වලා සියපත් ( නිමාවී ඇත.)

By Zuibian

4.9K 867 121

වලා අසපුවෙහි නිහඬ බව බිඳිමින් ඇසුණේ මහ හඬින් කළ කෑ ගැසීමකි. "ලන් ඡාන්................." "... More

ආරාධනය
සියපත් බීජ
සියපත් මණ්ඩපය
මාමණ්ඩි
අමුත්තෝ
තිළිණ
ඒ තමා.......
අවසානය
Not An UPDATE

"ලන් චන්.........!"

1.1K 115 16
By Zuibian

ගූසු වනයේ කඳු අතරින් තම කිරණ විහිදුවමින් පායා ආ හිරු නැවුම් දිනයක සලකුණු කියා පෑවේ ය. වලා අසපුවෙහි වූ පියොනි* ගසෙහි මල් පිබිදී අවට වාතය පිවිතුරු මල් සුවඳින් පුරවාලූවේ හුස්ම ගන්නා සියලු දෙනාගේ සිත් සතුටින් ප්‍රමුදිත කරවමිනි. සෙමින් ගමනින් වලා අසපුව තුළ එහා මෙහා ඇවිද යන ශ්වේත පැහැ වස්ත්‍රධාරීන් දැකගත හැකි විය. උදාසන පිරිසිදු වීම් අවසානයෙහි සියලු දෙනා තම තම කාර්යයන්වල නිරතවීම අරඹා තිබූ අතර තරුණ ලන්වරුන් පිරිසක් උඩවැඩියා කුටිය* තුළ පැවති තම උදා දේශනය සඳහා සහභාගී වී සිටියහ. එහි දේශකයා වූයේ ගූසුලන් නිකායෙහි ප්‍රධානී ලන් ශිචෙන් ය.

ලන් ශිචෙන් තම දේශනය අරඹා මද වේලාවක් ගත වූ කල වලා අසපුවෙහි නිහඬ බව බිඳිමින් ඇසුණේ මහ හඬින් කළ කෑ ගැසීමකි.

"ලන් චන්.................!"

ඒ හඬ අසා තැතිගත් තරුණ ලන්වරුන් පිරිස තම නිකාය ප්‍රධානී ලන් ශිචෙන් දෙස බැලුවේ භීතියට පත් හැඟීම් ප්‍රකාශනයන් මුවෙහි දරා ගනිමිනි. නමුත් ඔවුන්ට ලන් ශිචෙන්ගේ මුහුණෙන් දැක ගත හැකි වූයේ අසීරුවෙන් යටපත් කරගත් සිනහවකි.

"සේවූජුන්, ජ්‍යෙෂ්ඨ වෙයිට මොකක් හරි කරදරයක් ද දන්නේ නැහැ." තම හඬ අවදි කළ ලන් ශිෂුයි කියා සිටියේ ය. ඔහු උඩවැඩියා ශාලාවේ ඉදිරිපස අසුනක හිඳගෙන සිටි අතර පසෙකින් වූයේ ඔහුගේ සගයා වූ ලන් ජින්ග්යි ය. ශිෂුයිගේ පැනය අනුමත කරමින් අනෙක් සිසුන් ද තම හිස් වනමින් තම ප්‍රධානියා දෙස නෙත් දල්වා ගෙන බලා සිටියහ. තම මුව තුළ දඟ කළ සිනහව පලවා හැරි ලන් ශිචෙන් "ඔහුට කරදරයක් නැතිව ඇති. එහෙම වුණොත් හන්ගුවාන්-ජුන් ඉන්නවා ඔහුගේ උදව්වට." යි පැවසුවේ ය.

ඒ පිළිතුර ජින්ග්යිගේ මුවට දඟකාර සිනහවක් ගෙන ආ අතර ශිෂුයිගේ සවන දෙසට නැවුණු ඔහු යමක් පැවසුවේ ය. එය ඇසූ ශිෂුයිගේ මුහුණ රතු වූ අතරම ඔහු තම මිතුරා දෙස නොරුස්නා බැල්මක් හෙළීමට උත්සාහ කළේ ය. නමුත් ලන් ශිචෙන්ගේ පිළිතුරෙන් අන් සිසුන් සෑහීමකට පත්ව සිටි බැවින් ඔහුට තම දේශනය බාධාවකින් තොරව සිදු කරගෙන යාමට හැකි විය.

