silent lover ( Completed )

By dinihope

2.8K 377 33

" මන් එයාට ආදරේ කරන්නෙ අවුරුදු දෙකක ඉදන් ටේ මට එයාව ඕනේ 🥺 ඒත් හෙට එයා වෙන කෙනෙක්ගෙ වෙනවා 😔 එයා හිතන්නෙ මන්... More

chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 6
chapter 7 ( End )

chapter 5

272 48 0
By dinihope

4 years later

ටේ දැනට කොරියාවෙන් ගිහිල්ලා අවුරුදු 4 ක්. ටේ ගියත් හරි එයා මින්ට තියා එයාගේ හොඳම යාලුවා උන ජිමින්ටවත් කෝල් එකක් දුන්නේ නෑ. හැමෝම කිව්වේ ටේ වෙන කෙනෙක් එක්ක සතුටින් ඇති කියලා.ඒත් ඒක පිලිගන්න මින් කැමති උනේ නෑ . එයා හිතුවෙම ටේ කවදාහරි එයාට දීපු පොරොන්දුව ඉශ්ට කරන්න එයි කියලා.මින් ටේ ගිය දවසේ ඉදන් ටේට කෝල් ගත්තාත් මැසේජ් කරත් ඒ එකකටවත් රිප්ලයි මැසේජ් එකක්වත් ආවේ නෑ. කෝල් ගන්න හැමපාරම ටේගේ පෝන් එක ඕෆ් කරලා කිව්ව නිසාම ⁣මින් ටේට කෝල් මැ⁣සේජ් කරන එක නැවැත්තුවා. පිටට පේන්න හිනාවෙලා හිටියාට මින් හැමදාම තනි උන වෙලාවට එයාගේ ආදරේ මතක් කරලා ගොඩාක් ඇඬුවා.යොන්ට මින්ගේ වෙනස තේරුනත් මින්ගෙන් ඒක අහන්න නොගියේ කවදාහරි දවසක එයාම කියයි කියලා හිතාගෙන. මින්ගේ හිතේ ටේ ගියපු දවසේ ඉදන් තිබුනේ ⁣ටේත් එක්ක කතා කරන්න ඕනි කියන එක විතරයි.ඒත් දැන් මින්ගේ හිතේ තියෙන්නේ මැරෙන්න කලින් එකපාරක් හරි ටේව දකින්න හම්බුනොත් ඇති කියලා.

Min suu p.o.v.

ටේ ඔප්පා ගිය දවසේ ඉදන් අද වෙනකම් මට එක කෝල් එකක්වත් දුන්නේ නෑ. සමහරවිට වැඩ වැඩි නිසා වෙන්නැති. කොහොම උනත් එයා හොඳින් ඉන්නවා කියන්න මන් දන්නවා. අනිත් අය කියනවා වගේ එයාට වෙන කෙනෙක් ඉන්නවාද දන්නේ නෑ කියලා මටත් හිතුනත් මන් ඒක අනිත් අයට පෙන්නන්න ගියේ නැත්තේ මන් දුකින් ඉන්නේ කියලා එයාලා දැන ගන්න ඕනි නැති නිසා.ටේ ඔප්පා ගියාට පස්සේ මන් හැමදාම වගේ අපි ඉස්සෙල්ලාම හම්බුනු තැනට ආවා. ලාවට අඳුර වැටිච්ච පරිසරය වගේම වැඩිය කවුරුත් ගැවසෙන්නේ නැති තැනක්..⁣මන් හැමදාම වගේ අදත් ආවේ මගේ හිතේ තියෙන දුක නිදහස් කරගන්න පුළුවන් එකම තැන මෙතන නිසා.හැමදාම මන් මෙතන්ට එන්නේ ටේ ඔප්පා අදවත් එයි කියලා හිතන ගමන්මයි. ඒත් අද වෙනකම් එයා ආවේ නෑ.

