The Love Under Hate

By _Sirens_Red_Rose_

402 54 28

එක කොල්ලෙක්ගෙ හිතේ දිනෙන් දින ඇවිලුණු වෛරයක්...කෙල්ලෙක්ගෙ හිතේ දිනෙන් දින දලුලපු ආදරයක්....ආදරයෙන් බැඳුණු හදව... More

Memories
Waiting for you

I'm here but where are you ? | PART 1 |

98 13 18
By _Sirens_Red_Rose_

Chanushi POV

අවුරුදු හතරකට කලින් .. ඔව්.. හරියටම මීට අවුරුදු හතරකට කලින් මං මේ දොරෙන් ඇතුලට ගියා මට මතකයි .. මගේ මුළු ජීවිතේම අතෑරලා දාලා මං මේ දොරින් ඇතුලු උනා. මගේ ජීවිතේ , මගේ ආදරේ , මගේ හැමදේම ඇතෑරලා මං ඇතුලු උනා .. මගේ ජීවිතේ ලස්සනම දේවල් අතෑරලා දාලා මං ඇතුලු උනා ... අවුරුදු හතරක් ඉක්මනින් ගෙවිලා ගියා.. ඒත් ඒ අවුරුදු හතරේ එක දවසක්වත් මම සතුටින් ජීවත් උනේ නෑ.. මොකද මං මගේ සතුට මෙතනින් අතෑරලයි එදා ගියේ. අද මං ආපහු ඒ දොරින් එලියට යනවා .. මගේ රටට මං ආයෙ ආවා .. ඒත් අවුරුදු හතරකට කලින් මගේ ජීවිතේට ලැබුන සතුට ආයෙ කවදාවත් ලැබෙයි කියලා මං හිතන් නෑ .

Airport එකෙන් එලියට ආපු ගමන් මං ලගම තිබුන Taxi එකට කතා කලා . "කොහෙටද යන්න ඕනෙ Miss?" " මුලින්ම yeouido park එකට යමු " කිව්වම ඒකෙ driver ඇවිත් මගේ බඩු ටික දාගත්ත

මේ අවුරුදු හතරට සෝල් ගොඩක් වෙනස් වෙලා. හරියට අපේ ජීවිත වගේ.ඒත් සමහර තැන් ඉස්සර වගේමයි. මේ ගොඩක් තැන් වල අපේ ලස්සන මතක තියෙනවා . ගොඩා...ක් ලස්සන මතක්. ඒත් ඒව නිකම්ම මතක විදියට මැකිලා යයිද? ' 'කුකී .. ඔයාට තාමත් ඒ දේවල් මතකයි නේද? අපේ ලස්සනම මතක ? ඔව්... මං දන්නවා ,ඔයා මගේ මතක වලට වෛර කරනවා ඇති.. ඒකට කමක් නැහැ මං හැමදාම ඒ මතක අලුත් කර කර ජීවත් වෙන්නම් . ඔයාගෙ මතක වලින් මං සතුටක් ලබන්නම්.. මගේ වරදට දඩුවම ඒක වෙන්න ඇති.. මතක වලින් විතරක් මං සතුටු වෙන්නම් '

[ Ping!!! 📲🔔]

මතක ගොඩක අතරමංවෙලා හිටිය මම මේ ලෝකෙට ආවෙ Driver ගෙ Phone එකට message ( Notify ) එකක් ආපු සද්දෙට ' අම්මොහ් ඒකෙ සද්දෙ.' ඒකඇහුන ගමන් driver ඒක අරගෙන තනි අතින් reply කරලා ආයෙ තිබ්බා.

Car එකට නැග්ගට දැන් තමා driver දිහා හරියට බැලුවෙ . Driver ගොඩක් තරුණයි වගේ. කළු පාට Mask එකක් දාලා කළු පාට Cap එකක් දාලා හිටියේ.. ' අමුතුයි..' කියල හිතුනත් ' මට පාන්ද ඉතිම් ' කියලා මං ආපහු Car එකෙන් එලිය බලන් වීදුරුවට ඔලුව තියාගත්තා.

( මේ ඉන්නෙ Driver අයියා ඉතිම් 👻😁 Mask එකකුයි Cap එකකුයි මවා ගන්න  )

"Miss අපි Park එකට ආවා " කිව්වම ආයෙත් මං හිටිය කල්පනා ලෝකෙන් එලියට ආව.."

