාවක් හදවත පුරා ඇදුම් දෙනකොට...

"ටිකක් ඉමු මෙහෙම..."

ඒත් එක්කම වගේ දොර ඇරෙන සද්දයක් ඇහුණ නිසා මේපල් ගස් දිහා බලන් ඉඳපු මන් ආයෙම දොර දිහාවට හැරුනා...


















මොහොතකට හේසෝගේ මූණ දකින්න හිතට ආව බලාපොරොත්තුව ආයෙමත් ඒ මොහොතෙම නැතිවෙලා ගියා.. ඇවිත් ඉඳියේ nurse කෙනෙක් මොනාදේ reports වගයක් එයාගේ අතේ තිබ්බත් මන් ඒ දිහා නොබලම ආයෙත් මේපල් යාය දිහාවට හැරුනා...

"Doctor Hae Jin ඔයා මෙතන.."

"ආහ් දේහ් මන් මේ යාලුවෙක් එක්ක ආවේ....මේ room එකෙ ඉන්නේ පාර්ක් හේසෝ කියලා කෙනෙක්ද..."

ඇස් වෙනතක තිබ්බත් මගේ අවධානේ තිබ්බේ මේ දෙන්න කතා කරන දේවල්වල...

"දේහ් doctor..."

"ආහ් දැන් එයා කොහෙවත් ගිහින්ද....?"

"ආහ් ඔව් doctor දැන් එයාගේ therapy එකට ගිහින් ටිකක් වෙලා යයි එන්න.. මේ patient ගේ reports වගයක් සර් මන් මෙතනින් තියන්නම්..."









ඒත් එක්කම ජිනා මන් දිහා බැලුවේ මගේ හැසිරීම බලන්න වෙන්නැති.. therapy....! මගේ හේසෝට මොකටද therapy... nurse reports ටික තියලා ගියාට පස්සේ ජිනූ නැගිටලා ගිහින් ඒ reports ටික අතට ගත්තා...

ඒත් එක්කම වගේ මාත් එතනට ගියේ මගේ ප්‍රශ්නවලට උත්තර හම්බෙයි කියන පුංචි බලාපොරොත්තුවක් හිතේ තියාගෙනමයි...








ඒත් එක්කම report එක පුරාවටම ඇස් යවපු ජිනූගේ ඇඟිලි වෙව්ලනවා මන් හො‍ඳටම දැක්කා ඒ එක්කම ඒ file එක ජිනූගේ අතින් අතෑරිලා ඇඳ උඩට වැටුනේ මගේ හිත තව තවත් නොසන්සුන් කරවන ගමන්...

"ජිනා මොකද බන් මොකක්ද උනේ... මාව බය නොකර කියපන් බන්...."

ඒත් එක්කම ජිනූ මන් දිහා බැලුවේ හරියට මට අනුකම්පා කරන්න වගේ... ඒත් එක්කම මගේ උරහිසට අත තියපු ජින් ඇස් වලින් පෙන්නුවේ ‍report file එක බලන්න කියලා....

වෙව්ලන අත් වලින් ඇඳ උඩ තිබුණ file එක ගත්තු මන් හරි පරිස්සමට file එක පුරාම ඇහැ යැව්වේ හරිම නොසන්සුන් කමින්...





























File එක මගේ අතින් අතෑරෙන කොට මට තේරුනා ජිනූ මාව අල්ලගන්නවා කියලා මගේ කකුල් වලට හිටගන්නවත් වාරු නෑ ඒ නිසාම ජිනු මාව ඇඳෙන් වාඩි කරනවා මට යන්තමට වගේ තේරුනා...

මොකක්ද දැන් මන් කරන්න ඕන.. නෑ නෑ මේක ඇත්තක් නෙමෙයි.. එහෙම වෙන්නේ කොහොමද මගේ හේසෝට එහෙම වෙන්නේ නෑ...

"යාහ් යාහ් ජොන්ග් සුකා මොකද මේ... කතා කරපන් යාහ් කතා කරපන් මිනිහෝ.."

