silent lover ( Completed )

By dinihope

2.8K 377 33

" මන් එයාට ආදරේ කරන්නෙ අවුරුදු දෙකක ඉදන් ටේ මට එයාව ඕනේ 🥺 ඒත් හෙට එයා වෙන කෙනෙක්ගෙ වෙනවා 😔 එයා හිතන්නෙ මන්... More

chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 5
chapter 7 ( End )

chapter 6

301 47 2
By dinihope

🌸 මොකද්ද උනේ..ඇයි ජැකී මේ

J - මොකද්ද උනේ..ඒක අහන්න ඕනි මගෙන් නෙවෙයි යොන් ඔයාගෙ නංගිගෙන් 🤨 අක්කා නේද තමුන් නංගි ගැන මීට වඩා හොයලා බලනවා..

🌸 ජැකී..ඇයි මට කෑ ගහන්නේ..මොකද්ද උනේ..මින් කියන්න මොකද්ද උනේ..

J - මගේ යකා අවුස්ස ගන්නේ නැතුව කියනවා මින්...

🌼 😭😭😭

🌸 මින්..🥺 ඇයි මැණික මේ අඬන්නේ..මට කියන්න මොකද්ද උනේ..කවුරුහරි ඔයාට බැන්නාද..

J - මේ අහන්නකෝ මින් බබා මන් ඔයාට බැන්න එක වැරදී තමයි..ඒත් ඒ වෙලාවේ මන් ටිකක් හරි පරක්කු උනානම් මොකද වෙන්නේ...මොකද්ද ඔයාට තියෙන ප්‍රශ්නේ...මට කියන්න බැරි නම් අඩුම ඔයාගේ අක්කාටවත් කියන්න..ඔයාට ආදරේ නිසානේ මේ හැමදේම කරන්නේ...බැන්නාට සමාවෙන්න හොඳද දැන් අඩන්න එපා..යන්න ගිහින් වොශ් දාගන්න නැත්තං ලෙඩ වෙයි...

🌸 ඔයා යන්න මින්..මන් කතා කරලා එන්නම්..ආ මින් ඔයාට සුභ ආරංචියක් තියෙනවා..ගේ ඇතුලට ගිහින්ම බලන්නකෝ 😁

J - හරි යොන් මාත් යනවා මන් වැඩ කර කර ඉන්න ගමන් ආවේ..

🌸 ඔහොම ඉන්න ජැකී..මොකද්ද උනේ..තව ටිකක් ඔයා පරක්කු උනානම් මොකද වෙන්නේ..

J - මන් දන්නෙ නෑ යොන් මින්ට මොකද්ද තියෙන ප්‍රශ්නෙ කියලා..ඒත් එයා එක්ක කතා කරන්න..මට මගේ කෙනෙක් කිව්වා මින් වැස්සේ තෙමි තෙමි හොඳටම හන් ගඟ ගාව බිම ඉදගෙන අඬ අඬ ඉන්නවා කියලා...මන් එතනට යද්දි මින් පාර බලන්නෙත් නැතුව පාර පනිනවා..මන් අල්ලගත්තේ නැත්තම් මේ වෙනකොටත් මින් මෙතන නෑ..මේ අහන්න යොන් මින් ඉන්නේ ලොකු ප්‍රශ්නෙක ඒක ඔයාටවත් තේරුනේ නැද්ද..

🌸 මට ඒක තේරිලා ගොඩාක් කල් ⁣ජැකී..ඒත් මන් එක ගැන ඇහුවේ නැත්තේ එයා මට ඒක ගැන කියන්න කැමති නැතුවැති කියලා හිතලා..ඉස්සරහාට මොනා වෙයිද කියලා මට දැන් ගොඩාක් ලොකු බයක් තියෙනවා..මින් බලන් හිටියේ ටේ එනකම්..ටේ ආවා ඒත් එයාට මැරි කරන්න වෙන කෙනෙකුත් ඉන්නවා..මේක දැනගත්තොත් මින් කොහොම හැසිරෙයිද කියලා මට ලොකු බයක් තියෙනවා..😔

J - යොන්..සමහරවිට මින්ට තියෙන ප්‍රශ්නෙ ඒක වෙන්න බැරිද..එයා ඕක ගැන හිතුවා වෙන්න බැරිද පාරේ ඉඳගෙන..

🌸 ඒත් ටේ කිව්වේ නෑ මින්ව හම්බුනා කියලා..අපි බලමුකෝ..ඔයාත් වැඩක කිව්වානේ ඉන්නේ..පරිස්සමෙන් ගිහින් එන්න..

J - හ්ම්..මන් යනවා..ඔයත් පරිස්සමෙන් ඉන්න..හරිද..😊




🌸 මින් ඔයා තාම මෙතනද ගේ ඇතුලට යන්න..

🌼 හරි අක්කා..🙂

🌸 මින්...ප්‍රශ්නයක් නම් මට කියන්න..ඔහොම ඉන්න එපා..