"අහ් ඔයා Parking lot එකේ ඉන්න මං එනකම්. මං ඉක්මනට එනව "
එහෙම කියලා මං ලොකු හුස්මක් අරගෙන පාර්ක් එකට ඇතුලු උනේ අපේ ලස්සන මතකයක් අවදි කරගෙනමය

/Flashback/

"ආයිශ් !! ජීසුවෝ ඔහොම ඉන්නවා දුවන් නැතුව! මගෙ කකුල් දෙකත් රිදෙනවා මෝඩියේ.. " මං එහෙම කිව්වෙ පොඩ්ඩක් නැවතිලා හති අරින ගමන්.

"මොකද්ද චනුවෝ ඉක්මන් කරල එනවකො .. අහු උනොත් අපි ඉවරයි , දන්නවනෙ අපෙ අම්මගෙ  හැටි, ඔයාගෙ අම්මටත් ගිහින් ගිනි තියයි, ඊට පස්සෙ මගෙ ඔලුවට කඩන් පනින්න එපා මේ ඔක්කොටම මමයි වැරදි කියලා නම් "   මාව පාස් කරන් දුවපු ජීසු ආයෙත් මගෙ ලගට ඇවිත් හති ඇර ඇර හිටපු මාවත් ඇදගෙන දුවන ගමන් එහෙම කිව්වෙ පිටිපස්සත් බල බල 

"නැත්තන් ඉතිම් මේවට මමද වැරදි , ඉස්කෝලෙ ඉවර වෙන්න තව පීරියඩ් දෙකක්ම තියෙද්දි වොශ් රූම් යනවා කියලා   ඇවිත් ඉස්කෝලෙ තාප්පෙන් පැනලා පාර්ක් ගානෙ කොල්ලො හම්බෙන්න ආවම මෙහෙම වෙනවා තමා!! කෝ දැන් එනවා කිව්ව ඔයාගෙ මහලොකු බෘන්ගරාජය ?"
මං කටට ආපු ඔක්කොම කියලා දැම්මෙ මෙයා මේ ආතල් එකට කොල්ලො  යාලු කරගන්න   එකෙන් කවදහරි මගෙත් බෙල්ල ගහලා යන බව දන්න නිසා

" කටවහගෙන එනවා අපි මේකට ගිහින් ශේප් එකේ ඉමු " එහෙම කියලා ජීසු මාව ලග තිබුන Coffee Shop එකකට ඇදගෙන ගිහින් දොර ලගට ටිකක් දුරින් ජනේලයක් අයිනෙ මේසෙකින් වාඩි උනා. මාත් ඉදින් එයාගෙ එහා පැත්තෙන් වාඩි උනා.

"අනේ ජීසුවො ආන්ටි අපිව අදුන ගත්තද හරියටම? " මං එහෙම කිව්වෙ එයා අපිව අදුනගත්තා නම් අනිවාර්යයෙන් මේ ගැන අම්මගෙ කනේ තියනවා කියලා දන්න නිසා,මට ඕනෙ  නෑ අම්මගෙ හිතේ මං ගැන අවිශ්වාසයක්වත් පසුතැවිල්ලක්වත් ඇති කරන්න. අනික මට බැනුම් අහන්න කිසිම ආසාවකුත් නෑ!

" නෑ නෑ බය වෙන්න එපා අම්මට  අපිම මීටර් උනේ නැ , හරියට අදුන ගන්න බැරි වෙන්න ඇති ඈත ඉදන් දැක්කෙ .. අනික මං ඔයාව ඇදන් දුවන් ආවෙ එයා අපේ පස්සෙන් එන්න ගත්ත නිසා නෙමෙ, අපිව අදුරගන්න කලින් එහෙම කලේ ,  ඒක කෝකටත් හොදයිනෙ " ජීසු එහෙම කිව්වෙ එයාගෙ ෆෝන් එක අරන් කාටද මොනාද ටයිප් කරන ගමන් .  ' sure එකටම අර පියාමැස්සට වෙන්න ඇති '

" මොනා උනත් අපරාදෙ මගෙ අසරණ Ice cream එක , එක්කො කියලා අදින්න ඕනෙ අතින් , එහෙම උනානම් ඒක බිමට වැටෙන් නැහැනෙ. මට ඒක හරියට රස බලන්නවත් බැරි උනා.. මේ ඔක්කොම ඔයා නිසා ජීසුවෝ ." මං එහෙම කිව්වෙ මේ පාර්ක් එකට ජීසු එක්ක ආවෙම මට අයිස්ක්‍රීම් එකක් අරන් දෙනවා කිව්ව නිසා උනත් අඩුම තරමේ ඒක හරියට කාගන්නවත් බැරි උන හිතේ අමාරුවට.

