හැමෝටම වගේ යාළුවො ඉන්නවා. නැති අයත් ඉන්නවා. යාළුකම අතර ආදරේ හොයන අයත් ඉන්නවා. යාළුකමට කවුරු කොහොම කිවුවත් තමන් ගැනු ළමයෙක්ද පිරිමි ළමයෙක්ද කියන එක වැදගත් වෙන්නේ නෑ. යාළුකම කියන්නේ යාළුකමට. ඒක කුස ඉපදුනේ නැති උනත් එයාලට පුළුවන් අපේ සහෝදරයෙක් වෙන්න. මටත් ඉන්නවා එහෙම යාළුවො දෙන්නෙක්. ඉතින් මාත් ඔය කියන තරම් වාසනාවන්ත ද දැන ගන්න ආසද?
එහෙනම් කියවලා බලන්න ඒක මගේ වාසනාවද අවසනවද කියලා තීරණය කරන්න වෙන්නේ ඔයාලටම තමා.
.................................................................................
Miso's pov
අදත් වෙනදා වගේම දවසක්. ඒත් ඒක එහෙම වෙන්නේ නැති වෙයි. මොකද මට ඉන්නවා මගේ දවසම මාව සතුටින් තියන්න පුළුවන් නසරාණි යාළුවො දෙන්නෙක්.
මින් යුන්ගී
ජන්ග් හොසොක්
එයාලා තමා මගේ හොදම යාලුවෝ දෙන්නා. යාළුවො කියන්නත් බෑ කොටින්ම කිව්වොත් ඒක කුස ඉපදුනේ නැති උනාට මගේම සහෝදරයෝ දෙන්නක්. අපි හැමදේම කළේ එකට කෑවේ බිව්වේ, ගමන් ගියේ, සෙල්ලම් කළේ, හැමදේම එකට කළේ. මන් කෙල්ලෙක් කියන එක එයාලට ප්‍රශ්නයක් උනේ නෑ. ඒත් ගොඩක් මිනිස්සුන්ට එක ප්‍රශ්නයක් උනා. ඒත් අපිට හොඳ නම් එයාලට මොකද කියන එක තමා යුන්ගි නම් කිවුවේ. හොබිත් ඒකට එකඟ උනා නිසා මාත් එයාගේ ඒ කීමට එකග උනා.
එයාලා මගේ හොදම යාලුවෝ උනත් අපේ නෙවෙයි ඇත්තටම එයාලා දෙන්නගේ අදහස් වගේම හැසිරීම පරස්පර විරෝධී කියලා මට හිතුන අවස්තා ගොඩායි. මොකද යුන්ගි කියන්නේ ප්ලේ බොයි ටයිප් කෙනෙක් ඒත් හොබි එහෙම නෑ. යුන් කියන්නේ ගොඩක් මුරණ්ඩු කෙනෙක් උනත් හොබී එහෙම නෑ කියලා. යූන්ගී දවසින් දවස කෙල්ලෝ මාරු කරනවා කියල ඕනෙම කෙල්ලෙක් දෑනන් හිටියත් එයත් එක්ක දවසකටහරි යාලු වෙන්න ගොඩක් කෙල්ලෝ බලන් හිටියා. මන් හිතන විදිහට එයත් එක්ක යාලු නොවුනේ මන් විතරද කොහෙද. ඒවගේ හිටිය එයත් එක්ක හිටපු මායි හෝබි නම් එහෙම නෑ. අපි දෙන්නා කවදාවත් කාත් එක්කවත් යාලු වෙලා හිටියේ නෑ. අපි නිදහසේ හිටියා. ඒත් අපේ අදහස් නොගැලපෙන එක කවදාවත් අපේ යාළුකම නැති කරන්න තරම් ලොකු හේතුවක් උනේ නෑ.
මොන තරම් බාධක අවත් ඒව ජයගන්න තරම් අපේ යළුවකමට එහායින් ගිය ආදරයෙන් මෙහයින් නැවතුන බැඳීමට පුළුවන් උනා.
අදත් සුපුරුදු විදිහටම කොලේජ් ගිහින් හෝ අල්ලන් හිටපු තැන ලගින් ඉඳගත්ත සතුටින් එහා පැත්තේ වෙනදා වගේම හොර පුසා නිදීයන් ඉන්නවා. වෙනදා වගේම සෙන් ඇවිල්ලා උගන්නලා ගියා. ඒත් එක්කම අපි කැන්ටින් එකට ගියේ කන්න ඕනේ නිසා. ඊට පස්සේ වෙනදා වගේම කම්මැලිකමේ පාඩම් ටික අහන් ඉදලා ගෙදර යන්න එළියට ඇවිදගෙන ගියේ අද හරිම මූසල දවසක් කියලා නොදැනයි.
මන් කලින් දැනන් හිටියා නම් මන් එයා වෙනුවට ඒ ගමන් මන් යන්න තිබ්බා. මන් කවදාවත් එයාට යන්න දෙන්නේ නෑ. මොකද එයා මගේ යාළුවා. නෑ සහෝදරයා.