ජිනාගේ කටහඬ යන්තමට වගේ ඇහුනත් මම ඒකට අවධානේ දුන්නේ නෑ... හරි නම් මන් අඬන්න ඕන ඒත් පුදුමයි මගේ ඇස් වලින් එක ක‍ඳුලක්වත් වැටෙන්නේ නෑ ඒවා ඔක්කොම වේලිලා ගිහින් වගේ.. මට මොහොතකට මගේ ආත්මය ඇතුළේ මහ හිස් බවක් දැනුනා.. මට තේරුනේ නෑ මම මේ වෙලාවේ react කරන්න ඕන කොහොමද කියලවත්.. පපුවේ ඉදන් උගුර පුච්චගෙන එන තරමේ වේදනාවක් දැනෙනකොට මන් බැලුවේ ජිනූගේ ඇස් දිහා... ජිනූ කෑගහනවා... එත් මට මුකුත් ඇහෙන්නේ නෑ. ජිනූ මට ගහනවා ඒත් මට දැනෙන්නේ නෑ.. මේක හීනයක් වෙන්න ඕන ඔව්.. හීනයක් තමයි... එහෙම හිතපු තත්පරේම මගේ මූණම වතුරෙන් නෑවිලා ගියා... ඒ ජිනූ වෙන්න ඕන..
























"ඇයි බන් මේ වතුර ගහන්නෙ පිස්සුද උබට..."

"ඇයි බන් උබලා මෙහෙම මාව විහිළුවකට ගන්නේ..."

"මේ......"
"මේ reports බොරු ඒවා නේද..."

"උබලට බෑ බන් මාව රවට්ටන්න මාත් ඩොක්ටර් කෙනෙක්..."

"කෝ හේසොටත් එන්න කියපන්.. මේ සෙල්ලම දැන් හො‍‍ඳටම ඇති..."

"ජිනා මොකද උඹ ඔහොම බලන් ඉන්නේ ආහ්..."

"මොකද වුනේ.. අයියෝ මේ file එක නිසාද... "

"උබට තේරෙන්නැද්ද මේක fake එකක්... යකෝ බොරුවට බය වෙලා.."

"යකෝ මන් ඔක්කොම දන්නවා බන්... තවත් හංගන්න ඕන නෑ....."

"හරි හරි උබලා මාව රැවැට්ටුවා... මන් රැවටුනා.. හරිනේ දැන් එන්න කියපන් හේසොට මට තරහ යනවා දැන්..."

"ජිනා ඔහොම බලන්න එපා බන් කෝ කෝ හේසොට එන්න කියපන් ඉක්මනට.."

"ජිනා........ එන්න කියපන් මිනිහෝ මගේ හේසොට මේ සෙල්ලම නවත්තපල්ලා..."

"ජ්..ජිනා.....හ්... එ..න්...න....... කි...ය..ප....න් කෝ..."

"අ..නේ.. ජිනා එන්... එන්න.. කියපන් මගේ.... හේසොට.."

"ජිනා.... ම...ට රි..දෙනවා...... බන්..."

එහෙමම ඇඳට වැටුන මන් කෑගහලා අඬන්න ගත්තේ හිතේ තියෙන වේදනාව කඳුළුවලින් දිය කරලා දන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන.. මන් කොහොමද මේවා විශ්වාස කරන්නේ... එත් එක්කම ජිනූගේ අත මගේ කර වටේ එතෙනවා මට තේරුනා...

"ජිනා මේක බොරුවක් කියපන්........යකෝ මේක බොරුවක් නේද.."

මොහොතකින් නැගිටපු මන් ජිනූගෙ කොලර් එකෙන් අල්ලගත්තේ වියරුවෙන් වගේ... ඒත් ජිනූ මන් දිහා බලාගෙන ඉදියා මිසක් එක වචනයක් කතා කරේ නෑ...

"කතා කරපන් යකෝ මේවා ඔක්කොම බොරු නේද කියපන් මට..."

ආයෙත් ජිනාගේ කොලර් එක අදින ගමන් මන් කෑගහුවත් ජිනාගේ තිබ්බ නිහඬ බව මගේ වියරුව තව තවත් වැඩි කළා...

"මේවා බොරු යකෝ මේ ඔක්කොම බොරු..."

සිහියක් නෑ මට.... මම එහෙම ම ළඟ තිබුණ බිත්තියේ ඔලුව ගහගෙන ගහගෙන ගියත් ඒකෙන් කිසිම වේදනාවක් මට දැනුනෙ නැත්තෙ හිතේ වේදනාව ඊටත් වඩා වැඩි නිසා වෙන්න ඇති.... මට ඕන උනේ මේ භයානක හීනෙන් නැගිටින්න නැගිටලා මගේ සූහිව මගේ හේසෝව තුරුල් කරගන්න ගොඩාක් තදින් තුරුල් කරගන්න... ඒත් එක්කම මම තවත් වේගෙන් ඔලුව බිත්තියේ ගහගත්තත් අංශු මාත්‍රයකවත් වේදනාවක් මට දැනුනේ නෑ....