දේශනය අවසානයේ ලන් ශිචෙන් පිටව ගිය පසු ශිෂුයි හා ජින්ග්යි දෙදෙනා ගූසු වනය දෙස සිටි සාවුන් සුරතල් කිරීමට පිටත්ව ගියහ. ඔවුන් ඒ දෙසම තණ කමින් සිටි 'පුංචි ඇපලේ' ද දුටුවහ.

පුංචි ඇපලේ* යනු හන්ගුවාන්-ජුන් විසින් වලා අසපුවට කැඳවා ගෙන ආ අයෙකු බව දැන සිටි ඔවුන් ඔහු සමග වැඩි ඇයි හොඳැයියකට ගියේ නැත. ගූසු වනය තුළ අතරමංව සිට ඔහු දුටු හන්ගුවාන්-ජුන් ඔහුට තම අතවූ ඇපල් ගෙඩියක් ලබා දී තිබූ අතර පසුව ඔහු හන්ගුවාන්-ජුන් පසුපස ම වලා අසපුව දෙසට පැමිණි තිබුණි. ඔහු ව වලා අසපුවෙන් පිටමං කිරීමට උත්සාහ කළ ද එය අසාර්ථක වූ විට ඔහු වලා අසපුවෙහිම රැඳෙන්නට විය. ඔහු පිළිබඳ වතගොත සොයාගැනීමට ද නොහැකි වූ‌යේ ඔහු කතා කළ බස කිසිවකුට වටහා ගත නොහැකි වූ හෙයිනි.

මන්දයත් ඔහු "බූරු නාම්බෙක්" විය.

සාවුන් උකුල මත රඳවා ගනිමින් උන්ව සුරතල් කරමින් සිටි ලන්වරුන් දෙදෙනාට වනය දෙසින් පියවර හඬවල් කිහිපයක් ඇසුණි. මොහොතකින් ගස් අතරින් මතු වූයේ වන්ග්ෂියෑන් යුවල ය. චෙන්චිනය තම ඉණෙහි ගසා ගත් වෙයි වූෂියෑන් අසීරුවෙන් මෙන් ඇවිදිමින් සිටි අතර ඔහුව උරහිසෙන් අල්වාගෙන තම සිරුර වෙත හේත්තු කරගනිමින් පැමිණි ලන් වන්ග්ජිගේ වමතෙහි බිචෙනය රැඳී තිබුණි. ඔවුන් දෙදෙනාගේ ඇඳුම් දුහුවිලි තැවරී තිබුණි. ඔවුන් දෙදෙනා තමන් ඉදිරියේ සිටි අය දුටුවේ නැත. වූෂියෑන් යමක් වන්ග්ජිට පවසමින් සිටියේ ය. හමා ආ සුළ‌ෙඟ් අතරින් පතර මුසු වූ එම වදන් ශිෂුයිගේ සහ ජින්ග්යිගේ සවන් මත පතිත විණි.

"ලන් චන්, මං කියුවා ඔයාට.......... ඊයේ රෑ....... නින්දක් නැහැ......"

එතකුදු ලන් වන්ග්ජිගේ මුහුණ වෙනස් නොවී තිබූ අතර කතාව නවත්වා එක්වරම හිස ඔසවා ඉදිරිය බැලූ වූෂියෑන් එතැන සිටි දෙදෙනා දැක දීප්තිමත් සිනහවක් පෑවේ ශිෂුයිගේ හා ජින්ග්යිගේ නෙත් අන්ධ වන අන්දමට ය. වූෂියෑන්ගේ දෙඩවීම නතර වූවේ ඇයි දැයි බැලීමට තම හිස ඔසවා ඉදිරිය බැලූ වන්ග්ජි තරුණයන් දෙදෙනා දුටු අතර නැවත තම දෑස් වූෂියෑන් දෙසට යොමු කළේ ය. ඔහුගේ මුහුණෙහි වූ සිනහව දුටු වන්ග්ජි සිහින්ව සිනහසුණු නුමුත් එම සිනහව තමා වෙත යොමු වූවක් නොවූ බව වහා අවබෝධ කරගත් පසු ඔහුගේ මුහුණ අඳුරු වලාවකින් වැසී ගියේ ය.