" ටේ ඔප්පා...ඔයාට මාව අමතක වෙලාද...මන් ඔයා එනකම් බලන් ඉන්නවා කියලා ඔයාට අමතක උනාද...අනිත් අය කියන දේවල් බොරු නේද..ඔයාට වෙන කෙනෙක් නෑනේ..මට කියන්න...මන් හැමදාම මෙතන්ට එන්නේ ඔයා අදවත් එයි කියලා හිතන ගමන්..ඒත් ඔයා මේ වෙනකම් ආවේ නැ...⁣මන් අඩන්නේ නෑ ඔප්පා...ඔයා සතුටින් ඉන්නවා නේද...මට දුන්න පොරොන්දුව ඉශ්ට කරනවා නේද...තවත් නම් මට බෑ ⁣ඔප්පා...මගේ ඇස් වලින් කඳුලු වැටෙනවා මට ඒවා පාලනය කරගන්න බෑ...😭 ඉක්මනට එන්නකෝ මට හරි පාලුයි..."

" මින්...."

" ඔ..ප්..පා..🥺 මන් මේ දකින්නේ හීනයක් නෙවෙයි නේද...ආ කියන්න මට ඔයා ඔතන ඇත්තටම ඉන්නවා නේද..."

" මින්...මට සමාවෙන්න...මන් පරක්කු උනා...ඔයා දකින්නේ හීනයක් නෙවෙයි..ඒත්..."

" ඔප්...."

මින් එයාගේ හිතත් එක්කම කතා කර කර ඉන්නකොට ⁣මින් මෙච්චර දවස් අහන්න ආසාවෙන් හිටපු ඒ කටහඬ මින් හිටපු තැනට පිටිපස්සේන් ඇහෙද්දි මින්ට කියාගන්න බැරි සතුටක් දැනුනා.මුලින් ඒක හීනයක් කියලා හිතුවත් ටේ ආයේ ආයේ කතා කරන්න ගනිද්දි මින් විශ්වාස කරා එයා ඇත්තටම ආවා කියලා.මින්ට දුවලා ගිහින් ටේව බදාගන්න ඕනි උනත් මින්ට කලින් වෙන කෙල්ලෙක් එතන්ට ඇවිල්ලා ටේගේ අතේ එල්ලුනා.⁣.මින්ට ටික වෙලාවක් ගියාම හැමදේම තේරුන නිසා එයා එයාගේ කඳුලු පාලනය කරගෙන කඳුලු අතරින්ම මූණට හිනාවක් ගත්තේ ටේ වගේම ඒ කෙල්ල ඉස්සරහා ඇඬුවොත් වෙන ප්‍රශ්නයක් ඇති වෙයි කියලා බය හිතුන නිසා.

🌹 ඔප්පා...කවුද මේ 🙄 ඔයාගේ යාලුවෙක්ද

🐯 හ්ම්...මෙයා මගේ හොඳම යාලුවෙක් 🙂

🌹 හායි...මම සේහු 😊 මම තමා ටේ ඔප්පාව මැරි කරන්න ඉන්නේ...හමුවීම සතුටක්..

🌼 හායි..🙂 මම මින් සූ..ටේ ඔප්පාගේ යාලුවෙක්..මටත් හමුවීම සතුටක්...

🐯 සේහු ඔයා යන්න මන් මෙයා එක්ක කතා කරලා එන්නම්...

🌹 හරී..ඉක්මනට එන්න..බායි මින් සූ..😁

🐯 මින්..මන් කියන දේ පොඩ්ඩක් අහන්න..🥺

🌼 අනී ටේ ඔප්පා..මට තේරුම් ගන්න පුළුවන්..ඔයා මුකුත් පැහැදිලි කරන්න ඕනි නෑ...මන් තරහා නෑ මට සතුටුයි ඔප්පා මට දීපු පොරොන්දුව ඉශ්ට කරපු එකට..🙂 අනික මන් කිව්වේ ආයේ එන්න කියලා විතරයි නේ වෙන කෙනෙක්  එක්ක  එන්න එපා කිව්වේ නෑනේ..එයා ගොඩාක් ලස්සනයි...😊 ඔප්පා සතුටින් කියන්නේ මාත් සතුටින්..මන් ගිහින් එන්නම්...