ඒත් එක්කම කාගේ හරි ශක්තිමත් අතකින් මාව බිත්තියෙන් ඈත් කෙරෙව්වා... ඒත් එක්කම ඒ අත නැවතුනේ මගේ කම්මුලේ... තරමක් සැරට වැදුණු පාරට මන් විසි වෙලා ගියත් ළඟ තිබුන මේසේ කොනක් අල්ලගෙන නොවැටී ඉන්න මන් වාරු ගත්තා...

"හ්හ්...හ්...හාඅ...."

මගේ මූණේ මතු වුනේ වියරු හිනාවක්...

"ගහපන් මට ගහපන් තව ගහපන් මට පුළුවන් නම් මාව මරලා දාපන් යකෝ..."

ඒත් එක්කම ශක්තිමත් අත් දෙකකින් මාව උණුහුම් පපුවකට ළං කරගත්තා ඒ වෙන කවරුත් නෙමෙයි ඒ ජිනූ...

"සිහියට වරෙන් මගේ කොල්ලෝ..."

මගේ පිටට හෙමෙන් හෙමෙන් තට්ටු කරන ගමන් ජිනූ හීන් හඬකින් කියනවා මට ඇහුණා...

"ජිනා.... මට දරාගන්න බෑ ජිනා.... මන්.... මන්.. මොකක්ද කරන්න ඕන..."

කිසිම පණක් කඳක් නැති මාවත් එක්කගෙන ගිහින් සෝෆා එකෙන් වාඩි කරවපු ජිනා කතා කරන්න පටන් ගත්තේ ඊටපස්සේ..

"මේ අහපන්... උබ මේවා දරාගන්න ඕන.. මන් දන්නවා උබට වේදනයි... ඒත් දරාගනින් බන්..."

"හේසෝ උනත් මේවා උබෙන් හැංගුවේ උබ මෙහෙම හැසිරෙයි කියලා හිතුණ නිසා වෙන්න ඇති.. ඉතින් උබ එහෙම හැසිරිලා හරියන්නේ නෑනේ මගේ පුතේ..."

"හේසොට ශක්තියක් වෙයන් උබ.. අර පුංචි කෙල්ලට ශක්තියක් වෙයන් උඹ... අනික උබේ හේසෝ උබ ගාව තාම ඉන්නවා... ඒ ගැන හිතලා සතුටු වෙයන්..."

"මේ ඔක්කොටම කලින් කෑගහලා අඬපන් පුළුවන් තරම් හයියෙන් හිතේ දුක නැතිවෙනකන් අඬපන්.... වෙනදා වගේ මන් අහන් ඉන්නම්.... ඔහොම ඉන්න එපා සුකියා.. උබේ ජිනූ ඉන්නවා උඹට අඬපන් දැන් ඇතිවෙන්න...."

ජිනූ හරි ආදරෙන් කියපු හැමදේම මොහොතක් නිහඬව අහගෙන හිටපු මන් ඊළඟ මොහොතේ මගේ කඳුළු ඔහේ කඬන් වැටෙන්න ඉඩ දුන්නේ හිතේ වේදනාවල් ඔක්කොම දිය වෙලා යන්න ඉඩ දෙනගමන්... බාහිර හැමදෙයක්ම මොහොතකට අමතක කරලා මම කරේ අඬපු එක





























මන් ඇඬුවා ඇති වෙනකන් ඇඬුවා.... කෑගගහා ඇඩුවා... මොහොතකට මට සහනයක් ලැබුනා.. ජිනුගේ උරහිසෙන් ඔලුව ඉවතට ගත්තු මන් මූන පුරාම විහිදිලා තිබුණ කඳුළු වැල් පිහදලා දැම්මා...

"ජිනා මට වතුර.."

එක දිගට අඬපු නිසා උගුර වේලිලා තිබුණ නිසාම මම ජිනාගෙන් වතුර එකක් ඉල්ලුවා...

"දැන් හරි නේද.. උබට පුළුවන් බන් අපි ඉන්නවා උබත් එක්ක.."

වතුර විදුරුවක් මට දෙනගමන් ජිනූ මට කිව්වාම මට තේරුනා දැන් මන් ඉන්නේ පියවි සිහියෙන් කියලා.. කොටින්ම කලින් වියරුවෙන් වගේ හැසිරුනු මනුස්සයා මමද කියලවත් මට හිතාගන්න බෑ....

"මියානේ ජිනා කලින් මන්... ඩොක්ටර් කෙනෙක් වෙලත් ඒ හැසිරුන විදිය වැරදී.."