🌼 අනී අක්කා එහෙම නෑ..මන් හොඳින්..😊

මින්ව ජැකී ගෙදරට දාලා ගියාට පස්සේ මින් ගේ ඇතුලට යන්නෙ නැතුවම ටික වෙලාවක් කල්පනා කරේ ටේ ඇතුලෙ ඉන්නවා කියලා හොඳටම දන්න නිසා..මින් කල්පනා ලෝකෙන් මිදිලා ආයේ හරි සිහියට ආවේ යොන් කතා කරපු නිසා..යොන් එක්කම මින් ගේ ඇතුලට ගියේ තනියම ගිහින් මූණ දෙන්න තරම් එයාට ශක්තියක් නෑ කියලා මින්ටම තේරුන නිසා..කොහොම උනත් මින්ට ඕනි උනෙ ටේගෙන් ඈත් වෙලා ඉන්න හිත හදාගන්න විතරයි..ඒත් ඒක ගොඩාක් ලොකු අමාරු දෙයක් කියලා මින් හොඳටම දැනගෙන හිටියා..අනිත් අය ඉස්සරහාත් එයා එයාගේ කඳුලු පාලනය කරගන්න වගබලා ගන්නවා කියලා හිතාගෙනම ලොකු හුස්මක් අරන් ගේ අරතුලට ගියා..කට්ටිය හිතපු තරම් මිනගෙන් ප්‍රතිචාරයක් නැති නිසා ඔක්කොමලා පුදුම උනා..ඒත් ජිමින්ට තේරුනා මින් ඉන්නේ දරාගන්න බැරි ලොකු දුකක් හිතේ තියාගෙන කියලා.මොකද කියනවනම් මේ අවුරුදු 4 ට මින් ගේ පොඩි වෙනසත් තේරුම් ගන්න පුළුවන් තරමටම ජිමින් මින්ට ලං වුනා..මින් ටේ එක්කත් හිනා වෙලා එතනින් යන්න හදනකොටම මින්ගෙ කකුල පැටලිලා පඩිපෙල උඩ වැටුනා..

🐱 මින්..අවුරුදු 4 කට පස්සේ ටේ ආවේ ඔයා අඩුම තරමේ එයා එක්ක කතා කරන්නෙවත් නැද්ද..

🌹 මින්..🙄 ඔයාත් ඉන්නේ මෙහෙද එතකොට..

🌼 ඔව් මේ මගේ ගෙදර..😊

🐰 ඔහොම ඉන්න ඔයා කොහොමද මින්ව දන්නෙ..

🌹 ඇයි අපිට මෙයාව හවස බීච් එකේදී හම්බුනා නේද ටේ..

🐯 ආහ්..ඔව්..

🌼 මන් වොශ් එකක් දාගනෙ එන්නම්..😊

🌸 මින් බලාගෙන යන්න ලිස්සයි..

🌼 හරි...ආහ් මගේ කකුල..😑

මින් ලිස්සලා වැටුන නිසා එයාගේ දනිස්ස පඩිපෙලේ ඇන්දක වැඳුනා..දනිස්සෙ වේදනාවට වඩා හිතේ වේදනවා වැඩි නිසාම තවත් එයාගේ කඳුලු පාලනය කරගන්න බෑ කියලා හිතුනු නිසාම දනිස්සෙ මාර්ගෙන් දාලා මින් හොඳටම ඇඬුවා...ජිමින්ට මින්ගේ වෙනස තේරුන නිසාම ජිමින් ටේ ඉස්සර වෙන්න කලින් දුවලා ගිහින් මින්ව එයාට වාරු කරගෙන කාමරේට ගියා.කාමරේට ගිය ගමන්ම ජිමින්ව බඳාගෙන මින් ඇඬුවේ ජිමින්ට ඇරෙන්න මේ දේවල් කියන්න වෙන කවුරුත් නෑ කියලා දන්න නිසාමයි..

🌼 අනේ ජිමින්...මන් කොහොමද මේවා ඉවසන්නේ..😭 මන් අවුරුදු 4 ක් බලන් ඉඳපු එකට මට දෙන තෑග්ගද මේක..මට බෑ ජිමින්..මන් කොහොමද එයා ඉස්සරහා සතුටින් ඉන්නවා වගේ රඟපාන්නේ...මගේ පපුව පැලෙන්න තරම් රිදෙනවා ජිමින්...

🐥 ඇති වෙනකම් අඩන්නකෝ..හැබැයි අදින් පස්සේ බෑ හොදේ..අදින් පස්සේ හැමදේම දරාගන්න පුළුවන් වෙන්න තරම් ඔයා හිත ශක්තිමත් කරගන්න ඕනි..මන් දන්නේ නෑ ඇයි ටේ මෙහෙම කරේ කියලා..ඒත් එයාට හේතුවක් ඇති මෙහෙම කරන්න...මන් එයා එක්ක කතා කරලා බලන්නම්...හරිද..

🌼 හ්ම්ම්...තැන්ක්ස්...ජිමින්...හැමදේටම

🐥 හරි හරි වොශ් එකක් දාගෙන එන්න පහලට...

මින් ජිමින් එක්කත් කතා කරලා වොශ් එකක් දාගෙන පහලට ඇවිල්ලා ටේ ගේ ඉස්සරහා හිටපු ජිමින්ගේ එහාපැත්තෙන් වාඩි වෙලා ජිමින්ගේ උරහිසට ඔලුව තියාගෙන ඇස් දෙක වහගත්තා..

🐥 සූ බබා..කෑවෙත් නෑ නේද කාලා එන්න..

🌼 ටිකක් ඉන්න දෙන්නකො ජිමින් මගේ ඔලුව රිදෙනවා..

🐥 හරි එහෙනම් ඕනි තරම් වෙලා ඉන්නකෝ..

🐱 මින්..මන් කියලා තියෙනවා ඔයාට වැස්සේ තෙමෙන්න එපා කියලා..මතකනේ ගිය පාරත් ලෙඩ උනා..අන්තිමට බැනුම් ඇහුවේ මම..

🐥 ඒ ඉතින් ඔයාත් එක්ක ගිහින් සෙල්ලම් කරපු නිසානේ 😂 අම්මෝ එදා බලන්න තිබ්බේ හියුන්ග් ගේ මූණ..

🐰 ඒක නම් හරි ජිමින්...එදා මීයාට පිම්බා වගේ හිටියේ අද මෙහෙම කියෙව්වාට 😂

🐱 අනේ මේ කටවහන් ඉදහන් උබලා..ඉන්න කාලේ කන්නෝනේ බොන්නෝනේ ආතල් එකේ ඉන්න ඕනි 😌

🦄 ඒක කිව්වේ අපේ සුගාමද 🙄 හැමවෙලේම නිදි ආතල් එකේ ඉන්න ඕනිලු 😂

🐰 හරි හරි දැන් ඕක ඇති..😂 මින් සූ කාලා පෙන්ඩෝල් දෙකක්වත් බොන්න නැත්තම් ඕක වැඩි වෙයි..