🐯 සමාවෙන්න...මින්...😔

මින් අමාරුවෙන් හරි මූණට බොරු හිනාවක් අරගෙන ටේ එක්ක කතා කරලා එතනින් ආවේ තව විනාඩියක් හරි එතන හිටියොත් එයාටවත් එයාගේ කඳුලු පාලනය කරගන්න බැරි වෙනවා කියලා හොඳටම තේරුන නිසා. අවුරුදු 4 ක් තමන්ගේ ආදරේ වෙනුවෙන් මඟබලන් ඉදලා ඒ ආදරේ තමන් ඉස්සරහාට වෙන කෙනෙක් එක්ක ආවාම හිතට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද ඒ හැඟීමම මින්ටත් ඕනාවට වඩා දැනුනා.මින් කියාගන්න බැරි හැගීම් ගොන්නක් හිතේ හිරකරගෙන එතනින් යන්න ගියා.

මින් දන්නේ නැ ටේ ගිය අවුරුදු 4 ට කොච්චරනම් මින් ගැන හිතලා දුක් උනාද කියලා..ටේ ට ඕනි උනත් මින්ව බදාගෙන මට සමාවෙන්න කියලා අඬන්න මින් ටේට කතා කරන්නවත් ඉඩක් නොතියම එතනින් ගියා.මින් දන්නේ නෑ ටේ ගිය අවුරුදු 4 ට මින් ගැන හිතලා කොරියාවට එන්න හැදුවත්  ටේව කෙනෙක් නැවැත්තුවා කියලා.මින් දන්නේ නෑ ටේ එයා නැතුව වෙන කෙනෙක් මැරි කරන්න හේතුව. මින් ටේට කතා කරන්න අවස්ථාවක් දුන්නා නම් සමහරවිට මේ දේවල් ටේ මින්ට කියන්න තිබුනා.මින් දන්නේ නෑ ටේ වෙන කෙනෙක් මැරි කරන්නේ මින්ව කෙනෙක්ගෙන් බේර ගන්න ඕනි නිසා කියලා. හැම සතුටක් අවසානයේ දුකක් රැදෙනවා වගේම මින්ගෙයි ටේගෙයි ආදර කතාවටත් දුකකින් තිත තියන්න වෙයිද.

ටේ නැති අවුරුදු 4 ට මින් කොච්චර නම් ටේ වෙනුවෙන් අඬන්න ඇතිද.ඒත් ඒ කිසි දෙයක් ටේ දන්නේ නෑ.ටේ ආයේ ආවාම ටේගෙන් අහන්න මින් කොච්චර නම් ප්‍රශ්න හිතේ තියාන් හිටියද කියලා ටේ දන්නෙ නැතුවැති. ඇයි එන්න මෙච්චර පරක්කු වුනේ , වැඩ වැඩි උනාද , කෝල් එකක්වත් දුන්නේ නැත්තේ ඇයි , මන් කොච්චර නම් දුක් උනාද දන්නවාද මේ වගේ ගොඩාක් ප්‍රශ්න මින්ගේ හිතේ ඇඳිලා තිබුනා.ඒත් අද ⁣ඒ දේවල් අහන්න එයාගෙයි ටේගෙයි අතර ඇති සම්බන්ධේ මොකද්ද..

දෛවය විසින්ම මේ දෙන්නාව එකතු කරලා දෛවය විසින්ම මේ දෙන්නාව වෙන් කරන්න තරම් දෛවය මෙච්චර කුරිරු උනේ කොහොමද. හැමදේම තීරණය වෙන්නේ කාලයට අනූව.ඉරනම වෙනස් කරන්න ටේට වගේම මින්ටත් බෑ.වෙන දේවල් බලන් ඉන්නවා ඇරෙන්න දෙන්නාගෙන් එක්කෙනෙක්ටවත් දෛවයට විරුද්ධ වෙන්න බෑ. මින්ගෙයි ටේගෙයි ආදර කතාව ඉස්සරහාට මොන වගේ එකක් වෙයිද..එයාලාගේ ආදර කතාව ආයේ තිබ්බ විදියටම පටන් ගනීද නැත්තම් මෙතනින් අවසන් වෙයිද..