"ග්වෙන්චනා සුකියා.. ඕනම කෙනෙක් ඒවගේ situation එකකදී හැසිරෙන්නේ එහෙමයි... ඩොක්ටර් කෙනෙක් උනත් උබත් සාමාන්‍ය මනුස්සයෙක්නේ බන්... It's ok..."

"ජිනා තාම හේසෝ ආවේ නැද්ද..."

"නෑ බන් තව ටිකකින් එයි මන් හිතන්නේ.... උබට අවුලක් නෑනේ දැන්..."

"අනී.. මන් මේ හැමදෙයක්ම ඉවසන්න ඕන බන් මගේ පුංචි සුරංගනාවි වෙනුවෙන්, මගේ හේසෝ වෙනුවෙන්... මන් මේ හැමදේටම මූණ දෙනවා.. උඩ ඉන්න කෙනාට පරදින්නේ නෑ මන්..."

"උබට ඕනම වෙලාවක මහන්සි අරින්න මේ ජිනාගේ උරහිස තියෙනවා ඒක අමතක කරන්න එපා..."

"මන් දන්නවා බන්... "

මට පුළුවන් මේ හැමදේම දරාගන්න.. මට මන් ගැන විශ්වාසයි... මගේ හේසොව බලාගන්නවා හැමදාටම මොනදේ කොහොම සිද්ද වුනත්..

ස්ථිර පොරොන්දුවක් මට ම දෙන ගමන් ජිනාගේ කකුළට බර දීලා නැගිටලා ආයෙමත් ගියේ වීදුරු ජනෙලේ ළ‍ඟට...

මගේ හේසොත් මේ මේපල් ගස් යාය දිහා මේ විදියටම බලන් ඉන්නවා ඇති... සරත් කාලේ නිසා මේපල් කොළ වැටිලා ඒ තැනිතලාව තැඹිලි පාටින් දිලිසෙනවා... කොයි තරම් ලස්සනද.. සීත ඍතුවක් ළඟ එන බව දන්නවා උනත් ඒ මේපල් ගස් පේළිය එක එක රටා මවන්නේ හරිම සැහැල්ලුවෙන් වගේ.. මටත් ඉස්සරහට මේ මේපල් ගස් වගේ කවදා කොයි මොහොතේ ශීත ඍතුවට මුහුණ දෙන්න උනත් ඒ ගැන පසු තැවෙන්නේ නැතිව ගෙවෙන මොහොතේ සතුටින් ජීවත් වෙන්න තමයි තියෙන්නේ...

මොහොතක කල්පනා බරව හිටපු මගේ අවධානය බිඳුනේ දොර අරින සද්දයක් ඇහුන නිසා.. එහෙ මෙහේ රෝන්දේ ගහන ගමන් හිටපු හිතුවිලි හැම එකක්ම ආයෙමත් හිත වෙලා ගන්න කොට දොරෙන් මතු වුනේ මන් දකින්න බලාපොරොත්තු වුන රුව....

______________________________________________

මනුස්සයෙක්ට දරාගන්න බැරි දුකක් වේදනාවක් දැනුනාම ඒ මනුස්සයා හැසිරෙන විදිය ගැන අපි තියා ඒ මනුස්සයවත් දන්නේ නෑ. ජොන්ග් සක් වෛද්‍යවරෙයෙක් ඕන තරම් ලෙඩ්ඩු හමුවෙලා ඇති ජීවිත කාලේ පුරාවටම දුක් අඳෝනා ඕනතරම් අහලා ඇති..

ඒත්.. අද අද මොකක්ද උනේ ජොන්ග් සක්ට උනත් ඒවා දරාගන්න බැරි වුනා.. එයා ඇඬුවා..

පිරිමියෙක් උනා කියලා අඬන්න බැරිද ගෑනුන්ට විතරද කඳුලු වලින් දුක දිය කරන්න පුළුවන්... නෑ පිරිමින්ටත් පුළුවන්... පිරිමි අඬනවා හැබැයි හොරෙන්.. විස්කි වීදුරුවක් සෝජු බෝතලයක් අරක්කු බෝතලයක් එක්ක එකතු උනාම තමයි ඒ ක‍ඳුළු පිටවෙන්නේ...

පිරිමියෙක් අඬනවා කියන්නේ ඒ මනුස්සයා දුර්වලයෙක්ද... නැහැ එහෙම වෙන්නේ නෑ... ඒ ක‍ඳුළුම ඒ මනුස්සයට දවසක ශක්තියක් වෙනවා හරියට ජොන්ග් සක්ට උනා වගේ....