🦄 අම්මෝ පුදුමයි අපේ ජේකේ මොලේ ඇති වැඩක් කිව්වාමද මන්දා..😂

🐰 අනේ මේ හියුන්ග් ඔයා ඉන්නවාද..

🌼 නිදාගන්න දෙනවාකෝ පොඩ්ඩක් කියවනවා කියවනවා ඉවරයක් නෑ..😴

🦄 මටනම් පේන්නේ සුගා එක්කම ඉදලා මින්ටත් නිදාගන්න ලෙඩේ බෝ වෙලාද කොහෙද..😂

🌼 ජිමිනා..ඔලුව ටිකක් අතගානවාකෝ නින්ද යනකම්...

🐥 හ්ම්..එන්නකෝ...

ජිමින් මින් සූ එක්ක හැසිරුණු විදිය අනිත් අයට සාමාන්‍ය දෙයක් උනත් ටේට නම් ඒක සාමාන්‍ය දෙයක් උනේ නෑ..ටේට ගොඩාක් දුක හිතුනා වගේම එක අතකින් පුංචි සතුටකුත් දැනුනා..ජිමින් හිතාමාතාම මින් සූට වෙනදාටත් වඩා ලං වුනේ ටේව රිද්දන්න ඕනි නිසාම වගේම එයාට ඕනි උනා මින්ට මෙහෙම කරන්න හේතුව මොකද්ද කියලා දැනගන්න..ජිමින්ගේ හැසිරීම නිසා ටේ අනිවාරෙන් එයා එක්ක කතා කරන්න එනවා කියලා දන්න නිසාම ජිමින් තවත් එයාට මින්ව ලං කරගත්තා..

🌹 එතකොට ජිමින් කියන්නේ මින්ගේ බෝයිෆ්‍රෙන්ඩ්ද..

වෙන කෙනෙක් උත්තර දෙන්නත් කලින් ජිමින් උත්තර දුන්නේ නෑ කිව්වොත් එහෙම එයා මෙච්චර වෙලා කරපු දේවල් අපතේ යනවා කියලා දන්න නිසා..

🐥 ඔව්..මම තමයි මින්ගේ බෝයිෆ්‍රෙන්ඩ්..

🌹 වාව්...මැචින් කපල්..😘

🐥🌼 තෑන්ක්ස් 😊

🐥 දැක්කාද බබා අපි දෙන්නාගේ ආදරේ ඒකත් කිව්වේ එකට 😌

🦄 මුන් දෙන්නාගේ ආදරේ ඉතින් අපි නොදන්නවායැ..මෙන්න මෙහෙ එන්න මින් ඔයා කාලාත් නෑනේ..

🐰 මින්ට කන්න දෙන්නද නැත්තම් හියුන්ග්ට ආයෙ බඩගිනි නිසාද මින්ගේ මාර්ගෙන් යන්න හදන්නේ..😂

🦄 අනේ උබ ඉදපන්කෝ පොඩි එකා..

🐰 යා හියුන්ග් මන් පොඩි නෑ...

🐱 හරි හරි ඕක නවත්තනවා දැන් මට ටිකක් නිදා ගන්න ඕනි..

🐯 ජිමින් අපි ටිකක් කතා කරමුද..

🌹 මොකද්ද ටේ ඔයා ආපු වෙලාවෙත් කතා කරේ එයා එක්ක..

🐯 ඉතින් මොකද මේ මගේ හොඳම යාලුවා මට එයා එක්ක කතා කරන්න වෙලාවක් ඕනි නෑ..

ටේ සේහුටත් කෑ ගහලා තරහින් වගේ කාර් පාර්ක් එක පැත්තට ගියේ ජිමින්ටත් එන්න කියන ගමන්මයි..

🐥 මොනාද කියන්⁣න තියෙන්නේ ඉක්මනට කියනවා මට වෙලා නෑ..

🐯 ජිමින්...🥺 මන් දන්නේ නෑ උබයි මින්ගෙයි අතර තියෙන සම්බන්ධෙ මොකද්ද කියලා..ඒක මොකක් උනත් මට කමක් නෑ ජිමින් එයාව හොඳින් බලාගන්න...

🐥 ටේ..උබ අඬනවාද..ඇයි බන් මේ..මොකද්ද උනේ..මන් දැනගෙන හිටියා උබ මේක කරන්නේ කැමැත්තෙන් නෙවෙයි කියලා..මට කියපන් ටේ මොකද්ද උනේ..

🐯 උබ දන්නේ නෑ ජිමින් මන් කොච්චර නම් මින් නිසා දුක් වින්දාද කියලා..මට අඩුම එයාට කෝල් එකක්වත් දෙන්න බැරි උනේ අප්පා නිසා..එයාව මතක් වෙන සැරයක් සැරයක් ගානේ මන් මටම වෛර කරා..මන් එයාව බලන්න එන්න හැඳුවත් අප්පා මාව නතර කරා ජිමින්..මන් මේ මැරේජ් එකට කැමති උනේ නැත්තම් එයා මින්ට ආයේ මේ ලෝකේ බලන්න දෙන්නේ නෑ කියලා මාව බය කරා..මන් අදටත් ආදරේ මින්ට විතරයි ජිමින්..උබ එක්ක මින් හිටියාත් ඒ ඇස්වලින් එයා මට තාම ආදරෙයි කියලා මට පේනවා..ඒත් ඒ ඇස්වලට මන් කඳුලු දුන්නා..මං මටම වෛර කරනවා ජිමින්..😭 මන් එයා ගාවට යන්නේ නැතුව ඉන්න තිබ්බේ...

ජිමින් ටේගේ කතාව හරිම සන්සුන් විදියට අහගෙන හිටියා...ජිමින්ට තේරුනා මේ හැමදේම ටේ කරේ මින්ව ආරක්ෂා කරන්න ඕනි නිසා කියලා...ජිමින් ටේගේ හිත හදන්න ඕනි නිසා එයාගේ කටහඬ අවදි කරන්න හැදුවත් පිටිපස්සේන් ඇහුන කටහඬට ජිමින් වගේම ටේත් ගැස්සුනා..