**************************

මින් ටේත් එක්ක කතා කරලා පාර දිගේ ඇවිදගෙන ගියේ යන්න තැනක්වත් හිතාගන්න බැරුව..ටික දුරක් යද්දි හම්බුන බෙන්ච් එකකින් වාඩිවුනු මින් එයාගේ හිතේ ටේ ගැන තියෙන හැමදෙයක්ම අදින් අවසන් කරගන්නවා කියලා හිතාගෙන පුළුවන් තරම් ඇඬුවා..වැස්ස කියලාවත් ගානක් නැතුව මින් බෙන්ච් එකේ ඉඳගෙනම කකුල් දෙක අස්සට මූණත් ඔබාගෙන කෑ ගහලා ඇඬුවා..

ටේ මින් එක්ක කතා කරලා කෙලින්ම ගියේ ජිමින්ලාව බලන්න..ජිමින්ට කෝල් එකක් අරන් කොහෙද ඉන්නේ කියලා ඇහුවාම මින්ගේ ගෙදර කිව්ව නිසා ටේ හිතුවා මින් දැන් ගෙදර ගිහින් ඇති කියලා..හොඳටම රෑ වෙලාත් නිසා මින් කීයටවත් මෙච්චර වෙලා එලියේ ඉන්නේ නෑ කියලා ටේ දන්න නිසාත් ගෙදරට ගිහින් හරි කතා කරනවා කියලා හිතාගෙන මින්ගේ ගෙදර ගියා.සේහුත් මින් එක්කම ආවේ එයාගේ යාලුවො අඳුරගන්න කියලා හිතාගෙන.

At min home

🐰 ටේ එනවා කිව්වා නේද ජිමින්

🐥 ඔව් කුකී ඒත් තාම නෑනේ..

🐰 මින් ටේ ආවා කියලා දැනගත්තාම සතුටට උඩ පනින විදිය මට මැවිලා පේනවා..

🐱 ඒකනම් මටත් හිතුනා..අදත් අපිට හොඳ ෆිල්ම් එකක් බලන්න පුළුවන් වෙයි නේද ජිමින් 😂

🌸 යා.. කට්ටියම එකතු වෙලා මගේ නංගිව බයිට් එකට ගන්නද කතාව..

🐰 හරි හරි අපි එහෙම කරන්නේ නෑ..මේ පූස් තඩියා තමා ෂුවර් නැත්තේ 😂

🐱 අනේ මේ හාවෝ උබ කටවහන් ඉදපන්කෝ

🐥 මේ ඒක නෙවෙයි මින් මෙච්චර පරක්කු වෙන්නේ නෑනේ නේද යොන්..

🌸 ඒක තමා ජිමින් කෝල් ගත්තාත් ආන්සර් කරන්නේ නෑ...වැස්සත් එක්ක මට ටිකක් බයයිත් වගේ..🙂

🐰 ඔයා බයවෙන්න එපා යොන් ඕනි නම් මන් ගිහින් බලලා එන්නම් වැඩ කරන තැනට..

🌸 කමක් නෑ කුකී අපි තව ටික වෙලාවක් බලමුකෝ 😊

🐯 හායි ගායිස් ඔන්න මම ආවා...😁

🐥 අම්මෝ මගේ කොටි පැටියා අවුරුදු කීයකට පස්සෙද උබව දකින්නේ..මෙහෙ වරෙන්කෝ පොඩ්ඩක් බදාගන්න..

🐯 අපෝ..අයින් වෙනවා ජිමින් තමුන් එක්කනම් පුදුම වදයක් තියෙන්නේ..

🐱 මේ ඒක නෙවෙයි ටේ කවුද අර සූටි නංගියා..🌝

🐥 කෝ කවුද...ආව් සප්පා කවුද බොලේ මේ...ටේ මේ උබේ යාලුවෙක්ද මට සෙට් කරලා දියන්කෝ

ටේ ජිමින්ලා එක්ක කතා කරන කොට සේහු දුවගෙන ඇවිල්ලා ටේගේ අතේ එල්ලුනේ හරියට ටේව කවුරුහරි අරගෙන යයි වගේ.ඒක දැක්කාම ජිමින්ගේම  වගේ අනිත් අයගෙත් ඇස් උඩ ගියා සේහු දැක්කා..

🌹 හායි...මම සේහු 😊 මම තමා ටේ ඔප්පාව මැරි කරන්න ඉන්නේ..