ඔවුන් දෙදෙනා සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇවිද ආ අතර තරුණයෝ දෙදෙනා ඔවුන්ට ආචාර කළහ. වූෂියෑන් දෙසට හැරුණු ලන් ශිෂුයි "ජ්‍යෙෂ්ඨ වෙයි, ඔබට මොකක් හරි කරදරයක් වුණා ද? අපට කැලෑව පැත්තෙන් කෑගැසීමක් ඇසුණා." යි පැවසුවේ ය. එම පැනය හමුවේ අසරණ වූ වූෂියෑන් ලන් වන්ග්ජි වෙතින් මදක් ඉවත්ව සිට ගත්තේ ය. කිසිවිට හැඟීම් ප්‍රකාශ නොවූ හන්ගුවාන්-ජුන්ගේ මුහුණ එලෙසම පැවතියත් ඔහුගේ දෙසවන් පෙති රතු වනු ඔවුහු නිරීක්ෂණය කළහ.

"ආහ්.. ඒ මේ මගේ කකුල පෙරළුණා. ඒකයි මං කෑගැහුවේ. අපි ඒ දෙන්නා ඒ පැත්තට ගිහින් හිටපු හාවෙක්ව ආයෙත් අරන් එන්න ගියා. එතකොට මාව බිම තිබුණු අත්තක පැටලිලා වැටෙන්න ගිය නිසා ඒක වුනේ." වෙයි වූෂියෑන් නිදහසට කරුණු ඉදිරිපත් කළේ ය.

මෙතෙක් වෙලා නිහඬව සිටි ජින්ග්යි "ජ්‍යෙෂ්ඨ වෙයි, අතු කොහෙද බිම තියෙන්නේ? මං නම් දැකලා නැහැ ගූසු කැලේ අතු බිම තියෙන එක ගහක්වත්. මං දැකලා තියෙන ගස්වල අතු තියෙන්නේ නම් ගහේ කඳේ උඩ." යි කීවේ විරිත්තීමක් මුව රඳවාගෙන ය. තම මුවෙහි වූ ඛේටය සියල්ල සිඳී ගොස් ඇති බව වූෂියෑන්ට දැනුණු ද වළෙන් ගොඩ ඒමට හැකි තමාටම බව වටහා ගත් ඔහු "ඔව්. ඔව්. අත්තක නෙවේ. මුලක..මුලක.. මං පැටළුණේ. මගේ දිව පැටළුණා." යි පිළිතුරු දුන්නේ එතැනින් හනික ඉවත්ව යාමේ අපේක්ෂාවෙනි.

"ඔබ කිව්ව හාවාව සොයාගත්ත ද ඉතින්?" ශිෂුයිට ද ගැටලුවක් පැන නැගී තිබුණි. "අපි එයාව අරගෙන ආවා, මගක් දුරට. ඒත් එයා දඟලලා අතින් බිමට පැන්නා. දැන් මෙහාට ඇවිල්ලත් ඇති ඒ හාවා." වටපිට බලමින් වූෂියෑන් පැවසුවේ ය.

ඔවුන් සිව්දෙනා සිටි ස්ථානයට තරමක් ඔබ්බෙන් තණ කමින් සිටි සාවකු පෙන්වූ ජින්ග්යි "අරයා ද?" යි විමසුවේ වූෂියෑන් ව තවත් අපහසුතාවයට ලක් කරමිනි. එවිට වූෂියෑන් උපකාරයක් අපේක්ෂාවෙන් මෙන් ලන් වන්ග්ජි දෙසට අසරණ අයුරින් නෙත් යොමු කළේ ය.

එක්වරම තම නෙත් ඉදිරියට යොමු කළ ලන් වන්ග්ජි "අයියණ්ඩි!" යි පැවසුවේ වූෂියෑන් සැනසුම් සහගත සුසුමක් හෙළිමට ඉඩහසර ලබාදෙමිනි.




*උඩවැඩියා කුටිය - Orchid Room (වලා අසපුවෙහි දේශන ශාලාව)

**පියොනි - Peony (මල් වර්ගයක්)

***පුංචි ඇපලේ - Lil Apple

Continue Reading

You'll Also Like

1.1K 105 10
ආදරය වෙනුවෙන් ඔයාට නැති කරගන්න පුලුවන් ලොකුම දේ මොකක්ද?? ඔබ දුර්වල කෙනෙක් ද?? ශක්තිමත් කෙනෙක් ද??
6.7K 620 12
අස්ථාවර පද පෙළක් අන්තරාවක පටලලා නොලී ඒ පෙම් කවක් ලියන්නට සිදුවුනා! -අස්ථාවර.. Nonfic-01 ශ්‍රී ලංකා-02 Nonfiction-48
2.1K 78 29
A quadro of omegas, or precisely known as the 'Smarties' go to visit their friend, Rei at his work, and maybe annoy him At the same time, alpha CEO s...
1.1M 37.5K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...