ඔයාලා බලයි මම ජොන්ග් සක්ව මහා දියාරු චරිතයක් කළා කියලා... නෑ එහෙම දෙයක් නෙමෙයි ඕනම මනුස්සයෙක්ට ඔහොම වෙන අවස්ථා තියෙනවා.... අපි මේ හිනා වෙලා ජීවත් වෙන්නේ අපේ මනසට නොයෙකුත් විදියේ සීමා දාගෙන ඒත් දවසක ඒ හැම සීමාවක්ම බිඳිලා ගියොත් දරාගැනීමේ හැකියාව නැතිවෙලා ගියොත් අන්න ඒ දවසට මහ මෙරක් වගේ නොසැලී ඉන්න මිනිහෙක් උනත් වෙඬරු පිඬක් වගේ දිය වෙලා යනවා..

අන්න ඒ වෙලාවට තමයි ඕනම හිත හයිය මිනිහෙක් ඒ ප්‍රශ්නෙන් පැනලා යන්න හදන්නේ නැත්තන් ඒ ප්‍රශ්නෙට වස කුප්පියකින් බ්ලේඩ් තලේකින් උත්තර හොයන්න යන්නේ... ඉතින් මේ වෙලාවේ ජිනූ නොහිටියනම් ජොන්ග් සක්ටත් ඒදේම සිද්ද වෙන්න තිබුණා..

මිනිස් හිත කියන්නේ මනුස්සයෙක්ගේ තනතුරු තාන්න මාන්න ගැන තඹ සතේකට ගනන් ගන්නේ නැතුව එක එක විදියට හැඟීම් ඇති කරමින් වෙනස් වෙන කෙනෙක්.. ඉතින් අර සීමා මායිම් නැති උනාම.... ඒ හැඟීම් බැඳලා තියාගන්න කෙනෙක් නැති උනාම ඒවා ඉබේම එලියට එනවා..

ජිනු වගේ කෙනෙක් එහෙමත් නැත්තන් අපිට ආදරය කරන කෙනෙක්ට පුළුවන් ඒ මනුස්සයගේ ඒ හැඟීම් පාලනය කරගන්න... අපි හොයාගන්න ඕන අපි අඬන කොට අපිට ශක්තියක් වෙන උරහිසක්..

මේ ලෝකේ කරන්න අමාරුම දේ මනුස්සයෙක්ව තේරුම් ගන්න එක.. මොකද අංශු මාත්‍රයක් හරි එතෙන්දි අපි වැරදුනොත් ජීවිත කීයක් විනාස වෙයිද කියන්න බෑ.. යන්තමට හරි මනුස්සයෙක්ව තේරුම් ගන්න උත්සාහ කරන්න එහෙම බැරි වුනොත් ඒ මනුස්සයා ගැන වැරදී නිගමන නොදී ඉන්න එක තමා කරන්න තියෙන හො‍‍ඳම දේ.....

සෝසුක් කතාවේ ඉස්සරහට මොනා වෙයිද...
අපි බලමු...

__________________________________________

ඔන්න තව එක්ක ඉවරයි..
චරිත ටිකක් දියාරු කරා..
එච්චට feel වෙන්නේ නැතුව ඇති මොකද පත හෑලි නේ තියෙන්නේ... පුළුවන් විදියට ලිව්වා ඉතින්....
ආයෙත් හම්බවෙමු
පර්ල්ස්...
සරංහේ

Jongbin 💕
🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃

Continue Reading

You'll Also Like

521K 11.1K 38
In wich a one night stand turns out to be a lot more than that.
500 131 11
"please මාව අතාරින්න..." "jisoo... මට බය හිතෙනවා " "karina... අපි දැන්ම ගෙදරින් යමු.. මෙයාලා ගොඩක් බය වෙලා" "උඹලා දැන් පරක්කුයි.. උඹලා 10 දෙනාම මගේ...
2.5K 265 19
This is ff story about a seonbae idol and a junior idol.. What'll happen to Park Jinwoo & Haruto Seonbae?.. let's find out.. I'm about to write this...
59.2K 7.2K 56
🚫🔞 කටකාර දගකාර කෙල්ලෙක් ....... Bad Girl කෙනෙක් .....👿👿 ආදරේ නිසා බය නැතුව ඉදිරියට යන හදවතක් .... තම පවුලේ අයගේ මරනයට සදරනය හොයා යන කෙල්ලෙක්...