වලා සියපත් ( නිමාවී ඇත.)

Von Zuibian

4.9K 867 121

වලා අසපුවෙහි නිහඬ බව බිඳිමින් ඇසුණේ මහ හඬින් කළ කෑ ගැසීමකි. "ලන් ඡාන්................." "... Mehr

"ලන් චන්.........!"
ආරාධනය
සියපත් මණ්ඩපය
මාමණ්ඩි
අමුත්තෝ
තිළිණ
ඒ තමා.......
අවසානය
Not An UPDATE

සියපත් බීජ

445 103 7
Von Zuibian

සිව්දෙනාම තව දින දෙකකින් උදෑසනම යුන්මෙන්ග් වෙත පිටත්වීමට කථීකා කොටගත්හ. ඉන්පසු චිරන් මාමණ්ඩියට තම ආචාරය පුදකිරීමෙන් අනතුරුව යශිය වෙතින් ඉවතට යාමට ලන් සොහොයුරන් සහ වූෂියෑන් සූදානම් වූහ. සියපත් කෝෂ පිරී තිබූ මංජුසාව සිය අතට ගත් වූෂියෑන් ඉන් එකක් පිටතට ගෙන චිරන් මාමණ්ඩියට ලබා දුන්නේ ය. එය සිය අතට ගත් චිරන් ප්‍රධානීතුමා හිස වැනූ අතර ඔවුහු තිදෙනා එතැනින් පිටතට ඇවිද ආහ. කුටියේ පිවිසුම් ද්වාරය වසා දැමු පසු වන්ග්ෂියෑන් යුවල දෙසට හැරුණු ලන් ශිචෙන් “වෙයි තරුණ මහත්මයා, දැන් ඔබේ කකුල හොඳයි ද? ශිෂුයි කිව්වා ඔබේ කකුලට යමක් සිදු වෙලා බව.”යි පැවසුවේ ය.

මුවෙහිලා ගත් සියපත් බීජය උගුරෙහි සිර කරගත් වූෂියෑන් මහ හඬින් කහින්නට වූ අතර ඔහුට උපකාර කිරීමට සිතූ ලන් වන්ග්ජි ඔහුගේ පිටට පහරක් ගැසුවේ ය. “ලන් චන්!!!!!” යි මොරදුන් වූෂියෑන් ශිචෙන් දෙසට හැරී, “ඒක දැන් හොඳයි. මගේ කකුල පෙරළුණා.”යි පිළිතුරු දුන්නේ අසීරුවෙන් සිනහවක් මුවට නගා ගනිමිනි. ඊට ප්‍රතිචාරයක් වශයෙන් මද සිනහවක් පෑ ශිචෙන් ඔවුන් වෙතින් ඉවතට ඇවිද යාමට හැරුණු නමුත් වූෂියෑන් ඔහුගේ අතෙන් අල්වා නැවැත්වූයේ ය. “ශිචෙන් අයියණ්ඩි, මෙය ඔබට.” පවසමින් ඔහු වෙත සියපත් කෝෂයක් දිගු කළේ ය. මදහසක් පා තම අත ඉදිරියට දිගු කරමින් එය ලබා ගත් ශිචෙන් එතැනින් පිය නැගුවේ ඔහු මීට පෙර ජියැන්ග් චෙන්ග් සමග එක්ව මුවලා ගත් සියපත් බීජයන්ගේ මිහිරියාව සිහිපත් කරමිනි. ඒ මතකය ඔහුගේ මුවට සිනහවක් ගෙන ආ නමුදු එය මකාලමින් ඔහුගේ මනස ඉදිරියේ රන් පැහැ වස්ත්‍රයක් හැඳ ගත් පුද්ගලකුගේ රුවක් ඇඳුණි. එම පුද්ගලයාගේ මුවෙහි වූයේ තරවටු කරන අන්දමේ බැල්මකි. එම බැල්ම හේතුවෙන්  මුවෙහි වූ සිනහව ශිචෙන් වෙතින් ඉගිල ගිය අතර බරැති සුසුම් අතරින් “ආ යාවෝ” යි ඔහු මිමිණූවේ ය. එය ඔහුට මදක් එපිටින් සිටි වන්ග්ෂියෑන්ගේ සවන් වෙත ගෙන නොයාමට තරම් මද පවන කාරුණික විය.

කෙසේවෙතත් ශිචෙන්ගේ මිමිණුම් හඬ ඒ දෙපළට නොඇසෙන්නට නම් ඕනෑ තරම් ඉඩකඩ තිබුණි.

සිය අයියඩිය ඔවුන් සිටි ස්ථානයෙන් පිටව ගිය පසු වූෂියෑන් දෙසට හැරී ඔහු අතවූ සියපත් මංජුසාවෙන් සියපත් කෝෂයක් ගැනීමට වන්ග්ජි තැත් කළමුත් වූෂියෑන් මංජුසාව අනෙක් පසට ගත් නිසාවෙන් ඒ උත්සාහය අසාර්ථක විය. ඒ හේතුවෙන් ඉවතට හැරවූ වන්ග්ජිගේ මුව අඳුරු වලාවකින් වැසිණි. තම ආදරණීයයාගේ අඳුරු වූ මුව දුටු වූෂියෑන් සිදු කළ ක්‍රියාව වලා අසපුවේ දෑස් ඇත්තවුන් සිය දෑස් කුමටදැයි යන අන්දමේ සිතලුවක් ඔවුන් තුළ මතු කරවාලන්නක් විය.