"හරි හරි ඕයි යද්දි තව එකක් අරන් දෙන්නම් මං.. ඔප්පට කියලා අපි දෙන්නටම ගමු ඉතිම් , මගෙ එකත් දාලා මං දුවන් ආවෙ "

"හාකො එහෙනම් .. ඒත් කෝ දැන් එනවයි කිව්ව ඔයාගෙ ඔය ඔප්පා .. අපිව හොයනවද දන්නෙ නෑ . "

"නෑ මං මින්හො ඔප්පට අපි මෙතන ඉන්නව කියලා message එකක් දැම්ම, එයා එන ගමන් කිව්ව "

"හ්ම්ම්.. එතකොට දැන් ඔය කොල්ලගෙ නම මින්හොද? මොකද කරන්නෙ ? තාම ඉස්කෝලෙ යනවද? නැත්තන් යුනිද? ඔක්කොටම කලින් කියනවකො ඔයාට කොහොමද එයාව හම්බුනේ? කොහෙදිද හම්බුනේ ? මොන වගේ කොල්ලෙක්ද ? එයාට තව කෙල්ලො නෑ කියලා sure ද? ඌ දැන් ඇත්තටම ඔයාට ආදරේද ?  එයා ඔයාගෙන් එකපාරටම කැමතිද කියලා ඇහුවද ? ආයිශ්!! මෝඩි හොයලා බලන් නැතුව යාලු උනා කියලා නම් කියන්න එපා !! අනික මේ මට මුකුත්ම කියන් නැතුව හංගන් හිටියා නේද  අදවෙනකම්? "   මං දිගටම ප්‍රශ්න අහගෙන ගියේ හිතේ තිබ්බ බය ටික ටික වැඩි වෙද්දි. ජීසු පිස්සු නැටුවට මෝඩ නෑ කියලා දන්නවා උනත් , ජීසුගෙ උණු වෙන හිතෙන් මීට කලිනුත් ගොඩක් අය ප්‍රයෝජන ගන්න උත්සහ  කරපු එක මං හොදින්ම දන්න නිසා.

" අයියෝ හරි හරි ,ඔහොම එක දිගට ප්‍රශ්න අහන්න එපා අප්පා. මං කියන්නම් . අනික අපි දෙන්න එහෙම ලව් නෑ ඕයි . මං එයාට crush . ඒත් එයා මං ගැන කොහොම හිතන් ඉන්නවද දන්නෙ නෑ  "

"අපි බලමුකො.. ඉතින් කියනවකො මොකද උනේ "මං එහෙම කිව්වම ජීසු පුටුව තව ටිකක් ලගට අරන් , කතාව කියන්න පටන් ගත්තා.

"එයාගෙ නම මින්හො, ලී මින්හො . ඔයා දන්නවනෙ මං අලුතෙන් Music class එකකට යන්න ගත්තා කියලා  දැන් මාසෙක විතර ඉදන් ,සමහර දවස් වලට අපේ class එක ඉවර වෙද්දි ටිකක් රෑ  වෙනවා. ඉතින් ... ඒහෙම දවසක්  මං class ඉවර වෙලා  බස් එකෙන් වෙනදට බහින බස් හෝල්ට් එකෙන් බැහැලා ගෙදරට යන ගමන් හිටියේ ... ඒ වෙලාවෙ රෑ 10ට විතර ඇති , එකපාරටම ගෑනු ලමයෙක් කෑ ගහන සද්දයක් ඇහුනා-"  ඒක කියද්දි ඊබේම මගෙ ඇස් ලොකු උනේ  මගේ හිතේ තිබ්බ කුතුහලය වැඩි වෙද්දි. ඒත් මං සද්ද නැතුව ජීසුගෙ කතාවට කන් දුන්නා.