🌼 ටේ..ඔප්පා...🥺

🐯 මි..න්..ඔයා හැමදේම අහගෙනද හිටියේ..

🐥 උබලා දෙන්නා කතා කරගනින්කෝ මන් එහෙනම් යන්නාම්...

මින් දුවගෙන ගිහින් ටේව බදාගත්තේ මෙච්චර වෙලා ටේ ගැන එයා හිතාගෙන හිටපු විදිය සම්පුර්ණයෙන් වැරදී කියලා හිතුන නිසා..ටේත් මින්ව තදින් එයාට තුරුල් කරගත්තේ එයාටත් මින්ව මේ වෙලාවේ ගොඩාක් ඕනි උන නිසා..

🐯 මින්...මට සමාවෙන්න...

🌼 ඔයා සමාව ඉල්ලන්න ඕනි නෑ ඔප්පා...මමයි වැරදී ඔයාට කතා කරන්න ඉඩ දුන්නානම් ඔයාට මෙච්චර දුක් වෙන්න දෙයක් නෑනේ...

🐯 හරි දැන් ඒක ඉවරයිනේ...දැන් අඬන්න එපා...අවුරුදු 4 කට පස්සෙනේ මම ආවේ ඒ ආවේ ඔයා අඬනවා බලන්න නෙවෙයි...දැන් කඳුලු පිහිද ගන්න...

🌼 මෝඩයා...🙂

🐯 මන් හිතුවේ නෑ මෙහෙම ඔයා එක්ක කතා කරන්න හම්බෙයි කියලා...🥺

🌼 මට අඬන්න එපා කියලා දැන් ඔයා අඬන්නද හදන්නේ...එන්න අපි යමු ගේ ඇතුලට සේහු දැක්කොත් අපි දෙන්නා එකට ඉන්නවා ප්‍රශ්නයක් වෙයි..

🐯 සේහු ඔයා ගැන දන්නවා මින්...

🌼 මො..මොකද්ද...

🐯 ඔව් පිටරට ඉන්න කාලේම තමා මන් එයාට ඔයා ගැන කිව්වේ...එයා හැමදේම දන්නවා..

🌼 එතකොට එයා දන්නවාද මමයි ඔයා ආදරේ කරන කෙනා කියලා...

🐯 ඔව්...එයාත් කෙනෙක්ට ආ⁣දරේ කරනවා..ඒ නිසා එයා මාව තේරුම් ගත්තා..දැන් හරිනේ අපි යමු..

ඔක්කොම එකතු වෙලා රෑ වෙනකම් පාටියක් දාලා ගෙවල් වලට ගියා..

Next day morning 🌅

🌸 කොහෙද යන්නේ මින් මේ උදේ පාන්දර..

🌼 ආ මන් ටේ ඔප්පාව හම්බෙලා එන්නම්..

🌸 ඉක්මනට එන්න හරිද...අපි හවසට බීච් යමු..

🌼 ගිහින් ඉක්මනට එනවා...

🌸 ඔහොම හිනාවලා ඉන්නකෝ මැණික හැමදාම...

🌼 හරි හරි අනේ දැන් අඬන්න තියා ගන්න එපා...හරිද..

මින් යොන්ටත් කියලා ගෙදරින් පිටත් උනේ හිතේ ලොකු සතුටක් තියාගෙන වගේම ටේට හැමදේම කියනවා කියලා හිතාගෙනමයි...මින් ටේට මැසේජ් එකක් දාන්නත් හදලා ආයේ දැම්මේ නැත්තේ ගිහින්ම පුදුම කරනවා කියලා හිතාගෙන..මින් පයින්ම බස් ස්ටෑන්ඩ් එකට ගියේ කල්පනා කර කරමයි...බස් ස්ටෑන්ඩ් එකට ආපු ගමන් මින් දැක්කේ පොඩි ලමයෙක් අයිස්ක්‍රීම් එකක් කකා පාර මැද්දට වෙලා ඉන්නවා..දැක්කාත් නොදැක්ක ගානට ගොඩාක් අය බලාගෙන යනවා..පාර එහාපැත්තෙන් ඒ ලමයාගේ අම්මා කියන්න පුළුවන් කෙනෙක් අඬ අඬ ලමයාට කතා කරත් ඒක ඒ ලමයාට ඇහුන වගක්නම් පෙනුනේ නෑ...මින් වටපිට බැලුවේ උදව් කරන්න පුළුවන් කිසිම කෙනෙක් නැද් කියලා..ඒ බලද්දි තමයි මින් දැක්කේ වාහනයකක් ඒ ලමයා ඉන්න පැත්තට හෙන වේගෙන් එනවා..මින් දෙපාරක් නොහිතා දුවලා ගිහින් ඒ ලමයාව බඳාගත්තේ එයාට මොනවා උනත් ඒ ලමයාට මොනවත් වෙන්න එපා කියලා හිතාගන්න ගමන්මයි...මින් ඇස් දෙකත් තද කරගෙන වහගත්තේ ඒ ආපු වාහනේ වේගේ පොඩ්ඩක්වත් අඩු කරපු නැති නිසා..ඒත් එක්කම මින්ව විසික්වෙලා ගිහින් බිමට වැටෙනවා මින්ට තේරුනා..මින් බදාගෙන හිටිය ලමයා මින්ට නූනා නූනා කිය කිය කතා කරද්දි මින් හිත හදාගෙන ඇස් දෙක පියාගත්තේ අඩුම තරමේ ඒ ලමයාට මුකුත් වෙලා නෑ කියලා හිතන ගමන්මයි...

" නූනා..නූනා..ඔයාට මාව ඇහෙනවාද..අනේ කතා කරන්නකෝ නූනා..😭 "

" අනේ කවුරුහරි ambulance එකකට කතා කරන්නකෝ මෙයාට හොඳටම අමාරුයි.."