තම අතවූ සියපත් කෝෂයෙන් බීජයක් පිටතට ගෙන එහි සිවිය බිඳලුවේ ය. “ලන් චන්”යි වන්ග්ජි ව ඇමතූ විට වන්ග්ජි ඔහු දෙස බැලුවේ ය. වන්ග්ජි දෙසම බලාගත්වනම සිටි වූෂියෑන් බිඳලූ සියපත් බීජය දෙතොල් මත රඳවා ගත්තේ ය. ඉන්පසු තම මුව ඉදිරියට දිගු කළ ඔහු වන්ග්ජිට දෑස්වලින් ඉඟි කළේ ය. එය වටහා නොගත් වන්ග්ජි සිය දෑස්වල ප්‍රශ්නසහගත බැල්මක් රඳවාගෙන වූෂියෑන් දෙස බැලුවේ ය. වූෂියෑන් නැවතත් තම දෑස්වලින් තම මුව දක්වාලූ අතර එවිට ඔහු අදහස් කළ දෙය වටහා ගත් ලන් වන්ග්ජි වූෂියෑන් දෙසට සිය දෑස් කරකැවූවේ ය.

ඔහුව දිරිමත් කරමින් වූෂියෑන් එතෙකුදු එලෙසින්ම සිටි අතර වටපිට තම නෙත් යොමු කළ වන්ග්ජි කිසිවකු නොමැති බව පසක් කොට ගෙන ඉදිරියට නැවී වුෂියෑන්ගේ දෙතොල් මත වූ සියපත් බීජය තම දෙතොල්වලින් ගෙන ගිල දැමුවේ වුෂියෑන්ගේ මුව වෙතින් ඉවත් වීමට හෝ වෙහෙස නොවෙමිනි. තම දෙතොල්වල ස්පර්ශ වන නොවන අන්දමේ දුරකින් රැඳී තිබූ වුෂියෑන්ගේ දෙතොල් වෙත නැමුණු වන්ග්ජි කලබලයෙන් මෙන් පසුපසට තල්ලු වූයේ ඔවුන් දෙදෙනා පසෙක වූ කුටියේ ද්වාරය දෙපසට ව විවර වූ හෙයිනි. දෙපසට වූ ද්වාරය අතරින් චිරන් ප්‍රධානීතුමා පිටතට පැමිණි අතර ඔහුගේ බැල්ම දඟකාර අන්දමින් දෙතොල් මත දඟ කළ සිනහවක් සඟවා ගෙන සිටි වූෂියෑන් හා තම නළල් පටිය සකස් කරමින් සිටි දෙසවන් රක්ත වර්ණ බවට හැරවී තිබූ වන්ග්ජි වෙත රැඳී තිබුණි.

"ඔබ දෙන්නා මෙතැන කුමක්ද කරන්නේ?" යි විමසූ කල දීමට පිළිතුරක් සිතමින් තතනන වන්ග්ජි දෙස බැලූ වූෂියෑන්, "ඔබට තවත් සියපත් කෝෂයක් අවශ්‍ය ද යන්න දැන ගන්න අපි හිටියේ." පැවසුවේ ය. ඔහුගේ පිළිතුරේ වේගයට උණ පඳුරක් සේ සැලුණු ප්‍රධානීතුමා "අවශ්‍ය නැහැ." යි පිළිතුරු දුන්නේ ය. "අපි පිටත් වෙන්නම්."යි පවසා ආචාර කළ වූෂියෑන් ඔහු පසෙකින් සිය මාමණ්ඩියගේ පැනයට ඇවැසි පිළිතුර පිළිබඳ තවමත් සිතමින් සිටි ලන් වන්ග්ජිගේ අතින් ඇදගෙන ඉවතට පිය නැගුවේ සිය මාමණ්ඩියට ආචාර කිරීමට අවස්ථාවක් තබා සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳ එතෙකුදු නිසියාකාර වැටහීමක් ලබා ගැනීමට අවස්ථාවක් ලබා නොදෙමිනි. ඔවුන් දෙදෙනා පිටව යන දෙසට නෙත් යොමු කළ ලන් චිරන් "දැන් හැදෙන තරුණ ළමයින්ගේ හැටි "යි තමාටම මුමුණා ගත්තේ තම යටි රැවුල පිරිමදිමිනි.

Weiterlesen

Das wird dir gefallen

797K 29.7K 105
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
5K 901 35
❤️ """වාව්... මේ වගේ අයත් මේ ලෝකේ ඉන්නවද අප්පා... ඉටි රූපෙකට පන ඇවිල්ලා වගේ...""" 💚 """මොකද්ද එයා මට කතා කරපු නම... 'බෝ...??' ඒ නම ඇහෙද්දී ඇයි...
2.3K 251 22
මම ඒක දැනගෙන හිටියා එයත් ඒක දැනගෙන හිටියා එයා ඒක දන්නවා කියලත් මම දැනගෙන හිටියා මම ඒක දන්නවා කියලා එයත් දැනගෙන හිටියා ඉතිං අපි එහෙම්මම හිටියා !
6.7K 620 12
අස්ථාවර පද පෙළක් අන්තරාවක පටලලා නොලී ඒ පෙම් කවක් ලියන්නට සිදුවුනා! -අස්ථාවර.. Nonfic-01 ශ්‍රී ලංකා-02 Nonfiction-48