" - ඇත්තටම කිව්වොත් මාව ඒ සද්දෙට ගැස්සිල ගියා .බයටම ගෙවල් පැත්තට දුවන්න ගත්තත්  කෙල්ලෙක්ගෙ සද්දයක් නිසා මං ආයෙම හැරිලා සද්දෙ ආව පැත්තට ඇවිදන් ගියා.  මං යද්දි කව්දෝ මිනිස්සු තුන් දෙනෙක් පොඩි කෙල්ලෙක්ව වට කරගෙන . එකෙක් කෙල්ලව බිත්තියට තියලා තද කරගෙන කෙල්ලගෙ කටත් අතින් වහගෙන ."

" මොකක්!! ඉතින් ඔයා මොකද කරේ ??  ලග පාත කව්රුත් හිටියේ නැද්ද ? ඔයාට උන් මුකුත් කරේ නෑ නේද? " මං ඇහුවෙ කලබලෙන් ජීසු දිහා බලන ගමන්

" නෑ නෑ මට මුකුත් උනේ නෑ අහනවකෝ ඉතිම් ..  මං එතනට ගිහින් ඒ ලමයව අතාරින්න කියලා කෑගහලා ලග තිබුන ගලක් අරගෙන මම දමලා ගැහුවා අර මිනිහගෙ ඔලුවටම ... ඒත් මගෙ කරුමෙකට ඒක ඒ ඔලුව ලගින් ගිහින් එහා පැත්තෙ තාප්පෙට වැදුනෙ .එතකොටම එතන හිටිය එක මිනිහෙක් ඇවිත් මාවත් එතෙන්ට ඇදගෙන යන්න හැදුවා. මං ඒ මනුස්සයගෙන් ගැලවෙන්න දගල දගල කෑගහද්දි එතනට කොල්ලෙක් ආවා.. ඒ කොල්ල ඇවිත්  මාව අල්ලන් හිටිය මිනිස්සුන්-"

" හොදටම ගැහුවාද?"  දැන්නම් මේ කොල්ල ගැන මගෙ හිතේ පොඩි පැහැදීමක් තියෙනවා... එත් බලමුකො.🙄

" ආයිශ්!! නෑ ඕයි... එයා ඒ මිනිස්සුන්ට හොදටම බැනලා පොලීසියට කතා කරන්න හැදුවා .. පොලීසියට කතා කරනවා කියපු ගමන් උන් බය උනා ඕයි . අපරාදෙ මං අර ගල් ගෙඩිය තාප්පෙට ගගහා හිටියේ ." ඒක කියද්දි ජීසුගෙ මූනෙ හැටි දැක්කම මට බකස් ගාලා හිනා ගියා.. කැෆේ එකේ මිනිස්සු මං දිහා අගහරු වල මානසික රෝහලකින් පැන්න පිටසක්වලයෙක් දිහා බලනවා වගේ බලන්න ගත්ත නිසා මං ඉක්මනට මගේ හිනාව නතර කරගත්තා.

" අපරාදෙ මං හිතුවෙ හෙනට හරි බරි ගැහිලා කතාව කියද්දි , අර කොල්ල අරුන් තුන්දෙනාට ගහලා වීරයා වගේ ඔයාවයි අර කෙල්ලවයි බේරගත්තා කියලා. කමක් නෑ කොහොම හරි බේරගත්තනෙ "  ලාවට හිනා වෙවී ඒක කියද්දි ජීසු කරේ මාව පිච්චිලා යන තරමෙ මූනක් දාගෙන ඔරවන් බලන් හිටිය එක.  " හරි හරි ඉතින් , ඊට පස්සෙ මොකද උනේ ? "