ටේ මින් එනවා කියලා දන්නේ නැති නිසා උදේම ගෙදරින් ආවේ මින්ව බලන්න යන්න..මින්ව ගිහින්ම පුදුම කරනවා කියලා හිතාගෙන ටේ කාර් එකත් අරගෙන ආවේ වෙනදටත් වඩා සතුටකින් මුළු හිතම පිරිලා යද්දි...ටික දුරක් යද්දි ගොඩාක් කට්ටිය වට වෙලා නිසා ටේ ඇක්සිඩන්ට් එකක් කියලා හිතලා අයින් වෙලා යන්න හැදුවත් හිත කිව්වෙම එතන්ට ගිහින් බලන්න කියලා...ඒ නිසාම ටේ මිනිස්සු අතරින් ගිහින් බැලුවේ කවුද ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ කවුරු උනත් මෙච්චර වෙලා ambulance එකකටවත් කතා කරලා නැත්තේ ඇයි කියලා හිතා⁣ගෙනමයි..ලේ වලින් නෑ විලා ඉන්න මින්ව දැක්කාම ටේගේ කකුල් වලට පණ නැති උනා වගේ උනා..එතන හිටිය පොඩි ලමයාව එහාට කරලා ටේ අඬ අඬාම මින්ව ගිහින් බඳාගත්තා..

🐯 මින්...අනේ කතා කරන්නකෝ...මැණික අනේ ඇස් අරන්නකෝ...මින්..කතා කරන්නකො...😭 අනේ ඔහොම ඉන්න එපා මින් මට බය හිතෙනවා නැගිටින්නකෝ...

ටේ කොච්චර කතා කරත් මින් ඇස් දෙක ඇරලාවත් බැලුවේ නෑ..ටේ තවත් පරක්කු නොකර මින්ව හරහට අරගෙන කාර් එකේ හොස්පිට්ල් එකට අරගෙන ගියේ අනිත් අයටත් කෝල් කරලා එන්න කියන ගමන්මයි..හොස්පිට්ල් එකට ගිය ගමන් මින්ව ඔපරේෂන් තියටර් එකට ගත්තේ මින්ගේ ඔලුවට ටිකක් බරපතළ විදියට හානි වෙලා තිබ්බ නිසා..ටේ අඬ අඬම ඔලුවත් අල්ලගෙන බිම ඉදගත්තේ තවත් හිටගෙන ඉන්න පනක් නැති නිසා..ටේට මින් එක්ක හිටපු කතා කරපු ඒ වගේම මින්ගේ මූනේ තියෙන ඒ හිනාව හැමදේම මැවි මැවි පේන්න ගත්තා..ටේට හිතුනෙම මින් එයාව දාලා යයි කියලා..ටික වෙලාවකින් අනිත් අයත් අඬාගෙනම ආවා..

🌸 අනේ ටේ මගේ නංගි කෝ..එයාට අමාරුවක් නෑ නේද..ඇයි අඬන්නේ ටේ කියන්නකෝ...

ටෙ අමාරුවෙන් අත දික්කරලා ඔපරේෂන් තියටර් එක පෙන්නනවත් එක්කම යොන් දොර ගාවට ගිහින් කෑ ගහලා ඇඬුවා..

🌸 මින්...ගිහින් ඉක්මනට එන්නම් කියලා නේද කිව්වේ...ටේව හම්බෙලා ගෙදර ආවාම අපි බීච් යමු කියලාත් කිව්වා නේද..නැගිටින්න ⁣මින් ඔයා කොහොමද ඔහොම නිදාගෙන ඉන්නේ..ඔයාට බෑ ඔහොම ඉන්න..😭😭 අනේ කුකී එයාට එන්න කියන්නකෝ...

යොන් අඬන එක තවත් දරාගන්න බැරි නිසාම කුකී ගිහින් යොන්ව එයා ගාවට අරගෙන සනසන්න ගත්තේ එයාට යොන් අඬනවා බලන් ඉන්න බැරි නිසා..කුකීටත් දුක හිතුනත් එයා මේ වෙලාවේ ශක්තිමත්ව හිටියේ හැමෝම මෙහෙම දුර්වල වෙලා බෑ කියලා එයාට තේරුන නිසා..ඒත් එක්කම එතනට ආපු පොඩි ලමයෙක් ටේගෙ අත් දෙකෙන් අල්ලගෙන ටේ එක්ක කතා කරේ අනිත් අයත් බලාගෙන ඉද්දිමයි..

💮 හියුන්ග්...ඒ නූනාට එහෙම උනේ මන් හින්දා..🥺 මාව බේරගන්නයි එයා එතන්ට ආවේ...😭 මට සමාවෙන්න හියුන්ග්...නූනාට ඉක්මනට හොඳවෙයි..

🐯 ඔයාට තුවාල නෑ නේද පැටියෝ..🥺 නූනා ගොඩාක් හොඳ කෙනෙක් ඒකයි එයා ඔයාව බේරගන්න ආවේ එයාට ඉක්මනට හොඳ වෙයි..

පැයකට විතර පස්සේ තියටර් එකෙන් එලියට ආපු ඩොක්ටර්ට හුස්ම ගන්නවත් වෙලාවක් නොදී එක එක්කෙනා ප්‍රශ්න අහන්න පටන් ගත්තා..

🐯 ඩොක්ටර් මගේ මින්ට දැන් කොහොමද එයා හොඳින් නේද..

🌸 මින්ට දැන් හොඳයි නේද ඩොක්ටර් අපිට එයාව බලන්න පුළුවන්ද...

👩‍⚕‍ හරි හරි හැමෝම සන්සුන් වෙලා මේක අහගන්නකෝ...මේකයි ජීයොන් අපි ගොඩාක් කාලෙක ඉදන් අඳුරනවානේ...ඇත්තටම මට සමාවෙන්න මේක ඔයාට කිව්වේ නැති එකට..

🌸 මොකද්ද ඩොක්ටර් ඔයා කියන්න හදන්නේ..මින්ට කිසිම ප්‍රශ්නයක් නෑනේද..මගේ මින් හොඳින් නේද..