" මිසෝ මට බුක් ශෝප් එකට යන්න ඕනේ "
"මාත් එන්නද හොබී "
" නෑ කමක් නෑ මට තනියෙන් යන්න පුළුවන් "
" පරිස්සමින් එහෙනම් "
" හා ඔයත් පරිස්සමින් "
හෝබී ගිය නිසා මාත් හැරුණේ ගෙදර යන්න ඉතින් මෙච්චර වෙලා කටපියන් හිටපු යුංගි මායි තිබ්බ නිහඩ බව නැති කරන්නේ නැතුවම දිගටම ඇවිදගෙන ගියා. එයාගේ ගෙදර පහු උනත් එයා නැවතුනේ නෑ. මන් ඇහුව කියලා මට එයා උත්තරයක් දෙන්නේ නැති නිසා මන් ඉතින් මගේ ගෙදර යන්න කියලා පාරේ දිගටම ඇවිදගෙන ගියා. කවුරුත් මාත් එක්ක කතා කරන්නේ නැති උනාම මන් කරන්නේ මගේ හිතත් එක්කම කතා කරන එක. ඒක දිගටම කරගෙන යන්න වැඩිය සුදුසු නැති වැඩක් උනත් මට ඒක එක්තරා විදිහක් සැනසීමක් වුණා.
යුන්ගී දිගටම මගේ පස්සෙන් ඇවිල්ලා ගෙදර ලගින් නැවතුනා. මන් දන්නවා එයා එහෙම එයාගේ ගෙදරත් පහු කරන් ආවේ මාව පරිස්සමට ගෙදරින් දාන්න. එයා ගොඩක් වෙලාවට ආදරේ නොපෙන්ව ආදරේ කරන සහෝදරයෙක්. එයා කැමති නෑ එයා අපි ගැන හොයල බලනවා කියලා අපිට දන්වන්න ඒත් එයා අපි හැමෝගෙන්ම එයා වෙනුවෙන් පොඩි හරි ආදරයක් බලාපොරොත්තු වෙනවා. ඒක එයා කවදාවත් නොකියුවත් එක මට තේරෙනවා. මොකද මන් කොච්චර ජොලියේ ඉන්න කෙනෙක් උනත් හැමෝම ගැන මන් හොදින් හොයලා බලනවා එයාලාව තේරුම් ගන්න උත්සාහ කරනවා.
තේරුම් ගන්න උත්සාහ කරත් සමහර වෙලාවට තේරුම් ගන්න අමාරු අයත් ඉන්නවා ඒ අතරින් කෙනෙක් තම යුන්ගී කියන්නෙත්. එයාව තේරුම් ගන්නත් කවදාවත් එයා එයාගේ දේවල් පිටට පෙන්නුවේ නෑ කොටින්ම කිව්වොත් මෙච්චර ලොකු සහෝදර බැඳීමකින් ඉන්න අපිටවත් එයා කිවුවේ නෑ.
හැබැයි මන් එහෙම නෑ මන් කාට මගේ දේවල් නොකියා හිටියත් මන් මේ දෙන්නට අනිවාරෙන්ම කියනවා. ඇත්තටම කිව්වොත් කියනවා නෙවෙයි කියන්න වෙනවා මොකද මෙයාලා දෙන්න මාව තේරුම් ගන්නවා.
මන් ගේ ඇතුලට ගිහින් යුන්ගියාට අත වැනුවා එයත් එයාගේ ලස්සන හිනාව දැම්මා. එයා යන්න හැරුනට පස්සේ මාත් ගෙදර දොර වහලා මගේ රුම් එකට ගිහිල්ලා වොෂ් එකක් දාගෙන පොඩි නින්දක් දාන්න යනකොට හොඳටම කළු කරලා වහින්න පටන් ගත්තා.ඒ ඇයි කියන මන් දැනන් හිටියේ නෑ කොහොමත් මේ දවස් වල වහිනවනේ කියලා මගේ හිත කිවුවත් කවදාවත් නැති අමුතු මූසල පාළු හැඟීමකින් මගේ හිත පිරිලා ගියා.
ඒ කිසිම දෙයක් ගණන් ගන්නේ නැතුව මන් නිදියගත්තා ඇහැරුනේ ඔම්මා ඇවිල්ලා කන්න කතා කරාම. හොඳ බෑනුමකුත් ඔම්මගෙන් අහගත්තේ මන් කම්මැලිකමට ඉන්නවා කියලා.
කාලා ඉවර වෙලා ආයෙත් මගේ රුම් ඒකට යන්න යද්දී කවුරුහරි බෙල් එක ගහනවා ඇහුනා. ඒ නිසා මන් ගිහිල්ලා දොර අරිද්දී හිටියේ කවදාවත් හෙතන ඒ වෙලාවේ ඒ විදිහට ඉදී කියලා හිතපු කෙනෙක් නෙවෙයි.
..................................................................................
ඔන්න දුන්නා තව එකක් මේක ගොඩක් නෑ ඒත් චැප්ටර්ස් තුනක් විතර තියෙයි. ඊට වඩා ලියන්න කම්මැලි අනේ. මට මගේ නින්ද ගොඩක් වැදගත්. ඔක්කොම අදම දෙන්නේ නෑ . පොඩ්ඩක් ඉවසන්න 😁😁😁