🐥🐱🐰🌸 මැරි කරන්න 😳

🌹 ඔව්..ඇයි ඔයාලා ඔහොම බලන්නේ 🙄

ඒක ඇහුනා විතරයි ටේගෙ කරට අතක් දාන් හිටිය ජිමින් ටේගෙ කරෙන් තරහෙන් වගේ අත අරගෙන ගිහින් ජේකේ ගාවින් ඉඳගත්තා..ටේට තේරුනා ජිමින් ආයේ එයාගේ තරහා නිවෙනකම් එයා එක්ක කතා කරන්නේ නෑ කියලා..ඒක නිසාම ටේ ජිමින්ට කතා කරා..

🐯 ජිමින්...මට උබත් එක්ක ටිකක් කතා කරන්න ඕනි.

🐥 කතා කරන්න 😏 තවත් මොනාද උබට මමත් එක්ක කතා කරන්න තියෙන්නෙ ටේ 😏

🐯 ජිමින් මේ අහපන් මෙතන උබ හිතනවා වගේ කිසිම දෙයක් නෑ ප්ලීස් ඔහොම තරහා වෙලා ඉන්න එපා..😕

🌹 ඔප්පා..ඇයි මෙයාලා ඔයා එක්ක තරහින් වගේ ඉන්නේ..

🐯 එහෙම නෑ සේහු ⁣මන් ආවේ ගොඩ කාලෙකින්නේ ඒකයි මේ..

⁣ටේ නිකන් අර කෙල්ලව හුරතල් කරලා වගේ කතා කරද්දි ජිමින්ට හිතුනෙම ටේගේ බෙල්ලෙන් අල්ලලා එලියට දාන්න..ඒත් එයා එයාව පාලනය කරගෙන හිටියේ මෙතන බොරුවට ප්‍රශ්න ඇති කරගන්න ඕනි නැති නිසා..

🐥 ටේ ගාර්ඩ්න් එකට එනවා මට තමුන් එක්ක කතා කරන්න ඕනි 😏

🐯 මන් ගිහින් ඉක්මනට එන්නම් සේහු ඔයා ඉඳගෙන ඉන්නකෝ...

___________

🐥 මොනාද තවත් තමුන්ට මන් එක්ක කතා කරන්න තියෙන්නේ ටේ..

🐯 ජිමින් මන් කියන දේ අහපන්...අනේ ජිමින් මන් දන්නවා උබ මන් එක්ක තරහින් ඉන්නේ මින් සූ හින්දා කියලා..

🐥 මින් සූ 😏 මේ අහනවා ටේ තමුන් නිසා ඒ කෙල්ල කොච්චර නම් දුක් වින්දාද උබ දන්නවාද..ආ කියපන් මට මන් ඒකිට කොච්චර කිව්වාත් ඒකි ඇහුවේ නෑ උබ වෙන කෙල්ලෙක් එක්ක සතුටින් ඇති කියලා..ඒකි උබ ගිය දවසේ ඉදන් උබට කොච්චර නම් කෝල් ගත්තාද මැසේජ් කරාද උබ ඒ එකකටවත් රිප්ලයි කරේ නෑ..සතුටින් ඉන්නවා වගේ පිටට පෙන්නලා ඒ කෙල්ල හිතින් දුක් වින්ඳා..මන් මේ ටික කාලේට ඒකිත් එක්ක හොඳටම ෆිට් උන නිසා ඒකි මට හැමදේම කියනවා..හැමදාම මන් ගාව ඉන්නකොට ඒ ඇස් වලින් කඳුලු එනවා..ඒ උබ හින්දා ටේ..අඩලා අඬලා ඒකිට දැන් අඬන්න කඳුලුත් නෑ..උබ කොහොමද ටේ මේ වගේ බලු වැඩක් ඒ අහිංසකීට කරේ..උබ මගේ යාලුවා කියන්නත් මට ලැජ්ජායි ටේ..ලැජ්ජායි උබ ගැන...උබ දන්නවාද මේක ඒ කෙල්ල දැනගත්තොත් මොනා වෙයිද කියලා..ඒකි පපුව පැලිලා මැරෙයි යකෝ...කවුරුත් දන්නේ නැති අඩුම තරමේ උබවත් දන්නෙ නැති දෙයක් මින් මට විතරක් කිව්වා..දන්නවාද ඒ කෙල්ල එහෙම තත්ත්වෙක ඉද්දී උබ මෙහෙම දෙයක් කරේ..ඒක උබට පන වගේ ආදරේ කරා..මේකත් අහගන්නවා ටේ උබ නිසා ඒ කෙල්ලට හීරිමක් හරි උනොත්  ජිමින් කියන උබේ හොඳම යාලුවා උබේ ලොකුම හතුරා වෙන්නත් වැඩි වෙලාවක් යන්නෙ නැති වෙයි...🤨