👩‍⚕‍ මේ හොඳට අහගන්නකෝ යොන් මේ ඇක්සිඩන්ට් එකෙන් මින්ට ඒ තරම් දරුනුවට හානි වෙලා නෑ..ඔලුව ඩැමේජ් උන නිසා තමයි මෙච්චර වෙලා ගියේ..ඒක් ඒක නෙවෙයි මෙතන තායෙන ප්‍රශ්නෙ...මින් සූගේ හාට් එකේ ප්‍රශ්නයක් තියෙනවා...ඇක්සිඩන්ට් එකෙන් එයා බේරුනත් එයාට තව උපරිම කාලය තියෙන්නේ මාස 3 කටක් අඩු කාලයක් 😔 මේක මාන් සූත් දැනගෙන දැන් අවුරුද්දක් විතර වෙනවා...එයා ඔයාට කියන්න එපා කියලා මගෙන් පොරොන්දුවක් ගත්තා..ඒකයි මම ඔයාට කිව්වේ නැත්තේ..මට සමාවෙන්න...

🌸 මො..ක..ක්..🥺 හාට් එකේ ප්‍රශ්නයක්...ඔහොම විහිළු කරන්න එපා ඩොක්ටර්..ඒවාට ඇස් රතු වෙනවා...

ඩොක්ටර් කිව්ව දේ අහලා හැමෝම පුදුම උනත් ජිමින්ට ඒක ගානක් උනේ නැත්තේ මින් සූ මේක දැනගත්ත ගමන්ම ජිමින්ට කියලා තිබුන නිසා..ඒත් තව මාස 3 යා තියෙන්නේ කියලා කිව්ව ගමන් ජිමින්ට කියාගන්න බැරි තරම් දුකක් ආවා..ඒ වගේම ටේ බිත්තිය දිගේ ලිස්සලා බිමින් ඉඳගත්තේ බලාපොරොත්තු හැමදෙයක්ම සුන් උනා වගේ හැඟීමකින්...ජිමින් ගිහින් ටේගේ හිත හදන්න උත්සාහ කරත් ඒකෙන් කිසිම වැඩක් උනේ නෑ..

🐥 ටේ..මට සමාවෙයන්...මන් මේ හැමදේම දැනගෙන්ත් උබට කිව්වේ නෑ..මින් අද ආවේ උබව හම්බෙලා මේ හැමදේම කියනවා කියලා හිතාගෙන..මට සමාවෙයන් ටේ මට උබේ පණ ආරක්ෂා කරන්න බැරි උනා..😭

🐯 ඒ කියන්නේ උබ මේ හැමදේම දැනගෙන හිටියාද...ඒකද උබ එදා කිව්වේ මිනුයි උබයි විතරක් දන්න රහසකුත් තියෙනවා කියලා..ඇයි මට කිව්වේ නැත්තේ ඇයි...😭

ටික වෙලාවකට පස්සේ ඩොක්ටර් මින්ව ⁣වෝඩ් එකට මාරු කරා..කවුරුත් මින් ඉස්සරහා අඬන්නේ නෑ අදින් පස්සේ එයාව සතුටින් ති⁣යනවා කියලා හිතුවා..ටේ අමාරුවෙන් හරි හිත හදාගත්තේ මේ දේට කවදාහරි දවසක මූණ දෙන්න වෙනවා කියලා හොඳටම තේරුම් ගත්තු නිසා...

*******************

දෛවය මේ තරම් කුරිරු උනේ ⁣කොහොමද.. ඇත්තටම ආදරේ කරන දෙන්නෙක් වෙන් වෙන්නත් මොකක්මහරි හේතුවක් තියෙනවා..ආදරේ කියන්නෙත් හරි පුදුමාකාර බැඳීමක්..එයාට හිතෙන තැනක ගිහින් නතර වෙනවා..ඒ ආ⁣දරේ අපිට හිමී වෙයිද අහිමි වෙයිද කියලා හිතන්නෙවත් නැතුව ආදරේ ලැබෙන තැන අපි නතර වෙනවා...සමහර ආද⁣ර කතාවල ඒ දෙන්නා එකතු උනේ නැතත් මුළු ජීවිත කාලේම ඒ කෙනා වෙනුවෙන් විතරක්ම කැප කරනවා...පලවෙනිම ආදරේ හිතේ ගැඔුරෙම ලැඟුම් ගන්න ආදර කතා ගොඩාක් අඩුයි...හැමකෙනෙකේටම හදවතේ ලැගුම් ගත්ත ආදර කතාවක් තියෙනවා...

ටේගෙයි මින්ගෙයි ආ⁣දර කතාවෙත් අන්තිමට දුකකින් තිත තියන්න වෙනවා කියලා ඒ දෙන්නාම දැනගෙන හිටියාත් දෙන්නාට දෙන්නා එයාලගේ හිතේ තිබුනු ආදරේ ටිකක්වත් අඩු කරේ නෑ..ඔහොම ටික කාලයක් ගියා...

After 2 months

හෙට යොන්ගෙයි ජැක්සන්ගෙයි වෙඩින් එක..මින්ට ඕනි උනේ එයා මැරෙන්න කලින් ඒ දෙන්නාගේ වෙඩින් එක සමරන්න..ඒ නිසාම එයාලා ඉක්මනට වෙඩින් එකට ලෑස්ති උනා..ජේකේට මේ දේ දරාගන්න බැරි උනත් එයා දැනගෙන හිටියා කවදාහරි දවසක මේ දේට එයාට මූන දෙන්න වෙන වග.ඒක නිසාම එයා හිත හදාගෙන පැත්තකට වෙලා හිටියා...

🐯 ජේකේ මම එන්නද..

🐰 ආ වරෙන් ටේ

🐯 ජේකේ උබ හොඳින් නේද..

🐰 ඔව් උබ ඇයි එහෙම අහන්නේ..