" ඔය හිනාව නතර කරගනිම්කෝ... ඊට පස්සෙ අර කෙල්ල ඇවිත් අපිට තෑන්ක් කරලා ඉක්මනට එතනින් ගියා . එයා ගොඩක් බය වෙලා හිටියෙ . පස්සෙ මමත් මින්හොට තෑන්ක් කරලා ගෙදර යද්දි එයත් මගේ පස්සෙන් ආවා. මං බය වෙලා වගේ එයා දිහා බලද්දි එයා හිනා වෙලා කිව්ව එයත් මේ පාරෙන් යන්නෙ කියලා.ඉතින් අපි දෙන්න කතා කර කර ඇවිදන් ගියා  එතකොට තමා මං දැනගත්තෙ එයා අපේ ගෙදරට ලග ගෙදරකට අලුතෙන් ආව කෙනෙක් කියලා . එයාගෙ විස්තර ගැනත් එයා කිව්වා. ඉතින් එදා ඉදම් මං  බස් එකෙන් බැහැලා එනකම්  එයා බස් හෝල්ට් එකට වෙලා ඉන්නවා. එයත් Piano class එකකට යනවා . ඉතින් අපි දෙන්නම ගෙදර යන පාරෙ හැමදාම කතා කර කර යනවා . ඒත් එයා ඊයෙ කිව්වා මට අද මේ වෙලාවට මේ පාර්ක් එකට එන්න කියලා. අද එයාගෙ Birthday එක . ඉතිම් පාර්ක් එකේ ඇවිදින්න එන්න කිව්ව. මට ඉතිම් එක පාරට ඇහුවම බෑ කියන්න බැරි උනා ඕයි. "

" ඉතින් ඔයා ගෙම්බ පැන්නා වගේ හා කිව්ව!! ඉස්කෝලෙන් කොහොම හරි පැනගත්ත එක ඇත්ත. ඒත් අහු උනානම් එහෙම .. ඔයාගෙ ඔය ඔප්පට මතක් උනේ නැද්ද මෝඩියෙ ඔයා ඉස්කෝලෙ යන කෙල්ලෙක් කියලා " මං එහෙම කිව්වම ජීසු හෙන කුප්ප අහිංසක හිනාවක් දැම්මා

"මේ......... ඇත්තටම එයා ඇවිදින්න යමු කිව්වෙ හවසට. ඉස්කෝලෙ ඉවර වෙලා .. ඒත් මං කිව්ව මට කලින් එන්න පුලුවන් කියලා .. ඉතින් .... ඒකයි එයා මේ වෙලාවට එන්න කිව්වෙ"

"මොකක්!!!! ආයිශ් දැන් ඉතිම් මොනා කරන්නද .. ඕනෙ එකක් . ඒත් මේ කොහෙවත් යන පැපොල් ඇට වලට මේ අහිංසක මටත් කරගහන්න උන එකයි තියෙන දුක "මං එහෙම කිව්වෙ මේ කැෆේ එකේ වේටර් කාරයෙක් නැද්ද කියලා ඔලුවා දදා හොයන ගමන් .

"  චනුවෝ පැපොල් ඇට නෙමේ අර බලනව!! " ජීසු එහෙම කියාගෙන කැෆේ එකේ දොර දිහා කටත් ඇරන් බලන් ඉන්නව දැක්කම ' ඒ ගමන මොන පැපොලක්ද ' කියලා හිතන ගමන් මාත් හැරිලා දොර දිහා බැලුවා ..
 
දොර ලග ඉන්න කෙනා දැක්කම මටත් නොදැනිම මගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තෙ මගේ ඇස් ඒ ඇස් අතර නතර වෙද්දි....

______________________________________

Hiiii... After a long time!!  Update කරන්න පරක්කු වෙනවට සමාවෙන්න. Typing mistakes තියෙනවනම් හදන් කියවන්න. 😁
මේක තමා ලියපු  දිගම chapter ekah!! 🙊
Hope u guys enjoy this 💜️




Continue Reading

You'll Also Like

453K 26.7K 44
The story continues to unfold, with secrets unraveling and new dangers lurking in the shadows. The Chauhan family must stay united and face the chall...
4.6M 292K 106
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...
3M 108K 31
"Stop trying to act like my fiancée because I don't give a damn about you!" His words echoed through the room breaking my remaining hopes - Alizeh (...
926K 55.2K 49
𝐈𝐧 𝐭𝐡𝐞 𝐓𝐚𝐧𝐠𝐥𝐞𝐝 𝐰𝐞𝐛𝐬 𝐨𝐟 𝐇𝐞𝐚𝐫𝐭𝐬, 𝐚𝐧𝐝 𝐩𝐮𝐫𝐬𝐮𝐢𝐭 𝐨𝐟 𝐓𝐫𝐮𝐭𝐡𝐬, 𝐋𝐨𝐯𝐞 𝐰𝐞𝐚𝐯𝐞𝐬 𝐢𝐭𝐬 𝐦𝐞𝐬𝐦𝐞𝐫𝐢𝐳𝐢𝐧𝐠 �...