🐯 මේ අහන්න ජිමින්...මන් දන්නේ නෑ උබයි  මින්ගෙයි අතරේ මොනාද තියෙන්නේ කියලා..ඒත් මට කියපන් උබයි මිනුයි විතරක් දන්න ඒ රහස මොකද්ද 🙄

🐥 බල්ලෝ...උබ හිතුවෙ මන් මින්ට කැමති කියලාද..උබ තරම් ඒකිවත් මන්වත් පහත් නෑ යකෝ...ඒකි මගේ නංගි..🤨

🐯 ජිමින් මගේ කොලර් එකෙන් අතෑරපන්..මෙතන මගේ කිසිම වැරැද්දක්නෑ තේරුම් ගනින්කෝ..😔

🐥 😏😏 උබලා එක්ක කතා කරලා වැඩක් නෑ

🐰 ආ ජිමින් උබ ආවාද කෝ ටේ

🐥 මගෙන් ඕකා ගැන අහන්න එපා කුකී මන් කැමති නෑ නිකරුණේ උබත් එක්ක රන්ඩු වෙන්න...උබට ඕනිම නම් ගිහින් හුරතල් කරපන්...

🐱 මොකද යකෝ මේ..උබලා දෙන්නා ජාඩියයි මූඩියයි වගේ නේද..රන්ඩු උනාද තොපි දෙන්නා..🤨

🐰 හරි හරි අපි ඒ ගැන කතා නොකර ඉමු..අර එන්නේ ටේ...මොකද ජීයොන් ඔයා බය වෙලා..

🌸 අනේ කුකී...තාම මින් ආවේ නෑනේ මට දැන් නම් බයයි ටිකක්...

🐰 ඔයා බය වෙන්න එපා මන් ගිහින් බලලා එන්නම්..

🐯 මොකක් තාම මින් ගෙදර ආවේ නැද්ද 😳

🐰 ඇයි ටේ ඔයාට මින්ව හම්බුනාද 🙄

🐯 ආ..නෑ නෑ කුකී

🐥 😏😏

Ding dong ( බෙල් එක හරිද )

🌸 කවුරුහරි ආවා මන් හිතන්නේ මින් වෙන්නැති...

🌸 ජැක්සන්...ඔයා මොකද මේ වෙලාවේ..🙄

J - මින් සූ කොහද යොන්

🌸 ඇයි ජැකී..එයා වැඩට ගිහින් තාම ආවේ නෑනේ..අනේ මින්...🥺 මැණික මොකෝ මේ හොඳටම තෙමිලා..ආ අනේ කියන්⁣නකෝ මොකද උනේ..

🌼 මට මුකුත් උනේ නෑ අක්කේ..මන් හොඳින් එද්දි ටිකක් තෙමුනා..

J - තවත් ඇයි බොරු කියන්නේ මින් මගේ යකා අවුස්සන්නේ නැතුව අක්කාට ඇත්ත කියනවා..🤨

🌸 මොකද්ද උනේ ජැකී ඇයි මේ...


*හායි පෙන්ස්..😁 තව දෙකයි ඉතින්..වොට් කරන්න අමතක කරන්න එපා..🤗*

















Continue Reading

You'll Also Like

156K 4.8K 35
Janae Taylor just arrived at Miami, Florida with her best friends for their 2 and a half month summer vacation. She needed the vacation for some rela...
88.1K 945 11
on a earth that has furrys and human together,you would expect they be at each other's throat. But they are not, well for now. But this isn't about t...
186K 313 25
Compilation of the Best Stories on Literotica
41.9K 798 44
Short scenarios for your favorite characters! (Well the male characters at least) The characters included are Alastor, Angel Dust, Sir Pentious, Husk...