🐯 ජේකේ..මම දන්නවා..උබ ඉන්නේ ලොකු වේදනාවක් හිතේ තියාගෙන. මට ඒක තේරෙනවා..මට කියපන් හෙට තියෙන වෙඩින් එක නිසා නේද උබ අවුලෙන් ඉන්නේ...

🐰 ටේ..🥺 මට එයාව ඕනි බනි..මට එයා නැතුව ඉන්න බෑ...එයා හෙට වෙන කෙනෙක්ගේ වෙනවා..එයා හිතන්නේ මන් එයාට ආදරේ නෑ කියලා..මට එයාව ඕනි ටේ මට ඕනි..😭

🐯 මට තේරෙනවා..දැන් අඬන්න එපා..

At min ' s home

🌼 හෙට ඉතින් ඔයා මේ ගෙදරින් යනවානේ නේද..

🌸 මන ඇයි යන්නේ..මන් මෙහෙ තමයා ඉන්නේ ඔයා එක්ක..

🌼 හරි හරි මන් දන්නවා...අක්කා..ඇයි මේ අවුලෙන් වගේ..

🌸 ⁣එ⁣හෙම නෑ මින්..

🌼 ජේකේ නිසාද..

🌸 එයා මට ආදරේ නෑනේ මින්...🙂 දුකයි තමයි ඒත් කමක් නෑ මන් හිත හදාගන්නම්..

🌼 අක්කා..හෙට ඔයාට ලොකු තෑග්ගක් තියෙනවා මන් ගානේ...මන් ගානේ කිව්වාට ⁣ඒකට ටේ වගේම ජැක්සන් ඔප්පාත් හවුල්...

🌸 මට ඒ මොකද්ද..

🌼 ඒක හෙට බලන්නකෝ...

Next day morning

🐯 ජේකේ උබ මේක ඇදහන්..

🐰 මේක...උබට පිස්සුද...මන් මනමාලයා වගේ ඉදීයි...

🐯 අනේ මෙන්න මෙහෙ ඇදහන්..

🐰 කමක් නෑ ඕනි එකක් උබ පලයන් මම ඇඳගෙන එන්නම්..

🐯 යන්නාම්...😌

🐰 මූව නම් මට අද අල්ලන්නේ නෑ...

හැමෝම අද හරිම ලස්සනයි..යොන් වගේම මිනුත් අද ගොඩාක් ලස්සනයි..⁣ජේකේත් අද හරිම ලස්සනයි..යොන්ව දැක්කාම ජේකේට දරාගන්න බැරි දුකක් දැනුනත් එයා ඒක කාටවත් පෙන්නන්න ගියේ නෑ..




ටික වෙලාවකට පස්සේ ජැක්සන් ස්ටේජ් එක උඩට ඇවිල්ලා ලොකු කතාවකට මුල පුරන්න වගේ කතා කරන්න පටන් ගත්තා..

J - හායි ගායිස්...අද මගේ වගේම යොන්ගෙත් හුඟක් වැදගත් දවසක්..මට අද පුංචි තෑග්ගක් තියෙනවා යොන්ට දෙන්න...ඇත්තටම කිව්වොත් මේක මමයි ටේයි මිනුයි එකතු වෙලා කරපු දෙයක්...මම යොන්ට ගොඩාක් ආදරේ කරා..ඒත් මට එයාව මැරි කරන්න බෑ...මන් වෙන කෙනෙක්ට ආදරේ කරනවා...

ඒක කිව්වාමනම් යොන්ට ගොඩාක් තරහා ආවා වගේම ගොඩාක් දුක හිතුනා මොකද ජැක්සන්ට අවුලක් නැති උනත් ඒක යොන්ට ප්‍රශ්නයක් උනා මෙච්චර කල් මේක ඇදන් ආව එකට..යොන් නැගිටලා ජැක්සන් ගාවට යනවාත් එක්කම ජැක්සන් ආයෙම කතා කරන්න පටන් ගත්තා..

J - මන් දන්නවා යොන් ඔයාට මාව මරන්න තරම් කේන්ති ඇති..ඒකට මට සමා⁣වෙන්න..ඒත් මේකත් අහලාම මට බනිනවා නම් බනින්න..මටත් වඩා යොන්ට ආදරේ කරන කෙනෙක් ඉන්නවා..මම අද යොන්ව මැරි කරේ නැතත් එයා අද යොන්ව මැරි කරනවා..ඒ වගේම කියන්න ඕනි එයා අද යොන්ව මැරි කරනවා කියලා එයාවත් දන්නේ නෑ..ඉතින් ජේකේ ඔයා තවත් ඔයාගේ ආදරේ හිතේම තියාන් ඉන්නද හදන්නේ...

ජැක්සන් ⁣ජේකේගේ නම කියනවාත් එක්කම ජේකේ පුදුම වෙලා බලන් හිටියේ මොකද්ද කරන්නේ කියලා හිතාගන්න බැරුව වගේ...

🐰 ම..ම..😳

🌸 කුකී...

J - මන් දන්නවා ජේකේ ඔයා යොන්ට ගොඩාක් ආදරෙයි...ඉතින් ඔයාට ඔයාගේ ආදරේ ඔයාගෙම කරගන්න ඕනි නැද්ද..

🐰 ටේ...🥺 උබ මේක නිසාද මට මෙහෙම අදින්න කිව්වේ...

🐯 ඔව්..😌 දැන් පලයන් ඉතින් උබේ ආදරේ උබේම කරගනින්...

ජේකේ දෙපාරක් නොහිතා දුවගෙන ගිහින් යොන්ව බදාගත්තේ හිතේ තිබුන සතුට ⁣දෙගුන තෙගුණ වෙද්දි..යොනුත් තවත් ජේකේව තදින් බදාගත්තේ එයා ගොඩාක් කල් ඉදන් මේ උණුහුම බලාපොරොත්තු වෙන නිසා..අවසානයේ ජේකේගේයි යොන්ගෙයි ආදරේ දෙවියෝ
විසින් එක්කරා..මින්ට සතුට දරාගන්න බැරුව එකපාරටම පපුව අල්ලගෙන ඉදගන්න හැදුවත් පුටුවත් එක්කම සිහිය නැතුව ඇදගෙන වැටුනා..

🐯 මින්..මොකද්ද උනේ මින් අනේ කවුරුහරි වාහනේ ගෙන්නකෝ මින්ට අමාරුයි වගේ...

මින්ව හරහට අරන් හොස්පිට්ල් එකට ගියාට පස්සේ මින්ට ඩොක්ටර් ඉන්ජෙක්ෂන් එකක් දීලා විනාඩි කීපයකින් මින්ට සිහිය ආවා..ඩොක්ටර් කිව්වේ මින්ට තවත් වෙලාව තියෙන්නේ විනාඩි 10 ක් වගේ පොඩි වෙලාවක් කියලා..ටේ මින්ගේ අතත් අල්ලගෙනම ඇඬුවේ තව විනාඩි දහයකින් මින් එයාව දාලා යන්නම යනවා නේද කියලා හිතන ගමන්මයි..මින් මුලින්ම කතා කරේ ජේකේටයි යොන්ටයි..

🌼 අක්කා..ඔයාට සතුටුයි නේද..ඔයාට දැන් ජේකේ ඉන්නවානේ මන් වෙනුවෙන් අඬන්න එපා...හරිද...ටේව හොඳට බලාගන්න...🥺 ජේකේ ඔප්පා අක්කාව හොඳට බලාගන්න එයාට අඩන්න දෙන්න එපා..

🌸 අනේ මින්...මන් කොහොමද ඔයා නැතුව ඉන්නේ...ඔයාට බෑ මාව දාලා යන්න...😭

🌼 අඬන්න එපා අක්කා...මට සතුටින් යන්න ඕනි යන තැනකට...ජිමින් ඔප්පා ඔයා තමයි මට හම්බුනු හොඳම යාලුවා..ඔයාව කවදාවත් අමතක වෙන්නේ නෑ..ඊලග ආත්මේ ඔයා මගේම ඔප්පා වෙලා ඉපදෙන්න ඕනි..සතුටින් ඉන්න..ජින් ඔප්පා ඔයාගේ කෑම ගොඩාක් රසයි...අදින් පස්සේ ඒ කෑම රස කර කර කන්න මන් නැති වෙයි...ඇඟට ගුණ නැති ඒවා කාලා ලෙඩ වෙන්න එපා හරිද...සුගා ඔප්පා..ඔයාගෙත් එක්ක වැස්සේ නටන්න මන් අදින් පස්සේ නැති වෙයි මට සමාවෙන්න ඒකට...අද ඔයාගෙන් නිදා ගන්න ලෙඩේ මන් බෝ කරගෙන හැමදාටම නිදාගන්න යනවා...ඔයාලා හැමෝම සතුටින් ඉන්න හරිද..මනි වෙනුවෙන් අඬන්න එපා..ටේ ඔප්පාව බලාගන්න...

හැමෝම මින් කියන දේවල් අහගෙන ඉඳලා ටේවයි මින්වයි තනිකරලා අඬ අඩාම කාමරෙන් එලියට ගියේ අදින් පස්සේ ඒ හිනාව ආයෙත් දකින්න බෑ නේද කියලා හිතලා දුක වෙලා...ජිමින් සුගාව බදාගෙන අඩන්න ගත්තේ ජිමින්ටත් මේ දේ දරාගන්න බැරි නිසාමයි..

🌼 ඔප්පා...🥺 අඬන්න එපා මැණික...මේ ආත්මේ බැරි උනත් මන් අනිත් හැම ආත්මෙකම ඔයාගේ වෙලාම ඉපදෙන්නම්..දැන් අඬන්න එපා..මට සතුටින් යන්න ඕනි..

🐯 මන් කොහොමද මින් ඔයා නැතුව ඉන්නේ...😭 ඔයා මොන හිතකින්ද මාව දාලා යන්න හදන්නේ...මට බෑ මින් ඔයාට යන්න දෙන්න..ප්ලීස් මාව දාලා යන්න එපා..

🌼 ඔප්පා එක පාරක් ආද⁣රෙයි කියන්නකෝ....ඔයා ඒක කියනකම් මට යන්න බෑ...එකම එක පාරක් ආයේ මට ආදරෙයි කියලා කියන්න..

🐯 මට බෑ මින් ඒක කිව්වාම ඔයා මාව දාලා යනවා...

🌼 මේ අහන්න ඔප්පා..ඔයා ඒක කිව්වාත් නැතත් මට යන්නම වෙනවා..ඒක නිසා මට එකපාරක් ඒ වචන ටික කියන්න...

🐯 මින්...මං ඔයාට ආදරෙයි මින් ගොඩාක් ආදරෙයි 😭

🌼 මාත් ආදරෙයි ඔප්පා...මට සමාවෙන්න...

ඒත් එක්කම ටේගේ බෙල්ල වටා එතිලා තිබුන මින්ගේ අත බිමට වැටෙනවත් එක්කම ටේ හොස්පිට්ල් එකම දෙදරන්න වගේ කෑ ගැහුවා..අනිත් අයත් ඒ එක්කම වගේ කාමරේට ආවා..

*හායි ගායිස් 😊 මන් ආවා ඉතින් හෙට හම්බෙමු අන්තිම එකෙන්*













Continue Reading

You'll Also Like

39.8K 5.9K 14
This is a mafia love story.the main roll is jungkook and girl is leya.this mafia love story incude love between koo and leya ,and brotherhood betwee...
109K 2.5K 51
Alissa Iris De León the daughter of both the Spanish and Italian Mafia. A week after she was born she was sent away from her 2 brothers to live with...
2.9K 414 20
This is my first high school story...and I hope it is interesting for you...and please read my story and help me
5.6K 195 11
Where Park Chaeyoung is the talented singer-guitarist and occasional pianist in a (respectful) club/ pub. What happened when the music critic, Jeon J...